‘‘සොලී දෙමළුන් කළ මහත් විපත හේතුවෙන් අපගේ රාජධානිය අහිමිවීමෙන් අප කඳුකර වනයේ සැඟවී සිටි කාලයේ රුහුණු දණ්ඩනායක සිත්තරු බිම් බුදල්නා ඔහුගේ පිරිවරෙහි පිහිටෙන් අප පිය මහ රජු වූ මුගලන් රාජෝ්ත්තමයාණන් සහ මුළුමහත් රජ පවුලම ආරක්ෂා කරමින් අපගේ ලාබාල අවධියේ පටන් ආරක්ෂා කරමින් වනයෙහි අල හා පළා ආදියෙන් අපව පෝෂණය කළේය.’’
පනාකඩුව තඹ සන්නසෙහි කිත්ති කුමරුගේ බාල කාලය පිළිබඳව සඳහන් වී තිබුණේ එසේය. එනම් ඔහුගේ ළමා කාලය වනවිට ලක්දිව විශාල පෙදෙසක චෝල පාලනය ක‍්‍රියාත්මක විය. එකල ජීවිතයට තිබූ අනාරක්ෂිත බව නිසා රජපවුල වනගතව සැඟවී කැලේ අල, කොළ, ගෙඩි කමින් දුෂ්කර ජීවිතයක් ගතකර ඇත.
එසේම කිත්ති කුමරු කුඩා කාලයේදී පටන්ම බුද්ධරාජ සමග සබඳතා පවත්වා ඇත. එනම් අනාගත රජපවුලේ භාරකරුවා රැකගැනීම බුද්ධරාජට පැවරී ඇත. බුද්ධරාජ කිත්ති කුමරුට රජ කෙනෙකුට අවශ්‍ය ශිල්පඥානය දෙමින් කුඩාකල පටන්ම ඔහුගේ චෝල විරෝධි ව්‍යාපාරයට හවුල් කරගෙන ඇත.
කිත්ති කුමරුගේ ජීවිතය එසේ වූ අතර ලෝක හා බුද්ධරාජගේ සේනා කිරම අසල පිහිටි බෝවල, හුණුවල ප‍්‍රදේශයේ ස්ථානගත වී ඇත. ඊට පසු රුහුණු සීමාවේ කඳුකර ප‍්‍රදේශ රැසක් යටත්කර ගැනීමට බුද්ධරාජට හැකිවිය. බුද්ධරාජ සමග අධිපතීහූ රැසක් එක්සත්ව කටයුතු කර රත්මලය ප‍්‍රදේශයේ රෙමුණ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කඳවුරු බැඳගත්හ. ලෝක සෙන්පතියා මෙම බලකොටුවට පහරදුන් නමුත් එය අසාර්ථක උත්සාහයක් විය. එම ප‍්‍රහාරයෙන් ටික දිනකට පසු ලෝක මියගිය අතර ඔහුගෙන් පසු හත්වන කස්සප, ලෝකගේ තැන ගත්තේය.
රුහුණේ පාලනය තුළ මෙවැනි අවුල් සහගත තත්ත්වයක් හටගත් අතර චෝල අධිරාජයා කාලයක්ම ඒ දෙස නිහඬව බලා සිටියේය. ඊට පසු රෝහණයේ නව පාලකයා වූ කස්සප රජුට ප‍්‍රහාර එල්ලකොට රුහුණ ආක‍්‍රමණය කිරීමට කටයුතු කළේය. ඒත් චෝල අධිරාජයාගේ එම අභිප‍්‍රාය නිශ්ඵල විය. චෝල හමුදාව පරාජය කළ කස්සප කුමරු දේශ සීමාවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළේය. ඊට පසු ඔහු කතරගම දක්වා ගමන් ගත්තේය. එහිදී බුද්ධරාජගේ හා කිත්ති කුමරුගේ සේනාවෝ ජයග‍්‍රාහී කස්සපට පහර දුන්හ. චෝලයන් සමග සටන්කළ කස්සප ට නොසිතූ ලෙස එල්ල කළ එම ප‍්‍රහාරය බුද්ධරාජගේ පිලට වාසි සහගත විය.
එම නිසා කස්සප කුමරු බටහිර බලා ගමන්ගත් අතර ඔහුට මහජනතාවගෙන් ද හොඳ සහයක් නොලැබුණේය. ඒ නිසා ඔහු කදිරංගනී බළකොටුව දක්වා පසුබැස්සේය. එහිදී කස්සප කුමරු මරා දැම්මේය.
ඉන් රෝහණයේ පාලනය පිළිබඳව අලූත් බලාපොරොත්තුවක් ඇතිවිය. එනම් රාජ්‍යත්වයට හිමිකම් කියන කිත්ති කුමරු රටේ බලාපොරොත්තුව විය. ඒ අනුව දෙවසරක් ජනහිත දිනාගනිමින් කටයුතු කළ බුද්ධරාජ හා කිත්ති කුමරු රෝහණයේ ජනතාවගේ අපේක්ෂාව බවට පත්වූවේය.
එනම් 18 වන වියට පත් වූ කිත්ති කුමරු ක‍්‍රි.ව. 1056 දී I වන විජයබාහු නමින් රෝහණයේ රජවිය. ඔහුගේ රාජ්‍ය ස්ථානය වූයේ කතරගමය. එහෙත් කුඩා කල සිටම වනගතව ඇති දැඩි වූ ඔහු මාළිගයක් හෝ රාජ සභාවක් පිළිබඳ තතු දැන නොසිටියේය. එනම් ඔහුගේ ළමා කාලය චෝලයන්ට බියේ තැනින් තැනට ගමන් කරමින්, වනගතව හැංගෙමින් හුදෙකලාව ගෙවා දැමූ අතර ගැටවර විය යුද්ධයේ අත්දැකීම් ලබමින් ගෙවා දමා ඇත. එහෙත් ඔහුට ජනතාවගේ අධාරයත් සහයත් ලබාගැනීමට හැකිවීම අවි ආයුධ අතින් බල සම්පන්න චෝලයන් සමග සටන් කිරීමට ශක්තියක් විය. රෝහණයේ වැසියා විජයබාහු රජුගේ පාලනයත් සමග ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්විය. එහෙත් එය අවස්ථාවක් කොටගත් චෝලයෝ රෝහණයට පහරදීමට බළ ඇණියක් පිටත්කර හැරියෝය. යුද්ධ ශක්තියත් සවිමත් චෝලයන් සමග සටන් කිරීමට තවමත් විජයබා රජුට හැකියාවක් නොමැති බව දත් නිසා ඔහු යළිත් කතරගම අතැර කඳුකර ප‍්‍රදේශයට පසුබැස සැඟවූණේය.
එම අවස්ථාවේදී චෝලයෝ කතරගම කොල්ලකෑහ. එම කාලයේද පළමු වන විජයබාහු රජු හම්බන්තොට අසල සිප්පන්තලක කඳවුරු බැඳ මහා පාලනයකට අවශ්‍ය දැනුමක් ලබාගනිමින් යුද කටයුතු අතින් ශක්තිමක් වීම සිදුකළේය. ඉන් විජයබාහු මහා යුද ඥාණයක් තිබූ බව පැහැදිලිය. එනම් බලයට පත්වීමත් සමග යුද්ධ ශක්තිය අඩු ඔහු චෝලයන් සමග සටනට නොගොස් පසුබැසීම චෝලයන්ගෙන් රට නිදහස් කරගැනීමට ගත් පළමු පියවර ලෙස පෙන්වාදිය හැකිය.
එම සිදුවීමෙන් පසු ඔහු යුද ශක්තිය තර කරගනිමින් බුරුමය සමග දකුණු වෙරළ ඔස්සේ වෙළෙඳ බඩු ආනයන අපනයන ක‍්‍රියාවලියකටද මුල පිරුවේය. ඉන් බුරුමය සමග සමීප සබඳතාවක් ගොඩනගාගත්තේය. එනම් ලංකාව මෙන්ම බෞද්ධ රටක් වූ බුරුමය සමග එසේ සමීපවීම වැදගත් විදේශ ප‍්‍රතිපත්තියක් ලෙස පෙන්වාදිය හැකිය.
මීළඟට පස්වන මිහිඳු රජුගේ දූ කුමරියක සරණපාවා ගැනීම හේතුවෙන් මලය දේශය සමග මිත‍්‍ර සබඳතා තරකර ගත්තේය. ඉන් විදේශ නාවික වෙළෙඳ ප‍්‍රතිපත්තිය තව තවත් දියුණු විය.
මෙහිදී ලංකාවේ වයඹ, උතුර වැනි ස්ථානවල පිහිටි වරායවල් චෝලයන් යටතේ පැවතියද ඔවුන් විජයබාහු රජු වර්ජනය කළ වරායවල් ආක‍්‍රමණය කිරීමට කටයුතු නොකළේය. මේ වනවිට ශ්‍රී විජය රජුද නාවික අධිරාජයක් ගොඩනගාගෙන තිබුණේය. එම නිසා I වන විජයබාහු රජු ශ්‍රී විජය රජු සමග මිත‍්‍ර සබඳතා ඇතිකර ගත්තේය. එම නිසා රෝහණයේ තිබූ නාවික හමුදා ගමන්වලට ශ්‍රී විජය අධිරාජ්‍යයේ ආශිර්වාදයන් ලැබුණි.
මෙවැනි දේ නිසා යළිත් විජයබාහු රජු තලාව අසල පිහිටි තඹලගමුව ප‍්‍රදේශයට ගියේය. ඒ අතරතුර එනම් ක‍්‍රි.ව. 1065 දී රජරට පාලනයේ විවිධ අවුල් වියවුල් හටගත්තේය. ඊට හේතුවූයේ සාගතය, අඟහිඟය වැනි හේතුන්ද යන්න පැහැදිලිතාවක් නොමැත. ඇතැම් විටක එය රෝහණයේ සිටි සිංහල පාලකයාගේ තීරණයද විය හැකිය. මෙවැනි හේතුන් නිසා චෝලයන් එකට එක කිරීමට පටන්ගත්තේය. එනම් චෝල හමුදා විටින් විට රෝහණයට ප‍්‍රහාර එල්ල කළෝය. ඒ වගේම චෝලයෝ සිරකරුවන් ලෙස තබාගෙන සිටි සිංහල වැසියන්ට කුරිරු ලෙස වද දෙන්නට පටන් ගත්හ.
මෙය කොටි සංවිධානය සිංහල වැසියන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි කාලයට සමාන වන්නකි. මෙවැනි හේතුන්ගෙන් කොටි සංවිධානය පැරණි යුද උපක‍්‍රම භාවිත කර ඇති බව පැහැදිලි වේ.
මෙවැනි වාතාවරණයකදී විජයබාහු රජුගේ ප‍්‍රබල යුද සෙන්පතීන් දෙදෙනකු ඔහුගේ සගයන් සමග චෝල රජුගේ පිරිසට එකවූහ. මෙය විජයබාහු රජුගේ යුද උපක‍්‍රමයක් විය හැකිය. තිස් වසරකට පෙර යෙදූ උපාය මාර්ග විජයබාහු රජු යළිත් ක‍්‍රියාත්මක කළේය. ඒ අනුව පළටුපාන ආශ‍්‍රිතව මඟුල් මඩුව ප‍්‍රදේශයේදී චෝල ප‍්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සංවිධානය වී බලා සිටියේය.
ගල් පර්වත සහිත එම කඳු පෙදෙසට පිවිසීමට තිබුණේ එකම මගක් පමණි. ඒ අවට ප‍්‍රදේශය විවිධ ප‍්‍රමාණයේ ගල්කඳු හා ගල්ගුහා වලින් සැදී තිබුණේය. එය යුද්ධයකට සුදුසු භූ විද්‍යාත්මක පසුබිමක් විය. එහිදී විජයබාහු රජු හිතූ පරිදි චෝලයන් සමග සටන ඇරඹිනි. ඉන් චෝලයන් අන්ත පරාජයට පත්විය. එම සටනින් සතුරන් සතු විශාල වස්තු සම්භාරයක් විජයබාහු රජු සතුවිය. මෙම ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත් විජයබාහු රජුගේ සෙන්පතියෝ චෝලයන්ගේ අගනුවර වූ පොළොන්නරුව බලා ගමන්කිරීමට සූදානම් වූහ. බාධාවකින් තොරව ඉදිරියට ගිය එකී හමුදාව පොළොන්නරුවද අල්ලා ගත්හ. මෙය ආරංචි වූ චෝල අධිරාජයා ඔහුගේ සේනාවත් සමග නැව්නැග ලංකාවට පැමිණියහ. ඔවුහු මන්තායි වරායෙන් ගොඩබැස අනුරාධපුරය බලා ගමන් ගත්හ.
එහිදී අගනුවර ආසන්න ප‍්‍රදේශයක යළිත් සටන් ආරම්භ විය. ඉන් සිංහලයන් පරාජය වූ අතර බොහෝ පිරිසක් සිරබාරයට පත්වූහ.
යළිත් වරක් විජයබාහු රජුට පොළොන්නරුව අතහැරයාමට සිදුවිය. වරෙක ජය ගනිමින්, වරෙක පසුබසිමින් විජයබාහු රජු චෝල විරෝධී සටන් ව්‍යාපාරය දිගටම කරගෙන ගියේය. මෙහිදී චෝලයන් යළිත් විජයබාහු රජු හඹා එන බව දැනගෙන ඔහුු කෑගල්ල ප‍්‍රදේශයේ වාකිරිගල කඳවුරු බැඳගත්තේය.
අනුරාධපුර ප‍්‍රදේශයේදී විජයබාහු රජු පරාජය වීමත් ඔහු කෑගල්ල ප‍්‍රදේශයේ වාකිරිගලට පසුබැසීමත් පිළිබඳව ක‍්‍රි.ව. 1867 වීර රාජේන්ද්‍ර රජු විසින් ලියන ලද සෙල්ලිපියක සඳහන්ව ඇත. එම සෙල්ලිපියේ විජයබාහු රජුගේ බිසව චෝලයන් අල්ලාගැනීම පිළිබඳවත් සඳහන්ව ඇත.
මෙවැනි වාතාවරණයකදී යළිත් රෝහණයේ කැරලි ඇති විය. එනම් එම කැරැලිවලට ඊට දාහතර වසරකට පෙර විජයබා රජු අතින් මරුම් කෑ කස්සප රජුගේ ඥාති සොහොයුරෙකු වූ බුත්තල දිසාවේ මුල්වී කටයුතු කර ඇත. එම නිසා විජයබාහු රජුට චෝලයන් සේම සිංහල ජනතාව අතර ඇතිවූ කැරලිත් මැඩපැවැත්වීමට සිදුවිය. එනම් අද මෙන්ම එදත් යහපාලනයක් ගෙනයාමට කටයුතු කරන නායකයන්ගේ කකුලෙන් අදිනා පිරිසක් සිටි බව එම කරුණුවලින් මොනවට පැහැදිලි වේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයබාහු රජු පුලතිසි පුර හැරයයි
චින්තක Friday, 12 June 2015 03:31 PM
ඔක්කොම හොඳයි. අන්තිමට යහපාලනයක් ගෙනල්ල වැඩේ කාල. අද කාලේ යහපාලනේ ගෙන අයද සොළින්ට ගැහුවේ ? අපට නම් පෙන්නේ උඩු යටිකුරු බවයි. (අ)
චතු Tuesday, 16 June 2015 03:49 PM
අයියෝ කුමාරි හේරත්, ඒ කාලේ ඉතිහාස කතාවලට දැන් ඉන්න හොරා පාවලා දෙන දේශපාලකයන් ගේ කතා ගාවන්න එපා. (නදී)
ඉන්දික ක්‍රිෂාන්ත Wednesday, 17 June 2015 05:03 PM
ගරු කතෘතුමනි, මෙවැනි ඉතිහාස කතා තව තවත් ලියන්න (නි)
කසුන් ධර්මවංශ Monday, 15 June 2015 06:03 AM
විජයබාහු රජුගේ සොළින්ට විරුද්දව කළ සටන යහපාලනයට සමාන කරන්න කොහෙත්ම බෑ. මොකද එතුමා තමන්ගේ ආගම ජාතිය රට කියන තුන මුල් කරගෙන මිසක් යහපලනයේදී වගේ මුස්ලිමනුවන් හෝ වෙනත් ජාතියක් කර තබාගෙන ගියේ නෑ (ම)
විජිත සුරියගොඩ Tuesday, 08 September 2015 08:52 AM
හොඳ ලිපියක් (අ)
හැරිස් Sunday, 21 June 2015 05:57 AM
පොලොන්නරුව පමණක් නෙමේ දැන් ඉන්න කෙනා රටම දාලා යයි (බ)
නාමිනි ඔය සමිත හිමි Wednesday, 21 November 2018 05:42 AM
මේ තොරතුරු ගොඩක් වටිනාව අපේ ඉතිහාසය මෙවා...අපි අරක්ෂා කරගත යුතුයි... තෙරුවන් සරණයි....