IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලග්ගල මහ වනයේ බවුන් වැඩූ සුදු හාමුදුරුවෝ

 

--------------------------------------------------------------------------------------------------------------

ඩෙන්මාර්කයේ ඤාණාදීප හිමිපාණන්වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් පළවන ලිපියකි.

--------------------------------------------------------------------------------------------------------------

වර්ෂ 1944 නොවැම්බර් 12 වැනිද‌ා ප්‍රංශ ජාතික ඕජේන් ජූන් පියාට දාව ප්‍රංශයේ LYON ප්‍රදේශයේ උපත ලද ඩෙනී රොබට් ජූන් පුතු, මතු යම් කලෙක එබඳු සඟ පිය පරපුරක පා සටහන් මත පියවර නඟති යි කිසිවකු සිහිනෙනුදු නොසිතන්නට ඇත. ඩෙනී ගේ පියා වෛද්‍යවරයකු හමු විය. ඔහුට සිය වෛද්‍ය සේවය සඳහා ලෝක යුද්ධය තදින් පැවැති ජර්මනියේ දේශපාලන සිරකරුවන් රඳවා තබන කඳවුරකට යාමට සිදු විය. ඔහුගේ බිරිය ද එවකට ඉතා කුඩා වියේ පසු වූ ඩෙනී සමඟ ප්‍රංශයේ සිටියාය. ජර්මනියේ දී ඔහුට ඩෙන්මාර්ක් ජාතික තවත් වෛද්‍යවරයෙක් හමු විය. ඔහු ද සිය බිරිය සහ දරුවා ඩෙන්මාර්කයේ තනි කර දමා පැමිණ තිබිණි.

මිතුරන් වූ මේ දෙදෙනා අතර අපූරු ගිවිස ගැනීමක් සිදු විය. සිය දෑස් ඉදිරිපිට එකිනෙකා මැරී වැටෙන මෙබඳු යුද්ධයක දී සිය ජීවිතය ද අවිනිශ්චිත බව තේරුම් ගත් ඔවුහු, එක් අයකුගේ මරණය සිදු වුවහොත් අනෙකාගේ බිරිය සහ දරුවා බාරගන්නා බවට අන්‍යොන්‍ය වශයෙන් ගිවිස ගත්හ. ටික දිනක් ගත විය. ප්‍රංශ ජාතික වෛද්‍ය ඕජේන් ජූන් ගේ මරණය සිදු විය. ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයා සිය මවු රටට පෙරළා ගියත් ඔහු ගේ සිතේ මිත්‍රත්වයේ නාමයෙන් වූ ගිවිසුම මතකයේ තිබිණි.

ඩෙන්මාර්කයට ගිය වහාම හෙතෙම ප්‍රංශයට ලිපියක් ලියා තැපැල් කළේය. වෛද්‍ය ඕජේන් ජූන් ගේ මරණය සිදු වූ බවත් මරණයට පෙර ඔහු හා තමා අතර වූ පොරොන්දුවකට අනුව ඔහු ගේ බිරිය හා දරුවා කැමැති නම් ඩෙන්මාර්කයේ වෙසෙන තමන් බාරයට ගත හැකි බවත් මිතුරා වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අවශ්‍ය රැකවරණය සහ නඩත්තුව අවශ්‍ය කාලයක් යන තුරු සැපැයිය හැකි බවත් දන්වා යැවීය. සිය අත දරුවා සමඟ තනිව හුන් වෛද්‍ය ඕජේන් ජූන් ගේ බිරිය ද ඊට එකඟ වූවාය. අනතුරුව ඇය කුඩා ඩෙනී ද සමඟ ඩෙන්මාර්කයේ පදිංචියට ගියාය. එතැන් සිට ඩෙනී රොබර්ට් ජූන් වැඩෙන්නේ පිය සෙනෙහස වෙනුවට ලද පියකු ගේ බඳු සෙනෙහසක් මැද ඩෙන්මාර්කයේය.

විසිහතර හැවිරිදි වෙද්දී, පියා ගේ අහිමි වීම සහ මනුෂ්‍ය වර්ගයාම මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කළ මහා මනුෂ්‍ය සංහාරයක අඳුරු මතක විසින් ඔහු කම්පනයට පත් කරනු ලබන්නට ඇත. එහි අවසන් ප්‍රතිඵලය නම් ඩෙනී තරුණයා දහම සොයා පෙරදිගට පැමිණීමට තීරණය කිරීමය.

සිය පෙරදිග නවාතැන ලෙස ඔහු තෝරා ගත්තේ ඒ වනවිට බුදු දහම සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්ල රජ්ගම පොල්ගස්දූව විවේක සේනාසනයයි. පොල්ගස්දූව ආරම්භ කළාහු ජර්මන් ජාතික ඤාණාතිලෝක මහ තෙරුන්වහන්සේය. පසුව උන්වහන්සේ ගේ ශිෂ්‍ය කඩුගන්නාවේ ඤාණාලෝක මාහිමිපාණන් වහන්සේ එහි ආධිපත්‍යය හොබවා වදාළ සේක. ඤාණාතිලෝක මාහිමිපාණන් වහන්සේ ගේ තවත් කීර්තිමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ ඤාණපෝනික මාහිමිපාණන් වහන්සේ මෙකල මහනුවර උඩවත්ත කැලේ වන සෙනසුනේ සිට බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශනයට පත්කරමින් විශාල සසුන් සේවාවක් කරමින් සිටියහ.

ඩෙනී තරුණයා කලක් පොල්ගස්දූවේ උපාසකයකු ලෙස හිඳ පසුව එහිම පැවිදි වීමට තීරණය කළේය. එම කාලයේම පොල්ගස්දූව සේනාසනයේ වැඩ විසූ, දැනට බම්බලපිටිය වජිරාරාමයේ වයෝවෘද්ධව වැඩ සිටින බොරැල්ලේ ඤාණපාල ස්වාමීන්වහන්සේට ඩෙනී ගේ ගිහි අවධිය පිළිබඳව තවම මතකයේ ඇත. ඩෙනී ගේ පැවිද්ද සිදුවන්නේ 1969 සැප්තැම්බර් 29 වැනිද‌ා කඩුගන්නාවේ ඤාණාලෝක මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ ගේ ආචාර්යත්වයෙන් ‘ඤාණදීප’ යන නමිනි. ඊට වර්ෂ එකහමාරකට පසුව 1971 මාර්තු 22 වැනිද‌ා බුරුම ජාතික අතිපූජ්‍ය ඤාණින්ද මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් පොල්ගස්දූව සෙනසුනේම බද්ධ සීමාවේ දී උපසම්පදාව සිදු වී ඇත.

ඒ මඩිහේ පඤ්ඤාසීහ මහනායක මාහිමිපාණන්වහන්සේ ගේ අනුශාසනා පරිදි අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායට අනුබද්ධවය.

‘ඤාණදීප’ හිමියෝ පැවිද්දට පෙර සිටම පොල්ගස්දූවේ දී පාලි භාෂාව හැදෑරීම ආරම්භ කොට උපසම්පදාවෙන් වසර කිහිපයක් යන තුරුම පොල්ගස්දූව පුස්තකාලය සහ භික්ෂූන්වහන්සේලා ඇසුරින් පාලි භාෂාවත්, ධර්මයත් උගත්හ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්වකීය කථිකාචාර්ය පදවිය හැර දමා පැමිණ පැවිදි වූ මෙකල පොල්ගස්දූවේ වැඩ විසූ කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් ‘ඤාණදීප’ හිමියන්ට පාලි භාෂාව ඉගෙනීමට උපකාර කළ බව ද ඉගැනීමේ අසීමිත දක්‍ෂතාවකින් යුත් ‘ඤාණදීප’ හිමියන් වහා භාෂෝද්ග්‍රහණය කළ බව ද පසු කලෙක කටුකුරුන්දේ මාහිමියන් වදාරා ඇත.

මෙකල පොල්ගස්දූව ප්‍රකටව තිබුණේ බටහිර ජාතිකයන් පැවිදි වීමට පැමිණෙන තපෝභූමියක් වශයෙන් පමණක්ම නොවේ. දහම සම්බන්ධයෙන් නොවහල් අදහස් ඇතිව, උග්‍ර තපෝ ගුණ දරාගෙන හුදෙකලාව අධිගම සාධනය පිණිස වීර්යය වැඩූ උතුමන්වහන්සේලා නිසා ද පොල්ගස්දූව කීර්තියට පත් වී තිබිණි. පොල්ගස්දූවේ පැවිදිව පැලෑණේ සිරි වජිරඤාණ මහ නාහිමිපාණන්වහන්සේ වෙතින් උපසම්පදාව ලබා බූන්දල හුදෙකලා කුටියක වැඩ සිට ශ්‍රේෂ්ඨ ජීවිත හරණයක් සිදු කොට වදාළ ඉංග්‍රීසි ජාතික ඤාණවීර හිමිපාණන් ද ඤාණවීර හිමිපාණන් සමඟම පැවිද්ද හා උපසම්පදාව ලබා ‘ විසුද්ධි මග්ගය’ ඇතුළු කෘති ගණනාවක් ඉංග්‍රීසි බසට නැඟූ ඉංග්‍රීසි ජාතික ඤාණමෝලි හිමිපාණන් ද මහ කසුප් සිරිත සිහි ගන්වමින් උග්‍ර තපෝගුණයෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් යුතුව ලක් බිම පුරාම පා ගමනින් පිඬු සිඟා වඩිමින් ධර්ම චාරිකාවේ වැඩම කළ ජර්මන් ජාතික ඤාණවිමල හිමිපාණන් ද ඤාණදීප හිමියන්ට පූර්වගාමී, විශිෂ්ට ආදර්ශයන් වන්නට ඇත. සත්‍ය වශයෙන්ම උන්වහන්සේලා ලක් සසුනේ එක්තරා යුගයක පුරාවෘත්තයක් බඳු සලකුණක් ඉතිරි කොට ඇත.

බූන්දල කුටියේ වසර නවයක පමණ කාලයක් පිණ්ඩපාතිකව ඒක විහාරිකව වැඩ සිටිමින් හුදෙකලා ජීවිතයකට අවශ්‍ය පුහුණුව ලැබූ ඤාණදීප හිමියෝ තදනන්තරව වර්ෂ 1983 දී ලග්ගල ඊරියගස්උල්පත ප්‍රදේශයේ වන වාසයට වැඩම කළ සේක. එතැන් සිට දැඩි ලෙස ගිලන් වූ ජීවිතයේ අවසාන වර්ෂ කිහිපයට පැමිණෙන තුරුම උන්වහන්සේට සෙවණ වූයේ මේ ලග්ගල මහ වනයයි. ඒ කාලය පුරාම දන් දෙමින් උන්වහන්සේ පෝෂණය කළෝ ලග්ගල ගම්මානවල ගැමියෝය. නිරන්තරයෙන් අලියාත් ඉඳහිට වලසා සහ දිවියාත් හොල්මන් කරන මේ මහා වනාන්තරයේ මනුෂ්‍ය වාසයේ සිට සැලකිය යුතු දුරක් ඇතුළත වරිච්චි ගැසූ බිත්ති තුනකින් ද සිවුරක් පමණක් දැමූ ඉදිරිපස ආවරණයකින් ද ඉළුක්, පොල් අතු ආදිය සෙවිලි කළ වහලකින් ද ගොම පිරිමැද සැකැසූ ගෙබිමකින් ද යුතු අතිශය සරල කුටියක ලී දඬු හරස් කොට තනාගත් ඇඳමැස්සක උන්වහන්සේ සතුටින් වැඩ සිටි සේක.

දිනකට වරක් ඉතාම දිළිඳු ගැමියන් වෙත පිඬු පිණිස වැඩි සේක. කුටිය අසලින් මහ වන මැදින්, ඔය පිටාර දමමින් ගලන මහා වර්ෂා සමයේ පවා අඳන, සිවුරු වතුර බිඳකිනුදු තෙත් නොවී සැඩ පහර තරණය කොට අදටත් අදහාගත නොහැකි ලෙස පිඬු සිඟා වැඩි අයුරු ලග්ගල ගැමියන් අප සමඟම පවසා ඇත. කැත්තක්, මන්නා පිහියක් නොමැතිව යා නොහැකි මඟක තුත්තිරි ගසක්වත් නොපැටලී වැඩි අයුරු විස්මයාවහය. එලෙස මහ වන මැද හුදෙකලාව වීර්යය වඩන භික්‍ෂු සම්ප්‍රදායක මෑත අවධියේ පරමාදර්ශය උන්වහන්සේය.

එක් කුටියක දීර්ඝ කාලයක් ස්ථාවරව වැඩ නොසිටින මාහිමිපාණෝ පොත්ඇටවෙල, මොරතැන්න, ගලමුදුන, ලේල්ඔය, මඩුමාන, රඹුක්ඔලුව, පුවක්පිටිය, කුකුළාමල්පොත ආදී ලග්ගල ප්‍රදේශයේ ගම්මාන ඇසුරු කරමින් වනගතව වැඩ සිටියහ. 1993 දී වනගත ජීවිතයේ මුල් කාලයේ දී කලබල වූ අලියකුට පෑගීම නිසා පාදයේ ආබාධයක් සිදු වී රැයක් පහන් වන තුරුම අලි රංචුවටම මැදිව පාදයේ තුවාලය ද සහිතව වන මැද වැටී සිටියත් උන්වහන්සේගේ ජීවිතයට කිසිදු අන්තරාවක් නොවීය. ඉන් පසුව මහා වනාන්තරවල මිනිස් කටහඬක් නොඇසෙන මානයේ පිහිටි කුටිවල ගෙවී ගිය දීර්ඝ රාත්‍රීන් පුරා සිරුර ලොමුදහගන්වන සිදුවීම්වල දී ලොමුදහ නොගෙන සිටි අයුරුත් අතිශය කම්පනීය සිදුවීම් හමුවේ අකම්පිතව සිටි අයුරුත්, පුහුදුන් සිත් තැති ගන්වනසුලු අවස්ථාවන්හි දී තැති නොගෙන සිටි අයුරුත් දන්නේ උන්වහන්සේම පමණි.

මේ මුළු කාලය පුරාම දවසකට වරක් වඩින පිණ්ඩපාතයටත් තෙමසකට වරක් වඩින ලග්ගල වනවාසී සඟ හමුවටත් පමණක්ම වනයෙන් පිටතට වැඩි උන්වහන්සේ ඉතිරි මුළු කාලයම යෙදවූයේ ධර්මය අධ්‍යයනයට සහ භාවනාවටය. කිසිදු ගිහි දායක-දායිකාවක ළඟින් ඇසුරු නොකළ අතර දාන පින්කම් ආරාධනා ආදිය පිළිගැනීම ද නොකළ සේක.

වසර කිහිපයකට පෙර සිට ගිලන් වූ මාහිමිපාණන් වහන්සේ ඉකුත් 2020 සැප්තැම්බර් මස 12 වැනිද‌ා ඇත්දළගල ආරණ්‍යයේ දී සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළ සේක.

 

 ඩෙන්මාර්කයේ ඤණදීප හිමිපාණන්ට නිවන් සුව ලැබේවා.

(තොරතුරු සපයා ගැනීමට උපකාර කළ ඩෙන්මාර්කයේ මෙත්තාවිහාරී, රම්මුතුගල බුද්ධවංශ, පෙතියාගොඩ චන්දවිමල ස්වාමීන්ද්‍රයන්වහන්සේලාට පින් සිදු වේවා!)

 



අදහස් (18)

ලග්ගල මහ වනයේ බවුන් වැඩූ සුදු හාමුදුරුවෝ

රංගන Thursday, 15 October 2020 09:20 AM

උන්වහන්සේ අමා මහ නිවන ලබත්වා !!! සාධූ සාධූ සාධූ

:       0       99

පූජා Thursday, 15 October 2020 09:26 AM

ලග්ගල මහ වනයේ බවුන් වැඩූ සුදු හාමුදුරුවෝ ගැන ලියවුණ මේ අගනා ලිපිය ඉතාමත් ආශාවෙන් කියෙව්වෙමි... මෙවන් අගනා ලිපි පළකරන ලංකාදීපයට ස්තුතිවන්ත වෙමි. ඩෙන්මාර්කයේ ඤණදීප හිමිපාණන්ට නිවන් සුව ලැබේවා.!!!

:       0       99

Ashoka Deegoda Gamage Friday, 16 October 2020 04:44 AM

උන්වහන්සේට නිවන් දොරටු විවර වේවා..!!!

:       0       54

sachithFriday, 16 October 2020 11:45 AM

උන්වහන්සේ බොහෝදුරට ජීවත්ව ඉන්නකොටම නිවනේ දොරටුව විවර කරගෙන ඉන්න ඇත්තේ. මේ වගේ ලිපිවලින් අපිත් ජීවත්ව ඉන්නකොටම නිවනේ දොරටුව ගාවටවත් යන්න උත්සාහ වෙන්න ඕනේ..

:       0       35

maker Friday, 16 October 2020 06:11 AM

අපේ ලංකාවේ පන්සල්වල සල්ලි පිල්ලි ගහන, ප්‍රසිද්ධ වෙන්න ඕන වැඩක් කරන, සිවුරු දාගත්ත අයට මේ හාමුදුරුවෝ ආදර්ශයක් වේවා.

:       1       41

D0n Friday, 16 October 2020 05:20 PM

ඩෙන්මාර්කයේ ඤණදීප හිමිපාණන් අමා මහ නිවන ලබත්වා !!! නිවන් දොරටු විවර වේවා..!!! සාධූ සාධූ සාධූ

:       0       33

Harahika Danojani Soysa Monday, 19 October 2020 04:09 AM

මෙම කටුක වූ සංසාරේ භයානක බව දැක සියල්ල අතහැර මහා කැලෑවක් මැද දිවි ගෙවා බුදුහිමි දෙසූ මාර්ගයේ ගමන් කළ ඩෙන්මාර්කයේ ඤාණදීප ස්වමීන්වහන්සේට නිවන් සුව ලැබේවා!!! අප සියළු දෙනාටම නිවන් දොරටු විවර වේවා!!!

:       0       22

sunil Monday, 19 October 2020 12:03 PM

මෙවැනි බවුන් වඩන, සිල්වත් ලාංකික භික්ෂූන් වහන්සේලා අනුරාධපුර, පොලොන්නරුව වැනි ප්‍රදේශයන්හි වන ගතව කොතෙකුත් වැඩ වාසය කරමින් සිටිති. මේ භික්ෂුන් වහන්සේට මේ තරම් ප්‍රචාරයක් ලැබෙන්නේ ඔහු පිටරැටියෙක් නිසාද?

:       12       16

Buddhika P Tuesday, 20 October 2020 03:21 PM

අද ආගම නමින් වෙන්නේ.., මිනිස්සු ආගමික හීන ලෝකවල හිරකරගෙන මියෙන තුරුම මිථ්‍යාවෙන් වේලුණු ජීවිතයකට කොටු කිරීම... හීන ගොඩක්ම මේ සඳහා භාවිතා කරනවා හැම ආගමක්ම... නිවන්/ස්වර්ග හීනය, අපාය හීනය, පින් පව් හීන, කර්ම හීන, යාඥා හා දෙවිදේවතා හීන, සර්වඥ ධාතු හීන, ලක්ෂයේ පහන් පූජා හීන, ලක්ෂයේ පිච්චමල් පූජා හීන, කටින හීන, භාවනා හීන, බණ හීන, අවුරුද්ද පුරාම මොකක් හෝ හීනයක් හදලා තියෙනවා මිනිස්සුන්ට පා වෙවී ඉන්න... මින් ලොකුම හා බලගතුම හීනේ තමයි, මරණින් මතු ජීවිතේට ආගමෙන් මොකක් හරි වාසියක් ගන්න පුළුවන් කියලා හදලා තියෙන මතය... මේ හීන ලොකු ලොකු ගණන් වලට විකිණෙන්නේ. අර කෝට්ටේ හක්ගෙඩි විකුණපු කෙනා වගේ බිස්නස් එකක්... මේ හාමුදුරුවන්ගේ මෙලොව ජීවිතේ තමයි බුදුදහම... අමුතුවෙන් කියන්න බණක් නෑ. අමුතුවෙන් යන්න නිවනක් නෑ. උන්වහන්සේ නිවිලා ජීවත්වෙලා, ජීවිතේ හැර ගියා. මේ තමයි බුදු දහම...

:       14       67

UgithaSunday, 01 November 2020 04:09 AM

පෙනෙන හැටියට මහා දාර්ශ්‍යනිකයෙක් වගේ... මෙතන මිනිස්සුන්ට හෙන තියෙන්නේ ජීවත් කරන්න සහ ආගම රැකගන්න. බොහෝදහම් කරුණු හෙණ විදිහට අර්ථ දැක්වීම වැරැදියි. පෙළක් මිනිස්සුන්ට කිසිවක් ඉතුරු වී නැත. අනුන් විවෙචනය හැර....

:       26       19

Buddhika PSunday, 01 November 2020 12:51 PM

රටේ මිනිස්සුන්ගේ ලේ වලට ලියවුණු දෙකක් තියෙනවා. එකක් දේශපාලන පක්ෂය. අනෙක ආගම. මේ දෙකම හිරගෙවල්. නමුත් ඉතාම ආසාවෙන් තමුන්ම ඇතුළට ගිහින් අගුලු දා ගන්නවා. වහල්ලු වෙනවා. බුදු දහම ආගමක් වීම තමයි... මුල්ම නොමග යෑම. බටහිර මිනිස් ජීවිත වල, බුදුදහම නමින් නැතුව, බුදුදහම ඒ ජීවිතවල තියෙනවා. සමහර රටවල එක මිනී මැරුමක් නෑ... ඩෙන්මාර්ක් වල සමහර නගරවල කැෂියර්ලා නෑ. මිනිස්සු අවංකව බඩුවලට ලාච්චුවට දානවා. අපේ ලංකාව මත්පැන් වලින් එක, දිවි නසා ගැනීම් වලින් එක, සාමාන්‍ය අපරාධ index එක අනුව අපි ඉන්නේ පිලිපීනේටත් වඩා පහලින්. එක මාසෙකට දික්කසාද 400 පැනලා. කුඩු / කසිප්පු වසංගත කොරෝනා වලට හුඟක් කලින් මුළු රටම බිලි අරන්. නමුත් සියලුම අය පැස්බරා වගේ ඔලුව හංගා ගෙන සාරධර්ම ගැන කයිවාරු ගහනවා. මේ හාමුදුරුවෝ බුදු දහම තුල ජීවත් වුණා. ඒක කාටවත් නෑ කියන්න බෑ. අපේ අනික් හාමුදුරුවරු ගැන තීරණ ගැනීම පන්සල ආශ්‍රය කරන ඔබ සැමට බාරයි.

:       7       54

මාලිනීWednesday, 04 November 2020 06:14 PM

බුද්ධික , හොඳ නිරීක්ෂණයක්. ලකුණු 100%.

:       6       45

W-P.Thursday, 05 November 2020 09:23 AM

ගහ දන්න අයට කොළ කඩන්න එපා බුද්ධික..

:       28       16

Buddhika PFriday, 06 November 2020 08:10 AM

සාගත වසංගත හා එන නියඟවලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙළින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින් (විමලරත්න කුමාරගම කිවිඳු අවු 70කට කලින් දුටු දේ)

:       4       34

ධනුක අසේලWednesday, 18 November 2020 08:39 AM

බුදු දහම වෙනස් වෙන්නේ ඔතනින්. බුදු දහමේ නෑ මරණින් මතු නිවනක්. නිවන ලැබෙන්නේ ඉන්න ජිවිතෙමයි. එහෙම ලබාගත්ත කෙනෙක් ගැන තමා මේ ලිපියේ තියෙන්නේ. ඔවුන් හිතින් නිවිලා. බාහිර ලෝකෙත් එක්ක ගැටෙන්නේ නෑ. මරණින් නැත්නම් පිරිණිවන් පානව කියන්නේ මේ අන්තිමට දුක් ගෙන දෙන මේ ස්කන්ධ ශරීරයෙන් මිදීම.

:       0       0

P සමන් Thursday, 12 November 2020 07:54 AM

බුද්ධික වෙන වැඩක් නැද්ද? තමන් තමන්ටම බෙදා ගනියි. පව් අප්පා.!

:       21       0

Buddhika PThursday, 12 November 2020 07:00 PM

අනුන්ගේ වැඩ ගැන හොයනවට වඩා, තමන්ගේ මතයක් වෙනුවෙන් ඉන්න එක හොඳයි නේද !

:       0       11

Niroshan Jayasooriya Thursday, 19 November 2020 06:41 AM

ඤාණදීප ස්වාමීන්ද්‍රයන්වහන්සේට අමා මහ නිවන ලබත්වා !!! සාධූ සාධූ සාධූ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 51 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1298 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 610 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 192 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4585 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12950 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site