මේ කතාව අපට ඇහෙන්නේ රත්මලාන කර්මාන්ත පුරෙන්. පොලිස් පොතේ පැමිණිල්ලක් විදිහට ලියවුණු මේ කතාවේ කතා නායිකාව වන තරුණිය ගාල්ලේ අකුරණ පදිංචිකාරියක්.
ඇයගේ නම සිතුමි ජයසේකර. අක්කයි මල්ලීයි අම්මයි තාත්තයි ඉන්න පවුලේ සිතුමි මද්දුමී.
ඇයගේ අම්මා, තාත්තා ගමේ පිළිගත්තු උදවිය සුළු ව්‍යාපාරයක් කරගෙන ගියා. සිතුමිගෙ තාත්තා තමාගේ දරුවන්ට උගන්වන්න ඔවුන් සමාජයේ ඉහළට අරගෙන එන්න බොහෝම උත්සාහ දැරුවා.
සිතුමිගේ අක්කා ගෙදරින් ගෙනාව යෝජනාවකට අනුව විවාහ වුණේ රත්මලාන ප‍්‍රදේශයේ තරුණයෙකුත් එක්ක.
විවාහයත් එක්ක කොළඹට ගිය අක්කාගේ ගෙදර යන්න එන්න සිතුමි බොහෝම ආස කළා.
අනිත් හැමෝටම වඩා බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරාවාගෙන ඇය ජීවත් වුණේ ගමෙන් කොළඹට එන හීනය තුළ.
ගමෙන් කොළඹට ඇවිත් රස්සාවක් කරන්න හීන දැක්කට මොකද අම්මා, තාත්තා සිතුමිගේ කොළඹ ගමනට තදින්ම විරුද්ධ වුණා.
ඒත් ඇයගේ බලාපොරොත්තු වෙනමම විදිහකට පණ ලැබුවා.
ඇයට ෆේස්බුක් එකෙන් හඳුනා ගත්තු යාළුවෙක් හිටියා. ඔහු තිවංක. කොළඹ ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් වන තිවංක එක්ක ෆේස්බුක් චැට් කරගෙන දැන හඳුනාගත්තු සිතුමි තිවංකගේ මාර්ගයෙන් හරි කොළඹට ඇවිත් රස්සාවක් කරන්න පෙරුම් පිරුවා.
මට ආසයි කොළඹ ඇවිත් රස්සාවක් කරන්න. ගාමන්ට් එහෙක වුණත් කමක් නෑ. පුළුවන් නම් රස්සාවක් හොයල දෙන්න. ඇය නිතරම ඔහුට ඇවිටිලි කළා.
ෆේස්බුක් එකෙන් හඳුනා ගත්තු දුරකථනයෙන් කතාකරන හැබැහින් දැකලා නැති සිතුමිව දැකගන්නට ඔහුට තිබුණෙත් ලොකු ආසාවක්.
දන්නෙම නැතුව ආදරේකට පෙරළුන හිතවත්කම එක්ක සිතුමි අහස උසට බලාපොරොත්තු ගොඩගැහුවා.
ඔහු යාළුවන්ගේ මාර්ගයෙන් ඇයට රස්සාවක් හොයලා දුන්නා. රත්මලානේ කර්මාන්තපුරේට මැෂින් සහයිකාවක් විදිහට රස්සාවක් තියෙනවා කියලා දැනගත්තම කොළඹට යන්න සිතුමි ගත්ත තීරණේට අම්මා තාත්තා බොහෝම විරුද්ධ වුණා. මොනතරම් අවවාද අනුශාසනා ලැබුණත් ඇයට ඕනෑ වුණේ කොළඹ යන්න.
අම්මා තාත්තා ආදරේට කියන දේත් ආරෝවට හිතපු ඇය කොළඹ ආවා.
දුවගේ කැමැත්තට විරුද්ධ වෙලා වැඩක් නැති බව තේරුම් ගත්තු දෙමහල්ලෝ සිතුමිගේ අක්කගේ ගෙදර කාමරයක නවතින්න ඇයට ඉඩ හදලා දුන්නා.
සිතුමිගේ අක්කා පදිංචි වෙලා හිටියේ රත්මලානේ. නංගිට අවශ්‍ය හැම සැප පහසුවක්ම අක්කගේ ගෙදරදී ලැබුණා.’’
බෝඩිමක අවශ්‍යතාව ඒ විදිහට අක්කගේ හෙවණේදී සම්පූර්ණ වෙනකොට සිතුමිගේ බලාපොරොත්තු දස දහසින් පණ ලැබුවා.
තිවංක සිතුමිව මුණගැහෙන්න පෙරුම් පිරුවා. තරුණයාගේ බලාපොරොත්තු තරුණියගේ අනාගතය අඳුරු කරගෙන පණ ලැබුවා.
ඇය ඔහුව මුලින්ම මුණගැහුණේ මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේදී ගාමන්ට් එකේ ලොකු මහත්තයා හමුවෙන්න යනවා කියලා අක්කගේ ගෙදරින් පිටවුණ සිතුමි ඔහු කියපු මග සලකුණු ඔස්සේ කටුබැද්දට එන්නේ ආදරය හිතේ පුරවගෙන.
පියුමි වෙනුවෙන් ආශාව හිතේ පුරවගත්තු තිවංක හිටියේ සිතුමිට වඩා වෙනස් සිතුවිල්ලක. ඇයව තමාගේ කරගන්න වුවමනාවක් හිතේ කොනකවත් නැති වුණාට ඇය සමග යහන් ගත වෙන්න මේ නරුම පෙම්වතා පෙරුම් පිරුවා.
ඒත් කොහොමද පළමු හමුවීමේදී ආදරයේ අනන්තෙට යන්නේ. සිතුවිල්ලෙන් හැඟීමෙන් වෙනස් විදිහට එකම මගක දෙන්නගෙම සිතුවිලි ගමන් කළා.
කාලය ගෙවිලා ගියේ තරුණිය රැුකියාවට පුරුදුකාරියක් කරගෙන.
කාටත් හොරා පැටලූන පේ‍්‍රමයේ හිමිකරු වන තිවංක හැමවෙලාවේ උත්සහ කළේ ඇයව අමුතුම ලෝකෙකට අරගෙන යන්න.
අම්මා, තාත්තාගේ රැුකවරණය නැති නන්නාඳුනන පුරවරයක මොනවා වුණත් කාගෙන් තහනමක්ද?
තිවංක එක්ක හෝටල් කාමරයකට යන්න දෙපාරක් හිතන්නේ මොකටද? තිවංක හොඳ කෙනෙක්. කවදාහරි කසාද බඳින්නෙත් තිවංකව නම් ඒක වෙනස් වෙන්නෙත් නැත්නම් එයා එක්ක හෝටල් කාමරේකට යන්න බය වෙන්නේ මොකටද?
තමන් කරන්න පෙරුම් පුරණ වරද සිතුමි සාධාරණ කළේ එහෙමයි. ඒ හැඟීම් ගොන්න සිතුමිගේ හිතට හරිම විදිහට ඇතුළු කරන්න තිවංක වගබලාගත්තා.
සිතුමි තිවංක එක්ක හෝටල් කාමරයක තනි වුණේ හැම ආශාවකටම පණ දීගෙන. තිවංක අතින් තමන් ගැහැණියක් වීම ගැන ඇයට දුකක් තිබුණේ නෑ. ඇය ඔහුව ඒ තරමටම විශ්වාස කළා. ඔහුට ආදරය කළා.
කාලය ගෙවිලා ගියේ දින, සති මාස ගෙවමින් පුළුවන් හැම වෙලාවෙම සිතුමි තිවංක එක්ක හෝටල් කාමරවල ලැගුම් ගත්තා. රස්සාවට යන මුවාවෙන් ගෙදරින් පිටවෙන සිතුමි සමහර දවස්වලට දවස පුරාම හෝටල් කාමරයක තිවංකට තුරුල් වෙලා දවස ගෙවුවා. දවසින් දවස තමාගේ සොයුරියගේ වෙනස් හැසිරීම් ගැන අක්කට සැක නොහිතුනා නෙවෙයි. නංගි තරුණයෙක් එක්ක තැනින් තැන ඇවිදින බව ඇයගේ සැමියා ඇයට ඇවිත් කියනකොට සිතුමි ගැන අහිතක් හිතන්න අක්කට බැරි වුණා. ඇය හිතුවෙ තමාගේ සැමියා නිරපරාදේ නංගිට දොස් කියනවා කියලා.
දවසින් දවස සිතුමිගේ අමුතු ජීවිතේ ගැන දන්නා අඳුරන හිතුවතුන් අතරින් කනින් කොනින් පැතිරෙනකොට තමාගේ ආදරේ ගැන මහා ඉහළින් හිතාගත්තු සිතුමි තිවංක තමාගේ සැමියා කියලා හිතාගෙන ජීවිතේ අරගෙන ගියා.
ජීවිතේ ගැන හරි අත්දැකීමක් නැති තරුණිය හිතුවෙ තමන් ඉදිරියේ දිගහැරෙන්නේ වටිනාම ජීවිතයක් කියලා. ජීවිතේ හැමදේම සිතුමිටයි තිවංකටයි වුවමනා ආකාරයට පෙළ ගැහෙනකොට තාත්තා හිටියේ තමන්ගේ දියණිය ගැන සෙවිල්ලෙන්.
දවසක් හැන්දෑවක දියණියට දුරකථන ඇමතුමක් ගත්තු මේ තාත්තා ඇයගෙන් කොහෙද ඉන්නේ කියලා ඇහුවාම ඇය කියන්නේ ගෙදර ඉන්නවා කියලා.
නමුත් ඒ වෙලාවෙත් ඇය හිටියේ තිවංකගේ තුරුලේ. තමන්ගේ මද්දුමී ගැන සැක හිතපු තාත්තා ලොකුදුවට ගන්න ඇමතුමේදී පොඩිදුව කියන්නේ බොරුවක් කියලා දැනගන්නවා.
මේ තාත්තාගේ සිතුවිලි මොනතරම් ගින්දරකට පත් වුණාද ඒ වෙලාවෙම ගාල්ලෙන් පිටවෙන මේ තාත්තා කොළඹට එන්නේ තමුන්ගේ පොඩි දුව බොරු කිවුවේ මොන හේතුවකටද කියලා හොයාගෙන.
කරුණාපාල තමන්ගේ ලොකු දුවගේ ගෙට ගොඩ වෙනකොට රෑ හත පහුවෙලා තිබුණා. නංගි කෝ දුවේ කියලා කරුණාපාල ලොකු දුවගෙන් අහනකොට නංගි වැඩටගියේ උදේ තාත්තේ දැන් එනවා ඇති කියල ලොකු දුව පිළිතුරු දෙනකොට කරුණාපාල වෙව්ලන්න ගත්තා.
සිතුමි කාටත් හොරෙන් අමුතු සෙල්ලමක් පටන් අරගෙන කියලා තේරුම් ගන්න කරුණාපාලට අපහසු වුණේ නෑ.
මම හවස කෝල් කරනකොට ඇයි පොඩි දුව එයා ගෙදර ඉන්නවා කිවුවෙ? උදේම වැඩට යනවා කියලා කොහේද ගියේ? මේ රෑ බෝවීගෙන එන වෙලාවෙත් ඇයි දුව ගෙදර නාවේ? මොන තරම් රැවටිල්ලක්ද මොන තරම් බොරුවක්ද මේක.
කරුණාපාලගේ හිත ගිනි ගත්තේ එක සීරුවට. රෑ අටවෙනකොට සිතුමි ගෙදර ආවා. දරු කැක්කුමට හිත රිදදගත්තු තාත්තා බොරු කියලා හොරගමන් ගිය සිතුමිට පාරක් දෙකක් ගැහැවුවේ. ඉවසන්න බැරිම තැන. තමන්ගේ දියණියගේ ජංගම දුරකථනය උදුරලා ගත්තු තාත්තා ඇය ගිය ගමන ගැන හෝඩුවාවක් හෙවුවා.
ඒ වෙනකොට සිතුමි හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි තැනක. දුවගේ දුරකථනය පරීක්‍ෂා කරපු මේ තාත්තාට දකින්න ලැබුණ එස්.එම්.එස්. පණිවිඩවලින් දුවගේ තත්ත්වය තේරුම් ගන්න ඔහුට අපහසු වුණේ නෑ.
තමන්ගේ දුව දැන් තරුණියක් නොවෙයි. කසාදයක් නොබැඳපු හෝටල් ගානේ ගිය ගෑනියෙක්.
කරුණාපාලගේ ඇස්වලට කඳුළු ඉනුවේ දරු කැක්කුමට. ඇස් දෙක වගේ රැුකබලා ගත්තු දරුවන්ට මෙහෙම වෙන්න පුළුවන්ද?
ඇයි මට මේවගේ ගින්දරක් උහුලන්න වුණේ.
දැන් ඉතින් ඌටම උඹව දීලා දානවා මිසක් මොනවා කරන්නද?
කරුණාපාල තමන්ගේ දුවට කෑ ගැහුවේ උහුලන්න බැරි හිත් වේදනාවකින්.
කරුණාපාලගේ දියණියට වුණ අකරතැබ්බය ගැන පොලිස් පොතේ පැමිණිල්ලක් ලියවෙන්නේ ඔන්න ඔය විදිහට.
පොලිස් පොතේ පැමිණිලි කොයි තරම් නම් සටහන් වෙනවද. නමුත් නීතිමය රාමුවක් තුළ නිසි රැුකවරණයක් තරුණ කෙල්ලකට ලැබෙන්නේ මොන විදිහෙන්ද. තමන් රැක නොගත්තු කැමැත්තෙන් නැති වෙන්න ඇරපු කිසිම දෙයකට නීතියෙන් හයියක් ලැබෙනවද?
තිවංක පොලීසියට කැඳවන්න කාන්තා කාර්යංශයෙන් පියවර ගත්තා. ඔහු ආවේ අම්මයි තාත්තයි එක්ක. තමන්ගේ අතින් සිතුමි ගැහැණියක් වුණ බව පිළිගන්න මේ නරුම පෙම්වතාට හැකියාවක් තිබුණේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා ඉස්සරහ පිට තිවංක පිරිසිදු තවුසෙක් වගේ හැම වරදක්ම සිතුමිගේ පිටම පටවද්දී තමන් විශ්වාස කරපු තමන් ආදරේ කරපු තිවංක දිහා බලාගෙන අඬනවා ඇරෙන්න කියන්න දෙයක් කරන්න දෙයක් ඇයට තිබුණේ නෑ.
තමන්ගේ කැමැත්තෙන් තිවංක එක්ක හෝටල් කාමරවල තනිවෙච්ච සිතුමිව බාරගන්න තිවංක කාරුණික වුණේ නෑ. තිවංකගේ මව්පියන් පවා ඇයට එරෙහිව ගතයුතු හැම පියවරක්ම ගත්තා.
ඒ මව්පියන් තමන්ගේ පුතා වටා ආරක්ෂක පවුරක් වෙද්දී අවලංගු කාසියක් වගේ වුණ තමන්ගේ දුවව අරගෙන කරුණාපාල ගමට ගියා.
නංගියේ ඔයා හිතන තරම් ලෝකය ලස්සන තැනක් වුණා නම් මොනතරම් අපූරුද?
මේ අපට අහන්න ලැබුණු එක කතාවක් විතරයි. මේ වගේ අසරණ වෙලා කරකියා ගන්න දෙයක් නැතුව ගමේ ගිය ගැහැණු ළමයින් ගැන කොතෙකුත් කතා තියෙනවා.
ඒ නිසා පරිස්සම් වෙන්න. තමුන්ගේ දේවලට තමුන් වටිනාකම් නොදුන්නොත් අනිත් අය ඉදිරියේ අවලංගු කාසියක් වෙන එක කොහොම නවත්තන්නද?
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විකුණපු ආදරය
මැටිපහන Sunday, 07 June 2015 03:58 AM
තිලක්, මම හැම වෙලාවේම කියන්නේ ටිකක් වෙනස් කතාවක්. ඒවා එච්චර ජනප්‍රිය නැහැ. නමුත් කැමති අයත් ඉන්නවා. සමහරවිට ඔයාට ඔච්චර කේන්ති යන්නේ ඔයාටත් ඔය වයසේ දුවෙක් ඉන්නවා ඇති. ඔයාට තියෙන පීඩනය මට තේරුම් ගන්න පුළුවන්. තිලක්ගේ ගම වයස මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඔයා නියෝජනය කරන්නේ මේ රටේ බහුතරයගේ තියෙන සාමාන්‍ය ගතානුගතික අදහසයි කියලා නම් මම දන්නවා. ඒ කියන්නේ "මෙහෙම වුණොත් හොඳයි" කියන අදහසයි. හැබැයි ඒක එහෙම හිතන බහුතරය ක්‍රියාකරන විදිය නෙමෙයි. බහුතරයගේ ඔලුවේ ඔය "හොඳ" අදහස තියෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව කෙරෙන්නේ වෙන දෙයක්. (නි)
නිලංගි Saturday, 06 June 2015 06:43 AM
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
තිලක් Sunday, 07 June 2015 05:32 AM
මැටිපහන, ඔබතුමාගේ උපකල්පනය වැරදියි. මට ඇති දුවෙක් නැහැ. ඒ අදහස ගතානුගතික නෙමෙයි, ඒක තමයි සිංහලකම, ඒක තමයි මනුස්සකම. රෑට නයිට් ක්ලබ් යන සංස්කෘතියට නම් ඒ මතය එහෙම වෙන්න පුලුවන්. ඔබ කියන්නේ, ඔබ දන්නා බහුතරය ගැන මිසක් රටේ බහුතරය ගැන නෙමෙයි. ඔබ ඉන්නේ ලංකාවේ නම්, ඒ කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කයේ යැයි මට නිකමට සිතේ. (ර)
මොහාන් Monday, 08 June 2015 04:38 AM
අද මේවා මේ සමාජයේ සුලභ ප්‍රශ්න වෙලා (නි)
චාමික Sunday, 07 June 2015 07:35 AM
ඔය තිලක් කියන සංස්කෘතිය මවාගත් එකක්. කට්ටියම ආදරේ කරන්න සොයන්නේ, ඕනෑම කොල්ලෙක් බඳින්න සොයන්නේ කුලය රැකියාව තිබෙන කවුරුවත් අතින් නොඅල්ලපු කෙල්ලෙක්. හැමෝටම ඕනෑ තමුන්ගේ සහකරු නොදැන වෙන කෙනෙක්ගේ සහකරුවෙක් හොරකම් කරගන්න. අපේ කුහක සංස්කෘතිය කොච්චර හොඳද කියලා කියනවා නම් පිටරටක අවුරුදු ගානක් තනිව ජීවත්වුණ ගැහැණු ළමයෙක්ට කටුනායක ඉඳලා ගෙදර යන්න සහෝදරයෙක් හරි දෙමවුපියෝ හරි නැතුව තනියම බැහැ. විශේෂයෙන්ම රාත්‍රී ගොඩ බැස්සොතින් ආරක්ෂාව ගොඩක් අඩුයි. (නි)
මැටිපහන Friday, 05 June 2015 09:29 PM
පරිස්සම් වෙන්න ඕනෑ තමයි වංචාකාරයන්ගෙන්. නමුත් කොහොමද ඒක දැනගන්නේ. සමහරවිට ටිකක් මොළේ පාවිච්චි කළොත් පුළුවන් කවුද මිනිස්සු කියලා අඳුනාගන්න. මොළේ නැතත් ඉතින් අත්දැකීමකින් පස්සේ මොළය පෑදෙනවා. නමුත්, මට නම් තේරෙන්නේ නැහැ ආදරයට කොහොමද සීමාවක් දාන්නේ කියලා. මම නම් කියන්නේ, හොඳට ආශ්‍රය කරලා තමයි බඳින්න ඕනෑ. ගතිගුණ පමණක් නොව ලිංගිකව දෙදෙනා ගැළපෙනවද කියන එකත් බලන්න ඕනෑ. මොකද ජීවිත කාලයක් එකට ජීවත්වෙන්න නම් ලිංගිකව ගැළපීම අත්‍යවශ්‍යයි.පරිස්සම වැඩි වුණොත් සමහර වෙලාවට වෙන අවුල් ඇති වෙන්න පුළුවන් (නි)
මැටිපහන Sunday, 07 June 2015 09:54 AM
තිලක්, සිංහලකමේ විතරක් නෙමෙයි දෙමලකමෙත් ඕක ඔහොමම තමයි. මුස්ලිම්කමේ ඕක ඔයිටත් වැඩියි. රෑට නයිට් ක්ලබ් යන එකද හොඳ රෑට හොරෙන් අල්ලපු ගෙදරට රිංගන එකද හොඳ කියල සමාජයෙන්ම තමයි අහන්න තියෙන්නේ. අපේ සිංහලකමේ දෙයක් තමයි එක-ගෙයි-කෑම. සුද්දට පින් සිද්ද වෙන්න ඒක තහනම් වුණා. නැත්තම් ඉතින් තාමත් ඒක සිංහලකමේ අංගයක්. චාමිකගේ කතාව හරියටම හරි. (නදී)
ධනංජනී Friday, 12 June 2015 09:48 AM
ගමේ හැදුනු කෙල්ලෝ කාට කාටත් හොද පාඩමක්. මේ වගේ දන්නේ නැති කතා කොපමණ ඇතිද ?(හේ)
තිලක් Sunday, 07 June 2015 10:43 AM
චාමිකට මම කියපු දේ තේරිලා නෑ. මම කියන්නේ අපේ රටේ ඉන්න බහුතරය සද්ගුණවත් මිනිස්සු කියල නෙමෙයි. ඒ ගැන අමුතු කතන්දර ඕනේ නෑනේ. මම කියන්නේ රටේ සංස්කෘතියට, සදාචාරයට ගරු කරන බහුතරය දරන මතය ගතානුගතික අදහසක් නොවන බවයි. ගතානුගතිකයි කියන එකේ අදහස කාලෝචිත නොවන, යල්පැනගිය එකක් යන්නයි. එහෙම හිතූ මෝඩ කොල්ලන් ගණනාවකගේ දුක්බර සෞඛ්‍ය වාර්ථා සහ සමාජ සංගණන වාර්ථා මා සතුයි. (නදී)
ජානක Sunday, 07 June 2015 11:10 AM
මැටිපහනට දුවෙක් ඉන්නවා නම් ඔහොම කරන්න හරිද ? (නදී)
තිලක් Sunday, 07 June 2015 03:12 AM
මැටිපහන කවදත් මැටි කතානේ කියන්නේ. මට මේ මැට්ටාට කියන්න දේවල් එනවා, ඒත් මම කියන්නේ නැහැ මෙතන. කෙල්ලට ආදරේ කරන කොල්ලෙක් කවදාවත් බඳින්න කලින් හෝටල් කාමර වලට එක්කගෙන යන්නේ නැහැ. එහෙම ඉල්ලන කොල්ලන්ගෙන් වෙන්වෙන්න කෙල්ලො දෙපාරක් හිතන්න එපා. දෙන්නගේ ලිංගික ආශාවන් ගැන කතාකළාට නම් කමක් නැහැ. (නි)