ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. වගාවන්ට සුදුසු දේශගුණය සහ වර්ෂාපතනය ඇත. ඈත අතීතයේ සිංහල රජ දවස සහලින්ස්වයංපෝෂිත රටකි. පරාක්‍රම සමුද්‍රය, යෝධ වැව, තිසාවැව, වැනි විශාල වැව් තනා වාරි ක්‍රම සකස් කර වී වගාව සරු කර ඇත. තාක්ෂණික ක්‍රම යොදා අහසින් වැටෙන එක දිය බිඳක්වත් මහා සාගරයට යා නොදී රැකගත යුතු බව මහ පැරකුම් රජු ප්‍රකාශ කළේය. එදා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයක් වශයෙන් ප්‍රසිද්ධ විය. සහලින් පමණක් නොව අපිට අවශ්‍ය සියලුම බෝගවලින් රට ස්වයංපෝෂිත විය. අප රට අන් රටවලට පාඩම් ඉගෙන ගත හැකි තක්ෂිලාවක් බඳුය. එහෙත් දැන් සහල් ඇතුළු ආහාර බෝග පිටරටින් ගෙන්වීම කොතරම් ලජ්ජාවක්ද?
රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආදී වශයෙන් ආයතන රැසකි. බතලගොඩ, අම්බලන්තොට වී පර්ෙෂණ ආයතනවලින් රටට අවශ්‍ය නව වී වර්ග හඳුන්වා දෙයි. මහඉලුප්පල්ලම පර්ෙෂණ ආයතනය ගොඩ බෝග සඳහා නව ප්‍රභේද නිපදවයි. තලවකැලේ තේ, අගලවත්ත රබර්, ලුණුවිල පොල් ආදී පර්ෙෂණ ආයතන ප්‍රධාන බීජ හඳුන්වා දීමට කටයුතු කරයි. සත්ව පාලනයද කෘෂිකර්මයේ වැදගත් අංගයකි. එය හරියාකාරව නොකරන නිසා විශාල මුදලක් ඒ සඳහා පිටරටට ඇදී යයි.
විශ්වවිද්‍යාලවලින් කෘෂි උපාධිධාරීන් රටට බිහිවේ. කෘෂිකර්ම විද්‍යාලවලින් කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් වැඩි පිරිසක් පිටවෙති. කෘෂිකර්ම විෂයය ඉගැන්වීම සඳහා ගුරු පුහුණු අධ්‍යාපන පීඨයන්ද ඇත. සෑම පාසලකම පාහේ උසස් පෙළ පංතිවලටද විෂයයක් වශයෙන් කෘෂි විද්‍යාව උගන්වයි. නමුත් ඒ ගැන ප්‍රායෝගික දැනුමක් නැත. ඊට හේතුව අපට ජීවත්වීමට අත්‍යවශ්‍ය වූ ආහාර සපයන්නේ කෘෂිකර්මාන්තයෙන් බව නොදන්නා නිසායි.
අපේ රටේ කෘෂිකර්මය උගතුන් බලාපොරොත්තු වන්නේ රජයේ රැකියාවල් පමණි. දැනට අප රටේ කෘෂිකර්ම උපාධිධාරීන් වැඩි කොටසක් විෂයය දැනුමට අදාළ නොවන සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරයි. රජය විශාල මුදලක් වැය කර කෘෂිකර්ම උගතුන් බිහිකළත් වැඩි දෙනකුගෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් නොලැබේ. අපේ රට ස්වාභාවික සම්පත් පිරුණු වාසනාවන්ත රටක්. එමනිසා ඒවා ප්‍රයෝජනයට ගෙන ඉක්මනින් කටයුතු කළ යුතු කාලයක් උදාවී ඇත.
මේ සඳහා කළ යුතු දේ අපමණය. එහෙත් එහි ප්‍රධාන කර්තව්‍ය කළ යුත්තේ අධ්‍යාපනය තුළින්මයි. දැනට මියැදෙමින් තිබෙන අපේ හදවත බඳු මහ පොළොව සරුසාර කිරීමට කටයුතු නොකළොත් අනාගත පරම්පරාව අපිට දොස් කියයි. අද ද අපේ මුතුන්මිත්තන් දේවත්වයෙන් සලකන්නේ එදා අපේ රට ස්වයංපෝෂිත රටක් කළ නිසාය. මෙහිදී ආර්ථික අගාධය කරා ගමන් කරන යැපුම් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමටත් වානිජ කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීමටත් යෝග්‍ය වන පරිදි කෘෂි අධ්‍යාපනය සැලසුම් කිරීම වැදගත් වේ. විශේෂයෙන් කෘෂිකර්ම විෂයය හදාරා පාසල් හැර යන බහුතරයක් වූ දරුවන් වෙනුවෙන් දායාද කරන විෂයයක් වශයෙන් කෘෂිකර්ම විෂයය හැඳින්විය හැකිය.
ඉහත කරුණු සැලකිල්ලට ගෙන පාලක පක්ෂය විසින් ගතයුතු පියවරක් ලෙස කෘෂිකර්ම විෂයය පාසල් විෂය නිර්දේශයට (සිලබස් එකට) ප්‍රධාන විෂයයක් ලෙස ඇතුළත් කිරීම අපේ රටට කරන ලොකුම යහපතක් ලෙස පෙනේ. ඒ මගින් ළමා පරපුර තමන්ට ජීවත්වීමට ආහාර සපයන කෘෂිකර්මය ගැන මනා අවබෝධයක් ඇතිකර ගනී.
අද තාක්ෂණය දියුණුවීමත් සමග හඳතරණය කරන්න, විද්‍යාඥයින් බිහිවන්න, උගතුන්, බුද්ධිමතුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, රූපවාහිනී ගුවන් විදුලි, ඔන්ලයින් මේ හැම දෙයක්ම කරන්න අපි ජීවත් විය යුතුය. ජීවත්වෙන්න අත්‍යවශ්‍ය දෙය නම් ආහාර ගැනීමයි. එය ළමා මනසට කුඩා කල සිටම ඇතුළු කර ඒවා ලබා දෙන ගහට කොළට පසට ඇල්මක් දක්වන ලෙස කුඩා මනසට අධ්‍යාපනය තුළින් ලබා දිය යුතුම වටිනාම දෙයක් ලෙස මම දකිමි.
එදා අප රටේ වැඩ වාසය කළ අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමි වදාළ අති උතුම් අදහස නම් මිනිසා හදා රට හැදිය යුතුයි යනුවෙනි. ඒ නිසා මිනිසා හැදිය යුත්තේ මෙලොවට බිහි වූ දිනයේ සිටයි. එසේ නම් පළමු වගකීම දෙමාපියන්ගේය. ඊට පසු ගුරු පරපුරේ වගකීමයි. ඒ නිසා ළමා අවදියේදීම හොඳ ගුණ ධර්මවලින් පෝෂණය කළ යුතු අතර අපට ජීවත්වීමට අත්‍යවශ්‍යම දෙය ආහාර බව වටහා දිය යුතුය. බුදුන් වහන්සේ දේශනා කළේ ‘සබ්බේ සත්තා ආහාරක්ටිකා’ යනුවෙනි. ඒ අනුව සියලුම සත්වයන්ට ජීවත්වීමට අත්‍යාවශ්‍ය ප්‍රධානම දෙය ආහාරයයි. ආහාර ලබා ගන්නා කේන්ද්‍රස්ථානය මහ පොළොවයි.
අද උද්ගත වී ඇති තත්ත්වය අනුව බාල පරපුර කෘෂිකර්ම ප්‍රායෝගික අධ්‍යාපනය ලබා තිබුණා නම් නිවෙස්වලට වී ගතකළ කාලයේ වගාවන්ට දායක වීම මව්පියන්ට කොතරම් සතුටක්ද, සහනයක්ද, එසේ නම් කල් මරන්නේ නැතුව කෘෂිකර්ම අධ්‍යාපනය ළමයින්ට අනිවාර්ය විෂයයක් කිරීම රටට සෞභාග්‍යයේ දැක්මක් ලෙස පෙනේ.
(***)
මාතර, රාහුල විද්‍යාලයේ
විශ්‍රාමලත් ආචාරිනී (කෘෂිකර්ම)
ඒ.සී. වික්‍රමාරච්චි
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාවේ කෘෂිකාර්මික අධ්‍යාපනය
hesa Sunday, 19 December 2021 03:47 AM
කඩාකප්පල්කාරීන් මීට අකුල් හෙලයි.. ඒවා නොතකා ආරම්භ කිරීමයි කළයුතු..
Anura Nanayakkara Sunday, 19 December 2021 04:30 AM
ඉතා වටිනා අදහස් සහිතව ලියැවුණු ලිපියකි..
ප්‍රේමසින්හ Sunday, 20 November 2022 11:12 PM
මුකුත් නැහැනේ...