IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ලංකාවේ ඇති තෙල් සම්පත

මන්නාරම් ද්‍රෝනියේ ගෑස් හා තෙල් නිධි මතු වූ පුවත දළදා සමිඳුන්ගේ සෙවණේ සිට තමා මුළු රටටම දැනුම් දෙන්නේ ඉමහත් ප‍්‍රීතියකින් බව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේ ඔක්තෝබර් දෙවැනිදාය. එය බොහෝ කාලයක සිට, දල්වාගත් බලාපොරොත්තුවක ප‍්‍රතිඵලයකි. ගෑස්, තෙල් මතු නොව, රන් මැණික්, මිනිරන් ආදී වටිනා පාෂාණ ආකරයකින් මේ ලක් පොළොව පිරී තිබේ. අප ඒ මත දෙපය තබනවා මිස, පයට පෑගෙන හැම වැලි කැටයක් පාසාම දියුණුවේ රහස් සැඟවී ඇතැයි කිසිවිටෙකත් සිතා නැත. එහෙත්, ඇත්ත එයයි. ශ්‍රී ලංකාව යනු ඛනිජ සම්පත් ආකරයකි. එම ආකරය පිරී ඇත්තේ බොහෝ විට, ආසියාවේ වටිනාම සහ, හොඳම ඛනිජ වර්ගයන්ගෙන් බව, සමහර විට තවමත් ඔබ නොදන්නවා විය හැකිය. අප රට සතු ඛනිජ සම්පත් සහ ඒවායේ වටිනාකම්ද, එමගින් අපට උපයා දෙන විදේශ විනිමය ප‍්‍රමාණය ද යන මූලික කාරණා විවරණයට මෙම ලිපිය වෙන්කෙරේ. ශ්‍රී ලංකාව සතු ඛනිජ සම්පත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාශයේ, භූ විද්‍යාඥ දීපානි වීරකෝන් මහත්මිය පෙන්වා දෙන අන්දමට ප‍්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් වර්ග විස්සකට (20) අධික ප‍්‍රමාණයක් ඇති බව මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ තීරුවානා, මිනිරන්, තලාතු මිනිරන්, ෆෙලිස්පා, පොස්පේට්, මැණික්, ඛනිජ වැලි, ඩොලමයිට්, හුණුගල්, සිලිකා වැලි, යපස්, කැල්සයිඞ්, රත්තරන්, බෝල මැටි, කෙයෝලීන් මැටි, වළං මැටි, උළු ගඩොල් මැටි හා විසිතුරු පාෂාණ වශයෙනි. ඊට අමතර වශයෙන් තෙල් හා ගෑස් නිධි ඇති බවටද මන්නාරම් ද්‍රෝණියේ කැණීම කරන ”කෙයාන්ස්” ඉන්දීය සමාගමක් මේ වන විට තහවුරු කොට තිබේ. මෙම ඛනිජ සම්පත් වර්ගයන්හි, වැඩි ප‍්‍රතිශතය, මෙරට නිමි ද්‍රව්‍ය නිපදවීම සඳහා මූලද්‍රව්‍ය ලෙස භාවිත වන අතර, වර්ග පහක් (05) පමණක්, විදේශයන්ට අපනයනය කෙරේ. ඛනිජ සම්පත් බහුල ප‍්‍රදේශ සහ ඒවායේ භාවිතය පරිගණක මෘදුකාංග, ඇතුළු අධි තාක්‍ෂණික උපකරණ නිෂ්පාදනයට යොදා ගන්නා තලාතුමිනිරන් මධ්‍යම පළාතේ, මාතලේ,  ඕවල යන ප‍්‍රදේශ කේන්ද්‍රකොට හමුවී ඇති අතර, එවා, අපනයනික ඛනිජ සම්පත් වර්ගයට අයත්වේ. ජපානය, සිංගප්පූරුව, මැලේසියා යන රටවලට මෙන්ම, යුරෝපයට තලාතු මිනිරන් අපනයනය කෙරේ. ගලහ, අකරැුල්ල, කබරව යන ප‍්‍රදේශ මූලිකව තිරුවානා හමුවී ඇති අතර බෝගල කහටගහ, කොළොන්ගහ යන ප‍්‍රදේශවලින් මිනිරන් හමුවී ඇත. ශ්‍රී ලංකාවේ මිනිරන්, යනු ලෝකයේ සියලූ මිනිරන් අතුරින් පිරිසිදු භාවයෙන් ඉහලම මිනිරන් බවටද සනාථ වී තිබේ. යුද උපකරණ ඇතුළු නිමි ද්‍රව්‍ය නිපදවීමට ඒවා යොදා ගැනේ. පිඟන් සැදීමේ, මූලික සංයෝගයක් ලෙස භාවිතයට ගැනෙන, ෆෙලිස්පා ඛනිජ වර්ගය මාතලේ ප‍්‍රදේශය නියෝජනය කරයි. එප්පාවල පිහිටි පොස්පේට් නිධියද, ශ්‍රී ලංකාවට මහා සම්පතක් වන්නේ, ලෝකයේ ඉහළම පොස්පේට් ප‍්‍රතිශතයක් ඇති, නිධිය එය වීම නිසාය. මූලික වශයෙන්, පොහොර වර්ග නිෂ්පාදනයට පොස්පේට් යොදා ගනු ලබයි. සබරගමුව පළාත කේන්ද්‍රකොට, අපේ මැණික් නිධි හමුවී ඇති අතර, පුල්මුඬේ පිහිටි මහා ඛනිජ වැලි නිධියට අමතරව නයාරූ, කුදිරමලේ හා ගාල්ල හම්බන්තොට, ප‍්‍රදේශයන්හීද ඛනිජ වැලි ඇති බවට හඳුනාගෙන ඇත. ඛනිජ වැලි වර්ග ද කොටස් කිහිපයකට වෙන් කෙරෙන අතර ඉල්මනයිට්, මොනසයිට්, රූටයිල්, ගානට් සහ සිලිමනයිට් ලෙස  ඒවා වර්ගීකරණය කොට තිබේ. සැහැල්ලූ අභ්‍යාවකාශ යාන, මිසයිල ඇතුළු උපකරණ නිපදවීම සඳහා අවශ්‍ය, ශක්තිමත් හා සැහැල්ලූම මූලද්‍රව්‍ය වන ටයිටෑනියම් ලබාගත හැක්කේ මෙරට ඛනිජ වැලි මගිනි. ඒ අනුව ඛනිජ වැලිද අපනයනික ඛනිජ සම්පතකි. තේ පැල සිටුවීමේදී පසෙහි අඩංගු සිලිකා ප‍්‍රමාණය අවම කිරීම සඳහා යොදා ගන්නා පොහොර නිෂ්පාදනය කෙරෙන ඩොලමයිට් සම්පත, මාතලේ හා දිගන  ප‍්‍රදේශ වෙතින්  හමුවී ඇත. සිමෙන්ති කර්මාන්තයට යොදා ගන්නා මයෝසීන හුණුගල් නිධිය පුත්තලම සිට යාපනය දක්වා දිවෙන මුහුදු සීමාවේ පිහිටා තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ, මෙම හුණුගල් නිධිය මයෝසීන යුගයේදී හමුවී ඇති බැවින්, ඊට මයෝසීන හුණුගල් වශයෙන් භාවිතා කරන බවයි. වීදුරු කර්මාන්තය සඳහා යොදා ගන්නා, සිලිකා වැලි (වීදුරු වැලි) නාත්තන්ඩිය, මාරවිල සහ, අම්පන්වල්ලිපුරම් යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව බහුලව දැකිය හැකිය. හලාවත පනිරෙන්ඩාව, විලගෙදර, සේරුවාවිල  හා බුත්තල යන ප‍්‍රදේශ මූලිකව යපස් නිධි  හමුවී ඇති අතර, ලෝහ නිෂ්පාදන හා යකඩ කර්මාන්තය සඳහා යපස් යොදා ගනී. කඩදාසි හා පිඟන් නිෂ්පාදනයේ මූලද්‍රව්‍යයක් වන කැල්සයිඞ් ඛනිජ සම්පත බලංගොඩ ආශ‍්‍රිතව පිහිටා ඇත. තිරුවානා හා රෝස තිරුවානා කුට්ටි සමඟ මිශ‍්‍රවද , තනි තනි වශයෙන් ද රන් හමුවෙන ප‍්‍රදේශ ලෙස රම්බොඩ, බලංගොඩ, හා කුරුවිට දැක්වෙන අතර වළවේ ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශ තුළ මැණික් නිධි අතරේද රත්තරන් තිබෙන බවට හඳුනාගෙන ඇත. පිඟන් ගඩොල් හා පිඟන් කර්මාන්තයට බහුලව යොදා ගැණෙන, බෝල මැටි, කළුතර, දෙදියවල ප‍්‍රදේශ වෙතින් හමුවී තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අවශ්‍යාතාවට ප‍්‍රමාණවත් තරමේ බෝල මැටි නොමැතිකමින් මේ වන විට, එය ආනයනික ඛනිජ සම්පතක් වී ඇත. චීන මැටි නොහොත්, කෙයෝලීන් මැටි, මීටියාගොඩ හා පිළියන්දළ ප‍්‍රදේශ කේන්ද්‍රගතව හමුවන අතර එය පිඟන් කර්මාන්තයේ මූල ද්‍රව්‍යයක් ලෙස යොදාගනු ලැබේ. ගිංතොට, වැලිගම, කෑගල්ල, යටියන හා කොච්චිකඬේ, දංකොටුව යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව වළං මැටි හා උළු ගඩොල් මැටි හමුවන අතර, කුරුණෑගල, කැබිතිගොල්ලෑව, අනුරාධපුර ප‍්‍රදේශ මුල්කොට විකිරණශීලි ඛනිජ අඩංගු නොවන විසිතුරු පාෂාණ, හමුවී තිබේ. ග‍්‍රැනිට් පාෂාණ, චානුකයිට් පාෂාණ යන මේවාට ඉතාලියේ ඉහළ ඉල්ලූමක් ඇති අතර, විසිතුරු කැටයම්, පිඟන් ගඩොල් ආදී නිර්මාණයන්ට ඒවා යොද ගනු ලබයි. ගෑස් හා තෙල් නිධි මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් නිධි ඇති බවට වන කැණීම් සඳහා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අතගසා ඇත්තේ මීට වසර 40 එපිට අතීතයේදී බව පැවසේ. වරින් වර යට යමින් මතුවෙමින් පැමිණි ඒ කාර්යය, යළිත් සමීක්‍ෂණ තලයට පැමිණියේද දෙදහ දශකයේදීය. නෝර්වේ රාජ්‍යයේ සමාගමක් විසින් කරන ලද එම මූලික වටයේ කැණීම් සාර්ථකත්වය මත. යළිත් දෙවැනි මට්ටමේ සමීක්‍ෂණයක් කළ අතර, ඒ අනුව ස්ථීර ලෙසම මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් ඇති බව අනාවරණය කෙරිණ. ශ්‍රී ලංකාවේ ගෑස් හා, ඛනිජ තෙල් කැණීම් කටයුතු විදේශීය සමාගම් වලට විකුණා ඇති අතර ඉන් එක් කොටසක් ඉන්දියන්, කෙයාන්ස් සමාගම සතුව පවතී. ඒ අනුව ඔවුන් මන්නාරම් ද්‍රෝණියේ, මීටර් 1300 වන මුහුදු ගැඹුරට යටින් වූ මුහුදු පත්ලේ මිහිවිදුම් කටයුතු කොට ඇත්තේ ත‍්‍රීමාන කම්පන විශ්ලේෂනයක් ද සිදු කිරීමෙන් පසුවය. එම කැණීම් මගින් මේ වන විට තහවුරු වී ඇත්තේ තෙල් වලට වඩා වැඩි ප‍්‍රතිශතයක් ගෑස් තිබිය හැකි බවයි. අපනයනික ඛනිජ සම්පත් සහ ආදායම් ජාතික ඛනිජ සම්පත් ප‍්‍රතිපත්තියට අනුව, දේශීය වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැණෙන ඛනිජ සම්පත්, විදේශයන්ට අපනයනය නොකෙරේ. ඒ අනුව, අපනයනික ඛනිජ සම්පත් අතරට අයත් වන්නේ, දමනි තිරුවානා, මිනිරන්, තලාතුමිනිරන්, ඛනිජ වැලි වර්ග මැණික් හා විසිතුරු පාෂාණ පමණි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සතු දත්ත අනුව, අපනයනික ඛනිජ සම්පත මඟින් 2010, වසරේ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන දහ දහස් දෙසිය අනූ එකක් උපයා තිබේ. ඒ මැණික් සඳහා රුපියල්  මිලියන 7500, දමනි තීරුවානා සඳහා, මිලියන 1008, මිනිරන් සඳහා රුපියල් මිලියන 450, තලාතු මිනිරන් සඳහා මිලියන 96, විසිතුරු පාෂාණ සඳහා රුපියල් මිලියන 56ක්ද වශයෙනි. ඊට අමතරව, ඛනිජ වැලි වර්ග හතරක් සඳහා (ඉල්ලමනයිට්, රූටයිල්, සර්කෝන් හා ඛනිජ මිශ‍්‍රිත වැලි) රුපියල් මිලියන 1181 ක මුදලක් ද ඊට අයත්ය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ ඉතිහාසය

මන්නාරම් මුහුද ආශ‍්‍රිත තෙල් සහ වායු සංචිත ඇත්දැයි සොයා බැලීම ඇරඹී ඇත්තේ මීට වසර හතළිස් පහකට පමණ ඉහතදීය. ඒ 1967 වර්ෂයේ ”කැම්පේන් ජෙනරල් ද ජියොෆිසික්” නැමැති ප‍්‍රංශ සමාගම හා, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව කළ සමීක්‍ෂණයකිනි. අනතුරුව, 1974 වර්ෂයේදී ද රුසියානුවන් විසින් මන්නාරම් දුපත ආශ‍්‍රිතව ගවේෂණ කරන ලද නමුත් සෑහීමකට පත්විය හැකි අන්දමේ ප‍්‍රතිඵලයක් අත් නොවිණි. එසේ වුවද තෙල් හා ගෑස් පිළිබඳව වන බලාපොරොත්තු අත් නොහැරි ශ්‍රී ලංකා තෙල් සංස්ථාව, 1975 වර්ෂයේදී ”පෙක්සමින් ෆැසිපික්” සමාගමේ උපදේශකත්වය මත, තෙල් ගවේෂණය නව ක‍්‍රමවේද පිළිබඳ දැනුමින් සන්නද්ධ විය. ඒ අනුව, 1976 වසරේදී ”වෙස්ටන් පියෝෆිසිකල්” සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ සහ පෝක් සමුද්‍රසන්ධිය ආශ‍්‍රිතව ද්විමාන භූ කම්පන දත්ත  රැස් කරන ලද අතර, ඉදිරි ගවේශන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා තෙල් සංස්ථාව පෙක්සමින් ෆැසිපික් ආයතනය සමග ගිවිසුමකට ද එළැඹ තිබේ. එමඟින් කාවේරි ද්‍රෝණියේ ගවේෂණ වෙනුවෙන් පෝක් සමුද්‍ර සන්ධි 1, සහ ඩෙල්ෆ් 1, යන කලාපවල තෙල් ළිං දෙකක් කණිනු ලැබුවද ප‍්‍රතිඵල  සතුටුදායක නොවිණි. 1984, වසරේදී තෙල් සංස්ථාවත්, ”ෆිනික්ස් කැනඩා ඔයිල්” හා ”පෙට්‍රොල් කැනඩා” යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් අත්සන් කෙරුනේද තෙල් හා ගෑස් පිළිබඳව වන අපගේ සිහින මල්පළ ගැන්වීම වෙනුවෙනි. එමඟින් මන්නාරම් ද්‍රෝණියේ ද්විමාණ භූ කම්පන දත්ත රැස් කෙරුණු අතර, එය මන්නාරම් බොක්කේ කළ පළමු භූ කම්පන දත්ත රැස්කිරීමේ වැඩ සටහන ද විය. නමුත් 1984 වර්ෂයෙන් පසුව නවතා දැමුණු තෙල් හා වායු ගවේෂණ කටයුතු යළි කළ එළි බසින්නේ 2001 - වර්ෂයේදීය. එම වසරේ නෝර්වේජියානු සමාගමක් වන ”ටී.ජී.එස්. නෝපෙක්” සමාගම සහ තෙල් සංස්ථාව එක්ව මන්නාරම් ද්‍රෝණියේ භූ කම්පන දත්ත යළි රැස්කළ අතර 2002දී ”නිව් සවුත් ග්ලෝබල්” සමාගම මගින් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලදි. එම වාර්තාව මගින් මන්නාරම් බොක්කේ තෙල් සංචිතයෙහි ප‍්‍රමාණය පිළිබඳවද දළ ඇස්තමේන්තුවක් දක්වා තිබිණ. ඒ සමගම ටී.ජී.එස්. නෝපෙක් සමාගම මන්නාරම් ද්‍රෝණිය ආශ‍්‍රිතව තවත් කිලෝමීටර් 4600 දත්ත රැුස් කළේය. 2007, වසරේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ ප‍්‍රදේශ තුනකට බලපත් නිකුත් කිරීමේ ක‍්‍රියාවලියක් අරඹන්නේ මේ පසුබිම සැලකිල්ලට ගනිමිනි. 2008 දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්දියානු සමාගමක් වන කෙයාන් හා ගිවිසුමකින් බැඳෙන අතර ඊට අනුව ගැඹුරු මුහුදේ තෙල් කැණීම්  කරන ”චික්යු” ජපන් නෞකාව මන්නාරම් මුහුදට සේන්දු විය. මෙතෙක් සිදුකොට ඇති සමීක්‍ෂණ මගින් මන්නාරම මුහුදු පතුලේ හයිඩොකාබන් තැන්පතු කිහිපයක් ඇති බව සනාථ වී ඇති අතර, එම තෙල් නිධි ඇති ස්ථාන නිවැරදිව හඳුනාගැනීමෙන් අනතුරුව ”චික්යු” තම කැණීම් කාර්යය ආරම්භ කරනු ඇත. එසේ වුවද හයිඩ්‍රොකාබන් තැන්පතුවේ ප‍්‍රමාණය හා ගැඹුර අනුව තෙල් හා ගෑස් ලබාගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ තක්සේරුවකට එළැඹීමකට ද ඒවා වෙළඳපලට නිකුත් කිරීමට ද තවත් වසර ගණනාවක් ගතවනු ඇති බව ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්ගේ මතයයි.    



අදහස් (8)

ලංකාවේ ඇති තෙල් සම්පත

නිත්‍යා Saturday, 12 January 2013 03:45 PM

මේ තෙල් වලින් අපිට ප්‍රයෝජනයක් ගත හැකි වේවිද ? (ස)

:       2       33

කුමාර Saturday, 11 May 2013 09:32 PM

ඔබගේ ලිපිය මට ගොඩක් වැදගත් උන අතර ඛනිජ සම්පත් ගැන තව විස්තර එවන්න පුලුවන්ද?(නදී)

:       0       32

චමින්ද Friday, 13 July 2012 12:54 PM

අපිට ආඩම්බර වුණත් අපිට ඒ වරප්‍රසාදය භුක්ති විදින්න බෑනේ

:       0       12

චමින්ද Friday, 13 July 2012 01:33 PM

ලංකාවේ ඇති තෙල් සම්පත ගැන අපිට ආඩම්බරයි.ඒත් තෙල් කොච්චර තිබුණත් අපිට රුපියලක්වත් අඩුව තෙල් මිළට ගන්න බැරි එකයි දුකයි.

:       0       1

නුවන් සනිදීප Saturday, 10 June 2017 07:50 PM

තෙල්, ගෑස් සමිපත ස්වභාව ධර්මයේ දායාදයක් නම් එය ලෝකයේ ජීවත්වෙන සෑම මිනිසෙකුටම අයිතියි. තෙල් සමිපත අපට ලැබුණොත් එය ලෝකයත් සමග බෙදා ගන්නේ කෙසේද? සමසේ බෙදා ගන්නවාද? නැතිනම් තනි අයිතිය ඉල්ලා අරාබි ජාතිකයින් මෙන් සෙසු ජාතීන් සමග යුද්ධ කරනවාද? සුදුසු දෙයක් කළ යුතුයි...

:       7       8

Inshaf Tuesday, 02 July 2019 05:08 AM

අර්ථවත් ලිපියක්. මේ සම්බන්ධව තවත් කරුණු ඇත්නම් එවන්න.

:       0       0

Inshaf Tuesday, 02 July 2019 05:10 AM

තවත් ලිපි ඇත්නම් එවිය හැකිද...?

:       0       0

Chanaka Indrajith Dissanayaka Wednesday, 06 November 2019 05:44 PM

ඉතා වැදගත් ලිපියක්. අපේ පාසැල් කාලෙ අපි මේ ගැන ඉගෙන ගත්තා. ඒ නිසා අපේ රටේ වටිනාකම අපි දන්නවා, අපිට කැක්කුමක් තියනවා. ඒත් අලුත් විෂය නිර්දේශයන් හි මේවා තියනවද කියන්ඩ නම් දන්නැහැ. මේ ලිපිය මගේ දරුවන් වෙනුවෙන් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ගොඩක් ස්තුතියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 121 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 167 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 51 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 43 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 932 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1093 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 146 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 907 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site