බලහත්කාරයෙන් මෙරටට කඩා වැදුණු බටහිර ජාතීන්ට එරෙහිව සිංහලයන් සටන් කළේ තම ජීවිත පරිත්‍යාගයෙනි. ඒ ජාතිය වෙනුවෙනි. එහිදී අපේ මුතුන්මිත්තෝ හුදෙක් රූකඩ නොවූහ. ඔවුහු තමන් සාධාරණ යැයි සිතූ පූජනිය යැයි කල්පනා කළ මාර්ගය වෙනුවෙන් ජීවත් වූ, ආදරය කළ, සටන් කළ සහ මිය ගිය අය වූහ. අද අප කිසිඳු බියක් සැකක් නොමැතිව නිදහසේ අපේම භූමියක ජීවත් වෙන්නේ ඔවුන්ට පිං සිදු වන්නටය. ඒ අතර තරුණයන් පමණක් නොව අවුරුදු අසූවක පමණ වයසැති ‘‘අත්තලා’’ ද සිටියා යැයි කිව හොත් ඔබ පුදුම වනු නිසැකය. ‘‘ලොඹු මුත්තා’’ ඉන් එක් චරිතයකි. ඔහු ජීවත් වූයේ කන්ද උඩරට ප‍්‍රදේශයේ ‘‘ගිරිහාගම’’ ය. ලන්දේසින් සෙංකඩගලපුරය ආක‍්‍රමණය කිරීමට පැමිණි කාලයේදී ගිරිහාගම කපොල්ල සහ බළකොටුව භාරව සිටි ප‍්‍රධාන හමුදා නායකයාය. ගිරිහාගම කපොල්ල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක‍්‍රි.ව 1747-1781) ගේ උපදෙස් මත ඉදිකරන ලද්දකි. ඒ ලන්දේසි හමුදාවෙන් කන්ද උඩරට ආරක්ෂා කර ගැනීමේ අදහසිනි. බටහිර ජාතීන්ට ගලගෙදර සහ ගිරිහාගම කපොලූ පසුකර සෙංකඩගල පුරවරයට පැමිණීම දුෂ්කර වූයේ එම නිසාය. කෙසේ වුවත්, ගිරිහාගම කපොල්ල භාරව තිබුණේ ලොඹු මුත්තා ගේ පරම්පරාවේ අයට ය. මෙම අප‍්‍රකට කතාව ‘‘ලොඹු මුත්තා’’ එම කපොල්ලෙහි ප‍්‍රධානියාව සිටි කාලයේදී සිදු වූවකි.
ක‍්‍රි.ව 1658 වසරේදී යාපනය යටත්වීම ලන්දේසීන් ස්ථිර වශයෙන්ම දිවයින අත්කර ගත් දිනය ලෙස අපට සඳහන් කළ හැකිව තිබේ. ඉන් පසු ක‍්‍රමයෙන් ඔවුහු රට අභ්‍යන්තරයට ද පැමිණෙමින් සිටියෝ ය. රට අභ්‍යන්තරයේද ලන්දේසීන්ගේ දේශසීමා සලකුණු කරනු ලැබුවේ සීතාවක, අඟුරුවාතොට සහ කටුවන යන ස්ථානවල පිහිටුවන ලද බලකොටු මඟිනි. උතුරේ මුළු යාපනපතම් රාජධානියත්, මන්නාරමත් ත‍්‍රිකුණාමලය දක්වා විහිදුණු ප‍්‍රදේශයත් ලන්දේසීන්ගේ පාලනය යටතේ පැවතුණි. කඳුකරයට ඉහළින් ඇති ප‍්‍රදේශය හෙවත් කන්ද උඩරට පළාත පමණක් නොව කෝට්ටේට අයත්වූ පහත රට ඉතිරි අර්ධය ද තම පාලන ප‍්‍රදේශයට අයත් බව සිංහල රජතුමා ප‍්‍රකාශ කර සිටියේ සෙංකඩගල පුරවරයේ ආදිපත්‍ය පතුරුවමිනි. එදවස හිරු කිරණ පොළොව මත පතිත වූයේ නැති තරම්ය. එයට හේතු වූයේ ඝන වනාන්තරය අහස් වියනක් සේ රැුකවල්ලා ගෙන සිටීමය. මෙම ඝන වනාන්තරය මඟින් සිංහල රජු ගේ පාලන ප‍්‍රදේශය ලන්දේසි පාලන ප‍්‍රදේශයෙන් වෙන් කරනු ලැබිණි. මෙම ප‍්‍රදේශ දෙක අතර සබඳතා පැවැත්වීමට තිබූ එකම පටු මාර්ගය ‘‘කඩවත’’ නමින් හැඳින් වූ ඝන කටු සහිත ගේට්ටුවලින් ආරක්ෂා කරන ලදී. තවද ගලගෙදර සහ ගිරිහාගම කපොලූ එම බාධා තවත් වැඩි කරන ලද්දේ බටහිර ජාතීන් ගේ සියලූ බලාපොරොත්තු සුන් කරමිනි.
ක‍්‍රි.ව 1762 වසරේදී මෙරට ලන්දේසී ආණ්ඩුකාර තනතුරට පත් කර එවා ඇත්තේ ලූබ්බර්ට් ජෑන් බාරොන් වෑන් එක් ය. ඔහු ද ඊට පෙර සිටි ආණ්ඩුකාරයා මෙන්ම සිංහල හමුදාව සමඟ යුද්ධය දිගටම කර ගෙන යාමට තීරණය කළද, එය පවත්වා ගෙන යාමට නොහැකි විය. එයට හේතු වූයේ සිංහල හමුදාවේ දක්ෂතා හේතුවෙනි. අවසානයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සමඟ සාමය සඳහා යෝජනා ඉදිරිපත් කළේය. එය අවඥා සහගතව ප‍්‍රතික්ෂේප කළ රජතුමා ඔවුන් ආපසු නොගිය හොත් පහර දෙන බවට දැනුම් දුන්නේය. ඒ සමඟම ඉන්දියාවෙන් ආධාරක බළඇණියක් පැමිණියේය. එයට ලංකාවේ මරක්කලයෝද එකතු වූහ. ඒ ඔවුන්ට විශාල ලෙස මුදල් ලබා දීම නිසාය. එහෙත් පෙරමුණේ ගමන් කළ සේනාවට රජු ගේ හමුදා පහර දී ආපසු කොළඹට පලවා හැරීයේ බරපතළ පරාජයක් අත් කර දෙමිනි.
කෙසේ හෝ කන්ද උඩරට සෙංකඩගලපුරය යටත් කර ගැනීමට හැකි වේ යැයි සිතූ වෑන් එක් විසින් අලූත් මෙහෙයුමක් සංවිධානය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සියලූ දේ බටාවියාවලින් ගෙන්වනු ලැබූ අතර, මැලේ සමාගමේ සහය ද ලැබුණි. බලන දුර්ගය හරහා ගමන් කිරීම අවදානම් සහගත බව තේරුම් ගත් ඔහු තෝරා ගත්තේ මීගමුව-කුරුණෑගල හරහා දිවෙන මාර්ගය වේ. මේ සඳහා ලූතිනන් කර්නල් ද ෆෙබර් මේජර් වෑන් වෙසල් සහ කපිතාන් ෆෑන්ක් නා යටතේ වූ හමුදාව කුරුණෑගලටද, ඒ අතරේ කපිතාන් ටොනේ යටතේ තවත් හමුදාවක් පුත්තලම හරහා කුරුණෑගලටත් පැමිණියේ ය. රජතුමා සමඟ විරසකව සිටි හත්කෝරලේ සෝතුපාල බණ්ඩා නමින් තවත් සිංහල නායකයෙක් දේශිය කැරලිකාර කණ්ඩායමක් සමඟ කුරුණෑගලට පැමිණ ලන්දේසි හමුදාවන්ට එක් වූහ. ඔවුහු සියල්ලෝ මාවතගම කොස්පොතු ඔය අසල ඩෙනමෝර් රබර් වත්තේ කූඩාරම් ගසා නැවතුණි. එහිදී සිංහල හමුදාවන් සමඟ සටන් කර ඔවුන් පරාජය කොට වෑඋඩ ප‍්‍රදේශයට පැමිණ තාවකාලිකව එහි නැවතී ඇත. එයට හේතුව වී තිබෙන්නේ ගලගෙදර, ගිරිහාගම කපොලූ පෙහෙසියෙන් පසුකර යාමට නොහැකි බැවිනි. ඔවුන් තව දුරටත් එය අපහසු තත්ත්වයට පත් කළේ දෙසැම්බර් මාසයේ පැවති අධික වර්ෂාව ය. එම නිසා මාර්තු මාසය පමණ වන තෙක් එම ප‍්‍රදේශයේ නැවතී සිටීමට ඔවුන්ට සිදුවිය. ඒ වන විට ගිරිහාගම කපොල්ල භාර ප‍්‍රධාන නිලධාරියා වූයේ ලොබු මුත්තා ය.
එදා ගිරිහාගම බළකොටුවෙහි අද දක්නට ලැබෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහාරාමයයි. එහි නායක භික්ෂූන්වහන්සේ ලෙස වැඩ වාසය කරන්නේ වල්දෙණියේ ජිනසිරි හිමියන් ය. උන්වහන්සේ අප සමඟ පවසා සිටියේ මෙම විහාරස්ථාන භුමියේ රජ දවස සිංහල හමුදාවට අයත් කාලතුවක්කු දෙකක් ස්ථාන ගත කර තිබුණු බවය. ලොඹු මුත්තා ගේ පාලනය යටතේ තිබූ මෙම බළකොටුවට පහළින් ගිරිහාගම කපොල්ල පිහිටා ඇත. මෙහි සිට සතුරන්ට පහරදී පලවා හැරීම ලෙහෙසියෙන්ම සිදුකළ හැකිය. තමරා කුමාරි ඉලංගරත්න මැතිනිය විසින් මෙම විහාරස්ථානය ආරම්භ කරනු ලැබ ඇත්තේ ඓතිහාසික භූමිය හෙවත් ගිරිහාගම බළකොටුව විනාශයෙන් වළකා ගැනීමේ අරමුණෙනි. මෙහි අදටත් දක්නට ලැබෙන අඩි දහයක් පමණ උස කළු ගලින් සාදන ලද බැම්මකි. ක‍්‍රි.ව 1819 අප‍්‍රියෙල් මස 29 දින එවකට ආණ්ඩුකාර බ‍්‍රවුන්රික් එම ආර්යාව ඔවුන්ගේ පුද්ගලික වෛද්‍යවරයා වන ඬේවි සමඟ යුද භටයන් හයදෙනෙකු මෙම බළකොටුවට පැමිණි එක් රාත‍්‍රීයක් ගත කර තිබීමත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණකි. මෙහි විහාරස්ථාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම නිම කර නොමැත. එපමණක්ද නොව එහි අඩුපාඩු කිහිපයකි. ඒවා සම්පූර්ණ කර ගැනීමට දානපතියන්ගේ ආධාර අපේක්ෂා කරන බව ජිනසිරි හිමියන් අප සමඟ පැවසීය.
එදා සිංහල හමුදාවේ කාලතුවක්කු දෙකක් ස්ථානගත කර තිබූ ගිරිහාගම බළකොටුව පිහිටා තිබූ තැන, වර්තමානයේ කෝපිවත්ත කීර්ති ශ්‍රී රාජසිංහාරාමය පිහිටා තිබේ
ගිරිහාගම යන නම එම ප‍්‍රදේශයට ලැබුණු ආකාරය පිළිබඳ මත කිහිපයකි. ජනප‍්‍රවාදයේ පවතින ඉන් එක් මතයක් වනුයේ ගිරි සහ ගම යන අරුත ඇතිව ගිරිහාගම නම සෑදී ඇති බවකි. අනෙක් මතය වනුයේ කඳු දෙකක් සම්බන්ධ වූ තැනට එම නම ලැබී ඇති බවය. ගිරිහාගම ගමෙහි සිට කිලෝමීටර් කිහිපයක් ගිය පසු ‘‘බගවාලෙන’’ නමින් ගල් ලෙනක් හමුවේ. මෙහි සෙල්ලිපියක් දක්නට ලැබේ. එහි බ‍්‍රාහ්මණ අක්ෂරවලින් දක්වා ඇත්තේ ‘‘මලහ’’ නැමති නාවික වෙළෙන්දෙක් එහි ජීවත්ව සිට ඇති බවත්, ඔහු මෙම ලෙන භික්ෂූන් වහන්සේලාට පූජා කර ඇති බවකි. ඔහු මෙරටෙහි සිට ඉන්දියාවට කුළුබඩු වෙළඳාමේ ගිය පුද්ගලයෙකු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කර තිබෙන බව ගිරිහාගම විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරී පුංචිබණ්ඩා හේරත් පවසයි. දැන් මෙය ඓතිහාසික ලෙන් විහාරයකි. එය ගිරිහාගම ගමෙහි ආරම්භක සංකේතය වශයෙන් ආරක්ෂා කෙරේ.
වෑඋඩ තාවකාලිකව නැවති සිටින ආණ්ඩුකාර වෑන් එක් සෙංකඩගල පුරවරයට ගමන් කරන මාර්ගයේ පිහිටා ඇති ගලගෙදර සහ ගිරිහාගම කපොල්ල ගැන ආරංචි වී, එය මග හැර යන මාර්ගයක් කෙරෙහි අවධානය යොමුකර, තම හට කණ්ඩායමේ තරුණ දක්ෂ සෙබළුන් කිහිප දෙනෙකු කැඳවා....
‘‘දැන් අපට ගලගෙදර සහ ගිරිහාගම කපොලූ හරහා යාමට නොහැකියි... මේ සිංහලයාගේ භූමියයි. ඔවුන්ට මෙහි සෑම බිම් අඟලක් කෙරෙහි අවබෝධයක් තිබෙනවා. එම කපොලූ මගහැර යාමට හැකි මාර්ගයක් සොයා ගෙනවිත් මට වාර්තා කළ යුතුයි....දෙදෙනෙක් එකම මාර්ගයක යාම තහනම්.... තනි තනිව යා යුතුයි....’’යනුවෙන් පැවසීය.
ඔත්තු බැලීමට පැමිණි ලන්දේසි සෙබළා මරා දමා නාසය කඩා ගත් ස්ථානය
වහාම තම බයිනෙත්තුව සහ පතරොම් රැුගෙන ඉදිරියෙන් ඇති මාර්ගයට ඔවුහු පිවිසියහ. එම අඩිපාර වැටී තිබුණේ ගලගෙදර, ගිරිහාගම හරහා සෙංකඩගල පුරවරයට ය. එක් සෙබළෙක් අඳුර වැටෙමින් පවතින විට ගිරිහාගම ග‍්‍රාමයට ආසන්නව ගමන් කළේ ය.
තරමක් වැහි මන්දාරමක් පැවතිය ද...වර්ෂාවක් ඇද හැලෙන බවක් පෙනෙන්නට නැත. රූස්ස ගස්වලින් පෙරී ආ...හිරු කිරණ මේ වන විට දක්නට නොමැත. ඒ හිරු කඳු වළල්ලෙන් ආවරණය වී තිබීම හේතුවෙනි. තම බයිනෙත්තුව කරෙහි එල්ලා ගත් සෙබළා ඉදිරියට ගමන් කරයි... දිය සීරාව සහිත පොළොව මත තම සපත්තු ගැටෙන හඬ පමණක් ඔහුට ඇසේ.... ඒ අතරේ ඉඳහිට විවිධ වූ සතුන් ගේ නාද ද ඇසෙන්නේ නැතුවාම නොවේ.... දැන්... දැන් කළුවර වැටීගෙන එයි. ඔහුට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් බලාපොරොත්තුවෙන් ඉදිරියට ගියද... එය නිෂ්ඵල විය. කිසිඳු වාසස්ථානයක් එහි නොවීය... අවසානයේ රූස්ස ගසක විශාල අත්තක් මතට නැග අවට පරිසරය නිරීක්ෂණය කළේය. තරමක් ඉදිරියෙන් විශාල කළු ගලක් පෙනේ.... ගසෙන් බැසගත් ඔහු ඒ දෙසට ගමන් කළේ ගල උඩ රාත‍්‍රිය ගත කිරීමේ අදහසිනි.... එහෙත්... ගල ඉදිරියට ගියපසු දක්නට ලැබුණේ එය ගල් ලෙනකි... ඒ වන විට පරිසරය කළුවරින් ගිලගනිමින් සිටින මොහොතකි. ගල්ලෙන තුළ තරමක් දිග පළලින් යුතු ගලෙන් නිම කරන ලද උස ගල් පතුරකි.... එහි මිනිසෙකුට වැතිර නිදා ගැනීමට හැකියාව පවතී. දින කිහිපයකට පෙර එහි කිසිවෙක් සිටිය බවට සලකුණු ඇත. දර කැබලි, වේලිච්ච කොළ කිහිපයක්, ගෙන ගිනි ගොඩක් ගසාගත් සෙබළා ගල් පතුරෙහි වැතිර රාත‍්‍රිය ගත කළේ බියෙනි.... හරියාකාර නින්දක් නොමැත. හිමිදිරි උදයේ යම් තම් එළිය වැටෙන විටම ගල්ලෙනෙන් එළියට පැමිණ යළිත් ගමන ආරම්භ කළේය. එදා ඔහු රාත‍්‍රිය ගත කර තිබෙන්නේ ඉහතින් සඳහන් කළ ගිරිහාගම බගවාලෙනෙහිය.. එයට උඩින් කඳු දෙකක් අතුරින් පැහැදිලි නැති අඩිපාරකි. එම මඟ ඔස්සේ යාම හැර වෙනත් විකල්පයක් ඔහුට නොතිබුණි.
මෙම අවස්ථාව වන විට ඒ දෙසට පිය නඟින අවුරුදු අසූවක පමණ වයසැති මහලූ පුද්ගලයෙකි.... ඔහු වයසට ගියද උසට සරිලන මහතින් යුත් පැහැපත් සිරුරකට හිමිකම් කියන්නෙකි. දකුණු අතෙහි හැරමිටියක් ආකාරයෙන් වූ ශක්තිමත් දණ්ඩකි. උඩුකය නිරාවරණය වී ඇති අතර, ඉනෙන් පහත මිශ‍්‍ර වර්ණ ඇඳුමකින් සැරසී සිටියේ ය. හිස තලප්පාවකින් ආවරණය වී තිබේ... සුදු පැහැති රැුවුළ නිසාම ඔහු ගේ වයස එක් වරම කෙනෙකුට හඳුනා ගත හැකිය. එහෙත් මුඛයෙහි දත් නොමැත. දත් නොමැති කට, සුදු රැුවුල නිසා පිම්බී ඇත. එක්වරම දකින කෙනෙකුට මුඛයෙහි දත් නොමැති බව අවබෝධ වන්නේ නැත. දත් නොමැති කට නිසා ඔහු ජනප‍්‍රිය වී සිටින්නේ ‘‘ලොඹු මුත්තා’’ යන අන්වර්ත නාමයෙනි. (ඔහු ගේ සැබෑ නම අපට සොයාගත නොහැකි විය) ලොඹු මුත්තා වයසට ගියද එසේ මෙසේ පුද්ගලයකු නොවේ. ගිරිහාගම කපොල්ලෙහි සහ බළකොටුවෙහි ප‍්‍රධානියාය. ඔහුට එය අයිති වන්නේ පරම්පරාවෙනි... මේ නිසා වයසට ගියද තම රාජකාරිය අවසන් කරන පුරුද්දක් එදා පැවතියේ නැත.
ලන්දේසි සෙබළා බගවාලෙනෙහි සිට උඩින් ඇති අඩි පාරට පිවිස කඳු දෙක අතුරින් යාර කිහිපයක් ඉදිරියට පය තැබුවා පමණි.... හැරමිටියක් ඇතිව මහලූ පුද්ගලයෙක් ඈතින් එනු පෙනේ... ‘‘බොමැඬේගල’’ නමින් එම ප‍්‍රදේශය හඳුන්වයි. තම අතේ තුවක්කුවක් තිබෙන නිසාත්, ඉදිරියෙන් පැමිණෙන්නේ වයසක පුද්ගලයෙකු වන බැවිනුත්... බිය වීමට හේතුවක් නැත. තුවක්කුව තවමත් ඔහුගේ කරේ එල්ලෙමින් තිබුණේ ඒ නිසාය... සෙබළා අසලට පැමිණෙනවාත් සමඟම... ලොබු මුත්තා වහාම ක‍්‍රියාත්මක විය.... දකුණු අතේ වූ සැරයටියෙන් අනෙක් කෙළවර වම් අතට ගෙන දෙපැත්තට ඇද්දේය. එහි මැදින් එළියට පැමිණියේ තිබුණු යකඩ උලකි.. ඒ සමඟම සෙබළාට යකඩ උලෙන් පපුව ප‍්‍රදේශයට එල්ල කළේ මරු පහරකි. බලාපොරොත්තු නොවූ මොහොතක එල්ල වූ පහරින් බේරීම සඳහා පසෙකට පැන්න ද, ඒ වන විටත් යකඩ උල සෙබළාගේ වම් පපු පෙදෙස පසාරු කර අවසන් ය. එහෙත් ඔහු එම පහර කාගෙනම ලොබු මුත්තාට වෙඩි තැබීම සඳහා තුවක්කුව කරෙන් ගැනීමට උත්සහ කරනු පෙනේ... යළිත් ලොඹු මුත්තා ඔහුගේ ඇඟට පැන පොර බදමින්.. තුවක්කුව තමා වෙත ලබා ගැනීමට උත්සහ කරයි... මේ අවස්ථාවේදී දෙදෙනාම බිම ඇද වැටෙයි... සෙබළාගේ උඩට වැටෙන ලොඹු මුත්තා ඔහුගේ බෙල්ල අත් දෙකෙන් හිර කරයි... ඒ අතර තම මුඛයෙන් සෙබළාගේ නාසය තද කර හුස්ම හිර කර ගෙන සිටියි. තවත් මොහොතක් ගතවිය. සෙබළා නිහඬය. පුදුමයකි. ලොබු මුත්තාගේ කට තුළ සෙබළාගේ නාසය ගැලවී හිර විය. අවසානයේදී ලන්දේසි සෙබළා මරණයට පත්කරන ලදී. වයෝවෘද්ධ තත්ත්වයක සිටිය ද ඔහු ගේ ශක්ති සම්පන්න භාවයේ අඩුවක් පැවතියේ නැත.
ලොඹු මුත්තා ගේ නිවෙස පිහිටා තිබූ ස්ථානය
ලොඹු මුත්තාගේ ශරීරයෙහි බොහෝ තැන්වල ලේවලින් නැහැවී අවසන්ය. සෙංකඩගලපුර රජවාසලට ගොස් රජතුමාට මේ බව පැවසිය යුතු බව ඔහු තීරණය කරයි. ඒ අනුව සෙබළා ගේ නාසය සහ තුවක්කුව වෙඩි බෙහෙත් ද සමඟ රැුගෙන රජවාසලට ගොස් රජතුමා ඉදිරියේ පෙනී සිටියේය.
මට තොප ගැන බොහොම ආඩම්බරයි.... ඒ වෙනකන් නිසා නොවේ වයෝවෘධ තත්ත්වයේ සිටියත් තරුණ සෙබළකු හා සටන් කර ඔහුව විනාශයට පත්කර ඇති නිසායි. එහෙත් මා එය විශ්වාස කරන්නේ කෙසේද? තොපගේ කටේ දත් නැහැ.. හොඳයි... රජතුමා රාජපුරුෂයකු අමතා...
රාජපුරුෂය වහාම වේළී ඇති කරුංකා පුවක් ගෙඩියක් රැුගෙන එව...
රාජපුරුෂයාද කරුංකා පුවක් ගෙඩියක් රැුගෙන පැමිණියේය. ඔය කරුංකා ගෙඩිය ලොඹු මුත්තාට ලබා දෙන්න.. දැන් තොප මෙම කරුංකා පුවක් ගෙඩිය කුඩා කැබලිවලට හපා පෙන්විය යුතුයි... රජතුමාගේ අණ පිළිපදිමින් කරුංකා ගෙඩිය එක වරම කටින් හැපීය... පුදුමයකි... එය කුඩා කැබලිවලට කැඞී වෙන්වුණි. දත් තිබෙන ශක්ති සම්පන්න පුරුෂයකුට වුවද, කරුංකා ගෙඩියක් සපා කැබලි කළ නොහැකිය.
හොඳයි... මම තොප ගේ මෙම හපන්කම වෙනුවෙන් ගිරිහාගම ප‍්‍රදේශයේ ඇති ගම් ප‍්‍රදානය කරනවා යැයි පැවසීය. ඒ අනුව ගිරිහාගමට නුදුරෙන් පිහිටි ගල්අංග, බාංඅංග පිංඅංග කෝපි වත්ත ගල්ලෙන වත්ත පට්ටියතැන්න වත්ත, පිනුම්වලේ හේන ඇතුළු ගොඩ මඩ ඉඩම් බොහොමයක්ම ඔහුට අයිතිව තිබෙන්නට ඇති බව හේරත් මහතා ගේ අදහසයි....
මෙම සිදුවීමට මුහුණ දෙන්නෝ ලොබු මුත්තාගේ මුනුපුරෝය. ඒ, ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා (ක‍්‍රි.ව 1798-1815) ගේ කාලයේදීය. ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා (ක‍්‍රි.ව 1781-1798) මියගිය පසු, බිසවගේ සහෝදරයා වන මුත්තුසාමී රජකරවිය යුතු බවට උඩරට නායකයන්ට දැනුම් දී තිබුණි. ඒ වන විට ඔහු, කොළඹ ඉංග‍්‍රීසින්ගේ සෙවණේ හැදී වැඩෙමින් පසුවිය. මැක්ඩෝවල් මුත්තුසාමි සෙංකඩගල පුරවරයට කැඳවා ගෙනවිත් රජ කරවී ය. ඔය අවධියේදී ගිරිහාගම බලකොටුවේ ප‍්‍රධානියා වූවෝ ලොඹු මුත්තාගේ මුනුබුරෝය. එම අවස්ථාවේදී මැක්ඩොවල් ඉංග‍්‍රීසි සෙබළුන් පිරිසක් ගලගෙදර සහ ගිරිහාගම බළකොටුවේ තාවකාලිකව නවතා ඇත්තේ ලොඹු මුත්තාගේ මුනුපුරන්ගේ අවසරය මත ය. කෙසේ හෝ පිළිමතලව්වේ අදිකාරම් මුත්තුසාමී රටේමුල්ලේ උඩුවෙල මූකලානට රැුගෙන ගොස් ඝාතනය කර, කන්නසාමී ශ්‍රී වික‍්‍රම රාජසිංහ ලෙස රජකරවීය. පසුව ඬේවිඞ් සමඟ සටන් කර ඔවුන් සියලූ දෙනාම පාහේ මරා දමන ලද්දේ පිළිමතලව්වේ විසිනි. පසුව ගලගෙදර සහ ගිරිහාගම බළකොටුවේ නවතා සිටි මැක්ඩොනල් ගේ භට පිරිස පන්නා දැමුවද, ලොඹු මුත්තාගේ සාමාජිකයන් කෙරෙහි තිබූ විශ්වාසය කඩ වීම හේතුවෙන් පොල්ගොල්ලෙන් මිනිසුන් පිරිසක් ගෙන්වා මෙම බළකොටුවේ ආරක්ෂාවට යොදා තිබේ. එහෙත් ලොඹුු මුත්තා ගේ සාමාජිකයන්ට ලබා දී තිබූ ගම්වර කිසිවක් අවලංගු කර නැත. පොල්ගොල්ලෙන් පැමිණි පිරිසටත් එම ප‍්‍රදේශයෙන් ගම්වර ලබා දී කොටුවේ ගෙදර යන වාසගම පිරිනමා තිබේ. අදටත් ගිරිහාගම ප‍්‍රදේශයේ කොටුවේගෙදර නමින් ඔප්පු ලියවී තිබේ. (මෙම සිද්ධිය ලොරිගේ වාර්තාවේ සඳහන් වේ) මේ වන විට ගිරිහාගම ප‍්‍රදේශයේ ජීවත්වන බොහෝ මිනිසුන් ගිරිහාගම බළකොටුවේ රාජකාරී කළ අයගේ ඥාතීන් විය හැකි බව හේරත් මහතා ගේ අදහසය.
ස්තුතිය - කුඹුරේගම කෝපි වත්ත කීර්ති ශ්‍රී රාසිංහාරාමයේ වල්දෙණියේ ජිනසිරි භික්ෂූන් වහන්සේට සහ ගිරිහාගම විශ‍්‍රාමලත් ග‍්‍රාම නිලධාරී පුංචි බණ්ඩා හේරත්, ජයලත් හතුරුසිංහ යන මහත්වරුන්ට.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලන්දේසි සෙබළාගේ නාසය කටින් ගැලවූ ‘‘ලොඹු මුත්තා’’
අජන්ත Thursday, 04 February 2016 09:17 PM
ඉතා හොඳ ලිපියක් (නි)
මංගල Tuesday, 02 February 2016 05:17 AM
මේවා තනියම කළේ නැහැනේ පල්ලෙහා කට්ටිය වෙස්වලාගෙන ඇවිල්ල උදාහ කට්ටියත් එක්ක එකතු වෙලානේ සටන් කළේ. පුරන් අප්පු (බ)
විජේතුංග Saturday, 09 January 2016 09:04 AM
හොඳ ලිපියක් (නි)
කපිල Thursday, 04 February 2016 06:29 AM
පාවාදීම් හෝ දේශ මාමකත්වය පිළිබඳව අපි කවුරුත් විවාද කළ යුතු නැහැ මම හිතන්නේ.උදා පහත දෙරටේම සැබෑ දේෂමාමකයින් වගේම පාවාදෙන්නන් එදත් හිටියා අදත් ඉන්නවා.පසුගිය යුද සමයේ රට වෙනුවෙන් මරුට කැපවූ ශ්‍රේෂ්ඨයින් මෙන්ම පාවාදී මුදල් තනතුරු හා බලය ලබාගත් ද්‍රෝහීන් කොතෙක් හිටියාද..? (බ)
අබය Saturday, 09 January 2016 03:45 AM
උඩරැටියෝ රට පාවාදුන්නා යැයි කිවුවාට අවසන් වනතුරු යුරෝපීයයන් සමඟ සටන් කරලා තියෙන්නේ උඩරැටියන් විතරයි වගේ. (නි)
අතුල Friday, 08 January 2016 01:33 PM
හොද ලිපියක්.(හේ)
ආචාර්ය මාගෙදරගමගේ Monday, 25 January 2016 10:53 AM
අගය කළ යුතු විස්තරයකි. සිසිර කුමාර බණ්ඩාර මහතාට ගොඩක් ස්තුති. තවත් මෙවැනි දේවල් වාර්තා කරන්න වාසනාව ලැබේවා (ම)
චන්න Sunday, 10 January 2016 06:36 PM
අපේ වීරයෝ ගැන අහන්නත් සතුටුයි (නි)
අනුර Thursday, 21 January 2016 06:56 AM
කොච්චර ලස්සන පැත්තක්ද මේ.(හේ)
නාරද Monday, 18 January 2016 03:14 PM
අබය මහත්තයෝ, උඩරට මිනිසුන්ට සටන අතාරින්ද වුනේ, පල්ලෙහා අය කලින්ම පවා දීල රට ඇතුලට ගත් නිසානේ, අමක කරන්ඩ එපා, රට වටේම පාවාදිල අවුරුදු 200කට පස්සේ උඩරට දෙන්ඩ වුණේ (බ)
සෙනරත් Friday, 05 February 2016 07:06 PM
ඊයේ පෙරෙයිදා 18 පැනපු, ඉතිහාසයක් ගැන හෝඩුවාවක්වත් නොදන්නා අපේ අයට කියවීමට ඉතා හොඳ ලිපියක්. (නි)
meththanada jayamudaly Thursday, 16 November 2023 06:34 AM
ලන්දේසි සමයේ මාවතගම කොස්පොතු ඔය අසල ඩෙනමෝර් වත්තේ රබර් වගාවක් තිබුණා යැයි පිළිගත හැකිද?