IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලක්දිව පුබුදු කළ පාණදුරා මහාවාදය

බෞද්ධ පුනර්ජීවනයේ නව මං උදාකළ පාණදුරා මහා වාදය සිදුවී අදට (26 වැනිදාට) වසර 148 ක් සපිරේ. මේ  ලිපිය ඒ  නිමිත්තෙනි.

අනුබුදු මිහිඳු හිමියන් වැඩම කළ දා සිට ක්‍රි.ව. 1505 දක්වා ලක්දිව පැවතියේ එකම ආගමකි. එනම් බුදු දහමයි. සාමකාමී සුහද වාතාවරණයක් යටතේ එම දහම ලක්දිවට හදුන්වාදෙන ලදී. එයට එරෙහි ව්‍යාපාරයක් පිළිබඳව අසන්නට නැත. ලක්දිවට පැමිණි පෘතුගීසි ජාතිකයෝ ආක්‍රමණකාරී දරුණු පිරිසක් වූහ. ඔවුන් පෙරදිගට පැමිණීමේ පරමාර්ථය වූයේ කුළුබඩු එකතු කිරීමත් සිය ආගම පැතිර වීමත්ය.

ක්විරෝස් පවසා ඇති පරිදි ඔවුන් ආගම ප්‍රචාරය කළේ ආගමික නායකයන් මගින් නොවේ. ආයුධ අතින් ගත් සෙබළුන් මගිනි. ආගමික නිදහස පිළිබඳ කිසිම හැඟීමක් නැති මෙම යුද භටයෝ බලහත්කාරයෙන් අසරණ මිනිසුන් මත ආගම පැටවීමට උත්සාහ කළහ. පෘතුගීසීන් ලංකාවට පැමිණ වසර පන්සියයක් ගතවන මෙම වර්ෂයෙහි එම වේදනකාරී අතීතය සිහිපත් කිරීම වටී.

මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත් පෘතුගීසීහු බුදු දහමට එතෙක් ලැබුණු රාජානුග්‍රහ නතර කළහ. බෞද්ධයා සිය රටෙහිම විදේශික පිරිසක් මෙන් විය. දුර්වල ධර්මපාල කුමාරයා උපක්‍රමශීලීව කතෝලික ආගමට හරවාගැනීම නිසා බෞද්ධයාගේ තත්ත්වය තවත් අසරණ විය. පහතරට පෘතුගීසීන්ට යටත් වූ ප්‍රදේශයෙහි විහාරස්ථාන ගණනාවක් විනාශ කරන ලදී. භික්‍ෂූන් වහන්සේලාට ඉතා අසීරු තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. කතෝලික පල්ලි සාදා ඒවායෙහි නඩත්තුවට රජයේ මුදල් වැය කරන ලදී. දරුණු වධහිංසාවලට බියෙන්, අකමැත්තෙන් සමහරු කතෝලික ආගම වැළඳ ගත්හ.

ක්‍රි.ව. 1658 දී ලංකාවට පැමිණි ලන්දේසීහු රෙපරමාදු ආගම ප්‍රචාරය කළහ. කතෝලිකයන් සහ ඔවුන් අතර මතභේද ඇතිවිය. කෙසේ වෙතත් රෙපරමාදු කතෝලික යන නිකාය දෙකටම අයත් පිරිස් ලංකාවේ ඇතිවිය. ආණ්ඩුවේ තනතුරු දැරීමට නම් රෙපරමාදු ආගම වැළඳගත යුතුයැයි ඔවුහු ප්‍රකාශ කළහ. තනතුරු ලෝභයෙන් සමහරු රෙපරමාදු ආගම වැළඳගත්හ. ඒ ආගම වැළඳ නොගත් අයට වැඩිදුර බදු ගෙවීමට සිදුවිය. ඔවුන්ගේ පූජකයන් යොදවා පාසල් ආරම්භ කරන ලදී. එම පාසල්වලට ළමයින් යැවීම අනිවාර්ය විය. බුද්ධාගමට අපහාසවන පත්‍රිකා ප්‍රචාරය කරවූහ. හෙන්ඩ්‍රික් බේකර් ආණ්ඩුකාරයාගේ නියෝගයක් අනුව බුදු දහම ඇදහීම සපුරා තහනම් විය.

ක්‍රිස්තියානි කාන්තාවක් බෞද්ධයකු සමඟ විවාහ වී දරුවන් ලැබීනම් ඔවුන් වහලුන් මෙන් සැලකීමට නීති පනවා තිබිණැයි බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්තාවේ සඳහන් වේ.

මෙබඳු දරුණු ක්‍රියාවන්ගෙන්ද සෑහෙන පිරිසක් ක්‍රිස්තියානියට හරවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ. එවක සිට බෞද්ධයාගේ ස්ථිරසාර ප්‍රතිපත්තිය එයින් ප්‍රකට වේ. තාන්න මාන්නවලට ඔවුන් ගොදුරු කරගැනීම එතරම් පහසු නොවීය. මේ නිසා සමහර ආණ්ඩුකාරවරු හිතවත් ලීලාවක් පෙන්වීමට උත්සාහ කළහ. ෆැල්ක් ආණ්ඩුකාරවරයා උගත් භික්‍ෂූන් වහන්සේලා කැඳවා සාකච්ඡා කළ බව සඳහන් වේ.

ඉංග්‍රීසීහු මෙම පෘතුගීසි හා ලන්දේසි ජාතීන්ට වඩා සියුම් උපක්‍රම මගින් බුදු දහම වැනසීමට වෙර දැරූහ. 1796 ඔවුන්ගේ පාලනය ආරම්භ වූ අවස්ථාවේ සිට ආගම් ප්‍රචාරයට ද මුල්තැනක් දුන්හ. පාසල් හරහා ක්‍රිස්තියානිකරණය ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමයක් විය.

1803 දී මෙහි පැමිණි ලන්ඩන් මිෂනාරි සමාගමේ පූජකවරු ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් ඇරඹූහ. ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා ක්‍රිස්තියානි අධ්‍යාපනය ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය. 1814 ලංකාවට පැමිණි වෙස්ලියන් මිෂනාරි සමාගම දැඩි උනන්දුවකින් ආගම් ප්‍රචාරය සිදු කළේය. පාණදුරා මහාවාදය සිදුවූයේද මෙම වෙස්ලියන් පූජකවරුන් මූලික කරගෙනය.

කොතරම් දුක්ගැහැට විඳීමට සිදුවුවත් බෞද්ධ භික්‍ෂූහු මිෂනාරීන් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. හාර්ඩි පියතුමා සඳහන් කර ඇති පරිදි සමහර විහාරස්ථානයන්හි ධර්මශාලාවෙහි දේශනා කිරීමට මිෂනාරීන්ට ඉඩ සලසා දී ඇත. එහෙත් මිෂනාරී පාලනය යටතේ පවත්නා පාසලක බෞද්ධ උත්සවයක් පැවැත්වීමට ඉල්ලූවිට ප්‍රතික්ෂේප කර තිබේ. හාර්ඩි පියතුමා ම සඳහන් කරන පරිදි ඈත ප්‍රදේශවල දේශනාවලට ගොස් මහන්සි වී පන්සලට ගියවිට භික්‍ෂූන් වහන්සේලා සිය පාත්‍රයේ ආහාර ද ඔහුට ලබාදී තිබේ. රාත්‍රී කාලයේ ලැගුම්ගෙය තුළම නවාතැන් සපයා දී ඇත. එහෙත් හාර්ඩි පියතුමා බෞද්ධ විරෝධී වැඩකටයුතු දිගටම කරගෙන ගියේය.

වෙස්ලියන් සමාගම බුද්ධ චරිතය කෙලසමින් බුදු දහමට නිගාදෙමින් පත්‍රිකා මුද්‍රණය කර ප්‍රචාරය කළේය. මේ ගැන සොයා බලා සාධාරණයක් ඉටු කරන්න යැයි 1826 දී පානදුරේ ඇතුළු ගම් කිහිපයක වැසියෝ එඩ්වර්ඩ් බාර්න්ස් ආණ්ඩුකාරවරයාට පෙත්සමක් යැවූහ. මිෂනාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවට මෙයට පිළිතුරු එවා ඇතත් එය ඉටුවීදැයි පැහැදිලි නැත.

වර්ෂ තුන්සියයකටත් වැඩි කාලයක් සිදුවූ අසීමිත වේදනා විඳ දරාගැනීමට නොහැකි වූ තැන බෞද්ධ භික්‍ෂූහු ස්ථිර අදිටනින් යුතුව සාමාකාමී විරෝධතාවක් පෑමට තීරණය කළහ. මේ වනවිට බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්‍ෂය අතර පත්‍රිකා සහ පොත්පත් මගින් වාද පවත්වමින් පැවතිණි. වාද, පත්‍රිකා මගින් නොව මුහුණට මුහුණලා පැවැත්විය යුතු යයි අදහසක් මතුවිය. ඒ අනුව ප්‍රසිද්ධ වාද පහක් සිදුවිය.

වරාගොඩ (1865), බද්දේගම (1865), උදන්විට (1866), ගම්පල (1871), පාණදුරේ (1873).

පාණදුරේ වාදයට ආසන්නම හේතුව වූයේ 1873 ජුනි 12 වැනිදා පාණදුරේ වෙස්ලියන් දේවස්ථානයේදී දාවිත් ද සිල්වා දේවගැති තුමා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරදි ලෙස අර්ථකථනය කරමින් දේශනයක් පැවැත්වීමය.

මේ පිළිබඳව දැනගත් රන්කොත් විහාරයේ ප්‍රධාන දායකයන් වන ජී. ජෙරමියෙස් දියෙස් මැතිතුමා සහ කොර්නේලිස් ප්‍රේරා කරුණාරත්න මැතිතුමා වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන් වැඩමවා රන්කොත් (ගල්කන්දේ) විහාරයේදී පිළිතුරු දේශනයක් පැවැත්වූහ. මෙසේ පන්සලේ සහ පල්ලියේ ප්‍රත්‍යුත්තර දේශනා කිහිපයක් පැවැත්විණි. මේ අතර මුහුණට මුහුණලා වාදයක් පැවැත්වීමේ යෝජනාවක් ක්‍රිස්තියානි පක්‍ෂයේ පීතර් දානියෙල් නීතිඥ මහතාගේ සහ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන මහතාගේ අත්සන් සහිතව ලැබිණ. ඒ අනුව 1873 අගෝස්තු 26, 28 දෙදින පාණදුරා මහාවාදය පැවැත්වීමට තීරණය විය.

බෞද්ධ පක්‍ෂය වෙනුවෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ නා හිමි, වැලිගම ශ්‍රී සුමංගල මහා නා හිමි. බුලත්ගම ධම්මාලංකාර නා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් ශ්‍රී දේවරක්‍ෂිත බටුවන්තුඩාවේ පඬිතුමාත් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියනුත් සහභාගි වූහ.

ක්‍රිස්තියානි පක්‍ෂයේ ප්‍රධාන කථිකයන් වූයේ දාවිත් ද සිල්වා පාදිලිතුමා සහ සිරිමාන්න කතීසේරුතුමාත්ය. ගුණවර්ධන, ජයසිංහ, චාර්ල්ස් ද සිල්වා යන පාදිලිවරු සහාය වූහ.

වාදය ඉතා සමකාමීව පැවැත්විණ. ගුණානන්ද හිමියන්ගේ චතුර වාග් ශක්තිය විශේෂයෙන් කැපී පෙනිණ. ඇස්. ලන්ග්ඩන් පියතුමා ලංකාමිත්‍ර සඟරාවේ මෙසේ සඳහන් කරයි.

“මොහොට්ටිවත්තේ කථා කරන විට මට එංගලන්තයේ ඉතා දක්‍ෂ කථිකයෝ මතක් වූහ. මහජනයා කෙරෙහි බලයක් තිබෙන බව ද උන්වහන්සේගෙන් ප්‍රකාශ විය. විරුද්ධකාරයා අභිභවනය වන අන්දමේ ස්වරයක් ද තිබිණි. සභාව පොළොඹවා ගන්න පුළුවන් උපන් කථිකයෙක් බැව් ද පෙනී ගියේය. වාදය අවසානයේදී දහස් සංඛ්‍යාත ජනයා මහත් සතුටුනාදයෙන් ප්‍රීති ඝෝෂා කළහ. කිසිම කලබලයක් නැතිවීම මගේ පුදුමයට කාරණයක් විය. එවැනි විශාල පිරිසක් මැද යුරෝපයේ කවර රටක කලබලයක් නැතිව එවැනි විවාදයක් කළ හැකිදැයි මම ප්‍රශ්න කරමි.”

පාණදුරා මහාවාදයේදී ක්‍රිස්තියානි පක්‍ෂය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන පටිච්ච සමුප්පාදය, පඤ්චස්කන්ධය, කර්මය, පුනර්භවය විවේචනයට ලක්කර තිබේ. වැරදි ආකාරයෙන් අර්ථකථනය කිරීම කැපී පෙනෙන ලක්‍ෂණයකි. මෙය උපක්‍රමශීලී පටලැවීමකි. පටිච්ච සමුප්පාද සිද්ධාන්තය බිඳ හෙලුවහොත් අනෙක් සියල්ලම බිඳවැටෙන බව ඔවුහු දැන සිටියහ.

සියලු ප්‍රශ්න සහ තර්ක විතර්කවලට ඉතා පැහැදිලිව සරලව ගුණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිතුරු සැපයූහ. පටිච්ච සමුප්පාදයේ සාමාන්‍ය න්‍යාය සහ විශේෂ න්‍යාය පටලවාගෙන ඇති බව පැහැදිලි කර දී තිබේ. ඒ අනුසාරයෙන් පඤ්චස්කන්ධ විභාගයේ සාධාරණත්වය ඔප්පු කර තිබේ. ක්‍රිස්තියානි පක්‍ෂයේ තර්ක එකින් එක බිඳවැටී තිබේ. ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ක්‍රිස්තියානි ආගම පිළිබඳ ගැඹුරු දැනුමක් පැවතුණා. විවිධ බයිබල් ඉදිරිපත් කරමින් ඒවායේ පරස්පරතා ඇති බව පැහැදිලි කළහ. උන්වහන්සේ නැගූ සමහර ප්‍රශ්නවලට අදත් පිළිතුරු ලැබී නොමැත. උන්වහන්සේගේ තර්ක එතරම් ප්‍රබලය.

පානදුරා වාදයෙන් අප ලබන ආස්වාදය කුමක්ද යනු වැදගත්ම ප්‍රශ්නයකි. බොහෝ විදේශිකයන් අපෙන් නගන ප්‍රශ්නය එයයි. එදා දැල්වූ පහන නොනිමා තබාගැනීමට අපි සමත්වී සිටිමුද? එයින් මතුකර දුන් ධර්ම ශක්තිය අප තුළ පවතීද? මිහිඳු හිමියන් ලබාදුන් දායාදය අපට නැවත හිමිකර දුන්නේ ගුණානන්ද හාමුදුරුවෝයි. එම උදාර දායාදය රැකගැනීම අපේ පරම යුතුකමයි.

පාණදුරා වාදයේ විස්තරයක් එඩ්වර්ඩ් පෙරේරා නීතිඥතුමා විසින් ‘ද සිලෝන් ටයිම්ස්’ පත්‍රයේ පළ කරවන ලදී. පසුව මෙය කුඩා පොතක් ලෙස මුද්‍රණය කරවීය. එහි පිටපතක් පරමවිඥනාර්ථවාදියකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ අතට ද පත් විය. බුදු දහම පිළිබඳ මහත් ප්‍රබෝධයක් එතුමා තුළ ඇති විය. ගුණානන්ද මාහිමියන් හමුවීමේ නොතින් ආසාවෙන් ද පසුවිය. වසර කිහිපයකට පසු ලංකාවට පැමිණීමට එතුමාට අවස්ථාව ලැබිණ. ලංකාවේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහස්සේලා සහ තරුණ ධර්මපාල තුමා ද සමග බෞද්ධයන්ට හිතකාමී විවිධ වැඩපිළිවෙළ එතුමා විසින් ආරම්භ කරන ලදී. එතුමාගේ පැමිණීම පානදුරා මහාවාදයේ එක් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

පාණදුරා මහාවාදය සිදුවන විට ධර්මපාල තුමා නව හැවිරිදි විය. කුඩා වියෙහිදීම ආගම සහ ජාතිය පිළිබඳ හැඟීමක් ඇතිකර ගැනීමට මෙම වාදය හේතුවක් විය. ගුණානන්ද හිමියන්ගේ වාග් පටුත්වය ධර්මපාල තුමා තුළ ද පිළිරැව් දෙන්නට ඇතැයි සිතිය හැකිය. එතුමාගේ ව්‍යාපාරයට මග හෙළි කළේ පාණදුරා වාදයයි. ගුණානන්ද හිමියන් සමග සමීප ඇසුරක් ද ගොඩනගාගෙන තිබිණ.

මෙලෙස පාණදුරා මහාවාදයෙන් එදා දිනාගත් අයිතිවාසිකම් මතු පරපුර ද උරුමකර දීම අපේ පරම යුතුකමයි. එදා දැල්වූ නැණ පහන නොනිමා ඉදිරියට ගෙනයාමට උත්සාහ කළ යුතුය.

 

(***)

පානදුරේ රන්කොත් විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජකීය පණ්ඩිත කහපොළ සුගතරතන හිමි



අදහස් (3)

ලක්දිව පුබුදු කළ පාණදුරා මහාවාදය

waduge Thursday, 26 August 2021 04:43 PM

සාදූ සාදූ සාදූ !

:       0       9

Lasantha Senanayake Sunday, 29 August 2021 04:36 AM

කරුණාකර මෙම ලිපියේ කර්තෘගේ සම්බන්ධතා විස්තර මට ලබා ගත හැකිද? මෙම විවාදය පදනම් කරගෙන ලියන ලද පොත තබා ගැනීමට මම කැමතියි. තෙරුවන් සරණයි.

:       0       0

Kumar (Gulf) Sunday, 29 August 2021 11:40 PM

"අනුබුදු මිහිඳු හිමියන් වැඩම කළ දා සිට ක්‍රි.ව. 1505 දක්වා ලක්දිව පැවතියේ එකම ආගමකි. එනම් බුදු දහමයි. සාමකාමී සුහද වාතාවරණයක් යටතේ එම දහම ලක්දිවට හදුන්වාදෙන ලදී". බුදුදහම ලංකාවට පැමිණීමට පෙර යුදෙව් ආගම ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර ප්‍රදේශවල පැවති අතර එය බුදුරදුන් ඉපදීමටත් පෙර සොලමන් රජුගේ කාලයේ පැවතිණි.

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 141 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 142 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1024 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 195 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1118 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site