IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රෙද්ද බැනියම මැතිසබයට ගෙන ආ මන්ත්‍රී

හිටපු ආද‌ායම් පාලකවරයකු මෙන්ම හිටපු උප කතානායකවරයකු වූ පියසේන තෙන්නකෝන් මහතාගේ 40 වැනි ගුණසමරු උත්සවය කිරිබත්ගොඩ නිග්‍රෝධාරාමයේදී අද (12) සවස 5.00 ට පැවැත් වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පියසේන තෙන්නකෝන් ළදරුවා සබරගමු පළාතේ රුවන්වැල්ල ග්‍රාමයට නුදුරු ගලපිටමඩ නම් ගමෙහි 1917 දී උපත ලැබීය. මොහුගේ පියා වූයේ එවකට ගලපිටමඩ තැපැල් ස්ථානාධිපති මුදලිහාමි තෙන්නකෝන් මහතාය. ගලපිටමඩ ග්‍රාමීය පාසලෙන් ඉගෙනීම ආරම්භ කළ මොහු 1927 පවත්වන ලද ලංකාවෙහිම ගම්බද ශිෂ්‍යයන් පස්දෙනෙකු පමණක් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා තේරීමට පවත්වනු ලැබූ ‘ඩැන්හැම්’ ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු පස් දෙනා අතරට තේරීපත් වී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලු වීමේ වරම් ලබා ගන්නට හැකි විය. මෙහිදී 1931 ආනන්ද විදුහලේ පවත්වන්නට යෙදුණු ශිෂ්‍යත්ව විභාගයෙන් ද ප්‍රමුඛයා හැටියට සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ‘කේම්බ්‍රීජ් ජූනියර්’ හා ‘කේම්බ්‍රීජ් සීනියර්’ යන විභාගවලින් ද ගෞරව සහිතව සමත් වීමටම හැකි විය. ඒ නිසා ඔහුට 1936 දී රජයේ සේවයට ඇතුළුවීමට අවස්ථාවව උදා විය.

ඒ අතරතුර පවත්වන ලද ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ‘ඉන්ටර් ආර්ට්ස්’ විභාගයෙන් ද සමත් වීම නිසා 1941 පවත්වන්නට යෙදුණු ආද‌ායම් පාලක නිලධාරි තේරීමේ විභාගයට ද පෙනී සිටි අතර එයින් ද ප්‍රමුඛයා ලෙස සමත් වීමට ඔහුට හැකි විය.

1941 සිට ආද‌ායම් පාලක නිලධාරිවරුන් පත්කිරීමේ ප්‍රතිපත්තිය උඩ පළමුවරට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුව මහනුවර හා පාත හේවාහැට ප්‍රදේශයේ හා අවසන් වරට රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න කෝරළයේ ද රජයේ ආද‌ායම් පාලක නිලධාරිවරයෙකු ලෙස (DRO)  1952 දක්වා සේවය කළේය.

මෙම පාලන කාලය තුළ හත්වන ලෝක තරුණ උළෙලේ විධිවිධාන සකස් කිරීම සඳහා ජිනීවාහි පැවැත්වෙන අන්තර්ජාතික විධායක මණ්ඩල රැස්වීමට ලංකාවේ නියෝජිතයා වශයෙන් සහභාගි විය. 1958 මහජන චීනය බලා ගිය පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ නායකයා වශයෙන් ක්‍රියා කළ අතර චීන අගමැති චෞ එන්ලායි සමග කළ සාකච්ඡා මෙහෙය වීය.

පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණට බැඳී 1960 මාර්තු මස පවත්වන ලද මහා මැතිවරණයේදී සෙංකඩගල ආසනයට එම පක්ෂයේ අපේක්ෂකයකු ලෙස තරග කළේය. මෙහිදී තියුණු තරගයකින් ඒක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

සෙංකඩගල මන්ත්‍රී වශයෙන් තේරී පත්වූ ෂෙල්ටන් රණරාජා මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වීම නිසා මොහු 1965 මැතිවරණයේදී නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස සෙංකඩගල ආසනයට තරග කළේය. නමුත් ජයගත නොහැකි විය. මෙයින් පසුව 1968 දී මහනුවර නගර සභාවේ වටපුළුව කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් එම ප්‍රදේශයේ දියුණුවට ඉමහත් සේවාවක් සිදුකරන ලදී,

1965 දක්වා හේවාහැට ආසනය නියෝජනය කළ ටී.බී. ඉලංගරත්න මහතා කොලොන්නාව අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසා 1967 න් පසු සෙංකඩගල ආසනයට අමතරව හේවාහැට ආසනයේද සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේය.

මේ කාල වකවානුව තුළ පොදු ජනතාවට හිතකාමී ලෙස සේවය කිරීමට යාමේදී මොහුගේ ජනප්‍රියතාවය නිසාම එවකට පැවැති රජය විසින් කිහිප පොළකට ම ස්ථාන මාරු කරන ලදී. මෙයින් පැහැදිලි වූයේ තම කැමැත්තට අනුව අවංක මහජන සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන බවයි. එම නිසා ඔහුගේ විශ්‍රාම අයිතිය පවා ඉවත දමා (ඒ වෙන විට එකල මූලික වැටුප රුපියල් 640 කි) රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී මෙරට ආර්ථික හා දේශපාලන බංකොලොත්භාවය කරා ගෙන යාමට තැත්කරන එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දේශපාලන රණබිමට ඉදිරිපත් විය. මේ සඳහා පිටුවහලක් ලෙස නීතිය හැදෑරීමට ද පටන් ගත්තේය. 1956 වන විට අධිනීතිඥවරයෙකු ලෙස පළමු පෙළ ගෞරව සම්මාන සාමාර්ථයක් ද ලබමින් සමත් වීමට හැකි විය.

මොහුගේ ප්‍රථම දේශපාලන ආගමනය වූයේ 1952 දී පැවැති මැතිවරණයේදී ගලහ ආසනයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමයි. මෙම අවස්ථාවේදී ස්වාධීන අපේක්ෂකයෙකු වුවද සෑහෙන්න ඡන්ද සංඛ්‍යාවක් ගනිමින් ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට තරගයක් දීමට ඔහුට හැකි විය.

1954 ඔක්තෝබර් මස පවත්වන්නට යෙදුණ මහනුවර ඡන්ද කොට්ඨාසය සඳහා වූ අතුරු මැතිවරණයට ඔහු ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. මෙයට හේතුව වූයේ 1952 දී තේරී පත්වූ ඊ.එල්. සේනානායක මහතාට ඡන්ද පෙත්සමකින් ආසනය අහිමි වීමය. මෙම අතුරු මැතිවරණ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ජයගත හැකි වූයේ වැඩි ඡන්ද 399 කිනි.

එයින් පසුව නැවතත් මැතිවරණයක් පවත්වන්නේ 1956 දීය. මෙම මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස මහනුවර ආසනය සඳහාම ඉදිරිපත් විය. මෙම අවස්ථාවේදී ඔහුගේ ජනප්‍රියතාව හා අවංකත්වය මත තියුණු තරගයකින් පසුව 1956 දී මහනුවර ආසනය ජයග්‍රහණය කිරීමට හැකි විය. ඔහුගේ දැනුම හා උගත්කම නිසාම මහනුවර දිස්ත්‍රික් සංවිධානය විධිමත් කිරීමට එවකට පක්ෂ නායක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මොහු පත්කරනු ලැබිණි. 1970 මහ මැතිවරණයේදී හේවාහැට ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය තීරණය කළේය. එයට හේතුව වූයේ මොහු ආද‌ායම් පාලකවරයෙකු ලෙස (DRO) හේවාහැට ප්‍රදේශයට ඉමහත් සේවාවක් කර තිබූ නිසා එම ප්‍රදේශයේ ජනතාව අතර තිබූ ජනප්‍රියතාවයි. 1970 මැතිවරණයෙන් එම ආසනය ජයගත් අතර 1977 දක්වා හේවාහැට මන්ත්‍රී වශයෙන් එම ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදුකළේය.

මොහු විසින් සිදුකරන ලද අවංක සේවය මහනුවර සෙංකඩගල හේවාහැට ජනතාව විසින් ඉමහත් ඇගයීමට ලක්කරන ලදී. ඊට හේතු වූයේ මොහුගේ අවංක හා නිහතමානී සේවයයි. කිසිම අවස්ථාවක කිසිදු දෝෂාරෝපණයට ලක් නොවූ ඔහු 1977 දී පරාජයේදී පවා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මොහුට ඉමහත් ගෞරවයක් දක්වන ලද අතර 1977 කුප්‍රකට මැතිවරණ හිංසා සමයේදී කිසිදු දේශපාලන හිංසාවකට ලක් නොවීය.

1982 පෙබරවාරි මස පාර්ලිමේන්තුවේදී කෙරුණ ශෝක ප්‍රකාශ යෝජනාවේදී මැති ඇමැතිවරුන් (එද‌ා එජාප) ප්‍රකාශ කළේ ද මොහුගේ අවංක හා කාර්යක්ෂම සේවයයි. පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා ඇමැති වින්සන්ට් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ඉතා අවංක, කාර්යක්ෂම, දුප්පතා වෙනුවෙන් ක්‍රියාකළ අසාධාරණයට දූෂණයට විරුද්ධව ක්‍රියා කළ අයෙකු බවයි.

මෙහිදී සඳහන් කළ යුතු කරුණක් වන්නේ අධිනීතිඥවරයෙකු ලෙසින් කිසිදු අවස්ථාවක ඔහු සේව්‍ය පක්ෂය වෙනුවෙන් පෙනී නොසිටි අතර සේවක පක්ෂයට වන අසාධාරණයන් වෙනුවෙන් බොහෝ විට පෙනී සිටියේ මුදල් අය කිරීමෙන් තොරව බවයි. මන්ත්‍රී ධුරය දරන කාලය තුළදී උසාවියේ නීතිඥ කටයුතුවලට සහභාගි නොවූ අතර සම්පූර්ණ කාලයම ජනතා සේවය වෙනුවෙන් කැප කළේය. කම්කරු විනිශ්චය සභාවලදී මොහු ඉතා ජනප්‍රිය නීතිඥයෙකු විය. මොහුගෙන් මහනුවර සෙංකඩගල හේවාහැට ප්‍රදේශවලට වූ සේවාව එම ප්‍රදේශයේ ජන හදවත් තුළ සද‌ා නොමැකී පවතිනු ඇත.

 

(***)

දියණිය සුජාතා තෙන්නකෝන් හේමසිරි



අදහස් (0)

රෙද්ද බැනියම මැතිසබයට ගෙන ආ මන්ත්‍රී

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2851 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12033 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 931 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site