රෝහණ සහෝදරයාගේ වල්හපුතැන්නේ ජීවිතය ජන සමාජය ඇසුරේම ගොඩනැගුණක් විය. ඒ හේතුව නිසාදෝ දේශපාලන මණ්ඩල රැස්වීම් ද එහි දුලබ විය. වල්හපුතැන්න නිතර විවෘත වූයේ පක්ෂයේ සාමාජිකයන් කීපදෙනකුට පමණි. ඒ අතරේ සුපිරි ව්‍යාපාරිකයකු ලෙසට රෙජිනෝල්ඞ් නමින් පෙනී සිටි සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රමුඛයෙකු විය.
දේශපාලන මණ්ඩලයෙන් බාහිර කෙනෙකු ලෙස දොස්තර වසන්ත බණ්ඩාර ද රෝහණ සහෝදරයා ළඟින් සිටියේය. “සහෝදරයා කොළඹට යන්න උවමනාවක් තියනවා” ඇතැම් විට රෝහණ සහෝදරයා තම අදහස දොස්තර වසන්තට පවසයි. රටම පීරමින් ආණ්ඩුව හොයන ඔහු වල්හපුතැන්නේ සිට බළංගොඩ - රත්නපුර හරහා කොළඹට රැගෙන ඒම භාරධුර වගකීමකි. පොලිස් බැරියර් කොතෙක්දැයි කිව නොහැක. එක් තැනක දී හෝ සුළු අත්වැරදීමක් වුණොත්, අනතුර “මරණය”ම විය හැකිය. ඇතැම් විට පක්ෂයේ ඔත්තුකාරයෝ පොලිසිය සමග එකතු වී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අල්ලා දෙති. බිල්ලන් හැටියට පෙනී සිටින ඔවුන්ට වෙස් මාරුකළත් රෝහණ සහෝදරයා හඳුනාගැනීම අපහසුම නැත. ඉහත ගමනාන්තය තුළ ස්ථාන කීයක බිල්ලෝ සිටිත්ද? එය තවත් ප්‍රශ්නයකි. මේ සියලු කාරණා මැද රෝහණ සහෝදරයා සමග වසන්ත යා යුතුය. ඒ සඳහා තෝරාගත්තේ දොස්තර වසන්තගේ වාහනයයි. එතැන් සිට කතාව ඔහුට කියනු ඇත.
වල්හපුතැන්නේ සිටි කාලයේ රෝහණ සහෝදරයා දේශපාලන මණ්ඩල රැස්වීම්වලට කොළඹ ආසන්නයටම ආවා. ඒ ඇතැම් රැස්වීම්වලට ආවේ මගේ වාහනේ. වල්හපුතැන්නේ දේශපාලන රැස්වීම් තිබුණෙම නැති තරම්. කොළඹ අවට ඉතා නිදහසේ මමත්, රෝහණ සහෝදරයාත් සැරිසැරුවා. කොළඹ වෙන දේ දැක්කා. අනෙකුත් නගර දැක්කා. තැනින් තැන අලවපු පෝස්ටර් දැක්කා. වල්හපුතැන්නේ ජීවිතය රෝහණ සහෝදරයා තනිකරම ගතකළේ සමාජය එක්ක.
ඔය එන අතර මඟදී හමුදාව හෝ පොලිසිය වාහනය නතර කළේ නැද්ද, මම විමසීමි.
එවැනි අවස්ථා තියෙනවා. දවසක් රත්නපුරේ දී පොලිසියෙන් වාහනේ නතර කළා. මම තමයි රියදුරා රෝහණ සහෝදරයා සිටියේ පිටුපස අසුනෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ආපු සමස්ත ගමන පුරාම පක්ෂයේ පූර්ණකාලිකයෙක් වාහනය පිටුපසින් මෝටර් බසිසිකලේක එනවා. උදාහරණයක් විදිහට වල්හපුතැන්නේ සිට බළංගොඩ දක්වා එන්නෙ එක බයිසිකල් රයිඩර් කෙනෙක්. බලංගොඩ සිට පැල්මඩුල්ලට තව කෙනෙක්. පැල්මඩුල්ලේ සිට රත්නපුරට තවත් බයික් රයිඩර් කෙනෙක්. ඒ අය තමන්ගේ ප්‍රදේශය හරහා වන පූර්ණ ආරක්ෂාව සඳහා තමයි මේ විදිහට රෝහණ සහෝදරයාගේ වාහනයට ආරක්ෂාව පිණිස ආවේ. ඔය අතරේ විවිධ පොලිස් සීමා පසුකරන්න වෙනවා. ඒ පොලිස් බලප්‍රදේශවල බැරියර් දාන හා පොලිස් මඟ මෙහෙයුම් වෙන තැන් තියෙනවා. ඒ ස්ථානවල සෝදිසි කිරීම් වැඩි නම් අතුරු මාර්ග භාවිතකොට ප්‍රධාන මාර්ගය මගහැරිය යුතුයි. එහිදී ප්‍රදේශයේ අතුරු මාර්ග ගැන හොඳින් දන්නා අයකුගේ සේවය අවශ්‍යයි. මේ හේතුව නිසා සමස්ත ගමන පුරාම මාර්ගයේ පොලිස් මෙහෙයුම් වන තැන්, පොලිසිය රැඳීසිටින තැන් බයික් රයිඩර්ට තවත් පක්ෂ ක්‍රියාකරීන් ලබාදෙනවා. ඔහු අපට පණිවුඬේ දෙනවා.
සර්... මේ පාරෙ ඉස්සරහ අසවල් පොලිසියෙන් අද උදේ ඉඳන් ඉන්නවාලු. අපි මේ පාරෙන් යමු.
ඒ අනුව මාර්ගය මගහරිනවා. පක්ෂයේ ඒ ඒ ප්‍රදේශවල ක්‍රියාකාරීන් එය ඉතා සාර්ථකව සිදුකළා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.
හොඳයි එහෙනම් රත්නපුරේ ඔබව නැවැත්තුවෙ කොහොමද? පණිවුඩ අසාර්ථකවීමක්ද? මම නැවත ප්‍රශ්න නැගීමි.
මෙහෙමයි, අපට මඟදී තොරතුරු දෙන අයගේ සීමාව කිලෝමීටර් 15-20-25ක් වගේ දුරයි. ඉතින් ඒ අය මූලික සොයාබැලීම් කරන්න එම මුළු කිලෝමීටර් ගාණම මාර්ගයේ සෝදිසි කිරීම කොට ආපසු අපව භාරගැනීම හෝ තොරතුරු දීම සඳහා පැමිණිය යුතුයි. එම කාලය තුළ හදිසියේ පොලිසිය මාර්ග සෝදිසි කිරීමේ කාර්යයට ආවොත් යම් මඟහැරීමක් වෙනවා. ඉදිරි මාර්ගයේ පොලිසිය හෝ සැකකටයුතු සිදුවීමක ලකුණු නෑ කිවුවත් හදිසි අවස්ථාවක් කලාතුරකින් වෙන්න පුළුවන්. රත්නපුරට නුදුරු තැනක දී අපට සිදුවුණේ එවැනි අහඹු පරීක්ෂා කිරීමක්.
එදා පරීක්ෂා කරද්දී මොකද වුණේ?
මම ප්‍රශ්න නැගීමි.
ඇත්තටම, එය බැරියර් යොදා කරපු විශාල සෝදිසි මෙහෙයුමක් නොවෙයි” වසන්ත බණ්ඩාර පවසයි.
ඈතින් එන කාර් රථයට පොලිස් නිලධාරියකු අත දමයි. රත්නපුරයට නුදුරු තැනෙකි. සහෝදරයා වාහනේ නතර කරන්න සිග්නල් කළා නේද? රෝහණ සහෝදරයා පසුපස අසුනේ සිට අසයි.
වසන්තගේ හෘද ස්පන්දනය වේගවත් වුණත් කලබලවීමට අවස්ථාව නොවේ. ඉවසීමෙන් ජයගත යුතු මොහොතකි. පාරේ අයිනට කර නැවැත්වූ කාර් එක ළඟට පොලිස් නිලධාරියෙක් පැමිණියේය.
ඉල්ලන්නටත් පෙර වසන්ත ලියකියවිලි සපයයි. ඒ අතර වෛද්‍ය හැඳුනුම්පත ද වෙයි.
“ඩොක්ට කොහෙද යන්නෙ” මම කොළඹ යනවා.
ආපසු වාහනේ පිටුපස අසුන දෙස බලයි. රටම හොයන රෝහණ විජේවීර වෙස්වළාගත් රුවින් පොලිසිය ඉදිරියේ පෙනී සිටියි.
රෝහණ සහෝදරයා නිහඬව පොලිස් නිලධාරියා දෙස බලා සිටියි.
“මේ කවුද”
“මගේ සහෝදරයෙක්. අසනීපයි. කොළඹ හොස්පිටල් එකකට එක්ක යනවා.”
ඊට වඩා ප්‍රශ්න කිරීමක් නැත. වසන්ත බණ්ඩාර වෛද්‍යවරයෙකු වීමත්, නිල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමත් උඩ, රෝහණ විජේවීර ඒ වාහනයේ සිටීවි යන අදහස පොලිසිය තබා කිසිවෙක් විශ්වාස කරන්නෙ නැත. රටේ වැඩිදෙනා අතර තිබුණු මතය වූයේ විජේවීර කඩාකප්පල්කාරී, හරිහමන් රස්සාවක් නැති, ඉගෙනීම කඩාකප්පල් කරගත් කණ්ඩායමක් සමඟ හිඳ “ගේම” ගහන බවය. ඒ අදහස ඇතැම් පොලිස් නිලධාරීහු හා හමුදාව ද එක හෙළා පිළිගත්හ.
“රෝහණ සහෝදරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීම් හෝ රෝහල් වෙත රැගෙන යාමක් ඔබ හරහා සිදුවුණාද?” මම දොස්තර වසන්තගෙන් විමසීමි.
කොළඹ රෝහලකට නම් මා සමග ආවේ නෑ. නමුත් මා සමග රෝහල්වලට නොගියා කියන්නෙත් නෑ. රෝහණ සහෝදරයාගේ ඇස්වල පෙනීම සම්බන්ධව ප්‍රශ්නයක් ආවා. ඒ වල්හපුතැන්නේ ගෙදර දී. එය වෛද්‍යවරයකුට පෙන්වා පැහැදිලිවම ප්‍රතිකාර ගතයුතු මට්ටමක තිබුණා. ඒ නිසා මා රෝහණ සහෝදරයාව බදුල්ලේ රෝහලකට කැඳවාගෙන ගියා. එහි වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබාගත්තා.
දොස්තර වසන්ත සමග ගොස් කොළඹට නුදුරු තැන් කීපයක දී රෝහණ සහෝදරයා දේශපාලන සාකච්ඡා පැවැත්වීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට ආණ්ඩුව වැට බැන්දේ උතුරු නැගෙනහිර පළාත්වල දී පමණි. කොටි සාමාජිකයන් දකුණට ඒම වැළැක්වීමට හමුදාව හා පොලිසිය උතුරත් - නැගෙනහිරත් පුරා බැරියර් යොදා පරීක්ෂා කිරීම් කළහ.
එහෙත් රෝහණ සහෝදරයාට ආණ්ඩුව වැටබැන්දේ රට වටාවමය. රටේ කොහේ ගියත් කොටුවෙන පරිදි පරීක්ෂා කිරීම් කෙරිණ. රෝහණ සහෝදරයා ඒ තරමටම ආණ්ඩුවට හිසරදයක් විය. මේ හිස කැක්කුම කොතෙක්ද යත් එල්.ටී.ටී.ඊය විනාශ කරනවාට වඩා ජේ.වී.පීය විනාශ කිරීමට හමුදා පොලිසි යොදවා තිබිණි. සමහර නිලධාරීන්ට නිවාඩු යාම අත්හිටුවා තිබිණි.
ආණ්ඩුව 1983 සිට මේ සෙල්ලම් සේරම දාද්දීත් රෝහණ සහෝදරයා - වසන්ත බණ්ඩාර සමග කොළඹ ඇවිත් රැස්වීම් පැවැත්වීය. මහමගට බැස ගියේය.
අනතුරක් දැනුණොත් ක්ෂණයෙන් එයින් මිදීයාමට ඔහු දැන සිටියේය.
රෝහණ සහෝදරයා වල්හපුතැන්නේ ගෙදර හිටියාට පසුව ගියේ බණ්ඩාරවෙල - ඇටම්පිටිය පාරේ ලෙවුවෙගොඩ වත්තට. එහි වතු අධිකාරිවරයෙක් විදිහට තමයි එහි පෙනී සිටියේ. මේ වත්තෙ කාලයක් ඉන්නකොට දවසක් නොහිතපු සිදුවීමක් වුණා. වසන්ත එය මතකය අතරින් ගොඩගනියි.
ලෙවුවෙගොඩවත්ත බාහිර සමාජයෙන් සම්පූර්ණයෙන් හුදෙකලා වුණු තැනකි. වතු බංගලාව තිබුණේ වත්ත මැද්දේය. දේශපාලන මණ්ඩලයේ සමහර සාමාජිකයෝ ලෙවුවෙගොඩ වත්තට නිතර දෙවේලේ ආව ගියහ. ඒ වාහනයක හෝ මෝටර් බයිසිකලයකය. වල්හපුතැන්නේ ගෙදරට කෙනෙක් දවල්ට ආවත්, රෑට ආවත් එය ගම්මුන්ට දැනේ. මේ නිසා ගම්මු රහසේ කඩපිල්වල ද ඒ ගැන කතා වූහ.
“ඊයේත් රෑ 11ට විතර අත්තනායක මහත්තයගෙ ගෙදරට වාහනයක් ආවා. ඒක ගියේ පාන්දර ජාමේ කලින්දාත් රෑ 9.00ට විතර මෝටර් බයිසිකලේක කවුදෝ ආවා” වැනි කතා ගමේ පැතිරෙන්නට විය.
“මැණික් බිස්නස් කාරයානෙ, ඔය බිස්නස් කාරයො එනවා වෙන්න ඇති” පේනවනේ අර දවල්ට නිතරම වාහනේ එන බිස්නස් මහත්තයා. ඒ මිනිස්සු කතා වුණේ සෝමවංශ සහෝදරයා ගැනය. ලෙවුවෙගොඩවත්තට රෑ, දවල් එන යන අය ගැන හොයන්නට කවුරුවත් හිටියේ නැත. මෙය රෝහණ සහෝදරයාට වැඩි නිදහසක් බවට පත්විය. එක දවසක් දහවලේ පොලිස් නිලධාරී පිරිසක් ලෙවුවෙගොඩවත්තට පැමිණියහ.
ඔවුහු බංගලාව දෙස විමසිල්ලෙන් බැලූහ. කවුද ඉන්නෙ? මොනවද කරන්නේ යන බැල්මකි. මෙය කිසියම් ඔත්තුවක් මත සිදුවූවක්ද? එකදිගටම ගලා එන සිතිවිලි ජාලයකි.
ගේ ඇතුළෙන් එළියට ආවේ පක්ෂයේ පූර්ණකාලිකයෙකි. පොලිසියේ පස් හය දෙනෙක් ඔහු ඉදිරියේ පෙනී සිටිති.
“අපි ආවේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්.”
“මොකක්ද සර්” පූර්ණකාලිකයා ප්‍රශ්න කරයි. අපට මල් වගයක් උවමනා වෙලා තියෙනවා. මේ වත්තෙ ගොඩක් මල් තියෙනවා කියලා අපට පොලිසියෙ හිටපු කෙනෙක් කිවුවා. ඕ.අයි.සී. මහත්තයා කිවුවා අපට මල් ටිකක් මෙහෙන් කඩාගෙන එන්න පුළුවන්ද බලන්න කියලා. ඔවුන් ඉල්ලන උපකාරය ප්‍රතික්ෂේප කළ නොහැකිය. ප්‍රතික්ෂේප වීම “පස්සෙන් පන්නා පහරදීමක්වීමට ද බැරි නැත. තවත් අතෙකින් ඉහළ නියෝගයක් මත බංගලාවේ සිටින අය ගැන රහස් පරීක්ෂණයක් වෙන්නට ද බැරි නැත. ඒ සියල්ල අතරේ සැබෑවටම මල් සොයා පැමිණීමක්වීමට ද ඉඩ තිබේ. නමුත් කාරණා කිහිපයක් තුළ පොලිසිය පැමිණීම විජේවීරගේ හිතේ දෝංකාර දෙයි. පොලිස් නිලධාරීහු වත්තේ කොටසක මල් කඩයි. පැය දෙක තුනක් පුරා බෑග් ගාණක් විවිධ මල්වලින් පුරවති. ඒ අතරේ සමහර නිලධාරීහු බංගලාව දෙස ද ඇස් දල්වා බලති.
පොලිසිය මේ නටන්නේ රංගනයක්ද යන තැනට කොටුවී, රෝහණ විජේවීර බංගලාව ඇතුළේ සිටියේය.
පොලිසිය ඇවිත් තමන්ගේ වත්තේ මල් නෙළනවා. රෝහණ සහෝදරයා රහසේම ජනේලයක් අසල වාඩි වී බලා උන්නේය.
රෝහණ විජේවීර ඉන්නෙ මේ බංගලාවේ ඇතුළේ බව දන්නවා නම් මෙයාලා මෙහෙම ඉන්නේ නෑ. පහසුවෙන් අල්ලාගන්න පුළුවන්, නෑ මෙයාලා ඔත්තුවක් හොයනවා වෙන්න බෑ. රෝහණ සහෝදරයාට හිතෙයි.
ඒ අතරේ පැය ගාණක් අවුවේ මල් නෙළන පොලිසියට රෝහණ සහෝදරයාගේ ගෙදර ඉන්න පක්ෂයේ අයෙකු තේ පැන් ද එදෙසට ගෙනයනු පෙනෙයි. මේ මොහොතේ සියලු දේ පොලිසිය සමග දිගහැරෙයි. රෝහණ විජේවීර සමග එකට සිටින සඟයකු බය නැතිව තේ ගෙන යාම රෝහණ සහෝදරයා සහ පවුලේ සියල්ලෝ බංගලාව තුළ විසීම පොලිසියට “ඇස්බැන්ඳුමක්” දෝයි අපට සිතේ.
ඊට පසු මොකද වුණේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජේවීර සිටි වාහනය රත්නපුරේදී ඇල්ලුවා
ලෙස්ලි ජයවර්ධන Friday, 29 July 2016 12:59 AM
විජේවීර නිසා සිදුවුණේ තරුණ ජීවිත දහස් ගණනක් අහිමිවුණ එක විතරයි (නි)
නිලූ Sunday, 31 July 2016 11:52 AM
මිනිසකුට තියෙන මරණයේ ගෞරවය නැති කළේ මේ මිනිසාය. මේ වගේ එවුන්ට උදවු කරපු එවුන්ටත් හොදක් නම් වෙන්න එපා. මොන තරම් අහිංසකයෝ පිරිසක් නිරපරාදේ මැරුම් කැවද මේ නරුමයා නිසා. අන්තිමට මොකක්ද දිනාගත්තේ. උගේ ගෝලබාලයෝ මොනවද දිනාගත්තේ. ජාතිවත් මේ වගේ එවුන් නම් ඉපදෙන්න එපා මේ පොලෝ තලයට. (බ)
ඇසළ Friday, 29 July 2016 03:19 AM
දහස් ගානක් සිංහල තරුණ ජිවිත, සිංහල ජාතිය විනාශ කළේ කවුද? (නි)