ජීවිතය යහ මගට ගැන්මට යහපත් හා නිවැරැදි මගපෙන්වීමක් පැවැසීය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.
නිලයෙන්, බලයෙන්, ධනයෙන් මත්වූ විට බොහෝදෙනකුට හරි වැරදි නොපෙනේ. මානෙන් මුලාවී මෝහෙන් අන්ධ වී ඔවුන් කරන්නේ තමා කරන හැම දෙයක්ම තමන්ට රිසි පරිද්දෙනි. නීතිය සාධාරණත්වය, හැදියාව කුමක්දැයි වටහා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත.
මේ කියන්නට යන්නේ ද එවැනි රෝහල් සේවකයකු පිළිබඳ කතාවකි. ඔහු කමල් නමින් හඳුන්වමි. කමල් රෝහල් සේවයට පැමිණියේ හිරිමල් තරුණ වියේදීය. දේශපාලන පත්වීමක් ලබා පැමිණි නිසා ඔහු කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක සිටියේය. පළාතේ දේශපාලන බලවතා ළඟ නිතරම ගැවසුණ මොහු තමන්ට විරුද්ධ වන අය ඈත පළාත්වලට මාරුකරවා යැවීමටත් පාලක පක්ෂය මැරවරයන් ලවා බිය වැද්දවීමටත් පුරුදුව සිටියේය. ඒ නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණි. රෝහල් සේවයේ සිටි නමුදු ඔහුගෙන් කිසිදු සේවයක් රෝහලට නොවුණ තරම්ය. රෝගියකුට ද ඔහුගෙන් කිසිදු උපකාරයක් හෝ සේවයක් හෝ ඉටුනොවුණි. කෙසේ හෝ මාසය අවසානයේ වැටුප ලබාගනී. එපමණක් නොව ඔහු රෝහල් සේවකයන්ට සියයට විස්සේ ගිනි පොළියට මුදල් ලබාදීමට පවා පුරුදු වී සිටියේය.
දිනක් මොහු සිටි වාට්ටුවට ආසාධ්‍ය රෝගියකු ඇතුළත් කෙරුණි. ඔහුට වහාම ඔක්සිජන් ලබාදීමට හෙදියට අවශ්‍ය වූයේ ඔහු හුස්මගැනීමේ අපහසුවෙන් සිටි නිසාය. වාට්ටුවේ තිබුණ ඔක්සිජන් උපකරණ හතරම රෝගීන් හතරදෙනකු සඳහා පාවිච්චිවෙමින් තිබුණි. ඒවා ගැලවීමට නොහැකි හෙයින් කළයුතුව තිබුණේ වෙනත් වාට්ටුවකින් තාවකාලිකව ඔක්සිජන් කට්ටලයක් ලබාගැනීමයි. යාබද වාට්ටුවේ හෙදියකට දුරකතනයෙන් කතාකොට ඔක්සිජන් උපකරණ කට්ටලය ලබාගැනීමට හෙදිය සූදානම් විය. ඇය කමල්ට දැන්වූයේ යාබද වාට්ටුවට ගොස් වහාම ඔක්සිජන් කට්ටලය ගෙනඑන ලෙසයි. වාට්ටුවෙන් පිටවී ගිය ඔහු ඔක්සිජන් රැගෙන එනතෙක් හෙදිය රෝගියාට අවශ්‍ය අනෙකුත් ප්‍රතිකාර කටයුතු කළාය. ඒ කාලයේ වාට්ටුවල හෙදියන් සිටියේ ටික දෙනකු පමණි. කමල් අසාමාන්‍ය ලෙස පැමිණීමට පමා වූ නිසා මෙම හෙදිය නැවත යාබද වාට්ටුවේ හෙදියට කතා කළාය. ඒ වෙලාවේ වාට්ටුවේ වෙනත් සේවකයකු නොසිටි නිසා ඇය වහාම සහන සේවකයකු ගෙන්වාගැනීමට කටයුතු කළාය. එම සේවකයා වාට්ටුවට පැමිණි පසු ඔහු යවා ඔක්සිජන් ගෙන්වාගැනීමට ඇය කටයුතු කළාය. එහෙත් ඔක්සිජින් ගෙනඒමට පෙර රෝගියා අවසන් හුස්ම හෙළීය. එම රෝගය වයස අවුරුදු හතළිස් පහක් පමණ වූ අවිවාහක දියණියන්ම සිවුදෙනකුගේ පියෙකු විය. කමල් පිළිබඳ සොයාබැලීමේ දී දැනගන්නට ලැබුණේ ඔහු ඒ වෙලාවේ ආපනශාලාවේ තේ බොමින් විනෝදවෙමින් සිටි බවයි. හෙදිය මේ පිළිබඳව පාලක පක්ෂයට පැමිණිලි කළත් නිදහසට කරුණු විමසීමක් කළා මිස ඉන් ඔබ්බට කිසිවක් සිදු නොවීය. මේ කාලය වනවිට ඔහුට ද වයස අවුරුදු තිස්පහක් පමණ විය. ඔහුට ද සිටියේ දියණියන් දෙදෙනකු පමණි.
ගිනි පොලියට මුදල් දෙමින් උපයාගත් මුදලින් ද අසාමාන්‍ය ලෙස හා අසාධාරණ ලෙස ලබාගන්නා වැටුපින් ද දරු පවුලක් රැකුණි. දිනක් රාත්‍රියේ හදිසියේම කමල්ට පපුවේ වේදනාවක් ඇතිවිය. අහල පහළ අයගේ උදව්වෙන් මෝටර් රථයක් ගෙන්වාගෙන ඔහු රෝහලට ගෙනයාමට ඔහුගේ බිරිය කටයුතු කළාය. රෝහලට එන අතරේ කාර්මික දෝෂයක් නිසා මෝටර් රථය නැවතිණි. එකල අද මෙන් වාහන බහුල නොවූ නිසා පාරේ ගිය වෙනත් වාහනයක් ද නොවීය. කමල් හුස්මගැනීමේ දැඩි අපහසුවකින් පෙළුණි. කෙසේ හෝ ඉක්මණින් මෝටර් රිය පණගන්වා ගත් රියදුරා ඔහුව රෝහලට ගෙන ආවේය. රෝහල පෙනි පෙනී ඔහු අවසන් හුස්ම හෙළා ඇත. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු මියගොස් ඇති බව දැන්වීය. තමා කළ අපරාධයෙන් වසරක්වත් ගතවීමට පෙර ඔහුට එම පාපය පලදුණි.
මතුගම පියසේන දොඩම්ගොඩ පහත ලියා එවූ කතාවක් මෙසේය.
කුකුළු ගොවිපළ නතර කළ පසු ඔහුගේ බරපතළ රෝග තත්ත්වය සුවවීමට වැඩිකලක් ගතවුණේ නැත.
රටක ජනගහණය වැඩිවෙත්ම ජනතාවගේ ආර්ථික ප්‍රශ්න ඇතුළු නිවාස, රැකියා, අධ්‍යාපන, සෞඛ්‍ය හා මංමාවත් ආදී දහසකුත් එකක් ප්‍රශ්න හා ගැටලු පැන නගින බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ සියලු කරුණු කාරණා විසඳාගැනීමේ එකම මග වැඩි වැඩියෙන් රුපියල් ශතම හොයාගැනීම පමණක් බව සිතා මුදල් පසුපස හඹායන්නා වූ ජන සමාජයක ‘පස්පව්’ සිදුවීම නොවැළැක්විය හැකි කරුණකි. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරුකීම හා මත්පැන් නිපදවීම හා බෙදාහැරීම සඳහා නීතියට අනුව බලපත් රැගෙන එළිපහලියේ කළත්, හොර රහසේ හැංගි හොරා කළත් ඒ සතර මහා අපායේ වැටෙන තදබල පාපකර්මයන් වේ. සතුන් මරා මස් පිණිස විකිණීම, වැඩි ලාභ ප්‍රයෝජන මිල මුදල් ලබාදෙන්නක් විය හැකි වුවත් දහමට අනුව එහි ප්‍රතිඵල ඉතා භයානකය. තම දරු දෙදෙනා හා බිරිඳ ඇතුළු තමන්ගේ පවුලේ නඩත්තුව සඳහා සුනිල් බැංකු ණයක් ලබාගෙන කුකුළු පැටවුන් සියයක් පමණ සපයාගෙන කුකුල් කොටුවක් ඇරැඹුවේ මහත් උනන්දුවෙනි. පළමුව බිත්තර සඳහා කුකුළන් ඇති කළත් පසුව වියපත් කුකුළන් මරා මස් පිණිස ද කුකුළන් ඇති කිරීම නිසා සුනිල්ගේ අතමිට ද සරුවීමට වැඩිදොහක් ගතවුණේ නැත. කිසිවෙකුට වරදක් නොකළ අහිංසක සතුන් මරා මස් විකුණා මුදල් සපයාගෙන අඹු දරුවන් හා සැපසේ සිටීමට වෙහෙසුණා මිස ඒ බරපතළ අකුසලයක් බව ඔහු මොහොතකටවත් කල්පනා කළේ නැත.
මේ අතර එක් සැන්දෑවක කුකුළු කොටුවේ වැඩපළ කරමින් සිටි සුනිල් හදිසියේ ‘ක්ලාන්ත’ ගතියක් සෑදී ඇදවැටුණේ නොසිතූ ලෙසිනි. ඔහුගේ බිරිඳ ඇතුළු අසල්වාසීන් විසින් රෝගියා ළඟම ඇති රෝහල කරා ගෙනගොස් ප්‍රතිකාර සඳහා ඔහු එහි නතර කළ ද ඔහුගේ අතපය පවා පණ නැතිවී කතා කිරීමට පවා නොහැකිව රෝගය තදබල ලෙස වැඩිවූවා මිස සුවවෙන බවක් පෙනුණේ නැත. දින කීපයක් ගතවුණත් රෝගියාට රෝගය උත්සන්නව නැගිටගැනීමට පවා නොහැකිව රෝගය බරපතළ විය. ඔහුගේ කුකුළු ගොවිපොළේ වැඩකටයුතු සිදුකරන ලද්දේ කුලියට සේවකයන් යොදාගනිමිනි. ‘ගහක් ගලක්’ මෙන් නිරෝගීව සිටි සුනිල් උන්හිටි ගමන් දරුණු ලෙස ලෙඩ ඇඳට වැටුණේ මසකට කුකුළන් තුන්හාර සියයක් මරණ නිසා බව තේරුම් ගත් ගමේ වැඩිහිටියන් හා සුනිල්ගේ ඥාතීන් කුකුළු කොටුව වහාම නතර කර දමන ලෙස ඔහුගේ බිරිඳට දන්වා සිටියහ. කොපමණ බේත් හේත් කළත් තම සැමියා සුව නොවන්නේ සැමියා විසින් කරනු ලබන මෙම බරපතළ ‘පාප කර්මය’ නිසා බව වැටහුණ සුනිල්ගේ බිරිඳ මෙම පව්කාර රැකියාව නතර කර දැමීමට දෙපාරක් සිතුවේ නැත. කුකුළන් හට අභයදානය දී එම පව්කාර වැඬේ නතර කළ පසු සුනිල්ට ලබාදුන් ප්‍රතිකාරවලින් ඔහුගේ රෝග තත්ත්වය දිනෙන් දින සුව අතට හැරී නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමේ වාසනාව පැදීමට සති දෙකක්වත් ගතවුණේ නැත. මේ ආත්මයේ දී කරන ලද පව්කම්වලට විපාක තමා පසුපස හඹාඑන බවට නිදසුනක් මේ කතාවෙන් පැහැදිලි වෙනු ඒකාන්තය.
කළවාන අනුෂික චාමින්ද ලියා එවූ කතාවකි.
අපි ඔහුට පාල යැයි කියමු. ඔහුට බැරි වැඩක් ද නොමැත. වඩු ද මේසන් ද වයරින් ද බෝර ගැසීම ද ආදී ඕනෑම වැඩකට හේ සමර්ථය. ඕනෑම කෙනකුගේ වැඩක් හෙතෙම බෑ නොකියා බාරගත්තේ හිත හොඳකම නිසාමය.
එක්තරා ගමක ගෙදරක ළිඳක් කැණීමේ දී කළුගලක් මතුවිය. කළුගල කඩා ඉවත් කිරීමට ගෙහිමියා තෝරාගත්තේ පාලය. පාල අඩි 10ක් පමණ ගැඹුරු ළිඳේ අතින් ක්‍රියාත්මක කරන කුඩා ගල් විදිනයෙන් ගල විද්දේය. නිතර වතුර පිරෙන බැවින් ළිඳට කුඩා වතුර මෝටරයක් ද සවි කළේය.
බෝරය විද හමාර කළ පාල කුඩා විදුලි රැහැන් දෙකක් ගෙන එය නිවසේ විදුලි ස්විචයකට සවි කළේය. අනතුරුව එම රැහැන් දෙක ළිඳ තුළට ගෙන පුපුරන ද්‍රව්‍ය සහිත කැප් එකේ වයර් දෙකට අමුණා බෝර ගුල තුළට රිංගවිය. අනතුරුව වියළි වැලි ගෙන බෝර ගුලෙහි වූ කැප් එක මතට දමා සෙමින් තද කළේය. මේ වනවිට ළිඳෙහි ජලය පිරී බෝර කට ළඟට පැමිණ තිබුණි. තව මොහොතින් සවි කරන ලද බෝරයට ජලය පැමිණෙන බැවින් ජලය අඩුකිරීම සඳහා පාල ගෙහිමියන්ට කෑගසා කීවේ වතුර මෝටරයේ ස්විචය ක්‍රියාත්මක කරන ලෙසය.
කලබල වූ ගෙහිමි කාන්තාව බෝරය සවිකළ ස්විචය ක්‍රියාත්මක කළාය. සැණින් බෝරය මහ හඬක් නගමින් ළිඳ තුළ පුපුරා ගියේය.
සතියක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පාල එහිදීම මියගියේය. පව්. හොඳ මනුස්සයා. මළ ගෙදර දී මට හමුවූ ගමේ කෙනකුට මම කීවෙමි.
‘මහත්තයට පිස්සු. මිනිහ හොඳ මිනිස්සුන්ට විතරයි. එක සතෙක් තියන්නැහැ. ඕක වෙන්න සතියකට කලිනුත් හක්ක පටස් තියලා ඌරෙක් මැරුව. ඒ ඌරගෙත් ඔය වගේම මූණ රෝස් වෙලා තිබුණා’
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ‘ඉරිදා ලංකාදීප’යට යොමු කරන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෙඩ ගොඩක් දුන් කුකුළු ගොවිපොළ