IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෝකය බියෙන් සලිත කළ අයිඑස් ත‍්‍රස්තවාදයේ පැටිකිරිය

 28_SLTK_P6_Back  

 

පසුගියදා ප‍්‍රංශයේ පැරිස් නුවරට දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූයේය. එම ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 350කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාරයේ වගකීම පැවැරුණේ අයිඑස් අයිඑස් ත‍්‍රස්තවාදී සංවිධානයටය. පසුගිය වකවානුවේ ලොව විවිධ රටවල සිදුවූ බොහෝ ත‍්‍රස්ත කි‍්‍රයාවලට වගකිව යුතු වූයේ දැනට සිටින කෲරතම ත‍්‍රස්තවාදී සංවිධානය ලෙසින් සැලකෙන ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් සිරියා නොහොත් අයිඑස් අයිඑස් සංවිධානයයි. නොබෝ දිනකින් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරටද ප‍්‍රහාරයක් එල්ල කරන බවටද ඔවුන් ප‍්‍රතිඥා දී තිබේ.

 


ලොව සියලූ රටවල් ඉස්ලාමික ආධිපත්‍යයට නතු කර ගැනීම ස`දහා සිහින මවන මෙම සංවිධානය ඒ ස`දහා විවිධාකාරයේ ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරමින් සිටියි. ඔවුන් නිර්මාණය කිරීමට අපේක්ෂිත නව ඉස්ලාමික රාජ්‍යයේ පාලනය අතීතයේ මෙන් කාලිෆ්වරයකු යටතේ කරගෙන යෑමට තීරණය කොට තිබේ. එම රාජ්‍යයේ කි‍්‍රයාත්මක වනුයේ ෂරියා නීතියයි. 8 වැනි සියවසේ සිට 15 වැනි සියවස අතර කාලයේ ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ සහ ප‍්‍රංශයේ ඇතැම් භූමි ප‍්‍රදේශවලද මෙවැනි ඉස්ලාමික රාජ්‍යයක් පැවැතියේය. ඔවුන් එම කලාපය නම්කොට තිබුණේ ඇන්ඩාලූස් නමිනි.

6
අයිඑස් ත‍්‍රස්ත සංවිධානය බිහි වීමට බලපෑවේ ජොර්දාන ජාතික අබු මුසාබ් අල් ෂර්කාවි 1999 බිහි කළ ජමාට් අල් තව්හිඞ් වල් ජිහාඞ් නම් සංවිධානයයි. ෂර්කාවි අල් කයිඩා සංවිධානයේ සාමාජිකයකු නොවුවද ඔහුට ඇෆ්ඝනිස්ථානයේ කි‍්‍රයාත්මක වූ අල්කයිඩා සංවිධානය සමඟ සබ`දතා තිබිණි. 2003 සිට 2006 අතර කාලයේ ඉරාකයේ සිදුවූ බොහෝ ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ වූයේ තව්හිඞ් වල් ජිහාඞ් සංවිධානයයි. ඉරාකයේ ෂියා මුස්ලිම් දේවස්ථානවලට, සිවිල් ජනතාව ගැවසෙන ස්ථානවලට, රාජ්‍ය ආයතනවලට, තානාපති කාර්යාල සහ විවිධ ජාතීන්ගේ හමුදාවට අයත් සෙබළුන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ ඔවුන් විසිනි. 


2003 වසරේ  ඉරාක ආක‍්‍රමණයත් සමඟ ෂර්කාවි, ඔසාමා බින් ලාඩන්ගේ අල් කයිඩාවත් සමඟ එක්වූ අතර ‘ඉරාක අල්-කයිඩා’ සංවිධානය ලෙසින් ප‍්‍රචලිත වූයේ ඔවුහුය. සංවිධාන දෙක අතර උපාය මාර්ගික වෙනස්කම් පැවැතියද සහයෝගයෙන් වැඩ කිරීමට ඔවුනට හැකි විය. 2005 ජුලි මාසයේ එවක අල්කයිඩා සංවිධානයේ නියෝජ්‍ය නායකයා වූ අයිමන් අල් සවාහිරි, ෂර්කාවි වෙත ලිපියක් යවමින් ඉරාක යුද්ධය අදියර හතරකින් කි‍්‍රයාත්මක කළ යුතු බව කියා සිටියේය. එහි එක් අරමුණක් වූයේ ඉරාකයේ සිටි ඇමෙරිකානු හමුදා පලවා හැරීම සහ කාලිෆ්වරයකු යටතේ ඉස්ලාමීය බලය ලොව පුරා ව්‍යාප්ත කිරීමය. ඉරාකයේ අසල්වැසි රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය කිරීම සහ ඊශ‍්‍රායෙලයට පහරදීම ඔවුන්ගේ අනෙකුත් අරමුණු වූයේය. 


ලොව පුරා සිටි ජිහාඩි සංවිධානවලින් ෂර්කාවිගේ සංවිධානයට අවශ්‍ය සම්පත් සහ පුද්ගලයන් බ`දවා ගැනීමට අවශ්‍ය සහය ලැබිණි. සියලූ සුන්නි මුස්ලිම් ත‍්‍රස්ත සංවිධාන ෂර්කාවි සමඟ එක්වී ‘මුජහිදීන් සුරා කවුන්සලය’ බිහිකර ගත්හ. අල් කයිඩා සංවිධානයේ පූර්ණ ආශීර්වාදය ෂර්කාවිට ලැබුණු අතර ඉරාකය සමස්ත ජිහාඩි ත‍්‍රස්තවාදීන්ගේ මූලස්ථානය බවට පත් වූයේය.  ෂර්කාවිගේ ඇතැම් උපාය මාර්ගික කි‍්‍රයාමාර්ග පිළිබ`දව අල් කයිඩාවේ පැහැදීමක් තිබුණේ  නැත. 2005දී අම්මාන්හි සංචාරක හෝටල තුනකට එල්ල කළ ප‍්‍රහාරය හේතුවෙන් ඔහු අල්කයිඩාවේ දෝෂදර්ශනයට ලක් විය. 2006 ජුනි 7 වැනි දින අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් අබු මුසාබ් අල් ෂර්කාවි ඝාතනය කෙරිණි. ඔහුගෙන් පසු ඉරාක ඉස්ලාමික රාජ්‍යයේ නායකයා බවට පත් වූයේ ඊජිප්තු ජාතික සටන්කාමියකු වූ අබු අයුබ් අල් මස්රිය.


2006 ඔක්තෝබර් 12 වැනි දින මුජහිදීන් සුරා කවුන්සලය තවත් කුඩා ත‍්‍රස්තවාදී සංවිධන තුනක් සහ සුන්නි මුස්ලිම් ගෝත‍්‍ර සයක් සමඟ එක්ව ‘මුතයිබීන් සන්ධානය’ නමින් සන්ධානයක් ගොඩ නැඟීීය. ඔවුන් අල්ලා දෙවියන් ඉදිරියේ සපථ කරමින් කියා සිටියේ තම විරුද්ධවාදීන් වන ෂියා මුස්ලිම්වරුන් විනාශ කරන බවකි. ඉරාක ඉස්ලාමික රාජ්‍යය (අයිඑස්අයි සංවිධානය) බිහිවූයේ එම සන්ධානගතවීමත් සමඟිනි. එහි එමීර්වරයා ලෙසින් නම් කෙරුණේ අබු ඔමාර් අල් බග්ඩාඩිය. ඉස්ලාමික රාජ්‍යයයේ දස දෙනකුගෙන් යුතු ඇමති මණ්ඩලයේ යුද කටයුතු පිළිබ`ද ඇමතිවරයා ලෙස අබු අයුබ් අල් මස්රි නම් කෙරිණි.
2010 අපේ‍්‍රල් 18 වැනිදා ඉරාක සහ ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අබුු අයුබ් අල් මස්රි සහ අබු ඔමාර් අල් බග්ඩාඩි ඝාතනය කෙරිණි. ජනරාල් රේ ඔඩිනෝ පුවත්පත් සාකච්ඡුාවක් පවත්වා ස`දහන් කළේ එම මෙහෙයුමින් අයිඑස්අයි සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් 42කු ඝාතනය වී හෝ අත්අඩංගුවට පත්වී හෝ ඇති බවයි. එමෙන්ම පාකිස්ථානයේ අල් කයිඩා සංවිධානය සමඟ පැවැති සබ`දතාද අඩාළ කර ඇති බැව් ස`දහන් කළේය.


අබු ඔමාර් අල් බග්ඩාඩිගෙන් පසු ඉරාක ඉස්ලාමික රාජ්‍යයේ නායකත්්වට පත් වූයේ  අබු බකර් අල් බග්ඩාඩිය. සංවිධානයේ ඉහළ පෙළේ නායකයෝ ඝාතනය වී හෝ අත්අඩංගුවට පත්වී හෝ තිබීම මත ඔහුට නායකත්වයට පත්වීමට හැකි විය. සදාම් හුසේන් පාලන සමයේ භාතිස්ට් හමුදාවේ සේවය කළ හමුදා නිලධාරීහු බොහෝ දෙනෙක් කලක් ඇමෙරිකානු හමුදාවේ අත්අඩංගුවට පත්ව සිට ඒ වන විට නිදහස් වී සිටියහ. ඔවුන්ගෙන්  කමාන්ඩර්වරු 25 දෙනකු පමණ බග්ඩාඩි සමඟ එක්වූහ. මේ අතුරින් එක් අයෙකු වූයේ හාජි බාකර් නමින් හැ`දින්වුණු කර්නල් සමීර් අල් ක්ලිෆාවිය. බග්ඩාඩිගේ හමුදාවේ ප‍්‍රධානයා බවට පත්වූයේ ඔහුය. අයිඑස් අයිඑල් නොහොත් ඉරාකය සහ නැගෙනහිර මධ්‍යධරණී  ඉස්ලාමික රාජ්‍යය බිහි කිරීමේ පදනම දමනු ලැබුවේ ඔහු විසිනි.


2011 මාර්තුවේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාඞ්ට එරෙහි ‘සිරියානු අර්බුදය’ පැන නැඟිනි.  විරෝධතාකරුවන් සහ රජයේ හමුදා අතර ගැටුම් නිර්මාණය විය. අල් බග්ඩාඩි සිරියානු සහ ඉරාක ගරිල්ලා සටන්කාමීන් පිරිසක් සිරියාව වෙත යවනු ලැබුවේ තම සංවිධානය සිරියාවේ ස්ථාපනය කිරීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි. එම කණ්ඩායමට නායකත්වය සැපයූවේ අබු මුහමඞ් අල් ජුලානි විසිනි. ඔවුන් හැදින්වූයේ ජබාට් අන් නුස්රා ලි අහිල් අෂ් ෂම් නැතිනම් ‘අල් නුස්රා’ පෙරමුණ නමිනි. අල් නුස්රා සංවිධනය සටන්කාමී සංවිධානයක් ලෙස කඩිනමින් ව්‍යාප්ත වන්නට විය. අසාඞ්ගේ රජයට එරෙහි විරෝධතාකරුවෝ ඔවුන් හා අත්වැල් බැ`ද ගත්හ.


2013 අපේ‍්‍රල් මාසයේ අල් බග්ඩාඩි මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් අල් නුස්රා සංවිධානය නිර්මාණ කළේත්, එයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයනු ලැබුවේත්, ඉරාක ඉස්ලාමීය රාජ්‍යය විසින් බැව් කියා සිටියේය. තමන් එම සංවිධාන දෙක ඒකාබද්ධ කිරීමට තිරණය කර ඇති බවත්, නව සංවිධානය ‘ඉරාක ඉස්ලාමීය අල් ෂාම් රාජ්‍යය’ වශයෙන් නම් කරන බවත් ඔහු පැවසීය. එහෙත් අල් නුස්රා සංවිධානයේ නායකයා වූ අබු මොහොමඞ් අල් ජුලානි එයට විරුද්ධ විය. තමන් තවමත් එවැනි නිගමනයකට පැමිණ නොමැති බව ස`දහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට ඔහු පියවර ගත්තේය. අල් කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් ෂවාහිරි  නායක දෙපළට දැනුම් දුන්නේ තමා මෙම එක්වීමට විරුද්ධ බවකි. මේ අතර අයිඑස් අයිඑල් සංවිධානය සිරභාරයේ සිටි 500කට අධික තම සාමාජිකයන් නිදහස් කරගැනීම ස`දහා තාජි සහ අබු ගරීබ් බන්ධනාගාරවලට ප‍්‍රහාරයක් එල්ල කළහ. මෙයින් කෝපයට පත් අල් ෂවාහිරි අයිඑස් අයිඑල් සංවිධානය විසුරුවා හරින ලෙසට බලකර සිටියේය. අට මාසයක් මුළුල්ලේ පැවැති බල අරගලය නිමාවූයේ 2014 පෙබරවාරියේදී අල් කයිඩාව අයිඑස් අයිඑල් නොහොත් ඉරාකය සහ නැගෙනහිර මධ්‍යධරණී ඉස්ලාමික රාජ්‍යය සමඟ පැවැති සියලූ සබ`දතා අත්හැර දැමීමෙනි.


අයිඑස් අයිඑල් සංවිධානය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමන් සිදුකරන කෲරකම් ලොවට ප‍්‍රකාශ කළේය. පුද්ගලයන් පණ පිටින් ගිනි තැබීම, සොල්දාදුවන්, පුවත්පත් කලාවේදීන්, සාමාන්‍ය සිවිල් ජනයා සහ සහන සේවකයන්ගේ ගෙල කපා මරා දැමීම, සංස්කෘතික උරුමයන් විනාශ කිරීම වැනි කි‍්‍රයා පටිගතකොට ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගත්හ. ලොව පුරා සිටින මුස්ලිම් නායකයෝ ඔවුන්ගේ කෲර කි‍්‍රයාවලට හා දෘෂ්ටිවාදයට විරෝධය පළ කළහ. ඔවුන්ගේ දෘෂ්ටිවාදය වූයේ සලාෆි ජිහාඩිවාදය නැතිනම් සාහසික ජිහාඩිවාදය මත පදනම් වූ ආගමික හා දේශපාලනික දෘෂ්ටිවාදයයි. ඉස්ලාමික රාජ්‍යය සහ කාලිෆ්වරයකු යටතේ පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නේටෝ සංවිධානය, වෙනත් රටවල් සහ ප‍්‍රමුඛ පෙළේ මුස්ලිම් සංවිධානවල විවේචනයට ලක් විය.


2014 ජුනි 29 වැනි දින ඔවුහූ ලෝකව්‍යාප්ත කාලිෆ් රාජ්‍යය ප‍්‍රකාශයට පත් කළහ. අබුබකර් අල් බග්ඩාඩිගේ සමීපතමයකු වන අමීර් අල් මු මිනින් එම රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙස නම්කරනු ලැබිණි. මුස්ලිම් ලෝකයේ ආගමික, දේශපාලනික හා හමුදාමය අධිකාරිය ඔවුන් අතට ගෙන තිබේ. සිරියානු මානව හිමිකම් නිරීක්ෂකයනට අනුව 2014 ජුලි මාසයේදී සටන්කාමීන් 6,300 දෙනකු එම සංවිධානයට අලූතින් බ`දවාගෙන තිබේ. ඔවුන්ගෙන් පිරිසක් නිදහස් සිරියානු හමුදාවේ සිටි සටන්කරුවෝය. 2014 ඔක්තෝබරයේ ඉරාකයේ බැග්ඩෑඞ් නගරය අත්පත්කරගනු ස`දහා සටන්කාමීහු 10,000ක පිරිසක් ඉරාකයට යවනු ලැබූහ.


අයිඑස් ත‍්‍රස්ත සංවිධානයේ නායකයා වන අබුබකර් අල් බග්ඩාඩි  තම අමාත්‍ය මණ්ඩලයේ සහය ඇතිව එම සංවිධානයේ පාලනය ගෙන යයි. ඔහුට නියෝජ්‍ය නායකයන් දෙදෙනෙකි. ඉරාකය ස`දහා පත්කල අබු මුස්ලිම් අල් තුර්ක්මාන් හා සිරියාව ස`දහා පත් කළ අබු අලි අල් අන්බාරි ඔවුන් දෙදෙනාය. සංවිධානයේ සිව්වැනි බලවතා වනුයේ අබු අල් අෆ්රිය. අයිඑස් ත‍්‍රස්ත සංවිධානය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූවකි.


අබුබකර් අල්  බග්ඩාඩිගේ සැබෑ නම ඉබ්රාහිම් ඉබන් අව්වාඞ් අල් සමාරායිය. ඔහු ඉරාක නගරයක් වූ සමාරාහිදී 1971 උපත ලැබීය. සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත ජෙයිෂ් අහ්ල් අල් ජම්මාහ් නම් ත‍්‍රස්ත සංවිධානය බිහි කිරීම ස`දහා සහය ලබා දුන්නේ ඔහුය. පසුකාලයේ නායකත්වය කරා ළඟාවීමට ඔහුට හැකි විය.  ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා ඔත්තු සපයන පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දෙන බැව් ඇමෙරිකාව ප‍්‍රකාශ කොට තිබිණි. ඔහු ගමන්ගත් රථ පෙළකට ඉරාක ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුණු අතර එයින් බග්ඩාඩි මියගියාද යන්න සනාථ වූයේ නැත. මාස කිහිපයකට පසු ඔහුගේ හ`ඩපටයක් නිකුත් කෙරිණි. 2015 පෙබරවාරි 8 වැනි දින ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්වාදීන්ට එරෙහිව ගුවන් ප‍්‍රහාර 56ක් කි‍්‍රයාත්මක වූ අතර ඉන් 7000 කට ආසන්න පිරිසක් මියගිය බැව් අනාවරණය විය. අබුබකර් අල්  බග්ඩාඩි ජිවිතාරක්ෂාව ස`දහා පලා ගිය බැව් සැළවිය.


වත්මනෙහි අයිඑස්අයිඑස් සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 50,000 ඉක්මවන අතර පවුම් බිලියන 2ක පමණ මුදල් හා වෙනත් වත්කම් ඔවුන් සතුය. ඉතා කෲර ත‍්‍රස්ත සංවිධානයක් ලෙසින් ප‍්‍රචලිත මෙම සංවිධානය මිනිසුන් ඝාතනය කිරීම ස`දහා යොදා ගන්නා විවිධ ක‍්‍රමවේද ලොව පුරා මහත් පිළිකුලට ලක්වී තිබේ.

h

 

m



අදහස් (15)

ලෝකය බියෙන් සලිත කළ අයිඑස් ත‍්‍රස්තවාදයේ පැටිකිරිය

සරත් Friday, 04 December 2015 02:31 AM

ඉතිහාසය ගත්තත් මෙයාල ආගම ප්‍රචලිත කරන්න ,අනිත් ඇදහීම් කරන අය අමානුෂික ලෙස මාරුව .අදත් එහෙමයි ,හෙටත් එහෙමයි . පොතේ විදියටම වැඩ කරන අය .(රේ)

:       0       0

ජනක Tuesday, 15 December 2015 05:38 AM

බොරුවට වැඩිකල් ආයුෂ නැහැ. නිර්මල බොදු දහම සදාකල් බැබලෙනවා, එකාන්තයි (ම)

:       0       0

සොපී Wednesday, 02 December 2015 12:54 PM

මට නම් පෙනෙන්නේ මොවුන් මානසික රෝගීන් පිරිසක් ලෙසයි (නි)

:       0       0

චානක Thursday, 03 December 2015 08:07 AM

කඳ, බඳ, බඩ විතරයි මොළය කළඳක් නැහැ (නි)

:       0       0

විජිත් Monday, 07 December 2015 11:33 AM

ඉතාමත් කාලෝචිත ලිපියක්.(ම)

:       0       0

මඩුල්ල ගව්රියල් Thursday, 03 December 2015 04:48 PM

පුබුදු ඔබගේ අදහසට මම එකඟ වෙනවා. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 08 December 2015 09:21 AM

ඉස්ලාම් රාජ්‍ය ඉතාම කිට්ටුයි (බ)

:       0       0

සම්සුදීන් Saturday, 05 December 2015 09:28 AM

මෙම ත්‍රස්තවාදීන් මුඵලෝකෙටම පිළිකාවක්. සහමුලින්ම අතුගා දැමිය යුතුයි. (ස)

:       0       0

අතුල Thursday, 03 December 2015 09:35 AM

ලංකාවෙත් හැංගිලා සැලසුම් ගහනවා ඇති දැනටමත්! (ස)

:       1       0

ජනක Thursday, 03 December 2015 09:36 AM

අර බුදුහාමුදුරුවෝ මිනි මස් වැලඳුව කියලා රට වටේ බුර බුර යන්නෙත් මේගොල්ලන්ගේ අතු ශාකාවක් තමා! (ස)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 03 December 2015 10:10 PM

කරුමය කියන්නේ මොවුන් ම්ලේච්ඡයෝ හැටියට පෙනෙන ලංකාවේ මිනිසුන්ටම, ප්‍රභාකරන් වීරයෙක් හැටියට පෙනෙන එකනේ (නි)

:       0       0

රූපවතී Wednesday, 02 December 2015 07:03 PM

ලේ පිපාසයෙන් මුළු ලොවම ඩැහැගන්න හදන මොවුන්ගේ අවසානය තව පැය කිහිපයකට පමණක් සීමාවෙනවා නම්... (නි)

:       0       0

පුබුදු Wednesday, 02 December 2015 08:39 PM

මගේ අදහස් අනුව ත්‍රස්තවාදී කියන්නේ මහා අනුවණ පිරිසක්. ඒ වගේම කිසිම අණක් ගුණක් නොදන්නා හිත්පිත් නැති මිනිසුන් වශයෙන් ඉපදී මිනිස් වර්ගයාටම අවමන් කරන තිරිසන් ගති තිබෙන පිරිසක්. මොහුන්ට අනුබල දෙන සෑම කෙනෙකුටම ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබේයැයි කියා සිතනවා (නි)

:       0       0

නවරත්න Wednesday, 09 December 2015 04:06 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

විමුක්ති Friday, 11 May 2018 10:22 PM

ආගමේ වැරැද්දක් නෙමෙයි. ආගමික නායකයන්, අහිංසක මිනිසුන් බොරුවෙන් මුලාවෙන් පොළඹවා ගැනීමක් කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3307 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1020 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site