ප්‍රවීණ දේශපාලනඥයකු සහ වියත් සාහිත්‍යධරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි.
වි.ජ.මු. මගේ පියතුමන් සමග පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙක්. මගේ පියතුමන් කතානායක ලෙසින් සිටියදී, එතුමන් සමග සමීප ඇසුරක් තිබූ තරුණ දේශපාලනඥයකු ලෙස මම වි.ජ.මු. දැන සිටියා.
ගව ඝාතනය සම්බන්ධව වි.ජ.මු. පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අවස්ථාවේදී ඔහුට වෙන් කර තිබූ කාලයටත් වඩා කාලයක් ඔහුට ලබාදෙමින් ඒ ගැන දින දෙකකටම කතා කරන්නට මගේ පියතුමන් අවසර ලබාදුන් අයුරු ගැන ඔහු නිතර මට මතක් කරන අයුරු මගේ සිහියට නැගෙනවා.
මගේ පියතුමන්ගේ සමීපතමයා සමග 1988 සිට පාර්ලිමේන්තුවේ සිටින්නටත් ඔහු සමග කැබිනට් මණ්ඩලයේ එක්ව කටයුතු කරන්නටත් මට භාග්‍යය ලැබුණා.
මගේ පාර්ලිමේන්තු කතා ඇතුළත් කළ ‘මගේ හද ගැස්ම’ කෘතිය සඳහා ඔහු ලබාදුන් අගනා පෙරවදනත්, එම කෘතිය දොරට වැඩි දින කොළඹ ආනන්දයේ කුලරත්න ශාලාවේදී ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වෙමින් ඔහු කළ කතාවත් අප මතකයෙන් කිසිවිටෙකත් ඈත්වන්නක් නොවේ.
වි.ජ.මු. දේශපාලනයෙන් ඔබ්බට කතා කළ හැකි විද්වතෙක්. අපේ සමාජය වි.ජ.මු. චරිතය නිවැරැදිව කියවා නොගත් බවත් මට සිතෙනවා. නිවැරැදිව කියවා ගත්තා නම් මෙයට වඩා හැම අතින්ම ඇගයීමට ඔහු පාත්‍ර විය යුතුව තිබුණා.
සංස්කෘතික අමාත්‍යවරයා ලෙසින් සිටියදී ඉතා වටිනා සිංහල සාහිත්‍ය කෘතීන් නැවත මුද්‍රණය කර සමාජගත කරන්නත්, විශේෂයෙන් අපේ අලුත් පරපුරට ලබාදෙන්නට ඔහු ඉටු කළ මෙහෙවරට පැසසුම් කළ යුතුයි. සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවිපොත, සකස් කඩය, නම් පොත ඒ අතර මගේ මතකයට එනවා.
ආචාර්ය සෙනරත් පරණවිතානයන් සීගිරි ගී ගැන ඉංග්‍රීසියෙන් ලියා තිබූ ඔක්ස්පර්ඩ් මුද්‍රණාලයේ මුද්‍රිත කෘතිය සිංහලෙන් ‘සීගිරි ගී’ නමින් මුද්‍රණය කර, සමාජගත කරන්නට ඔහු කටයුතු කළා.
එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ‘පූජිත ජීවිත’ නමින්, අපේ රටේ උදාර නායකයන් පිළිබඳ වූ පොත් පෙළක් එළිදැක්වීම ඔහු ඉටුකළ තවත් අගනා මෙහෙවරක්. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, සේනානායකවරුන්, හික්කඩුවේ සුමංගල හිමි, ආචාර්ය ටී.බී. ජායා, පොන්නම්බලම් රාමනාදන්, අරුනාචලම්, ශ්‍රීමත් රාසික් ෆරීඩ් වැනි අපේ රටේ ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් ගැන මේ පොත් පෙළ ලියැවී තිබුණා.
දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දේශීය වෛද්‍ය ක්‍රමයට විශාල වටිනාකමක් ලබාදීමට ඔහු කටයුතු කළා. ආයුර්වේදය මෙන්ම යුනානි වෛද්‍ය ක්‍රමය නඟාසිටුවීමටත් ඔහු දැක්වූ කාරුණික සැලකිල්ල මගේ මතකයට එනවා.
ආචාර්ය ටී.බී. ජායා මැතිඳුන් නමින් ඔහු සිහිපත් කරනුවස් ධර්ගානගර සාහිරා විද්‍යාලයට සහ ශ්‍රීමත් රාසික් ෆරීඩ් මැතිඳුන් සිහිපත් කිරීම සඳහා කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයට ඔහු ලබාදුන් මහල් ගොඩනැගිලි තුළින් අපේ රටේ ජාතික වීරවරයින්ට භේදයෙන් තොරව උපහාර දක්වා සිටියා.
මුනිදාස කුමාරතුංගයන් ගැන මහත් භක්තියකින් සිටි වි.ජ.මු. මුනිදාස කුමාරතුංග සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට කටයුතු කර සිටියා.
දුරකතන ඇමතුම්වලදී ‘ආයුබෝවන්’ කියමින් ඇමතීම මෙන්ම ‘ඔසු පැන්’, ‘කොළකැඳ’ වැනි වචන භාවිතය සමාජගත කරන්නට ඔහු මුල් වී කටයුතු කළ අයුරු මගේ මතකයට එනවා.
ගුවන්විදුලියේ ‘රසදීපනී’ වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළ අයුරු සහ ඒ සඳහා ගායකයා, රචකයා සහ සංගීතඥයා ද සහභාගි කරගනිමින් අපේ මිනිසුන් යහපත් මිනිසුන් බවට පත්කරගැනීමේ අරමුණ සඳහා ගීතය, කවිය ආදිය ඔහු අවියක් කරගත්තා.
වි.ජ.මු. ඉතාම දක්ෂ කථිකයෙක්. ඔහු හොඳින් පොත්පත් ඇසුරු කළ කෙනෙක්. ඒ නිසා කතා පවත්වනවිට අදහස් ගලාගෙන ඒම අප දුටුවා. ඔහු සාමාන්‍ය මිනිසාට මෙන්ම ඉහළම තලයටත් කතා කරන්නට සමතෙක් වුණා. ඔහුගේ කතා නිතර හාස්‍යයෙන් ද පිරී තිබුණා. එම නිසා ඔහුගේ කතා අසා සිටීම ආස්වාදජනක වුණා.
වි.ජ.මු. වෙතින් වචනයක අරුත ඇසුවොත්, ඊට සමාන පාලි, සංස්කෘත පද මෙන්ම ඉංග්‍රීසි වචන ද සමගින් ඒ වචනයේ පසුබිම ගැන කියන්නට තරම් ඔහුට දැනුම් සම්භාරයක් තිබුණා. පෙර අපර භාෂා ගැන ඔහු වැනි දැනුම තිබුණු අය දැකීම ඇත්තෙන්ම දුර්ලභය. කතානායක ලෙසින් සිටියදීත් ඔහු පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයුරු මට මතක් වෙනවා. තම දැනුම ඕනෑම කෙනකුගෙන් පෝෂණය කරගත් අයකු මෙන්ම ඒ දැනුම නිර්ලෝභීව අනුන් වෙත බෙදා දුන් අයකු ද වුණා.
වි.ජ.මු. යහපත් දේශපාලනඥයෙක්. හොඳ සහෘදයෙක්. විද්වතෙක්. හොඳ සමතෙක්. සියල්ලටම වඩා මිනිස්කමින් පිරිපුන් මිනිසෙක්. එතුමන් අපගෙන් සමුගන්නේ අප සමාජයට යහපත් ආදර්ශයන් සමූහයක් ලබාදෙමින්.
එතුමන් විශ්වාස කළ දහමට එකඟව එතුමන්ට නිවන් සුව ලැබීමට ප්‍රාර්ථනා කරන්නෙමි.
(***)
ඉම්තියාස් බාකීර් මාකාර්
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ‍්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ‍්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ‍්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ‍්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වි.ජ.මු. මිනිස්කමින් පිරිපුන් මිනිසෙක්
nihal Wednesday, 17 February 2021 06:51 PM
රට ආපස්සට අරන් යන අය නම් ඉවරයි.
සුරිය බණ්ඩාර - හපුතලේ Thursday, 18 February 2021 10:52 PM
මෙයාගේ කරුණාව 88 - 89 කාලය මට සිහිවෙනවා.