IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලිබියා හිටපු නායකයාගේ පුතා නිදහස් කරයි

 හර්ෂණ තුෂාර සිල්වා
 
ආයුද සන්නද්ධ කණ්ඩායමක අත්අඩංගුවේ පසු වූ ලිබියාවේ හිටපු නායක සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස ලබා ඇතැයි ඔහුගේ නීතිඥයෝ සහ ඊට සම්බන්ධ වූ පිරිසක් පවසති.
 
මුවම්මර් ගඩාෆිට එරෙහිව 2011 වසරේදී දියත් වූ කැරැල්ලෙන් පසු සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි අත්අඩංගුවට පත්විය. ගඩාෆිගේ පුත්‍රයා මෙලෙස නිදහස ලබා ඇත්තේ සින්තාන් නැමැති නගරයේදීය. නැගෙනහිර ලිබියාවේ පාර්ලිමේන්තුවක් විසින් සම්මත කරගන්නා ලද ක්ෂමා නීතියක් යටතේ ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් මෙලෙස නිදහස ලබා ඇතැයි නීතිඥ කලීඩ් අල් සයිදි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. නිදහස ලැබීමෙන් අනතුරුව වෙනත් නගරයකට ගොස් තිබෙන ආරක්ෂක හේතුවෙන් එම නගරය කුමක්දැයි අනාවරණය කර නැත. මුවම්මර් ගඩාෆි මරා දැමීමෙන් අනතුරුව 2012 වසරේදී ලිබියාවේ ජාතික සංක්‍රාන්ති කවුන්සිලය අසම්පූර්ණ පොදු සමා නීතියක් සම්මත කරගත්තේය. අදාළ නීතිය යටතේ ගඩාෆිගේ පුත්‍ සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් ලබා තිබේ.
 
කෙසේ නමුත් නැගෙනහිර කොටසේ නගරයක් වන තොබ්රුක් හි පිටි පාර්ලිමේන්තුවෙි නියෝජිත මන්ත්‍රී මණ්ඩලෙයේ ඉල්ලීමක් මත සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් කළ බව අබු බකර් අල් සිද්දික් බලකාය සන්නද්ධ කණ්ඩායම තම ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. අධිකරණ අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත සයිෆ් නිදහස් කළ බව රොයිටර් පුවත් වාර්තාවේ දැක්විණි.  
 
හතළිස් හැවිරිදි වියේ පසුවන සයිෆ් ලිබියාවේ හිටපු නායකයාගේ දරුවන් අතර මුල්තැනක් ගන්නා අතර කලක් මුවම්මර් ගඩාෆිගේ අනුප්‍රාප්තිකයා ලෙසින්ද හැඳින්විණි.  දැඩි අස්ථාවරත්වයක තිබෙන ලිබියාව තුළ මේ වනවිට පාලනය සඳහා දැඩි සටනක් පවතින අතර ආයුද සන්නද්ධ කණ්ඩායම් රැසක් ලිබියාවේ  කොටසක් පාලනය කරයි. මේ තත්ත්වය යටතේ නිදහස ලැබීමෙන් අනතුරුව හිටපු නායකයා පුත්‍රයා කුමක් කරනු ඇත්දැයි යන්න තවමත් අපැහැදිලිය.
 
කෙසේ නමුත් සන්නද්ධ අණදෙන නිලධාරී කලීෆා හෆ්තාර් බලය ගොඩනංවමින් සිටින නැගෙනහිර ලිබියාවේ කොටස් අතරින් සයිෆ් නිදහස් කරන්නැයි ඉල්ලා තිබෙන අතර පසුගිය ආණ්ඩුවේ කොටස්වලින් ද එවැනි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා විය. සයිෆ් නිදහස් කළ බව අසත්‍ය යැයි මීට පෙර වාර්තා වූ අතර ඔහුගේ තත්ත්වය ද නිශ්චිත නැතැයි වාර්තා විය.  
 .
''සයිෆ් අල් ඉස්ලාම් මුවම්මර් ගඩාෆි නිදහස් කිරීමට අපි තීරණය කළා. ඔහු නිදහස්. ඔහු නිදහස ලබපු රාමදාන් මාසයේ 14 වැනිදා (සිකුරාදා) සින්තාන්වලින් ගිය බව අපි තහවුරු කරනවා" යැයි අබු බකර් අල් සිද්දික් බලකාය සඳහන් කර තිබිණි.
යුද අපරාධ කළ බවට චෝදනා  කරමින් ට්‍රිපෝලිහි අධිකරණයක් 2015 වසරේදී සයිෆ්ට මරණ දඬුවම පැන වූ අතර විප්ලවය සමයේදී විරෝධතාකරුවන් ඝාතනය කළ බවට ද ඔහුට චෝදනා එල්ල විය.
මුවම්මර් ගඩාෆිගේ ඝාතනයක් සමඟ මේ වනවිට ලිබියාව දරුණු අර්බුදයකට මුහුණ පා සිටින අතර බලය උදෙසා විවිධ සන්නද්ධ කණ්ඩායම් ප්‍රතිවාදී ආණ්ඩු හා කණ්ඩායම් අතරේ දැඩි සටනක් පවතියි. එක්සත් ජාතීන්ගේ සහාය ලබන ආණ්ඩුවක් ට්‍රිපෝලි නුවර පැවැතිය ද ඔවුන්ගේ බලය ස්ථාපිත කරගැනීමට නොහැකි වී තිබේ. එපමණක් නොව නැගෙනහිර ලිබියාවේ ඇතැම් බලවත් කොටස් මෙම පාලනය ප්‍රතික්ෂේප කරයි.
වසර 2011 පැවැති අරගලයෙන් පසු සින්තාන් කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත බලයක් ගොඩනැගුණු අතර එහි කොටස් ට්‍රිපෝලි කේන්ද්‍ර කරගනිමින් තිබෙන ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන අතර සයිෆ් බාරදීම ද ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත සයිෆ් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ද අවශ්‍යව සිටින්නෙකි. ලිබියාවේ දී ඔහුට එරෙහිව පැවැති නඩු විභාගය ජාත්‍යන්තර තත්ත්වලට අනුව නොපැවැත්වුණු බව ජාත්‍යන්තර අපරාධි අධිකරණය පවසයි.
සයිෆ් අල් ඉස්ලාම් ලන්ඩනයේ ආර්ථික විද්‍යා විශ්වවිද්‍යාලයෙන් (ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්) ආචාර්ය උපාධියක් ද හිමි කරගත්තෙකි.
 
රොයිටර් සහ අල් ජසීරා ඇසුරිනි



අදහස් (0)

ලිබියා හිටපු නායකයාගේ පුතා නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 2742 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 144 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1133 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 141 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 265 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 472 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 742 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 361 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site