මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රලේ රලේ මුහුදින් දමන දිය රලේ
බලේ බලේ රාසින් දෙවියන්ගේ බලේ
ගලේ කොටුව බින්දයි තිරිකුණා මලේ
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ හරහා යාත්‍රා කරන්නෙකුට ලවන මුසු සුළගින් නැහැවෙන සදාහරිත තුරු වදුලෙන් වැසුන අඩි තුන්සිය හැටක් පමණ උස්වු ගිරි හිස් තුනක් සහිත කන්දක් දැකිය හැකිවේ.
සොබා දහමේ අපූර්ව නිමවුමක් වු ගිරි ගිස් තුනක් සහිත මෙම කන්ද ඈත දියඹට පමණක් නොව, මෑත දියඹටද මනා සේ දර්ශනය වන අතර ආදි හෙළයා එය නාඹර ගෝණකුගේ හිසක් හා කන් ලෙස දිස්වන බැවින් එය ගෝකර්ණ පර්වතය ලෙසිනුත් සිව සමයවාදිහු එය මෙම ගිරි හිස් තුනක් සහිත පර්වතය පූජනීය කෝනේෂ්වරයාගේ පර්වතය ලෙස අර්ථ ගැන්වෙන සේ තිරුකෝණ මලෙයි ලෙසත් හැදින්වූහ. වර්තමානයේ ෆ්‍රෙඩි්‍රක් කොටුව නොහොත් කෝනේෂ්වරම් කොටුව ලෙසින් හදුන්වන්නේ එම ස්ථානයයි.
සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වු මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ සුන්දරතම ස්ථානයන් අතරින් එකක් ලෙස හැදින්වීම වරදක් නොවේ. රාවණා කපොල්ල නොහොත් පෙම් පිම්ම (ඛදඩැරි ිකසච) බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වු එහි පිහිටි තවත් සුවිශේෂි ස්ථානයකි.
රාවණා කපොල්ල වර්තමානයේ වඩාත් ප්‍රකට වී ඇත්තේ,පෙම් පිම්ම (ඛදඩැරි ීකසච) නමිනි. ලන්දේසි පාලන සමයේ නාවික හමුදා සෙබළෙකුට පෙම් බැදි මරීනා නමැති ලන්දේසි ජාතික තරුණියක් සිය ආදරවන්තයා නැව් නැග සිය රට යෑම දරාගත නොහැකිව මෙම ස්ථානයෙන් පැන සිය දිවි නසා ගැනිම හා ඊට පසු කාලීනව ප්‍රේම සබදතා හේතුවෙන් බොහෝ දෙනකු මෙම ස්ථානයෙන් පැන සිය දිවි නසා ගැණීම පෙම් පිම්ම (ඛදඩැරි ීකසච) නමින් හැදින්වීමට ආසන්නම හේතුව ලෙස සිතිය හැක.
ලෝකාන්තයෙන් පැන සිය දිවි නසා ගත් බි්‍රටෝ යුවළගේ කථාව තරම් මරීනා පෙම් පුවත ප්‍රකට නොවූවත්, ලන්දේසී යුධ සෙනෙවියකු වු කර්නල් ජේ.පී.තෝමස් මහතා විසින් රචිත “ද හිස්ට්‍රි ඔෆ් ටි්‍රංකෝමලී ” නැමැති ග්‍රන්ථයේ (ඔයැ ්‍යසිඑදරහ දf ඔරසබජදප්කැැ) ඉතාමත් අපූර්වට එම ප්‍රේමණීය කථා වෘත්තාන්තය සදහන් කර තිබේ.හැත්තෑව දශකයේ ප්‍රකට ගායකයෙකු වු එම්.එස්. ප්‍රනාන්දු මහතා විසින් ගායනා කර වඩාත් ප්‍රකට වු මරීනා... මරීනා... ඔබව අමතක වෙන්නෙ නැහැ... මරීනා මරීනා.. මම අයේ මෙහෙ එන්නෙ නැහැ..” ගීතයද මෙම ප්‍රේම වෘත්තාන්තය පසුබිම් කර ගනිමින් නිර්මාණය වූවක් බව දන්නේ ටික දෙනෙකි.
ලන්දේසි පාලන සමයේ මෙරට සේවය කළ ලන්දේසි සිවිල් නිලධාරියෙකු වු ප්‍රැන්සිස්කා වැන් රෙඞ්ගේ දියණිය වු මරීනා දුටු දුටුවන්ගේ සිත් කලඹවන තරමේ රුවකින් යුත් තරුණියක් වූවාය. ලන්දේසි පාලන සමයේ ත්‍රීකුණාමලය කොටුව වර්තමානයේ තරම් විශාලව ඉදිකර නොතිබුණත්, හමුදා කදවුරු සිවිල් පරිපාලන ආයතන සහ සිවිල් නිළධාරීන්ගේ නිල නිවාස යන සියල්ල ස්ථාපිත කර තිබුණේ, කොටු පවුර තුළය. ලන්දේසි
ආණ්ඩුකාර රයික්ලොෆ් වැන් ගෝඑන්ස් විසින් ක්‍රි.පූ. 1774 -1775 කාලයේ ගෝණගල් කන්ද මැදිකර “ශාන්ත ප්‍රේද්‍රික් ” නම් වු මෙම කොටුවේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ අතර ක්‍රි.පූ. 1679 දී ඔහුගේ කණිෂ්ඨ පුත් රයික්ලොෆ් වැන් ගෝවන්ස් විසින් අවසන් කර තිබේ.
සුන්දර තරුණියකු වු මරීනා වරක් දකින්නෙකුට දෙවරක් හැරී බලන්නට තරම් රූ සපුවකින් හෙබි තරුණියක් වූවාය. ලන්දේසි හමුදාවේ ප්‍රධාන හමුදා කදවුර පිහිටි ත්‍රීකුණාමලය කොටුව තුළ සිටි හමුදා නිලධාරීන් දහසකුත් අතරින් මරීනාගේ හිත දිනා ගැනීමට හැකිවූයේ, ඉතාමත් කඩවසම් සාමාන්‍ය නාවික හමුදා සෙබළෙකුටවීම දෛවෝපගත සිදුවීමකි. එකලද ත්‍රීකුණාමලය කොටුවේ අද මෙන් විශාල තිත්මුවන් රැළක් වාසය කර ඇති අතර, විනෝදය පිණිස මුව දඩයමේ ගිය මෙම නාවික සෙබළා කොටු බැම්මෙන් ඇද වැටී බරපතළ ලෙස අනතුරට ලක්ව තිබේ.
මෙසේ කොටු බැම්මෙන් ඇද වැටී දැඩි ලෙස තුවාල ලැබු නාවික සෙබළාට ඇප උපස්ථාන කර ඇත්තේ, ඒ ආසන්නයේ නිල නිවාසයක රැඳී සිටි සුන්දර මරීනාය. එහිදී ඇතිවන දැන හැඳුනුම්කම අවසන් වන්නේ, ඔවුනොවුන් අතර ගොඩ නැගෙන ප්‍රේමාන්විත බැදීමකිනි. සියලු දෙනාට හොර රහසේ මරීනා හා නාවික සෙබළා අතර ඇතිවන මෙම ප්‍රේම විජිතය ඉතා කෙටි කලක් තුළ කොටු බැම්මටත් වඩා සවිමත්ව ගොඩ නගන්නේ, ආදරයේ සුන්දරත්වය කදිමට වින්දනය කරමිනි.
කෙසේ වෙතත්, මරීනාගේ සහ නාවික සෙබළාගේ ආදර අන්දරය වැඩි කලක් යන්නට මත්තෙන් දස අත පැතිර යන්නේ, අද මෙන් නොව එදාද ආදරය අන්ධ බව පසක් කරමිනි.
ලන්දේසි රජයේ උසස් සිවිල් නිලධාරියෙකු වු මරීනාගේ පියා තම දියණියගේ හා නාවික සෙබළාගේ පෙම් පලහිලව්ව කන වැකීමත් සමග මහත් සේ කිපෙන්නේය. කඩවසම් හා තත්වයෙන් නිලයෙන් උසස් හමුදා නිලධාරීන් අපමණ සිටියදී, තමන්ගේ තත්වයට නොගැළපෙන අයකු සමග ප්‍රේම සබඳතාවක් ගොඩ නගා ගත් මරීනාට එරෙහිව පැනවිය හැකි සියලු තහංචි මරීනාගේ පාර්ශවයෙන් පැනවෙන්නේ නිතැතිනි. එහෙත් ඒ තහංචි කිසිවක් ඔවුන්ගේ ආදරයට බාධාවක් නොවු අතර, ඇතැම් දිනවල රාත්‍රී කාලයේ පවා නාවික සෙබළා බෝට්ටුවක නැගී මරීනා සොයා කොටුවට පැමිණිමට තරම් ආලය අන්දවී තිබුණි.
සියලු දෙනාග් ඇස් වලට වැලි ගසමින් මරීනා සහ නාවික සෙබළා ආදරයේ සුන්දරත්වය තව දුරටත් අත් වින්දේ, සිය ජීවිත වල ආශාවද අත් හරිමිණි.ආදරය මෙන්ම ශෘන්ගාරයද නොඅඩුව ගලා ගිය මෙම ආදර අන්දරය ඉතා කෙටි කලකික් මහා වෘක්ෂයක් සේ වැඩුණේ, කොටු පවුර ප්‍රේම විජිතයක් බවට පත් කරවමිණි.
මෙම ආදර සම්බන්දය කන වැකී දණ්ඩෙන් පහර කෑ පොළගෙකු සේ කීපී සිටි මරීනාගේ පියා සිය නිල බලය හා පුද්ගලික සබදතා උපයෝගි කර ගනිමින් එය නවතාලීමට සිය අවසාන තුරුම්පුවද අදින්නේ ඉන් පසුවය.
ලන්දේසි හමුදා ප්‍රධානියා හමුවන මරිනාගේ පියා සිය දියණිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන යන නාවික සෙබළා රටින් පිටමං කරන ලෙස ඉල්ලා සිටින අතර, මරීනාගේ ලෝකය බිද දමමින් නාවික සෙබළා ඔහුගේ මව් රට වන මැක්ෂිකෝවට හරවා යැවීමට හමුදා ප්‍රධානියා කටයුතු කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
කොතරම් බාධක කම්කටොලු පැමිණියද, නාවික සෙබළා නැව් නගින දිනට පෙර දිනයේද සියලු දෙනාගේ ඇස් වලට වැලි ගසමින් මරීනා හා නාවික සෙබළා කෝනේෂ්වරම් කෝවිල ආසන්නයේ පිහිටි රාවණා කපොල්ල අසල ගල් කුලක් මතට වී පැය ගණනාවක් තිස්සේ ආදරය රිසිසේ විඳ ගත්හ.
ආදරය මෙන්ම ශෘන්ගාරයද නොවඩුව ගලා ගිය ඒ පැය කිහිපය තම පෙම්වතා හමුවන අවසාන සොඳුරු නිමේශය මෙන්ම තම ජීවිතයේ ද අවසාන හෝරා කිහිපය බව නාවික සෙබළා කෙසේ වෙතත්,මරීනා හොඳ හැටි දැන සිටියාය. නාවික සෙබළා එහිදී මරීනාට පුන පුනා කියන්නේ,තමා නැවත හැකි ඉක්මනින් මරීනා රැගෙන යාමට පැමිණෙන බවයි.
නෙත් කෙවෙනි බොඳ කරමින් කදුළු ගංගා රූරා ගලද්දී අවසාන වරටද සිය පෙම්වතාගේ තොල්පෙති සිප ගන්නා මරීනා නැවත ජීවිතයේ කිසි දිනක හමුනොවන පෙම්වතාට හදවතින් සමු දුන්නේ, හමුදා සේවයේ සාමාන්‍ය නිලයක් හොබවන සිය පෙම්වතාට එවැන්නක් කළ නොහැකි බැව් දන්නා බව සඟවමිණි.
පසු දින තමා මෙම ගල් කුළ මතට වී නාවික සෙබළා රැගෙන යන නෞකාව වරායෙන් පිටමං වන තෙක් තමා බලා සිටින බව මරීනා නාවික සෙබළාට එහිදී කියන්නේ, අවසාන වරටද සිය පෙම්වතාගේ ඡායා අංශු මාත්‍රයක් හෝ දැකීමේ අරමුණෙනි.
පසු දින සවස නැගෙනහිර අහස වෙනදාටත් වඩා රත් පැහැ ගැන්වී තිබුණි. නාවික සෙබළා රැගත් ලන්දේසි නෞකාව සෙමෙන් සෙමෙන් කෝනේෂ්වරම් කෝවිල ආසන්න පිටත වරාය මුහුදු සීමාවෙන් යාත්‍රා කරමින් තිබුණ අතර, මරීනා රාවණා කපොල්ල අසල ගල් කුළට වී තම නෙත් මානයෙන් පිටව යන පෙම්වතා රැගත් නෞකාවට අත වනමින් සිටියාය. සිය පෙම්වතාට තමා වඩාත් හොදින් දර්ශනයවීමේ අරමුණින් ඇය සුදෝ සුදු දිග ගවුමක් හැඳි සිටියාය.
ඈතට ඇදී යන නෞකාවේ රැඳි පිරිස් අතරීන් තම පෙම්වතා කවුරුන්දැයි මරීනාට හරිහැටි නොපෙනුණත්, ගල් කුළ මත සිට තමාට සමු දෙන මරීනා දෙස නාවික සෙබළා ද කදුළු පිරි දෙනෙතින් බලා සිටියේ, ඊළගට සිදුවීමට නියමිත සිදුවීම පිළිබද හාන්කවිසියක් හෝ නොදැන වන්නට ඇත.
තම ආදරවන්තයා රැගත් නෞකාව මහ සයුරේ තිතක් සේ නොපෙනී යද්දී, මරීනාට අවසානයේ දිස්වන්නේ නෞකාවේ කුඹ ගස පමණි.නෞකාවේ කුඹ ගසද තිතක් සේ ඇයගේ දෑසින් මැකී යද්දී සිය දෑස් පියන්පත් වසා ගනීමින් අවසන් කදුළු බිදුවද මුදාහල මරීනා සිය ආදරවන්තයා සිහිකර ගල් පර්වතය මුදුනේ සිට මහ සයුරට පැන්නාය.
මරීනා දිවිනසා ගැනීමට පැන්න ස්ථානය ලෙස බොහෝ දෙනකු හඳුනා ගෙන ඇත්තේ, රාවණා කපොල්ල හෙවත් රාවණා කට්ටුව නැමැති ස්ථානයයි.
නමුත්, කන්තලේ හිටපු උප්පැන්න විවාහ හා මරණ ලේකම්වරයකු මෙන්ම ගත් කතුවරයකු වු නැසී ගිය පී.එල්. සිරිසේන මහතා කියා සිටින්නේ, මරීනා දිවි නසා ගැණීම සදහා පැන්නේ රාවණා කපොල්ලෙන් නොවන බවයි.
පී.එල්. සිරිසේන මහතා කියන අන්දමට මරීනා සිය දිවි නසා ගැණීම සඳහා පැන්න ස්ථානය හෙවත් පෙම් පිම්ම ලෙස හදුන්වන්නේ, වර්තමානයේ තෛර් ගල් කන්ද ලෙස හින්දු බැතිමතුන් හඳුන්වන ස්ථානයයි. දරුඵල අහිමි කාන්තාවන් දරු සම්පතක් ඉල්ලා තොටිලි එල්ලන “ප්‍රාර්ථනා ගස” පිහිටා ඇත්තේද එම ස්ථානයේය. මරීනා මුහුදට පැන්නේ එම ප්‍රාර්ථනා ගස පිහිටි ගලෙන් බව “ද හිස්ටි්‍ර ඔෆ් ටි්‍රංකොමලී ” පොතේ සඳහන්ව ඇති බවත්, ඒ පිළිබඳ සමරු ඵලකයක් එහි සවිකර තිබු බවත් එම ග්‍රන්ථයේ සඳහන් බව හෙතෙම කියා සිටි.
කෙසේ වෙතත්, කෝනේෂ්වරම් කෝවිල් කමිටුවේ වත්මන් ලේකම් පරමේෂ්වරම් මහතා කියන අන්දමට මරීනා මුහුදට පැන ඇත්තේ, ප්‍රාර්ථනා ගසත් රාවණා කපොල්ලත් අතර පිහිටි පර්වතයෙන් බවයි. මේ වන විට එම ස්ථානයේ කෝවිල් මංගල්‍ය ශාලාව ඉදිකර ඇති බැවින් එම ස්ථානය හොද හැටි දර්ශනය නොවේ.
ද හිස්ටි්‍ර ඔෆ් ටි්‍රංකෝමලී ග්‍රන්ථයේම තවත් තැනක මරීනා පසු කලකදී විවාහ දෙකක් සිදුකර ගත් බවත්, එම විවාහ තුළින් දරුවන් ලැබ ත්‍රීකුණාමලයේම ජීවත්ව මිය ගිය බවත් සඳහන්ව තිබේ. ඇයගේ සොහොන ත්‍රීකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනය ඉදිරිපිට සුසාන භූමියේ තිබෙන බව එම ග්‍රන්ථයේම සඳහන්ව ඇති බව පී.එල්. සිරිසේන මහතා කියා සිටි.
මරීනා දිවි නසා ගැනීමට කෝනේෂ්වරම් ගලෙන් පැන්න මුත්, ඇය මිය ගිය බවක් කිසි තැනක සඳහන් නොවේ. මෑත කාලයේ මෙම ස්ථානයෙන් පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අය අතරින් දිවි බේරා ගෙන ඇත්තේ. එක් අයෙකු පමණි.ඔහු පෙම් පිම්මෙන් පනින විට ගලක වැදී මුහුදට වැටී ඇති අතර, එම අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් විසින් ඔහුව ගොඩ බිමට ගෙනවිත් ඇති බව කියවේ. මරීනාද එසේ බේරෙන්නට ඇතැයි සිතිය හැක.
එය කෙසේ වෙතත්, මීට කලකට පෙර මරීනාගේ අවතාරය දැක බිය වු හමුදා සෙබළු ද නැතුවා නොවේ. සඳ හොදින් පායා ඇති රාත්‍රීයන්හිදී සුදු හැඳ ගත් සුරූපි තරැණියක් කොටු පවුර තුළ පිහිටි නාවික විවේකාගාරය අද්දර ඇති ගල් පඩි පෙල බැස මුහුද දෙසට ගමන් කරන අයුරු ඇතැම් හමුදා සෙබළුන් දැක තිබේ. ඒ මරීනාගේ අවතාරය බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. මරීනා ඇතැම් දිනවල රාත්‍රී කාලයේ නාවික සෙබළා හමුවී ඇත්තේ, එම ගල් පඩි පෙළ මත දී බව කියවේ.
මදුරාසියේ ශාන්ත ජෝර්ජ් කොටුවේ සිටි බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත විශාල නාවික සේනාංකයක් සමග පැමිණි බි්‍රතාන්‍ය ජාතික සර් එඞ්වඞ් හියුස් කන්ද උඩරට රජුගේ සහයෙන් තොරවම ලන්දේසීන්ට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කොට ගෝණගල් කන්දේ පිහිටි ලන්දේසි කොටුවත්, අසල පිහිටි ඔස්ටන්ග් බර්ග් කන්දේ පිහිටි කොටුවත් අත්පත් කර ගෙන ඇත.
එහෙත් මාස කිහිපයක් යෑමටත් පෙර ලන්දේසීන් නැවත එය ඉංග්‍රීසීන්ගෙන් අත්පත් කර ගෙන ඇති අතර, නැවතත් කොටුවේ පාලනය 1795 අගෝස්තු 31 වන දින ඉංග්‍රීසීන් යටතට පත්ව තිබේ. එහිදී ඇතිවු සටනින් ලන්දේසීන් 140 ක් සහ ඉංග්‍රීසින් 72 කු මිය ගිය බැව් සඳහන්ය.
මෙම සටනේ දී කොටුව රැක ගැණිම සදහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ලන්දේසි හමුදා නායක පෝනබ්‍ර ගෞරවාන්විත පරාජයක් පිළි ගනිමින් තම සගයන්ද සමග කාලතුවක්කු ප්‍රහාරයකින් සෑදී තිබු විවරයකින් එළියට විත් තණ පිටියේ අවි බිම තබා යටත් වු බව සංකේතවත් කර තිබේ.
ඉන් සුළු මොහොතකට පසු බි්‍රතාන්‍ය ජාතික කර්නල් ස්ටුවට් පෙර දිග වෙළද සමාගම වෙනුවෙන් කෝණේෂ්වර ගල මත ඉංග්‍රීසි කොඩිය ඔසවමින් ලන්දේසි කොටුවේ නිල අයිතිය ප්‍රකාශ කර තිබේ. ඉංග්‍රීසීහු ෆෝට් ෆෙඩි්‍රක් නමින් එය නම් කළහ.
එහි පළමු පාලකයා ලෙස පත්ව ඇත්තේ, ජේ.ඒ. ලියුට් තෝමස් යන්ග්ය. ඔහුගේ මෙහෙයවීම මත1803 අගෝස්තු 11 වන දින ඔස්ටන්ග් බර්ග් කන්දේ ශ්‍රී ලංකාවේ පළමු හමුදා රෝහල පිහිටුවා තිබේ. වර්තමානයේ ත්‍රීකුණාමලය මහ රෝහල ලෙස සංවර්ධනය වී ඇත්තේ එම රෝහලයි.
මේ වන විට ත්‍රීකුණාමලය ගෝණගල් කන්ද හෙවත් කෝණේෂ්වරම් කන්දේ මහසෙන් රජු විසින් ඉදි කරවු ඉපැරැණි ගෝණ පබ්බත විහාරය දැකිය නොහැක. එහි අද දැකිය හැක්කේ, කෝණේෂ්වරම් කෝවිල පමණි. ශ්‍රී ලංකාව යටත් විජිතබවින් මිදුන පසු ප්‍රදේශයේ හින්දු භක්තික නායකයන් එවකට ත්‍රීකුණාමලය සහකාර දිසාපතිවරයා ලෙස කටයුතු කළ නෙවිල් කුවීන්ස්ටන් මහතාගේ මූලිකත්වයෙන් කෝණේෂ්වරම් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇතත්, එහි තිබු ඉපැරැණි ගෝණ පබ්බත විහාරය ප්‍රතිසංස්කරණය වී නොමැත.
ප්‍රදේශයේ බෞද්ධ ජනයා ඒ සඳහා කොතෙකුත් උත්සහ කළද, කෝණේෂ්වරම් කෝවිල් භාරකාරත්වය ඊට හරස් වී ඇත්තේ, රාවණා කට්ටුව නැමැති ස්ථානයේ තිබු ඉපැරැණි බෝධියද කපා දමමිණි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1981.01.16 වන දින ෆෙඩි්‍රක් කොටුව ඇතුළත අක්කර 372 යි, රෑඞ් 01 යි, පර්චස් 01 ක බිම පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබේ.මෙම භූමිය පුරා විද්‍යා රක්ෂිතයක් වුවද මේ වන විට එය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනයෙන් මීදී ඇති බවක් පෙනේ.
කෝනේෂ්වරම් කෝවිල් කමිටුව මේ වන විට එම භූමියේ සිදුකරන අනවසර ඉදි කිරීම් එහි පෞරාණික වටිනාකම හීන කර ඇතත්, පුරා විද්‍යා බලධාරීන් ඒ පිළිවද වගේ වගක් නැතිව සිටීම මවිතය දනවන සුලුය.
අදටත් ත්‍රීකුණාමලයට පැමිණෙන බෞද්ධයන් ෆෙඩි්‍රක් කොටුවේ පිහිටි කෝණේෂ්වරම් කෝවිල මහත් භක්තියෙන් යුතුව වැද පුදා ගන්නේ,අතීතයේ මෙම ස්ථානයේ තිබු මහා බෞද්ධ උරුමය පිළිබද අල්පමාත්‍රයක් හෝ නොදැන බව නොඅනුමානය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාවණා කපොල්ලෙන් පැන ප්‍රේමයට දිවිදුන් මරීනා
වසන්ත Thursday, 04 August 2016 03:48 AM
ඉතාම වටිනා ලිපියක්... අපි මේවා නරඹන්න ගියාට ඒවායේ ඓතිහාසික පසුබිම ගෙන දැනගත්තේ මේ ලිපියෙන් ....(ම)
වික්‍රම Saturday, 30 July 2016 04:16 AM
එම් එස් ප්‍රනාන්දු මහතා ගායනා කල මරීනා ගීතයේ පසුබිම අද තමයි අනාවරණය කරගන්න හැකි වුණේ. (අ)
අංජන Friday, 29 July 2016 02:13 AM
ගලේ කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ... මෙය දෙවන රාජසිංහ රජු කළ ක්‍රියාවක් නේ්ද? මෙතුමා විසින් ලක්බිමට මුලින්ම පැමිණි නෝර්වේජියානුවන් හරවා ඇරියේ මෙහිදී බව පැවසේ (නි)
ඉන්දික Friday, 29 July 2016 03:24 AM
බොහොම වටිනා ලිපියක් (නි)
යෝනක Wednesday, 03 August 2016 05:34 PM
හරිම සුන්දර ලිපියක් (නි)
රජින්ද Wednesday, 27 July 2016 06:51 AM
සිංහලයින් ගැන කවර කතාද? බුදු දහමේ පෝෂණය නිසා සිංහලයින් අනික් ජාතීන්ට සමාව දෙනවා, අනුකම්පා කරනවා. ඒත් අවසානයේ ඒවා අපේ දුර්වලකම් ලෙස වටහා ගන්නා අනෙක් ජාතීන් අපේ උරුමය පවා වනසනවා. ඉන්පසු අපි නැවත අපට අහිමි දේ සොය සොයා ඔහේ ඉබාගාතේ යනවා. (බ)
කසුන් ධර්මවංශ Monday, 01 August 2016 08:05 AM
ලස්සන ඒ වගේම වටිනා ලිපියක්. එත් බලන්න සහජීවනය කරෙතියාගෙන ගිහින් සිංහල අපි අපේ උරුමයන් නැති කරගන්න අපුරුව. තවමත් අන්ධව බලෙ සිටින සිංහලයිනි. දැන් අපි අපේ දේ වෙනුවෙන් කතා කල යුතුය. ගහ මරා ගතයුතු නැත. අපි අපේ දේ රැකගන්නට පමණක් හෝ ඉදිරිපත් විය යුතුය. එහෙම නොවුනොත් ඉදිරි කාලය තුල අපේ දරුවන් ලංකාව තුල සුළු ජාතියක් වනු ඇත, .(රේ)