රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසුව යහපාලන ආණ්ඩුව විසින් කරළියට ගෙන ආ ප‍්‍රධාන ඉලක්ක වූයේ කඩිනම් ආර්ථික වර්ධනය, නව රැකියා දස ලක්‍ෂයක්, අරපිරිමැසුම් ආණ්ඩුවක්, සමාජ වෙළඳපොළ ආර්ථිකයක්, ණය බරින් තොර ආර්ථිකයක්, කාර්මික ප‍්‍රබෝධයක්, ප‍්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය සහ යටිතල සංවර්ධන ව්‍යාපෘති යනාදියයි.
මේ දක්වා යහපාලන ආණ්ඩුව එහි ආයු කාලයෙන් හරි අඩක් පමණ අවසන් කර ඇත. එම කාලය අතරතුර මහ බැංකුව විසින් වාර්ෂික වාර්තා තුනක් ඉදිරිපත්කර තිබෙන අතර ඉන් 2014 වාර්ෂික වාර්තාව මගින් රාජපක්‍ෂ ආණ්ඩුවේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් 2015 සහ 2016 වාර්ෂික වාර්තා මගින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කෙරේ. මෙම ලිපිය මගින් ශ‍්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ප‍්‍රධාන නිර්ණායක තිහක් සැලකිල්ලට ගනු ලබන අතර රාජපක්‍ෂ ආණ්ඩුවේ අවසන් වසර වන 2014 සහ යහපාලන ආණ්ඩුවේ පසුගිය වසර (2016) තුළ අප රටේ ආර්ථිකය හැඩගැසුණු ආකාරය එම නිර්ණායක ඔස්සේ සංසන්දනය කොට සාකච්ඡාවට භාජනය කරනු ලැබේ.
වගුව: ප‍්‍රධාන ආර්ථික නිර්ණායක - 2014 සහ 2016
මෙහි දැක්වෙන මූලික නිර්ණායක තිහෙන් විසි අටක්ම රාජපක්‍ෂ පාලන සමයේ 2014 වර්ෂයට සාපේක්‍ෂව අසතුටුදායක බව සුපැහැදිලි ලෙසම පෙනේ. සතුටුදායක නිර්ණායකවලින් එකක් වන්නේ රාජ්‍ය ආදායම වර්ධනය වී තිබීමයි. නව බදු වර්ග, බදු අනුපාත ඉහළ දැමීම සහ බදු අයකර ගැනීමේ කාර්යක්‍ෂමතාව යනාදී හේතු ඊට බලපා ඇත. එහෙත් රාජ්‍ය වියදම ඉහළ ගොස් තිබීම නිසා මෙම සුබදායක තත්ත්වය කෙරෙහි අයහපත් බලපෑමක් ලැබී ඇත. එබැවින් රජයට යළිත් බදු පැනවීම, බදු අනුපාත ඉහළ දැමීම හා ණය ගැනීම යන ක‍්‍රියාමාර්ග කෙරෙහි යොමුවීමට සිදුවේ. එමගින් රාජ්‍ය ණයබරතාව ඉහළයාමට තුඩුදෙනු ඇත. අනෙක් සතුටුදායක නිර්ණායකය වන්නේ අය වැය හිඟය සුළු වශයෙන් අඩුවී තිබීමයි. මේමගින් වඩාත් සතුටට පත්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මිස වෙන කිසිවෙක් නොවේ.
යහපාලන ආණ්ඩුවේ ආර්ථිකය සම්බන්ධයෙන් දැකිය හැකි ප‍්‍රධානතම කරුණක් වන්නේ එහි ආර්ථික යන්ත‍්‍රය 2014 හා 2015 වර්ෂවලට වඩා අඩු නිෂ්පාදනයක් කර තිබීමයි. යහපාලන ආණ්ඩු කාලය තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය වී ඇත්තේ ඇමෙරිකා ඩොලර් 14 කින් පමණි. එහිලා අනෙක් කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ 2015 ට සාපේක්‍ෂව ඒක පුද්ගල ආදායම ඩොලර් 8 කින් අඩුවීමයි. මේ වූ කලී යහපාලන ආණ්ඩුව රුපියල් 1200 කින් පමණ සෑම පුද්ගලයකුම දුප්පත් කර තිබීමයි. මෙවැනි අපගමනයක් දැකිය හැකිවූයේ එල්.ටී.ටී.ය විසින් කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන වලට පහර දී ආර්ථිකය අකර්මණ්‍ය කොට ”ඍණ” ආර්ථිකයක් ඇතිකරන ලද 2001 වර්ෂයේ දීය. යහපාලන ආණ්ඩුව විසින් ද එවැනිම හානියක් ආර්ථිකයට සිදුකර ඇතිබව පෙනේ.
ඍජු ආයෝජන පහළයාම, නිෂ්පාදන ධාරිතාව අඩුවීම සහ විරැකියාව ඉහළයාම යන නිර්ණායක මගින් පෙනෙන්නේ යහපාලන ආණ්ඩුවේ රැකියා දස ලක්‍ෂයක් බිහිකිරීමේ ව්‍යායාමය සාක්‍ෂාත් කරගැනීම පිණිස පාලකයන් කරනු ලබන වියදම්කාරී විදේශ සංචාරවල ප‍්‍රතිඵලයක් නොමැති බවයි. එමෙන්ම දේශීය ඉතුරුම් හා ආයෝජන මෙන්ම ඍජු ආයෝජන ද පහළ බැස තිබීම හේතුවෙන් දේශීය නිෂ්පාදනය තව දුරටත් පහළයාමට ඉඩ තිබේ. එය ඉදිරි කාලයේ දී සමාජ අසහනය තව දුරටත් වර්ධනයවීම කෙරෙහි බලපානු ඇත.
රාජ්‍ය ණයබරතාව සම්බන්ධයෙන් රාජපක්‍ෂ පාලනය කෙරෙහි නිරන්තර විවේචනයක යෙදෙන යහපාලන ආණ්ඩුව අධික ලෙස ණය ගැනීමට පසුගිය වසර දෙක තුළ පුරුදු වී තිබේ. ඒ අනුව 2014 දී 71.3% වූ රාජ්‍ය ණය 2016 දී 79.3% දක්වා ශීඝ‍්‍රයෙන් ඉහළ දමා ණයබරතාව වැඩිකර ඇත.
යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කොට තිබෙන ව්‍යාපාර වාතාවරණය පිළිබඳ මනා අවබෝධයක් කොටස් වෙළඳපොළ දර්ශක අනුසාරයෙන් ලබාගත හැක.
කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 7,299 සිට ඒකක 6,228 දක්වා ශීඝ‍්‍රයෙන් පහළ ගොස් තිබීම මගින් අප රටේ ආයෝජන අනාගතය පිළිබඳව මහත් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබේ. එමෙන්ම, 2014 සහ 2016 කාලය අතර සසඳනවිට කොටස් අලෙවියෙහි පරිමාව හරි අඩකින් පමණ අඩුවී තිබෙන බව පෙනේ.
විදේශික කොටස් ආයෝජකයන්ගේ ශුද්ධ කොටස් මිලදී ගැනීමෙහි රුපියල් අගය බිලියන 21.3 සිට 0.3 දක්වා කඩාවැටී තිබේ. මේමගින් අප රටේ කොටස් වෙළඳපොළ පිළිබඳ විශ්වාසය බිඳවැටීමට සලස්වා එමගින් උපයාගත් විදේශ විනිමය ද අහිමිකරගෙන තිබේ.
එම කාලය තුළ නිල විදේශීය සංචිත ශීඝ‍්‍රයෙන් පහළ ගොස් ඇති අතර 2014 දී මාස 5.1 ක ආනයනය සඳහා ප‍්‍රමාණවත් වූ සංචිත ප‍්‍රමාණය 2016 වනවිට මාස 3.7ක ආනයන ප‍්‍රමාණයකට සරිලන අගයක් දක්වා පහත වැටී තිබේ. එපමණක් ද නොව අපනයන ආදායම් පහළයාම නිසා වාර්ෂික අපනයන ඉපයුමට සාපේක්‍ෂව සේවා අනුපාතය 20.8% සිට 25% දක්වා අනතුරුදායක මට්ටමකට ඇද දමා තිබේ. ඇමෙරිකා ඩොලර් බිලියන 8.3 ක් වූ වෙළෙඳ හිඟය 9.1 දක්වා ඉහළ ගොස් තිබීම රුපියලේ අගය දැඩි ලෙස අවප‍්‍රමාණයවීම කෙරෙහි බලපෑ නමුදු එය අපනයනය දිරිමත් කිරීමට දායක වූ බවක් ද නොපෙනේ. එම කාලය තුල අපනයන ඉපයුම අමෙරිකානු ඩොලර් බිලියන 11.1 සිට 10.3 දක්වා අඩුවීම මගින් ඒ බව සනාථ වේ.
මෙම නිර්ණායක සහ ඉන් පෙන්නුම් කරන ආර්ථික පසුබිම සහ සංසිද්ධි ඔස්සේ යහපාලන ආර්ථිකය බොහෝ අංශවලින් අසමත් බව නිගමනය කළ හැකිය. ඒකපුද්ගල ආදායම ඉහළ නැංවීම, අපනයන ප‍්‍රවර්ධනය, ආනයන පාලනය, පොලී ඉපයුම් අනුපාත, ණය පොලී අනුපාත සහ උද්ධමනය පාලනය, රැකියා උත්පාදනය, දේශීය ඉතුරුම් හා ආයෝජන, ඍජු ආයෝජන ගලා ඒම, විදේශික කොටස් ආයෝජන, ප‍්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය, රාජ්‍ය ණය බර සහ වියදම් පාලනය වැනි බොහෝ අංශ ඒ සඳහා නිදර්ශන ලෙස දැක්විය හැකිය. රාජපක්‍ෂ පාලනය පෙරළා දමා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් දිනවීම මගින් රැකියා උත්පාදනය හා නිෂ්පාදන ප‍්‍රසාරණය ඔස්සේ මහඟු_ ආර්ථික අසිරියක් සාක්‍ෂාත් කරගත හැකි යැයි විශ්වාසයක් විය. පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජයන් විසින් නම් එවැනි අසිරිමත්කම් පෙන්වා ඇත.
ආර්ථික සැලසුම් හා සංවර්ධන ඇමැතිවරයාට සහ මුදල් ඇමැතිවරයාට ආර්ථික සංවර්ධනය තබා 2014 දී පැවති තත්ත්වයවත් ආරක්‍ෂා කරගැනීමට අපොහොසත්වීම අප රටේ අවාසනාවකි. පිටකොටුවේ ආහාර තොග වෙළෙඳුන් පසුගිය දා පෙන්වාදුන්නේ වෙනත් අවුරුදුවල අපේ‍්‍රල් මාසයේ තොග වෙළඳාමට සාපේක්‍ෂව මේ වසරේ අපේ‍්‍රල් මාසයේ තොග වෙළෙඳාම 40%කින් පහත ගිය බවයි. ජනවාරි 8 ”වෙනස” දැන් න්‍යායික හා ප‍්‍රායෝගික වශයෙන් කම්කරුවාගේ සිට විධායක ශ්‍රේණිය දක්වා ඇඟට දැනී තිබෙන්නේ අකුණුසැරයක් ලෙසිනි. වියදම්කාරී විදේශ සංචාර, අධි මිල බෙන්ස් හා බී.එම්.ඩබ්ලිව්, ඉහළ මන්ත‍්‍රී වැටුප් හා දීමනා, යනාදිය මත රට සංවර්ධනය කිරීමට හැකිවෙතැයි මුළාවට පත්ව ආර්ථිකය අසමත් කළ රජයට”රතු කාඞ්පත්” නිකුත් කිරීමේ කාලය එළඹ ඇත.
පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට ම
සම්මානනීය ප්‍රවීණ අංග රචනා ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු ද වූ වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අද (මාර්තු 01) පස්වරු 4.00 ට බොරැල්ල සුසාන භූමියේ දී සිද
’ග්ලෝබල් සවුත්’ හෙවත් අඩු සංවර්ධනයක් පෙන්නුම් කරන සහ සංවර්ධනය නොවූ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් චීනයේ මැදිහත් වීම පිළිබඳ විශේෂ කථිකාව
ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා. ඇය කොණ්ඩේ පිච්ච මල් ගැහුවා. මනෝරාණි කොයි වේලාවකවත් ඉන්දියානු සාරි ඇන්දේ නැහැ. ඇය ඇන්දේ ඒ කාලේ ලංකාවේ හැමෝම
වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ
විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
රටේ ආර්ථිකය මොන පාරේ ද?