IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම පිළිබඳ විවාදය නැවත කරළියට පැමිණ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද යන්න පිළිබඳව විවිධ අර්ථකථන පැවතියත් පොදු අර්ථකථනයකින් ගත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍ය සහ පුරවැසියන් අතර පවතින සම්බන්ධතාව  සහ එහි ස්වරූපය සම්බන්ධව ලියා ඇති ලියවිල්ල හෙවත් රටේ උත්තරීතර නීතිය වශයෙන් එය අර්ථකථනය කළ හැකිය. රාජ්‍යයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා රට ගමන් කළ යුතු දිශානතිය නිරූපණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි.

ශ්‍රී ලංකාව 1948 නිදහස ලබන අවධිය වන විට අප වාර්ගික, ආගමික, භාෂා සහ ප්‍රාදේශීය වශයෙන් බෙදුණු ජාතියක් විය. බහුවාර්ගික ජන සමාජයක් සහිත තත්වයක් තුළ වාර්ගික කොටස් අතර සමගිය සහ එක්සත්භාවය සහතික කිරීම සඳහා පොදු ජාතිකත්වයක් නිර්මාණය කිරීමට රාජ්‍යය අපක්ෂපාතී බේරුම්කරුවකු ලෙස ක්‍රියා කළ යුතුය. එනම් රාජ්‍ය විසින් අවශ්‍යයෙන්ම ඉටුකළ යුතු මූලික කරුණක් වන්නේ එක් ජාතියක් - එක් රටක් යන පොදු දර්ශනය රාජ්‍යය තුළ ජීවත්වන සෑම පුරවැසියකුගේම මනසට කාවදින අයුරින් කිසිදු භේදයකින් හා විශේෂීකරණයකින් තොරව සියලුම ජනකොටස්වලට අයත් ජනතාව සමාන පුරවැසියන් ලෙස සලකමින් සියලු දෙනාටම තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථා සමානව හිමි කර දීමට කටයුතු කිරීමය. මෙම කොන්දේසිය ඉටුකිරීම පහත සඳහන් කොන්දේසි දෙක මත රඳාපවතී.

01. රටේ මූලික නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එම කොන්දේසිය සහතික කිරීම.

02. බලයට පත්වන ආණ්ඩු එම කොන්දේසිය ඉටුකිරීමට හැකිවන පරිදි දේශපාලන, සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම.

ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන විට පෙනී යන්නේ ව්‍යවස්ථා සම්පාදනය සහ ව්‍යවස්ථා සංශෝධනය කිරීම පිළිබඳව වැඩි පෙළඹීමක් සිදුකොට ඇති බවයි. ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1787 දී සම්පාදනය කළ අතර එය මේ වනවිට අවුරුදු දෙසීය තිහකට අධික කාලයක් තුළ සංශෝධනයට ලක්ව ඇත්තේ 27 වාරයක් පමණි. ප්‍රංශය තුළ වර්තමානයේ ක්‍රියාත්මකවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චාල්ස් ඩිගෝල් විසින් 1958 දී හඳුන්වා දෙන ලද  අතර එය සංශෝධනයට ලක්ව ඇත්තේ 24 වතාවක් පමණි. දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් මුල් ව්‍යවස්ථාවල වෙනසක් මෙතෙක් සිදු කොට නොමැත. අප රට ඒ සියල්ල අබිබවා යමින්  ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ මෝස්තර නිරූපිකාව බවට පත්ව තිබේ.

අප 1948 සකස් කළ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිරාජ්‍යවාදී පාලකයන්ගේ ව්‍යවස්ථාවක් වූ අතර, 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසනු ලැබුවේ එවකට පැවති සමඟි පෙරමුණු රජයේ අවශ්‍යතාවක් මත බැවින් එය ප්‍රධාන විපක්‍ෂයේ සහ සුළුතර පක්‍ෂ සහ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තොරවය. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව එවකට එක්සත් ජාතික පක්‍ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධනගේ අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් විය. 1966 ලංකා විද්‍යාභිවර්ධන සම්මේලනයේ 22 වෙනි සැසිවාරය අමතනු ලැබූ ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින සහ වේගවත් සංවර්ධනයක් අවශ්‍ය රටකට වඩාත් ගැළපෙන්නේ විධායක ජනාධිපති  ආණ්ඩුක්‍රමයක්ය යන අදහස ඉදිරිපත් කළ අතර ඔහු 1978 ව්‍යවස්ථාව සැකසීම මගින් එම සිහිනය සැබෑ කරගනු ලැබීය. එසේම වර්තමාන ව්‍යවස්ථාවට මේ වනවිට සංශෝධන විසි එකක් ද සිදුකොට හමාරය. එයට අමතරව 1994 බලයට පත් රජය 1995 දී නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භ කළ ද එම වෑයම ප්‍රධාන විපක්‍ෂයේ විරෝධතා හේතුවෙන් අසාර්ථක විය.

පොදුවේ මෙරට ව්‍යවස්ථා ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යනුයේ ඒවා සමාජ එකඟතාවක හෝ සමාජ සම්මුතිවාදයක ප්‍රතිඵලයක් නොවීම නිසා ජනතා පිළිගැනීමටද ලක් නොවු බවය. 

මෙවර ජනාධිපතිවරණ සටන තුළත් පෙර පරිදිම

නව ව්‍යස්ථාවක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් නැවත ඉස්මතු වෙමින් පැවතීම මගින් පෙනී යන්නේ 76 වසරක පසුගිය කාල පරිච්ඡේදය පුරාම රටේ මූලික නීතිය කෙරෙහි අප තුළ විශ්වාසයක් නොතිබූ බවය. පුරවැසියන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රශ්න කිරීම මගින් පෙන්වා දෙන්නේ මෙරට ව්‍යවස්ථාව පිළිබඳව ව්‍යවස්ථානුකූලවාදයක් ගොඩනැගීම දුර්වල කොට ඇති බවත් එමඟින් ජාතිකත්වය (nationality) නිර්මාණය කිරීමට බාධා ඇතිකොට ඇති බවත්ය.

මෙරට ව්‍යවස්ථා ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පෙනීයන්නේ තවදුරටත් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න රාශියක් පවතින බවය. එනම්,

පෞද්ගලික කරුණු දේශපාලන කරුණුවලින් වෙන් කොට තැබීමේ බ්‍රිතාන්‍ය දේශපාලන සම්ප්‍රදාය අනුගමනය කිරීමේ සාර්ථකභාවය කොපමණද?

පුරවැසියන් දේශපාලනයට සහභාගී කර ගැනීම සඳහා කොපමණ ඉඩ ප්‍රස්ථා සපයා දී තිබේද?

තීරණ ගැනීම කඩිනම් කිරීම සඳහා කුමන විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් කොට තිබේද?

ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කෙරෙන පුරවැසි අයිතිවාසිකම් මොනවාද? සහ එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොදා ඇති විධානවල සාර්ථකත්වය කොපමණද?

පාලකයන්ගේ බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධව පවතින මුල් බැසගත් වරප්‍රසාද සහ ජනතා රැකවරණයට ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන මොනවාද?

ව්‍යවස්ථාව මගින් බලාපොරොත්තු වන්නේ කුමන දේශපාලන, සමාජ, ආර්ථික දර්ශනයක්ද?

ව්‍යවස්ථාව තුළ වැරදි නිවැරදි කර ගැනීමට සහ සමාජ වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා සපයා ඇති ඉඩ ප්‍රස්ථා මොනවාද? යන මූලික කාරණා නැවත විමර්ශනයට ලක්කිරීමේ කාලය දැන් එළඹ තිබේ.

1947 දක්වා පැවැති ව්‍යවස්ථාවල ශක්තිමත් විධායකයක් පැවැති අතර සෝල්බරි ව්‍යවස්ථාව සැකසුණේ ද එම මූලධර්මය මතය. බහුතර ජනතා පරමාධිපති මූලධර්මය එහි තිබූ තවත් ලක්ෂණයක් වූ අතර ප්‍රායෝගිකව එකල පැවති ආණ්ඩු මගින් ගෙන ආ ඇතැම් අණපනත් මගින් පෙනී ගියේ සුළුතර ජනකොටස දේශපාලන සහ ආර්ථික බැහැර කිරීමකට ලක්වීම හේතුකොට ගෙන ඔවුන් වෙනම ජන කණ්ඩායමක් ලෙස කල්පනා කිරීම හරහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කිරීමය. 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිබරල්වාදී මූලධර්මය මත ස්ථාපිත කළ ව්‍යවස්ථාවක් වුවද ප්‍රධාන විරුද්ධ පක්ෂයේ අදහස් සහ සුළුජන කණ්ඩායම්වල අදහස් නොතකා සකස් කරනු ලැබූ ව්‍යවස්ථාවක් වීම හේතු කොට ගෙන සමස්ත සමාජ සංහතිය නිරූපණය කිරීමට අසමත් විය.

1978 හඳුන්වාදුන් වර්තමාන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ප්‍රමාණවත් සාකච්ඡාවලින් තොරව සම්පාදනය කළ එකක් වන අතර ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අරමුණින් කොමිටියක්  පත් කෙරුණි. ඒ අනුව එය සංශෝධනය කොට අගමැති වෙනුවට ජනාධිපති තනතුරේ බලය ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. එනම් එකල මෙය මෙතෙක් පැවැති බහුමතික ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය වෙනුවට සහමතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හඳුන්වා දීමක් ලෙස ද විග්‍රහයක් ඉදිරිපත් විය.  මෙවර ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයා කවරෙකු වුවද ඔහු නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබද කාර්යය සිදු කිරීමේදී පහත කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. විශේෂයෙන් කණ්ඩායම් අයිතිවාසිකම් ලෙස හැඳින්වෙන සමාජ අයිතිවාසිකම් ගණයට අයත් සෞඛ්‍ය, දේපළ අයිතිවාසිකම්, පරිසර අයිතිවාසිකම්, ආබාධිතයන්ගේ අයිතිවාසිකම් වැනි අයිතිවාසිකම් ශක්තිමත් කිරීම කෙරෙහි නව ව්‍යවස්ථා සම්පාදනයක දී අවධානය යොමු කරමින් මූලික අයිතිවාසිකම් ජාත්‍යන්තර නීති ක්‍රමයට අනුකූල කිරීමටද වගබලා ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එක් රටක් එක් ජාතියක් යන දර්ශනය යටතේ ජනතාව පොදු ජාතිකත්වයක් යටතට පත්කිරීමට ඇති බාධා ඉවත්කිරීමේ කාලය ද දැන් එළඹ තිබේ.

මේ සඳහා තව දුරටත් පහත යෝජනාවන් ඉදිරිපත් කළ හැකිය.

සමස්ත රාජ්‍යයටම බලපාන එක් පොදු නීති ක්‍රමයක් හඳුන්වාදීම සහ වාර්ගික පදනම මත ක්‍රියාත්මක වන ඇතැම් නීති අහෝසි කිරීම. නිදසුන් ලෙස ද්‍රවිඩ ජන වර්ගය හා සම්බන්ධ තේසවලාමේ නීතිය හා මුස්ලිම් ජන වර්ගය හා සම්බන්ධ කාති නීතිය අහෝසි කිරීම .

සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්ථාවන් යන මූලධර්මයට පටහැණිව පුරවැසියන් විශේෂීකරණය කරමින් නීති පැනවීමට ක්‍රියා නොකිරීම.

රටේ ජීවත්වන සියලුම ජන කණ්ඩායම් දේශපාලන බලය හැසිරවීමේ ක්‍රියාදාමයට සහභාගීවන වන අයුරින් සමූහ සංගත පාලන මූලධර්ම මත ආණ්ඩු ව්‍යුහය හා බල ආයතන සංවිධානය කිරීම.

රාජ්‍ය ලෝකායක්ත පදනමක් මත සංවිධානය කිරීම.

සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්ථා යන සිද්ධාන්තය තහවුරු කිරීම.

ජාතික සම්පත් ප්‍රාදේශීය මට්ටමින් සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම.

ස්වාධීන අධිකරණයක පැවැත්ම සහතික කිරීම.

පොදු ජාතිකත්වයට හානිවිය හැකි ආකාරයේ බලතල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත නොකිරීමට ද වග බලා ගත යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ 76-1 වගන්තිය මගින්  පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය පවරාදීමට විරුද්ධ වී ඇති අතර වෙනත් නීති සම්පාදන ආයතනයකට ඉඩ නොතබන බවද එහි දැක්වේ. ඒ අනුව බලන කල 13 වැනි සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවීම නොගැලපෙන කාර්යයකි. එහෙයින් මෙවැනි තත්ව හරහා ව්‍යවස්ථාව නීති විශාරදයන්ගේ තර්කයට ලක්විය හැකි අතරම ව්‍යවස්ථානුකූලවාදය වර්ධනයවීම කෙරෙහිද එය බාධාවක් වී තිබේ. ප්‍රාදේශීය වශයෙන් දේශපාලන බලය විමධ්‍යගත කිරීම පිළිබඳ සාර්ථක ආදර්ශ ස්විට්සර්ලන්තය, ඉන්දියාව සහ ඇමරිකාව වැනි රාජ්‍යයන්ගෙන් අපට ලබාගත හැකිය. එසේම වර්තමාන ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සහ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත වැනි පනත් හරහා පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කිරීමෙන් අධිකරණය හෑල්ලුවට ලක් වූ බව විචාරක මතයයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළ තත්ත්වයට පාර්ලිමේන්තුව පත් කොට ඇතැයි යන විවේචනය ද එල්ල වී තිබෙන අතර මෙවැනි කාරණා පුළුල් සංවාදයකට භාජනය කළ යුතුව තිබේ.

පවතින ඡන්ද ක්‍රමය නැවත ඇගයීමකට ලක් කළයුතුය.  සියලු ජනවර්ගවලට නියෝජනයක් ලබාගත හැකිවන ක්‍රමවේදයක් පිළිබඳව සලකා බැලීම යෝග්‍ය වේ. නායකත්වයේ ඒකාධිකාරිත්වය බිඳ දැමීමට අවශ්‍ය අතර මිශ්‍ර නියෝජන ක්‍රමය හඳුන්වා දෙමින් බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස නැවත ඇති කිරීම කළ හැකිය. එමගින්  සියලුම ජනවර්ගවලට නියෝජනයවීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කළ හැකි ව්‍යවස්ථාවක් සැකසීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

 

(***)



අදහස් (1)

රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන

lelwala Saturday, 21 September 2024 05:29 AM

ඔවුන්ට ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් රටේ ජනතාවට ඇහුම්කන් දී ඇති දේ මුලින්ම ලියන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 112 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 44 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 182 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 338 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 74 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 56 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 247 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 416 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 931 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site