අපේ සමාජයේ සුදු චරිත ඇත්තේ ඉතා අතළොස්සකි. කළු චරිතනම් ඕනෑ තරම් සිටිති. විටෙක කළු චරිතයක් ලෙස සමාජය විසින් හඳුන්වන පුද්ගලයකු තවත් කෙනකුට සුදෝ සුදු චරිතයක් වන්නේ නම් ඒ කලාතුරකිනි.
එසේ වුවද ගාල්ලේ මතු නොව මුළු මහත් ශ‍්‍රී ලංකාවේම ප‍්‍රසිද්ධියට පත්වූ චරිතයක් සුදු සහ කළු දෙපාර්ශ්වයම නියෝජනය කළේය. විටෙක ඔහු කළු චරිතයකි. ගාල්ල දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වූ ඝාතන රැල්ලක දී ඔහුගේ නම සඳහන් විය.
මෙහි සත්‍ය අසත්‍යතාව අප දන්නේ නැත. නමුත් ඔහු ජීවත් වූ ගම් ප‍්‍රදේශයේ බහුතර ජනතාවට ඔහු සුදෝ සුදු චරිතයකි. ඒ පසුගියදා හික්කඩුවේ හෝටලයක දී වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් හෙවත් මනෝජ් මෙන්ඩිස්ය.
මනෝජ් ඇසුරු නොකළ, මනෝජ් නොහඳුනන බොහෝ දෙනකුට මනෝජ් මෙන්ඩිස් යනු කළු චරිතයකි. එසේ වුව ද මනෝජ් මෙන්ඩිස් රත්ගම ප‍්‍රාදේශීය සභාවට පත්වන්නේ 2007 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මනාප ඡන්ද 7000ට වැඩි ප‍්‍රමාණයක් හිමිකැර ගනිමිනි. එවර ඔහු උප සභාපතිවරයා වූයේය. යළි 2011 දී ඔහු පළාත් පාලන මැතිවරණයෙන් මනාප ඡන්ද 15,000ට වැඩි ප‍්‍රමාණයකට හිමිකම් කියන්නේ ජනප‍්‍රියත්වයේ තරම කියා පාමිනි. එවර සභාපති පුටුව මනෝජ් මෙන්ඩිස්ට හිමිවිය.
දැන් මේ සභාපතිවරයා මියගොසිනි. දේහය බදාදා උදේ හික්කඩුව, වැල්ලවත්තේ පිහිටි ඔහුගේ නිවෙසට ගෙන ආවේ රිය පෙරහැරකිනි. රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර ගෙන එද්දී මග දෙපස අතුරු සිදුරු නැතිව රැුස්වී සිටි ජනතාව සෝ සුසුම් හෙළමින් ඔහුට අවසන් ගෞරව දැක්වූහ.
මේ අතර ඇතැම් පාසල්වල සිසු සිසුවියෝද වූහ. ඔවුන් පාරට පැමිණ සිටියේ සිය නිල ඇඳුමිනි. ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මියගිය බැවින් මේ දරුවන්ට පාසල් වේලාවේදී මාර්ගය පසෙකට වී ගෞරව දක්වන්න යැයි කිසිවෙකුත් නියෝග කැර තිබුණේ නැත. ඔවුන් පාරට පැමිණ සිටියේ සිය ගුරුවරුන් ද කැටුව කැමැත්තෙනි. මේ දරුවෝ ද දෑසේ කඳුළු පුරවාගෙන සභාපතිවරයාගේ දේහය හික්කඩුව දෙසට ගෙන යන ආකාරය බලා සිටියෝය.
එක්තරා විදුහලක විදුහල්පතිවරයකු හඬා නොවැටුණ ද සිටියේ දැඩි ශෝකයෙන් බව දුටු එක් මාධ්‍යවේදියෙක් විදුහල්පතිවරයා අසළට කිට්ටු විය.
”අද වාර විභාග නැද්ද?” මාධ්‍යවේදියා ඇසුවේය.”
”වාර විභාග නෙවෙයි මොන වැඬේ තිබුණත් මේ සභාපතිතුමාට අවසන් ගෞරව දක්වන්න මේ දරුවෝ එනවා. මේ දරුවෝ දාගෙන ඉන්න සපත්තු දුන්නේ සභාපතිතුමා. පොත් පත් දෙන්නේ ඉස්කෝලේ ඕනෑ එපාකම් සොයා බලන්නේ එතුමා තමයි. අපිට මේ මරණය ලොකු පාඩුවක්. මේ දරුවෝ අඬන්නේ නැතිව විතරයි.”
විදුහල්පතිවරයා එසේ කීවද යමක් තේරුම්ගත හැකි වයසේ සිටි දරුවෝ තම ඥාතියකු අහිමිවූවා වැනි සොවින් පසුවන බව පෙනෙන්නට තිබිණි.
රත්ගම පසුකරද්දී තවත් අපූරු පුද්ගලයකු මාර්ගය අයිනේ සිටියේය. එක්තරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දැමූ තාවකාලික ගේට්ටුවක් ඔහු බලා කියා ගනියි. දුම්රිය එනවිට ගේට්ටුව වසා දමන ඔහුට එදා දුම්රිය එන බවක් මතකයේ නැත.
”මහත්තයෝ මෙතන කෝච්චියට අහුවෙලා කිහිප දෙනෙක්ම මැරුණා. දවසක් සභාපතිතුමා ඇවිත් ගේට්ටුවක් හයිකරලා මට බලාගන්න කිව්වා. හැම මාසෙකම සභාපතිතුමා මට පඩි ගෙවනවා. ඒ සභාපතිතුමාගේ පදනමෙන්. ගේට්ටුව දාපු දවසේ ඉඳලා තවමත් කිසිම අනතුරක් වුණේ නැහැ. අපි මේ මනුස්සයට ණය ගැතියි.” ඔහු කියවාගෙන යයි.
මේ රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ සුදු චරිතයයි.
ඔහු තම ගමේ තරුණයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූයේය. තරුණයන්ගේ අයියා. මැදි වයසේ අයට සහෝදරයකුත් වැඩිහිටියන්ට පුතකුත් වූයේය. නැතිබැරි අයට නිවාස තනා දුන් ඔහු ඇතැම් විටෙක කන්න අඳින්න ද දුන්නේය. තරුණයන්ට ක‍්‍රීඩා උපකරණයේ සිට හැඳ සිටින ටී ෂර්ටය දක්වාම දුන්නේය.
ගමේ මඟුලටත් අවමඟුලටත් මනෝජ් මෙන්ඩිස් නැතිවම බැරි චරිතයක් වූයේය.
කොයි කාගේත් කුදු මහත් සියලූ දේට දායක වූ ඔහුගේ දේහය නිවෙසට ගෙන එද්දී ප‍්‍රදේශයම මහා ලතෝනි හඬකින් ගිගුම් දුන්නේය.
ඒ හැඬුවේ ඔහුගේ දයාබර බිරිඳ, පුතණුවන් හා සමීප ඥාතීන් පමණක් නොවේ. සුනාමියෙන් අවතැන් වූවෝ ද, හික්කඩුව අවට පදිංචි ධීවරයෝ ද, සංචාරක කර්මාන්තයේ නිරත තරුණයෝ ද, බාල, තරුණ, වැඩිහිටි, මහලූ සියල්ලෝ ද තරඟයට මෙන් හඬා වැළපුණහ.
ඔවුන් එසේ හඬා වැටෙද්දී මනෝජ් මෙන්ඩිස් නිසලය.
මනෝජ් මෙන්ඩිස් ඝාතනය ගාල්ල දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක වූ පාතාලයට බැර වනු ඇත.
”අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යනුවෙන් කරාපිටිය රෝහලේ දී කවුරුන් හෝ කියනවා ඇසිණි.
එසේ පවසන්නේ දිගින් දිගටම සිදුවූ ඝාතන රැුල්ලකට මනෝජ් මෙන්ඩිස්ගේ නම ද ඈදී තිබුණු බැවිණි. පුද්ගල ඝාතන කිහිපයක් විභාග වෙමින් පවතින නඩු වෙනුවෙන් ඔහුගේ නම ද ගෑවී තිබිණි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද මේ බව පවසයි.
මනෝජ් මෙන්ඩිස් කිසිවෙකුට බය නැත. ඔහු රත්ගම සිට හික්කඩුව දක්වාම සිය අණසක පැතිරවූයේය. ගාල්ලේ බොහෝ චණ්ඩි මනෝජ්ට බිය වූයේය. මේ නිසාම බොහෝ දෙනකු කීවේ මනෝජ් චණ්ඩියකු බවයි.
එසේ වුවද මනෝජ් මෙන්ඩිස් යනු අරක්කු, සිගරැුට් පවා නොබිව් අයෙකි. ඔහු මස් මාළු කන්නේ ද නැත.
එසේ වුව ද සිදුවූ නොපනත්කම් රැුසකට ඔහුගේ නම ඈඳී තිබිණි. බොහෝ දෙනකු පවසන්නේ සභාපතිවරයාගේ ගෝලයන් විසින් මේ ක‍්‍රියා කළ බවයි. ඒ ගෝලයන්ගේ නායකයා වූ බැවින් ඔහුගේ නම ද ඊට ඈදුණු බව ඔවුහු කියති.
හික්කඩුව කේන්ද්‍ර කැරගනිමින් සිදුවූ ඝාතන රැුසක් මනෝජ් මෙන්ඩිස්ගේ නමට බැර කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළහ. එහි සත්‍ය අසත්‍යතාව මෙහි විමසා බැලිය නොහැකිය. ඒ සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත් ඇතැම් ඝාතන සම්බන්ධයෙන් ඇසින් දුටුවෝ පවා කිසිවක් කීමට මැළිවූහ. පාතාල කණ්ඩායම් අතර ඝට්ඨන වැඩි වෙද්දී වැසියෝ නිහඬ වූහ.
ආරක්ෂක අංශ පවසන්නේ යුද හමුදාවෙන් පැන ආ පුද්ගලයන්ද මනෝජ් මෙන්ඩිස් සමග සිටි බවයි. එමෙන් ම ඇතැම් දේශපාලකයෝ ද මනෝජ් මෙන්ඩිස්ගේ උදව් ලබාගත් බවට කටකතා පැතිර තිබිණි. මෙවැනි සිදුවීම් හේතුවෙන් වරක් මනෝජ් මෙන්ඩිස් සිරගත වී සිටියේය. සිරගතව සිටිය දී ඔහු ඉදිරිපත් වූ දෙවැනි පළාත් පාලන මැතිවරණය තිබිණි.
සිරගත වී සිටි මනෝජ් මෙන්ඩිස් වැඩිම මනාපයෙන් ප‍්‍රාදේශීය සභාවට යැවීමටත් ඔහු සභාපති කිරීමටත් ගැමියෝ ඡුන්දය දුන්හ. හිරගෙදර සිටි මනෝජ් මෙන්ඩිස් මාංචු පිටින් පැමිණ රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. අවසානයේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය වන්නේ ද ඔහුගේ රාජධානිය වූ හික්කඩුවේ ඔහුගේ පාලනය යටතේ ම පැවති ස්ථානයක දීය.
පසුගිය 23 වැනිදා උදේ හික්කඩුවේ නිවාඩු නිකේතනයක දී ගැටුමක් ඇතිවිය. දේපළවලටත් හානි සිදුවන තරමට දුරදිග ගිය ඒ ගැටුම සමථයකට පත්කිරීමේ අරමුණින් සභාපති මෙන්ඩිස් මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගියේය. යළි පසුව පැමිණෙන බව කියා ගිය මනෝජ් මෙන්ඩිස් යළි රාත‍්‍රී ඒ ආසන්නයේ ඇති තමන් විසින් පාලනය කරන ලයන් පැරඩයිස් හෝටලයට යන්නේ රාත‍්‍රියට එහි යාම දින චර්යාවේ එක් කොටසක් බැවිනි.
මේ හෝටලය පාලනය කරන්නේ මනෝජ් මෙන්ඩිස් සහ ඔහුගේ මිතුරකු විසිනි. හික්කඩුවේ විදේශිකයන් සඳහා එහි දිනපතා ඩිස්කෝ නැටුම් පැවැත්වේ. සභාපතිවරයා තම සගයන් දෙදෙනකු ද සමග එහි මධ්‍යම රාත‍්‍රිය ආසන්න වනතුරු සිටියේය.
මෙන්ඩිස් සමග සිටියේ කලූපේ පදිංචි කට්ටඩියගේ සනත් ලසන්ත නොහොත් සංකු (28) සහ වැල්ලවත්තේ පදිංචි රන්හුළු ප‍්‍රසන්න හෙවත් කිරිමාමා (42) යන දෙදෙනා බව පොලිසිය කියයි. ඔවුන් තිදෙනා ඩිස්කෝ නැටුම් නරඹමින් මේසයක් අසළ වාඩිවී සිටියහ.
පොලිසිය ප‍්‍රසන්නගෙන් ලබාගත් සාක්ෂි සටහන් අනුව කියැවෙන්නේ ටික වේලාකින් හික්කඩුව, තෙල්වත්තේ පදිංචි පිරිසක් එතැනට පැමිණි බවයි. ඒ සිව්දෙනෙකි. ඔවුන් දුටු සභාපතිවරයා දන්නා හඳුනන මේ සිව්දෙනා තමන් සිටි මේසය අසළටම ගෙන්වා ගත්තේය.
ටික වේලාවකින් මොවුන් අතර වූ කතා බහ වේගවත් වෙමින් ගොස් එය බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි. පිරිස අතපය දිග හරිමින් ගැටුමකට මුල පුරද්දී තෙල්වත්තෙන් පැමිණි පිරිස අතර සිටි අයෙක් සිය ගිනි අවියක් සභාපතිවරයා දෙසට දිගු කළ බවත් අනපේක්ෂිත මේ තර්ජනයෙන් මිදීමට සභාපතිවරයාත් සංකු හා කිරිමාමාත් සමග ලයන් පැරඩයිස් හෝටලයේ කාමරයක් වෙත යාමට උත්සාහ ගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ක්ෂණයකින් වෙඩි උණ්ඩ කිහිපයක් නිකුත් වන ශබ්දය අවට තිබූ සියලූ ශබ්ද පරයමින් නැගී එන්නට විය. නටමින් සිටි විදේශිකයෝත් හෝටලයේ සේවකයෝත් හිස් ලූ ලූ අත පලා යද්දී රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලේ පෙරාගෙන ඇද වැටිණි.
මනෝජ් මෙන්ඩිස් සභාපතිවරයාටත් ඔහුගේ සගයන් දෙදෙනාටත් වෙඩි තැබූ පිරිස පලා ගියහ. වෙඩි වැදුණු සභාපතිවරයාත් අනෙක් දෙදෙනාත් වාහනයක දමාගෙන කරාපිටිය රෝහලට කඩිනමින් රැගෙන ගිය ද රෝහලට පැමිණෙන විටත් මනෝජ් මෙන්ඩිස් මෙලොව හැරගොසිනි.
එදිනම රාත‍්‍රී පොලිසිය එහි ගියේය. සියල්ල සියුම්ව පරීක්ෂා කැරිණි. වෙඩි තැබූ ස්ථානයේ තිබී මිලි මීටර නවය ගිනි අවියකට භාවිත කරන උණ්ඩ කොපු හයක් සොයාගත හැකිවිය. ඝාතකයන් පිළිබඳ සාක්ෂි, තුවාල ලැබූවන්ගෙන් ලැබිණි. ගාල්ලේ පොලිස් නිල සුනඛ රොනී ඝාතනය සිදුවූ ස්ථානයට ගියේය. පසෙක වැටී තිබුණු ලේ තැවරුණු තොප්පිය ඉව කළ රොනී ඉදිකරමින් පවතින තාප්පයකින් පැන වෙනත් හෝටලයකට ඇතුළු වී ගාලූ පාර දක්වා ගියේය. ඒ හෝටලයේ ද ලේ පැල්ලම් තිබිණි. රොනීගේ ගමනින් පැහැදිලි වූයේ ඝාතකයන් ගාලූ පාරට පැමිණ වාහනයකින් පලා යන්නට ඇති බවයි.
කෙසේ වෙතත් අවට සිටි සියලූ දෙනා පවසන්නේ තමන් ඝාතනය නොදුටු බවයි. ඔවුන් යම් කරුණකට බියට පත්ව ඇද්දැයි දන්නේ නැත. ඔවුන් පවසන්නේ වෙඩි හඬ ඇසුණු විට පලා ගිය බවයි. එසේ වුව ද අවට සිටි අය මේ ඝාතනය හා ඝාතනය සිදුකළ පුද්ගලයන් දැක ඇතැයි ද පොලිසියේ මතයයි.
පොලිසිය පවසන්නේ රොනී ඉව ලබාගත් තොප්පිය ඝාතනය සිදුකළ අයකුගේ බවයි. ඒ තොප්පියේ ද වෙඩි වැදුණු සළකුණක් දක්නට ලැබෙයි. එසේනම් ඝාතනයට පැමිණි පුද්ගලකුට ද වෙඩි වදින්නට ඇත. එසේ වුව ද තොප්පියක් පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයකින් තුවාල ලැබූ අයකු මෙතෙක් කිසිදු රෝහලකින් ප‍්‍රතිකාර ලබා නැති බවත් ඔහුට ප‍්‍රතිකාර නොලබා සිටිය නොහැකි බවත් පොලිසිය කියයි.
පොලිස් පරීක්ෂණ දැන් පැති කිහිපයක් ඔස්සේ සිදුවෙමින් පවතී. ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. ඝාතනය සිදුකළ හතර දෙනා අතර සිටි එක් පුද්ගලයකුගේ පියා වසර කිහිපයකට පෙර ඝාතනයට ලක්වී තිබිණි. ඒ ඝාතනයේ සැකකරුවන් පිළිබඳ අනාවරණය නොවූව ද මනෝජ් මෙන්ඩිස්ගේ නම ද ඊට ඈඳා තිබිණි. මේ ඝාතනය ඒ ඝාතනයේ පළි ගැනීමක් දැයි යන්න ගැන පොලිසියේ අවධානය යොමුව ඇත.
වෙඩි තැබීම සිදුවූ හෝටලයට රටේ ප‍්‍රබල දේශපාලකයන් ඇතුළු ප‍්‍රභූන් නිතර නිතර පැමිණෙන බවත් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ සියලූ දෙනාට අවශ්‍ය කෑම බීම ඇතුළු සියලූ සංග‍්‍රහ නොමසුරුව සිදු කරන බවත් තතු දන්නෝ පවසති.
ඔහු එතැනදී ම ඝාතනය වූයේය.
ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණි ගාල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් කේෂර සමරදිවාකර මහතා සිද්ධිය සම්බන්ධ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. මහේස්ත‍්‍රාත්වරයා එතැන සිටි අයගෙන් විමසූ විට බොහෝ දෙනා කියා සිටියේ තමන් සිද්ධිය නොදුටු බවයි.
මහේස්ත‍්‍රාත් හමුවේ සාක්ෂි දුන් එක් සේවකයකු කියා සිටියේ රාත‍්‍රී 11.45ට පමණ වෙඩි ශබ්දයක් ඇසුණු බවයි. ඒ වනවිට එහි සිටි විදේශිකයන් 40ට ආසන්න පිරිසක් හිස්ලූ ලූ අත දිව ගිය බවත් තමන් ද දිව ගිය බවත් හෙතෙම කීවේය. ඝාතකයන් හඳුනාගැනීමට නොහැකි වුව ද යළි දුටුවහොත් හැඳිනිය හැකියැයි ද හෙතෙම කීවේය.
මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ සාක්ෂිදුන් විදේශිකයකුගේ සාක්ෂි මාධ්‍යයට නිකුත් නොකරන ලෙස එම විදේශිකයා ඉල්ලීමක් කැර තිබිණි.
අද ඉරිදා මනෝජ් මෙන්ඩිස් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය. ප‍්‍රදේශයේ දහස් සංඛ්‍යාත මිනිසුන්ට විවිධ උදව් කරමින් භාණ්ඩ බෙදා දෙමින් මුදල් වියදම් කැර ඇතත් ඔහු ජීවත්වන නිවෙසේ වැඩ තවමත් අවසන්ව නැත. ඔහු ඉදිකැර දුන් නිවෙස්වල මිනිසුන් පදිංචිව සිටිය ද ඔහු භාවිත කළ කාමරය ඇත්තේ බිමට කොන්ක‍්‍රීට් දමා පමණි. බිත්තිය ද කපරාරු කැර නැත.
දේහය තබා තිබූ මැද සාලයේ ද බිමට සිමෙන්ති දමා හෝ ටයිල් අල්ලා නැත. දෙමහල් නිවෙසක් ලෙස ඉදිකිරීම ඇරඹූ එහි වැඩ නවතා හිතවතුන්ට උදව් කරන්නට මුදල් වියදම් කරන බව ඔහුගේ බිරිය ඉසංකා දිල්රුක්ෂි මහත්මිය පවසයි.
”අනේ මගේ තාත්තා” යන ඉකි බිඳුමක් හිටි හැටියේ දේහය අසළින් ඇසෙයි.
ඒ මනෝජ් මෙන්ඩිස්ගේ පුංචි පුතුය.
”තාත්තේ, මම කොහොම ද ඉස්කෝලේ යන්නේ” යනුවෙන් ඔහු හඬා වැලපෙයි.
ගමටත්, නෑයන්ටත් හිතවතුන්ටත් සුදෝ සුදු චරිතයක් වූ කළු චරිතයක් ලෙස ප‍්‍රචාරයට පත්වූ මනෝජ් මෙන්ඩිස් දැන් අවසන් ගමන් ගොසිනි.
අනාගතය විසින් අද ඉතිහාසය බවට පත්කරද්දී මනෝජ් මෙන්ඩිස්ට හිමි තැන තීරණය වනු ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්ගම ‘පොදුජන හිතවතා’ ඝාතනය
රුචිර Friday, 03 April 2015 05:08 PM
සුදු චරිතයක් නම් ඇයි ඔහුව ඝාතනය කළේ? පිටතින් සුදු චරිත වල ඇතුළාන්තය ඉතා කලුයි. මිනිහෙක් ඝාතනය කරන්න තරම් වෛරයක් තවත් පුද්ගලයෙක්ට ඇතිවෙන්නේ එම පුද්ගලයා අතින් සිදුවූ දරුණු දෙයක් ජීවිතයට බලපෑමෙන්. මෙය සංකීර්ණ ලෙස සොයාබැලිය යුතු ප්‍රශ්නයක්. මෙය සැමට පාඩමකි. (නි)
සමන් Wednesday, 08 April 2015 05:51 AM
සුදු හුණු ගාන අයටද දඩුවම් දිය යුතුයි (නදී)
නෙල්සන් Friday, 03 April 2015 06:33 AM
අපරාදේ ජීවිතයක්! (නි)
ප්‍රදීප් සංජීව පෙරේරා Friday, 11 November 2016 03:26 PM
කොළඹ පාතාලෙන් ගැලවිලා ඇවිත් දකුණේ පාතාලේ ගෝඩ්ෆාදර්වෙන්න ගියාම මේ වගේ දේවල් වෙනවා (අ)
සරත් Sunday, 05 April 2015 01:58 AM
ලංකාවේ කළු චරිත, සුදු වෙලා පෙනෙන්න කරන ලේසිම දෙය තමයි දුප්පත් මිනිස්සු ටිකක් හොයාගෙන ඔවුන්ට කන්න ,බොන්න හැම දෙයක්ම දෙන එක. කරන නොපනත් වැඩ සියල්ල මැකිලා යනවා මේවගේ දේවල් වලින්. අපි දුප්පත් වෙලා ඉන්න තරමටම එයාල කැමතියි (නදී)
දිල්ෂාන් Friday, 03 April 2015 11:15 PM
ඔය තරම් සුදු චරිතයක් නම් දුර්ජනයන් ආශ්‍රය කළේඇයි? තමන්ගේ යාළුවන් අතින් නේද මැරුණේ? පාසල් වලට සපත්තු ටිකක් බෙදලා දෙන්න නොවෙයි දේශපාලුවන් ඉන්නේ. අනුන්ගේ සපත්තු අවශ්‍ය නොවන තත්වයට ජනතාව පත්කරන්නයි. මිනිස්සු දුප්පතුන් හැටියට තියාගෙන හිටියාම දේශපාලුවන්ට ලේසියි. ඡන්ද ගන්න ඕනෑ වුණාම සුළු සුළු භාණ්ඩ ටිකක් බෙදන එකනේ තියෙන්නේ. අපේ අය හැමදාම මේවට රැවටෙනවා. (නි)
විහඟ Monday, 06 April 2015 03:14 AM
හොඳ හෝ නරක වෙන්න පුළුවන් ඝාතනයට හේතුව සැකය. මොනවා උනත් හොද හදවතක්. එ්කේ දෙකක් නැහැ. (නදී)
මුරලි Sunday, 05 April 2015 06:57 AM
මොහු කළුද සුදුද යන්න සියල්ලෝ දනිති ......මොහු ගැන බොරු ආල වට්ටම් දමමින් සමාජ පිළිල වලට සුදු හුණු ගෑම නොව බොරු පුවත් මැවීමට වඩා සත්‍ය ලිවිම වටි.....(බ)
මැටිපහන Friday, 03 April 2015 08:35 AM
කිරි ගමරාලගේ අදහස් හරියට හරි. කර්මය තමයි කියල ජිවත් වෙන කට්ටියගෙන් නම් කිසි වැඩක් නෑ. (ස)
අතුල Saturday, 04 April 2015 05:08 AM
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සහ දේශපාලකයින්ගේ අවලෂණ, දුඟද, නිරුවත ශ්‍රී ලංකික අපට පමණක් නොව මුළු ලොවටම ප්‍රදර්ශනය වී හමාරය. දේශපාලකයින් මෙතරම් නින්දා අපහසයට හෑල්ලුවට සහ අවමානයට ලක්වූ යුගයක් සිහිපත් කල නොහැකි තරම්ය. දැන් කල්පනා කල යුත්තේ මේ කරුමයෙන් මුනුත් නිදහස් කරගෙන අපිත් නිදහස් වී රටත් නිදහස් කරගන්නේ කෙසේද යන්නයි. (ස)
චමින්ද Sunday, 05 April 2015 10:37 AM
සම්පුර්ණ ඇත්ත මනෝජ් හැමෝන්ටම උදවු කරන ඉතා හොද මහත්මයෙක්. (ර)
මැටිපහන Thursday, 02 April 2015 11:26 AM
මට නම් මෙයාල ගැන ප්‍රශ්නයක් නෑ; එයාල ඉක්මනට හරි පරක්කු වෙලා හරි කොහොමටත් යන්න ඉන්න කටිටිය. නමුත් මම කල්පනා කරන්නේ ඔය හෝටලය බුක් කරපු සහ ඉස්සරහරත් බුක් කරපු විදේශ සංචාරකයෝ ගැන. මේ හෝටලය දැන් වහලනම් (බොහෝදුරට එය එසේ විය යුතුයි) එම සංචාරකයන්ට වෙන පාඩුව කියන්නේ කාටද? (ස)
සුමන මානන්දුව Monday, 06 April 2015 05:48 AM
ඔය කියන තරම් සුදු චරිතයක් නම් හතුරන් වෙඩි තියලා මරන්න තරම් හතුරෝ ඉන්න විදියක් නෑ. ලංකාවේ හිටිය දානපති සුදු චරිත තමයි මැලිබන් මුදලාලි, නවලෝක මුදලාලි වැනි අය (බ)
මනෝජ් Sunday, 05 April 2015 01:46 PM
සම්පුර්ණ ඇත්ත ඔහු නැති අඩු පාඩුව දැන් ලඟදීම හෝටල් වලට දැනේවි. මොකද මනෝජ් ඉන්නකන් කව්රුත් කප්පම් ගන්න අාවේ නෑ. දැන් ඔක්කොම ඇත්ත හොරු දාමරිකයෝ එලියට එයි. හොඳ මනුස්සයෙක්. කව්රු මොනවා කිව්වත් ඔහු ගැන දන්නේ ගමේ අය. පව් අර පුතා. (නදී)
කිරි ගමරාල Friday, 03 April 2015 04:20 AM
මිනිසුන් පාතාලයේ ජීවත්වන්නේ පොලොව මත ජීවත් වීමේ අයිතිය තවත් අය විසින් පැහැර ගත් නිසාද? එවන්වූ මිනිස්න්ගෙන් කොටසක් පාතාලයේ ජීවත්වීමට තීරණය කරද්දී තවත් කොටසක් සාධාරණත්වය සොයා විප්ලවීය මඟකට පිවිසීමටත් අනෙක් අය එය කර්මය නිසා වෙන දේ යයි සිතා ජීවත්වීමත් ලාංකික ජනසමාජයේ ලක්ෂණයක්. ඒ අනුව බැලුකල කළු, සුස්දු, රතු සහ අළු චරිතවලින් ලාංකික ජනසමාජය පිරී ඇති බවනම් හොඳින් පෙනේ. (ස)
ද සිල්වා Friday, 03 April 2015 05:03 AM
සමාජ සේවයක් කරන්න අනුන්ට කරදර කරන්න අවශ්‍ය නැහැ. එයා මුළු දකුණෙම ප්‍රසිද්ධ චරිතයක් (නි)
ලසිත් Saturday, 04 April 2015 11:37 AM
මස් මාලු නොකන කෙනා බොන්නේ නැති කෙනා ඩිස්කෝ ක්ලබ් වල භාවනා කරනවද රෑ දොළහ වෙනකම්. (නදී)
වසන්ත Friday, 03 April 2015 05:09 AM
චරිතය කොහොම වුණත් මනුෂ්‍ය ඝාතනය අපරාධයක් (නි)