කැලණි ගඟට අධිපති රංවල දෙවියන් යළිත් ජනතාවට වරමක් ලබාදී තිබේ. මීට පෙර දුන් රත්තරං වරම මෙවර කීපගුණයකින් වැඩිකර තිබේ. ඒ මැණික් වරමකි.
මෙම මැණික් ඉල්ලම මතුවී තිබෙන්නේ ද පූගොඩ තොටුපොළට ආසන්න කුමාරිමුල්ල ප්‍රදේශයෙනි. මීට මසකට පමණ පෙර ගංඉවුරට ගිය අයෙකුට වටිනා මැණිකක් ලැබී ඇති බව කියති. එම ආරංචිය නිසා දැන් දැන් පූගොඩ ගං ඉවුරට බොහෝ ප්‍රදේශ වලින් ජනතාව පැමිණෙති. මුළු දවස පුරා ගඟට බැස මැණික් ගරා වෙහෙස මහන්සි වෙන ඔවුහු හවස් වන විට සැලකිය යුතු ආදායමක් ලබති.
මීට වසරකට පමණ පෙර කැලණි ගෙඟ් රත්‍රං ඉල්ලම මතුවූයේ ද කුමාරිමුල්ල ප්‍රදේශයෙන්මය. රත්‍රං මතුවූ ස්ථානයට මීටර් 20 ක් 30 ක් පමණ ඉහළින් මෙම මැණික් ඉල්ලම මතුවී තිබේ. මේ සම්බන්ධව සොයා බලන්නට පූගොඩට ගිය අපට ජනතාවගෙන් එල්ල වූයේද විරෝධයකි.
”මහත්තයා පත්තරේට ලියන්න එපා. අපිට මේ වැඬේ නිදහසේ කරගෙන යන්න දෙන්න. මාධ්‍යයට මේවා ගියාම සිද්ධ වෙන්නේ අපට මේ දේ නැතිවෙන එක විතරයි” ජනතාව පවසන්නේ එහෙමය.
මෙම මැණික් ඉල්ලම පිළිබඳව විස්තර කීමට ඉදිරිපත් වූ ස්වල්පදෙනා ද ඉල්ලා සිටියේ තමන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙසය.
මැණික් ඉල්ලම ආසන්නයේ සිටින සුළු ව්‍යාපාරිකයකු කීවේ මෙය රංවල දෙවියන් ජනතාවට දුන් අවුරුදු තෑග්ගක් බවය.
”මේ මැණික් ඉල්ලම කාලෙක සිටම මෙතන තියෙනවා. ගෙඟ් විතරක් නොවෙයි, ගොඩක් මැණික් තියෙනවා. මේ ප්‍රදේශය අයිති කනම්පැල්ල, පූගොඩ හා කුමාරිමුල්ල ගම්වලටයි. ඒත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ පිටස්තර අයයි. පසුගිය දවස්වල පන්සීයකට වැඩි පිරිසක් ඇවිත් මෙතන මැණික් ගැරුවා. සමහර පාතාල සාමාජිකයින් ගෙන්වලා බලහත්කාරයෙන් මැණික් ගැරුවා. අපේ ගමේ කිසිම කෙනෙකුට ගඟට බහින්න ඉඩදුන්නේ නෑ. පසුව ගමේ පිරිස එකතුවෙලා ගඟට බැස්සා ඕනෑ දෙයක් වුනාවේ කියලා. අර හිටිය පිරිස කොහේ ගියාද නැහැ.”
මේ ගම්වල ඉන්නේ දුප්පත් මිනිස්සු. මේ මැණික් ඉල්ලම පෑදුනාට පස්සෙ ගමේ හොරකම් පවා නතරවෙලා තියෙනවා. එදිනෙදාට අවශ්‍ය කීයක් හරි හොයාගන්නවා. ඒකට පොලිසියෙන් උනත් ලොකු බාධා කිරීම් නැහැ.
ඒත් අපට තිබෙන විශාල කරදරය තමයි පිටස්තර ප්‍රදේශ වලින් ඇවිත් අපේ ගමේ මැණික් ටික අරගෙන යන එක. ඒකට සම්බන්ධවෙලා තියෙන්නේ ලොකු ලොකු ව්‍යාපාරිකයින්. ඒ අයගේ කට්ටිය ගෙනත් මැණික් ගරවනවා. ඒ අය මේක කරන්නේ ව්‍යාපාරයක් හා ජාවාරමක් හැටියට. ඒකට ඉඩදෙන්න බැහැ” ඔහු කියා සිිටියේය.
නම හෙළි නොකළ තවත් අයෙකු ප්‍රකාශ කළේ පසුගිය දින 30 ක 40 ක කාලය තුළ රුපියල් කෝටි 10 ක් පමණ වටිනා මැණික් ගල් මෙම ප්‍රදේශයෙන් හමුවී ඇති බවය. ඒ මැණික් මිලදී ගන්නට දිවයිනේ නන්දෙසින් පැමිණි මැණික් ව්‍යාපාරිකයින් හැන්දෑවරුවේ කනම්පැල්ල ප්‍රදේශයේ රැුඳී සිටි බවද ඔහු කීය. ඉතා වටිනා මැණික් වර්ග අඩුවෙන් හමුවූ බවත් ”ඔට්ටු” ”දළං” වැනි මැණික් වර්ග සුලභව තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මීට වසරකට පමණ පෙර මේ ප්‍රදේශයෙන්ම රත්‍රං හමුවූ අතර මේ වනවිට ද රත්‍රං සුළු වශයෙන් මතුවී තිබේ. මේ නිසා මැණික් ගැරීමට අමතරව රත්‍රං ගරන්නෝ ද මෙහි සිටිති. එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු බාගන්නාක් මෙන් රත්‍රං හෝ මැණික් ඔවුන් සතුවීමට බොහෝ ඉඩකඩ තිබේ.
සිංහල හා මුස්ලිම් ජනතාව වෙසෙන මේ ප්‍රදේශය තුළ රත්‍රං සෙවීම ඉතා සහයෝගයෙන් සිදුවුව ද මැණික් ගැරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවී ඇති බවද කියති. මැණික් සොයන්නන්ට එරෙහිව පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුවද පොලිසිය පැමිණ ආපසු යන්නටද පෙර යළිත් ඔවුහු ගඟට බැස තම රාජකාරිවල නිරතව සිටිති.
අප මේ පිළිබඳව පූගොඩ පොලිස් ස්ථානාධිපති එම්.ඞී.ඞී. නිලංග මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ මැණික් ලැබෙනවා යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි. ඉඳහිට මැණික් හමුවීම අද ඊයේ සිදුවූ දෙයක් නොවන බවද එය අතීතයේ පටන් පැවැති සාමාන්‍ය තත්ත්වයක් බවද ඒ මහතා කීය.
කෙසේ නමුත් ගංගාවට හා ගංගා ඉවුරට හානි සිදුකිරීමට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා වැටලීම් කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කීය. කැලණි ගෙඟ් කැණීම් කටයුතු කිරීමට ඉඩනොදෙන බවද ඒ මහතා කියා සිටියේය.
මැණික් ගැරීමේ නිරතව සිටි මුස්ලිම් ජාතික ප්‍රදේශවාසියෙකු ද මේ ගැන අපට කීවේ මෙවැන්නකි.
”ලොකු ලොකු මැණික් මෙතන හම්බවෙන්නේ නෑ. ගඟ උඩහට වෙන්නට තමා ලොකු මැණික් තියෙන්නේ. ගංඟාවේ වැලි විශාල වශයෙන් මේ ප්‍රදේශවල ඉවත් කරනවා. පූගොඩ තොටුපොළ තමා කැලණි ගෙඟ් වැඩිම වැලි ඉවත්කරන ස්ථානය. අලූත් පාලම හැදුවාට පසුව තමයි වැලි හෑරීම නැවතුනේ. දැන් වැලි නැති නිසා මැණික්, රත්‍රං වගේ දේවල් මතුවෙනවා. පිටතින් පැමිණි පිරිස් මේ කාර්යය මහා පරිමාණයෙන් කළා. ඒ අයට වෛරෝඩි වගේ විශාල වටිනා මැණික් හමුවුන බවද කියනවා. ඔවුන් මෙහාට ඇවිත් කරන්නේ ගමේ පොඩි මිනිහාට අයිති දේ පැහැරගෙන යාමක්.”
මැණික් ගරන්නන් අසළට ගියද කිසිම අයෙකු අප වෙත තමන් ලද මැණික් ප්‍රදර්ශනය කිරීමට අකමැති වූහ. ඔවුහු කීවේ කිසිම දෙයක් නොලද බවය. ඒ බව මාධ්‍ය ඉදිරියේ සැඟවීමට ඔවුන් ගිවිසගත් ආකාරයක් පෙනී යයි.
කෙසේ නමුත් මැණික් ගැරීමේ යෙදී සිටින පිරිස දෙස බලන විට ඔවුන් ආර්ථික මට්ටමින් දුප්පතුන් බව පෙනී යයි. බොහෝ අය දිනය පුරාම එම කාර්යයේ යෙදී සිටිය ද දවසටම හසුවූ දෙයක් නොමැති තරම්ය.
කෙසේ වෙතත් පූගොඩ ජනතාවට රංවල දෙවියන් දුන් මැණික් වරම කොල්ලකන්නට පාතාලය පවා මෙම ස්ථාන ආක්‍රමණය කර ඇති බවද කියැවේ. බස්නාහිර පළාත් ඡන්දය පැවැත්වෙන නිසා ඍජුවම දේශපාලකයින් මෙයට සම්බන්ධ නොවුවද වක්රානුකූලව මෙම සිද්ධි සමග දේශපාලන සබඳකම් ඇති බවද ජනතාව විශ්වාස කරයි.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රත්තරන් මතුවූ කැලණි ගං ඉවුරෙන් මැණික් ඉල්ලමක් මතුවෙලා
රුවන් Thursday, 20 March 2014 03:17 PM
කාට කාටත් හරියනවනම් අපි කැමති... (ත)
සාරංග Thursday, 20 March 2014 08:57 AM
වනිග ඔයා ඉරිසියා කාරය (අ)
වනිග Wednesday, 19 March 2014 06:54 PM
අනේ හොදයි තව මොනවා හරි දෙයක් තියෙනවා නම් එකත් අරගෙන කන එකයි ඇත්තේ (දී)
කසුන් කවුශල්‍ය Thursday, 20 March 2014 08:54 PM
ඇත්තෙන්ම.... සාමාන්‍ය මනුස්සයෙක්ට ඔළුව උස්සගන්න හම්බුවෙන මේවගේ අවස්ථාවලට සහයෝගයක් දෙන්න ඕනේ.... මෙව්වා මුර කරලා කෝටිපතියන්ටම වෙන්දේසි නොකර.... හැමෝම කැමති තමන් ඉන්නා තැනට වඩා පියවරක් හරි ඉහලට යන්න උත්සාහ කරන්නයි... මේ අයට අවස්ථාවක් දෙන්න ඕනේ.... (ත)
නලින් Friday, 21 March 2014 08:41 PM
අනේ හොදයි අපේ මිනිස්සුන්ට හරියනවා නම්.(නදී)
ෂිරාස් Friday, 21 March 2014 12:42 AM
ගමේ මිනිසුන්ට පමණක් මේක සිමා කරානම් තවත් ලොකු දෙයක්.(නදී)