උන්නත් දාහයි මළත් දාහයි යනුවෙන් කියමනක් තිබේ. ඒ වටිනාකම පැරැණියන් තබා ඇත්තේ අලියාටය. නැත්නම් ඇතාටය. ඇතා මළත් උගේ දළ අඩුතක්සේරුවට නොයයි. ජීවත්ව සිටින ඇතා සමානවම මරුණ විට උගේ දළ වටී. දළ පමණක් නොව උගේ ඇටකටුවක පවා ඒ වටිනාකම ඇත. සැබැවින්ම ඒ බව පසක් වූයේ ඉකුත්දා නරඹන්නට ලැබුණ අලි කෞතුකාගාරයකදීය.
රන්දෙනිය ඇත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින මාලිගාවේ ඇතෙක්. |
අලි ගැන ඇල්මක් දක්වන විදේශ සංචාරකයන් සියදහස් ගණනක් දිනකට නරඹන මේ අලි කෞතුකාගාරය පිහිටා ඇත්තේ රඹුක්කනය. කෑගල්ල නගරය පසුකොට මහනුවර පාරේ කිලෝමීටර දෙකක පමණ දුර යද්දී වමට ඇති පාර රඹුක්කන පින්නවල අලි අනාථාගාරයටය.
පින්නවල අලි අනාථාගාරය හමුවන්නට කලින් මෙම අලි කෞතුකාගාරය හමුවෙයි. ඒ රන්දෙනිය නමැති ගමේය. අප මෙහි යන අවස්ථාව වන විට ද විදේශික සංචාරකයෝ විශාල පිරිසක් මෙම කෞතුකාගාරය නරඹමින් සිටිනු දක්නට ලැබුණි. ඇතාගේ වටිනා දළය පොලිෂ් පිරිමැද දිලිසි දිලිසී ඇත්තේ රජමැදුරු නැත්නම් සිටුමැදුරුවලය. ඒත් මේ කෞතුකාගාරයේ ඇත්තේ ඇතාගේ අලියාගේ ඇතින්නගේ ඇටකටුය. ලංකා ඉතිහාසයේ ඓතිහාසික අලි ඇතුන්ගේ හිස්කබල් මෙන්ම ඇටකටු මෙම කෞතුකාගාරයේ දී දැකගත හැකිය.
මෙම අලි කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් මගිනි. එය හැඳින්වෙන්නේ ”මිලේනියන් එලිපන්ට් ෆවුන්ඬේෂන්” නමිනි. එහි සභාපති කාමිනී සමරසිංහ මහත්මියයි. උපසභාපති සබරගමුව පළාත් සභාවේ එ.ජා.ප. මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතාය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ඡුන්ද කොට්ඨාසයේ සංවිධායකවරයාද වෙයි. ජාතික යොවුන් පෙරමුණේ කෑගලූ දිස්ත‍්‍රික් නායකයාද ඔහුය. ඔහු කියන කතාව තම පක්ෂයේ අලියා ගැන නොවේ, ලෝකයේ අලියාට තියෙන තැන ගැනය.
”මා ඉපදුනේ අලියට ආදරය කරන දරුවෙක් හැටියට. මිලේනියන් එලිපන්ට් ෆවුන්ඬේෂන් අද ජාත්‍යන්තරය පිළිගත් රාජ්‍ය නොවන සංවිධානයක්. මගේ අම්ම මේ සංවිධානයේ සභාපති. මම උපසභාපති වෙලා ඉන්නෙ උපන්දා ඉඳල අලිත් එක්ක හැදුන වැඩුනු දරුවෙක් හැටියට.
මගෙ තාත්තා අලින්ට පුදුම ආදරයක් තිබුණ කෙනෙක්. මා උපදිනකොටත් එයාට අලි විස්සක් විතර ඉඳල තියෙනවා. එයා අලි පාවිච්චි කළේ වහල්ලූ වගේ ඒ ගොල්ලන්ගෙන් වැඩගන්න ධනපති ආකල්පයෙන් නොවේ. ගමේ මිනිස්සු සුරතලේට බල්ලො බලල්ලූ හදනවා වගේ සුරතලේට ආදරේට තමයි මගෙ තාත්තා අලි හැදුවෙ.
චීනයේ වල් අලි 5 දෙනකු හීලෑකොට චීනයේ සියැන්රියැන් සත්තු වත්තට බාරදුන් මොහොත. සන්දිත් සමරසිංහ මහතා සමඟ බණ්ඩා, උපාලි සහ පියසේන යන ඇත් ගොව්වෝද වෙති. |
ගමේ ප‍්‍රදේශයේ මිනිස්සු එයාට ආදරේ කළෙත් ඒ නිසාමයි. ඒ නිසාමයි ඒ අය අපේ තාත්තා ගම් සභාපති හැටියට 1960 දී පත්කර ගත්තෙ. එදා ඉඳල එයා 1977 වනතෙක් පින්නවල ගම් සභාවෙ සභාපති හැටියට සේවය කළා ආරියනන්ද සමරසිංහ.
එතුමාගෙ සංකල්පයක් තමයි පින්නවල අලි අනාථාගාරය. එදා සංචාරක ඇමති පී.බී.ජී. කළුගල්ල මහත්මයා. අලි කියන්නෙ ජාතියක රටක ඉහළම සත්ව සම්පත. මේ සම්පත ආරක්ෂා කරගන්න ඕනෑ. හේන් ගොවියා සමග නිරන්තර අලි ගැටුමක් පවතිනවා. මේ ගැටුමෙන් ගොවියා ජයගන්නෙ අලියාට පහරදීමෙන්, වෙඩි තැබීමෙන්, මදු උගුල් ඇටවීමෙන්. මේ නිසා තුවාල වුණ අලි ඇතුන් කොතෙකුත් කැලෑවල දුක් විඳිනවා. දුක් විඳල මැරිල යනවා.
අප මේ අය ආරක්ෂා නොකළොත් අපේ අලි සම්පත නැතිවෙලා යයි. එහෙම වුණොත් අලි බලන්න ලංකාවට එන සංචාරකයන්ට සංචාරක ඇමති හැටියට ඔබ පෙන්වන්නෙ මොනුන්ද? මේ විදිහට අදහස් පළකළ අපේ තාත්තා අලි සංරක්ෂණ ආයතනයක්, අලින්ට ඉස්පිරිතාලයක්, අනාථාගාරයක් ඇති කිරීමේ වැදගත්කම ගැන කියාදුන්නා. කළුගල්ල ඇමතිතුමා ඒ අදහස පිළිගත්තා. පසුව පින්නවල ගම්සභාපති හැටියට අපේ තාත්තා තමන්ගෙ ප‍්‍රදේශයේ රජයට අයත්ව තිබුණ අක්කර විසිපහක ඉඩමක් මේ සඳහා ලබාදුන්නා. පින්නවල අලි අනාථාගාරය ආරම්භ වුණේ එහෙමයි.
එංගලන්තයේ ජෙමා |
සන්දිත් සමරසිංහ |
මම විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධියක් ලබාගත්තත් මට රැුකියාවකට යන්න හිතදුන්නෙ නෑ. පුංචිදා ඉඳල ජීවත්වුණ අලින්ගෙ ඇසුර දාල යන්න මට බෑ. මට ආඩම්බරයෙන් කියන්න පුළුවනි අද මම අලින් පිළිබඳ විශේෂඥයෙක්. අදත් අපට තියන ලොකුම ප‍්‍රශ්නය අලි-මිනිස් ගැටුම නිසා අනාථවන වල් අලින්ගෙ ප‍්‍රශ්නය.
අපි මුලින්ම අතගැසූ ප‍්‍රශ්නය තමයි මහවැලියට කැලෑ එලිවෙද්දී යනඑනමං නැතිවුණ අලින්ට පිහිටවීම. ගල්ගමුව කැලේ ජීවත්වුණ අලින්ට එදා කැලයක් නැතිවුණා. ඒ වෙලාවෙ අපේ තාත්තා අලි අල්ලන බලපත‍්‍රයක් අරගෙන අලි විස්සක් විතර අල්ලගෙන අපේ ගෙදර ගෙනාවා. ඔවුන් ජීවත් කළා.
වල් අලියෙක් අල්ලගෙන හීලෑකිරීම ලොකු වගකිවයුතු ප‍්‍රශ්නයක්. මට ඒක එච්චර අමාරු නෑ. වෙඩි වැදී හෝ වෙනත් ආපදාවක් වෙලා වල් අලියෙක් කැලේ ඉන්නව කියල දැනගත්තොත් යනවා. ඒ සඳහා මා සමග හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි ඒ අලියව ගෙනත් සුවපත් කරනවා. අපේ පදනමේ මූලික කාර්යය ඒකයි.
මා රටවල් කීපයක ගිහින් වල්අලි හීලෑ කරල දීලා තියෙනවා. එය හරි අමාරු කටයුත්තක්. අපේ අලි භාෂාව තමයි අපි ඔවුන්ට හුරුකරන්නෙ. ඊට පස්සෙ ඒ රටේ මිනිස්සුන්ටත් ඒ අලි නඩත්තු කරන්න අපේ භාෂාව පුරුදු කරන්න ඕනෑ. මා හිතනවා අදටත් ලංකාවෙ වනසත්ව දෙපාර්තමේන්තුවෙ අලි හීලෑකිරීමේ බලපත‍්‍රයක් තියෙන්නෙ මට විතරයි. අද ඒකටත් දේශපාලන බලපෑම් ඇවිත් තියනවා. නමුත් ලංකාවෙ අලියාගේ අයිතිය දියකරන්න අප ඉඩතියන්නෙ නෑ.
මෙතනදි විශේෂයෙන් සඳහන් කළයුතු දෙයක් තිබෙනවා. වනසංරක්ෂණ සංගණනවලට අනුව අපට තවම වල් අලි හාරදාහක් විතර ඉන්නවා. හීලෑ අලි ඉන්නෙ 130 ක් විතර. මේ අලි බර වැඩවලට යොදාගෙන තිබෙනවා. මේ අලි 130 න් සියයට තිහක් විතර යොදාගෙන තියනවා විදේශිකයන්ගේ අවශ්‍යතා සඳහා. විදේශිකයන් අලි පිටේ යන්න දැඩි ආශාවක් දක්වනවා. අපි අපේ සංවිධානය කටයුතු කරන්නෙ අලි රෝහලක් හැටියට. මාලිගාවෙ ඇතත් මේ දවස්වල කකුලෙ අමාරුවකට අප ළඟ ප‍්‍රතිකාර ලබනවා.
විදේශිකයන් අලි පිටේ ගෙනයාම අද සංචාරක ව්‍යාපාරයේ ආදායම් මාර්ගයක් වෙලා. අපේ අලි රෝහලේ නඩත්තුව සඳහාත් ඒ මගින් ආදායමක් ලැබෙනවා. නමුත් මේ ආදායමත් අසාධාරණ විදිහට අලියාගේ සම්පත සූරාකෑමක් බවට පත්කරගෙන තිබෙනවා. ප‍්‍රධාන එකක් තමයි මේ වැඬේට අලින් යොදාගන්න බොහෝදෙනකුට ඒ සඳහා භූමියක් නෑ. ඔවුන් විදේශිකයන් පටවාගත්ත අලි මහ පාරෙ තාර පාරෙ දක්කනවා. වනසත්ව නීතිරීති අනුව මෙය නීතිවිරෝධියි. සමහරු අලියගෙ පිටේ කූඩ බඳිනවා. මේ කූඩයට විදේශිකයන් හත් අටදෙනා පටවගෙන යනවා. සල්ලි කෑදරකමට අලියට එහෙම කරන්න හොඳ නෑ.
අලියට නිල 96 ක් තිබෙනවා. එයින් වැඩිහරියක් තියෙන්නෙ පිටේ. කූඩ බැඳිල්ල නිසා පිටේ මෙම නිලවලට අනතුරුවෙලා අලියා ලෙඩවෙනවා. එහෙම ලෙඩවුණ අලීන් ගණනාවක් අපේ අලි රෝහලට ගෙනත් තියනවා. සුවපත් වුණාම අරන් ගිහින් නැවතත් කූඩ බඳිනවා.
මේ වගේ මේ රටේ ඉන්න අලි සම්පතට පුදුම අසාධාරණයක් සිදුවී තිබෙනවා. නොදැනුවත් දේශපාලනයෙන් මේ සඳහා ඇති බලපෑම ජාතික අපරාධයක් බව අවසාන වශයෙන් සඳහන් කරන්නටයි අපට සිදුවී තිබෙන්නේ යැයි, සන්දිත් සමරසිංහ පළාත් සභා මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
අලින්ට ආදරය කරන විදේශිකයන්ද මෙම ස්ථානයේ නවාතැන් ගෙන අලි රෝගීන්ගේ උවැටන්වල ස්වේච්ඡුාවෙන් යෙදෙන අවස්ථා ඇත. එංගලන්තයේ සුදු ජාතික තරුණියක වන ”ජෙමා” මහත්මිය එවැන්නියකි. ඇය රන්දෙනිය අලි කෞතුකාගාරයේ නැවතී සිට අලින්ගේ සාත්තු සප්පායම්වල යෙදෙමින් සිටින්නීය.
පින්නවල ගම්සභාවේ හිටපු සභාපති ආනන්ද සමරසිංහ |
කාමනී සමරසිංහ |
කාන්ති ඇතින්නගේ ඇටසැකිල්ල. |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රඹුක්කන අලි කෞතුකාගාරය
බණ්ඩාර Wednesday, 01 May 2013 09:18 AM
ඔබගේ ආයතනයේ පරිපාලනය දියයුතු අපූරු කෙනෙක් රඹුක්කනම ඉන්නවා. ඔහු ඔබගේ ආයතනය සර්වප්‍රකාරයෙන් දියුණු කරයි. (නි)
ශමීල් Monday, 29 April 2013 06:57 PM
මම කැමති මේ වගේ සන්විදනයකට ඇවිත් වැඩ කරාන්න (අ)