නව රජය අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය පැවැති ආණ්ඩුව විසින් මෙහෙයවනු ලැබූ විදේශ ප‍්‍රතිපත්තියෙන් වෙනස් වන බව මේ වන විටත් පැහැදිලි කාරණයකි. එකී වෙනස්වීම මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන නව තත්ත්වය සම්බන්ධයෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා ඉරිදා ලංකාදීපයට පළකරන අදහස් මෙසේය.
ජනවාරි අට වැනි දින සිදුවූ දේශපාලන පෙරළියත් සමග රටේ විශාල වෙනසක් සිදුවෙතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. නමුත් අපට පෙනෙන්නට ඇති පරිදි ආර්ථික සහ සමාජ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයන්හි කිසිදු වෙනසක් සිදුව නොමැත. පසුගිය ආණ්ඩුව ගෙන ගිය සමාජ, ආර්ථික ප‍්‍රතිපත්තිවලට බොහෝ සෙයින් සමාන ප‍්‍රතිපත්ති වත්මන් ආණ්ඩුවද ක‍්‍රියාත්මක කරන බව පෙනේ. කෙසේ වෙතත් විදේශ ප‍්‍රතිපත්ති විෂයෙහි කිසියම් වූ වෙනසක් ජනවාරි පෙරළියෙන් පසු සිදුවෙමින් තිබෙන බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ යුගයේ අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තියෙහි දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ බටහිර ගැති බවින් වෙන්ව යම් ප‍්‍රමාණයකට බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අනුගමනය කළ බහු රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ප‍්‍රතිපත්තිය හා සමාන ක‍්‍රමවේදයක් අනුව ක‍්‍රියාත්මක වීමය. නැතිනම් සෑම රටකටම වැඩි සැලකිල්ලක් ලබාදෙන විදේශ ප‍්‍රතිපත්තියක් රාජපක්ෂ පාලන යුගයේදී දක්නට ලැබිණි.
ශී‍්‍ර ලංකා ජනපති ඇමෙරිකා ජනපති හමුව
චීනය, රුසියාව, ඉරානය වැනි රටවල් සමග මෙන්ම සමහර ලතින් ඇමෙරිකානු රාජ්‍යයන් සමග සබඳතා පවත්වාගෙන යෑමට හැකිවන්නේ ඒ නිසාය. රාජපක්ෂ යුගයේ විදේශ ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන්ම රටවල් දෙකකට හිතවත් ප‍්‍රතිපත්තියක් වූ නිසා ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එයට එතරම් රුචිකත්වයක් දැක්වූයේ නැත. අනෙක් පැත්තෙන් කිසියම් ප‍්‍රමාණයකට ඉන්දියාවද ඊට කැමැත්තක් නොදැක්වීය. ඉන්දියාව එම අකමැත්ත සෘජුව ප‍්‍රකාශ නොකළත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඒ දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටියේ එහි තිබූ චීන නැඹුරුව නිසාය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව ලංකාව චීනයෙන් ගලවා ගැනීම සඳහා සෑහෙන කලක සිට පිඹුරුපත් සකස් කරන අයුරු අපි දුටුවෙමු. ජිනීවා මානව හිමිකම් කාර්යාලය මගින් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එම මණ්ඩලය අපක්ෂපාතී සහ සාධාරණ අයුරින් කටයුතු කරන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය විය. සෞදි අරාබියාව, ඊශ‍්‍රායලය, යේමනය, බහරේන් වැනි රාජ්‍යයන් සම්බන්ධයෙන් මෙම මානව හිමිකම් කාර්යාලය කටයුතු කළ ආකාරය දෙස බැලීමේදී අපට පැහැදිලිවන්නේ ප‍්‍රංශ දාර්ශනිකයකු වූ මිචෙල් ෆුකෝ ප‍්‍රකාශ කළ පරිදි ලෝක පරිමාණව ක‍්‍රියාත්මක වන ආණ්ඩුකරණ තාක්ෂණයක් තිබෙන බවයි. ෆුකෝ වැඩිදුරටත් එමගින් අවධාරණය කර සිටියේ ලෝකය හැසිරවීම සිදු කෙරෙන්නේ කෙසේද යන කාරණයයි.
මා සිතන හැටියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලෝකයේ ආණ්ඩුකරණ තාක්ෂණයේ එක්තරා අවයවයක් වශයෙන් භාවිත කරනු ලබයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා කි‍්‍රයාමාර්ගය පැමිණෙන්නේද එහි ප‍්‍රතිඵලයක් හැටියටය. කෙසේ වෙතත් මෙහිදී යමක් කිව යුතුය. එනම් ශ්‍රී ලංකා රාජ්‍යයද ෆුකෝ පැහැදිලි කළ ඉහත තාක්ෂණයට ඉබේම හසුවන බවය. රාජපක්ෂ විදේශ ප‍්‍රතිපත්තිය බටහිර රටවල් සමග වැඩි ඇයිහොඳැයියක් දැක්වීම ප‍්‍රතික්ෂේප කර තිබුණේ ද ඒ නිසාය. අවසානයේදී ඇමෙරිකාවට අවශ්‍ය වූයේ චීනය, ඉන්දියානු සාගර කලාපයේ බලවත්වීම සඳහා පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා බුරුමය වැනි රටවල් ආධාර කරගනු ලැබීම නැවැත්වීමටය. විශේෂයෙන්ම ඇමෙරිකාවට අවශ්‍ය වූයේ චීනය, ශ්‍රී ලංකාව මත කරමින් තිබූ බලපෑම විශාල ලෙස අඩු කිරීමටය. එම කාලයේදී ¥ෂණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ප‍්‍රශ්න තිබුණි. ඒ සියල්ල ඉස්මතු වීම මගින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මැදපෙරදිග රාජ්‍යයන්හි සිදුවූවා වැනි තන්ත‍්‍ර මාරුවක් සිදු කිරීමට 2013, 2014, 2015 කාලයේදී ක‍්‍රියාත්මක වන අයුරු දැකගන්නට ලැබිණි. මෙම වාතාවරණය යටතේ මෙරට ආණ්ඩු පෙරළිය සිදුවුණ අතර ඒ නිසාම අලූතෙන් බිහි වූ තන්ත‍්‍රයට තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේ විදේශ ප‍්‍රතිපත්තියෙන් කැපී පෙනෙන ලෙස වෙනස් අයුරින් ගොඩනැගීමට සිදු වේ. විදේශ ඇමැති වශයෙන් මංගල සමරවීර මහතා පත් කිරීම එකී කාර්යය සම්පූර්ණ කිරීම සඳහා ගත් හොඳ තීරණයකි. මෙම නව විදේශ ප‍්‍රතිපත්තියත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටි ඇමෙරිකාව අපේ රට සමග එකතුව ශ්‍රී ලංකාව තවදුරටත් උගුලේ සිරකර තැබීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍යය සම්පූර්ණයෙන්ම පැහැරගැනෙන පරිදි එම යෝජනාව සකස් වී තිබේ. මෙහිදී යම් කෙනෙකුට ඉදිරිපත් කළ හැකි තර්කයක් තිබේ. එනම් ඕනෑම රටක් තම විදේශ ප‍්‍රතිපත්තිය හැසිරවීමේදී ජාත්‍යන්තර ජන සමාජයේ ප‍්‍රතිමානයන් කෙරෙහි සැලකිලිමත් විය යුතු බවය. එය නිවැරදිය. නමුත් අනෙක් පැත්තෙන් සිහි තබා ගත යුතු යථාර්ථය වන්නේ ජාත්‍යන්තර ජන සමාජය යනු සමානව ක‍්‍රීඩා කරන තරග පිටියක් නොවන බවය. එහි විවිධ මට්ටමේ අය සිටිති. ඇමෙරිකානු රජය ඉදිරිපත් කළ මෙම යෝජනාවේ පැහැදිලි අරමුණ ශ්‍රී ලංකාව යට කී උගුලට හසුකර තැබීමය. බැලූ බැල්මට දැන් ඇති වී තිබෙන තත්ත්වය යහපත් යැයි යමෙකුට කිව හැකි නමුත් මා පවසන්නේ වර්තමාන විදේශ ප‍්‍රතිපත්තියෙහි අහිතකර ප‍්‍රතිඵල ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවට අත්දකින්නට හැකිවනු ඇතැයි කියාය.
ශී‍්‍ර ලංකා අගමැති ජපාන අගමැති හමුව
වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තියෙහි තවත් මුග්ධ ක‍්‍රියාමාර්ගයක් පසුගිය දින කීපයේදී දක්නට ලැබිණි. එනම් අග‍්‍රාමාත්‍යවරයා පළමුව ඉන්දියාවට ගොස් චීනය අතහැර ජපානයට යෑමය. මා සිතන හැටියට ඔහු බුද්ධිමත්ව ක‍්‍රියා කළේ නම් කළ යුතුව තිබුණේ පළමු සංචාරය ඉන්දියාවටත්, දෙවැන්න චීනයටත්, තුන්වැන්න ජපානයටත් සිදු කිරීමය. කෙසේ වෙතත් මෙරට අගමැතිවරයා ගත් මෙම ක‍්‍රියාමාර්ගය ලෝක සන්දර්භය ඇතුළත ඉතාමත්ම සාවද්‍ය ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ගයක් ලෙස දැක්විය හැකිය. මන්ද වත්මන් ලෝක සන්දර්භය අනුව අඩු දියුණු රටක දියුණු වෙමින් පවතින රටකට අතදිය හැකි හෝ ඒ සඳහා සූදානම් රටකට තිබෙන්නේ චීනයයි. පෙර සිටි ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් බොහෝමයක් අද ශ්‍රී ලංකාවට ආධාර කරන රාජ්‍යයන් වශයෙන් කටයුතු කරන්නේ නැත. ඉදිරියේදී ඔවුන් අප රට සම්බන්ධයෙන් වෙනත් දේශපාලනමය ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ද ආර්ථිකමය වශයෙන් හොඳ ආයෝජන ලංකාවට ගෙනෙනු ඇතැයි සිතීම අපහසුය. එසේම ජපානයද යම් ප‍්‍රමාණයකට තවදුරටත් අපට ආධාර ලබාදුන්නද පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආධාර කර තිබුණේ චීනය සහ ඉන්දියාවයි. සංවර්ධනය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ නම් අපට තවදුරටත් චීනය අතහැර කටයුතු කළ හැකිද යන ප‍්‍රශ්නය මෙහිදී මතුවේ. ලෝක සන්දර්භය ඇතුළත අපට තවත් විශේෂ තත්ත්වයක් දක්නට ලැබේ. එනම් රුසියාව නැවතත් බලවත් රාජ්‍යයක් ලෙස මතුවීමය. විශේෂයෙන්ම සිරියානු තන්ත‍්‍රයට එරෙහිව ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් විසින් උලූප්පවා දෙනු ලැබූ කණ්ඩායම්වලට විරුද්ධව රුසියාව ක‍්‍රියාත්මක වීමත් සමග පැහැදිලි වන්නේ රුසියාව නැවත වරක් වැළැක්වීම පූටින්ගේ නායකත්වය යටතේ ලෝක දේශපාලන වේදිකාවේ වැදගත් භූමිකාවකට පණපෙවීම සඳහා ඉදිරියට එමින් සිටින බවය. මෙම සියලූ තත්ත්වයන් සැලකිල්ලට නොගෙන හුදු බටහිර ගැති විදේශ ප‍්‍රතිපත්තියකට විවෘතව ගමන් කිරීම හා සිතන හැටියට මෙරට විදේශ ප‍්‍රතිපත්තියෙහි ඇතිවන සාවද්‍ය වෙනසකි. මෙහි අයහපත් ප‍්‍රතිඵල තව වසර දෙක තුනක් යන විට අප රටට ලැබෙනු ඇත. බැලූ බැල්මට මෙරට විදේශ ප‍්‍රතිපත්තිය සිරිසේන, වික‍්‍රමසිංහ, මංගල සමරවීර ආණ්ඩුව යටතේ නිවැරදි දිශාවකට ගමන් ගන්නා බවක් පෙනුණද එය ගමන් කරමින් සිටින්නේ සාවද්‍ය මාවතකට බව මාගේ හැඟීමයි.
ලංකාවේ වත්මන් විදේශ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන පිළිවෙළ අනුව අපට ඉදිරි ජාත්‍යන්තර කටයුතුවලදී චීනයේ සහ රුසියාවේ සහය නොලැබේ දැයි යමෙකුට ප‍්‍රශ්නයක් පැනනැගිය හැකිය. එහිලා කිව යුත්තේ අප රට ඊශ‍්‍රායලය වැනි රාජ්‍යයක් මෙන් ක‍්‍රියාකළ හොත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාව අපත් සමග සිටිනු ඇත. නමුත් ශ්‍රී ලංකාවට දකුණු ආසියානු කලාපය ඇතුළත ඊශ‍්‍රායලයක් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවට තෙල් සම්පත් තිබෙන බටහිර ආසියානු කලාපය ඇතුළත ඊශ‍්‍රායලයක් අවශ්‍ය නමුත් අපේ කලාපයේ එවැනි රටක් අවශ්‍ය නොවන්නේ ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය ආසන්න වශයෙන් ඇමෙරිකාවට ළංවී තිබෙන නිසාය. චීනය සහ රුසියාව කිසියම් රටක් වෙනුවෙන් පෙනී සිටින මූලධර්ම සහ ඇමෙරිකාව වෙනත් රටක් වෙනුවෙන් පෙනී සිටින මූලධර්ම හාත්පසින්ම වෙනස්ය. 1956න් පසුව අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය හැසිරවීමේදී නිශ්චිත අවස්ථාවන්හිදී චීනය සහ රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. මන්ද ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නිසාය. අපේ විදේශ ප‍්‍රතිපත්තියෙහි මෑත කාලයේ සිදුවූ වෙනස්කම් නිසා චීනය හා රුසියාව තදබල ලෙස වෙනස් වේ යැයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ යන පිළිවෙළ අනුව යමින් බටහිරට ගැතිවී චීන-රුසියා ක‍්‍රියාකාරකම්වලට එරෙහි භාවිතයකට නැඹුරු වුවහොත් ආරක්ෂක මණ්ඩලයේදී කාලාන්තරයක් තිස්සේ අපේ මිතුරන් ලෙස කටයුතු කළ චීනය සහ රුසියාව අපෙන් ඈත්වීමේ අනතුරක් නිර්මාණය වීමේ ඉඩකඩක් තිබේ. එවැන්නක් ඉදිරි වසර දෙක තුනක කාලය ඇතුළතදී සිදුවිය හැකි යැයි ඔබ විශ්වාස නොකරයි. නමුත් අපේ විදේශ ප‍්‍රතිපත්තිය දැන් මෙහෙයවන ආකාරය අනුව යමින් ඉදිරියේදී ආසියාව නියෝජනය කරන ඇමෙරිකානු ප‍්‍රකාශකයෙකු බවට පත්වුවහොත් එවැනි අනතුරක් ඇතිවීමේ හැකියාවක් තිබේ. කෙටිකාලීනව අපට එවැනි අවදානමකට මුහුණ දීමට සිදු නොවන්නේ චීනය තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම පරිස්සම්කාරීව හසුරුවන නිසාය. කිසියම් රටක වෙනස්වීමක් වූ සැණින් චීනය එම රටට ප‍්‍රසිද්ධියේ පහරදීමට යන්නේ නැත. චීනය තවමත් ඉන්දියානු සාගරය මූලික වශයෙන් වැදගත් වන්නේ යුද හෝ ආරක්ෂක කලාපයක් හෝ වශයෙන් නොව ආර්ථික කලාපයක් හැටියටය. නමුත් ඇමෙරිකාවට සහ ඉන්දියාවට මෙම කලාපය වැදගත් වන්නේ ආරක්ෂක කලාපයක් ලෙසටය. එම නිසා කෙසේ වෙතත් චීනය ශ්‍රී ලංකා විරෝධී ප‍්‍රතිපත්තියකට ගමන් ගනු ඇතැයි සිතීම අපහසුය.
අනෙක් කාරණය නම් පසුගිය කාලය පුරාම ප‍්‍රධානතම ආයෝජකයකු බවට පත්ව සිටි රට චීනය වීමය. ආසියානු රටවලට මෙන්ම ඕස්ටේ‍්‍රලියාවට පවා විදේශ ආයෝජන සපයන ප‍්‍රධාන රාජ්‍ය බවට පත්ව සිටියේ චීනයයි. එමනිසා අපට චීනයෙන් බිඳුණු ආර්ථික සංවර්ධන උත්සාහයක් ගත හැකිද යන්න සම්බන්ධයෙන් තිබෙන්නේ ප‍්‍රශ්නාර්ථයකි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තීරණය කිරීමේදී හුදු දෙමළ ප‍්‍රශ්නය සහ ඊට දිය යුතු විසඳුම් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම සුදුසු නැති බවය. එහිදී සමස්ත ආර්ථික, සමාජ තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුය. මා සිතන හැටියට මීට වඩා සමබර විදේශ ප‍්‍රතිපත්තියක් වත්මන් රජය අනුගමනය කිරීම වැදගත්ය. කළ යුතුව ඇති වෙනස්කම් නම් පසුගිය රජය අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තියෙන් ඉතා සුළු වශයෙන් වෙනස්වීමකි. එනම් වඩාත් මිත‍්‍රශීලී ලෙස බටහිර රටවල් සමග ගනුදෙනු කිරීමේ හුරුවක් අපේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් විසින් ලබා ගනු ලැබීමය. එය මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිදුවූයේ නැත. එබැවින් ඉදිරියේදී අප ඇමෙරිකාව සහ යුරෝපා රටවල් සමග අපේ සබඳතා හොඳ මට්ටමකින් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යවේ. මන්ද ඒවා ප‍්‍රධාන වශයෙන්ම අපේ නිර්යාත වෙළෙඳපොළවල් වන නිසාය. අපේ නිර්යාත යැවෙන්නේ ජපානයට හෝ චීනයට නොව ඇමෙරිකාවට සහ යුරෝපා රටවලටය. එමනිසා අපේ නිර්යාත වෙළෙඳපොළ ලෝක මට්ටමින් ව්‍යාප්ත කරගන්නා තුරු දැනට තිබෙන වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීමට අපට සිදුවේ. පසුගිය කාලයේදී ඇමෙරිකාව සහ යුරෝපා රටවල් ජී.එස්.පී. බදු සහනය හා වෙනත් සහන අහිමි කරමින් අපට රිදවීමට උත්සාහ කරනු අපි දුටුවෙමු. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඊට වඩා හොඳින් බටහිරත් සමග වන සබඳතාව හැසිරවිය යුතුව තිබුණත් ඔවුහු එය නොකළෝය. නමුත් වත්මන් ආණ්ඩුව අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය ඇතුළත් අපේ නිර්යාත වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් අප සම්පූර්ණ වශයෙන් චීනය සහ රුසියානු විරෝධී තැනකට ගියහොත් මා සිතන හැටියට එමගින් ප‍්‍රශ්න මතු වීමට ඉඩ තිබේ. වෙළෙඳපොළවල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන අතරම අප රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙයවීම වැදගත් වන්නේ එහෙයිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ නියම මිතුරා චීනයද? ඇමෙරිකාවද?
චන්ද්‍රා Friday, 23 October 2015 12:59 AM
මම නම් කියන්නේ වැඩියෙන්ම කරදරකරන කෙනා, උගුල් අටවන කෙනා තමයි තම හොඳම මිතුරා.අනුන් අටවන උගුල් වලින් බේරගන්න කෙනා ගැන ප්‍රවේශම් වෙන්න ඕනෑ. (නි)
අරැනෝද Saturday, 24 October 2015 10:21 AM
මෙය ඉතාමත් කාලෝචිත, සමබර සහ අපක්ෂපාති ලිපියකි.(රේ්)
අජිත් Tuesday, 20 October 2015 01:51 PM
හොඳයි. බොහොම සමබර ලිපියක්. අවසාන ඡේදය ඉතාම කාලෝචිතයි. අප රටේ නිදහස ස්වාධිපත්‍යය අපට තිබිය යුතුයි (නි)
බණ්ඩාර Wednesday, 21 October 2015 05:12 AM
මෙය ඉතාමත් වැදගත් ලිපියකි. නමුත් ශ්‍රී ලාංකික සියලුම ඡන්දදායකයින්ගෙන් සියයට කීයක් මෙම ලිපිය කියවාවිද, තේරුම් ගනීවිද? නමුත් ඔවුන් සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කර, පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරාගනියි. පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අඳුරු පැතිකඩ මෙයයි. බටහිර රටවල් මෙතරම් අපි වැනි රටවලට ප්‍රජාතන්ත්‍රවාදය පටවන්නේ එබැවිනි. (නි)