කාන්තා විලාසිතා ලෝකයට අලූත් අලූත් අංග එකතු වෙන්නේ පුදුමාකාර වේගයකිනි. ඇඳුමක් මසන විට වැරදීමක් සිදු වුවත් එය අවසානයේ දී විලාසිතාවක් බවට පත් වෙයි. කාන්තාවන් ඇඳගෙන යන ඇතැම් ඇඳුම් විලාසිතා දුටු විට ‘‘වැරදිලා මැහිලද’’ නැත්නම් මෝස්තරයක්ද? යනුවෙන් පිරිමින් විමසන්නේ එහෙයිනි.
1966 දී බාර්බරා හුලානිකී නම් වූ මෝස්තර නිර්මාණ ශිල්පිනිය නිමි ඇඳුම් වෙළෙඳ සලක් විවෘත කළාය. ඒ වෙළෙඳ සලට අලූත්ම ඇඳුම් විලාසිතාවක් හඳුන්වා දෙන්නට ඇයට වුවමනා වූයේය. එතෙක් මිනි ගවුම් මැසුණේ ඝනකමැති රෙදිවලිනි. එම සම්ප‍්‍රදාය වෙනස් කළ බාර්බරා, ජර්සි මසන ඇදෙනසුළු රෙද්දෙන් මිනිසාය තොගයක් මැස්සෙව්වාය. ඇයට තරු පෙනුණේ එම තොගය වෙළෙඳ සලට ගෙනැවුත් බාර දෙනු ලැබූ කල්හිය. ඒවා ඇය බලාපොරොත්තු වූවාට වඩා බොහෝ කෙටි වූයේය.
මම හිතුවෙ මට හෘදයා බාධයක් හැදෙයි කියලා. ඒ සායවල් අඟල් දහයකට වැඩිය දිග තිබුණේ නෑ. මහ විශාල පාඩුවක් විඳින්න වන බව සහතිකයි කියල මට හිතුණා. මම ඔළුවෙ අත ගහගෙන කල්පනා කළා මොකද කරන්නේ කියලා. මට කන්න බැරි වුණා. නින්ද ගියේ නෑ.
පසු කාලයක දී බාර්බරා ඇය විසින් ලියන ලද ඇගේ චරිතාපදානයේ එසේ සඳහන් කොට තිබුණාය.
සාය මෝස්තරය පාරිභෝගිකයන් පිළිගනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොතිබුණේ වී නමුත් ඇය එය ප‍්‍රදර්ශනය කළාය.
‘‘මටම පුදුමයි ඒ සායවල් තොගය පුදුමාකාර වේගයකින් අලෙවි වුණා. මට තවත් තොග කිහිපයක්ම ඇණවුම් කරන්න සිදු වුණා’ ඇය කියා තිබිණි.
මිනි විලාසිතාව වඩ වඩාත් ජනප‍්‍රිය කරන්නට මෝස්තර නිර්මාණකරුවෝ විවිධ උපක‍්‍රම යොදා ගත්හ. සායට
ගැළපෙන උඩුකය වැස්මවල් තොප්පි, අත් මේස්, ආභරණ හඳුන්වාදීම මේ අතර ප‍්‍රධාන වූයේය. ක‍්‍රීඩකයන්ට පමණක් සීමා වූ ටී ෂර්ට් කාන්තාවන් අතර ජනප‍්‍රිය වෙන්නට පටන් ගන්නේ ඒ අනුවය.
සමහර යුරෝපීය රටවල කෙටි සායවල් හැඳගෙන මහා මාර්ගයේ ගමන් කිරීම තහනම් කරනු ලැබ තිබිණි. එවන් ඇඳුම් ස්ත‍්‍රී ¥ෂකයන්ට කරන නිහඬ ආරාධනාවක්යයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එම නිසා මිනි සායට යටින් ස්ටොකින් කලිසම් අඳින්නට මෝස්තර නිර්මාණකරුවෝ කාන්තාවන් පෙළඹවූහ. සමහර කාන්තාවන් සමේ පාටම ඇති ස්ටොකින්ස් ප‍්‍රිය කළ අතර සමහරු ප‍්‍රිය කළේ ඇඳුමේ පාටට ගැලපෙන ඒවාය.
1970 මැද භාගය පමණ වන විට විලාසිතා ලෝකය නැවත පෙරළියකට බඳුන් වූයේය. බෙල් බොටම්, මැක්සි ගවුම්, මිනි ගවුම්, රැුප් අරවුන්ඞ් ඩිස්කෝ ගවුම් කරළියට ආවේ ඒ කාලයේය.
ඒ වෙනවිට මිනි සාය කලවාවල මුලටම එනකම් කෙටි වෙලා තිබුණෙ. ඇත්තටම ඒකට ආයෙ කරන්න වෙනසක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඉතින් සාය ටිකින් ටික දික් වෙන්න පටන් ගත්තා. මිඞ් සාය කියන්නෙ දණහිසෙන් පහළට වැටුණ හැඩ සායක්. මැක්සි සාය දෙපතුලටම දිගයි රැප් අරවුන්ඞ් ඉණ වටේ රවුම් දෙකක් එතෙන සායක්. ඩිස්කො ගවුම කිසිම හැඩයක් නැතුව මහලා ඉණට ඉලාස්ටික් පටියක් දාල රැලි කරපු එකක්. කොහොම වුණත් මේවා වැඩි කාලයක් වෙළෙඳ පොළේ රැුඳුණේ නෑ. ඒවා එහෙන් මෙහෙන් පැටලෙන කොට අපහසුවක් දැකීම තමයි ඒවායෙ ජනප‍්‍රියත්වය හීන වෙන්න මූලිකම හේතුව වුණේ’’ මාධ්‍යවේදියෙක් පැවසුවේය.
සංගීත කණ්ඩායම්වල නර්තනයේ යෙදෙන කාන්තාවන් අතර නම් මේ සාය විලාසිතා ජනප‍්‍රිය වූයේම නැත. ඔවුහු තව දුරටත් කෙටි සායටම පෙම් බැන්දහ.
1982 කාලය වන විට කෙටි සාය නැවතත් කල එලි බැස්සේය. ක‍්‍රීඩා තරගවලදී දක්නට ලැබෙන කාන්තා දිරිගන්වන්නන් :ක්‍යැැර ඛැ්ාැරි* නිළියන් ආදී බොහෝ දෙනෙකු අතර කෙටි සාය ජනප‍්‍රිය වූයේය. ‘‘පෆ් බෝල්ස්’’ යනුවෙන් හැඳින්වූ පිම්බු කෙටි සාය ටික කලක් ජනප‍්‍රියව පැවතුණේ වේල්සයේ කුමරිය ලෙස හැඳින්වුණ ඩයනා කුමරිය එය ඇඳි නිසාය.
කෙසේ වුවත් දැන් ටයිට් සාය වශයෙන් මිස එය මිනි ලෙසින් හැඳින්වෙන්නේ නැත. එමෙන්ම එම ඇඳුම අදින කාන්තාවන් නැට්ටුක්කාරියන් ලෙස හැඳින්වෙන්නේත් නැත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව පුරා හමාගිය ‘මිනි ගවුම්’ රැල්ල
මොහමඩ් Tuesday, 10 December 2013 08:46 PM
මට හරිම ආසා හිතුනා (නි)
අසෝකා Wednesday, 11 December 2013 04:26 PM
තිබුණා වදයක් කවියෙන් ඒ කාලේ....මිනිගව්මටයි , මම ලිව්වා මගේ ආලේ...... වාදය පත්තරේ ; පිළිතුරු ගෙදරට ආවේ. කොල්ලෙක් නිසා කවි වාදෙට තිත තැබුවේ! (ස)
කුමාරිහාමි Thursday, 12 December 2013 04:15 PM
මිනි ගවුම වඩාත් ජනප්‍රිය වුනේ 77ට කලින්. රෙදි කූපනෙට දුන්න කාලේ. මෝස්තරේට ආසා නිසා නොව ලැබුන රෙදි ප්‍රමාණයෙන් ඊට වඩා දිග ඇඳුම් මහගන්න බැරි වුන නිසා. එහෙම තත්වයක් ඇති කළ අය ගෙදරටත් ඔසරිය අඳිද්දී සාමාන්‍ය කතුන්ට පාරේ යන්න වුනෙත් කොට ගවුම් ඇඳ ගෙනයි. (ස)
ලකී Thursday, 12 December 2013 11:21 AM
නියමයි (නි)