IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ලෝකාන්තය පා මුලට ගිය ගමනක්

ලෝකාන්තය පිහිටි කන්ද ඈතට පෙනෙන ආකාරය ‘‘අපර්ඩිවිෂන්’’ හි හැත්තෑ හැවිරිදි ආන්ඩි කාලිමුත්තු මොහොතින් මොහොත වෙනස්වන කාලගුණ තත්ත්වය වරෙක ගෙන එන්නේ බියජනක හැගීම්ය. හොදින් හිරු පායා ඇති දිනයක නම් අවට පරිසරය අතිශය සුන්දරය. සිත් වශීකරන සුලූය. එහෙත් හිරු බැස යන්නට පටන් ගැනීමත් සමගම තැනිතලා භූමියේ තැන තැන ඇති මඳක් උස්වූ ගස් සහිත බිම්කඩ ඝන මීදුමෙන් වැසීයයි. වරෙක මේ මීදුම් වළානිසා අඩි පහකටවත් වඩා වැඩි දුරක් නොපෙනේ. සුළග ඇති වෙලාවක මීදුම් වලාවත් ඉක්මනින් ගසාගෙන යයි. මේ සුන්දර හෝටන්තැන්නේ ස්වභාවයයි. ලංකාවටම ආවේනික වූ මහරත්මල් ගස් වසර දෙසීයක් තුන්සියයක් තරම් කාලයක් ඇති වෙමින් නැතිවෙමින් යළි ඇති වෙමින් මේ භූමියේ දක්නට ඇත. ශ‍්‍රී ලංකාවේ ඉහළ කඳුකරයේ විශාලම තැනි බිමවූ හෝටන් තැන්න අපේ රටේ මහා ජලධාරාවන් කිහිපයකම ආරම්භක බිමයි. හෝටන් තැන්න  ඉංග‍්‍රීසි පාලකයන්ගේ දඩ බිමක් විය. 1832-1948 කාලය අතර මෙහි සිටි සම්බාර් ගෝනුන් දහස් ගණනක් දඩයක්කරුවන්ට දිවි පිඳූහ. වනඅලි සහ වල් ඌරන්ද ඊට අඩු ප‍්‍රමාණයකින් දිවි දුන්හ. ආසියාවේ මෙවැනි භූමි ලක්‍ෂණ පෙන්නුම් කරන කඳුකර වනාන්තර ඉන්දියාවේ මහාරාෂ්ඨ, ගුජරාටි, ගෝයා, කර්ණාටක, කේරළ සහ තමිල්නාඩු ප‍්‍රාන්තවල ද පිහිටා තිබේ. හෝටන්තැන්නේ පැල විශේෂ හත්සිය පනහක් පමණ ඇතැයි සොයාගෙන ඇත. ඉන් වර්ග විස්සක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවාය. විශේෂයෙන් එහි ඇති ‘‘කුරුඋණ’’ එවැනි විශේෂයකි. ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ විසිහතරකි. පක්‍ෂි විශේෂ අසූහතකි. උභය ජීවී විශේෂ අටකි. මේ ආදීවූ සත්ත්ව හා ශාඛ විශේෂ සමගින්  දුර්ලභ භූ ලක්‍ෂණ රැසක්ද හෝටන් තැන්නේ දැකිය හැකිය. කුඩා දිය ඇලි මෙන්ම සවානා තෘණ බිම් ආශ‍්‍රිත කුඩා ජලධාරාවන් ඉන් ප‍්‍රධානත්වයක් ගනී. මේ සියල්ලටම වඩා හෝටන්තැන්නට ජනප‍්‍රියත්වය වගේම සුන්දරත්වයත් ගෙන දෙන්නේ එහි කෙළවරක පිහිටි ‘‘ලෝකාන්තයයි’’. හෝටන්තැන්නේ ‘‘ලෝකාන්තයේ’’ මුදුන පිහිටා තිබේ. නුවරඑළිය දිස්ත‍්‍රික්කයට එය අයත්ය. ආගරපතන පොලිස් වසමට කලින් අයත්ව තිබුණද මෑතක සිට අලූතින් පිහිටවූ ඩයගම පොලිසියට දැන් එම ප‍්‍රදේශය අයත්ය. පහළ ප‍්‍රදේශය රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ පොලිස්වසමට අයත්ව තිබුණද දැන් අලූතින් පිහිටවූ සමනලවැව පොලිසියට අයත්ය. බොහෝ දෙනෙක් ලෝකාන්තය දකින්නේ ඉහළ සිටය. ‘‘ලෝකාන්තය’’ සහ ‘‘පුංචි ලෝකාන්තය’’ බැලූ බැල්මට අතිශය චමත්කාර වුවත් ඉතාමත් බියකරුය. අභිරහස්ය. පරිස්සම් නොවුණොත් ජිවිතද අවදානම්ය. ‘‘ලෝකාන්තය’’ මේ වනවිට අඩුම තරමින් එකොලොස් දෙනෙකුගේ හෝ දොළොස් දෙනෙකුගේ ජිවිතවලටද අවසානය තැබූ ස්ථානයකි. ජිවිත පිළිබ`ද කළකිරුණු තරුණ ජෝඩු හතරක් පමණ ලෝකාන්තයෙන් පැන දිවිනසාගෙන ඇත. විදේශිකයන් දෙදෙනෙක් පහළට වැටී මියගොස් ඇත. තවත් එක් තරුණියක් ඉන්ඇදවැටී මියගොස් ඇත. මේ ආකාරයට ලෝකාන්තයෙන් පහළට වැටී මියගිය අයගේ ගණන් හිලව් සම්බන්‍ධව නිල සටහන් සොයා ගැනීමට හැකියාවක් නැතිවිය. බොහෝ වෙලාවට ලෝකාන්තයෙන් වැටුණු පුද්ගලයන් පිළිබ`ද අනුමාන තොරතුරු සොයාගත හැක්කේ ඇත්තේ ලෝකාන්තය පහළ පිහිටි නන්පීරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හි පදිංචිකරුවන්ගෙනි. ලෝකාන්තයෙන් පහළට වැටී මියගිය එක් තරුණියක් සම්බන්‍ධව මිනීමැරුම් චෝදනා මත අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බව පොලීසිය පෙන්වා දුන්නේය. විසිහය හැවිරිදි මෙම තරුණියගේ පියා විවාහ දෙකක් සිදුකර ගැනීම පිළිබඳව වූ ආරාවුලක ප‍්‍රතිඵලයක් ලෙස ඩුබායි රටේ පදිංචිව සිටි ඇය ලංකාවට සිය පියා සමග පැමිණි අවස්ථාවේ ලෝකාන්තයේ සංචාරයේදී ඉන් පහළට තල්ලූකරන්නට ඇතැයි සැකයක් මත මෙම නඩුව පවරා ඇත. ඉතා තද මීදුම පැවති අවස්ථාවක එහි ගිය කණ්ඩායමේ අයගෙන් තරමක් දුරින් සිටි මෙම තරුණිය අනික් අයට කතාකර ඔවුන් සිටි දෙසට එද්දී ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන්වී ඇතිබව මුලින් කියවුණද පසුව එය මිනිස් ඝාතනයක් බවට සැකකර මෙලෙස නඩු පවරා තිබේ. ගෙවුනු වසර තිහක හතළිහක කාලය තුළ  ලෝකාන්තයෙන් පැන මියගිය තරුණ ජෝඩු ගණන හතරක් බව ‘‘අපර් ඩිවිෂන්’’ හි පදිංචි වතු ජනතාව කියති. මේ අය බොහෝ දෙනෙක් ‘‘ලෝකාන්තයෙන්’’ පැන්න බවට තොරතුරු ඇත්තේ ‘‘ලෝකාන්තය’’ මුදුනේ වූ යම් සටහනක් හෝ සලකුණක් නිසාය. ‘‘ලෝකාන්තයෙන් පනින්නට පෙර මේ ජෝඩු තමන්ගේ ජිවිත සමුගැනීම ගැන විවිධවූ සටහන් ලියා තැබූ ලිපි හමුවීම ඇතැම් අවස්ථාවල පරීක්‍ෂණවලට රුකුලක් වී තිබුණි එසේම මිනිසුන් රවටා තම ජිවන රටාවන් වෙනස්කරන පුද්ගලයන්ද ජනතාව රැුවටීමට ‘‘ලෝකාන්තයේ’’ පිහිට ලබයි. සමනොළවැව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්.වී. ධර්මරත්න මහතා  එවැනි අපූරු සිදුවීමක් සිහිපත් කළේය. ටික කලකට පෙර ලෝකාන්තයේ පහළ ගහක සිවුරක් රැදී සුළගට වැනෙමින් තිබුණි. ඒ අනුව භික්‍ෂුන්වහන්සේ නමක් ලෝකාන්තයෙන් වැටී හෝ පැන සියදිවි නසාගෙන ඇති බවට පණිවිඩ ගලාගෙන එන්නට විය. ලෝකාන්තයෙන් පැන්නොත් මරණ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සිරුර සෙවීම සමනොළවැව පොලීසියට භාරය. අනෙකුත් පරීක්‍ෂණ කරන්නේ ඩයගම හෝ ආගරපතන පොලිසියෙනි. ඒ අනුව සමනොළවැව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ ‘‘හාමුදුරුවන්’’ හොයන්නට නන්පිරියල් වත්තේ ‘‘අපර්ඩිවිෂන්’’ එකට ගියේය. ලෝකාන්තයෙන් පහළට වැටෙන පුද්ගලයන්ගේ සිරුර ඇත්තේ කොහේද යන්න හො`දින් දන්නෝ ‘‘අපර්ඩිවිෂන්’’ එකේ මිනිස්සුය. ඒ නිසා ‘ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයන්නට ‘‘අපර්ඩිවිෂන්’’ එකේ වතුජනතාව අතරින් අත්දැකිම් ඇති කිහිප දෙනෙකුගේ සහාය අත්‍යවශ්‍යමය. එසේ නොමැතිව ලෝකාන්තයේ පහළට යන  ඕනෑම කෙනෙකුගේ ඉරණම කුමක්දැයි විශ්වාස කළ නොහැක. ඒ නිසා මෙවැනි තොරතුරක් ලද විට එහි යන පොලිසිය හෝ යුද හමුදාව ‘‘අපර්ඩිවිෂන්’’ හි ජනතාවගේ සේවය ලබාගනී. ලෝකාන්තය පහළ ප‍්‍රදේශයට වුවමනාවක් නොමැතිව ‘‘අපර්ඩිවිෂන්’’ හි පදිංචි කෙනෙක්වත්් ඇතුළු වන්නේද නැත. විශාල බෑවුමකින් යුතු පහළ කොටස අද්භූතය. බිය උපදවන සුලූය. කෙනෙකු ලෝකාන්තයෙන් පහළට වැටී මියයනවිට ජිවිතයේ අවසන් මොහොතේ වි`දින වේදනාවේ දෝංකාරය ලෝකාන්තය පිහිටි ගල් පියස්සේ දින ගණනාවක් රැු`දී ඇතැයි වැසියන් සමහර දෙනෙකුගේ විශ්වාසයක් පවතී. ‘‘වත්තේ ඉහළ කොටසට ගියවිටත් සමහර වෙලාවට කෙනෙක් විලාප දෙනවා වාගේ ඇහෙනවා. ඒ කියන්නේ මොනවද කියලා ඇහෙන්නේ නෑ. නිකං ‘‘හූ’’ කියනවා වගේයි ඇහෙන්නේ.’’ සමහරු කියති. කෙනෙක් ලෝකාන්තයෙන් වැටුණු විට සිරුර සෙවීමේදී ‘‘අපර්ඩිවිෂන්’’ හි වැසියන්ට අත්‍යවශ්‍ය තොරතුරක් තිබේ. ඒ අතුරුදන් පුද්ගලයා වැටුණේ ‘‘ලෝකාන්තයෙන්ද’’ ‘‘පුංචි ලෝකාන්තයෙන්ද’’ යන පැහැදිලි තොරතුරයි. හේතුව ඒ දෙපොලෙන් වැටුණ අයගේ සිරුර පහළට පතිත වන්නේද දෙතැනකිනි. එසේ තවත් වැදගත් දෙයක් තිබේ. එයනම් පනින සහ වැටෙන අය සම්බන්‍ධවය. පහළට වැටුනොත් සිරුර ලෝකාන්තයේ පාමුලටම වන්නට තිබිය හැක. පැන්නොත් අඩි ගණනාවක් ඈතින් තිබිය හැක. ලෝකාන්තයේ ඉහළින් ඇති සුන්දරත්වය එහි පහළ සිට උඩ බලද්දී නැත. පාමුලදී එය තවතවත් අඩුවෙයි. ලෝකාන්තය දෙස පහළ ඈතින් බැලූවොත් එහි ගල අවතල හැඩයෙන් ඇතිබව පෙනේ. අඩි 2854ක් උසැති ලෝකාන්තය පාමුල සිට ඉහළ බලද්දී පෙනෙන්නේ ගල් පියස්සක් මෙනි. ‘‘අපර්ඩිවිෂන්’’ හි සිට ලෝකාන්තය පාමුලට යන ගමන ලේසි පහසු නැත. එය හරස් අතට යායුතු මගකි. වලව නිම්නය දෙසින් එන තද  සීතසුළ`ග මහන්සිය නිවාදැමුවද ගමන භයංකරය. අනතුරුදායකය. ඇතැම්තැනකදී අඩි අටසියයක් පමණවූ තවත් බෑවුමකි.  සමහර තැනකින් යායුත්තේ ගලකට හේත්තුවී කක්කුටු ගමනිනි. එනම් හරහටය. මේ ආකාරයට කිලෝමීටර් හතඅටක් ගෙවා යනවිට ලෝකාන්තයේ මුදුනේ පහළට යාහැකිය. ලෝකාන්තයෙන් පහළට වැටෙන කිසිවෙකුගේත් සිරුර ගලේ වදින්නේ නැත. ඒ එහිවු අවතල හැඩය නිසාවෙනි. පහළ පිහිටි ගස්වල මුලින් වැදෙයි. ඉහළ සිට පහළට එන වේගයත්, සිරුරේ බරත්, වැටෙන වෙලාවල්වල ඇති සුළෙගේ වේගයත් සිරුර රැඳෙන තැන තීරණය කරන සාධකයන්ය. තරබාරු සිරුරු ඇති අය වැඩි ඈතට නොවැටෙයි. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ සිරුරු ගස්මතට වැටී අතුකඩාගෙන  බිමට වැටී තවත් අඩි දෙතුන්සියයක් පහළට පෙරළී ගහක හෝ ගලක රැදී නවතී. තවත් සමහරුන්ගේ සිරුරු ගස්වල මුදුන්වල වැදී අතපය වෙන්වී බිමට වැටෙන්නේ කොටස් කිහිපයකටය. සමහරුන්ගේ සිරුරවල කොටස් ගස්මුදුන්වල රැදී තිබුණු අවස්ථා ගැන ‘‘අපර් ඩිවිෂන්’’ හි වැසියෝ සිහිපත් කරති. ලෝකාන්තයෙන් කෙනෙක් පහළට වැටුණු පසු ඔහුගේ සිරුර සෙවීමත් එය අපර් ඩිවිෂන් දක්වා ගෙන ඒමත් විශාල මෙහෙයුමකි. අවම තරමින් පැය හතළිස් අටක්වත් ඊට ගතවේ. කාලගුණය අයහපත්නම් කාලය තවත් වැඩිවෙයි. සවස දෙක පසුවනවාත් සමග හොදින් හිරුඑළිය තිබුණද වරින්වර ගලාඑන මීදුමෙන් ප‍්‍රදේශයම වැසී යයි. එය ලෝකාන්තය පහළට වැඩිපුර දැනෙයි. ඇතැම් තැනක අඩි හැත්තෑපහක සියයක තරම් උස ගස්ය. තද සුළගට ඒ ගස් දුන්නක් සේ වැනෙයි. ගස්වල සෙවන නිසා ගස්යට පොළොව අදුරුය. ඇත්තටම ලෝකාන්තය පහළ ගම්වල මිනිස්සු කියන අන්දමේ බියජනක ස්වරූපයක්, ශබ්ද ආදිය තියනවද? සමනොළවැව පොලිස්ථානාධිපති ඩබ්.ඞී. ධර්මරත්න මහතාගෙන් විමසුවෙමි. එක්පැත්තකින් මුදුන නොපෙනෙන කන්ද. අනික් පැත්තෙන් කෙළවරක් නෙපෙනෙන පල්ලමය. ලෝකාන්තය පාමුලට මෙය තවත් දැඩිය. පහළින් හමාඑන සුළං ධාරා ලෝකාන්තය පිහිටි ගලේ වැදී දෙන දෝංකාරය ඇෙඟ් ගිරිගඩු පිපෙන තරම් බියක් ගෙනෙයි. යම් හෙයකින් මේ හරියෙ කෙනෙක් තනි වුණොත් ඔහු සැබැවින්ම සිතන්නේ අත්භූත ශබ්ද කියාය.’’ ‘‘අර හාමුදුරුනමක් වැටුණා කියලා කියපු කතාව අතර මග නැවතුනා.’’ මම ඔහුගේ මතකය අවදි කළෙමි. ‘‘ආ.... ඔව්. ඉතිං අපිට ආවේ හාමුදුරු නමක් ලෝකාන්තයෙන් පහළට වැටිලා සිවුර මග රැදිලා කියලනේ. අපි කණ්ඩායමත් නන්පීරියල් ‘‘අපර්ඩිවිෂන්’’ ගිහිං වත්තේ අයත් එක්ක සිරුර හොයන්න කැලේ ඇතුළට ගියා. සිවුර රැදී තිබූ ඉසව්ව අනුමාන කරලා වත්තේ අය කිව්වා සිරුර තියෙන්න  ඕනෑ මේ හරියේ තමා කියලා. මේ වැඬේ දවසෙන් කරන්න බෑනේ. පළවෙනි දවසෙ අපිට හෝඩුවාවක් හොයාගන්න බැරිවුණා. දෙවෙනි දවසේ පාන්දරම ආයෙත් ගියා. මොකද දෙකතුන වෙනකොට මීදුම ගලන්න ඉස්සර පහළට ආයුතු නිසා.’’ ‘‘එදත් එහෙමයි. සිවුර රැුඳිලා තිබුණට ගහේ අත්තකටවත් හානියක් නෑ. ඒ නිසා අපි හිතුවා හාමුදුරුවෝ පහළට වැටෙන කොට සිවුර ගැලවිලා හුළගට යන්න ඇති කියලා. ඉතින් මේ විදියට අනුමාන කරමින් හොයන විට අපිට පණිවිඩයක් ආවා. ඒ හාමුදුරුවෝ හම්බවුනා කියලා. ලෝකාන්තෙන් පැන්න කෙනෙක් වෙන කොහෙන්වත් හම්බවෙන්න විදියක් නෑ කියලා අප හොඳටම දන්නවා.’’ ‘‘පස්සෙ බැලූවම මොකද දන්නවද වෙලා තියෙන්නේ සිවුර පැළදගෙන ලෝකාන්තෙ ගාවට ආපු හාමුදුරුවො සිවුරයි අදනකඩයයි ගලවලා ලෝකාන්තෙන් පහළට දාලා වෙන ඇඳුමක් ඇඳගෙන ආපහු යන්න ගිහිං. ලෝකාන්තෙ මැද ගහක සිවුර රැදිලා තියනවා දැකලා හාමුදුරුනමක් වැටිලා කියලා කවුරුත් සැක කළා. කුරුණෑගල පැත්තේ දිහාවක මිනිහා ඉන්නවා කියලා අපට පණිවිඩය එනකොටත් අපි ලෝකාන්තය පාමුල ජිවිතයත් මරණයත් අතර සටනක යෙදිලා එයාගේ සිරුර හොයනවා’’ ධර්මරත්න මහතා ඒ අපූරු සිද්ධිය හෙළි කළේය.



අදහස් (0)

ලෝකාන්තය පා මුලට ගිය ගමනක්

වසන්ත දේවසුරේන්ද Friday, 16 September 2011 05:32 PM

ස්තුතියි, හොඳ ලිපියක්. ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා.

:       0       0

ප්‍රසන්න Sunday, 11 September 2011 03:00 PM

අපූරු ලිපියක්... ලෝකාන්තය ගැන නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා...

:       0       0

මල්ෂා දිල්හානි Wednesday, 01 February 2012 10:46 AM

ලෝකාන්තය ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 330 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 119 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 448 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 132 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 140 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site