IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රටට බරක් වූ රාජ්‍ය සේවයේ යථාර්ථය

පශ්චාත් උපාධි පාඨමාලාවකට අයදුම් කළ නුවන් ඒ සඳහාවූ සම්මුඛ පරික්ෂණයට පැමිණියේය. මම එහි පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු වූයෙමි. එහිදී අයදුම්කරුවන්ගේ අධ්‍යාපන හා වෘත්තිය පසුබිම පිළිබඳ ප්‍රශ්න ඇසීම සාමාන්‍ය සිරිත වූයේය.

මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. ‘මේ වනවිට ඔබ මොනවද කරන්නෙ? ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘මම සංවර්ධන නිලධාරියෙක්’ ‘ඔබ සංවර්ධන නිලධාරියකු ලෙස වැඩ කරන්නේ කොහේද?’ මම නැවත ඔහුගෙන් ඇසුවෙමි. තම සේවාස්ථානය ලෙස බස්නාහිර පළාතේ පිහිටි එක්තරා රජයේ පාසලක් ඔහු නම් කළේය.

ඔහුගේ පිළිතුරෙන් මගේ කුතුහලය ඇවිස්සිණි. ‘ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් වෙනත් රාජ්‍ය ආයතනවලත් රට පුරා සංවර්ධන නිලධාරීන් ඉන්නා බව මම දන්නවා. එහෙත් ඒ තත්ත්වය රජයේ පාසල්වලත් තිබෙන බව මම දැනසිටියෙ නෑ. ඒ අලුත් වැඩපිළිවෙළක්ද?’

‘නෑ සර්’, ඔහු පිළිතුරු දුන්නේය. ‘මට ඒ රස්සාව ලැබුණෙ අවුරුදු දෙකකට කලින් ආණ්ඩුවෙන් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා 50,000 ක් දුන්නු අවස්ථාවෙ. 18000 ක් විතර අනුයුක්ත කළේ පාසල් වලටයි’.

මම නැවත ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. ‘එහෙනං ඔබේ පාසලේ සංවර්ධනයට වග කියන පුද්ගලයා ඔබ වෙන්න ඇති නේද? ඔබේ රාජකාරි හා වගකීම් ගැන මට පොඩි විස්තරයක් කියන්න’.

පළමුවෙන් මඳක් සිනාසුණු ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘අපට විදුහල්පතිවරයා කියන දෙයක් කරනවා ඇරෙන්න එහෙමට කියල වෙනම විශේෂ රාජකාරියක් හරි වගකීමක් හරි නෑ. බොහෝවිට කරන්න තියෙන්නෙ ලිපි කටයුතු. එතකොට ගුරුවරුන්ට උදව් කිරීමත් ඉඳහිට කරනවා. සමහර විට ගුරුවරයෙක් නොපැමිණි වෙලාවක ඉගැන්වීමේ කටයුතුත් කරනවා’.

ඔහු අවුරුදු හතරක සේවා අත්දැකීම් සඳහන් කර තිබෙනු දුටු මම, ඔහුගේ ඉන් පෙර රැකියා පළපුරුද්ද ගැන විමසා සිටියෙමි. එවර ඔහු දුන් පිළිතුර පෙරටත් වඩා විමතිය දන්වන්නක් විය.

‘උපාධිය ගත්තට පස්සෙ මම පෞද්ගලික සමාගමකට බැඳුණා. (ඔහු එහි නමද කීවේය) කළමනාකරණ කටයුතු පුහුණුවන අයෙක් හැටියට. අවුරුදු දෙකකට පස්සෙ, මට මේ පාසලේ රැකියාව ලැබුණම මම ඒක අත්ඇරියා’.

ඔහු එම රැකියාව හැරගියේ ඇයිද? යන්න කවුරුත් අසන නිසා මමද එම පැනය ඔහුගෙන් ඇසුවෙමි.

‘ඇයි ඔබ කළමනාකාර තනතුරක් අත්හැර සංවර්ධන නිලධාරී රැකියාවකට ආවේ. මේ රැකියාවට වඩා කළමනාකාරවරයකු හැටියට ඔබේ වැටුපත්, අනාගතයේ හොඳ බලාපොරොත්තුත් එයින් තබාගත හැකියි නේද’?

ඒ පිළිබඳව තාර්තිකව කල්පනා කළ අයුරු නොවලහා කියන්නට තරම් ඔහු අවංක විය.

‘ඔව්, ඒත් දැන් මට දිනපතා ලැබෙන විවේක වෙලාව වැඩියි. මාසෙකට ලැබෙන නිවාඩු දින ගාණත් වැඩියි. මම ගෙදර ගියාට පස්සෙ කාර්යාලෙ බරෙන් මගේ මනස තනිකර නිදහස්. ඒ නිසා මට මගේ වැඩ කරගන්න වැඩි වෙලාවක් ලැබෙනවා. ආණ්ඩුව මගේ තනතුර ස්ථිර කරාවි. ඒ එක්කම ජීවිතේ පුරාවටම විශ්‍රාම වැටුපකුත් මට ලැබේවි’.

මම මගේ ප්‍රශ්නය වෙනත් දිසාවකට මාරු කළෙමි.

‘ඔබ වැඩකළ පෞද්ගලික සමාගම ආයෙමත් කවද හරි උපාධිධාරියෙක් රැකියාවට බඳවා ගනීවි කියා ඔබ හිතනවද’?

 

රැකියා අවස්ථා

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවය කරන්නවුන් දහසකගේ කතාවලින් එකම එක කතාවක් විය හැකිය. රජය හෝ දේශපාලනඥයන් එක් එක් ආයතනවලින් රැකියා දීමේ කාර්යභාරය, භාරව ඉන්නා නිසා, අධ්‍යාපනය ලැබූ තරුණයෝ මෙන්ම අධ්‍යාපන සුදුසුකම් අඩු තරුණයෝද රජයේ රැකියා අවස්ථා ලබාගැනීමට දේශපාලකයන් වෙත හැරෙති.

ඇත්තෙන්ම රජය තරුණයන් උදෙසා ඵලදායී රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ලා අසමත්ය. එසේවුවද කරන්නට වැඩ ඇතත්, නැතත්, ඔවුන්ට රැකියා සැපයීම රජයෙන් නොකඩවා කරගෙන යනු ලබයි. යම් රැකියාවකට අවශ්‍ය දැනුම සහ නිපුණතා ඔවුනට තිබුණත්, නැතත්, රජයේ රැකියාවකට ඇතුළත්වීමට හුදෙක් සහතිකයක් පමණක් තිබීම ප්‍රමාණවත් ය.

මේ ආකාරයට, එහි ඇති සියලුම ව්‍යවසායකයන් ඇතුළු මුළු රාජ්‍ය අංශයම රැකියා අවස්ථා සම්පාදනය කරන මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. ඒවායේ එවැනි රැකියා අවස්ථා නොතිබුණත් ඔවුනට, සංවර්ධන නිලධාරී වැනි තනතුරු ඒවායේ නිර්මාණය කළ හැකිය. ආර්ථිකයට එම තනතුරුවලින් ඇතිවන ඵලදායී දායකත්වයෙන් කම් නැත. අවශ්‍ය වන්නේ හුදෙක් රජයේ රැකියාවක් පමණි.

රාජ්‍ය අංශයේ රැකියා සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ 2000 ගණන්වල මුල් කාලයේ එහි රැකියා නියුතු වූවන් මිලියනයක් පමණ සිටි බවයි. මෙම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 15 ක් දක්වා වැඩිවී තිබේ. මෙම කාලය තුළ ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායේ වැඩිවූ මුළු සංඛ්‍යාව පවා රාජ්‍ය අංශයේ වැඩිවූ මුළු රැකියා සංඛ්‍යාවට වඩා කුඩා ය.

 

ආර්ථික පිරිවැය

වගවීමකින් තොරව ආණ්ඩුවේ රැකියා තොග ගණන් සම්පාදනය කිරීම, පාලනයේ ගැටලුවක් ලෙස ගත්විට ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කළ හානි බොහෝය. පමණට වඩා වියදම් අධිකවීම ඒ නිසා හටගත් මහා පරිමාණ ගැටලුවක් වන අතර වර්තමාන ආර්ථික අර්බුදයට ද එය බොහෝ සෙයින් දායකවූ ගැටලුවක් වී තිබේ. එය බදු ආදායමෙන් නිදහස් වූ වැටුප් වෙනුවෙන් යන වියදම හා බැඳුණ ගැටලුවක් පමණක් නොවේ. එය එම ගැටලුව ද ඇතුළුව වඩාත් ගැඹුරට ගිය මහා ගැටලුවකි.

2021 ආණ්ඩුවේ අයවැය ගිණුමේ රජයේ වැටුප් සඳහා වූ වියදම රුපියල් බිලියන 845 කට සමීප විය. එය රජයේ බදු ආදායමෙන් තුනෙන් දෙකකට සමාන මුදල් කන්දරාවකි. කෝවිඩ් වසංගතයේ අර්බුදය පැමිණීමට පෙර 2019 දී රජයේ වැටුප් සඳහා ගිය වියදම බදු ආදායමෙන් සියයට හතළිහක් (40%) පමණ විය. එය වසර දෙදහස් ගණන්වල මුල් කාලය හා සැසඳූ විට සියයට 30 ක වැඩිවීමකි. ආණ්ඩුව නොනවත්වා දිගින් දිගටම රජයේ රැකියා සැපයීම වැඩි කළහොත් ඉදිරි කාලයේදී රජයෙන් විශ්‍රාම වැටුප් සඳහා දැරිය යුතු වියදම් ප්‍රමාණයද අනිවාර්යයෙන් වැඩි වන්නේය.

කෙසේ වුවද මේ කතන්දරය එතැනින් නිමා වන්නේ නැත. රාජ්‍ය අංශයේ ඵලදායී නොවන රැකියා වැඩිවීම ආර්ථිකයට ඇති කරන අහිතකර බලපෑම තවත් ඈතට ඇදී යයි. එය රජයේ මූල්‍ය (බදු) ආදායම් මෙහෙයුම් වලටත් ආර්ථිකයේ වර්ධනයටත් බලපෑම් කරයි. රජය පමණටත් වඩා වැඩි වියදමක් දරමින් ගැටලුකාරීව පවත්වාගෙන යන මෙම රැකියාවලින් බදු ආදායම් උත්පාදනය වන්නේද නැත. රජය සමස්ත වශයෙන් වැටුප් වෙනුවෙන් දරන වියදම වැඩිවුවද, එක් එක් රාජ්‍ය සේවකයා ලබන්නේ කුඩා වැටුපකි. එය ආදායම් බදු සීමාව ඉක්මවා නොයන පහළ මට්ටමේ එකකි.

වඩාත් ගැඹුරට ගිය ගැටලුවක් වන්නේ එයින් රටේ නිෂ්පාදන ක්‍රියාවලට දායක විය හැකි විභවතාව පිළිබඳ ගැටලුවයි. වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය ගණන් බැලීමේ දී ඒවාගේ එකතුව ඊට එකතු කරනු ලබයි.

එය දළ දේශීය නිෂ්පාදිතයට රජයේ ඵලදායි නොවන රැකියාවලින් සැබෑ දායකත්වයක් සිදු නොවීම පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එයින් දළ දේශීය නිෂ්පාදනයට අදාළ ඇස්තමේන්තුව සැබෑ ප්‍රමාණයට වඩා පුම්බා පෙන්වයි. රාජ්‍ය පරිපාලනය වැනි සේවා වලින් (ස්පර්ශ කළ හැකි) තථ්‍ය නිෂ්පාදනයක් සිදු නොවන නිසා එවැනි ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් ඇස්තමේන්තු කරනුයේ පිරිවැය ක්‍රමයටයි. එයින් අදහස් වන්නේ එය පිරිවැය මත පවත්වාගෙන යනු ලබන රාජ්‍ය පරිපාලනයක් බවයි. එය දළ දේශීය නිෂ්පාදිතයට කරන දායකත්වයක් ලෙස ගණන් ගනු ලබයි. වෙනත් වචනවලින් කිවහොත් වැටුප් සඳහා යන වියදම ඉහළ යන විට, දළ දේශීය නිෂ්පාදිතය එයින් ඉහළ යයි.

 

අලෙවි කළ නොහැකි නිෂ්පාදනය

රාජ්‍ය අංශයේ රැකියා වැඩිවීම ශ්‍රීලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට සම්බන්ධ වන්නේ මෙතැනදීය. රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය විදේශ විනිමය අර්බුදයක් බවට අපි පුන පුනා විග්‍රහ කර ඇත්තෙමු. වෙනත් වචනවලින් කිවහොත්, එය පුළුල් වන දළ දේශීය නිෂ්පාදිතය සමග ඒ හා සමාන්තරව අපනයන වෙළඳාමේ දුර්වලතාව සිදුවීමේ ප්‍රතිඵලයකි. ඉතා දීර්ඝ කාලයක් ගත වුවද එය ස්ථිරසාරව සමබර කරගත හැකි නොවන්නේය.

පසුගිය අවුරුදු 20 පුරා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සෑහෙන තරම් වර්ධනයක් සිදුවිය. ඒ අතර රට පහළ ආදායම් මට්ටමෙන් (වර්ගීකරණයෙන්) මැද ආදායම් මට්ටමේ වර්ගීකරණයට ඉහළ ගියේය. ඇතැම් විට ඉහළ මැද ආදායම් මට්ටමේ වර්ගීකරණයටද නැංගේය. ඒත් මහත් කම්පාවක් දැනෙන පුවත නම්, මෙම කාල පරිච්ඡේදය තුළ අපනයන ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ අගයෙන් සියයට 33 සිට සියයට 15 ටත් වඩා පහත වැටීමය.

එසේ වූයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය අලෙවි නොවන අංශයේ ප්‍රබලවීමෙන් මූලික වශයෙන් වර්ධනය වීමය. ආර්ථිකයේ අලෙවි නොවන අංශයේ වැදගත් සංරචක වූයේ රාජ්‍ය අංශයේ රැකියා ව්‍යාප්තියයි. උත්ප්‍රාසයට කාරණය වන්නේ, අපගේ මූලික අවධානය වෙළඳ නොවන (අලෙවි නොවන) අංශයේ ව්‍යාප්තියට යොමුව තිබියදී අපනයනයෙන් උපයාගත යුතු ඩොලර්වලින් අප විදේශ ණය ගෙවා ගන්නේ කෙසේද යන්නය.

දැන් රාජ්‍ය අංශයේ වැටුප් කෙසේ ගෙවාගන්නේද යන ප්‍රශ්නය විසඳාගන්නට නොහැකිව රජය එම ප්‍රශ්නය සමග පොර බදමින් සිටී. අනිවාර්යයෙන්ම ඊට විසඳුම වන්නේ රාජ්‍ය අංශයේ පමණට වැඩි සේවක පිරිස අඩු කිරීම, රජයේ වැටුප් වියදම් අඩු කිරීම මෙන්ම රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම ආදියයි. එසේ වුවද ඒවා එතරම් ප්‍රියජනක විකල්ප නොවේ. එනයින් ගත්විට අප තව තවත් වැඩිපුර මුදල් අච්චු ගැසීමෙන් බලාපොරොත්තු වන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස, විවිධාකාර පීඩා අප වෙත එනතුරු තාවකාලිකව රාජ්‍ය අංශය සතුටු කිරීම පමණකි.

 

සමාප්ති සටහන

මෙම අර්බුදයෙන් එක් හොඳක් උත්පාදනය වූයේය. ඡන්දදායක සමූහයාට දිගින් දිගටම වංචාකරමින් ගෙනගිය ලාබ දේශපාලනයට ඇති ඉඩකඩ මෙතැනින්ම හමාර වී තිබේ. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට තව අවුරුදු දෙකහමාරක් තිබියදී දේශපාලකයන්ට හා ඔවුන්ගේ පක්ෂවලට, ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නට විශ්වාසදායී ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබේ. එම සැලසුම ඔස්සේ ඔවුන් රට සමෘද්ධිමත්භාවයේ මාවතට ගෙන ආ යුතුය. රටේ ජනතාවට ඵලදායි රැකියා උත්පාදනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ද ඊට අයත් වූවකි.

 

(***)
2022 අගෝ. 14 Sunday Times
පත්‍රයේ පළවූ Crisis and the end of ‘cheap politics’ ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (5)

රටට බරක් වූ රාජ්‍ය සේවයේ යථාර්ථය

NM Thursday, 18 August 2022 07:34 AM

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී ඇති බව අප සියලු දෙනාම දන්නා කරුණකි. ආර්ථිකය නගා සිටුවීමට විසදුම් අවශ්‍යවේ. අපහසු කාර්යයක් උවත් රාජ්‍ය සේවයේ පිරිසෙන් කොටසක් ඉවත් කිරීම එක විසදුමකි. එක් පවුලක රජයේ සේවයේ කිහිප දෙනෙකු සේවය කරන්නේ නම් ඒ පිළිබදව යම් තීරණයක් ගැනීමට හැකියාවක් පවතී. රජයේ රැකියාවන් ලබාදීමේදී පවුලේ කිහිපදෙනෙකු රජයේ සේවයට ඇතුලත් කරගැනීම පිලිබදව අධ්‍යයනයක් කල යුතුවේ. ලංකාවේ පාඩු ලබන්නාවූ ආයතන 500ක් පමණ තිබෙන බව සහ එම ආයතන තුල සේවයේට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවූ සේවක ප්‍රමාණයක් සිටි. නමුත් සියලු සේවකයන්ට රජය වැටුප් ලබාදේ. රජයේ මැදිහත්වීම මත පාඩු ලබමින් කරගෙන යන්නාවූ ව්‍යාපාර පුද්ගලිකකරණය අවස්ථව සලසා හෝ රජය ඉන් ඉවවත් විය යුතුවේ . බොහෝ පිරිසක් රජයේ සේවයට සම්බන්ධ වනුයේ රටට සේවයක් ලබාදීමේ අරමුණින් නොව රජයේ සේවයේදී වැඩි විවේකයක් සහ අවසානයේ විශ්‍රාම වැටුපක් ලබෙන්නාවූ නිසාවෙනි.

:       0       3

NM Thursday, 18 August 2022 07:46 AM

අප බොහෝ කලක සිට යෝජනා කරනුයේ ලෝකයේ දියුණු රටවල මෙන් රජයේ සේවයේ සහ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සියල්ලන් හට එක විශ්‍රාම වැටුප් ක්‍රමයකට දායකවීමට අවස්ථාව ලබාදීම කළයුතු වේ. රජයේ සේවයට බඳවා ගැනීම් ඉදිරි වසර 3ක් තුළ නවතා අතිරික්තයක් වූ සේවකයින්ගෙන් පුරප්පාඩු පිරවිය යුතුවේ. ඉන්පසු යම් ක්‍රමවේදයක් හඳුන්වාදී නැවත සේවකයින් අවශ්‍ය ප්‍රමාණයට බඳවා ගැනීම් කළයුතු වේ. දේශපාලකයින් විසින් ආයතන පුරප්පාඩු පිරවීම නිසා රාජ්‍ය ආයතන දේශපලනීකරණය වීම සහ දේශපාලන හේතූන් මත බඳවාගනු ලබන සේවකයා ආයතනය තුළ අනෙක් සේවකයින් හට දේශපාලන බලය යෙදවීම නිසා ලංකාවේ රජයේ සේවය ගෞරවනීය තත්වය නැතුව ගොස් තිබේ. ලෝකයේ දියුණු රටවල රජයේ සේවයට විශාල පිළිගැනීමක් තිබේ...

:       0       0

MO77 Thursday, 18 August 2022 05:31 PM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල කොතරම් අකාර්යක්ෂමද? ඒවායේ වැඩකරන ආචාර්යවරු ඉතා ඉහළ වැටුපක් ගන්නවා.. සමහරුන්ට ලක්ෂ පහකටත් වඩා වැඩි මූලික වැටුපක් ලැබෙනවා. ඔවුන් ඔවුන්ට විභාග කටයුතු ප්‍රශ්නපත්‍ර සැකසීම විභාග පරීක්ෂක කටයුතු පශ්චාත් උපාධි ඉගැන්වීම් එකී මෙකී නොකී දීමනා ලැබෙනවා. ඔවුන්ට ඉගැන්වීමේ කටයුතු සතියකටම පැය 8කට වඩා අඩුයි. ඉතුරු කාලය ඔවුන්ට තියෙන්නේ පරීක්ෂණ වැඩ සඳහායි පරීක්ෂණ කටයුතු... ඔබ සොයාබැලුවොත් මෙම ආචාර්යවරු බොහෝමයක් කිසිම පරීක්ෂණ පත්‍රිකාවක් ඉහළ මට්ටමේ ජර්නල් වල පළ කළේ නෑ. ඔවුන් මේ උසස්වීම් ලබාගත්තේ කෙසේදැයි යන්න ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවත් ඉතාමත් කාර්යක්ෂම ආයතනයක්. එහි වගකීම වෙන්නේ විශ්වවිද්‍යාල පිළිබඳ පාලනයක් ඇති කිරීමයි. මේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පත්වෙන්නේ විශ්ව විද්‍යාලවල ඉහළ ආචාර්යවරුන්.. ඔවුන් කිසිම සොයාබැලීමක් විශ්ව විද්‍යාල ගැන කරන්නේ නෑ. අද ලෝකයේ පහළම මට්ටමේ තත්වෙකට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පත්වෙලා තියෙනවා. ඉතාමත් නුදුරේදී ශ්‍රී ලංකාව උපාධියට තියෙන පිළිගැනීම නැති වෙන්න පුළුවන්...

:       0       0

Deepal Nirosh Friday, 19 August 2022 08:24 PM

අපේ ගමේ පාසලේ උපාධිධාරී සංඝයා වහන්සේ නමකුත් සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරනවා. ඉතින් සංඝයා වහන්සේ නමකට පාසලක පැවරෙන සංවර්ධන රාජකාරිය කුමක්ද? සංඝයා වහන්සේ නමක් මෙවැනි තනතුරක් දැරීම සුදුසුයිද? මෙන්න මේකයි අපේ රාජ්‍ය සේවය...!

:       0       0

Mo77 Tuesday, 23 August 2022 04:11 AM

රාජ්‍ය විශ්ව විද්‍යාලයක කොච්චර අකාර්යක්ෂමද? විශ්වවිද්‍යාලයේ වැඩකරන ආචාර්ය මහාචාර්යවරුන්ගේ පරීක්ෂණ නිබන්ධන පත්‍රිකා ලෝකයේ උසස් ගණන්වල පළවෙනවාද? ඔවුන්ට උසස්වීම් දෙන්නේ ලෝකෙ අනෙකුත් විශ්වවිද්‍යාල අනුගමනය කරන ක්‍රියා පටිපාටියෙන් ද? මේ සටහනක් හරියට ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1608 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10120 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 495 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 874 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 918 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 473 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site