මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා කරන්නට යන සමහරුන් කියන්නේ 1948 න් පසු සම්පූර්ණ කාලයම රටේ කිසිම දෙයක් සිදුවුණේ නැති බවය. මගේ තේරුම් ගැනීමට අනුව මේ මතය සම්පූර්ණයෙන්ම වැරදිය.
පසුගිය 76 වසර තුළ රටේ නොවිය යුතු දේවල් රාශියක් සිදුවූ බව සත්‍යයක්ය. එහෙත් මේ කාලය තුළ රටේ සිදු වූ වැදගත් ඉදිරිගාමී පියවර රාශියක් තිබූ බවත් සත්‍යයක්ය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබඳවය. සරලවම ගතහොත් රටේ දේශපාලනය පසුගිය 76 වසර පුරාම වැරදුණාද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීම ඉතාමත් අවශ්‍යය.
රටක සංවර්ධනය මැනීම
යම් රටක් සංවර්ධනය වන්නේද සහ සංවර්ධනය වූවාද යන කාරණය මැන බලන්නේ ඒ රටේ දර්ශක කීපයක් පදනම් කරගෙනය. ඒ අතර එකක් වන්නේ ආර්ථික වර්ධන වේගයයි. එය අපේ රටේ එක් එක් කාලවල වෙනස් වෙමින් පැවති බව සත්‍යයක්ය. ආර්ථික වර්ධන වේගය හැරුණු විට රටක සංවර්ධනය මැන බලන දර්ශක කීපයක්ම තිබේ. ඒවා වන්නේ
රටේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම
ජනතාවගේ සෞඛ්‍ය තත්වය
උපතේදී අපේක්ෂිත ආයු කාලය
ජනතාවගේ ආදායම් තත්වය යන ඒවායි.
රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය වසර 76 තුළ සිදුවී තිබෙන්නේ කුමක්ද? 1948 දී මෙරට ජනතාව අතරින් ලිවීමේ සහ කියවීමේ හැකියාව (සාක්ෂරතාව) තිබුණේ සියයට 35 මට්ටමකය. ඒ කියන්නේ ලියන්නට හා කියවන්නට හැකියාව ජනගහණයෙන් සියයට 65කට නොතිබූ බවය. වසර 76 කට පසු තත්වය කවරේද? දැන් මෙරට සාක්ෂරතාව සියයට 94 අගයකට වර්ධනයවී ඇත. ඒ කියන්න් පසුගිය වසර 76 ක් පුරා ඒ ඒ ආණ්ඩු ගත් සමහර තීන්දු සහ සුබසාධන වැඩසටහන් සාර්ථක වී ඇති බවය. එයින් මෙරට අධ්‍යාපනය ඉතාමත් තරගකාරී මට්ටමක තිබෙනවා යැයි කියන්නේ නැත. එයින් කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් වර්ධනයක් මේ සමගින් සිදුවී ඇති බවය. ඒ වර්ධනය බරපතළ ආකාරයෙන් ජනතාවගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව වර්ධනය කර ඇති බව ඉතාමත් පැහැදිලිය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තත්වයද එසේමය. 1948 පුද්ගලයකු උපත ලබන විට ඔහුගේ ආයු කාලය ලෙස සැලකුවේ වසර 45ක්ය. 1994 වන විට එහි තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. දැන් රටේ ජනතාවගේ ආයු කාලය වසර 75-78 අතර පවතී. මේ වර්ධනීය තත්වය රටේ මෙතෙක් පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධනාත්මක තත්වයන්ගේ ප්‍රතිඵලයක් නිසාය. මෙහෙම කියන විට වත්මන් ආණ්ඩුවේ බෙහෙත් කොල්ලය ආරක්ෂා කෙරෙන්නේ නැත. අපි කළ යුත්තේ ඒ ඒ ආණ්ඩු විසින් සිදුකරන ලද සමහර හොරකම් සහ වැරදි සහගත ක්‍රියා එළියට දැමීමය. මේ ආණ්ඩුවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා තවමත් සිටින්නේ බන්ධනාගාරයේය. ඒවා පිළිබඳව බරපතළ ආකාරයෙන් සාකච්ඡා කළ යුතුය. වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය. එහෙත් පසුගිය වසර 76 පුරාම කිසිදු සාධනීය දෙයක් මේ රටේ සිදුවූයේ නැතැයි කියන ප්‍රකාශය වැරදි සහගතය.
තවත් පැත්තකින් කෘෂිකර්මාන්තයේ මේ වසර 76 පුරා තත්වය විමසා බලන විට පෙනෙන්නේ ඉතාමත් සාධනීය කථාවක්ය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ යෝධ වාරිමාර්ග ව්‍යාපෘති කීයක් ගොඩනගා තිබේද? ගල්ඔය ව්‍යාපාරය, මිනිපේ ඇළ, මින්නේරිය, තබ්බෝව, යෝධ වැව, සමනල වැව, චන්ද්‍රිකා වැව, මහවැලි ව්‍යාපාරය වැනි දේ ඒ සඳහා සාක්ෂිය. මේ වාරිමාර්ග ව්‍යාපෘතින් හරහා රටේ කෘෂිකර්මාන්තයට සිදුවන ධනාත්මක තත්වය අවධානයට ගැනීමත් ඉතාමත් වැදගත්ය.
1948 රට තුළ සහල් නිෂ්පාදනය වූයේ අවශ්‍යතාවෙන් සියයට 36 ක් පමණ වීය. සහල් අවශ්‍යතාවෙන් සියයට 64ක්ම ගෙනාවේ පිටරටින්ය. ආනයනය කළ සහල් ප්‍රමාණය ඉතාමත් විශාල එකක් විය. එසේම 1948 වර්ෂය වන විට රටේ කෘෂි කාර්මික ඉඩම් ප්‍රමාණය අතරින් හෙක්ටරයාර් එකකින් වී අස්වැන්න ලැබුණේ කිලෝග්‍රෑම් 650 කි. මේ වන විට හෙක්ටර්යාර් එකකින් ලැබෙන වී අස්වනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 3500 ඉක්මවා ඇත. ජනතාවගේ ආදායම් මට්ටම මේ ඉතිහයාසය තුළ සමහර කාලවල ඉතාමත් වර්ධනීය තත්වයක පැවති බවද මෙහිදී ප්‍රකාශ කළ යුතුය.
එසේම 2009 වර්ෂය වන විට රට තුළ තිබූ උතුරේ ගැටුම්කාරීත්වයත්, 1988-89 වර්ෂවල රට තුළ තිබූ දකුණේ කැරලිකාරීත්වය හේතුවෙන් දෙපැත්තේම සිටි පුරවැසියන් විශාල වශයෙන් ඝාතනය වූ අතර ආර්ථිකමය වශයෙන් විශාල කඩා වැටීමක් ඇති කළ බවද අප කවුරුත් දන්නා කාරණයක්ය. ඒ අර්බුදජනක වසර 30ක කාලය පුරා ආර්ථිකයේ වර්ධනය බරපතළ ආකාරයෙන් කඩා වැටුණ බව ඉතාමත් පැහැදිලිය.
මේ තත්වයට අමතරව වසර 76 ඉතිහාසයේ වැරදි ප්‍රතිපත්ති හා වැරදි දේශපාලන ක්‍රියාකාරිත්වයන් රාශියක් ක්‍රියාත්මක වී ඇති බවත් සත්‍යයක්ය. එහෙත් ඒ වැරදි දේශපාලන ක්‍රියාකාරීත්වය හේතුවෙන් වසර 76පුරා ලබාගෙන ඇති ජයග්‍රහණ නොසලකා හැරීම වැරදිය.
අනාගත දේශපාලනය
ඉහත සඳහන් ‘‘76 වසරම වැරැදියි’’ තර්කය මත පදනම්ව සමහරුන් ප්‍රකාශ කරන්නේ මේ දේශපාලනය වෙනමම ක්‍රමයකට අරන් යා යුතු බවය. මේ අදහස නිසා සමහර තරුණයන් සිතන්නේ වසර 76ක් තුළ සිදු කළ සියල්ලම වැරදි නිසා අලුත් විය යුතු බවයි. මෙය හුදු ජනප්‍රිය සටන් පාඨයක් මිස යථාර්ථය පිළිබඳ මධ්‍යස්ථ තේරුම් ගැනීමක් නොවේ.
අනාගතයේ මේ රටේ දේශපාලනය තුළ අංක එකේ අවශ්‍යතා වන්නේ පුහුණු කණ්ඩායමක් හරහා ආර්ථිකය නිසි පාරට ගැනීමය. එය වෙළඳපොළ ආර්ථික පදනම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හරහා සිදුකළ යුතු එකක් බව මගේ අදහසය. සියලු දුර්වලකම් හමුවේ වුවත් වෙෙළඳපොළ යාන්ත්‍රණය සහ ප්‍රජාතන්ත්‍රවාදය අප සතු ශක්තිමත් මෙවලම් බව පිළිගත යුතුය. ඒවා ශක්තිමත්ව සහ නිවැරදිව ඉදිරියට මෙහෙයවනවා මිස සම්පූර්ණයෙන්ම මේ ක්‍රමයෙන් ඉවත්වීම මේ මොහොතේ සිදු නොකළ යුතු බරපතළම කාරණය බව මගේ අදහසය.
අපේ ආර්ථිකය ගොඩ නැගීම පැත්තෙන් එක ප්‍රශ්නයක් වන්නේ අප හමුවේ තිබෙන ණය අර්බුදය විසඳා ගැනීමය. එහෙත් ඒ සමග ගැටගැසුණු තවත් කාරණා රාශියක් පවතී. ආයෝජන වර්ධනය කිරීම, අපනයනය ශක්තිමත් කිරීම, රට තුළ සම්පත් නිර්මාණය කිරීම හා බෙදීයාම සාධාරණ කිරීම වැනි දේවල් එහිදී අවධානයට ගැනීම ඉතාමත් අවශ්‍යය.
වසර 76ක්ම සිදු කළ සියල්ලම වැරැදි යැයි තර්ක කිරීම වැරැදිය. ඒ වසර 76 තුළ සිදු කළ හොඳ දේ බේරා ගනිමින් වැරැදි දේ ඉවත් කිරීමට ගමන් කිරීම මේ ජනාධිපතිවරණය මොහොතේ අපගේ අවධානයට ගත යුතු ප්‍රධාන කාරණයක්ය.
(*** මහාචාර්ය චරිත හේරත්)
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
Deepal Nirosh Saturday, 24 August 2024 11:56 AM
ඉතිහාස කතාවයි... මේ මහාචාර්යතුමාගේ දත්ත අතරයි පරස්පරතාවක් තිබෙන බව පැහැදිලියි. ඒත් ප්‍රශ්නය වෙනත් දත්ත අනුව 1948 අපේ රටේ විදේශ වෙළඳාමෙන් ලබා තිබෙන්නේ ධන වෙළඳ ශේෂයක්. එහෙත් අද දරා ගන්න බැරි සෘණ වෙළඳ ශේෂයක්. 1948 සිංගප්පූරු අගමැතිතුමා කියා තිබුණේ කෙදිනක හෝ සිංගප්පූරුවත් ලංකාවක් කරනවා කියලාලු. එහෙත් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට 1977 කියන්න සිදුවුණේ ලංකාවක් සිංගප්පූරුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපේ මුතුන් මිත්තන් අදත් මිය යනවිට වයස අවුරුදු 90-100ක් වෙනවා. ඒත් 1948න් පසු ඉපදුණු බොහෝ පිරිස් අද වයස 60-70වෙද්දි මියැදෙනවා. එතකොට මේ ආයු අපේක්ෂා දත්ත නිවැරදිද? මේ මහාචාර්යතුමා ඉදිරිපත් කරන සංවර්ධන දර්ශකයි මහ පොළොවෙ සැබෑ ප්‍රතිඵලයි අතර නම් සැබෑ වෙනසක් තිබෙනවා.
himalWednesday, 28 August 2024 11:10 AM
ඔයා මහබැංකු වාර්තාවක් හෝ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා කියවනවා නම් ඔය දත්ත තහවුරු කර ගන්න පුළුවන්. අනික ඔයා දන්න කවුරු හෝ කෙනෙක් වයස 100න් මියගියා කියලා හැම මනුස්සයාම එහෙම 100ක් ජීවත් වෙන්නේ නෑ. මෙතැන කියන්නේ මධ්‍යන්‍ය අගය... කොහොමත් 1948 තිබ්බාට වඩා රට වසර 76ක් තිස්සේ දියුණුවෙලා තියෙනවා. රටේ සාක්ෂරතාව, උපතේදී ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාත, ළමා මරණ අනුපාතය, ඒක පුද්ගල ආදායම, මේ හැම දෙයකින්ම රට ඉස්සරහාට ඇවිල්ලා තියෙනවා. වෙළෙඳ ශේෂය රින වෙන එක රටවල ගණනාවක වෙන්න පුළුවන්. ඒක රටේ ඉන්න ව්‍යවසායකයෝ දැන් ගන්න ඕනෑ දෙයක්. සිංගප්පූරුවේ ජනාධිපති ලංකාවට එද්දි වරායේ වැඩ වර්ජනය කෙරෙව්වේ කවුද? අදටත් ඕනෑම වැඩ වර්ජනයක, උද්ඝෝෂණයක පිටිපස්සේ ඉන්නේ කවුද?