IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රියැලිටි තරග අතරේ බින්න බැසගත් සුභාවිත ගීතය

(රත්නපාල ගමගේ - ස්විට්සර්ලන්තයේ සිට)

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය පිළිබඳව ජනතාව අතර වඩාත්ම කතාබහට ලක්වූයේ ඩ්‍රීම් ස්ටාර් 5 වාරයේ පැවැති තරගයයි. එම වසරේ කිරුළ හිමිකර ගත්තේ එම්.ජී. ධනුෂ්ක ය. ඔහු තැටි ගඩබාවක පැත්තකට විසිකර දමා තිබූ ”හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ” නමැති ගීතය ගයා එය රැයින් ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව උඩු යටිකුරු කළේය.

එම ගීතය කොතරම් ජනපි‍්‍රය වූවා දැයි කිවහොත් එම රාති‍්‍රය තුළ වාර්තාගත කෙටි පණිවිඩ සහිත මනාප සංඛ්‍යාවක් ඔහු ලබාගත්තේය.

තරගයෙන් පසුව ජංගම දුරකථන භාවිතා කරන අතිවිශාල පිරිසක් තම දුරකතනයේ ආරම්භ නාදය ලෙස මෙම ගීතය යොදා ගැනීමෙන් එම ජනපි‍්‍රයතාවය පැහැදිලිය.

මෙදා ඞී‍්‍රම් ස්ටාර් හත්වන තරග වාරය ආරම්භයේදීම ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව උණුසුම් වීමට හේතුවිය. ඊට හේතු වූයේ තරගයේ මූලික හඬ පරීක්ෂණයට සහභාගිවූ තරුණ තරගකරුවකු වූ සුනිර සුමංග ඩයස් විසින් අමරදේවයන් ගැයූ ගීතයක් ගායනා කිරීමත් සමඟමය.

ඔහු ගායනා කළේ අමරදේවයන් විසින් ගායනා කරනු ලැබ තිබූ ”කුමරියක පා සළඹ සැලූණා” යන ගීතයයි. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසානයේදීය.

පණ්ඩිත් අමරදේවයන් ජාතියට අහිමිවී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඔහු ගැයූ මේ ගීතයට විනිශ්චය මණ්ඩලයේ සිටි ප‍්‍රවීණ සංගීතවේදීන් හය දෙනෙකුම අත්පොළසන් දෙමින් තරුණ තරගකරුවාට සිය ආචාරය පුද කළහ.

එපමණකින් නොනැවතී ඔහුගේ මේ ගීතය ප‍්‍රචාරය වීමෙන් පසුව මුහුණු පොත හරහා අතිවිශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් මුල් ආරම්භයේදීම ඔහු වටා රොක්වන්නට වූහ.

මේ තරගකරුවාට අමතරව තවත් ප‍්‍රබල තරකරුවන් කීප දෙනෙක්ම මේ තරගවාරයේදී විනිශ්චය මණ්ඩලයට සොයාගත හැකිවිය. කනික එදිරිමාන්න, සලීන් කෞශල්‍ය, ප‍්‍රමෝත් ගනේආරච්චි, මහේෂා සඳමාලි, නිමල්කා උදයකුමාරි යන තරගකරුවන් මේ පිරිස අතර වූහ.

ලක්ෂයකට අධික තරුණ තරුණියන් සංඛ්‍යාවගේ කටහඬ පරීක්ෂණයකට ලක්කර දක්ෂයින් සොයා ගැනීමට මාස කීපයක් තිස්සේ දැඩි වෙහෙසක් ගත්හ. අවසානයේදී සුදුසු තරගකරුවන් 112 දෙනෙකු තෝරා එම පිරිසෙන් සුදුසුම තරගකරුවන් 48 දෙනෙකු තෝරා පේ‍්‍රක්ෂකයින් වෙත භාර කිරීම විනිසුරු මඬුල්ලේ කාර්ය භාරයයි.

විනිසුරු මඬුල්ලේ කටයුතු කරන්නේ ප‍්‍රවීණ සංගීතවේදීන්ය. පේ‍්‍රක්ෂකයින්ට සංගීතය පිළිබඳ මූලික දැනුමක් හෝ අනවශ්‍යය. අවශ්‍ය වන්නේ ගීතයක මිහිර විඳ ගැනීමට හැකි හොඳ කනක් සහ ජංගම දුරකථනයක් පමණක් හොඳටම ප‍්‍රමාණවත්ය.

පේ‍්‍රක්ෂකයින් බුද්ධිමත්ය. එලෙසම ඔවුන් අනුකම්පා විරහිතය. තරගකරුවන්ගේ අතීත කෙරුවාව ඔවුනට පලක් නොමැත. ඔවුනට අවශ්‍ය වන්නේ තරගකරුවන්ගේ අද කුසලතාවය පමණි.

අතිදක්ෂ තරගකරුවන් වූ සුනිර සුමංග, ප‍්‍රමෝත් ගනේආරච්චි, කනික එදිරිමාන්න, සලීන් කෞශල්‍ය, නිමල්කා උදයකුමාරි වැනි තරගකරුවන් අවදානම් කලාපයේ රඳවා තැබීමට පේ‍්‍රක්ෂකයින් කිසි විටෙකත් පසුබට වූයේ නොමැත.

ඞී‍්‍රම්ස්ටාර් කිරුළ දිනා ගැනීමට වේදිකාව තුළ කෑ මොරදීම අනවශ්‍ය බව අවසන් තරගය සඳහා ඉදිරිපත්ව සිටින තරගකරුවන් හය දෙනාම මේ වනවිට ඔප්පු කර හමාරය. එය මෙවර තරගයේ විශේෂ ලක්ෂණයකි. ඔවුන්ගේ ගායන විලාසය සැහැල්ලූය. හුස්ම පාලනය හා සමහර නාට්‍ය අලංකාර, වර්ණ ගැන්වීම, ස්වර හරඹය වැනි සංගීතයේ මූලික සිද්ධාන්තයන් අකුරටම පිළිපදිති.

තරගකරුවන් තාරුණ්‍යයේ චමත්කාරය හොඳින් පිළිබිඹු කරන පිරිසකි. ඔවුන් වැඩි නැඹුරුවක් ඇල්මක් සුභාවිත ගීතයට දක්වන බව ඔවුන්ගේ ගීත තෝරා ගැනීම්වලින් පෙනී යයි.

මෙවර තරගයේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ මීට පෙර තරග වටවලට වඩා මෙවර තරගය තුළ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත වැඩිම ප‍්‍රමාණයක් තරගකරුවන් විසින් ගායනා කිරීමය. ඊළඟ ස්ථානය සුජාතා අත්තනායක මහත්මියටත් හිමිය.

මෙවර සංගීත නිර්මාණය තරුණ සංගීතවේදියෙකු වන ලසන්ත කාරියවසම්ගෙනි. ඔහුගේ වාද්‍ය වෘන්දය සීමිත පිරිසකගෙන් සමන්විතය. පණ්ඩිත් අමරදේවයන්ගේ ”මින්දද හී සැර” නමැති ගීතය සුනිර සුමංග විසින් ගායනා කරනු ලැබීමෙන් පසුව මුළු විනිශ්චය මණ්ඩලයම තම අසුන්වලින් නැගිට ඔහුට ආචාර කළේය. එසේ ආචාර කරන ගමන් විනිසුරු මඬුල්ලේ සාමාජික නදීක ගුරුගේ මහතා කියා සිටියේ මේ ගෞරවයෙන් හරි අඩක් හිමිවිය යුත්තේ සංගීත ශිල්පීන්ට බවය.

මේ අනුව බලන විට දෙරණ රූපවාහිනිය ඞී‍්‍රම් ස්ටාර්ලා පමණක් නොව මේ වසරේ ”රිදම් ස්ටාර්ලාත්” බිහි කරන බව පෙනී යයි.

ඞී‍්‍රම්ස්ටාර් ඉතිහාසය වෙනස් කළ තවත් සිදුවීම් කීපයක් මෙවර දැකගත හැකි විය. අවසන් හොඳම තරගකරුවන් 10 දෙනා අතර තරග කළ දේශාන් විලේගේ නමැති තරුණයා විසින් ඔහුගේ ගායනයේදී ඉදිරිපත් කළ අමතර ශබ්ද තරංගයන් එවැනි වෙනස්කම් කළ දෑට අයත්ය. මීට පෙර තරගවාරවලදී මෙවැනි අත්දැකීමක් පේ‍්‍රක්ෂකයින්ට ලැබී නොතිබුණි. එය නිර්මාණාත්මක නැවුම් අත්දැකීමකි.

මව්පිය ගුණ වැනීම සඳහා තරගකරුවන් ඉදිරිපත් කළ ගීත ගායනා අවස්ථාව ඞී‍්‍රම්ස්ටාර් ඉතිහාසයේ ප‍්‍රථම වරට කඳුළින් තෙත් කිරීමට තරගකරුවන් සමත්වූහ. කනික එදිරිමාන්න සහ සුනිර සුමංග විසින් එම අවස්ථාව සනිටුහන් කළ අතර ප‍්‍රථම වරට විනිසුරු මඬුල්ලේ සාමාජිකයින්, පේ‍්‍රක්ෂකයින් සහ තරගකරුවන්ගේ දෑස් කඳුලින් තෙත් වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

රංගන ශිල්පියෙක් ලෙස ප‍්‍රකට අකිල ධනුද්දර නිවේදන ශිල්පියෙකු ලෙස ද ක‍්‍රමයෙන් පරිණත වන අයුරු ඔහු මේ මත පෙන්වා දී තිබේ.

කාමරයකට කොටුවී සිටින තරගකරුවන් සමඟ සෙල්ෆි ඡුායාරූප ගැනීම වැනි බොළඳ ශෛලියකට යොමු නොවී ඔහු මෙවර නව අත්හදා බැලීම් කීපයක්ම කර තිබේ. ඒ සංගීත ඇකඩමියේ රැුඳී සිටින තරගකරුවන්ගේ දෛනික කි‍්‍රයාකාරකම් හාරා අවුස්සා ඒවායේ රසවත් තොරතුරු පේ‍්‍රක්ෂකයින් වෙත සන්නිවේදනය කරන ආකාරය මනරම්ය.

තවත් අවස්ථාවක ඔහු ලාබාල තරගකරුවකු වන කනික එදිරිමාන්න මොහොතකට තාවකාලිකව ඞී‍්‍රම්ස්ටාර් නිවේදකයකු බවට පත්කරයි. තවත් අවස්ථාවක තරගකරුවන් ලවා වෙනත් කටහඬවල් උච්චාරණය කරවයි. මෙවර එවැනි දෑ නැවුම් සහ සාර්ථක අත්දැකීම්ය. පේ‍්‍රක්ෂකයින් මෙවැනි රසවත් දේට බෙහෙවින් කැමැතිය. ඒ නිසා ඔහු නව මානයේ නිවේදන ශෛලියක් මෙවර පෙන්නුම් කරන්නේ ඞී‍්‍රම් ස්ටාර්හි ප‍්‍රථම වරටය. ඔහු විසින් මේ ඉදිරිපත් කළ සාර්ථකම නිරූපනය ඉදිරිපත් කළේ දේශාන් විලේගේ හරහාය. කෝපයට පත්වූ අවස්ථාවක ඔහු දක්වන ප‍්‍රතිකි‍්‍රයාව පේ‍්‍රක්ෂකයින්ගේ සිත්ගත් හොඳම රූප රාමුවක් ලෙස හැඳින්විය හැකිය.

සුනිර සුමංග ගැයූ ගීත 3ක් සහ කනික එදිරිමාන්න ගැයූ ගීත දෙකක් ගැන සඳහන් කළ යුතුමය. සුනිර ගැයූ ”සුදු නෙළුම කෝ” ”චන්දෝ මා බිළිඳේ නුඹ නාඩන්” ”බිංදු බිංදු රන් ගෝමර මාලා” යන ගීතවල ස්වර හරඹය දෙස බලන විට මෙයට වසරකට පෙර අපෙන් වෙන්ව ගිය හෙලයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේවයන් සිහිවේ.

පණ්ඩිත් අමරදේවයන් ඔහු අපෙන් වෙන්ව යන්නට පෙර ඔහුගේ කටහඬ තවත් කිසිවකුට හෝ සොරාගත හැකි වන පරිදි සඟවා තිබුණේ දැයි සැකයක් මතු වන්නේ සුනිර සුමංග මේ ගීත ගායනා කිරීමේදීය. ඒ තරමට පණ්ඩිත් අමරදේවයන්ගේ කටහඬ නොමැති වුවත් ඔහුගේ ස්වර හරඹය නම් සුනිර සුමංග සොරකම් කර ඇති බව නම් කිව යුතුය. කනික එදිරිමාන්න ගැයූ ”ආදර හැඟුම්” ”ස්වර්ණ විමානෙට එහා ලෝකෙන්” යන ගීතයන්හි ගායනා ශෛලිය ද ඒ හා සමානමය.

 

 



අදහස් (12)

රියැලිටි තරග අතරේ බින්න බැසගත් සුභාවිත ගීතය

ජයරත්න Wednesday, 15 November 2017 03:18 PM

සුභාවිත ගීතයේ අවසානයට වගකියන්න ඕනෑ ටෙලිවිෂන් එකයි. ටෙලිවිෂන් එක කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණශිලිත්වය මොට කරන මාධ්‍යයක්. ගීතයේ රූප මැවෙන්න ඕන තිරයේ නෙමෙයි. අපේ මනසේ. මේ රියැලිටි වැඩසටහන් කරන්නේ තමන්ම බොර කරපු දියේ මාළු බාන එක. ඉහත ලියුම්කරුට විශාල චිත්‍රය අමතක වෙලා.

:       85       256

victor Wednesday, 15 November 2017 04:54 PM

මට නම් මුල ඉඳලම ස්ටාර් තරඟ වල ස්වභාවය ගැන පැහැදීමක් තිබුනේ නැහැ. ඒ තරඟ වලින් කරන්නේ සුපිරි තරු තේරීමක් නෙවෙයි, හොඳම අනුකාරකයින් තේරිමකුයි. ඉතාම අනවශ්‍ය විදියට වටිනාකම, ප්‍රසිද්ධිය දීලා කෙනෙකුව ඉදිරියට ගන්නවා, ඉන් පසු එම තැනැත්තාට තමන්ගේම කියල දෙයක් නැහැ, අනුන්ගේ දේවල් වලින්ම යැපෙන්නයි සිද්ධ වෙන්නේ. ජෝතිපාල සහ M.S. ගේ ගීත වලින් තොරව එයාලට පැවැත්මක් නැහැ. අන්තිමේදී ලොකු අපේක්ෂා භංගත්වයකට පත් වෙලා ප්‍රශ්නත් ඇති කරගෙන තමයි ඉදිරියට යන්න වෙන්නේ.

:       0       76

Malki Wednesday, 15 November 2017 09:03 PM

සැබෙවින්ම දක්ෂයා මහේෂා. මදුර හඬකුත් අති දක්ෂ ගායන විලාසයකුත් යන දෙකම තියෙන්නේ ඇයට පමණි .

:       353       66

ලුම්බිණි Thursday, 16 November 2017 12:10 AM

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය ඉතාම හොඳයි. අප එකල අගය කල ගීත වලට නව පරපුරේ තරුණ ගායකයන් පන දෙන එකට අප සියල්ල සතුටු විය යුතුයි. මෙවැනි තරඟ නැත්නම් මේ අයගේ හැකියාවන් කිසිවෙක දකින්නේ නැහැ.

:       42       103

himal Thursday, 16 November 2017 03:45 AM

විදෙස් රටක ඉඳන් ලංකාවේ එක් මාධ්‍යයක තියෙන එක් වැඩසටහනක් ගැන හරියට ලංකාවටම ඒක විතරයි තියෙන්නේ කියලා හිතාගෙන ලියලා තියෙනවා. මේ වැඩසටහන්වල ඉන්න සමහර විනිසුරන්ගේ හැසිරීම අන්තිමයි. තමන් විනිසුරන් විදිහට අපක්ෂපාතී වෙන්න ඕන. අනවශ්‍ය දැඟලිලි අවශ්‍ය නෑ. පණ්ඩිත් අමරදේව, ජෝතිපාල මහත්මයා වගේම මොහිදීන් බෙග් මහත්මයාගෙ කටහඬත් අනුකරණය කරලා ගීත ගායනා කරන අය බස් වලටත් නඟිනවා. ඒත් ඒ කාටවත් ගායකයො වෙන්න බැරි වුනා. මොකද කටහඬ කොපි කරාට කෝ තමන්ගේම කියලා නිර්මාණ?

:       8       138

pradeep Thursday, 16 November 2017 05:32 AM

අනේ අපෝ අපේ තරුණ පරපුරට දායාද කරලා තියෙන විනාසෙක මහත !!! එදා මේද තුර බිහිවූන ඩ්‍රීම් ස්ටාර්ල කෝ ? එයාලට තමන්ගේ කියලා අනන්‍යතාවයක් කෝ ? මෙයාලට හොද ගීතයක් රචනා කරලා දෙන්නේ කවුද ?

:       12       151

Upali Thursday, 16 November 2017 10:36 AM

මේ කමෙන්ට් කියවන කොට මට හිතුනේ අපේ අප්පේ මේ අතරෙ කොච්චර කුහක සිත් තියෙන අය ඉන්නවද? කියලා කව්රු කොහොම කිව්වත් මේ නාලිකාවලින් කැලේ පිපුණු මල් කැලේටම පර වෙන්න නොදී උපන් හැකියාවන් තියෙන තරුණ පරපුරට මේ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නට දොරටුවිවර කරලා තියනවා.

:       174       128

Manjula Enderamulla Thursday, 16 November 2017 10:53 AM

රත්නපාල ගමගේ මහතාගේ අදහසට එකඟයි. මෙම තරග කරුවන් කිනම් අවස්ථාවකදීවත් අනුකාරකයන් වෙන්න උත්සහ කරේ නෑ. ඔවුන්ට අාවේනික හඬින් ඔවුන් ගීතයට සාධාරණයක් ඉෂ්ටකරයි.

:       38       4

uplai Friday, 17 November 2017 12:07 PM

වික්ටර් මහත්මයා කියන පරිදි ඒ තරඟ වලින් කරන්නේ සුපිරි තරු තේරීමක් නෙවෙයි. හොඳම අනුකාරකයින් තේරීමකුයි. රත්නපාල ගමගේ - ස්විට්සර්ලන්තයේ සිට හොද කඩේක ගිහින් වගේ.. පුළුවනිනම් ගමට එන්න.

:       1       71

Mala Saturday, 18 November 2017 06:55 AM

මේ මිනුස්සු හරි ඊර්ෂ්‍යයි. මොකද තව කෙනෙක් කැපී පේනවට කැමති නැහැ. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි ඉතා වැදගත් විදියට කරන දක්ෂම තරඟ කරුවන් ඉන්න දක්ෂවිදියට නිවේදන කටුයතු කරන ප්‍රෝග්‍රෑම් එකක්...

:       109       4

කමනි Saturday, 18 November 2017 10:35 PM

මිනිස්සු මේ නවකයන්ට දොස් කියන්නේ කුහකකමට, ඉරිසියාවට නොවෙයි. අවුරුද්දකට විවිධ නාලිකාවලින් සුපිරි තරු සිය ගණනක් බිහි වෙනවා. ඉන්පසු හොඳ ස්වයං නිර්මාණයක් කර ගැනීමේ ශක්තියක් ඔවුන්ට තියනවාද? දක්ෂකම තිබෙන බව ඇත්ත. ඒත් ඊට පසු වෙන්නේ අනුන්ගේ සුභාවිත ගීත මංකොල්ල කන එක. ඒ නිසා මොවුන් එක රැයකින් පායා බැස යන තාරකා වගේ. අදටත් හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ කරන්නේ ගුවන් විදුලි සංස්ථාවෙන් පමණයි.

:       7       44

මහේෂ් Sunday, 19 November 2017 03:14 AM

කවුරු මොන කතා කීවත් හොඳ කටහඬවල් තියෙන ඒත් ඉදිරියට යන්න අවස්ථාවක් නැතිව හිටපු කොල්ලන්ට කෙල්ලන්ට හොඳ අවස්ථාවක් හදලා දෙන එක ගැන දෙරණ ඇතුළු ටීවී නාලිකාවලට ගොඩක් ස්තූති කරන්න කැමතියි.

:       22       12

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 393 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 36 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 158 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 202 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site