IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලංකාවේ රස්සා තියෙන්නේ ඉගෙන ගත්ත නැති කෙනාට


Champika-Ranawaka-A 

තාක්‍ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා නව ආර්ථික සැලැස්මක් ඉකුත්දා ඉදිරිපත් කළේය. ඒ ඇයි? මේ ඒ ගැනය.

 

01 මොකද එක පාරටම රටට ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න හිතුවේ?
 අපි ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නෑ. අපි ඇත්තටම ඉදිරිපත් කරලා තියෙන්නේ තාක්‍ෂණ පර්යේෂණ සැලැස්මක්. ඒ සැලැස්ම ඉදිරියට ගන්නනම් රටේ ආර්ථිකය අපි හිතනවා විනෝදාස්වාදී ආර්ථිකයක් නොවෙයි නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි කියලා.
 


01 කොහොම වුණත් ඔබ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ මුළුමනින්ම ආර්ථික ක්‍ෂේත‍්‍රයට අදාළයි?
ඔව්! පැහැදිලිව ලංකාවේ ආර්ථිකයේ අද අපි ගත්තාම ඒකේ ඊළඟ උපාය මාර්ගය කුමක්ද කියන එක පිළිබඳව විධිමත් සංවාදයකින් තොරව විධිමත් සැලැසුමකින් තොරව වෙළෙඳ පොළ බලවේගවලට  ඕනෑ විදියටම පමණක් ඉදිරියට යන ස්වරූපයක් අපට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම විනෝදාස්වාදයට අදාළ පැති තමයි... සේවා ආර්ථිකය පළල් කිරීම පිළිබඳව තමයි අවධානය යොමු කරලා තියන බවක් පේන්න තියෙන්නේ.



01 ඔබ ඔය කතා කරන්නේ කැසිනෝ ගැනයි?
 ඔව්! ඒක හොඳ උදාහරණයක්. කාර් රේස් ගත්තත් එහෙමයි. මේ විදියට ගිහින් ගොඩනගපු රටවල් තියෙනවා. අයිස්ලන්තය ගන්න. ග‍්‍රීකය තවත් රටක්. තායිලන්තයත් එහෙම රටක්. ඉතින් මේ රටවල්වල විනෝදාස්වාදය සහිත ආර්ථිකය ඉතා වර්ණවත්. හරිම ලස්සනයි. හරියට සබන් පෙණ බුබුලක් වගෙයි. හැබැයි සුළු අර්බුදයටත් මේවා බිඳ වැටෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ටිකක් අමාරු නමුත් ප‍්‍රතිඵලදායක නව උත්පාදන ආර්ථිකය මේ රටේ නව ආර්ථික උපාය මාර්ගය විය යුතුයි කියලා.

 


01 ඒ කියන්නේ අපි රටක් විදියට දැනට අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය වැරදියි කියලද?
සම්පූර්ණයෙන්ම කෙසේ වෙතත් කිසිම උපාය මාර්ගයක් නැහැ. උදාහරණයක් විදියට ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නේ 1977 දි කියලා නිල වශයෙන් කිව්වත් ආර්ථික සම්බාධක ලිහිල් වුණේ සමගි පෙරමුණු රජයෙන් සම සමාජ පක්‍ෂය ඉවත් වෙච්ච දවසෙයි. ඒ 1975 දි ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක මහත්මයා. එහෙම බැලූවම විවෘත ආර්ථිකය ලංකාවේ කි‍්‍රයාත්මක වෙලා දැන් අවුරුදු 40ක් වෙනවා. විවෘත ආර්ථිකයක් යටතේ සාමාන්‍යයෙන් ගමන් කරන ආකාරයක් තිබුණා මුල් කාලයේ. පළමුවැනි අවුරුදු පහ ගත්තොත් ඒ කියන්නේ 1982 විතර කාලය වෙනකොට සැලකිය යුතු ආර්ථික වර්ධනයක් විවෘත ආර්ථිකය මත තිබුණා.

ඒකට හේතු කිහිපයක් තිබුණා. එකක් මේ කලාපයේ විවෘත ආර්ථික ක‍්‍රමයක් තිබුණ එකම රට අපේ කලාපයේ වෙන කිසිම රටක තිබුණේ නැහැ.
ඊළඟට දෙවැනි කාරණය අපට සෑහෙන ග‍්‍රාමීය ශ‍්‍රම වෙළෙඳ පොළක් තිබුණා. තරුණයෝ විශාල පිරිසක් හිටියා. ඒ වගේම අපට ඉතාම ලාබ බල ශක්තියක් තිබුණා. විදුලි ඒකකයක් ශත 9යි. ඒ වගේම පරිසර නීති ඉතාම ලිහිල් තත්ත්වයක තිබුණේ. වැදගත්ම දේ ජයවර්ධන ජනාධිපතිතුමා අනුගමනය කරපු බටහිරට ගැති ප‍්‍රතිපත්්තිය නිසා යෝධ වෙළෙඳ පොළවල් දෙකක් අපට ධනාත්මකව විවෘත වුණා. යුරෝපයයි උතුරු ඇමරිකාවයි. ඒ වාසිදායක කොන්දේසි කිසිවක් අපට දැන් නැහැ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ වැටුප් වැඩි වෙනවා. පරිභෝජනය වැඩි වෙනවා. ඊට පස්සේ භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. ඊට පස්සේ මිනිස්සු වෙන රස්සාවලට යනවා. ඔහු 1977 දි හදපු නිදහස් වෙළඳ කලාපවල අද අලූතෙන් එක කර්මාන්තයක්වත් ඇති වෙනවද? ඒ වගේම පුරප්පාඩු දහසය දාහක් තියෙනවා කියලා කියනවා. අපේ තියෙන සංඛ්‍යාලේඛන අනුව රටේ ලක්‍ෂ 2කට අධික පිරිසක් පිටරටවලින් ඇවිත් මෙහෙ රස්සා කරනවා. රටේ ශ‍්‍රම ඵලදායිතාව ගැන බරපතළ ප‍්‍රශ්නයක් රටේ තියෙනවා.  ඕ ලෙවල් ෆේල් වෙච්ච කිසිම කෙනෙකුට රැුකියා විරහිත භාවයක් ලංකාවේ නැහැ. හැබැයි  ඕ ලෙවල් පාස් වෙච්ච අයට රැුකියා නැහැ.



01 මේක පුදුම රටක්නේ?
ඔව්නේ. පුදුම රටක්. අපි දරුවන්ට කියන්නේ ඉගෙන ගනින් පුතේ රස්සාවක් හොයාගන්න කියලා. හැබැයි ඉගෙන ගත්තේ නැති එකාට තමයි රස්සා තියෙන්නේ.



01 මේකට හේතුව?
අපි අවුරුදු පහළොවක් මේ ආර්ථික උපාය මාර්ගය වෙනස් නොකිරීමේ ප‍්‍රතිඵලය තමයි මේ.



01 මේකට තියෙන උත්තරය?
දැන් විය යුත්තේ... ඊළඟට තියෙනවා පියවර දෙකක්. එකක් සමගි කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම මගින් ආර්ථිකය ඉදිරියට ගෙන යෑම. ඒක තමයි ජනනය කළේ. ඊළඟ පියවර තමයි නව උත්පාදනයට පිවිසීම. ඒ කියන්නේ නව නිර්මාණ මගින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට පිවිසීම. දැනට ලංකාවේ නව උත්පාදන ආර්ථිකය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට එකයි දශම පහයි. නමුත් මේක සියයට තිහක්වත් විය යුතුයි. ඉතින් ඒ මගින් හෝ මේ මගින් අපි හිතන්නේ නැහැ දිගු ගමනක් තියෙනවා කියලා. මේ ගමනේ අපි අවුරුදු 40ක් ඇවිත් තියෙනවා. මුල් කාලයේ 77x82 අතර කාලයේ තිබුණ ඒ වාසිදායක තත්ත්වයන් සියල්ලම පාහේ අපිට අහෝසි වෙලා තියෙන්නේ. මේ මගේ යන්න තියෙන්නේ ග‍්‍රීසියයි් අයර්ලන්තයයි ගිය පාරේ විතරයි.



01 මේ ප‍්‍රශ්නය ඉතාම හදිසියේ මතු කරන්න බලපාපු කාරණා මොනවාද?
හදිසියේ නොවෙයි 2009 ඉඳලා අපි මේ ආර්ථිකයෙ ගමන් මග දිහා බලාගෙන හිටියා. ජනතාවට විශාල බලාපොරොත්තුවක් දුන්න ආර්ථිකයේ ඊළඟ වන පිම්ම ඇතිවෙයි කියලා. අපි ඒකට කිව්වා ආසියාවේ ආශ්චර්ය කියලා.



01 ඔබ කියන්නේ අපට එතැනට යන්න බෑ කියලද?
ආසියාවේ ආශ්චර්ය කරා ගිය රටවල් කිහිපයක් තියෙනවා. එක රටක් තමයි කොරියාව. අනික තමයි තායිවානය. සිංගප්පූරුවත් තව රටක්. හොංකොං රටත් එහෙම රටක්. ආසියාවේ ආශ්චර්ය තමයි අපේ තේමාව. ඒකට අපේ රටේ ජනතාව අපට ඡුන්දය දුන්නා. අපි ගෙනාවා බල කේන්ද්‍ර 5ක් පිළිබඳ අදහස. හැබැයි අපට පේනවා ආසියාවේ අශ්චර්ය වෙච්ච හැම රටක්ම මැදි ආදායම් උගුල් පැන්නුවා. මැදි ආදායම් උගුල කියලා කියන්නේ ඩොලර් දාහයි දොළොස් දාහයි අතර රටවල් හිරවෙනවා. ඩොලර් දාහේ ඒක පුද්ගල ආදායම ලබා ගන්න හරි ලේසියි. දාහෙන් හාර දාහට යන්න අමාරුයි. හාර දාහෙන් අට දාහට යන්න ඊටත් වඩා අමාරුයි. අට දාහ ඉක්මවන්න හුඟාක් අමාරුයි. ඉතින් අපි විතරක් නොවෙයි මැලේසියාව තායිලන්තය වගේ රටවලූත් මේකේ හිරවෙලා තියෙනවා. ඉන්දියාව, චීනය වගේ රටවලූත් හිරවෙලා. මේ හතර තමයි මේ ආර්ථික උගුල පැන්නුවේ. ඒ ආර්ථික උගුල ඒ අය පැන්නුවේ සේවා ආර්ථිකය විවෘත කරලා නොවෙයි. කාර් රේස් තියලා කැසිනෝ දාලා නොවෙයි. සංචාරක ව්‍යාපාරය පෙන්වලා නොවෙයි. ඒගොල්ලෝ ඒ ආර්ථිකය නැංවූයේ අර මා කලින් කිව්ව විදියට එක්කෝ තමන්ගේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමෙන්. එහෙම නැත්නම් නවෝත්පාදන ආර්ථිකයට ගිහින්. එහෙමනම් අපි ආසියාවේ ආශ්චර්ය කරා නම් යන්නේ අපි අනිවාර්යයෙන්ම නවෝත්පාදන මුල් කරගත් ආර්ථිකයකට රට මාරු කළ යුතුයි.



01 ඔබ මේ යෝජනා ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට බාර දුන්නද?
මේ අදහස මම බොහෝ කාලයක් තිස්සේ කිව්වා. මේ අදහස් සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡුාවක් ආරම්භ කළා. අපි හඳුනා ගත්තා ක්‍ෂේත‍්‍ර 10ක්. ජලය, නිවාස, ඇගලූම් කර්මාන්තය වැනි විවිධ ක්‍ෂේත‍්‍ර 10ක් අපගේ අවධානයට යොමු විය යුතුයි කියලා අපි කිව්වා. ඒ වගේම අපි හඳුනා ගත්තා තාක්‍ෂණ මැදිහත්වීම් 10ක්. නැණෝ තාක්‍ෂණය, ඒ වගේම සන්නිවේදන තාක්‍ෂණය, ජීව තාක්‍ෂණය වගේ කාරණා 10ක්. ඒ අනුව අපි කි‍්‍රයාකාරකම් සියයක් හඳුනා ගත්තා. මෙතැනදි කරුණු 2ක් මම කිව යුතුයි. එකක් තමයි ලංකාව විද්‍යා තාක්‍ෂණයට ප‍්‍රමාණවත් ලෙස වියදම් කරන්නේ නැහැ.  පර්යේෂණවලට ආයෝජනය  කරන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා.



01 ඒක ඇත්තක් නොවෙයිද?
ඇත්තටම ලංකාව නිල වශයෙන් කියලා තියෙනවා තමන්ගේ දළ ජාතික ආදායමෙන් සියයට දශම 2යි වැය කරන්නේ කියලා. අපේ මහින්ද චින්තනයේ පොරොන්දු වෙලා තියෙනවා සියයට 1ක් වැය කරනවා කියලා.



01 නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ.
ඔව්! මගේ තක්සේරුවට අනුව සියටය දශම 2කුත් නැහැ. සියයට දශම බිංදුවයි තුනයි හයක් තමයි වෙන් කරන්නේ.



01 ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් දෙනවා කියපු මුදලවත් ඔබට ලැබෙන්නේ නැහැ?
ඔව්! ඒ කියන්නේ අපේ අමාත්‍යාංශයට පමණක් නොවෙයි. පෞද්ගලික  අංශයත් එක්ක. කොරියාව වගේ රටක් මේ පිම්ම පැන්නේ සියයට 4ක් වෙන් කරලා. සිංගප්පූරව ඒ පිම්ම පැන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 2ක් පර්යේෂණවලට වියදම් කරලා තායිවානයත් එහෙමයි. ඉන්දියාව ගත්තොත් සියයට 1ක් වෙන් කරනවා. මේ කාරණයෙදි අපි සියයට දශම බිංදුවයි තුනයි හයක් ඉඳන් අපේ ඉල්ලීම මේක සියයට 1ක් කරන්න කියලයි.



01 මේ මහා භාණ්ඩාගාරයෙන් ඒකට ඉඩක් ලැබෙයි කියලා ඔබ හිතනවද?
භාණ්ඩාගාරයට අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් අපි මේ ගැන කතා කරලා තියෙනවා.



01 භාණ්ඩාගාරයෙන් ලැබුණ ප‍්‍රතිචාරය මොකද්ද?
භාණ්ඩාගාරය ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කරනවා ඒක තමයි තාක්‍ෂණ පර්යේෂණ කරන පෞද්ගලික ආයතනවලට අපි බදු සහන දීලා තියෙනවා. රජයේ ආයතනවලටත් ඒ බදු සහන දීලා තියෙනවා. මේ වියදම් කරපු සල්ලිවලින් මොනවද මේ ආර්ථිකයට දීලා තියෙන ප‍්‍රතිලාභ කියලා ඒ අය ප‍්‍රශ්න කරනවා. එතකොට මේ ප‍්‍රශ්න දෙකම ගත්තොත් එක පැත්තකින් කියනවා සල්ලි වියදම් කරන්නේ නැහැ කියලා. තව පැත්තකින් අහනවා වියදම් කරපු සල්ලිවලට ලැබුණ ප‍්‍රතිලාභ මොනවද කියලා. ඒ දෙක බැලූවම ඒ දෙකටම උත්තරයක් විදියට තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද සල්ලි වියදම් කරපු පමණින් ආර්ථිකයක නව නිර්මාණ වෙන්නෙත් නැහැ. ඒ වගේම නව නිර්මාණ වාණිජකරණය වෙන්නෙත් නැහැ. නව නිර්මාණයක් වාණිජකරණය වෙන්න වටපිටාවක් අවශ්‍යයි. ඒ නිසා අපි ඒ ආර්ථික වටපිටාව නිර්මාණය කිරිමේ වැඩපිළිවෙලකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික වර්ධනය, පරිසර සංරක්‍ෂණය හා සාධාරණ සමාජය මේ සියල්ලෙන්ම තිරසර බව රටට අවශ්‍යයි. ඒ කුළුණු තුන මත තමයි අපි මේ යෝජනා කරන නවෝත්පාද ආර්ථිකය ගොඩනැගෙන්නේ.



01 ආර්ථික ඝාතකයන් ගැන දේශපාලන ක්‍ෂේත‍්‍රයේ කතා වෙනවා. ඔබ ඒ නොකියා කියන්නේ ඒ ගැනමයි?
මෙහෙමයි. මම පුද්ගලයන්ට චෝදනා කරන්නේ නැහැ. පුද්ගලයන්ට චෝදනා කරලා වැඩක් නැහැ. හැබැයි මේ රටේ ආර්ථික උපාය මාර්ගය පිළිබඳ සාකච්ඡුාවක් නැති නිසා පුද්ගලයන් දෙතුන් දෙනකුට පුළුවන් වෙලා තියෙනවා ආර්ථිකය තමන්ට අවශ්‍ය දිශාවට අරගෙන යන්න. එහෙම කළ යුතු රටක් නොවෙයි. මේක. මේක දැන උගත් මිනිස්සු ඉන්න රටක්. මේ රටේ විද්‍යාඥයෝ පන් දහක් ඉන්නවා. විවිධ වෘත්තියවේදීන් ලක්‍ෂයකට වැඩියෙන් ඉන්නවා. මේ මිනිසුන්ගෙ සම්බන්ධයක් රටට අවශ්‍යයි. 1952 දි අපි සැලැස්මක් හැදුවා. විපුල ඵල ලැබුණා. දැන් එහෙම සැලැස්මක් නැහැ. දැන් එක එක ව්‍යාපාරික අවශ්‍යතා මත එක එක තැන්වලින් ගන්න  අදහස් මත අපි ඔහේ කරගෙන යනවා. අපි වශිකෘත වෙන්න හොඳ නෑ. එක පැත්තකින් පෙන්වන සංඛ්‍යාලේඛනවලට.



01 ඔබ කියන්නේ මහ බැංකුවේ සංඛ්‍යාලේඛන බොරුයි කියන එකද?
නෑ නෑ මම කියන්නේ සංඛ්‍යාලේඛන බොරුයි කියලා නොවෙයි. මම කියනවා ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. ආර්ථික වර්ධන වේගය සියයට 8ක් කරනවා කියලා කියනවා මහ බැංකුව. ඒ වගේම මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් එකතුවෙලා අයි එම් එෆ් එකට කියනවා ලංකාවට ආර්ථික වර්ධන වේගය ගන්න බැ සියයට හයයි දශම පහකට වඩා කියලා. මේක විසංවාදයක්නේ.



01 කවුද ඒ නිලධාරීන්?
ඒ අයගේ නම් ගම් මා කියන්න යන්නේ නැහැ. නමුත් මහ බැංකුවේම නිලධාරීන් තමයි එහෙම කියන්නේ. අනික් ඉලක්කම් වැරදියි කියලනේ එහෙමනම් මේ අපිට කියන්නේ. අපිට සියයට හයකට වඩා ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. නවෝත්පාදන ආර්ථිකය ඇතුළේ සියයට 8ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමේ හැකියාව රට ඇතුළේ තියෙනවා. උද්ධමනය තනි ඉලක්කමකට පාලනය කරලා තියෙනවා. ඒ වගේම විරැුකියාව පාලනය කරලා තියෙනවා. රුපියල අව ප‍්‍රමාණය වීම තනි ඉලක්කමකට ගෙනත් තියෙනවා. විදුලිය, පාරවල්, ජලය රටපුරා ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ විදියට අපි පැති ගණනාවකින් ජයග‍්‍රහණ ලබාගෙන තියෙනවා. හැබැයි තව පැතිවලින් අපි බොහොම දුර්වලයි.

 

SLD_20140713_A018



01 මුදල් අමාත්‍යාංශයේ ලේකම් නොවෙයි මුදල් ඇමති වශයෙන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකයට වගකිව යුතුයි?
මම කලින් කිව්වනේ පුද්ගලයන්ට දොස් කියලා වැඩක් නැහැ කියලා. මේවා පුද්ගලයකුට කරන්න පුළුවන් දේවල් නොවෙයි. ඒක නිසා තමයි අපි පුද්ගලයන් විවේචනය කරන්නේ නැතිව ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ. මේ ප‍්‍රතිපත්තිය අපි සාකච්ඡුා කරන්න  ඕනෑ මේ රටේ. මේ රටේ ආර්ථික  උපාය මාර්ගය කොහේටද කියලා අපි කතා කරන්න  ඕනෑ. දැනට තියෙන එකද, එහෙම නැත්නම් මේකද? එහෙමත් නැත්නම් වෙනත් එකක්ද කියලා අපි කතා කරන්න  ඕනැ. එක නිලධාරියකුට දෙන්නකුට මැජික් පොල්ල කරකවනවා වගේ ආර්ථික පොල්ල කරකවන්න දෙන්න හොඳ නැහැ. මේක ජනතාව අතට ගන්න  ඕනෑ. විපක්‍ෂයටත් මේකට විකල්පයක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයට තියෙන වැඩ පිළිවෙල මොකද්ද? ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයද? ඒ ආර්ථිකය අවසන් වුණේ ලක්‍ෂ ගානකගේ මළ සිරුරුවලින්. එහෙම නැත්නම් 2001-2004 රනිල්ගේ යුගයට යන්නද? ඒ ලිබරල් ආර්ථිකය කි‍්‍රයාත්මක කළා නම් එහෙම 2008-2009 ලෝක ආර්ථික කුණාටුව ඉදිරිපිට මේ රට විනාශ වෙනවා. රනිල්-මිලින්ද මොරගොඩ ගෙනාපු ආර්ථික සැලැස්ම සම්පූර්ණයෙන්ම සබන් පෙණ බුබුළු ආර්ථිකයක්. ඒකම තමයි අදත් අපි මේ කොපි කරගෙන යන්නේ. රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන තමයි මේ ගෙනියන්නේ.

 

Untitled-4
 



අදහස් (0)

ලංකාවේ රස්සා තියෙන්නේ ඉගෙන ගත්ත නැති කෙනාට

අසෝකා Tuesday, 22 July 2014 09:36 AM

අයියෝ ඔයගොල්ලෝ මේ දේශපාලකයන් ගැන ගහ ගන්න එපා! (අ)

:       0       0

ග්ලුමින්ද Friday, 18 July 2014 07:08 AM

මූණ දකිනකොටම මට මගේ ඇඟෙ මාළු නටනවා. (නදී)

:       0       0

නුවන් Thursday, 17 July 2014 06:14 PM

ලලින්ද්‍ර, ඔයා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

නන්ද Thursday, 17 July 2014 01:18 AM

කියන දෙයක් කෙලින් කියන්නකෝ (නි)

:       0       0

ලසිත් Thursday, 17 July 2014 09:17 AM

ලලින්ද්‍ර, දෙයක් කියන්න පෙර දෙපාරක් හිතන්න. නම් ගම් එක්ක කිවුවොත් වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මෙතුමා විතරයි මට නම් මේ ආණ්ඩුවේ ඉන්න එකම බුද්ධිමත් ඇමතිතුමා. (නි)

:       0       0

හිරාන් Thursday, 17 July 2014 09:41 PM

මසුරන් වටිනා කතාවක් (නි)

:       0       0

නැනිල් Friday, 18 July 2014 12:33 AM

ලලින්ද්‍ර , ඔබ හරියටම හරි. ලසිත් තාම බුද්ධිමතුන් හඳුනන්නේ නැතිපාටයි (නි)

:       0       0

එරංග Wednesday, 16 July 2014 02:51 PM

බොහොම හරි මහත්තයෝ (නි)

:       0       0

ලලින්ද්‍ර Friday, 18 July 2014 04:22 AM

ලසිත් මට චම්පික ඇමතිතුමාගේ බුද්දිමත් කම ගැන කිසි ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්නේ තමා ඔය තරම් රටවෙනුවෙන් කැප වෙන මැරෙන්ඩ උනත් සුදානම් පුද්ගලයෝ වැරදිකරයෝ පෙන්නන්න බයයි තනතුර රැකගන්න දගලනවා . වැරදිකරෝයෝ හදුනාගන ඉවත් නොකර කොහොමද ඉදිරියට යන්නේ. අපේ රටේ හැටිනේ වීරයෝ වර්නන කර කර ඉන්න එක (අ)

:       0       0

ලලින්ද්‍ර Thursday, 17 July 2014 05:59 AM

චම්පික මහත්තයෝ මේ රටට වෙලා තියන හේනේ තමුන්නාන්සේගේ කතාව ඇතුලේම තියනවා. අපි අර මොකක්ද හංගාගෙන මොකක්ද කරනවා. තමුන්නාන්සේගේ කතාවේ ඇතුලේ කොච්චර නම් වැරදි කාරයෝ හංගාගෙන තියනවද ආරක්ෂා කරලා තියනවද ? ඒ මගින් තමුන්නාන්සේ තමුන්නාන්සේ ගේ තනතුර ආරක්ෂා කරගන්න උත්සහ කරනවා. (නදී)

:       0       0

වසන්ත Sunday, 20 July 2014 05:51 AM

එ්ක නැති කරන්න නේ මෙතුමා 18 සංශෝදනයට කැමැති උනේ (නදී)

:       0       0

හේමා Sunday, 20 July 2014 06:26 AM

ඔබතුමාලාගේ අමාත්‍යංශයේම කොපමණ නුසුදුස්සන් ඉන්නවද කියලා ඔබතුමා දන්නවද ? නිතරම නිවාඩු ගැනීම නිසා කොළඹින් පිටත රජයේ තැනක සේවය හැරගියා සේ සැලකුන අනියම් සේවක කෙනෙක් ට නැවත කොළඹ රජයේ තැනකට පත්වීම ලැබුනා ලු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 105 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 774 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1309 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 178 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 413 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site