IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රයිසි... ලංකාවේ විදෙස් පිළිවෙත

අසර්බයිජානයේ සංචාරය කොට එද්දී ඉරාන ජනාධිපති වූ ඉස්ලාමීය දැඩිමතධාරි ඊබ්‍රාහිම් රයිසිගේ අති විශේෂ හෙලිකොප්ටරය කඩා වැටී ඔහු මරුමුවට පත්වූ නිසා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නට රජය උත්සුක වූයේය.

 හෙතෙම ‘‘ටෙහෙරානයේ’’ මස් වෙළෙන්දා යන අනුවර්ථ නාමයෙන් හැඳින් වූයේ 1988 මරණ  කොමිසමේ ඔහු සිදුකළ කාර්යභාරය නිසාය. එම කොමිසමෙන් දේශපාලන විරුද්ධවාදීන් දහස් ගණනකට මරණ දඬුවම නියම කෙරිණි. ඔහුට ගොදුරු වූවන් පෝරකය වෙත යැවීමට පෙර විනාඩි තුනක ව්‍යාජ නඩු විභාගයකට භාජන කෙරිණි. ඔහු දේශීය වශයෙනුත් වෙනත් රටවලත් පිළිකුලට භාජන වූයේය.  2019 දී ඇමරිකා එක්සත් ජනපදය රයිසිට සම්බාධක පැනවූයේ එවකට ඉරානයේ කොන්සවේටිව් පාලනය යටතේ පැවති අධිකරණය විසින් පුද්ගලයන්ට මරණ දඬුවම නියම කිරීම නිසාය. ඔවුහු එවකට අපරාධ හා වද බන්ධනයන්ට භාජනය කිරීම්වලත් අනෙකුත් කුරිරු අමානුෂීය දඬුවම් නියම කිරීම්වලත් ලා බාල වියේ පසුවූහ. ඉරාන සිර කුටිවල අත් පා කපා දැමීම් වැනි අංග ජේදනයත් ගජරාමෙට සිදුවිය. අවමානයට ලක් කෙරෙන දඬුවම් ද බහුල විය.

 හෙතෙම උත්තරීතර නායක අල් කුමේනිගේ සමීපතම විශ්වාසවන්තයකු වූ අතර කුමේනිගෙන් පසුව බලයට එන්නා  ලෙසද සැලකිනි.  ඔහු බලයට පත්වීමෙන් අනතුරුව රටේ සියලුම ආයතනවල පාලනය කොන්සර්වේටිව් දැඩි මතධාරීන් අතට පත්විය. ඒ සමගම ඉරාන රෙජිමය විරෝධතාකරුවන් ඝාතනය කරනු ලබන අතිශය කුරිරු පාලනයක් බවට වර්ධනය වූයේ මුහුණු ආවරණය නොපලඳින කාන්තාවන් සිපිරි ගෙවල් වෙත ගාල් කරමිනි.

නිසි පරිදි හිසකේ ආවරණය නොකළාය යන චෝදනාව එල්ල කොට ඉරාන සදාචාර පොලිසිය විසින් කුර්දීෂ් කාන්තාවක වූ මාහ්සා අමිනි සිරභාරයට ගැනීම නිසා ඉරාණය පුරා විරෝධතා පැන නැගිණි. ඉන් අනතුරුව නීත්‍යානුකූල භාවයෙන් තොර රජයක් වැනි පාලන තන්ත්‍රය විසින්  කුරිරු මර්දනයක් දියත් කෙරිණි. ඉරානයෙන් බලය පැවරුණු හමාස් කැරලි කරුවන් පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රාලයේ මහා පරිමාණ සංහාරයක් දියත් කොට ගෝලීය අවධානය වෙනතක යොමු කරන තුරු මෙම ක්‍රියාව සිදුවිය.

 සුන්නි විරුද්ධවාදීන්ට එරෙහිව ඉරානය විසින් භෞදීස්වරුන් ලවා යේමනයේ පවත්වා ගෙන යන යුද්ධය හේතුවෙන් යේමනයේ මානුෂීය බව සිහිනයක් බවට පෙරැළිණි. එවිට රතු මුහුද හරහා යන නැව් ඉලක්ක කොට සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිසයිල ප්‍රහාර එල්ල කළහ. වාසි පැත්තට පැනගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුහුදු සන්නිවේදන මාර්ග ආරක්ෂා කිරීමට එහි නැවක් පිටත් කර හැරියේය. ඔහුගේ ආණ්ඩුව ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේම ජනතාවට සතුරු කළ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි වූ ඒකාධිපතියාට අවසාන ගෞරව දක්වන්නට ශ්‍රී ලාංකිකයන්ට බල ක​ෙළ්ය. රනිල් වික්‍රමසිංහට ආවඩන ගැත්තන් එය රාජතාන්ත්‍රික භාවය ලෙස හැඳින් වුවද එය අතිශය මුද්ධ ක්‍රියාවකි. එය ගෝලීය වශයෙන් කොන් වූ අයකු බලය ඇති පැත්තට හොයියා කීමක් හා සමානය. මෙය ශ්‍රී ලංකාවේ ගරුත්වයට සිදුකරන දැවැන්ත හානියකි.

 එහෙත් ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම් පිළිබඳ දත්ත යම්තමින් හෝ දන්නා අයකුට ඒ ගැන කනස්සලු වීමට හේතු එමටය. එය ලේසියෙන්ම විනාශය කැඳවන ක්‍රියාවක් විය හැකිය. සුළු මැතිවරණ වාසියක් තකා මෙරට සිදු කරන එවැනි පහත් ගනුදෙනුවක් දීර්ඝ කාලීන විනාශය කැඳවන්නක් විය හැකිය.

 

වරණාත්මක සන්නිවේදනය හෙවත් තෝර තෝරා සහානුකම්පාව දැක්වීම.

තෝර තෝරා සභානුකම්පාව දැක්වීම පිළිකුල දනවන්නකි. රජයට ශ්‍රී ලාංකීය ජනතාව ලවා ශෝකය යුක්ති සහගත ලෙස පළ කළ යුතු යම් සිද්ධියක් මෑත කාලයේ සිදු වූයේ නම් ඒ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංහාරය සිදු වූ අවස්ථාවය. ත්‍රස්තවාදී කල්ලි විසින් පසුගිය දශක තුනක් තිස්සේ ඒ හා සමාන ප්‍රහාරයක් මෙරට මායිම් ගම්වල සිදු කරන ලදී. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ශ්‍රී ලාංකිකයන් ගොදුරු කරන ලදී. ඒවා අතිශය සහානුකම්පාව දැක්විය යුතුව තිබූ අවස්ථාය.

එහෙත් ශ්‍රී ලංකා රජය කිසිදු ශෝකය පළ කිරීමක් ඔක්තෝබර් 7 වැනිදා සිද්ධිය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළේ නැත. නෙළුම් පොකුණ ඊශ්‍රාල ජාතික වර්ණ වලින් ආලෝකවත් කළේ නැත. ශ්‍රී ලංකා රජය හමාස් සංවිධානයේ කුරිරු බව හෙළා නොදැක ලත වෙමින් පසුවී ඔක්තෝබර් 7 සිදු වූ ම්ලේච්ච ක්‍රියාව උදෙසා හමාස් සංවිධානය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය. එකී  ම්ලේච්ඡ ප්‍රහාරයේදී ඊශ්‍රායල වැසියෝ 1400 මිය ගියහ. විදේශ සේවකයෝ සහ ශ්‍රී ලාංකික සත්කාර සේවකයන් දෙදෙනෙක් ද ඒ අතර සිටියහ. එවැනි දෙපිටකාට්ටු කම් නිසා ඔක්තෝබර් 7 වැනිදායින් පසුව සිදුවූ සිද්ධි හෙළා දැකීමට ඇති සදාචාරාත්මක අයිතිය අහිමි වෙයි.  

 

හසරක් නොදැන වල්මත් වූ විදේශ ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති පණ්ඩිතයෝ තමන් නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යයි කියමින් පාරම් බාති. එහෙත් නිදහස ලබා ගත්දා පටන් මෙරටේ විදේශ ප්‍රතිපත්තිය බැඳී පැවතුණේ දේශපාලන නායකයන්ගේ අභිමතය හා ආසාව පරිදි මිස තර්කානුකූල හේතු මත නොවේ. ඔවුහු එක්කෝ ඵල රහිත ගෝලීය කතිකාවල වැඩිකල්  නොරඳන ප්‍රමුඛත්වයක් ගොඩ නගා ගන්නට උත්සාහ දැරුවෝය. නැතහොත් දේශීය වශයෙන් ඇතැම් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද ලබා සෑහීමකට පත් වූවෝය.

 

මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ තත්වයක් නොවේ.

ඔවුන්ගේ රටේ ජනතාව විදේශාධාර මත යැපෙමින් ලද දෙයින් සතුටු වෙද්දී, ගෝලීය රඟ මඬලේ මහා රාජතාන්ත්‍රියක් සේ රඟ පෑ තුන්වැනි ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ නම් සඳහන් දීර්ඝ ලැයිස්තුවක් ඇත. එසේම මෙය ජාත්‍යන්තර දේශපාලනයේ සහ ප්‍රායෝගික බව එකට ඝට්ටනය වන අවස්ථාවක් ද වේ. බලගතු ගුරු කුලය වූ යථාර්ථවාදීන් තර්ක කරනුයේ අරාජිකත්වයේ ජාත්‍යන්තර ක්‍රමය තුළ මහා බලවතුන්ගේ අනුකම්පාව මත කුඩා රාජ්‍යයන්ගේ පැවැත්ම රඳා පවතී යනුවෙනි. මන්ද යත් ඔවුන්ට ඇති බලය පැවැත්මේ මුලාශ්‍රය බැවිනි.

‘‘බලවත්හු තමන්ට හැකි දේ කරති. දුබලයෝ එවිට දුක් විඳිය යුත්තෝය.’’ වසර 2500කට පමණ පෙර පෙලොස්ජිනිසියානු යුද්ධයේ දී ඉතිහාසය තුළ තීසිඩිඩීස්  ලියූ මේ කියමන ඇලන් යථාර්ථයේ පදනම පරීක්ෂා කරන්නක් වෙයි. එහෙත් ප්‍රායෝගික වශයෙන් දෙවැනි ලෝක මහ යුද්ධයෙන් අනතුරුව සම්මතයක් පදනම් කරගත් ජාත්‍යන්තර පිළිවෙළ පරිනාමය වීම මගින් කුඩා රාජ්‍යවලට මහත් වාසි ගෙනදුන් අතර එම ක්‍රමය තුළ එය ඔවුන්ගේ පැවැත්මට මහෝපකාරි විය. ප්‍රතිමානය හෙවත් සම්මත පදනම් කරගත් පිළිවෙත් සම්මත පදනම් කරගත් පිළිවෙළෙන් තොරව එම ක්‍රමය පැවැත්ම කඩා වැටෙන්නට ඉඩ තිබිණි.

මෙකී ඉඩ ප්‍රස්ථාව බක පණ්ඩිතයන් කිහිප දෙනකු හැරෙන්නට කුඩා රාජ්‍යවල නායකයෝ භාවිතයට ගත්හ. නිරන්තරව තමන්ගේ ජීව රූපයටත් වඩා විශාල ලෙස දැරූ දුර්වල උත්සාහයන්ගෙන් ඔවුන්ගේ රටවල පොදු ජනයහපතටට සිදුවූ දෙයක් නැත. සීතල යුද්ධය පැවැති අවස්ථාවේ ධනවාදී හා සමාජවාදී කඳවුර අතර සහ ඉන් අනතුරුව චීනය හා බටහිර රටවල් අතර දෝලනය වූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දෙස යම් අයකු කඩිනම් බැලීමක් හෙළුවහොත් එවැනි එහා මෙගා මාරුවීම්වලට මග පෙන්වූ වැදගත් පරිභාහිර කම්පනයක් අයකුට දකින්නට නැත. ඒ වෙනුවට ඒවාට මග පෙන්වා ඇත්තේ දේශීය නායකයන්ගේ පෞද්ගලික දේශපාලන අභිමතාර්ථයන්ය. එකෙකු වෙනුවට තවත් අයකුට ඇලී ගැලී සිටිමෙන් තමන්ට වාසියක් අත්වෙතැයි ඔවුහු සිතුවෝය.

මේ වනවිට මෙම රජය ඉරානයේ මුල්ලාස්වරුනට අලි කරන දුබලකම් සපුරා ගැනීම, මූලික ගණන් බැලීමේ දී අත්‍යවශ්‍ය විදේශ ප්‍රතිපත්ති තීරණයකින් නොකරනමුත් අනිවාර්යයෙන්ම එයින් විදේශ ප්‍රතිපත්තිමය ප්‍රතිවිපාක ඇතිවනු නියතය. එය ළඟ එන ජනාධිපතිවරණය සැලකිල්ලට ගෙන ඡන්ද ලබා ගැනීමේ  අභිප්‍රායෙන් යොමු වූ තීරණයකි.

 

ආණ්ඩුව සපුරාලන්නේ කාගේ අවශ්‍යතා ද?

ඉරානය වනාහි ශියා ඉස්ලාමයේ ගෝලීය බල අධිකාරයකි. ආණ්ඩුව ඉස්ලාමය හා සුන්නි ඉස්ලාමය අතර නිකාය භේදය සියවස් 14ක් පැරැණිය. එයින් ආගම බලෙන් මැඬ පවත්වාගෙන ඇමරිකානු ඩොලර් ඛනිජ තෙල් නිසා මැද පෙරදිගට ගලා විත් මැද පෙරදිග පොහොසත් වීමත් සමග එයින් දේශපාලනික ඇඟවීම් ලැබිණි. ඉරානය සහ සුන්නි මුස්ලිම් ආධිපත්‍ය දරන සෞදි අරාබිය ඉරාන විප්ලවයේ පටන් එකිනෙකාට හරහට සිටි රටවල් වූහ. එම දෙරට බැඳිම් අලුත්වැඩියා කර ගත්තේ ඉතා මෑතකදීය. ශ්‍රී ලංකාවේ සිටින බහුතර මුස්ලිම්වරු සුන්නි මුස්ලිම්වරු වෙති. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ මුස්ලිම් පක්ෂවල සහ ප්‍රබල මුස්ලිම් ප්‍රජා කවයන්හි දේශපාලන වශයෙන් ක්‍රියාකාරි උගත් පිරිස් ශියා ඉරානයට නැඹුරුව සිටිති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සැලසුම්  සකස් කිරීමේ දී තමාට වාසිදායක ලෙස මුස්ලිම් ඡන්ද ලබා දෙතැයි සිතෙන මෙකි පක්ෂ හා ප්‍රභූ කවයන් දිනා ගැනීමට උත්සාහ කරයි. දිවංගත මුස්ලිම් කොංග්‍රස් නායක එම්.ඒ.එම් අෂ්රොෆ් අනුස්මරණය කිරීමට කෞතුකාගාරයක් කල්මුණේ ඉදිකිරීම පිණිස රුපියල් මිලියන 25ක ප්‍රදානයක් වෙන් කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. දිවංගත අෂ්රොෆ්ගේ පවුලේ අය ජනාධිපතිවරයාගේ මෙම ප්‍රදානය පිළිනොගෙන ප්‍රසිද්ධියේ දුරස්ථව පසුවෙති.. මියගිය ඉරාන නායකයා වෙනුවෙන් ශෝක වීම මෙකි කවය ඉලක්ක කරගෙන සිදු කරන ක්‍රියාවකි.

ඔහුගේ ඡන්ද ගණන් බැලීම එසේ වුවද මෙය ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුනට ප්‍රසිද්ධියේ කරන නින්දාවකි. ගෝලීය ගැටලුවක් අප අතරට ආනයන කර ගැනීමෙන් ඔවුන් දිනාගත හැකි යැයි ඔහු සිතයි. මින් පෙර පැවති රජය නියත වශයෙන්ම ඡන්ද දිනා ගැනීමේ අභිප්‍රායෙන් මඩනාලදුව වහාබ්වරුනට හා සලාෆිවරුනට ඔහුනගේ කොඳු නාරටි ශක්තිමත් කර ගැනීමට ඉඩ දුන්හ. ඉන් අනතුරුව ඒ හේතුකොටගෙන …සිදුවූ විරසකයෙන් මුස්ලිම්වරු මහත් සේ පීඩා වින්දෝය. මෙය ඉරාන ජනතාවගෙන් විශාල බහුතරයකට ද කරන්නා වූ නින්දාවකි. ඔවුනට අවශ්‍ය වූයේ දේශපාලන ඉස්ලාමයේ හුස්ම හිරකරන ග්‍රහණයෙන් මිදී ශිෂ්ටාචාර සම්පන්න සාමාන්‍ය රජයක් පත් කර ගැනීමය. මෙය ශ්‍රී ලාංකිකයන් බහුතරයක් අනතුරේ හෙළන්නා වූ භයානක සුදුවකි. රැඩිකල් කරණයේ සැබෑ විභවතාව සහ වාර්ගික ධ්‍රැවිකරණය සැලකිල්ලට ගත් විට ඒ බව පැහැදිලිය.

 

2024 මැයි 25 Daily Mirror පුවත්පතේ පළවූ Tragesy and Farce on a Day of Mourning

ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

 

(***)

රංග ජයසූරිය විසිනි



අදහස් (0)

රයිසි... ලංකාවේ විදෙස් පිළිවෙත

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 237 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 125 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 588 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 455 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 375 0

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 401 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site