IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


රට මකරට දැමූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

රටක් සංවර්ධිත රටක් ලෙස හඳුන්වනු ලබන්නේ, එ‍රට අත්පත් කරගෙන ඇති ආර්ථික සමෘද්ධිය සහ ස්ථාවරත්වය අනෙක් රටවල් සමග සාපේක්ෂව තක්සේරු කිරීමෙනි. එහෙත්, ආර්ථික ස්ථාවරභාවය මතම රටක් සංවර්ධිත රටක් ලෙස වර්ගීකරණය නිවැරැදි අර්ථ නිරූපණයක් ලෙස පිළිගත නොහැක. රටක පවතින සාරධර්ම, විනයගරුකභාවය සහ සංහිඳියාව යන කාරණා ද ඊට ඇතුළත් විය යුතුය. හුදු භෞතික දියුණුව සංවර්ධනය ලෙස සැලකුවහොත්, එම රට මානුෂිකත්වය සම්බන්ධයෙන් මංමුළා වූ රටක් බවට පත්විය හැකිය. කෙසේ වෙතත්, මෙම ලිපිය ආර්ථිකය යන විෂය පථයට සීමා කරන ලද්දකි.

රටක සංවර්ධනය සඳහා සාර්ව ආර්ථික සමතුලිතභාවයේ අවශ්‍යතා ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත බවට පත් වී ඇත. ඒ පිළිබඳව විවිධ අර්ථ නිරූපණ ඇතත්, ප්‍රධාන වශයෙන් පහත සඳහන් අරමුණු ඇතුළත් බව පොදුවේ පිළිගනී.

1. සම්පත් උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිත කිරීම. භෞතික සහ මානව යන සම්පත් දෙකම මීට ඇතුළත්ය. සේවා නියුක්තිය ද සැලකිල්ලට ගනු ලැබේ, 2. ආර්ථිකයේ වර්ධනය (වේගය ඉහළ මට්ටමක පවත්වා ගැනීම), 3. භාණ්ඩ හා සේවා මිල ස්ථායීතාව, 4. තිරසාරභාවය (ආර්ථික සුරක්ෂිතතාව ද ඇතුළුව).

5. සමාජ සාධාරණත්වය (සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඇතුළුව), ආර්ථික නිදහස.

මෙම අරමුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ නන්වැදෑරුම් නිදහස යන පරිච්ඡේදයට ද ඇතුළත්ව ඇත.

පසුගිය ආණ්ඩු සාර්ව ආර්ථික සමතුලිතතා පිළිබඳ මූලික සිද්ධාන්ත පවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය ප්‍රථම වතාවට බංකොළොත්භාවයට පත් විය. ඊට බලපෑ කරුණු බොහොමයක් වූ අතර, මෙහිදී සලකා බලනුයේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අනිවාර්ය ලෙස නිවැරැදි මූල්‍ය ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුය. ලෝක බැංකුව පූර්ව කථනය කරන පරිදි, 2023 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට - 4.3ක් වන අතර, 2024 දී එය සියයට 1.2ක් වනු ඇත.

රටකට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී එරට ආර්ථිකයේ සංයුතිය හෙවත් දළ දේශීය නිෂ්පාදනයට ඒ ඒ ක්ෂේත්‍රවලින් ලැබෙන දායකත්වය අවබෝධ කරගත යුතුය. 2021 වසරේ එම දායකත්වය දළ වශයෙන් කෘෂිකර්මාන්තය සියයට 7 ක්ද, කර්මාන්ත සියයට 27 ක්ද, සේවා සියයට 58 ක්ද, වෙනත් සියයට 8 ක්ද විය.

මෙම සංඛ්‍යාලේඛන මගින් සක්සුදක් සේ පැහැදිලි වන කරුණු අතර ශ්‍රී ලංකාව මූලික වශයෙන් කෘෂිකාර්මික රටක් වුවත්, රටේ දළ දේශීය නිෂ්පාදනයට ඉන් එකතු වන ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක් නොවන බවයි. කර්මාන්ත අංශයෙන් ද ඊට වඩා ප්‍රතිශතයක් දායක කරගැනීම සඳහා ශක්‍යතාවක් ඇත. සේවා අංශය ප්‍රසාරණය වෙමින් අනෙක් අංශ හැකිළීම යනු ආර්ථිකයට හිතකර තත්ත්වයක් නොවේ. එසේම, එම තත්ත්වයට හේතු වූ කරුණු සලකා බැලිය යුතුය. එහිදී වැදගත් වන සාධකය වනුයේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. විශේෂයෙන්ම වෙළෙඳපොළට අදාළව රජය විසින් අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති විවිධාකාර ලෙස ආර්ථිකයට හිතකර ලෙස ද සහ අහිතකර ලෙස ද බලපා ඇත.

රටක කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ආයතන පිහිටුවා ඇත. කර්මාන්ත සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. බ්‍රිතාන්‍ය සමයේ 1938 දී ලංකා බැංකුවත්, 1961 වසරේදී බණ්ඩාරනායක මැතිනිය මහජන බැංකුවත් ආරම්භ කරනු ලැබුවේ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වූ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර නගාසිටුවීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපැයීම සඳහාය.

1977 නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියට මාරු වීමත් සමග ආර්ථික පෙරළිකාරකම් මෙන්ම විකෘතිතා ද ඇති විය. තරගකාරී පෞද්ගලික බැංකු ක්‍රමය වේගයෙන් වර්ධනය විය. ඉහත කී රාජ්‍ය බැංකු දෙක ද නිරායාසයෙන්ම ‍එම තරගයේ ධාවකයන් බවට පත් විය. උපරිම ලාභය හැර අන් අරමුණු සියල්ල යටපත් විය. කර්මාන්ත අංශය වෙනුවෙන්ම ආරම්භ කළ ජාතික සංවර්ධන බැංකුව (NDB) පෞද්ගලික අංශයට විකුණා දැමිණි. ලංකා බැංකුව සහ මහජන බැංකුව ද විකුණා දැමීමට අවස්ථා ගණනකදී උත්සාහ කළත්, මහජන විරෝධය නිසාම එය වැළකුණි.

රාජ්‍ය බැංකු දෙකෙහි 3 වැනි මට්ටමේ අය කර නොගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 602කි. මින් විශාල ප්‍රතිශතයක් බොල් ණය ලෙස කපා හැරීමට නියමිතය.

රාජ්‍ය බැංකු දේශීය ව්‍යවසායකයා අතහැර දැමීම නිසා ඔවුන් පෞද්ගලික බැංකු‍ දෙසට හැරුණි. රාජ්‍ය බැංකුවලට Parate Execution නීති සිද්ධාන්තය යටතේ වරප්‍රසාදයක් හිමිව තිබුණි. රටක පුරවැසියකුගේ නිශ්චල දේපළ අහිමි කළ හැක්කේ නිසි බලය ඇති අධිකරණයක් මගින් පමණක් යන්න නීතියේ මුල්බැසගත් සිද්ධාන්තයයි. එහෙත්, පරාටේ ක්‍රමය යටතේ උකස්කරයක් මත ණය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, අධිකරණයක් විසින් ගනු ලැබිය යුතු තීන්දුවක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනාවක් සම්මත කිරීමක් මගින් ගැනීමට බලය දී ඇත. ඒ අනුව, එම දේපළ වෙන්දේසියේ විකිණීමට බලය ලැබේ. බැංකුකරුවන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට නොයෙකුත් බලපෑම් සිදු කොට රාජ්‍ය බැංකු පමණක් සතු වූ එම බලය 1990 දී පෞද්ගලික බැංකුවලට ද ලබා දුනි.

පවතින ආකාරයෙන් එම නීතිය යල්පැනගිය සහ රටේ ආර්ථිකයට ඉතා අනර්ථකාරී ලෙස බලපාන නීතියක් බවට සමහර බැංකුකරුවන් පත්කර ඇත. එහි පවතින දෝෂ සහගත තත්ත්වයන් අතරින් පහත සඳහන් කරුණු නැවත සලකා බැලිය යුතු ඉතා වැදගත් කරුණුය.

1. පුරවැසියකු සතු දේපළක් අහිමි කිරීම සඳහා අධිකරණයට පමණක් හිමි අධිකරණ බලය කිසිදු අධීක්ෂණයකින් තොරව බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පවරා තිබීම.

2. සිය ගනුදෙනුකරුවාගේ හෝ ඇපකරුගේ උකස් කළ දේපළ (නිශ්චල හා චංචල) වෙන්දේසියේ විකුණා බැංකුව විසින්ම මිලට ගැනීමේදී එහි වටිනාකම සහ ණය ප්‍රමාණය කෝටි ගණනක් වුව ද රුපියල් 1,000ක වටිනාකමට විකුණුම් (හිමිකම්) සහතිකය ලියාපදිංචි කිරීම.

3. බොහෝ අවස්ථාවලදී බැංකු නිලධාරීන් විසින් ගනුදෙනුකරු අසීරු තත්ත්වයට පත් කොට සූක්ෂ්ම ලෙස දේපළ විකුණමින් සිය නියෝජිතයන් මගින් මිලට ගෙන ඊට වඩා තුන් හතර ගුණයකට විකුණා ධනය අත්පත් කරගැනීම.

4. විකිණීමේදී ණය මුදලට සරිලන ප්‍රතිෂ්ඨා මුදලක් පමණක් මුල් ගනුදෙනුවේ සඳහන් කර ණය මුදල ඉක්මවූ දේපළේ වටිනාකම සිය ගනුදෙනුකරුවන්ට ලබා දීම වළක්වමින් බැංකු විසින් අත්පත් කරගැනීම.

මෙම තත්ත්වය තුළ කෘෂිකර්මාන්තය හා කර්මාන්ත කඩා වැටෙද්දී නිෂ්පාදනය අඩු වී නිර්යාත හිඟ වීමක් සිදු වී ඇත. බැංකුවල ශේෂ පත්‍රයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යද්දී රටේ ශේෂ පත්‍රයේ අගය ශීඝ්‍රයෙන් පහළ ගොස්ය. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ව්‍යාපාර 25 අතරින් 15ක්ම බැංකු ඇතුළු මූල්‍ය සමාගම් සහ මූල්‍ය සමාගම්වලට සම්බන්ධ වන සමාගම්ය. සමාගම් 2ක් විදුලි සංදේශ සමාගම් වන අතර, දෙකක් මද්‍යසාර සමාගම්ය. 4ක් සේවා සපයන ආයතනය. නිෂ්පාදන ආර්ථිකයට අයත් සමාගමක් 2කි. සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය සමග සැසඳීමේදී මෙය සාධනීය ලකුණක් නොවේ.

2006 වසරේ සිට රටේ පැවැතියේ මහ බැංකුව හෝ මූල්‍ය මණ්ඩලය රටේ ආර්ථිකය සැලසුම් කළ මූල්‍ය ප්‍රතිපත්තියකින් නොවේ. මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති තීරණ කිරීමේදී වගකීමෙන් තොර ඉතා අනර්ථකාරී තීන්දු තීරණ ගැනීම නිසා ආර්ථික ක්‍රියාවලිය සමතුලිත නොවුණි. එක අතකින් කිසිදු විධිමත්භාවයකින් තොරව පරාටේ ක්‍රමය හරහා ව්‍යවසායකයන් බංකොළොත් වීමට ඉඩ දුනි. 

ආර්ථිකය මේ තරම් දුර්වල වීමට බලපෑ තවත් ප්‍රබල සාධකයක් වූයේ, කොටස් වෙළෙඳ‍පොළ වෙත ජනතාව‍ යොමු නොවීමයි. එසේ වූයේ, කොටස් වෙළෙඳපොළ පිළිබඳව ජනතාවට විශ්වාසයක් ‍නැති නිසාය. සාමාන්‍ය ජනතාව තමන්ගේ ඉතිරි කළ සොච්චමට වැඩි ප්‍රතිලාභයක් ගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය නම් වූ පොලීකාරයන් වෙත ගියහ.

පරාටේ ක්‍රමය සාධාරණීකරණය කරන මහ බැංකුව තර්ක කරන්නේ පහත පදනම් මත සිටිමිනි.

1. බැංකුව ණයකරුවන්ට ලබා දෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් නිසා එය ආරක්ෂා කරගැනීමට මෙම ක්‍රමය අවශ්‍ය වේ.

2. මෙසේ පරාටේ ක්‍රමය යටතේ විකුණනු ලබන්නේ චේතනාන්විතව පැහැර හරින්නන්ගේ දේපළ සහ එය අවසාන විකල්පය ලෙසනි.

බැංකුකරුවන්ගේ සංගමය ද ඒ හා සමාන කරුණු ඉදිරිපත් කොට ඇත. ඔවුන්ට අමතක වී ඇති කරුණු ගණනාවකි. ණයකරුවෝ ද බැංකුවේ තැන්පත්කරුවෝය. ණයකරුවන් වන්නේ පසුවය. මෙරට ව්‍යවසායකයන් මහ බැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් අසන ප්‍රශ්න ගණනාවකි. ඊට ඔවුන් පිළිතුරු දිය යුතුව ඇත. ණයකරුවන්ට ණය ගෙවාගත නොහැකි වූයේ චේතනාන්විත පැහැර හැරීම නිසා ද යන්න කිසිදු ණයකරුවකු වෙනුවෙන් විමර්ශනය කර තිබේ ද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණ මුල්ම අවස්ථාව මෙය නොවේ. 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ලබාගත් රට 17 වැනි වතාවටත් ඔවුන් පසුපස යන විට මෙරට පාලකයන් චේතනාන්විතව ආර්ථිකය බිඳ වැටෙන ලෙස අඥාන තීන්දු තීරණ ගෙන ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. රටේ සමස්ත ආර්ථිකය කඩා වැටෙන විට නිෂ්පාදන අංශය පමණක් කඩා නොවැටී තිබේ නම්, එය පුදුම සහගත තත්ත්වයකි. 17 වැනි වතාවට රට කඩා වැටුණේ ඔබලාගේ වේතනාන්විත අඥාන තීන්දු නිසා යයි පවසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකාව පලවා හැරියේ නම්, අද අප රට තිබෙන්නේ කොතැන ද? මහ බැංකුව සිදු කරන්නේ ප්‍රතිපත්ති තීන්දු ගැනීම සහ ආර්ථිකයේ දත්ත ඉදිරිපත් කිරීමය. එහෙත්, ව්‍යවසායකයන්ගේ දායකත්වය නොමැති වුවහොත් මහ බැංකුවට සිදුවන්නේ ඍණ ආර්ථිකයක් ගැන දිගින් දිගටම දත්ත ඉදිරිපත් කිරීම පමණකි. 

මහ බැංකුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති තීන්දු කළ යුතුය. එහෙත්, මූල්‍ය ආයතනවල විධිමත්භාවය තහවුරු කරන්නේ ද සහ තැන්පත්කරුවන්ගේ සුරක්ෂිතභාවය රකින්නේ ද යන්න පිළිබඳ අධීක්ෂණයට ඊට හැකියාවක් නැත. ඔවුන් අතීතයේ පටන් ඒ අතින් අසාර්ථක බවට තවත් සාධක අනවශ්‍යය. අනෙක් අතට මහ බැංකුවට ඉටු කළ නොහැකි සහ ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති තත්ත්වයක් තුළ මහ බැංකුවට වගකීම් පවරා, ඒවා ඉටු නොකරන බවට දොස් කීමෙන් ඵලක් නැත.

ඕනෑම රටක මහ බැංකුවක ඵක් මුඛ්‍යතම වගකීම වන්නේ, රටට ලැබිය යුතු විදේශ විනිමය ලබා ගැනීම නිසි පරිදි තහවුරු කිරීමත්, නීති විරෝධී ලෙස රටේ විදේශ විනිමය පිට වීම වළක්වා ගැනීමත්ය. ග්ලෝබල් ෆයිනෑන්සියල් ඉන්ටග්‍රිටි වාර්තාවේ සඳහන් පරිදි, 2021 දක්වා දක්වා වසර දොළහක කාලය තුළ ශ්‍රී ලංකාවේ නිර්යාතකයන් ශ්‍රී ලංකාවට රැගෙන ආ යුතු, එහෙත්, රටට නොගෙනා විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 53.5කි.  (by under invoicing their exports) 2022 සහ 2023 වසරවලදී ද එය එසේම සිදු වූවා විය හැකිය. එහෙත්, මහ බැංකුව එදා මෙදාතුර රටට ගෙන්වා ගැනීම සඳහා ගත් කිසිදු පියවරක් දකින්නට නැත. එම මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාව විදේශීය රටවලට ණය වී ඇති මුදලට වඩා වැඩි ප්‍රමාණයකි. එම මුදල් රටට රැගෙනවිත් තිබුණේ නම්, මෙරට කිසිසේත් බංකොළොත් වීමකට ඉඩ නොතිබුණි.

එම නිසා ලෝකයේ බොහෝ රටවල පවතින්නාක් මෙන් මූල්‍ය ආයතන අධීක්ෂණයට සහ පාලනයට වෙනම අධිකාරියක අවශ්‍යතාව පැහැදිලිය. නැතහොත් අපට වන්නේ, පසුගිය අවුරුදු 30ක පමණ කාලයේ පටන් සිදු වුණා සේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමටය. ඇතැම් අයට රාජ්‍ය බැංකු මගින් දැන දැනම ලබා දුන් ණය මුදල්වලින් බොල් ණය ලෙස කපාහරින ලද කොටස මෙරට ව්‍යවසායකයන්ට ආයෝජන ණය ලෙස ලබාදුන්නේ නම්, දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරගැනීමට මහත් පිටිවහලක් විය හැකිව තිබිණ.  

එම නිසා මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා මහ බැංකුවේ බලය ආරක්ෂා කරමින් වාණිජ බැංකු හැර අනෙකුත් සියලු‍ මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීම සඳහා නීතිමය බල අධිකාරියක් අවශ්‍යව ඇත. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමහර බැංකු විසින් සිදු කරනු ලබන වංචා, දූෂණ සහ අසාධාරණකම් වැළැක්වීම පිණිස අධීක්ෂණ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යය.

මෙම ක්‍රමය තව වසර දෙක තුනක් තිස්සේ ක්‍රියාත්මක වුවහොත්, බැංකුවලට ද අත්වන්නේ “ළිප ගිනි මොළවන තෙක් දිය හැලියේ - සැපයක් යයි කකුලු‍ව දිය කෙළියේ” යන පාඩම අත්විඳීමටය. හේතුව, රටේ නිෂ්පාදන ආර්ථිකය සෙමින් සෙමින් කඩා වැටුණ පසු ව්‍යවසායකයන් ඉන් ඈත් වීම හරහා බැංකුවේ ගොඩගැසුණ මුදල් නෝට්ටුවල වටිනාකම කඩදාසියේ වටිනාකමට සීමා වීමට ඉඩ ඇති බැවිණි.

(***)



අදහස් (4)

රට මකරට දැමූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

SAMAN Tuesday, 09 January 2024 07:52 PM

පසුගිය අවුරුදු 30ක පමණ කාලයේ ඔබත් පැවති සෑම රජයකම ඇමැතිකම් ලැබූ කෙනෙකි. ඉදිරි වසර 30දීත් අපට මෙවැනි කතා මේ අයගෙන් අසන්නට ලැබේවි. එමනිසා රටේ පුරවැසියන් රටට වෙනසක් ලබාගැනීමට ඉදිරි මැතිවරණයේදී බුද්ධිමත් විය යුතුවේ. පුරවැසියන්ගේ ඡන්ද කතිරයේ පුර්ණ අයිතිය පුරවැසියන් සතුයි. දශක ගණනාවක දූෂිත දේශපාලකයින්ට නොරැවටී වගකීමෙන් බුද්ධිමත්ව ඔබේ ඡන්දයට වටිනාකමක් ලබාදෙන්න. ඉදිරි මැතිවරණය යනු රටට වෙනසක් ලබාදීමට ඔබ වෙත පැමිණ තිබෙන්නා වූ අවසාන අවස්ථාව වේ.

:       0       8

ajith Tuesday, 09 January 2024 09:19 PM

කිසිකෙනෙක් ව්‍යවසායකයින්ට බලෙන් ණය දී නොමැත. එමනිසා තමන් ලබාගත් ණය ආපසු ගෙවීම ව්‍යවසායකයාගේ යුතුකමයි. අද සිදුවන්නේ බැංකු වලින් ණය ලබාගත් විශාල ව්‍යාපාර සංවිධානය වී පරාටේ නීතියට විරුද්ධව උද්ඝෝෂණය කිරීමයි. අද රටට සිදුවී ඇත්තේත් වගකීමකින් තොරව ලබාගත් විදේශ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීමයි. ලංකාව සාම්ප්‍රදායිකව කෘෂිකාර්මික රටක් වූවත්, එය සැමවිටම එසේවිය යුතු නැහැ. අද තරුණ තරුණියන්ගෙන් කී දෙනක් අමුඩය ඇඳ කෘෂිකාර්මාන්තයට බැසීමට සූදානම්ද? අද බොහෝ දෙනා කැමැති සැප පහසු වාතාවරණයක රැකියාවක් කිරීමටයි. එහි ඇති කිසිම වරදක් නැහැ. මීට ශතවර්ෂ ගණනාවකට පෙර ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවලද පැවතියේ කෘෂිකාර්මික ආර්ථිකයක්... නමුත් අද එය වෙනස්වී ඇත.

:       0       14

Amal Wednesday, 10 January 2024 10:05 AM

ඇමැතිතුමෝ, ඔබත් ඔය කැබිනට් වල ඇමතිකම් කෙරුවනේ. දැන් ජනතාවට බයිලා කියන්න එපා. සදාකාලික ආර්ථික සමෘද්ධිය සහ ස්ථාවරත්වය ඇතිවුනේ මැති-ඇමැති පවුල් වලටයි, ඔවුන්ගේ හෙන්චියන්ටයි විතරමයි.

:       0       12

thushan Thursday, 11 January 2024 04:24 PM

දිවදෙකේ හොරුන් තමයි ඉන්නේ...!

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 490 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 540 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 106 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 376 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site