IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


රටේ බාගයක් වැනසු උඩරට මහා කැරුල්ල

සිංහලේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට සෙංකඩගල රාජධානියද 1815 මාර්තු 02 වැනි දින අත්සන් කළ ගිවිසුමෙන් පසුව අවසන් විය. මෙම ඵෙතිහාසික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සිංහලේ එතෙක් පැවැති පාලන රටාව, ආර්ථිකය, සමාජ පසුබිම චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදී සිංහලයා පුරුදුව සිටි ජීවන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් සිදුවීමේ ඉව ජනතාවට දැනෙන්නට විය. තම රජතුමා නිතර දැක පුරුදු රජු හා දළදා පෙරහරේ එකට ගමන්කළ ජනතාවට රජකු නැති අඩුපාඩුව දැණින. ඔවුන් දැන් පක්ෂපාතී බවට දිවුරන්නේ සත් සමුදුරෙන් එපිට කිසිදා නොදකින සුදු හමක් සහිත කලිසම් කෝට් අඳින ආගන්තුකයකුට ය. කාලයාගේ ඇවෑමෙන් සිංහලයා රට භාර දුන් කොන්දේසි ඉතා සූක්ෂමව නොසලකා හරින බව පෙනුනි. උදාහරණයක් වශයෙන් ගිවිසුමෙහි හතරවැනි කොන්දේසිය වූ සිංහලේ චිරාගත සම්ප‍්‍රදායට අනුව සිදු කිරීමට ගිවිසගත් දිසාවේ, කෝරලේ, විදානේ ආදී පදවිවලට පත් කිරීමේදී එම පොරොන්දුව ලේඛනයට පමණක් සීමා විය. උඩරට රාජධානිය පාලනය කිරීමට මණ්ඩලයක් පත්කරන ලදී. එහි ප‍්‍රධානියා වූයේ ජෝන්  ඩි. ඔයිලිය. එහි අනෙකුත් නිලධාරීන් වූයේ සයිමන් සෝවර්ස්, කර්නල් කෙලී සහ ජේම්ස් සදර්ලන්ඞ් ය. පළමුවැනි අදිකාරම් වූ මොල්ලිගොඩ සත්කෝරලේ දිසාව ද විය. දෙවැනි අධිකාරම් වූ කපුවත්ත සබරගමුවද භාරව කටයුතු කළේය. පිළිමතලාවට හතර කෝරලේ භාර වූ අතර ඌව භාර වූයේ මොනරවිල කැප්පෙටිපොල නිලමේටය. උඩරට විවාහ චාරිත‍්‍ර අනුව ඔහු මොනරවිල ගමේ බින්න බැස සිටි නිසාය මොනරවිල කැප්පෙටිපොල වූයේ. රත්වත්ත භාරයේ මාතලේ දිසාව වූ අතර තුන් කෝරලේ මොල්ලිගොඩ (කණිෂ්ඨ) භාරයේ විය. නුවර කලාවිය ගලගොඩ භාරයේ තිබුණි. වලපනේ දුල්ලෑව සහ තමන්කඩුව ගලගම භාරයේ ය. උඩුනුවර මාම්පිටිය භාරයේ ද යටිනුවර පිළිමතලාවේ භාරයේද තිබුණි. උලපනේ කොබ්බෑකඩුව භාරයේ ද වෙල්ලස්ස බින්තැන්න මිල්ලව භාරයේ ද තබන ලදී. උඩරට රාජධානියේ මෙම පාලන තන්ත‍්‍රය ඇති කරන ලද්දේ ගිවිසුමෙන් පසුවය. මේ අතරම පුවක් සහ ලූණු වෙළෙඳාමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් ද ඔවුන්ගෙන් බදු අය කර ගැනීමට විරෝධය පාමින් මුස්ලිම් වෙළෙන්දෝ ද ඔවුන්ගේ අයකු ඌව වෙල්ලස්සේ ප‍්‍රධාන නිලයකට පත්කරවා ගැනීමට සමත් වූහ. ඉංග‍්‍රීසි හමුදාවේ බලකිරීම් මත ඌව වෙල්ලස්සේ නියෝජ්‍ය දිසාපති බදුල්ලේ විසූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් නයිනා මරික්කාර් කාරියප්පා අනෙකුත් සිංහල නිලමක්කාරයන් අභිබවා ඌව මඩිගේ භාරව පත් කරන ලදී. මේ වන විට උනන්බුවේ ඒකනායක වාසලේ මුදියන්සේ කොත්මලේ ප‍්‍රදේශය භාරවත්, උඩබුලත්ගම භාරව හල්පේ චන්ද්‍රසේකර ඒකනායක විජේසුන්දර වාහල මුදියන්සේ ද, දොඩන්තලේ කඳුරේ මුදියන්සේ පහල බුලත්ගම ද ටිකිරි අප්පුහාමි මුදියන්සේ මින්නේරිය ප‍්‍රදේශය භාරව ද පත්කර තිබුණි. එසේ තිබියද වෙල්ලස්ස මඩිගේ භාරව මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම සම්ප‍්‍රදාය මෙන්ම චාරිත‍්‍ර විරෝධී බව සිංහලයන්ගේ අදහස විය. එම නිසා ඌව වෙල්ලස්ස ජනතාව තුළ මහත් කැළඹීමක්ද අවිනිශ්චිත භාවයක් ද අප‍්‍රසාදයක්ද ඉංග‍්‍රීසීන් කෙරෙහි ඇති විය. අනිත් අතට මෙම පත්කිරීම නිසා මුස්ලිම්වරුන් තුළ උද්දච්ඡු හැඟීමක් මෙන්ම ඔවුන් ගෙවිය යුතු රජයේ බදු මුදල් ආදිය ගෙවීම පැහැර හැරීමක් ද සිදු විය. ඌව වෙල්ලස්සේ තත්ත්වය මෙසේ පුපුරණ සුළු වූ අතර පහකරන ලද රජුගේ ඥාතියෙක් බවට ප‍්‍රකාශ කළ දොරේසාමි නමැත්තකු විල්බාවේ සහ තවත් සංඝයා වහන්සේලා පිරිවරාගත් පිරිසක් සමග රජකමට උරුමය ප‍්‍රකාශ කරමින් රටේ කැරැුල්ලක් ඇති කරමින් බදුල්ලට ද ළඟා විය. නමුත් උඩරට ගිවිසුමේ තුන්වැනි කොන්දේසිය අනුව පහකරන ලද රජුගේ කිසිම ඥාතියකුට රජකමට හිමිකමක් ඉදිරිපත් කිරීම නීති විරෝධී බවට සඳහන් වී තිබුණි. මෙම අවස්ථාව වන විට බින්තැන්න උලපනේ හේවාහැට කොත්මලේ දුම්බර ආදී ප‍්‍රදේශවලටද කැරැල්ල ව්‍යාප්ත විය. 1817 ඔක්තෝබර් මාසයේ දී කැරැල්ල ගැන විභාග කිරීමට ඩග්ලස් විල්සන් පිටත් කර හැරියේ අලූතින් පත් කරන ලද නයිනා මරික්කාර් විදානේය. මෙම පියවර නූතන කාලයේදී දීඝවාපි විහාරයට අයත් ඉඩම් පිළිබඳ පරීක්ෂණයකට නයිනා මරික්කාර් ගල්ඔය මිටියාවතට පිටත් කර හැරියා සමානය. දුනු හී ගත් කැරලිකරුවන් මරික්කාර් අත්අඩංගුවට ගත්තේය. මින්පසු විල්සන් හමුදාභට පිරිසක් සමග තමාම මේ රාජකාරිය සඳහා පිටත් විය. විල්සන් ද මරා දමා ඔහුගේ භාෂා පරිවර්තක අත් අඩංගුවට පත්විය. විල්සන්ගේ මළ සිරුර පවා සොයාගැනීමට නොහැකි විය. මෙම ප‍්‍රදේශය අද විල්සන්තැන්න නමින් දනී. මාතලේ මැක්ඩෝවල් කඳවුරේ සිට ලිපියක් රැගෙන යමින් සිටි ඉංග‍්‍රීසි කෝපරල්වරයකු හා භටයන් දෙදෙනකු ද මෙහිදී මැරුම් කෑවේය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අතිරේක භට හමුදා කැඳවීමට සිදු විය. ඔවුන් කැරැල්ල පැවති දිස්ත‍්‍රික්කයන්ට මුදවා හරින ලදී. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා යුද්ධ නීතිය ප‍්‍රකාශ කර හමුදා මූළස්ථාන දහඅටක් රට තුළ පිහිටු විය. කැරැුල්ල දරුණු වෙමින් ඉංග‍්‍රීසි ආණ්ඩුව රට තුළින් ඉවත්වීමට පියවර ගනිමින් තිබුණි. බ‍්‍රවුන්රිග් ආර්යාව හමුදා ආරක්ෂා සහිතව මහනුවර සිට කොළඹට පිටත් කර යවන ලදී. සිංහලයන් පැරදුනේ ඇයි? මොල්ලිගොඩට පක්ෂපාත වූ තුන් කෝරලේ හා හතර කෝරලේ ජනතාව කැරැුල්ලෙන් ඉවත් විය. බෙංගාලයෙන් හා මදුරාසියෙන් අතිරේක බළඇණි ගෙන්වන ලදින් සිංහල කැරලිකරුවන්ට ඔවුන්ට මුහුණ දීම අසීරු විය. මේ අතර මොල්ලිගොඩ හා කැප්පෙටිපොල අතර ඇති වූ භේදයෙන් කැරලිකරුවන්ගේ ශක්තිය හීන විය. කැප්පෙටිපොල ඔහු යටතේ කණ්ඩායමක් ඇති කළේය. ඉංග‍්‍රීසිහු ජනතාවට කෑමට තිබූ ධාන්‍ය වර්ග ගිනි තැබීමෙන් රට තුළ ආහාර හිඟයක් ඇති කළෝය. මේ වන විට කැරලි නායකයන්ද එකා පිට එකා වැටෙමින් කැරැල්ල දුර්වල තත්ත්වයකට පත් විය. ඇහැලේපොලගේ හිස යුද්ධ අධිකරණයක් මඟින් ගසා දමන ලදී. කැප්පෙටිපොල මඩුගල්ල අල්ලා ගැනීමෙන් පසු සෙසු කැරලිකරුවන් භාර විය. නැතහොත් අල්ලා ගන්නා ලදී. කැරැල්ලේ දී සිංහලයන් දස දහසකට අධික පිරිසක් යුද්ධයේ දී මළ අතර ඉංග‍්‍රීසින්ගේ එම සංඛ්‍යාව දහසක් විය. උඩරට සියලූම නායකයන් මරා දමන ලද හෝ රටින් පිටුවහල් කිරීම සිදුවිය. ඌව වෙල්ලස්සේ ගම් බිම් නිවාස හරකා බාන වතුපිටි සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කරන ලදී. ප‍්‍රදේශය අවුරුදු ගණනාවක් යන තුරු ජනශූන්‍ය විය. පණ බේරාගත් අය කුඹුක්කන්ඔය දිගේ ගොස් වලවේ ගඟ හරහා දකුණට පැන ගත්තෝය. සමහරු දිවි ගලවා ගැනීමට දඹගල්ල, මාරිඅරාව, පානම, ලාහුගල, කොටියාගල, ඇතිමලේ, උඩික්කැපුආර, කොලොන්වින්න ආදී ඈත ගම්මානවලට පලා ගියෝය. ඔවුන් වැදිරට පානම්පත්තුව ආදී ප‍්‍රදේශවල අප‍්‍රසිද්ධව ජීවත් විය. දකුණට පැන ගිය පවුල් අතර දිසානායක රත්නායක ඒකනායක ඉලංගකෝන් තෙන්නකෝන් බණ්ඩාර සෙනරත් ආදී පවුල් විය. රඹුක්වැල්ලේ පවුලක් ඌරුබොක්කේ පදිංචිව එහිදී විවාහ විය. සෙනෙවිරත්න පවුලක් තන්ගල්ලේ පදිංචිව සිට එහි ප‍්‍රධානියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳී ඇත. කැරැල්ල අපට උගන්වන පාඩම නම් බල තණ්හාව, අවිශ්වාසය, සැකය, ඊර්ෂ්‍යාව ආදියෙන් ජාතියක් විනාශ වන බවය. එය අදටත් වලංගු ය. උඩරට ගිවිසුම අත්සන් කළ දා වීර කැප්පෙට්ටිපොළ



අදහස් (9)

රටේ බාගයක් වැනසු උඩරට මහා කැරුල්ල

අනුර Thursday, 04 October 2012 02:34 PM

ඉතා වැදගත් දැනුමක් ලැබෙන ලිපියක් (ස)

:       0       0

එච්.නිහාල් Tuesday, 02 October 2012 03:28 PM

අපි හැමෝටම වැදගත් ලිපියක්..!(නු)

:       0       0

සමීර Monday, 03 September 2012 04:06 PM

ගොඩක් හොඳයි..(ස)

:       0       0

ජගත් Friday, 02 December 2011 08:57 PM

ගොඩක් වැදගත් ලිපියක්.

:       0       0

ජගත් Friday, 02 December 2011 08:59 PM

ගොඩක් වැදගත් ලිපියක්....

:       0       0

සමීර Monday, 28 November 2011 06:21 PM

විජය කුමරු සහ පිරිසට කුවේනිය තම සහොදරයින් හා මාමාවරුන් පවාදෙමින් යක්‍ෂ,දෙව,රක්‍ෂ සහ නාග ගොත්‍රිකයන්ට අයත්ව තිබූ තම්බපන්නියේ බලයට ඒමට උදවු කලද, කුවේනිය සහ විජයට උපන් ජීවහත්ත සහ දිසාලා දරුවන්ට කිසිම අයිතිවාසිකමක්‌ නොදෙමින් කුවේනිය සමග පලවා හරිමින් නැවත ඉන්දියාවේ සිට කුමාරිකවන් ගෙන්වා ගනිමින් විජය කුමරු රජ විය. මෙවන් ඉතිහාසයකට උරුම කම් කියන අප, බල තණ්‌හව, අවිශ්වසය,සැකය,ඊර්ශාව යන විනාශයට මුලිකවන ලක්‍ෂණ වලින් අඩුනොවන ජතියක්‌ බව මනාව පහැදිලිවන්නේය.

:       0       0

ඉන්ද්‍රානී Wednesday, 03 October 2012 03:21 PM

පාසල් යන දරුවන්ට ඉතා වැදගත් ලිපියක් (ස)

:       0       0

තිලකරත්න Thursday, 04 October 2012 01:44 PM

අදට, හෙටට මෙන්ම මතුවටත් හොද උපදේශයක් දෙන ලිපියක්. (නි)

:       0       0

තියඹරාහේනේ පුෂ්පකුමාර Saturday, 01 September 2018 06:35 PM

අපූරුයි. හැකිනම් වැදිරට විදානේ රජ්ජුරුවන්ලගේ පරම්පරාව පිළිබඳ විස්තර ටිකක් ලබාදෙන්න. ලොකු උපකාරයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 121 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 167 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 51 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 43 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 932 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1093 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 146 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 907 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site