IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලෙයින් ලෙයට පලිගන්නා පාතාලය

“ලෙයට ලෙය” පලිගැනීමේ පාතාල න්‍යායේ ඔස්තාර්ලා ලෙස මෙරට තුළ සක්‍රීයම පාතාල ජාලය, “දකුණේ පාතාලය” යැයි කීවොත් එය නිවැරදිය. එය සනාථ කරනු වස්, මේ වනවිට ඔවුහුම නිදසුන් සපයමින් සිටිති. ඒ, මෙරට පාතාල කල්ලි සාමාජිකයන් සතුව තිබී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට ඉකුත් 29 වැනිදා හැකිවීමත් සමගමය.


“කොච්චරක් බඩු තිබ්බද?”
“ටී 56 11යි ටී 81 එකයි.”
“කාගෙද බඩු?”
“කොස්ගොඩ තාරකගේ.”
සිද්ධිය සැලවීමත් සමග සමාජයේ කතා බහ දිගින් දිගටම යොමුවූයේ පාතාලයේ ආයුධ ගබඩාව ගැනය. කොස්ගොඩ තාරකගේ ගෝලයකු වන බව කියන “පොට්ට කපිල” මෙම ගිනි අවි තොගය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි තොග භාණ්ඩ අලෙවි සලේ ගබඩාව වෙත ගෙනත් දමා ඇත්තේ මීට මාසයකට පමණ පෙරය. ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති ආකාරයට මේ ගිනි අවි අතර තිබිය යුතු තවත් ටී 56 ගිනි අවි 06ක් අතුරුදන්වී ඇති බවද සඳහන් වෙයි. මඩපාතගේ කපිල කුමාර නොහොත් “පොට්ට කපිල” යනු 2018 ජුනි 22 වැනිදා සිදුවූ මාතර නිලේකා ජුවලර්ස් රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු ද වන අතර එම සිද්ධියේ සිට මේ දක්වා මොහු පොලිසියෙන් කට්ටි පනිමින් සිට ඇත.

“මේ වෙපන් ටික පොට්ට කපිලගේ වුණාට මේකේ දායකත්වය ‘ගගනගේ’” පොලිස් බුද්ධි අංශ සොයා ගත් තවත් කරුණක් වූයේ මෙයයි. කොස්ගොඩ තාරක කල්ලියේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන මිරිච්චමුල්ල ගමගේ ගගන චින්තක නොහොත් “ගගන” යනු මේ වනවිට රක්ෂිත බණ්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකි.

“මොකටද මේවා මෙතනට ගෙනාවේ? කාටද ගහන්න හදන්නේ?”
“කංජිපානිට ගහන්න.”
මේ ආයුධ එක්රැස් කිරීම පිටුපස මෙවන් වූ කතාවක් ඈදෙන්නේ ආරක්ෂක අංශ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ප්‍රශ්න කිරීම්වලදීය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් මේ වනවිට රඳවා තබා ඇත්තේ බූස්ස බන්ධනාගාරය තුළයි. නඩු කටයුතු සඳහා මොහු බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත යන අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමකට අනුව මෙම ආයුධ සඟවා තබන්නට ඇතැයි සැක පළකරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි. ආයුධ සඟවා තිබූ තොග වෙළෙඳ සලේ පහත මාලයේ ඉතා සූක්ෂම අයුරින් මෙම ආයුධ සගවා තිබී ඇති අතර වෙළෙඳ සලේ හිමිකරු ඔහුගේ බිරිඳ සහ සේවකයෝ 08 දෙනෙක්ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති. මෙම වෙළෙඳ සලේ හිමිකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “කඩුවෙල වසන්ත” ගේ සමීපතමයකු බවත් ඉකුත් 2011 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ල අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ තැනැත්තකු බවත් පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබිණ.

මන්නා කඩු පිහි ගල්කටස් අතරින් නැගී සිටි පාතාලයෝ දැන් දැන් භාවිත කරන්නේ නවීන පන්නයේ ආයුධය. අප දන්නා ඉතිහාසයට අනුව මෙරට ත්‍රිවිධ හමුදාවලට පෙර අති නවීන ආයුධ භාවිත කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පමණි. ආර්.පී.ජී. රොකට් අවි, ගුවන් යානා නාශක, යුධ ටැංකි නාශක ආදී නවීන ආයුධ එල් ටී ටී ඊ ත්‍රස්තයෝ සිය මෙහෙයුම් සඳහා භාවිත කළහ. ම්ලේච්ඡ එල් ටී ටී ඊ ත්‍රස්තයන් මේ ආයුධ දකුණේ පාතාලය වෙත ලබාදී ඇති බවට බුද්ධි අංශ ද ඉකුත් කාලයේදි තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. ප්‍රභූවරුන් ඝාතනය කිරීම සදහා මෙම ආයුධ ලබා දී තිබු බවට නොයෙක් අවස්ථාවල අධිකරණවලදී පවා කරුණු ඉදිරිපත් වූ අතර දකුණේ පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස නම් දරා සිටින “මාකදුරේ මධූෂ්” ගේ නමද මේ සමග ඈදුණ අවස්ථා තිබිණ. එසේම, වේන්ද්‍රන් හෙවත් “අප්පන්” නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සමග “ගනේමුල්ලේ සංජීව” නමැති පාතාල ක්‍රියාකාරිකයා ඇතුළු එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වන්නේ ඉකුත් ජනවාරි මාසයේ දිනෙක උතුරු ප්‍රදේශයේදීය. රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර, ඉන් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවෙයි. මෙහිදී අවි ආයුධ රැසක් සමග අධිබලැති බෝම්බයක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වෙයි. මෙම සිද්ධියට අදාළ නඩුව මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් සහ දකුණේ පාතාලය සම්බන්ධ වූ පාලම මෙහිදී අනාවරණය වූයේ මේ අයුරිනි.

අද එල්.ටී.ටී.ඊය නැත. එහෙත්, පාතාලය ඇත. එල්.ටී.ටී.ඊයේ තිබූ නවීන ආයුධ වලින් ඇතැම් ඒවා “පාතාලයන්” සතුව ඇතැයි මේ වනවිට ලද අලුත්ම ආරංචියයි. නවීන පන්නයේ ආයුධ සමග කියැවෙන දකුණේ පාතාලයේ ප්‍රධානතම කල්ලි දෙකක් වන්නේ කොස්ගොඩ සුජී සහ කොස්ගොඩ තාරකගේ කල්ලියයි.

“කොස්ගොඩ තාරක.....” යනු කවුද?
ධර්මකීර්ති පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක” යනු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රදව සිටින සැකකරුවෙක් වෙයි. මොහු යුධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කර ඇති අයෙකි. මාතර නිලේකා ජුවලර්ස් මංකොල්ලයේදී පොලිස් නිලධාරියකු ඇතුළු දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව තාරක මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන්නේය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කළ කොස්ගොඩ තාරක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකිරීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කරන්නේ ඉකුත් මැයි 17 වැනිදාය. ඒ, වැලිසර මහබාගේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 225 සිද්ධියට අදාළවය. එම හෙරොයින් කොස්ගොඩ තාරකගේ ඒවා බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරණය කරගත් බවට සැලවීමත් සමග කොස්ගොඩ තාරක බූස්සට මාරුකර යවයි. මේ සිද්ධිය සැලවීමත් සමගම කොස්ගොඩ තාරක බන්ධනාගාරයේ ඇතුළේ යකා නැටූ බව සඳහන් වෙයි.

“ඕවා මගේ නෙමෙයි. ඇයි මට පටවන්නේ. මේකට අරූ සම්බන්ධයි” තාරක මේ කියන ‘අරූ’ යනු කවුරුන්ද? ඔහු, ජගමුණී සුජීව ද සෙයිසා නොහොත් “කොස්ගොඩ සුජී” යන අයයි. මේ වන විට කොස්ගොඩ සුජී ඉන්නේ ඩුබායි රාජ්‍යයේ බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඔහු පිටරට සිට මෙරට පාතාල ක්‍රියාකාරීත්වයට ආධාර අනුබල ලබා දෙමින් ඇතැයි ද සදහන් වෙයි.

මොවුන් දෙදෙනාම කොස්ගොඩය. දිවෙන් දිව ගාගෙන සිටි මිතුරන් දෙදෙනකු වන සුජී සහ තාරක පාතාල බල පරාක්‍රමය හමුවේ විරසක වන්නේ සිය පවුල් පිටින්ම ඝාතනය කර ගනිමිනි. සුජී රටින් පැන්න මොහොතේ ඉක්මන් වන්නේ තාරකය. මහ රෑ සූජීගේ මාමාගේ නිවෙසට යන තාරක, ඔහුටත් පාසල් වයසේ පසුවන ඔහුගේ දරුවන් දෙදෙනාටත් වෙඩි තබා ඝාතනය කළේය. බළපිටිය ප්‍රදේශීය සභා එජාප මන්ත්‍රීවරයකුව සිටි ජගමුණී මහින්ද රාජා ඇතුළු තිදෙනකු එක තැන මරා දැමූ තාරක ඇතුළු සහචරයෝ මහින්ද රාජාගේ හිතවතකු සොයා ගොස් ඔහුද මරා දැමූහ. ඒ 2017 වර්ෂයේදී ය. තාරක කළ හදියෙන් ගමක් හැඬවීය. සුජී වෙනුවෙන් මළ ගෙවල්වල සියලු බරපැන දරන්නේ ඩොනල්ඩ්ය. ඩොනල්ඩ් යනු කරන්දෙනිය පැත්තේ දේශපාලනයට ගෑවෙච්ච කෙනෙකි තාරකට ‘රිටන්” එකක් දෙන්නට සුජී ප්ලෑන් කළේ “පොඩිලැසී” මගිනි.

එහිදීතාරකගේ ඥාතිවරියක් ඇතුළු කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමට පොඩිලැසී ප්‍රමුඛ පාතාලයෝ ක්‍රියා කළහ. එයින් නොනැවතුණු සුජී ලෙයට ලෙයින් පලිය ගැනීමේ අදිටනින් බටපොළ කොස්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ තාරකගේ මාමණ්ඩිය වූ අසංක මනෝරාජ් සොයිසා සහ ඔහුගේ දරුවන් ඇතුළු පස් දෙනකුට වෙඩි තැබීමට සිය සහචරයින් මෙහෙයවන්නේ 2017 ඔක්තෝම්බර් 31 වැනිදා රාත්‍රීයේදීය.එහිදී ඔවුහු තුවාල ලබා ජීවිත ගලවා ගත්හ.

සුජී ඩුබායි ජීවත් වුවද කොස්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීම ජයටම කරගෙන ගියේ සිය සහචරයන් යොමු කරමිනි. රෝයල් බීච් සමන් යන අයගෙන් දිගින් දිගටම කප්පම් ලබාගැනීමේ උත්සාහයක යෙදුණු සුජීට, සමන්ගෙන් කප්පම් මුදල් ලබා ගත නොහැකි විය.

“අපි ඉල්ලන එක දෙන්නේ නැත්නම් උඹ ඉන්න ඕන නැහැ.” සුජීගේ තීරණය අවසාන තීරණය විය. සුජීගේ සහචරයෝ සමන් ඝාතනය කිරීමට වෙඩි තබති. වෙඩි වදින්නේ සමන්ට නොව ඔහු සමග සිටි විදේශිකයකුටය. වෙඩි තැබීම ගැන විමර්ශන ආරම්භ කළ පොලිසියට සැකකරුවන් කොටුකර ගත හැකිවිය. සැකකරුවන් රැදී සිටියේ සුජීගේ හිතවතකු වූ ඩොලන්ඩ්ගේ නිවසේ ආසන්නයේය. ඔවුන් ගැන තොරතුරු ඩොනල්ඩ් පොලිසියට දුන් බවට සුජිගේ හිත කීවේය. “සාධාරණ හේතු ඇතුව හෝ නැතිව “සැක කිරීම’‘ පාතාලයේ හැටිය. කොතරම් හොඳ මිතුරකු වුවද සැකය මත ඩොනල්ඩ්ට රිටන් එක දීමට සුජී තීරණය කළේය.

“ඌ එහෙම මට ද්‍රෝහි වෙයි කියලා මම හිතුවේ නැහැ. මට එහෙම කළොත් ඌ මේ ලෝකේ ඉන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මේක මගේ තීරණය. ගමම දන්නවා ඌ මගේ හිතවතා කියලා. මූට රිටන් එක දුන්නාම මේක බැලන්ස් වෙන්නේ තාරකගේ නමට. ඌ ඉවරයක් කරපං.” සුජී ඩුබායි සිට සිය සගයන්ට අණක් නිකුත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොනල්ඩ් ඝාතනය වෙයි. ඌරගස්මංහන්දියේ කොරකින ප්‍රදේශයේ පිහිටි මංගල උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටි ඩොනල්ඩ්ට ටී 56 අවි ගත් පාතාල යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් මග රැක ඉද වෙඩි පිට වෙඩි තැබුවෝය. වෙඩි වරුසාව මතින් ඩොනල්ඩ්ගේ රියැදුරු වෙඩික්කරුවන් පසුපස හඹා ගොස් ඔවුන් හප්පා දැම්මේය. එහෙත් ඒ වනවිටත් ඩෙනල්ඩ් වෙඩි වැදී සිටීම හේතුවෙන් ඔහු වහාම තම ස්වාමියා රෝහල වෙත රැගෙන ගියත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේය. පසුව රිය අනතුරකින් තුවාල ලැබ සිටි සැකකරුවකු පොලීසිය අල්ලා ගෙන තිබිණී.

මෙය එසේ සිදුවෙද්දී තාරක පොලීසියෙන් කට්ටි පනිමින් සිටියේය. එහෙත් 2018 වර්ෂයේදී මාතර නිලේකා ජුවලරි කොල්ලයේදී තාරක කොටුවෙයි. එදින තාරක සමග කොල්ලයට පැමිණි හබරකඩ වසන්ත වෙඩි වැදී මියයයි. බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරක මරා දමන්නට මෙහිදී සැලසුම් සකස් කරන්නේ කොස්ගොඩ සුජීය.

කොස්ගොඩ සුජී මෙරටට ගෙන්වූ ආර්.පී.ජී. ඇතුළු නවීන අවි ආයුධ තොගයක් ගැන තොරතුරු රාශියක් බුද්ධි අංශ වෙත ලැබී ඇත්තේ ද මේ කාලවකවානුව තුළය. ඉකුත් කාලයේදී බෝට්ටු මගින් මෙරටට ගෙන එන හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ආයුධද සගවා ගෙන ඇවිත් ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන කාරණයකි. බුද්ධි අංශ තොරතුරුවලට අනුව කොස්ගොඩ සුජීට ආ ආර්.පී.ජී. අවි දෙක ඩිස්පෝසබල් වර්ගයේ එනම් එක්වරක් පමණක් භාවිත කළ හැකි ආකාරයේ ඒවා බවත්, ඒවා ප්‍රහාරයකින් පසුව දමා පැනයා හැකි ඒවා බවත් සඳහන් වන්නකි. එසේම, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියකු යොදවා ගෙන (එල්.ටී.ටී. නායක ප්‍රභාකරන්නේ ආරක්ෂාවට සිටි බුම්බා යන අය යොදා ගනිමින්) මිනීමරුම් සිදුකළ පළමු පාතාලයා වශයෙන් කොස්ගොඩ සුජී නැමැත්තා හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ සඳහන් කරන්නකි.

සුජී ආයුධ රැස් කරන්නේ බන්ධනාගාරයේ සිටින තාරක මරන්නටය. ඒ බව සක් සුදක් සේ පැහැදිලිවී ඇතැයි බුද්ධි අංශ පවා මේ වනවිට තොරතුරු සෙයා ගෙන තිබේ. මාකදුරෙ මධූෂ් සහ අංගොඩ ලොක්කා එක්ව කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධාණාගාර බස් රථයක් තුළදී රනාලේ සමයං ඝාතනය කළාක් මෙන් තාරක ද මරා දමන්නට සුජී ප්ලෑන් ගසමින් සිටියි.

එසේම, මිනුවන්ගොඩදී බන්ධනාගාර බස් රථයක් තුළදී ඝාතනයට ලක්වූ අසිත නැමැත්තා ද මෙහිදී සිහියට එයි. මිනුවන්ගොඩ පස් පාතාලයේ සෙල්ලමකට අනුව අසිත ඝාතනය වන්නේ ද අධිකරණයට ගොස් හිරගෙදරට යමින් සිටියදීය. කොස්ගොඩ තාරක ඉලක්ක කරගෙන මෙවන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට මීට ටික දිනකට පෙර ආරංචියක් පැතිර ගියේය. කොස්ගොඩ සුජී තම එදිරිවාදියා වූ තාරක මරා දමන්නට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ රණා, රාජු, කරන්දෙණියේ සුදු මල්ලි, පොඩි ලැසී ඇතුළු ගාල්ල බන්ධනාගාරයේ රජ කරමින් සිටි අයටය. ඊට අමතරව ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණ ඇති ඌරගහ මයිකල් යන අයද සුජී විසින් මේ සඳහා යොදවනු ලැබ ඇතැයිද මේ වනවිට බුද්ධි තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
 
මාන්නගේ දෙන් රොෂාන් පද්ම කුමාර නමින් අංක 55233373 දරන විදෙස් ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් සුජී රටින් පැන ගොස් ඇත්තේ 2019 වර්ෂයේ පෙබරවාරි මස 14 වැනිදා බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ගනේමුල්ලේ සංජීව, මාකිලන්ගමුවේ සංජීව, කිඹුලා ඇළ ගුණා යන අය සමග සෘජු සම්බන්ධතා පවත්වමින් සිටින සුජී, අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ මගින් රතු නිවේදන නිකුත් කර ඇති බවද සඳහන් වෙයි. මොහු විදෙස් ගතව මෙරට පාතාලය හසුරවමින් ලෙයට ලෙයින් පලි ගැනීමේ කාලකණ්ණි අභිප්‍රායෙන් කුමන්ත්‍රණ කිරීම තුළ තැලී පොඩිවන්නේ විනාශ වන්නේ කිසිම දෙයකට සම්බන්ධ නැති අහිංසක ජීවිත පමණි. යම් ආකාරයකින් මොහු සඟවා ඇතැයි කියනු ලබන නවීන පන්නයේ ආයුධවලින් ප්‍රහාරයක් සැලසුම් කළ හොත් ඉන් සමාජයේ ජීවිත කීයක් විනාශ විය හැකිද? බන්ධනාගාර බස් රථවලට ප්‍රහාර එල්ල කිරීමෙන් අපරාධකරුවන් පමණක් නොව රාජකාරියේ නිරත වූ අහිංසක නිලධාරීන් කී දෙනෙකු ජීවිත වලින් සමුගන්නට ඇත්ද?

කොස්ගොඩ තාරක බන්ධනාගාරයේ දැන් රඟන්නේ ‘අයියාගේ’ චරිතයය. කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන්ටත් අංගොඩ ලොක්කාගේ ගෝලයන්ටත් සුජීගේ ගෝලයන්ටත් පහර දෙමින් බන්ධනාගාරය තුළ සෙල්ලම් දාන බවට බන්ධනාගාරය තුළින් එන ආරංචියකි. තාරක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදීත් කංජිපානි ඉම්රාන්ගේ සගයකුට එලව එලවා පහර දෙයි. ඒ වන විට තවත් රැඳවුවන් 20 දෙනකු සමග තාරක රඳවා තබා ඇත්තේ අයි වාට්ටුව තුළය. පහර කෑ පුද්ගලයා රඳවා තබා සිට ඇත්තේ බී වාට්ටුව තුළය. බන්ධනාගාර සිර මැදිරි, උස දොරවල් වලින් මෙන්ම නිලධාරීන්ගේ ඇස්වසා තාරක වෙනත් වාට්ටුවකට ගොස් සෙල්ලම් දැම්මේ කෙසේ දැයි ඒ වන විට බන්ධනාගාර මූලස්ථානය පරික්ෂණයක් පවා ආරම්භ කර තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස තාරක සිටි වාට්ටුවේ සඟවා තිබියදී හෙරොයින් ග්‍රෑම් දෙකක් ජංගම දුරකතන දෙකක් සහ ඊට අදාළ උපාංග කිහිපයක් ද සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. දැන් තාරක සිටින්නේ බූස්සේය. ඉකුත් 26 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියෝ කිහිප දෙනෙක් ආහාර වර්ජනයක් පටන් ගත්හ. තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින් මොවුන් මෙම ආහාර වර්ජනය කර ඇත. දිනපතා ව්‍යායාම කිරීම සඳහා පැය දෙකක කාලයක් සිරමැදිරිවලින් එළියට ගනු ලබන මොවුන්ට අද වනවිට දුරකතනයෙන් සෙල්ලම් දැමීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත. මේ වර්ජනය මෙහෙයවා ඇති ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන්නේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී යන අය බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

කොස්ගොඩ තාරක වැලිකඩින් බූස්සට ගෙනෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මහබාගේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 225 සිද්ධිය හේතුවෙනි. මෙහි දී පොලිසිය සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත්තේය. එහි ප්‍රධාන සැකකරුවෝ වූයේ කසුන් ලක්ෂිත නොහොත් හබරකඩ කසුන්, ඉන්ද්‍රකුමාර රාමනායක යන අය වෙති. මොවුන් තාරකගේ සමීපතම ගෝලයන් වන බවද සඳහන් වෙයි.

පාතාලයන් ලෙයට ලෙයින් පලිගනිමින් සිටින්නේ ඔවුන්ගේ ‘බලය’ බෙදාගැනීම සහ එය ‘තහවුරු’ කර ගැනීමේ එකම අරමුණෙන් පමණි. වහා විසඳිය යුතුව ඇත්තේ ද මොවුන්ගේ මේ අරමුණයි. රටකට පාතාලය අවශ්‍ය නැත. මින් හානියට සහ හිංසනයට පත්වන්නේ අහිංසක ජනතාවයි. පාතාලයන් කප්පම් ගනිමින් හෙරොයින් ඡාවාරම් කරමින් අවි ආයුධවලින් සෙල්ලම් දමන්නේ ඔවුන්ගේම සුඛවිහරණය සඳහාම පමණි. නැතහොත් සමාජයේ පිරිහීමට පමණි. මේ උවදුර වහ වහා මෙරටින් අතුගා දැමිය යුතුයි. මතින් තොර පාතාලයෙන් තොර හෙට දිනක සුබ සිහින දකින්නට නම් අද කළ යුත්තේ වහාම ක්‍රියාත්මක වී මොවුන් අත්අඩංගුවට ගැනීමය. ඒ සඳහා රාජ්‍ය පාලනය මෙන්ම ආරක්ෂක අංශ ද වහා ක්‍රියාත්මක විය යුතුය.

(***විමුක්ති කුමාරසිංහ)

 



අදහස් (3)

ලෙයින් ලෙයට පලිගන්නා පාතාලය

krolis Thursday, 02 July 2020 10:20 AM

මේකට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඕනේ. කෙටිකාලීනව ඉන්න අපරාධකාරයෝ මර්දනය කරන්න නීති සකස් වෙන්න ඕනේ. ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දිගු කාලීන වශයෙන් අධ්‍යාපනික, සමාජ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් ඕනේ...

:       0       3

Kamal KoyralaThursday, 02 July 2020 11:12 AM

ඔය සේරම හදන්න අවශ්‍ය නැහැ.. දේශපාලන නඩුගන්න ඉක්මණටම මේවත් ඉක්මන් කරලා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න. ඒකයි තියෙන්නේ... මෛත්‍රීපාල කිව්වා වගේ මෙයා මහජන මත විමසුමකට ගිහින් ඡන්දය පවත්වන්න ලෝක මතය අපට අවශ්‍ය නැත.. යුද්ධය කළා නම් එල්ලුම් ගහ බැරි ඇයි? 

:       0       42

Raveendra Thursday, 02 July 2020 05:40 PM

අප නම් තරයේ විශ්වාස කරන්නේ මෙම නිවටයන් අත්අඩංගුවට ගෙන නඩත්තු කිරීම මහා පාපකර්මයකි. අවශ්‍ය සියලු තොරතුරු ගෙන ඇඩ්රස් නැති වෙන්න දිය යුතුයි යන්නයි.. මේ අයට දියයුත්තේ මෘග නීතිය පමණකි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 67 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1396 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 649 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4637 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site