![]() |
තනිව ගිය දුම්රිය එන්ජිම |
![]() |
දුම්රිය එන්ජිම රත්මලාන දුම්රිය යාන්ති‍්‍රක ඉංජිනේරු පරිශ‍්‍රයේදී |
රත්මලාන දුම්රිය ස්ථානයේ සිට ගාල්ල දෙසට සැතපුම් තුන්කාලක පමණ දුරක් දිවගිය පුද්ගලයෙක් ධාවනය වෙමින් තිබූ දුම්රිය එංජිමක එල්ලී ගොඩවිය. ඉබේ ධාවනය වෙමින් තිබූ එම එංජිම තිරිංග තදකර නතර කර ගැනීමට, පසුව ඔහුට හැකිවිය. මධ්‍යම රාත‍්‍රිය වුවත් ඒ අසල සිටි පිරිස ඉහළට ගත් සුසුම් රැල්ල සැනසිලි සහගතව පිට කළහ.
මේ චිත‍්‍රපටයක දර්ශනයක් පිළිබඳව කරනු ලබන සටහනක් ලෙස ඔබට සිතෙනු ඇත. එහෙත් එය චිත‍්‍රපට දර්ශනයක් නොවේ. සැබැවින්ම සිදුවූ දෙයකි. මාළිගාවත්තේ සිට රත්මලාන තෙක් රියැදුරකු රහිතව ධාවනය වූ ”ෂන්ටින්” දුම්රිය එන්ජිම නවත්වා ගත්තේ එහෙමය.
පසුගිය බ‍්‍රහස්පතින්දා අලූයම 1.15 ට පමණ මරදාන දුම්රිය අංගනයේ සේවක පිරිස සිරිත් පරිදි රාත‍්‍රී රාජකාරියේ යෙදී සිටියහ. අංගනය තුළදී දුම්රිය මැදිරි එහා, මෙහා කිරීමට යොදා ගන්නා ”වයි ක්ලාස්” (Y-class) එංජිම සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙනු එහි සේවකයන්ට දක්නට ලැබිණි. මැදිරි එහා මෙහා කිරීමට අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේ මේ දුම්රිය එංජිම සෙමෙන් ඉදිරියට ධාවනයවීම සේවකයන්ට පුදුමයක් විය. එංජිම ගෙන යන රියදුරා කවුද? එංජිම ධාවනය කරන්නේ කාගේ අනුදැනුම මතද? ක්ෂණිකව ඇතිවූ ප‍්‍රශ්න රාශියකි. ක්ෂණිකව අවබෝධ වූයේ රියදුරෙක් නොමැතිව මේ එංජිම ඉබේ ධාවනය වන බවයි.
වහා ක‍්‍රියාත්මක වූ සේවක පිරිස එදින සේවා සූදානම් නිලධාරී (ඔන් කෝල්) වශයෙන් සිටි නැවත පීලිගත කිරීමේ නිලධාරි ඉංජිනේරු අනුර සමරකෝන් මහතාට මේ බව දැනුම් දුන්හ. වහාම ක‍්‍රියාත්මකවූ සමරකෝන් මහතා මේ බව දුම්රිය පාලකට දැනුම් දී අංගනයේ ගිලන් රථයෙන් කාර්මික නිලධාරී ඩබ්ලිව්. උමංගගේ හා කළමනාකාර සහකාර ඉන්දික රොද්‍රිගෝ මහතා ප‍්‍රමුඛ සේවක පිරිසක් ගාලූපාර දිගේ පිටත් කර යැවීය. එම ගිලන් රථයට පිටුපසින් අනුර සමරකෝන් මහතා ද පිටත් විය.
කොළඹ සිට මොරටුව දක්වා දුම්රිය ස්ථානාධිපතිවරු, පාලක මැදිරිය හා ඉදිරියෙන් ගමන් ගන්නා ගිලන් රථයේ නිලධාරීන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අනුර සමරකෝන් මහතා උත්සාහ කළේ එංජිම ධාවනය වන මාර්ගයේ ආසන්නම දුම්රිය ස්ථානයට ළඟා වීමටය.
නිලධාරීන් රැගත් වාහන දෙක වැල්ලවත්ත පසුකරන විට එංජිම දෙහිවලට ළඟාවී තිබිණි. දැන් පහසුම ස්ථානය රත්මලාන දුම්රිය ස්ථානයයි. ඒ බව රත්මලාන දුම්රිය ස්ථානාධිපති සෝමසිරි කහඳවල මහතාට දුම්රිය පාලක විසින්ද දැනුම් දී තිබිණි.
ගිලන් රථය හා සමරකෝන් මහතාගේ වාහනය රත්මලාන දුම්රිය ස්ථානයට ළඟාවන විට එංජිම ද රත්මලාන දුම්රිය වේදිකාව පසුකරමින් ඉදිරියට ධාවනය වෙමින් තිබිණි.
දෙවරක් සිතන්නට අවස්ථාව නැත. කාර්මික නිලධාරී උමංගගේ මහතා එංජිම පිටුපසින් වේගයෙන් දිව ගියේය.
ඒ වනවිට වේලාව අලූයම 2.15 පමණ වන්නට ඇත. මගී දුම්රිය කිසිවක් ඒ වේලාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය නොවීම බලවත් වාසනාවක් විය. බඩු දුම්රියක් හෝ ධාවනය වූවා නම්, මෙම එංජිම ගැටී අති විශාල අලාභයක් සිදුවීමට ඉඩ තිබිණි.
මෙම එන්ජිම ධාවනය වූයේ දුම්රිය මාර්ගය හරහා මගීන් ගමන් ගන්නා අවස්ථාවක නම් මිනිස් ජීවිත ගණනාවක් හානිවීමට ද ඉඩ තිබිණි. දුම්රිය මාර්ගය අවට පදිංචිකරුවන්ද පසුවූයේ දැඩි නින්දකය.
පැයට කිලෝ මීටර් 5 ක පමණ වේගයෙන් ධාවනය වූ එංජිම පිටුපසින් දිව ගිය කාර්මික නිලධාරී ඩබ්ලිව්. උමංගගේ මහතා දැඩි අසීරුවකින් එංජිමට නැග ගත්තේය. එංජිමේ පහළම පඩියේ එල්ලූන උමංගගේ මහතා ක‍්‍රමයෙන් ඉහළ පඩිවල එල්ලෙමින් එංජිම තුළට පිවිස තිරිංග තදකර එංජිම නතරකර ගැනීම නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකිවිය.
උමංගගේ මහතා ඉංජිනේරු කොඩිකාර මහතාගේ උපදෙස් මත එංජිම ආපස්සට රත්මලාන දුම්රිය ස්ථානය කරා ගෙන ආවේය. අදාළ සියලූ අංශවලට දැනුම් දීමෙන් පසු, ඉහළ නිලධාරීන්ගේ නියමය මත එම එංජිම රත්මලාන දුම්රිය ස්ථානයේ පසෙක ගාල්කරනු ලැබීය.
ඉබේ ධාවනයවූ මෙම වයි ක්ලාස් දුම්රිය එංජිම සාමාන්‍ය මගී ධාවනය සඳහා වූ දුම්රියවලට යොදා නොගන්නා බව දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.බී. රත්නායක මහතා ”ඉරිදා ලංකාදීප”යට ප‍්‍රකාශ කළේය.
දුම්රිය සේවා කටයුතු සඳහා යොදා ගන්නා මෙම එංජිම බොහෝවිට දුම්රිය අංගනයේම රඳවා තබන්නකි. දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හෝ වෙනත් අලූත්වැඩියාවක් සිදුවන අවස්ථාවකදී සිල්බරකොට හෝ වෙනත් අවශ්‍ය බඩුමුට්ටු දුම්රිය මාර්ගයේ ප‍්‍රවාහනය කිරීම සඳහා මෙම එංජිම යොදවා ගැනීම සිදුවේ.
දුම්රිය එංජිමක් රියදුරෙක් නොමැතිව ධාවනයවීම අසාමාන්‍ය සිදුවීමකි. මීට වසර 15 කට පමණ පෙරද මෙවැනි සිදුවීමක් පිළිබඳව වාර්තාවේ.
මෙවර මෙම එංජිම ඉබේ ධාවනයවීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව ගමනාගමන අධිකාරි රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.
![]() |
නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී... |
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රියැදුරු නැතිව ඉබේ දුවපු ”හොල්මන්” දුම්රිය එන්ජිම
රජිතා Saturday, 14 December 2013 10:06 AM
තමන්ට තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන නිසා මෙවැනි දේවල් වෙනවා.(නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 09 December 2013 06:08 PM
මම පහුගිය සතියේ පත්‍රයක දුටුවා උසස් පොලිස් නිලධාරියෙකු පවසා තිබුනා රියදුරන්ගේ නොසැළකිල්ල වැනි දේ නිසා සිදුවන මරණ වැනි දේවල් පවා ඉදිරියේදී මනුෂ්‍ය ඝාතන ලෙසට වර්ගීකරණය කර නඩු පවරන බව. ජර්මනියේ මේ වැනි දෙයක් සිදු වුවහොත් වහාම නඩු පවරනු ලැබේ.මෙය දිවාකාලයේ සිදු වුණා නම් මෙය තව දුම්රියක හැපී සිදුවන ජිවිත සහ දේපල හානිය විශාල විය හැකිය. (නි)
සංතුෂ Tuesday, 10 December 2013 09:08 PM
කලියුග කාලෙට වෙන දේවල් (නි)
රොෂාන් Tuesday, 10 December 2013 11:58 PM
කරත්ත බාස්ලා නම් තමන්ගේ කරත්තේ නවත්වල තෝන් ලනුව රෝදේ ගැට ගහල, අඩ කොටේ (තිරින්කේ ) හරි තියනවා,, ඒ තමන්ගේ වගකීම නිසා,,,එයට වඩා ලක්ස කෝටි වාරයක් වගකීම ඇති දුම්රිය රියදුරන් වගකීම නොගන්න හැටි පුදුමය්,, ජනතාව අතින් සුළු දෙයක් උනානම් ඔය රියදුරෝ මෙලහකට වර්ජන....(ස)
චතුල Wednesday, 11 December 2013 05:19 PM
රටේ දැන් වෙන දේවල් සමග බැලූ විට මේවා සුළු දේවල් (නි)
අතුල Sunday, 08 December 2013 01:47 PM
කමිටු පත් කරලා මහජන මුදල් නාස්ති කරන්න එපා. එක ලිපියක තිබුන නියමක සහ සහයක දුම්බ්රිය එන්ජිමෙන් බැසගියා කියල, ඔවුන්ගේ නොසැලකිල්ලෙන් හෝ අතපසුවිමෙන් සිදුවුන වරදට බොරු වියදම් කරන්න එපා.තිරිංග ක්‍රියා විරහිත නම් පසුව නැගපු පුද්ගලයා කෙසේද නැවැත්තුවේ. රටවැසියන් මුලාකරන්න එපා.වේගය 5 ගිය දුම්රියට ගොඩවිම ලංකාවේ සියලුම දුම්රිය මගීනට ඉතාම සුලුදෙයක් .එවැන්නක් රජකරිමට්ටමින්නම් ලොකුකරලා ලොකුවට නම් ගහගන්න පුළුවන්.වරදවා තේරුම්ගන්න එපා.රියදුරා නිසියාකාරව තිරිංග තදකලානම් ඔයිට වඩා ලොකුවට වෙන්න වුනත් තිබුන අලාබහානි වලකාගන්න තිබුන. (ස)
නන්ද Friday, 13 December 2013 07:17 AM
දැන් පරික්ෂා කරලා ඵලක් වේවිද? (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 09 December 2013 03:29 PM
රියදුරු සංගමයෙන් අර රියැදුරා නැවත සේවයට ගන්න කියල තර්ජනය කරලා කියල ආරංචියි. බොරු කමිටු හදලා රියදුරාට සුදු හුණු ගාලා වැඩට ගනීවි. කාර්මික දෝෂයක් නැත්නම් රියදුරාගේ වරදක් නිසා මිස වෙන කාගේ වරදක්ද ? අඩුම තරමින් තමන් භාරයේ ඇති දුම්රිය එන්ජිම නැතිවුණා කියලා රියැදුරා වගකිව යුත්තන්ට දන්වලත් නැහැ. මොහු දුම්රිය එන්ජිමෙන් බැහලා ගිහින් නිදා ගන්න ඇති. හරි නම් මොහුට විරුද්ධව විනය පරීක්ෂණ විතරක් නෙවේ. අත්අඩංගුවට අරන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතුයි. මොහුගේ නොසැලකිල්ල නිසා ජිවිත කියක් නැති වෙන්න ඉඩ තිබුනද ? කෝටි කියක දේපල නැති වෙන්න ඉඩ තිබුනද ? (නදී)
වාසල Monday, 09 December 2013 04:23 PM
අතුල සහ ද සිල්වා මහත්වරුන් පවසන දේම තමා මටත් කියන්න තියෙන්නේ. (ස)
සිරිපාල Monday, 09 December 2013 09:45 AM
රජයේ සේවයේ නොසැලකිල්ල. නැතන්ම දුමුරිය සේවයත් තව ටික කලකින් බල්ලටම යයි.(නදී)
ඡානක රවී රත්නායක Saturday, 14 December 2013 09:58 AM
එන්ජිම හරියට නැවත්තුවා නම් ඕක වෙන්නේ නැහැ. දැන් බොරු හොල්මනක් ගැන කියල යමක් වසන් කරන්න හදනවා. ඕවා බොරු කතා නේද? (නදී)