උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි ඇත් පැටවකු කිසියම් අයකු වනෝද්‍යාන භූමිය තුළදීම වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අඩි දෙකක් පමණ දිගට වැඩුණ දළ යුගලය පොළොව දෙසට සමාන්තරව සිටින ලෙස තිබුණ ඇත් පැටවාගේ සිරුර හමුවී තිබෙන්නේ උඩවලව ජලාශයේ පිටවාන ආසන්නයේ බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ “ඇත් පැටවා” යනුවෙනි. “අලි බැලිල්ලත් බලි බැලිල්ලත්” එපා නොවන්නක් බව සාමාන්‍ය පිළිගැනීමකි. එය එසේ නම් ඇත් පැටවකුට වෙඩි තබා ඝාතනය කිරීමට යමකු පෙළඹෙන්නේ නම් හෙතෙම අලි සංහතිය සමඟම ජම්මාන්තර වෛරයකින් පසුවන්නෙකි. ඇත් පැටවා මරා දමා තිබෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යාන භූමිය තුළදීම බැවින් ඒ බව වඩාත් තහවුරු වේ. ප්‍රශ්නය වන්නේ පුපුරු ගසන වෛරයකින් පසුවන ඒ අමනයා අත තුවක්කුවක් තිබීමය.
මේ රට බෞද්ධ රටකි. බෞද්ධ සංස්කෘතියෙන් ඔපවත් වූ රටකි. ඒ බෞද්ධ සංස්කෘතිය තුළ පෙරහරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එය හැඳින්වෙන්නේ ද “පෙරහර සංස්කෘතිය” ලෙසය. පෙරහරක උච්චතම අවස්ථාව සාධාතුක කරඬුව වැඩම කරවීමය. සධාතුක කරඬුව වැඩමවන්නේ ඇතකු පිටය. පෙරහරේ පෞඪත්වය ඔප්නැංවෙන්නේ ද ගරු ගාම්භීරත්වය මතුවන්නේ ද අලි-ඇතුන්ගෙනි. පෙරහර විචිත්‍ර සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබෙන්නේ ද එහෙයිනි.
පෙරහර සඳහා යොදා ගනු ලබන්නේ හීලෑ අලි ඇතුන්ය. ඒ හීලෑ අලි ඇතුන් වේගයෙන් හිඟ වෙමින් යන බවට චෝදනාවකි. එය වර්ධනය වීමට ඉඩ හැරීම යනු බෞද්ධ සංස්කෘතියේ විචිත්‍රවත් සංස්කෘතිකාංගයක් වන පෙරහර සංස්කෘතිය අභාවයට යෑමය.
හීලෑ අලි ඇතුන් කියා විශේෂ වූ අලි ඇත්තු නොවෙති. වනයේ සැරිසරන අලි ඇතුන්ම හීලෑ කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් දැන් සිදුවන්නේ ඒ වන අලි ඇතුන් මිනිසුන්ගේ මාරක උගුල්වල පැටලී අකාලයේ මිය යාමය. විදුලි සැර වද්දා මරා දැමීමය. හක්ක පටස් කා මිය යාමට සැලැස්වීමය. වෙඩි තබා ඝාතනය කිරීමය. එසේ මරා දැමීම්වලට අමතරව අලි ඇතුන් විවිධ ස්වාභාවික උපද්‍රවලින් මිය යන බව ද වාර්තා වේ. මඩකළපුවේ විල්ලුවක එරී මිය ගිය අලි ඇතුන් හත් දෙනා එයට සාක්ෂියකි. එයට අමතරව දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාමේ පුවත් ඉකුත් සමයේ බහුලව වාර්තා විය.
අලියා සම්පතක් වෙනුවට වසංගතයක් බවට පරිවර්තනය කරගත් අඳුරු යුගයක් උදා වී තිබේ. අලි මිනිස් ගැටුම යනු එයය. මෙහිදී වඩාත් වටින්නේ අලියා ද මිනිසා ද යන්න සාකච්ඡාවට බඳුන් නොකළ යුතු මාතෘකාවකි. අලියාට අවශ්‍ය පරිදි ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරදීම මිනිසාගේ වගකීමකි.
අලියා ජීවත්වන වනාන්තර ගම්මාන බවට පරිවර්තනය වීම අලි මිනිස් ගැටුමේ උපතය. අලියා ගමට ඒම වෙනුවට සිදු වූයේ මිනිසා අලියාගේ ගමේ පදිංචි වීමය. සැමට සෙවණ යැයි කීව ද ලක්ෂ ගණනක් ජනයාට හිතට නිවන දෙන හිසට සෙවණක් නැත. එය ඛේදවාචකයකි. ප්‍රතිඵලය වන්නේ මිනිසා වනාන්තර හෙළිපෙහෙළි කර ඒවා ජනාවාස බවට පත් කර ගැනීමය.
වනාන්තරයේ සද්දන්තයාගේ ජීවන රිද්මයක් තිබේ. එම ජීවන රිද්මය බිඳ වැටුණ විට අලියා කුපිත වේ. පවුල් පිටින් අසරණ වන මහා ඛේදවාචක එහි ප්‍රතිඵලයකි. පාරිසරික සාධක සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ද අලි මිනිස් ගැටුමට මඟ හදන්නකි. මත්තල ගුවන්තොටුෙපාළ ඉදිකිරීමේ දී ඒ ආශ්‍රිතව ජීවත් වූ අලි ඇතුන් දහස් ගණනක් වෙනත් පළාත්වලට පළවා හැරි බව සඳහන්ය. පාරිසරික සමතුලිත බව බිඳී යාම බොහෝ අතුරු ආන්ත්‍රා නිර්මාණය කරවන්නක් බව ඇස් පනාපිටම ඔප්පු වී තිබේ.
දඩයක්කරුවෝ ද මෙහි පෙරමුණේම වෙති. ඔවුහු ඇතුන් මරා දළ කපා විකුණති. ඒ වෙනුවෙන් ඕනෑම අපරාධයක් ඔවුහු කරති. දළ පූට්ටුවාගේ ඉරණම එයට කදිම සාක්ෂියකි. රටට මහරු සම්පතක් විය යුතු අලි සම්පත රට වනසන මාරක වසංගතයක් බවට පත්ව තිබෙන්නේ ඒ ආකාරයෙනි.
උඩවලව ජාතික වනෝද්‍යාන භූමිය තුළදීම ඇත් පැටවකු මරා දැමීම මේ සියල්ලටම වඩා වෙනස්ය. එය උම්මන්තකයකුගේ ක්‍රියාවක් ද? අභය භූමිය තුළදීම ඇත් පැටවකු වෙඩි තබා මරා දමන තුරු වනජීවීයේ මහත්වරුන් කොහි සැඟවුණි ද? සියලු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙවැනි අපරාධ වැළැක්වීමට ඇති ප්‍රධාන මාර්ගයකි.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටේ සම්පත් හා ජාතික වස්තු රකින දැඩි වැඩපිළිවෙළක් නැද්ද
isuru Tuesday, 04 December 2018 05:00 AM
මගේ පෞද්ගලික මතය වන්නේ ලංකාවේ වන සතුන් ආරක්ෂා කිරීමේ වගකීම ආරක්ෂක අංශයේ විශේෂ බල කායක් පිහිටුවා එයට පැවරීම තවද මෙච්චර කාලයක් වනජීවී එකේ අය පින් පඩි අරන් තියෙන්නේ මොකද අපේ රටේ අලි එතුන්ගේ ඩිඑන්ඒ ලිස්තුවක් වත් නේ තාම නැහැ....
rocky Saturday, 08 December 2018 01:57 AM
බණ කතා කරනවද මහත්තයෝ? රටේ සම්පත් විකුණන.. කටුගෙයි තියන භාණ්ඩවලට කෙලින දේශපාලුවන් ඉන්න රටක?
anuraTuesday, 11 December 2018 06:56 AM
ඔබතුමාගේ ලැයිස්තුවට වරාය ගුවන් තොටුපලවලුත් එකතු කරගන්න.