IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ලංකාවේ ණය අර්බුදයේ හෙට දවස

වර්තමානයේදී යළිත් වරක් රජයේ ණය ගැනීම් පිළිබඳ කතාබහක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම මෑතකදී බලයට පත්වූ ආණ්ඩුව පසුගිය දෙසතිය තුළ දේශීය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමත් සමග මෙම කතාබහ ඇති වී ඇත.

මෙම ලිපිය මගින් උත්සාහ කරනු ලබන්නේ පසුගියදා ලබාගත් ණය පිළිබඳ සාකච්ඡා කිරීමට නොවේ. ණයට අදාළව මතුව ඇති කතිකාව පුළුල් වූ මානයක් වෙත ගෙනයනු වස් දැනට ඉතා ඉහළ මට්ටමක පවත්නා ණය ‍බර හේතුවෙන් රටේ ආර්ථිකයේ හෙට දවසට අදාළව ඇති අභියෝග සහ රටක් විදියට එම අර්බුදයෙන් ගොඩඒම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමය. 

 

වත්මන් රාජ්‍ය ණය තත්වය

මේ මස 14 වැනි දා මුදල් අමාත්‍යාංශය විසින් පූර්ව මැතිවරණ රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් එළිදක්වන ලදී. එම වාර්තාව මැතිවරණය සඳහා තරගවදින අ‍පේක්ෂකයන් මෙන්ම ඡන්දය භාවිත කිරීමට අපේක්ෂිත ඡන්දදායකයන්ද විමර්ශනය කළයුතු එකක් බව සිහිපත් කළයුතුව ඇත. මීට පෙර මෙවැනි වාර්තාවක් එළිදැක්වීම සිදුනොවුණත් මෙවර එසේ ප්‍රකාශයට පත්කිරීමට හේතු වූයේ මෙම වසරේ පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ එවැනි ලේඛනයක් ප්‍රකාශයට පත්කිරීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකළයුතු බව නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇති පසුබිමකය.

එම වාර්තාවට අනුව, මෙම වසරේ පසුගිය ජුනි මස අග වනවිට රජයේ මුළු ණය බර රුපියල් බිලියන 28,563 ක් නැතහොත් රුපියල් ට්‍රිලියන 28.6 කි. එම ප්‍රමාණයෙන් සියයට 38.5ක් විදේශීය ණය වේ. එම වාර්තාවේම සඳහන් වන පරිදි මධ්‍යම රජයේ විදේශීය ණය ප්‍රමාණය මෙම වසරේ අගෝස්තු මස අවසන් වනවිට ඇමරිකානු ‍‍ඩොලර් බිලියන 38.1 කි. මෙම විදේශීය ණය ප්‍රමාණය තුළ ණය ගෙවීම තාවකාලිකව අත්හිටවනු ලැබූ කාලයේ නොගෙවා ඇති ණය සහ පොලී ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක්ද  ඇතුළත්ය. (නොගෙවූ මුල් මුදලේ කොටස: ඇ. ඩොලර් බිලියන 5.8 ක් සහ පොලී ප්‍රමාණය: ඇ.ඩොලර් බිලියන 2.6).

ආර්ථිකය IMF පුරෝකථන අභිබවා වර්ධනය වන තත්වයක් යටතේ, විදේශ වාණිජ ණය‍ට අදාළව රටට ලැබෙන සහනයේ (hair-cut) තරම පහත යාමට වැඩි ඉඩකඩක් පවතී. ඒ අනුව සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය අවසන් වුවද සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ණය බර සැහැල්ලු‍ වෙතැයි සිතිය නොහැක. මෙතැන් පටන් අභියෝගය වන්නේ මෙම ණය ප්‍රමාණය මෙන්ම ඉදිරියේදී ගනු ලබන ණය ද තිරසාරව ගෙවා ගැනීමේ හැකියාව ආර්ථීකය තුළ ඇති කරගන්නේ කෙසේද යන්නයි. ඉදිරි අයවැය තුළ මැදිකාලීනව රාජ්‍ය ණය බර කළමනාකරණය, ආදායම් වර්ධනය සහ වියදම් තාර්කීකරණයට අදාළ යෝජනා ඉදිරිපත් වෙතැයි අපට අපේක්ෂා කළ හැකිවේ.

 

ණය අර්බුදයට හේතුව

වත්මන් ණය අර්බුදය පිළිබඳ හේතු විවිධාකරයෙන් ඉදිරිපත් කර පවතී. ඉතා කෙටියෙන් පවසතොත් කාලයක් තිස්සේ අයවැය තුළ මෙන්ම ගෙවුම් ශේෂයේද පවත්නා හිඟය රාජ්‍ය ණය බර ඉහළ යාම සඳහා ඍජුවම බලපෑ අතර විශේෂයෙන්ම විදේශ ණය මත පදනම්ව පලදායී නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙන්ම අල්ලස, දූෂණය සහ නාස්තිය නිසා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ‍අහිමි වී ඇත. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීමට මෙන්ම ණය ගැනීම සීමා කිරීම සඳහා අතීතයේදී විවිධ ආණ්ඩු යටතේ උත්සාහ කළද ඒ සඳහා මහජන සහාය නොලැබුණි. ඒ අර්ථයෙන් ගත්කල දේශපාලකයන් පමණක් නොව මහජනතාවද රට ණය අර්බුදයට තල්ලු‍ කිරීමට වක්‍රාකාරව අනුබල දී ඇත. අවස්ථා කිපයකදී අයවැයේ ප්‍රථමික ගිණුමේ ශේෂයක් ඇතිකර ගැනීමට හෝ එහි හිඟය පහත හෙළීමට උත්සාහ ගන්නා ලදී. ඒ සෑම අවස්ථාවකම ඒ සඳහා වැඩකටයුතු කරන ලද ආණ්ඩුව ඊළඟට පැවත් වූ ඡන්දයෙන් ගෙදර යැවීමට මහජනතාව කටයුතු කළහ. උදාහරණයක් ලෙස 2002-2005 රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ අයවැය හිඟය පහත හෙළීම, ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ඇති කරගැනීම මෙන්ම රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීමට කටයුතු කළේය.

ඊට අමතරව රාජ්‍ය ආදායම් එකතු කිරීම, ශක්තිමත් කිරීම සඳහා ආදායම් අධිකාරියක් පිහිටුවීමට ද යෝජනා විය. එමෙන්ම 2017-18 කාලයේ යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ඇති කරගන්නා ලදී. පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය මූල්‍ය විනය ඇතිකර ගැනීම සඳහා පියවර රාශියක් ගනු ලැබූ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ඇති කරගන්නා ලදී. එහෙත් එවැනි උත්සාහ දරණු ලැබූ සෑම අවස්ථාවකදීම පැවති ආණ්ඩුව ඡන්දයෙන් ගෙදර යැවීමට ඡන්දදායකයෝ කටයුතු කළහ. මෙම තත්වය 1950 සිටම දැකගත හැකි සංසිද්ධියකි. මේ නිසා රාජ්‍ය මූල්‍ය විනයට අදාළව දේශපාලකයන් මෙන්ම මහජනතාවද දක්වන ලද අඩු සැලකිල්ල වර්තමාන ණය අර්බුදයේ මූල හේතු ලෙස දැකිය හැකිය.

 

ණය අර්බුදයට සාර්ථකව මුහුණ දුන් රටවල අත්දැකීම්

ලෝක ඉතිහාසය තුළ ණය අර්බුදයට සාර්ථකව මුහුණ දුන් රටවල් ගණන අතළොස්සකි. 1980 ගණන්වල ඇති වූ ලතින් ඇමරිකානු රටවල ණය අර්බුදයෙන් සාර්ථකව ගොඩගිය රටවල් අතර චිලි, මෙක්සිකෝව සහ පේරු රජ්‍ය ප්‍රමුඛවේ. මෙම රටවල් ශක්තිමත් ලෙස රාජ්‍ය ආදායම ඉහළනංවා ගත්තා පමණක් නොව ණය ගෙවීමට අදාළ ශක්‍යතාව ඇතිකරගනු වස් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරනු ලැබීය. වි‍ශේෂයෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම මෙන්ම ද්වීපාර්ශික සහ කලාපීය වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් හරහා එම රටවල ආර්ථික ලෝකයට විවෘත කරන ලදී. ණය අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීනව ක්‍රියාත්මක කළ ස්ථායීකරණ ක්‍රියාමාර්ග වලින් නොනැවතී කාලයක් තිස්සේ ආර්ථිකය තුළ පැවති ව්‍යුහාත්මක ගැටලු‍ විසඳීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන ලදී. එම ප්‍රතිපත්ති හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ ආර්ථිකය තිරසාරව යථාතත්වයට පත්වූ අතර ඉන්පසුව ආර්ථිකය වේගවත් දිගුකාලීන සංවර්ධන මාවතකට පිවිසුණි.

මෑතකාලීනව ණය අර්බුදයක් සාර්ථකව විසඳාගත් රටක් වශයෙන් ජැමෙයිකාව ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇත. 2012 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 144 ක් වූ රාජ්‍ය ණය බර 2023 වනවිට සියයට 72ක දක්වා පහතට ගෙන ඒමට එරටට හැකි විය. මෙම සාර්ථකත්වය ළඟාකරගැනීම සිදුවූයේ දේශීයව සහ බාහිරව පැමිණි විවිධ බාධක පමණක්ම නොව ආර්ථිකය තුළ ඉහළ ආර්ථීක වර්ධනයක්ද නොමැති තත්වයක් තුළ වීම විශේෂත්වයකි. එම සාර්ථකත්වයට බලපෑ කරුණු කිපයකි. ඉන් පළමු වැන්න නම් හඳුන්වා දෙනලද රාජ්‍ය මූල්‍ය වගකීම් පනතතේ ෆිස්කල් රීතීන් ට අනුව රාජ්‍ය මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගෙනයාමට කටයුතු කිරීමය. යම් යම් බාහිර කම්පන හේතුවෙන් සුළු වෙනස්කම් සිදුකළද සෑම විටම රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගෙනයාමට උනන්දුවීම කැපීපෙනෙන කරුණක් විය.

දෙවනුව, රාජ්‍ය ආදායම් වැඩි කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍යවන්නා වූ සමාජ එකඟතාව සමාජයේ විවිධ කණ්ඩායම් අතර ඇති කරගත්තා වූ සමාජ සම්මුතියක් හරහා ක්‍රියාවට නංවන ලදී. මෙහි දී ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පමණක් නොව සමාජයේ ප්‍රධාන කොටස්කරුවන් වූ වෘත්තීය සංගම්, ව්‍යාපාරික සංගම්, වෘත්තීයවෙදීන්, පමණක් නොව අනෙකුත් සමාජ බලවේග ද ඉහත සමාජ සම්මුතියේ කොටස්කරුවෝ වූහ. එහිදී ඇති වූ මූලික එකඟතාවක් වූයේ ණය අර්බුදය විසඳීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රතිසංස්කරණවල ඍණාත්මක බලපෑම සියල්ලන් විසින්ම දරාගැනීමට ඇති හැකියාව අනුව දරාගතයුතු බවත් විශේෂයෙන්ම සමාජයේ පහළ කණ්ඩායම්වලට පවතින බලපෑම හැකිතාක් අවම වන පරිදි සමාජයේ ආර්ථික හැකියාවක් ඇති පිරිස විසින් වඩා වැඩි බරක් දරාගැනීමයි. තුන්වෙනුව ජාත්‍යන්තර අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සඳහා නිරන්තර අවධානයෙන් යුතුව කටයුතු කළ අතර ඉලක්ක නිසි පරිදි ළඟාකර ගැනීම සිදුවනවාද යන්න ස්වාධීන යාන්ත්‍රණයක් හරහා විමසා බලන ලදී.

 

ණය අර්බුදය සාර්ථකව කළමනාකරණය කිරීමට නම්  

ණය අර්බුදය සාර්ථකව විසඳාගැනීමට හැකිවූ රටවල් වලින් ලංකාව උගතයුතු මූලික පාඩම නම් දැන්‍ට ක්‍රියාත්මක වන IMF ගිවිසුම සමඟ ඉදිරියට යාම සහ පසුගිය වසර දෙකක කාලය තුළ හඳුන්වා දුන් නව අණපනත් (රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, මහ බැංකු පනත වැනි) ඒවයේ අපේක්ෂිත අරමුණු ළඟා කර ගැනීම සඳහා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම වේ. විශේෂයෙන්ම රාජ්‍ය ණය බර තිරසාරව අඩු කිරීමට මැදිකාලීන රාමුවක් තුළ කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ආර්ථිකයේ ණය ගෙවීමේ හැකියාව මූලික වශයෙන්ම රඳාපවතින්නේ අපනයන ඉපයීම් තිරසාව ඉහළ නංවා ගැනීමෙන් පමණි. එබැවින් අපනයන විවිධාංගීකරණයට සහ ප්‍රවර්ධනයට අවශ්‍ය පියවර නොපමාව ගත යුතුය.

ණය තිරසරකරණයට අදාළව ඉදිරියට ඇති ප්‍රධානතම තවත් අභියෝගයක් වන්නේ රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව ඉහළ නංවා ගැනීමය. 2024 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට13ක් පමණ වෙතැයි අපේක්ෂිත රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව 2026 වන විට සියයට 15.3ක් වැනි මට්ටමකට වැඩිකළ යුතුව ඇත. එනම් ඉදිරි වර්ෂ දෙකේදී රාජ්‍ය ආදායම අමතර සියයට 2 කින් (ද.දේ.නි % ලෙස) පමණ ඉහළනංවා ගතයුතුව ඇත. මෙම අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද  අත්‍යවශ්‍ය කටයුත්තකි.  ජැමෙයිකාවේ මෙන් සමාජ සම්මුතියක් ඇතිකර ගැනීමට  පියවර ගත හැකි නම් එය ඉතා වැදගත් විය හැකි වුවත් පවත්නා දේශපාලන සංස්කෘතිය තුළ එවැන්නක් කළ හැකිද යන්න සිතීම දුෂ්කරය. ඡන්ද වේදිකාවේ කුමක් පොරොන්දු වුවද ඒවා සත්‍ය වශයෙන්ම මහපොළවේ ක්‍රියාත්මක කළ හැකිද යන්න විමසා බලා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව නොකියා බැරිය.

 

ගෝලීයව සහ දේශීයව ඇති අවිනිශ්චිතතාව

S&P Global Ratingsයන ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පසුගිය දා නවතම වාර්තාවක් එළිදක්වන ලදී. එම වර්තාවට අනුව ලංකාව, සැම්බියාව, ඝානව වැනි ණය පැහැර හරිනු ලැබූ රටවල් මෙන්ම ඉහළ ණයගැතිභාවයකින් යුත් ආජන්ටිනාව, කෙන්යාව, පාකිස්ථානය සහ මාලදිවයින වැනි රටවල් ඉදිරි දශකයේදී මුහුණදෙන අභියෝගයක් වන්නේ අලු‍තින් ගනු ලබන ණය සඳහා ගෙවීමට සිදුවන පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීමය. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කළද ණය පැහැර හරිනු ලැබූ රටවලට අදාළ ශ්‍රේණිගත කිරීම් පහළ මට්ටමක පැවතීමට ඇති ඉ‍ඩකඩ ඉහළය. මේ නිසාම එවැනි රටවල්වලට ණය ලබාදීමේදී ඇති අවදානම හේතුවෙන් ඉහළ පොලී අනුපාත පැවතීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙන්වා දුන් එම වාර්තාව මේ නිසාම මෑතකදී ණය පැහැර හරිනු ලැබූ රටවල්වලට අදාළව නැවත නැවතත් ණය පැහැරහැරීම් කිරීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙන්වා දී ඇත.  මෙවන් අයහපත් වන්නාවූ ගෝලීය පරිසරයක නැවත වරක් ණය අර්බුදයකට යාම වළක්වා ගැනීම සඳහා හැකි සියලු‍ම දෑ කිරීමට ලංකාව අදිටන් කරගත යුතුව ඇත. වි‍‍ශේෂයෙන්ම, අඩු පිරිවැය ණය මූලාශ්‍ර හරහා ණය ගැනීම මෙන්ම හැකි සෑම විටම දේශීය අරමුදල් මත සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සුක විය යුතුය. රාජ්‍ය ආදායම ඉහළනංවා ගැනීමේ ඇති අවශ්‍යතාව මෙහිදී ද වැදගත් වේ.

(***)



අදහස් (2)

ලංකාවේ ණය අර්බුදයේ හෙට දවස

sena Tuesday, 22 October 2024 11:42 AM

මෙවැනි වටිනා ලිපි කියවන අය අඩුයි . බොරු රජ කරයි. ඔබත් මල් මිටක්.

:       2       13

කුඩගම්මන සීලරතන Wednesday, 23 October 2024 04:11 PM

වටිනා අදහස් දැක්වීමක්. පේපැල්, ඊබේ, ඇමසන් හරහා වෙළඳාම් කිරීම සමග ඇමරිකාව, එංගලන්තය වැනි රටවලට දරුවන් බලා ගැනීමට කැමති අයට යාමට සැළැස්වුවොත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 105 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 41 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1083 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 135 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site