IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වෙජිටේරියන්ලාට සුදුසු "උපාසක බිත්තර"

 

 

මගේ අතිජාත මිත‍්‍රයෙකුගේ බිරිඳක් ඇයට කුලූඳුල් දරු උපත ලැබීමට සිටිය දී අපූරු දොළදුකක් ඇති වී එය සිය ස්වාමියාට කියා; මගේ මිත‍්‍ර ඇගේ ස්වාමියා එකී ආශාව මට කීවේ ය. ‘මචං අපේ ගෑනිට හරක් මස් කන්න  ඕන ලූ. කටු නැතුව; පස්ස ගාතය.’

දොළදුක් පිළිබඳ ව ඉතිහාසයක් තිබේ. කාලිදාස කිවිඳු ‘මේඝදුතය’ කළේ ද බ‍්‍රහ්මදත්ත රාජ්‍ය වංශයේ බිරිඳක් අරබයා හටගත් ‘නො ඉඳුල් තඩාගයක’ දිය නෑමේ ආශාවක් පිළිබඳ ව හටගත් දොළදුකක් නිසා ය. ඡුද්දන්ත ජාතක කතාවේ චුල්ල සුභද්‍රා බිසවට ද අපූරු දොළදුකක් ඇතිවන්නේ ය. ඒ සඳත් කුලේ උපන් ඡුද්දන්ත ඇත් රජුගේ විශාල ඇත් දළ ස`ගළ ලබාගැනීමට ය. ගැහැනුන්ට සහල් කෑමට, මස් කෑමට, පස් කෑමට පමණක් නො ව කිරිමැටි කෑමට ද මහපාරේ තාර කෑමට ද දොළදුක් ඇති වේ. දොළ යනු ආශාව ය. දොළ දුක යනු ආශාව නිසා හටගන්නා දුක ය. මගේ මිත‍්‍රයා බෞද්ධ පවුලක උපන් සැදැහැති උපාසක බෞද්ධ පිරිමි තරුණයෙකි. හෙතෙම විවාහ වූයේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ කතෝලික තරුණියක සම`ගයි. පේ‍්‍රමය සහ විවාහය වෙනුවෙන් බෞද්ධ හෙතෙම කතෝලික විය. බිරිඳට උපදින්නට ඉන්නා දරුවාගේ ‘ආගම’ අප දන්නේ නැත; ඔවුහු දන්නේ ද නැත. එහෙත් විවාහය වෙනුවෙන් මගේ මිත‍්‍රයා බෞද්ධ ප‍්‍රතිපදාව අතහැර කතෝලික ආගම වැළඳ ගත්තේ ය. එය බිරිඳගේ පාර්ශ්වයේ විවාහ කොන්දේසියකි. මගේ මිත‍්‍රයා කැකුළු බත් කයි; මාළු කයි; බිත්තර කයි; කිරි බොයි’ එහෙත් ‘හරක් මස්’ නො කයි; එළු මස් නො කයි. හෙතෙම හරක් මස් නො කන්නේ හරකා ‘මරණ විධික‍්‍රමය’ අශිෂ්ට නිසා සහ අමානුෂික නිසා ය. එළු මස් නො කන්නේ එළු මස් එළ රස හෙවත් කොළ රහ නිසා ය. ඔහුට එකී මස් අනුභව නො කිරීමට වෙනත් හේතුවක් නොමැත. හරක් මස්වල ද හොදි කන හෙතෙම මස් කෑලි නො කයි. ඔවුන්ට අනුව හොදි හොඳ ය. කෑලි නරක ය. 

‘අපි වෙජිටේරියන්’ යන්න ආගමික වෘතයකි. විටෙක විලාසිතාවකි; ප‍්‍රතිපදාවකි; ඇදහීමකි; විශ්වාසයකි; පිළිගැනීමකි; හෘදසාක්ෂියකි; ආඩම්බරකාර පෞරුෂයකි. මම ඒ පෞරුෂ ආඩම්බරය පිළිගනිමි; එයට ගෞරව කරමි.

මගේ බිරිඳ ‘වෙජිටේරියන්’ වී කොන්ද රිදෙනවා - දණිස් ‘ටක ටක’ ගානවා යැයි කී විට ලොකු පුතා කීවේ අමුතු කතාවකි.

‘අම්මා මස් කන්නේ නැත්නම් බිත්තර කන්න. උදේට කිරි එකක් බොන්න’ කියා ය. ඔහු අම්මාට කීවේ සංවේදී කතාවකි. මට විද්‍යාත්මක කතාව කීවේ ය.
‘අප්පච්චි; B12 තියෙන්නෙ සත්ත්ව මාංශවල විතරයි. අම්මා කාලයක් වෙජිටේරියන් වීම නිසා B12 ඌනතාවයෙන් ඉන්නෙ. ‘මස්වල’ ආගමික අර්ථය පැත්තක තිබ්බත් ‘මස්කෑම’ හොඳ නෑ තමයි. යුරෝපයේ ‘මොළේ වෛරස්’ ඇතුළු ගොඩක් ලෙඩ හැදෙන්නේ මස් කෑම නිසා. අම්මා දැන් බොන්නෙත් බෝතල් වතුර. ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් නෑ. මස් කන්නෙ නැතුව වුණත් පිරිසිදු ස්වාභාවික වතුර බොනව නම් හොඳයි. ඒවායේ ක්ෂුද්‍රජීවීන් ඉන්නවා. B12 ලැබෙනවා. අම්මා දිගට ම ආගමික වෘතයක් විදිහට වෙජිටේරියන් වුණොත් අසනීප වෙයි. ස්නායු රෝග ඇති වෙයි. ඉන්දියාවෙ මිනිස්සුන්ට වෙජිටේරියන් වෙන්න පුළුවන් වුණාට යුරෝපීයයන් සහ අපට වෙජිටේරියන් වෙන්න අමාරුයි. අපේ වෙජිටේරියන් කෑම එක දුෂ්පෝෂිතයි. අම්මට අඩු ම ගාණේ බිත්තරයක් කන්න කියන්න. හොඳට කිරි ටිකක් බොන්න කියන්න. නැත්නම් අම්ම ලෙඩ වෙයි. ස්නායු රෝග හැදෙයි.’

ලොකු පුතා මට ඊමේල් කළේ ය. 

 

 

 

‘ඉන්දියානුවාට වෙජිටේරියන් වෙන්න පහසු වුණාට අපිට අමාරුයි’ යන්න මට මහත් ප‍්‍රශ්නයකි. බුදුන් උපන්නේ ඉන්දියාවේ ය. බෝධිසත්ත්ව හෙතෙම පස්මහබැලූම් බැලූවේ ය. ‘කාලය, දීපය, දේශය, කුලය, මව’ යනු එකී පස් මහ දෘෂ්ටීන් ය. ‘කාලය’ පිළිබඳ විතර්ක ප‍්‍රතිතර්ක නැත. ‘දේශය’ ලෙස භාරතය හෙතෙම තෝරාගත්තේ ඇයි? මගේ රැඩිකල් මීමුත්තෙක් දිනක් අපූර්ව ප‍්‍රශ්නයක් නැගී ය.

‘උඹල දන්නවා ද..? ‘දේශය’ විදිහට යුරෝපය තෝරගත්ත නම් ‘පාණාතිපාතා’ දේශනා කරන්න අමාරුයි. ඇතැම් යුරෝපීය රාජ්‍ය සියයට අනූනවයක් ම මාංශභක්ෂකයි. එතකොට සත්තු මරන්න එපා කිව්ව ම කන්නෙ අයිස් ද? ජේසු දහම වැඩිපුර ම ව්‍යාප්ත යුරෝපයේ ධීවරයන්ට අනුව වැඩිපුර මාළු දැලට අහුවෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට ය. ජේසුට ඉන්දියාවෙ උපදින්න බෑ. බුදුන්ට නවසීලන්තයෙ උපදින්න බෑ. ‘දේශය’ කියන්නෙ තමන්ගේ දහම ස්ථාපිත කරන්න පුළුවන් හොඳ ම රටට. බුදුනුත් ‘දේශය’ බැලූවා. ජේසුත් ‘දේශය’ බැලූවා. ඒවා තමයි ඇත්ත’

වර්තමාන ඉන්දියානුවන් බහුතරයක් වෙජිටේරියන් ය. බුදුන්වහන්සේ පමණක් නො ව සායි බබා ද, ජෛන ආගම ද හින්දු ධර්මය ද එකී ජන විඥානයට වෙජිටේරියන් චින්තනය කාන්දු කළෝ ය. ඉන්දියානුවෝ වෙජිටේරියන් නිසා රෝගී වන්නේ නැත. ඒ ඇයි...?

ඉන්දියානු වෙජිටේරියන් කුලකයේ ආහාර මෙනුවේ දී B12 සම්පූර්ණ ය. කඩල, පරිප්පු, කොල්ලූ, කිරි, එළකිරි, මුදවපු කිරි, පස්ගෝරස, පළතුරු පමණක් නො ව පිරිසිදු ස්වභාවික ජලයෙන් ද ඔවුහු සන්නද්ධ ය. එනිසා ම ඉන්දියානුවාට වෙජිටේරියන් වීම පහසු ය. මා මේ උත්සාහ කරන්නේ ‘බිත්තර’, වෙජිටේරියන් කෑම වේලකට සුදුසු ද යන්න පිළිබඳව තර්ක කිරීමට ය. 

මගේ තර්කය නම් ‘බිත්තර’ වෙජිටේරියන් නො වන බව ය. එහෙත් ‘ජීවයක්’ නො මැත යන විද්‍යාත්මක තර්කය මත මාංස, සත්ත්ව භක්ෂණය නො කරන සිංහල බෞද්ධ ආගමික මත දරන ‘වෙජිටේරියන්ලාට’ ජීවයක් නො මැති නිසා ම බිත්තර සුදුසු බව කීම ය. මේ අදහස් ම දශක කීපයකට පෙර සුධීමත් ඊ. ඩබ්. අදිකාරම් ගෙනහැර පෑ බව මතක ය. හෙතෙම කීවේ මේ ‘ෆාම් බිත්තර’ උපාසක බිත්තර කියා ය. ඒ ගැන විස්තර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන් චන්ද්‍ර රණසිංහ ආචාර්යවරයාගෙන් අසා ගනු මැනවි. උක්ත ‘උපාසක බිත්තර’වලට එදවස ‘බෞද්ධ බිත්තර’ යැ යි කියා ප‍්‍රවාදයක් ද ගොඩනැ`ගී තිබුණා මතක ය.

ඊ. ඩබ්. අදිකාරම් මහතා ‘බෞද්ධ බිත්තර’ යැ යි කීවේ ‘ෆාම් බිත්තර ය’. ෆාම් බිත්තරවල ජීවයක් නැත. එනිසා ම වෙජිටේරියන් අයට ද යෝග්‍ය ය; සුදුසු ය; කැප ය. අනෙක් බිත්තර ‘ගම් බිත්තර’ ය. ගම්බිත්තරවල ජීවයක් ඇත; ප‍්‍රාණිත්වයක් ඇත; රිටයක් ඇත.

පොදු ව්‍යවහාරයේ දී ගම් බිත්තර හා ෆාම් බිත්තර යනුවෙන් වර්ග දෙකක් තිබේ. ගම් බිත්තර දාන්නේ ගමේ ස්වභාවික පරිසරය තුළ හැදුණ කිකිළී ය. කිකිළී බිත්තරය දමන්නට පෙර ‘කුකුළා’ සම`ග ලිංගික හැසිරීමක නියැළෙන හෙයින් ඩිම්බය, ශුක‍්‍රාණු සමග මිශ‍්‍ර ව සංසේචනය වී යුක්තානු සෑදීමට තිබෙන ඉඩ බහුල ය. එනිසා ම ගම් බිත්තර ජීවය සහිත ය. එබැවින් එකී බිත්තර කෑම; ආහාරයට ගැනීම ආගමික ප‍්‍රතිපදාවන්ට අනුව මාංශ භක්ෂණයකි. සත්ත්ව ඝාතනයකි. පරපණ නැසීමකි. පාණාතිපාතයකි.

‘බෞද්ධ බිත්තර’ යනු ෆාම් බිත්තර ය. ඒවා නිෂ්පාදනය කරන්නේ වාණිජ කුකුළු ගොවිපළවල ය. එකී බිත්තර ඩිම්බයක් පමණි. කිකිළියට බිත්තර දමන්නට කුකුළෙකු අත්‍යවශ්‍යයෙන් ම  ඕනෑ නැත. ඇතැම් වාණිජ ෆාම්වල ‘කුකුළු’ පිරිමි සතෙකු කූඩු කොට තබන අවස්ථා ඇත. ඒ සංසේචනය සඳහා නො ව කිිකිළි සතාගේ උත්තේජනය සඳහා ය. කිකිළියට බිත්තර දැමීමට පිරිමි සතෙකු අත්‍යවශ්‍ය නැත. පැටවු හදන කුකුළු ගොවිපළවල නම් කිකිළියන් පස් හය දෙනෙකුට ‘කුකුළෙකු’ යොදවනු ලැබේ. එහෙත් බිත්තර පමණක් ගන්නා බිත්තර ගොවිපළවලට කුකුළා කරදරයකි.  කුකුළා වැඩිපුර ආහාර ගන්නේ ය. කිකිළියන්ට කොටන්නේ ය. කුකුළු පොර අල්ලන්නේ ය. කුකුළු කෑම වැඩිපුර කන්නේ ය. කුකුළු වැඩ කරන්නට උත්සාහ ගන්නේ ය. එනිසා ම බිත්තර පමණක් හදන කුකුළු ගොවිපළවලට කුකුළා කරදරයක් ය. එනිසා ම බිත්තර පමණක් හදන ෆාම්වල වැරදිලාවත් කුකුළෙකු ඇද්දැයි චෙක් කරන්නේ ය. තෝරන්නේ ය. කිකිිළියන් අතර කුකුළකු සිටියොත් ඉවත් කරන්නේ ය. එනිසා ම කිකිළියන් පමණක් ම සිටින්නා වූ බිත්තර කිකිළි ගොවිපළ සියයට සියයක් ම ඩිම්බය පිළිබඳ ව සහතික ය. ඩිම්බය යනු බිත්තරයකි. සංසේචනය වී නැත. ජීවයක් නැත. බෞද්ධ බිත්තරයකි. 

ප‍්‍රාණියෙකු නැති වුවත් ‘බිත්තරය’ වෙජිටේරියන් නො වේ. එයට හේතුව එය සත්ත්ව ඩිම්බයක් වීම යි. කුකුළෙකු නැති ව වුව ද කිකිළියක විසින් වසරකට බිත්තර හෙවත් මෝරා වැඩුණු ඩිම්බ 100 - 130 අතර ප‍්‍රමාණයක් මුදා හරිනු ලබයි.

 

 

 

මගේ නිගමනය අනුව වෙජිටේරියන් අය ගම්බිත්තර නො කෑ යුතු ය. එය යුක්තානුවක් වන හෙයිනි. ජීවී ප‍්‍රාණියෙකු ඇති හෙයිනි. ෆාම් බිත්තර හෙවත් ‘බෞද්ධ බිත්තර’ යනු ඩිම්බයක් පමණි. එහි ජීවයක් නැත. කාම්බෝජය, වියට්නාමය ඇතුළු බොහෝ බෞද්ධ රටවල  ඕනෑ ම වෙජිටේරියන් ආහාර වේලක දැනටමත් බිත්තර අන්තර්ගත ය. ශාක ආහාරයක් නො වෙතත් ගම් බිත්තර තුළ ජීවයක් ඇත.

‘වෙජිටේරියන්’ ආහාර ගන්නා ආගමික මත රකින මිත‍්‍රවරුනි; ගම් බිත්තර නො කා බෞද්ධ බිත්තර ආහාර වේලට එකතු කරගමු ද? B12පෝෂක සහිත ආහාර වේලට එකතු කර ගනිමු ද? වෙජිටේරියන් වී ලෙඩ වෙන මිත‍්‍රවරුනි; අපි තර්ක විතර්ක කොට සත්‍යය සොයා යමු ද? 

”මනුෂ්‍යාගේ ‘බඩ’ තියෙන්නේ සත්තුන්ගේ මළකුණු තැන්පත් කරන සොහොන්බිම් කරගන්න නෙමෙයි” ආදී ප‍්‍රකාශන අන්තවාදි මෙන් ම භාවාතීෂ ය. සුවඳ සඳුන් කෑවත්, අමෘතය බීවත් බඩට ගිය විට අමු ම අමු කැත කුණු ය. අධෝ මුඛයෙන් පිටවන්නේ අසූචි ලෙස ය. තමන්ගේ තරුණ වයසේ දී විවිධ මාංශ තොග පිටින් ආහාරයට ගෙන වර්තමානයේ දරුවන්ට බණ කියන දෙමාපියන් ද දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ ව වඩා යථාර්ථවාදී ලෙස සිතුවොත් හොඳයි නේ ද?

 



අදහස් (0)

වෙජිටේරියන්ලාට සුදුසු "උපාසක බිත්තර"

තාරක Wednesday, 29 January 2014 02:07 PM

හොද ලිපියක් !! (අ)

:       0       0

ඉරනීස Thursday, 30 January 2014 10:31 AM

සර් ඔබගේ මේ අදහස් ඉතාම අගෙයි. මිනිසා අතීතයේ තම ජීවිකාව පවත්වාගෙන ගියේ මාංශ අනුභවය නිසායි. අපගේ ශරීරය මේ තත්ත්වයට පත්වූයේ දඩයම් කිරීම සදහා යොදාගත් විවිධ ක්‍රම උපායන් හේතුවෙනුයි. එමෙන්ම අපගේ ආහාර ජීර්ණ මාර්ගය සෑදී ඇත්තේ ශාක මේන්ම මාංශද ආහාරයට සුදුදු වන පරිදියි. (දී)

:       0       0

චතුරංග Monday, 24 February 2014 04:05 PM

මේවා රැඩිකල් සිංහල. සිංහල නම් සුනිල් ගුණවර්ධන. අන්න නියම සිංහල.(නදී)

:       0       0

සූකිරි Monday, 27 January 2014 04:32 PM

එළකිරි..... ගහන්ට ඕන තැනටම ගැහුවා එහෙනම්.... නියමයි...(අ)

:       0       0

විජේසිංහ Wednesday, 29 January 2014 04:09 PM

ෆාම් බිත්තර වගේ '' ෆාම් හරක්'' විද්‍යාත්මකව හදන්න පුලුවන්ද ? එහෙම හැදුවොත් අපට කන්න පුලුවන්ද ? ගස් වැල් වලට පන නැද්ද ? ඒවා පරපණ නැසීම ක් නොවේද ? (අ)

:       0       0

daya Sunday, 02 February 2014 11:44 AM

සන්නස්ගල කිව කියල ඉසමුදුනින් පිළිගන්න ලැහැස්ති වෙන්න එපා. කියන්නා කොහොම කීවත් අහන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි.(නදී)

:       0       0

ෂාෆික් Monday, 27 January 2014 05:13 PM

කාලෝචිත ලිපියක් (අ)

:       0       0

මාර්ටින් Thursday, 30 January 2014 01:15 PM

සර් අයෙමත් අපේ සිංහල පන්තියට ගිය කියල හිතනවා (අ)

:       0       0

පුබුදුසිරි Wednesday, 29 January 2014 05:23 PM

ඔබගේ අදහස් ඉදිරිපත් කරන විලාශය ඉතාම අගෙයි. මා එය ඉතා අගය කරමි. මේය නම් කිව යුතුය. ඔබ තර්ක ඉදිරිපත් කරන්න. ඒවාට හේතුද සපයන්න. නමුත් අවසාන තීරකයා නොවන්න. මන්ද යත් එය පටකයාගේ බුද්ධියට නිගා කිරීමකි. ඔබගේ ලේඛන කෞශල්‍යය තව තවත් දියුණු වේවා! (අ)

:       0       0

රවීන් Monday, 27 January 2014 06:47 PM

කාලෝචිත ලිපියක්, උනපුර්ණය විසදීමට, නිර්මංසා අහර වේලට වැඩිපුර ශාක ප්‍රෝටීන් (ධාන්‍ය වර්ග, කිරි) ආහාර එකතුකරගන්න.(අ)

:       0       0

ආශා Saturday, 01 February 2014 10:11 AM

ගොඩක් හොද අදහස් (දී)

:       0       0

දේව පාලිත ධර්මවික්‍රම Tuesday, 28 January 2014 12:02 PM

ලංකාවේ ගොඩක් අයට හරක් මස් කන්න බැරි විටමින් ඌනතා නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි.(නදී)

:       0       0

වජ්ජා Monday, 27 January 2014 07:17 PM

ඉතා වටිනා ලිපියක්, අවසානයේදී පොඩ්ඩක් අනාගෙන ඇත. (අ)

:       0       0

රෝහණ Wednesday, 29 January 2014 07:15 PM

ඉතාමත් වැදගත් ලිපියක්. මොන දේටත් අන්තගාමී නොවිය යුතුයි කියන පණිවිඩය තමයි ගත යුත්තේ. මස් කෑම ගැන ලොකුවට වද වෙන්නත් එපා ඒ වගේම ඒකට පෙරේත වෙන්නත් එපා.(නදී)

:       0       0

නිලන්ත Wednesday, 29 January 2014 07:21 PM

ඉහත ලිපියට වඩා සපුමල් බණ්ඩාර මහතාගේ හා පුබුදුසිරි මහතාගේ අදහස් ගොඩක් වටිනවා. (අ)

:       0       0

යසිත Wednesday, 29 January 2014 08:54 PM

මස් නොකෑවාට ලෙඩ වන්නේ අඩුවෙනි. මස් කන්නන්ට ගොඩක් ලෙඩ තියෙනවා. දියවැඩියාව, හෘදයාබාද රුදිර පීඩනය යන ඒවා වැළදෙන්නේ වැඩිපුරම මස් කන්නන්ටය. (නදී)

:       0       0

විදුර Saturday, 01 February 2014 01:29 PM

කිකිලියන් ගේ ලිංගික නිදහස ගැන කිසිම සන්වේදිතාවයක් නැති,බුදු දහමේ සත්ව කරුනාව ඉතා සූක්ශම ලෙස කනපිට හරවන්න​,හින්සාවාදී අදහස්​. (දී)

:       0       0

නදී හෙට්ටිආරච්චි Tuesday, 28 January 2014 03:27 PM

ඔබගේ ලිපිය ඉතා වැදගත්ය. නමුත් 'වෙජිටේරියන් වී ලෙඩ වෙන මිත්‍රවරුනි' යන්නට මා එකඟ වන්නේ නැත. මන්ද මස් මාළු නොකා අඩු තරමේ බිත්තරයක්වත් නොකාපු දීර්ඝායුෂ විඳපු ඔනෑ තරම් අය වෙති. ඔවුන් ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වූවෝ වෙති. (නදී)

:       0       0

සපුමල් බණ්ඩාර Monday, 27 January 2014 11:29 PM

මෙම ලිපිය ලිවීම ගෙන ස්තුතිවන්ත වෙමි. අපේ ගෙරි මස් නොකෑම බෞද්ධ කමට වඩා අපේ ගැමි කම නිසා වුවකි. ඒ අපට කිරි ඇතුළු පස් ගෝ රස ලබාදෙන, පවුලට අනුබද්ධ වස්තුවක් වන, අපේ සුරතලා වන ගවයාගේ මස් කෑමට ඇති අකමැත්තය. විටමින් බී 12 යහමින් ඇති කිරි, බටර් සහ චීස් ලබාදෙන්නෙත් මේ ගවයා ම ය. මස් ප්‍රධාන අහාරය වන ශීත ප්‍රදේශවල ජීවත්වන මිනිසාත් ඔවුන්ගේ සුරතලුන් වන බල්ලාගේ හෝ බලලාගේ මස් කන්නේ නැත. අමෙරිකාවේ ජනගහනයෙන් 10% ක් දෙනා දැන් විජිටෙරියන් ය. සියලු ප්‍රිය සම්භාෂණ වලදී ඒ අයට වෙනම ආහාර පිලියල කෙරේ. ඔවුනටත් බිත්තර කන්නට සිදුවේ ද? වීගන් නම් කාණ්ඩයක් ද බිහි වී ඇත. ඔවුන් එළවලු සහ පලතුරු කන්නේ අමුවෙන් පමණි. ඔවුන්ට බිත්තර කන්නට සිදුවන්නේ අමුවෙනි.(නදී)

:       0       0

ඉන්දික ගම්පහ Monday, 27 January 2014 11:33 PM

හොඳයි හැබැයි ටිකයි.(නදී)

:       0       0

දනුෂ්ක Saturday, 01 February 2014 04:48 PM

සන්නස්ගල මහත්තයා අමුතු විදිහට හිතන කෙනෙක් (දී)

:       0       0

තිලිනි වාසනා Friday, 31 January 2014 06:15 PM

ලිපිය අවධානයෙන් කියවන්න හතකොට අවබෝධයක් ලැබේවි (දිල්)

:       0       0

ධර්මරත්න Saturday, 01 February 2014 06:17 PM

ඔය ෆාම් බිත්තර වල ජීවයක් තියෙනවාද (දී)

:       0       0

දමින්ද Thursday, 30 January 2014 04:35 AM

ඔබතුමා කියුවොත් අයේ මෙලෝ මිනිහෙක්ට තේරෙන්නේ නැහැ,හැබැයි සහතික ඇත්ත කියන්නේ (දී)

:       0       0

විමල් Tuesday, 04 February 2014 12:47 PM

බුද්ධිමත් පාටකයිනි,ආතර් සි. ක්ලාක් මහතාගේ 'ගැඹුරු මුහුද' පොත කියවන්න (දී)

:       0       0

බණ්ඩාර Thursday, 30 January 2014 09:55 PM

තවකෙක් මරණ කලජීවත් වෙන්න ඔබ කැමතිද? (අ)

:       0       0

නිහාල් ඇන්ටන් Wednesday, 29 January 2014 12:15 PM

ඉතා හොඳ ලිපියක්.(නදී)

:       0       0

ඒ මාලිමගේ Thursday, 30 January 2014 06:47 AM

ලස්සන ලිපියක්. මෙවැනි ප්‍රශ්න බුදු හිමියන්ගේ කාලයේ සිටම තිබුනා. බුදු දහම අනුව තමන් දකින විදියට කල්පනාකරමු. එත් අවිහිංසාව ගැන ඔබ සිතත් නම් අපි කුමක් කරමුද? (නදී)

:       0       0

ශාන් දිසා Tuesday, 28 January 2014 04:23 AM

අනේ සන්නස්ගල මහත්තයෝ අද රටේ කතා කරන්න කොච්චර වටිනා දේවල් තියෙනවද? ඉතින් ඇයි මේ ආගම්, බෙදීම් ගැන ඔච්චර දොඩන්නේ. බෞද්ධ, කතෝලික හෝ කුමන ආගමකින් හරි හොද දෙයක් තියෙනවා නම් එය උකහා ගනිමු. නැතුව ඒවාට අගව්රව නොකරමු. ඔබගේ අදහස් එකින් එක ගැන කතා කරන්නට කාලය මදිය.(නදී)

:       0       0

ප්‍රවීන් Sunday, 02 February 2014 12:09 AM

සන්නස්ගල මහතාගේ ලිවීමේ කලාව ඉතා සිත්ගන්නාසුළුයි (නි)

:       0       0

භාතිය Sunday, 16 August 2015 01:01 AM

සමස්ත ලිපියම ඉතා හොඳින් ඉදිරිපත් කර ඇත (නි)

:       0       0

මොඩ්රින් Wednesday, 29 January 2014 01:43 PM

නියම කතාව. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site