ලෝක උරුමයක් යනු ලෝකයේම කතාබහට ලක්වන ස්ථානයකි. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, මහනුවර, සිංහරාජ වනාන්තරය වැනි ලෝක උරුම අතරට ගාල්ල කොටුව ද එක්ව තිබේ. මෙහි විශේෂත්වයක් වන්නේ ගාල්ල කොටුව තවමත් මිනිසුන් ජීවත්වන සජීවී ලෝක උරුමයක් වීමයි.
පෘතුගීසි නිර්මාණ කිහිපයක්, ඕලන්ද හා ඉංගී‍්‍රසි පාලන කාලවල දී කරන ලද ඉදිකිරීම් වැඩි ප‍්‍රමාණයක් තිබීම හේතුවෙන් එහි ඇති අපූරු ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ හේතුවෙන් ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව දැන් තවත් අපූරු වාර්තාවකට හිමිකම් කියන ස්ථානයක් බවට පත්ව ඇත.
ඒ මෙරට ඉතිහාසයේ එක් ස්ථානයකින් වාර්තා වන වැඩිම ඉඩම් මිලට හිමිකම් කියමිනි. ගාල්ල කොටුවේ ඉඩම් පර්චසයක මිල රුපියල් කෝටියකි. කෝටියක් ගෙවා හෝ ඉඩමක් මිලදී ගැනීමට ගාල්ල කොටුවේ අපහසු බව බොහෝ දෙනකුගේ මතයයි. එසේ වුව ද කොටුවේ මද වේලාවක් කරක් ගැසූ විට මිලදී ගත හැකි ඉඩම් හා නිවාස ඕනෑ තරම් සොයා ගැනීම අපහසු නැත.
ගාල්ල කොටුවේ කිලෝමීටර 3.5ක් දිගැති පවුරකින් වට වූ අක්කර 75 ක භූමි භාගයකි. මෙහි ගොඩනැගිලි 450ක් පමණ තිබේ. ඉන් සියයකට ආසන්න ප‍්‍රමාණයක වර්තමාන හිමිකරුවෝ විදේශිකයෝය. එංගලන්තය, ඇමෙරිකාව, ජර්මනිය, ප‍්‍රංශය, රුසියාව වැනි රටවලින් පැමිණ මෙහි ඉඩම් මිලදී ගත් විදේශිකයෝ දැන් ඒවායේ පදිංචිවී සිටිති. නැතිනම් තම නිවාස සුඛෝපභෝගී හෝටල් බවට පත්කැර අන්තර්ජාලයෙන් කාමර වෙළෙදාමේ යෙදෙමින් යහමින් මුදල් සොයති. ඒ එක් නිවසක දිනක් නැවතීමට පවුලක් රුපියල් ලක්ෂයක් පමණ මුදලක් වැය කළ යුතුය.
ගාල්ල කොටුවේ ඉඩම් වටිනාකමත් නිවාස වටිනාකමත් එසේ ඉහළ ගොස් ඇත. වර්තමානයේ කොටුවේ නිවසක් විකිණෙන්නේ කෝටි 50ක පමණ මුදලකටය. දැන් විදේශිකයන්ට මේවා මිලදී ගැනීමට නීත්‍යනුකූල හැකියාවක් නැත.
2001 දෙසැම්බර් සිට 2004 අපේ්‍්‍රල් දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමේ දී තිබූ මුද්දර ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් විදේශිකයෝ බුරුතු පිටින් පැමිණ කොටුවේ ඉඩම් මිලදී ගත්හ. මේ ඉඩම් ගැනීම නිසාම කොටුවේ ඉඩම් මිල ඉහළ ගියේය.
පැරණි නිවෙස්වලට කෝටි ගණනින් ගෙවීම හේතුවෙන් එලෙස ඉඩම් මිල ඉහළ යද්දී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යලි ඉඩම් මිලදී ගැනීමේ නීතිය සංශෝධනය කිරීමත් සමග විදේශිකයන්ට කොටුවෙන් නිවෙස් හෝ ඉඩම් ගත නොහැකි විය. එහෙත් ඉඩම් මිල පහළ බැස්සේ නැත.
විදේශිකයෝ ලංකාවට පැමිණ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව සමාගම් ලියාපදිංචි කැර ඉඩම් මිලදී ගත්හ. නැතිනම් මෙරට සිටින ලාංකිකයකුගේ නමට ඉඩම මිලදී ගෙන ඔහුගෙන් 99 අවුරුදු බදු ගිවිසුමකට ඉඩමේ අයිතිය තමන් සතුකැර ගත්හ. පැරණි ඕලන්ද හා බි‍්‍රතාන්‍ය ලක්ෂණ සහිත ලෝක උරුමයට පෙම්බැදි විදේශිකයෝ ගාල්ල කොටුවේ ඉඩම් මිල කෝටි ගණනින් ඔසවා තබද්දී ඉඩම් මිලදී ගත්තේ ඔවුන් පමණක් නොවේ. දේශපාලකයෝ ද නම ගිය සුපිරි කී‍්‍රඩකයෝ ද ගාලූ කොටුවේ ඉඩම්වලට ආසාවෙන් ඒවා සොයා මිලදී ගත්හ.
බැලූ බැල්මට පෙනෙන්නේ ගාල්ලේ කොටුවේ මිලදී ගැනීමට ඉඩම් හෝ නිවෙස් නොමැති බවයි. එය සත්‍යයක් නොවේ. කොටුවේ විකිණීමට තිබෙන හා කතාබහකර මිලදී ගත හැකි නිවාස හා ඉඩම් රැුසක් තිබේ. මදක් වෙහෙසුණහොත් කිහිපයක් සොයා ගැනීමට අපහසු නැත. ගාල්ල කොටුවේ ඉඩම් වෙනත් අයට විකිණීමේ තැරැව්කාර සේවාවේ යෙදී සිටින පුද්ගලයකු මෙසේ කීවේය.
‘‘පර්ච් එක කෝටියක් විතර වෙනවා. සමහර ගෙවල් පර්චස් පහේ ඒවා. කොහොමත් ඕලන්ද හරි බි‍්‍රතාන්‍ය හරි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තවමත් තියෙන ගෙවල් ගණන් වැඩියි. ඒ වුණත් සුද්දෝ ගෙවල් ගත්තම ඉතින් පැරණි විදියට හදනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කීප දෙනෙකුත් කොටුව ඇතුළෙන් ගෙවල් ගත්තා. මේ ළගදී එක්කෙනෙක් කෝටි අටකට ගෙයක් ගත්තා. දැනටත් ගෙයක් දෙකක් හොයාගන්න අමාරුවක් නැහැ. ඇතැම් ගෙවල් විකුණන්නේ ඒවායේ තිබෙන පරණ වටිනාකමත් එක්ක. සමහර ගෙවල් දැන් සුද්දෝ අලූතෙන් හදලා ආයිත් විකුණනවා. ඒවා ඉතින් ගණන් වැඩියි.’’
මේ තැරැව්කරුවන් පවසන්නේ සාමාන්‍යයෙන් ඉඩමක් හෝ ගෙයක් විකිණීමේ දී තැරැව්කරුවකු විසින් ලබාගන්නා සියයට තුනක මුදල ඉල්ලන්නේ නැති බවයි. එසේ වුව ද ගනුදෙනුව සිදුවීමේ දී සැලකිය යුතු මුදලක් තමන්ට ලැබෙන බව ඔවුහු කියති. මේ තැරැුව්කරුවන් පවසන්නේ තමන්ගේ අනු දැනුමකින් තොරව කොටුවේ නිවසක් විකුණා දැමිය නොහැකි බවයි. ඔවුන් පවසන්නේ කොටුවේ පර්චස් දෙක තුනක් විකුණා කොටුවෙන් පිට හොද වලව්වක් මිලදී ගෙන සුපිරි ජීවිතයක් ගත කළ හැකි බැවින් බොහෝදෙනකු කොටුවේ නිවෙස් විකිණීමට පෙළඹෙන බවයි.
වරක් ගාල්ල කොටුවෙන් නිවසක් මිලදී ගත් දේශපාලකයකු ද ඒ සදහා රුපියල් කෝටි 15ක් පමණ වැය කිරීමට සූදානම් බව තැරැව්කරුවන්ට පවසා තිබිණි. පසුව ඔහු කොටුවෙන් නිවසක් මිලදී ගෙන තිබුණේ රුපියල් කෝටි අටකටය. තැරැව්කරුවන් පවසන්නේ ශී‍්‍ර ලාංකිකයන් නිවාස මිලදී ගැනීමට වඩා විදේශිකයන් නිවාස මිලදී ගැනීමේ දී තමන්ට වැඩි වාසියක් අත්වන බවයි.
විදේශිකයන් ගාල්ල කොටුවෙන් නිවෙස් මිලදී ගන්නා ආකාර තුනකි. ඉන් පළමුවැන්න ශී‍්‍ර ලංකාවේ කොටස් වෙළෙදපොළට සම්බන්ධ වන ආකාරයේ සමාගමක් ලියාපදිංචි කිරීමයි. මේ සමාගමේ එක් කොටස්කරුවකු වන්නේ ශී‍්‍ර ලාංකිකයෙකි. පසුව ඒ සමාගම වෙනුවෙන් දේපළ මිලදී ගනී. මාස කිහිපයකට පසු සමාගමේ සියලූම කොටස් විදේශිකයා විසින් මිලදී ගෙන දේපළ සියල්ල තමන් සන්තක කරගනී. අනෙක් ක‍්‍රමය ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. එමගින් බදු මුදල් අඩුකර ගැනීමේ හැකියාව ඇත. දේශපාලන හෙන්චයියෙක් සම්බන්ධ කැරගතහොත් තත්ත්වය වඩාත් පහසුය.
විදේශිකයන් මෙරට දේපළ මිලදී ගැනීමේ දී මුලින් අනුගමනය කළේ වෙනස් ක‍්‍රමයකි. ඒ මෙරට අයකුගේ නමට නිවස මිලදී ගැනීමයි. එසේ වුව ද ඒ සදහා සම්බන්ධ වන ලාංකිකයා පළමු දින පටන් සුද්දාට වැඩ වරද්දා දේපළ තමන් සන්තක කැර ගැනීමට මාන බැලීමේ ප‍්‍රතිඵලය වන්නේ විදේශිකයෝ දැන් එම ක‍්‍රමයට නොරැවටීමයි. ඒ ගැන තැරැව්කරුවන්ට හොද උදාහරණ තිබේ. වරක් මෙරටට පැමිණි වයස්ගත විදේශික කාන්තාවක් නිවසක් මිලදී ගත්තාය. ඒ මෙරට තරුණයෙක් සමග එක්ව වාසය කරමිනි. පසුව මේ කාන්තාවගේ දියණිය ද ලංකාවට ආවේ අම්මා සමග නිවසේ ගත කිරීමේ අරමුණෙනි. ඒ කත තමන්ට වඩා වසර දෙක තුනකින් බාල පෙර කී තරුණයා සමග හාද වූයේ අම්මාට හොරෙනි. අවසානයේ රෝගී වූ අම්මා මව් රටට යැවූ ඇය අම්මාගේ පෙම්වතා සමග එක්ව වාසය කළාය.
මව මිය ගියාය. සියලූ දේපල තරුණයා සතුවිය. මේ තරුණයාත් තරුණියත් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී අවසානයේ නිවස ද විකුණා සියල්ල අහිමිකර ගත්හ. දැන් විදෙස් ගත කත සිය රටට ගොස් ඇත. තරුණයා පුනරුත්තාපනය වෙයි. නිවස කිහිපවරක් විකිණීමට දායක වූ තැරැව්කරු හොදින් අතමිට සරුකරගත්තේය.
කොටුවේ තැරැව්කරුවන් පවසන්නේ විදේශිකයකු විසින් මිලදී ගන්නා ලද නිවසක් කිසිදිනක යළි ලාංකිකයකුට මිලදී ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ටික දිනක් ශී‍්‍ර ලංකාවේ වාසය කරන ඔවුහු යළි තම රටට ගොස් එහි සිට අන්තර්ජාලය ඔස්සේ නිවස බදු දෙයි. නැතිනම් කාමර බදු දෙයි. විකුණන්නේ නම් එය ලබාදෙන්නේ තවත් විදේශිකයකුට ම බව තරැව්කරුවෝ කියති. දැන් එය ජාත්‍යන්තර ව්‍යාපාරයකි.
අප දන්නා හදුනන විදේශිකයකු දිනක් කොටුවෙන් ඉඩමක් මිලදී ගැනීමට උත්සාහ ගත්තේය. ගරා වැටීමට ආසන්න වූ නිවසක් ඔහුට පෙන්වා තිබුණේ තැරැව්කරුවකු විසිනි. විදේශිකයා පවසන්නේ තමන් කොටුවේ රවුම් ගසද්දී විනාඩි කිහිපයක් ඇතුලත කොටුවේ ඉඩම් විකුණන තැරැව්කරුවන් දෙතුන් දෙනකු හමු වූ බවයි.
නිවසේ වටිනාකම කෝටි පහකි. විදේශිකයා හෙට්ටු කරන්නට ගියේ නැත. ඔහු කුඩා නිවස සමග ඉඩම මිලදී ගත්තේය. ඔහු මේ නිවස මිලදී ගන්නා විට එහි පදිංචිව සිටි ශී‍්‍ර ලාංකිකයන් නිවසේ මුල් පෙනුමට බොහෝ හානි කැර තිබිණි. ඕලන්ද හෝ බි‍්‍රතාන්‍ය යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ කිසිවක් ඒ නිවසේ දක්නට නොලැබුණි. විදේශිකයා ටික දිනකින් ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිවස වෙනස් කළේය. දැන් එහි වටිනාකම කෝටි 15ක් 20ක් පමණ වන බව තතු දන්නෝ කියති.
සිදුවන්නේ මෙයයි. කොටුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා විදේශිකයෝ ඒවා පැරණි ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගොඩනගති. අප විදේශිකයන් දෙස කොතෙක් වපර ඇසින් බැලූව ද සත්‍යය එයයි. ගාල්ල කොටුවේ වඩාත් හොදින් පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ආරක්ෂා කරගෙන ඉදිකිරීම් කැර ඇත්තේ විදේශිකයෝය. ලාංකිකයෝ පැරණි බවට නිගා දෙන වෙනස්කම් රැසක් කැර ඇත. පැරණි නිවෙස් අලූත්වැඩියා කරමින් නව අංග එකතු කරමින් ඒවා වැඩිපුරම වෙනස් කරන්නේ ලාංකිකයන් විසිනි.
සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෝ ද මෙයට දෙවැනි නැත. ඇතැම් කී‍්‍රඩකයන් තමන් විසින් ගාලූ කොටුවේ මිලදී ගන්නා ලද නිවාස තෙමහල් නිවාස බවට පත්කරමින් සිටින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද නිර්ණායකයන්ට පටහැණිව යමිනි. ගාල්ලේ සවුත්ලන්ඞ්ස් විද්‍යාලයේ පුරාවිද්‍යා නිර්ණායක අනුව ඉදි නොකළ තාප්පයකට විදුහල්පතිනිය උසාවි ගෙනගොස් නඩු දැමීමට තිබූ හදිසියක් පුරාවිද්‍යා නිලධාරීන්ට මේ කී‍්‍රඩකයන්ට එරෙහිව නඩු දැමීමට නැත.
විදෙස් රටක සිට පැමිණි මගේ මිත‍්‍රයෙක් ගාල්ලේ කොටුවෙන් නිවසක් මිලදි ගැනීමට උත්සාහ ගත්තේය. ඔහුට යහමින් මුදල් තිබිණි. ඔහු සොයාගත් නිවසේ ඉතිරිව ඇත්තේ පර්චසයක් පමණි. මේ පර්චසයේ වටිනාකම රුපියල් කෝටියක් බව එහි හිමිකරු කීවේය. මගේ මිත‍්‍රයා පර්චසය රුපියල් අනූ ලක්ෂයකට ඉල්ලූවේය. ඔහු සතුව තිබූ කෝටියක මුදල සම්පූර්ණයෙන් ම නිවස වෙනුවෙන් පිදීමට ඔහු කැමති වූයේ නැත.
දින කිහිපයක් හෙට්ටු කරමින් ගනු දෙනුව ඇදි ඇදී ගිය ද අවසානයේ විසදුමක් නොවීය. නිවසේ හිමිකරු කෝටියට සතයක්වත් අඩුවෙන් දීමට කැමති නැත. මගේ මිත‍්‍රයා ආපසු ඔහු සිටි රටට ගියේ හිස් අතිනි. ඒ නිවස ඉන් මාස දෙක තුනකට පසු කෝටියකටත් වැඩි මුදලකට විකුණා ඇතැයි තැරැව්කරුවකු කීවේය. මෙය නොවටිනා මිලක් යැයි බොහෝ දෙනා කියති. විදේශිකයන් විසින් ඉඩම් මිලදී ගනිමින් ගාලූ කොටුව ලංකාවේ වැඩිම ඉඩම් මිල ඇති ස්ථානය බවට පත්කැර ඇත.
2001 වර්ෂයේ දී ගාල්ල කොටුවේ ඉඩම් හා නිවාස ගැන සංගණනයක් සිදුකැරිණි. ඒ අනුව පෞද්ගලික නිවාස 326ක් හදුනාගැණිනි. ඒ අතරින් නිවාස හා වෙනත් ගොඩනැගිලි 145ක් වසර සියකට වඩා පැරණි බැවින් ඒවා ආරක්ෂිත ස්මාරක ලෙස නම් කිරීමේ මූලික පියවර ගෙන තිබිණි. එම කි‍්‍රයාමාර්ගයේ පළමු අදියර ලෙස මේ ස්ථාන 2004 ජූලි මස 30 දා ආරක්ෂිත ස්මාරක ලෙස නම් කිරීමට යෝජිතයැයි ප‍්‍රකාශයට පත්කරමින් ගැසට් පත‍්‍රයේ පළ කළේය. එසේ ගැසට් කළ ද ඒවා ස්මාරක බවට පත්කිරීමට හිමිකරුවන්ගේ කැමැත්ත අවැසි වේ. මේවායේ හිමිකරුවෝ එයට කැමති වූයේ නැත. පැරණි ස්මාරක බවට පත්කිරීමේ ක‍්‍රමවේදය එක් ගැසට් පත‍්‍රයකින් අවසන් වූයේ ඒ ආකාරයෙනි.
එදා මේ නිවාස ආරක්ෂිත ස්මාරක ලෙස නම් කළේනම් කොටුවේ ඉඩම් මිල මේ තරම් ඉහළ යන්නේ නැත. කිසිවකුට තම හිතුමතයේ නිවාස වෙනස් කිරීමට අවසර ලැබෙන්නේ ද නැත. ගාලූ කොටුව අතහැර දමා ඕලන්ද ජාතිකයන් හා බි‍්‍රතාන්‍යයන් රටින් නික්මගිය පසු මුල්වරට යළි විදේශිකයකු විසින් කොටුවේ නිවසක් මිලදී ගන්නේ 1986 දීය. ඒ ඇමෙරිකාවේ සිට පැමිණි චාර්ල්ස් නමැති අයෙකි.
විදේශිකයෝ තවමත් කොටුවේ නිවාස මිලදි ගැනීමට සොයති. ඒවා මිලදී ගනිති. ලාංකිකයන්ට ඇති තවත් ගැටලූවක් වන්නේ ඕලන්ද යුගයේ හෝ බි‍්‍රතාන්‍ය යුගයේ තැනූ මේ නිවාස නිසි පරිදි නඩත්තු කිරීමට වැය කිරීමට සිදුවන අධික මුදල් ප‍්‍රමාණයයි. ඒ නිසා ඒවා නඩත්තු කිරීම නිසි පරිදි සිදුවන්නේ නැත. ඒ නිසාම ඔවුන් කරන්නේ ගරා වැටෙමින් පවතින තම නිවස කෝටි ගණනකට සුද්දන්ට විකුණා ගාල්ල කොටුවෙන් පිටත සුපිරි නිවසක් හා සුපිරි රථයක් මිලදී ගෙන අති සුඛෝපභෝගී දිවියක් ගත කිරීමයි. නිවෙස් මිලදී ගන්නා විදේශිකයෝ පැරණි නිවෙස ඒ ආකාරයෙන් ම තැනීමට බොහෝ විට උනන්දුවෙති. පසුව ඒවා විලා බවට පත්කර වසර කිහිපයකින් කෝටි ගණනක් ඉපයීමට හැකි බව ඔවුහු දනිති.
විදේශිකයෝ කොටුවේ ඉඩම් මිලදී ගැනීම එක්තරා ආකාරයකින් රටට කරන අයෝජනයකි. සංචාරකයෝ ද පැමිණෙති. මේ විදේශිකයෝ කූඨ ක‍්‍රම භාවිත කරමින් නීතියේ කණෙන් රිංගා අපේ අයගේ ද සහයෝගය ඇතිව මිලදී ගත් ඉඩම් එක් නිවේදනයකින් පවරා ගැනීමේ හැකියාව ද රජය සතු බව රජය කරවන ඇත්තෝ ද නොදන්නවා නොවේ. ඒ බව විදේශිකයෝ ද දනිති. මෙලෙස විදේශිකයන් හා කෝටිපති ලාංකිකයෝ කොටුවේ නිවාස මිලදී ගැනීමට ඇතැම් අය විරුද්ධය තවත් පිරිසක් සුද්දන් හෝ මේ නිවාස මිලදී ගෙන පැරණි ක‍්‍රමය ආරක්ෂා කරමින් ගොඩනැගීම ගැන සතුටින් පසුවෙති.
කොටුවේ සංචාරක කර්මාන්තයේ යෙදෙන බොහෝ දෙනෙක් පවසන්නේ විදේශිකයන් නිවාස මිලදීගෙන ඒවා සංචාරක නවාතැන් ස්ථාන බවට පත්කැර ඇති බැවින් දැන් ලාංකිකයන්ගේ සංචාරක කර්මාන්තය බිද වැටෙමින් තිබෙන බවයි. කොටුවේ නිවාස විදේශිකයන් අතට පත්වීමෙන් පසු නිර්මාණය වී ඇති අලූත් ගැටලූව එයයි.
විදේශිකයන් ගාලූ කොටුවෙන් නිවාස මිලදී ගැනීම ගැන එහි පදිංචිකරුවන් විවිධ වූ මත පළකරති. ඇතැමුන් ඒ සඳහා පක්ෂය. තවත් පිරිසක් විරුද්ධය. සුද්දන් මේ අයුරින් කොටුවේ ඇති නිවාස මිලදී ගැනීමේ ක‍්‍රියාදාමය දිගින් දිගටම කළහොත් යළි ගාලූ කොටුව සුද්දන්ගේ යටත් විජිතයක් වන බව නම් පැහැදිලිය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ මිල වැඩිම ඉඩම් ගාලූ කොටුවේ
අනුර Friday, 03 October 2014 06:38 PM
අපිට කොයින්ද මෙච්චර සල්ලි? (නි)
චතු Friday, 03 October 2014 08:32 PM
මට නම් සල්ලි තිබුනත් හිතෙන්නේ නැහැ ඔය වගේ හුන්ඩුවක් ගන්න. (නදී)
සඳුනි Saturday, 04 October 2014 10:45 AM
අක්‍රමවත් නීති. 2001 -2004 ඔලුවක් නැති පාලනය. රට ගැන නොසිතා මඩිය තරකර ගන්නට වෙර දරන දේශපාලකයන් සහ තැරව් කරුවන්. ගාලු කොටුව යටත් විජිතයක් වෙලා ඉතුරු වුනොත් ඇති. (නදී)
හේමන්ත Thursday, 02 October 2014 12:04 PM
මේ ගොඩනැගිලි වලට නවීන තාක්ෂණය යොදා ඒවායේ පෞරාණික බව රැකගනිමින් අනාගතයටද දායාද කළොත් නේද හොඳ? (නි)
ප්‍රියදර්ශනී Saturday, 04 October 2014 04:38 PM
ඔය විදිහට මුළු ලංකාවම විකුණලා ඉවර කරයි (නදී)
රුචිර Friday, 03 October 2014 04:26 PM
ඉඩම් සදහා පාලන මිලක් ගේන්න රට කරවන ඇත්තන්න්ට හිතෙන්නැති හැටි. ගාලු කොටුවේ විතරක් නෙමෙයි කොළඹ ඉඩමක් ගන්න ගානට එංගලන්තෙන් ගේකුත් එක්ක ඉඩමක් ගන්න පුළුවන්. (නදී)