රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි ලංකාදීප ප්‍රධාන සිරස්තලයකින් පසුගිය දා හෙළි කළේය. වත්මන් විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පළ කෙරුණු මෙම ප්‍රවෘත්තියේ තවදුරටත් සඳහන් වූයේ, එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවක් බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැඳී සිටින බවත්ය.
රාජ්‍ය අංශයේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් කප් ගැසූ රටක් වන ශ්‍රී ලංකාවේ එවැනි නොසැලකිලිමත් තත්වයක් පැවැතීම කනගාටුවට කරුණකි. විගණන නිලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ යටි පෙළෙන් කියැවෙන්නේ, බොහොමයක් රාජ්‍ය ආයතන විගණනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවය. මොනම රාජ්‍ය ආයතනයක් වුවත්, විගණන වාර්තා මගින් සිදු කෙරෙන නිර්දේශ සියල්ල එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට නියමයක් නැත. එහෙත්, එවැනි නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එලෙස කුණු කූඩයට දැමීමට කිසිදු ඉඩක් හෝ හේතුවක් හෝ තිබිය නොහැක.
කළමනාකරණ සහ පරිපාලනය අතින් මෙරට සියලු රාජ්‍ය ආයතන උපරිම කාර්යක්ෂමතාවක් සහ වගවීමක අවශ්‍යතාව පෙන්වා දී තිබේ නම්, විගණන නිර්දේශවලට ප්‍රමුඛත්වයක් ලබා නොදීම බරපතළ ගැටලුවක් නොවේ. එහෙත්, අපේ බොහොමයක් රාජ්‍ය ආයතන එවැනි ‘චරිත සහතික’ ලැබීමට සුදුසු ආයතන නොවන බව පසුගිය කාල පුරාම වාර්තාවලින් කියැවී තිබේ. එසේ තිබියදීත් කළමනාකරණය නිවැරැදිව හසුරුවා ගැනීම සිදු කෙරෙන නිර්දේශ නොසලකා සිටීම දූෂණ, වංචා සහ අක්‍රමිකතා කිරීමට දොර හැර දීමක් වශයෙන් සැලකිය යුතුය.
රාජ්‍ය ආයතන වංචා සහ දූෂණවලින් තොර වීමට ප්‍රධාන බාධකයක් වශයෙන් පවතින්නේ, දේශපාලන බලපෑම් ද සමග ක්‍රියාත්මක වන වංචනික ක්‍රියා වැළැක්වීමට ශක්තිමත් නීතිමය සහ නියාමන යාන්ත්‍රණයක් නොතිබීම බව ප්‍රකට රහසකි. ඒ සඳහා නීති නැතුවා නොවේ. පසුගිය දිනක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර සිටියේ, තම පාලන කාලය තුළදී දූෂණ සහ වංචනික ක්‍රියා මැඩපැවැත්වීමට නීති, අණපනත් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන තිබෙන බවය. එහෙත්, එසේ සම්මත කරගත් නීතිවලින් හෝ වැඩක් ගැනීමට නම්, විගණනයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම හිතාමතා ප්‍රමාද කිරීම හෝ අතහැර දැමීම වංචාවට සහ දූෂණයට රුකුල් දීමකි. එවැනි රුකුල් දීම් අධෛර්යවත් කිරීමට අලුතින් සම්මත කරගත් නීති පවා උල්ලංඝනය කර නොගන්නා බවක් ද විගණන නියෝග වතුරේ යාමට ඉඩ හැර තිබීමෙන් සනාථ වෙයි. එසේ නම් නව නීති සම්මත කිරීම ද පලක් නැත.
මෙසේ විගණන නිර්දේශ නොතකා හැරීමෙන් සිදු වූ එක් බරපතළ අක්‍රමිකතාවක් පිළිබඳවද මෙහිදී උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය. දැනට වසර 6කට පමණ ප්‍රථමයෙන් 2018 වසරේදී එවකට හිටපු විගණකාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ලබාදෙන ලද විගණන නිර්දේශ 47ක් තවමත් ක්‍රියාත්මක කර නැති බව පෙන්වා දිය හැකිය. එයට අදාළ වෛද්‍ය සැපැයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවක ඒ බව සඳහන් වී තිබේ. ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය සැපැයීම් අවම මිලකට ගෙන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා වන නිර්දේශ එසේ නොසලකා හැර ඇතැයි ද එහි සඳහන්ය.
එකී නොසලකා හැරීම මේ වන විට රටට කොතරම් දරුණු ප්‍රතිවිපාක අත්කර දී ඇති දැයි විස්තර කළ යුතු නැත. එම ආයතනවලින්ම නිලධාරීන් පිරිසක් පමණක් නොව විෂය භාර අමාත්‍යවරයා ද මේ වන විට සිරමැදිරියේ කූරු ගනිමින් සිටින බවත්, තවමත් ඇතැම් බාල ඖෂධ හේතුවෙන් රෝහල්වලදී රෝගීන් මිය යන බවත් සඳහන් කිරීම පමණක් සෑහේ. විගණන නිර්දේශ වතුරේ යවන නිලධාරීන් සහ ඒවාට ආධාර සහ අනුබල දෙන දේශපාලකයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව උදේ සවස සිහිපත් කළ යුතු බව පෙන්වා දෙනු කැමැත්තෙමු.
(***)
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
SAM Monday, 27 May 2024 06:53 PM
විගණන නිලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ යටි පෙළෙන් කියැවෙන්නේ, බොහෝමයක් රාජ්‍ය ආයතන විගණනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ නම් මොනම රාජ්‍ය ආයතනයක් වුවත්, විගණන වාර්තා මගින් සිදු කෙරෙන නිර්දේශ සියල්ල එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට නියමයක් නොමැති වුවත් සෑම රාජ්‍ය ආයතනයක් විගණනය කිරීමට යම් කාලසීමාවක් (මාසයක් වැනි කාලයක් තුළ) ලබාදී එසේ සිදුනොවන්නේ නම් එයට අදාල වගකිවයුතු නිලධාරීන් ඉවත් කර විගණනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළහැකි නිලධාරීන් පත්කළ යුතුවේ. රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ නිර්දේශ රජය ආයතන වෙත ලබාදී නිහඬව සිටීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ද ක්‍රියාත්මක විය යුතුවේ.