මා බාල කාලයේ හදිසියේම දිනක නිවස ඉදිරිපිට තාර පාරට අගල් හයක් පමණ දිගැති මාඑවෙක් අහසින් වැටෙනවා මම දුටුවෙමි. වහා පැන ඒ මාඑවා අල්ලාගත් මම වතුර බේසමකට දැමූ විට ඌ පිහිනා ගියේය. මෙය එකළ මට මහත් පුදුමයක් විය. ‘‘පුතේ සුළි සුළං වර්ගයක් තියෙනවා හැමදේම අහසට ඇදලා ගන්න. අන්න ඒ වෙලාවක අහසට ඇදිල ගියපු මාඑවෙක් ඔතනට වැටෙන්නට ඇති’’ සීයා කීවේය. එදා මට ඒ ගැන කිසිසේත්ම අවබෝධ කැර ගැනීමේ ශක්තියක් තිබුණේ නැත. නමුත් පසු කලෙක මම ”ටෝනේඩෝ” නමැති තත්ත්වය පිළිබඳව දැන ගතිමි. ශක්තිමත් ටෝනේඩෝවකට වාහන, දොර ජනෙල් පවා ඉහළට ඔසවා ගැනීමේ හැකියාවක් ඇති බව ඇසූ මම ටෝනේඩෝ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා නොවීම පිළිබඳ සැනසුම් සුසුම් හෙඑවෙමි. නමුත් දැන් ඒ සියල්ල කණපිට පෙරළී ඇත. පසුගිය සති දෙකක කාලයේදී ශී‍්‍ර ලංකාවේ වෙරළබඩ තීරයේ ටෝනේඩෝ තත්ත්ව කිහිපයක් ම දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තාවල පළවිය. ටෝනේඩෝ අපරටට යම් පමණකින් ආගන්තුක වුව ද ඇමෙරිකාවට එය අරුමයක් නොවේ. ලොව වැඩිම ටෝනේඩෝ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තාවන ඇමෙරිකාවේ ඇතැම් වර්ෂවලදී වාර්තාවන ටෝනේඩෝ තත්ත්ව 1000 ක් පමණ ඇති බව ඇමරිකාවේ කාලගුණ විද්‍යා අංශ පවසයි. වරින් වර ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් ස්වභාවික ආපදා සිදුකරන ක්ෂණික චණ්ඩමාරුත ගැන අසන්නට ලැබේ. මේවා සාමාන්‍ය ජනවහරේ සුළි සුළං යැයි හැඳින්වුව ද ඒවා බොහෝ විට සුඑ ප‍්‍රමාණයේ ටෝනේඩෝ තත්ත්වයන්ය. අකුණු සහිත වැසි ඇති කරන කැටි වැහි වලාකුඑ පවතින ඕනෑම අවස්ථාවක මෙලෙස ටෝනේඩෝ ඇතිවිය හැකි බව විද්‍යාඥයෝ පවසති. කැටි වැහි වලාකුළක ආයු කාලය විනාඩි 20 ක් 30 ක් පමණ වන බැවින් ටෝනේඩෝවේ ආයු කාලය ද මිනිත්තු 20 ක් හෝ 30 ක් පමණ වේ. හොඳින් වර්ධනය වූ කැටි වැහි වලාවකින් ආරම්භවන ටෝනේඩෝවක් කුඩා ප‍්‍රමාණයේ ප‍්‍රචණ්ඩ සුළි සුළගක් ලෙස කි‍්‍රයාත්මක වේ. මෙහිදී නිවෙස් වහළ, දොර ජනෙල්, ගෘහ භාණ්ඩ ආදී සියල්ල ඔසවා විසුරුවා දැමීමට සමත්වේ. මෙවැනි ටෝනේඩෝ කි‍්‍රයාත්මක වන වපසරිය කිලෝ මීටර දෙකක් හෝ තුනක් පමණ වේ. ටෝනේඩෝ හැසිරීම සහ එහි ස්වරූපය සැලකිල්ලට ගනිමින් බඹරය සහ පුනීල හැඩැති වශයෙන් කොටස් දෙකකට බෙදා තිබේ. විද්‍යාඥයන් පවසන්නේ ටෝනේඩෝවක විශ්කම්භය මීටර 100 ක් පමණ වන බවයි. එය සතු පැයට කිලෝ මීටර 400 ක පමණ වේගයෙන් හමා යන සුළං හේතුවෙන් දැඩි ආපදා සිදුවේ. ටෝනේඩෝවක ප‍්‍රමාණය එහි ප‍්‍රබලතාවය හෝ එයින් සිදුවන හානිය මැනීමේ මිනුම් දණ්ඩක් නොවේ. මුහුදේ හෝ විශාල ජලාශයන්හි වර්ධනය වූ විට දියගොබ වළා යනුවෙන් හැදින්වෙන මේවා ගොඩබිමට පැමිණි විට ටෝනේඩෝ නමින් හඳුන්වයි. ලෝකයේ ඇතිවන ටෝනේඩෝ වලින් ඉතා විශාල සංඛ්‍යාවක් දුර්වල ඝනයේ ටෝනේඩෝ වෙයි. නවීන තාක්ෂණයේ සහායෙන් මහ වැසි, අකුණු සහිත වැසි සහ සුළි සුළං පිළිබඳ කල් තියා දැනුම් දීමේ ක‍්‍රමයන් ඇතත් ටෝනේඩෝවක් කල්තියා හඳුනාගැණීමේ ක‍්‍රමයක් මෙතෙක් සොයාගෙන නැත. ඇමෙරිකාව ඇතුඑ බොහෝ රටවල් මේ සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීමට දිගින් දිගටම පර්යේෂණයන්හි නිරතව සිටියි. ඔවුන් පවසන්නේ ටෝනේඩෝ වර්ධනය කරන වලාකුඑ අධික අකුණු ප‍්‍රමාණයක් විසර්ජනය කරන බවයි. අප රටෙහි ටෝනේඩෝ වැඩි පුරම වාර්තා වන්නේ අන්තර් මෝසම් හෙවත් මාර්තු සිට අපේ‍්‍රල් දක්වා කාලයේදී සහ ඔක්තෝබර් සිට නොවැම්බර් කාලයේදීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ ඞී.ඒ. ජයසිංහආරච්චි මහතා කියා සිටියේ නිරිත දිග මෝසම් කි‍්‍රයාත්මක වන කාලයේදී සාමාන්‍යයෙන් ටෝනේඩෝ හටනොගන්නා බවයි. නමුත් වායුගෝලයේ ඇතිවන කැලඹිලි සහිත තත්ත්වයන් හේතුවෙන් ඕනෑම මොහොතක ටෝනේඩෝ හටගන්නා බවත් පසුගිය සතියේ ඇතිවූයේ එවැනි ටෝනේඩෝ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහආරච්චි මහතා මෙසේ ද කීවේය. ශී‍්‍ර ලංකාවට ටෝනේඩෝ කියන්නේ අලූත් දෙයක් නොවේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ටෝනේඩෝ තත්ත්වයන් ඇතිවුනා. නමුත් අද වගේ මාධ්‍ය මගින් ඒවා ප‍්‍රචාරය නොවූ නිසා ජනතාවගේ අවධානය අඩුයි. ඇමෙරිකාවේ වගේ විශාල වශයෙන් හානිකර ටෝනේඩෝ ඇතිවී නැහැ. ටෝනේඩෝවක් ඇතැම් විට පැයට කිලෝ මීටර 500 ක පමණ වේගයෙන් හමා යාමට ඉඩ තිබෙනවා. ජයසිංහආරච්චි මහතා පවසන්නේ ටෝනේඩෝවක් හඳුනාගත හැක්කේ එය සිදුවීමෙන් අනතුරුව බවයි. සුළං හමායාමෙන් පසු සිදුව ඇති හානියේ ස්වභාවය බලපා ඇති ප‍්‍රදේශය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය ටෝනේඩෝවක් බව ස්ථිරවම කිව හැකියැයි ද හෙතෙම කීවේය. විද්‍යාඥයන් පවසන්නේ ටෝනේඩෝ ඇතිවීමටනම් අකුණු ඇතිකිරීමට සමත් කැටි වලාකුළු වඩාත් පොළොව සමීපයෙන් පිහිටිය යුතු බවයි. එවැනි අවස්ථාවක් නිර්මාණය වන ඕනෑම මොහොතක ටෝනේඩෝවක් හටගැනීමට ඉඩ තිබේ. ශී‍්‍ර ලංකාවට ටෝනේඩෝ වැනි භයානක ස්වභාවික උවදුරු නොමැතියැයි බොහෝ කලක් අප පුරසාරම් දෙඩුව ද අපේ රටට ද විනාශකාරී ටෝනේඩෝ ඕනෑම මොහොතක කඩා වැදීමට ඉඩ තිබේ.
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ලංකාවටත් දැන් 'ටෝනේඩෝ'
ඇස් ගුල්ලා Friday, 29 June 2012 10:56 AM
ඔච්චරයි අඩුවට තිබුණේ.