මරණය නළලේ කොටාගෙන ජීවිතය ලැබූ කිහිප දෙනෙක් ජ.වි.පෙ හි තවමත් වෙසෙති. 88-89-90 යන බිහිසුණු යුගවල අඳුරු මතකය ඔවුන්ට විටෙක මිහිරක් වන්නට පුළුවන. තවත් විටෙක ඛේදවාචකයක් වුව එය අපූරු සිදුවීම් මාලාවකි. ඒවා යළි සිහිපත් කිරීම අනාගතය දකිනවුන්ටත්, වර්තමානය ගෙන යන්නවුන්ටත් පාඩමකි. අඳුරු අතීතයක මරණය අභියස ජිවිතය ලැබූවෙක්. අද ඔබ හමුවෙයි. දැනට සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා ඔහුය. ඊටත් වඩා ඔහු ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර සහෝදරයාගේ රියදුරුය. ඒ අත්දැකීම් සමූහයක් සේපාල ලියනගේ මහතා සමඟ සාකච්ඡා කොට ඔබට ලියමු.
සේපාල ලියනගේ චරිතය මතුවෙන්නේ කොහෙන්ද?
මගේ ගම බෙලිඅත්ත. තාත්තා වඩු බාස් කෙනෙක්. මම ඉහළ බෙලිගල්ල මහා විද්‍යාලයෙන් ඉගෙන ගෙන උසස් පෙළ සමත් වුණා. සේපාල ලියනගේ මතුවෙන්නෙ දකුණෙ තංගල්ලෙන්.
පවුලෙ අයත් දේශපාලනයට සම්බන්ධයක් තිබුණද?
තාත්තා මහජන එක්සත් පෙරමුණට වැඩ කළා. එදා ඒ පළාතෙ හිිටියෙ ලක්ෂ්මන් රාජපක්ෂ මහත්තයා.
එතකොට ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නෙ...?
මම 1969 ඉඳල ජ.වි.පෙට සම්බන්ධ වුණා. 1965-70 එ.ජා.ප කාලෙ විජේවීර සහෝදරයා අත්අඩංගුවට අරගෙන ආණ්ඩුවෙන් විශාල මර්දනයක් ආවා. ඒ වෙනකොට පක්ෂයක් නෙවෙයි, සංවිධානයක් තිබුණෙ. නමුත් ඒ මර්දනයට එරෙහිව පක්ෂය ගොඩ නැගුණා. මම පක්ෂයට සම්බන්ධ වෙන්නෙ පේරාදෙණිය වි.වි. විද්‍යාලයෙන්. ආරියසේන මහතා හරහා.
ඔය කියන විදිහට 71 කැරැුල්ලෙත් ඔබ ඉන්න ඇති...?
71 කැරැුල්ල එන කොටම අපේ සීයා මාව කොළඹ එක්ක ඇවිත් වෛද්‍යවරයෙකුගේ ගෙදරක නැවැත්තුවා. 1971 අරගලයට සම්බන්ධ වෙන්න අවස්ථාව නොලැබුණත් දකුණු පළාතෙ ඉන්න කොට පෝස්ටර් ව්‍යාපාරය තදින්ම ගෙනගියා. එදා දකුණෙ පියසේන රාමනායක සහෝදරයා ඉතාම ශක්තිමත්ව හිටියා. ඊට අමතරව සතරසිංහ, ඇතුළු තව කීපදෙනෙක් හිටියා.
අපි කෙළින්ම කතාවට බහිමු. ඔබ රෝහණ විජේවීරගෙ රියදුරා.... කොහොමද ඔහුව ඔබට මුලින්ම හමුවෙන්නෙ?
අපි පදිංචිවෙලා හිටියෙ තංගල්ලෙ රොටේ... විජේවීර සහෝදරයා අල්ලපු ගමේ. නමුත් ඔහු සමඟ සම්බන්ධය ගොඩනැගණෙ පක්ෂය හරහා. 1969 දී හොඳටම දැන හඳුනා ගත්තා. ඊට පෙරත් ඔහුව දැනගෙන හිටියා.
ඔබ කොළඹට ඇවිත් ලංගම රියදුරෙක් විදිහටත් හිටියනෙ..? එතනදි මොකද වුණේ?
මම කොළඹ එක්ක ඇවිත් සීයම මැදිහත් වෙලා සී.ටී.බී. එකේ රියැදුරු රස්සාවක් අරන් දුන්නා. සීයා ජෝර්ජ් රාජපක්ෂව එහෙම හොඳට අඳුරනවා. ඒකත් රස්සාවට එන්න හේතුවුණා. මේ 1973 අවුරුද්ද. ඔය කාලෙ කොළඹට වෙලා පක්ෂයේ වැඩත්කළා. ඔය අතරෙ ජේ.ආර්. ජනාධිපති වුණා. ඒ කාලෙ මම සී.ටී.බී. වෘත්තීය සමිතිවල වැඩකළා. විශේෂයෙන් කම්කරු පන්තිය වෙනුවෙන්.
සී.ටී.බී. වැඩ වර්ජනය රටේ බරපතළ මතවාදයක් ඇතිකළ සිදුවීමක්. අපි දන්නා හැටියට සේපාල ලියනගේත් ඒකෙන් බැට කෑවා...?
ඔව්. ඒකාලෙ සී.ටී.බී. පඩිය 240යි. අපි රුපියල් 300 පඩි වැඩි කරන්න. ජීවන අංක දීමනාව රුපියල් 5කින් වැඩි කරන්න කියලයි. 80 වැඩවර්ජනේදි ඉල්ලූවේ. කෙටියෙන් කියනවා නම් දවසට රුපියල් 10ක් අමතරව දෙන්න කියලා. සමාජවාදී කම්කරු සංගමය කියල එකක් ඒ වෙනුවෙන් හැදුවා. ඒක වෘත්තිය සමිතියක් නෙවෙයි. ඒක පක්ෂ සන්ධානයක්. වමේ පක්ෂ කීපයක් ඕකට එකතු වුණා. අපට පක්ෂයෙන් කිවුවෙ, රජය ඇවිත් අවුරුදු 3යි. මුලින් සංකේත වැඩ වර්ජනයක් කරන්න කියලා. නමුත් ඒක එහෙම වුණේ නෑ. අනෙක් පක්ෂත් හිටපු නිසා එක එක දවසෙ වැඩ වර්ජනය කෙරුණා.
දියාරු මට්ටමකට සිද්ධ වුණේ. මම එතකොට මීතොටමුල්ලෙ ඩිපෝවෙ. වැඩිපුරම ලංගම සේවකයො ස්ට‍්‍රයික් කළෙත් මීතොටමුල්ලෙ ඩිපෝවෙ. කොහොම හරි මම මේකට නායකත්වය දුන්නා කියලා මාව අල්ලගත්තා. ජාතික සේවක සංගමය හා ආණ්ඩුවෙ අය මගෙ අත්දෙක ලණුවකින් ගැට ගහල ජීප් එකේ කඹයක් දාලා ගැට ගහල මාව බිම දිගේ තලගොයෙක් වගේ ඇදගෙන ගිහින් වර්ජනය කරපු අයට ආණ්ඩුවෙන් දෙන දඬුවම පෙන්නුවා. එයාල හැදුවෙ මාව සිරිකොතට ගෙනියන්න. කොහොමහරි අන්තිමේ මාව වැල්ලම්පිටිය පොලිසියට බාර දුන්නා. පොලිසියෙ දවස් තුනක් ඉඳල වැලිකඩ බන්ධනාගාරෙ මාස හයක් හිටියා. පස්සෙ ඇප ලැබුණා. ඒ එක්කම රස්සාවත් නැතුව ගියා. එතනින් පස්සෙ තමයි මම ජ.වි.පෙ. පූර්ණ කාලීන වුණේ.
ඊට පස්සෙ කෙළින්ම ගියේ රෝහණ විජේවීර ළඟටද?
නෑ... මම සී.ටී.බී. ඉන්නකොටත් ජ.වි.පෙ.ට සම්බන්ධ නිසා විජේවීර සහෝදරයගෙ රියදුරු වැඬේ වටින් විට කළා. නමුත් ඒ කළේ ස්ථිර රියදුරු හිටපු ධර්මෙ අයියා අසනීප වුණු දවස්වලට.
රස්සාවෙන් අයින් කළාට පස්සෙ ජ.වි.පෙ. විමුක්ති ගී බස් එකේ ස්වෙච්ඡාවෙන් වැඩ කළා. විමුක්ති ගී කණ්ඩායම අරගෙන ඒ කාලෙ රටපුරා ගියා. ඇත්තම කියනවා නම් විමුක්ති ගීයෙන් කලාව පිළිබඳ හොඳ දැනුමක් ජනතාවට ලබා දෙන්න හැකිවුණා. ගොවියගෙ, කම්කරුවගෙ, දුක ප‍්‍රසිද්ධ වේදිකාවේ ගායනා කළා. එදා මේ ගායක කණ්ඩායමේ පක්ෂයට සම්බන්ධ දක්ෂ ගායක පිරිසක් ගියා. බුද්ධදාස විතානාරච්චි නිවේදන කටයුතු කළා. ලයනල් බෝපගේ, සෝමවංශ අමරසිංහ, ප‍්‍රදීපා ධර්මදාස (ඩලස් අලහප්පෙරුම ඇමතිගේ බිරිඳ) වගේ අය බස් එකේ ගියා. නිර්ධන පන්තියේ හඬ තමයි විමුක්ති ගීතයේ තිබුණෙ. මේකට විශාල පිරිසක් එක් රොක්වුණා. වික්ටර් රත්නායකගෙ ‘‘ස’’ ප‍්‍රසංගය ආවෙත් ඔය විමුක්ති ගී වලින් පස්සෙ.
විජේවීර ළඟ රියදුරු වුණේ ඊට පස්සෙ...?
මෙහෙමයි ඒ වෙනකොටත් ඉඳහිට විජේවීර සහෝදරයාගෙ වාහනය එළෙවුවා. පක්ෂයේ කම්කරු පන්ති නායකයා වුණේ උපතිස්ස ගමනායක සහෝදරයා. ඔහු තමයි මාව විජේවීර ළඟට යැවුවෙ. ඒ කාලෙ විජේවීර හිටියෙ මොරටුව විල්ලෝරාවත්තෙ. බිරිඳගෙ ගෙදර.
ඔය කාලෙ විජේවීරට වාහන කීයක් විතර තිබුණද?
මුලදි 504 කළු කාර් එකක් තිබුණා. පස්සෙ ඩැට්සන් පිකප් කැබ් එකක් ගත්තා. එච්චරයි. අන්තිම වෙනකම් ඔය කැබ් එකේ තමයි ගියේ.
ඔබත් සමග විජේවීර සහෝදරයා නිතර ගිය තැන් කොහෙද?
තංගල්ලේ ඔහුගෙ ගෙදරට ගියා. විජිත රණවීරගෙ ගෙදර තමයි පක්ෂ කාර්යාලය තිබුණෙ. විශාල බංගලාවක්. එහෙට නිතරම ගියා. පක්ෂ සාකච්ඡුා බොහොමයක් එතන සිද්ධ වුණා. පස්සෙ පස්සෙ හම්බෙගමුව, කතරගම කැලෑවල තමයි ඒ 1983 පක්ෂ තහනමින් පස්සෙ.
1983 පක්ෂය තහනම් වෙද්දි රෝහණ විජේවීර හිටියෙ කොළඹ. නමුත් ඔහු ක්‍ෂණිකව කොළඹින් පිටවුණා. රහසක් නෙවෙයි. ඔබයි රියදුරු හිටියෙ. ඒ පිටවීම ගැන මොකද හිතෙන්නෙ?
1983 ජුලි 21 ජතිවාදී කෝලහලය පටන් අරන්. මම එතකොට කොහිලවත්තෙ පක්ෂ මුද්‍රණාලයෙ හිටියෙ. නන්දෙ කියල සහෝදරයෙක් මට කතා කරල කිවුවා, පුළුවන්තරම් ඉක්මණට විල්ලෝරාවත්තට යන්න කියලා. ඒ වෙද්දි හැමතැනම ගිනිතියලා. එකම විනාශයක්. මම කැබ් එකේ ඉක්මණට ගෙදරට ගියා. විජේවීර සහෝදරයයි, චිත‍්‍රාංගනී සහෝදරියයි, ළමයි දෙන්නයි, තවත් කීප දෙනෙකුයි දාගෙන කෙළින්ම තංගල්ලට ගියා. හැබැයි එතෙක් කිසිම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. බිරිඳ දරුවො සේරම තංගල්ලෙ ගෙදර නවත්වල අපි හම්බෙගමුව කැලේට ගියා.
ඒ කියන්නෙ පක්ෂ තහනමින් පස්සෙ විජේවීර සහෝදරයා මුලින්ම සැඟවුණේ හම්බෙගමුව කැලේ...?
ඔව්. එතැනට වෙලා අහිගුන්ඨිකයෝ ඉන්නවා වගේ දුෂ්කර ජීවිතයක් ගෙවුවා. ලොකු හේනක් කරන විදිහට කාලය ගතකළා. එළවළුවක්, බතක් හදාගෙන කෑවා.
කවුද මේ කණ්ඩායමේ හිටපු අනෙක් අය?
පියසේන රාමනායක, ආරියසේන ඊශ්වරගේ, ආනන්ද නෙත්තිකුමාර වගේ පිරිසක් හිටියා.
දිගටම කැලේ හිටියද?
නෑ... වැඩි කාලයක් ඉන්න බැරි වුණා. දරුණුවට වැස්ස ආවා. අපි පිරිස වෙන් වීමක් වුණා. කැලෙන් ආවට පසුව මට විජේවීර සහෝදරයා මුණ ගැසීමක් වුණේ නෑ. මමත් තැන් තැන්වලට වෙලා පක්ෂ සංවිධාන කටයුතු කළා.
විජේවීර හමුවෙන්න නිතරම කැලේට ආව ගියේ කවුද?
සුමිත් අතුකෝරල සහෝදරයා ආවා. එයා විජේවීර සහෝදරයා එක්ක සාකච්ඡා කරල අදහස් අරන් ගියා.
රෝහණ විජේවීර, ඔබ ඇතුළු කීප දෙනෙක් එකට ගත්ත සමූහ ඡුායාරූපයක් තියනවා. මම හිතන්නෙ ඒක ඉතාම දුර්ලභ ඡායාරූපයක්...?
ඔව්. ඒක ඉතාම දුර්ලභ එකක්. ඒ පින්තූරය ගත්තෙ හම්බෙගමුව කැලේදි. ඡුායාරූපය අයිති සුමිත් අතුකෝරල සහෝදරයට. එතන හිටපු කීප දෙනාට වාඩි වෙන්න කියලයි ඒක ගත්තෙ. පක්ෂය තහනම් කළාට පස්සෙ රෝහණ සහෝදරයා ඉන්න එකම ෆොටෝ එක ඒක විතරයි. මුලින්ම ඔය පින්තූරෙ ගියේ ප‍්‍රංශයේ පොතක. ඊට පස්සෙ ඔය පින්තූරය ආරියනන්ද දොඹගහවත්ත මහත්තයා අහිමි විප්ලවය කියල ලංකාදීප පත්තරේ දැම්මා. වැඬේ කියන්නෙ දොඹගහවත්ත මේ පින්තූරෙ පත්තරේ දානකොට මම 1989 අත්අඩංගුවට අරගෙනත් ඉවරයි. මගේ වෙලාවට ඒ මමයි කියල ආරක්ෂක අංශවලට අඳුරගන්න බැරිව ගියා. 1989 ජනවාරි 13 පත්තරේ බලන්නකො.
සුමිත් අතුකෝරාල ගත් ඓතිහාසික ඡායාරූපය. මෙහි කවයකින් සලකුණු කර ඇත්තේ සේපාල ලියනගේයි. |
එතකොට ඔබ හිටපු කඳවුර මතකද?
මත්තෙගොඩ හමුදා කඳවුර.
ඔබ දකින විජේවීර සහෝදරයා කොහොම කෙනෙක්ද?
ඔහු හරි නිහතමානී කෙනෙක්. ඉහළ රාජ තාන්ත‍්‍රික බවක් තිබුණා. ළමයින්ට හුඟාක් ආදරය කළා. ඕනෑම ළමයෙක් එයාගෙ අතට එනවා. අද ඔයා දැකළ කතා කරා නම් අවුරුදු 10කින් ආපහු දැක්කත් ඔයාට නම කියල කතා කරයි. ඒ තරම් හොඳ මතකයක් තිබුණා. ඔහු ජාත්‍යන්තර නායකයෙක්. හොඳ දැනුමක් එයාට තිබුණා. කැලේ හිටියත්, වාහනේක ගියත් කියැවීම ඉහළින්ම කළා. එයාට සමාජවාදය පිළිබඳ දැඩි විශ්වාසයක්, අධිෂ්ඨානයක් තිබුණා.
උලපනේට යාම සිද්ධවුණේ කොහොමද?
ඇත්තටම ඒ ගැන මම වැඩිය දන්නෙ නෑ. කුලියට ගත්ත තැනක්. වතු අධිකාරි කෙනෙක් හැටියට ඒ වෙලාවෙ පෙනී සිටියා. ස්ථානය ලබාදීම වුණේ පක්ෂය හරහා.
විජේවීර සහෝදරයාට පෙර ඔබ අත්අඩංගුවට පත් වුණා. ඔබ අත්අඩංගුවට ගන්න ආසන්න හේතුව කුමක්ද?
මාව අත්අඩංගුවට ගත්තෙ 1989 ජුලි මාසෙදි. මට අංගොඩ ගල්ගිස්ස (මා.අ. 134) පාරෙ දුවපු බස් එකක් තිබුණා. ඒක ගත්තෙ ඉඩමක් විකුණලා. අතේ මිටේ සල්ලිත් තිබුණා. ඒකාලෙ පක්ෂෙ සහෝදරවරු නිතරම කෑම කාපු කඩයක් අංගොඩ හන්දියෙ තිබුණා. ඒවට බිල ගෙවුවෙ මමයි. මේක මුදලාලි කියල තිබුණා. මාව අහුවුණේ ඔය ඔත්තුව නිසයි.
අත්අඩංගුවට පත්වීම හා අත්අඩංගුවෙදි විඳි දුෂ්කරතාව ගැන යමක් කියමුද?
මාව අත්අඩංගුවට ගත්තෙ කොලොන්නාවෙදි. ඒ වනවිට මම යාළුවකුගෙ ගෙදරක සැඟවිලා හිටියෙ. විමුක්ති ගීවලදි දැන අඳුනා ගත්ත අය හිටියා. මට වේදිකා නාට්‍ය රඟපාන්න පුළුවන්කම තිබුණා. එක ප‍්‍රසිද්ධ නාට්‍යයකට ලයිට් වගයක් කොළඹට ගෙනියන්න මම පාර ළඟට ඇවිත් හිටියා. එක පාරටම පාරෙ ගිය ජීප් එකක් මාව පසු කරන් ගිහින් ගිය වේගෙටම ආපහු හරවගෙන ආවා. ඇවිත් සේපාල නේද ඇහුවා. මං කිවුවා ‘‘ නෑ’’ කියලා. අයිඩින්ටිය ඉල්ලූවා. දුන්නා....ඒක වෙන නමක් තිබුණෙ. (නම නොකියයි) ඒ වාහෙනේ ‘‘බිල්ලෙක්’’ හිටියා. (අත් අංගුවට පත්වූ ජ.වි.පෙ. හි පාවා දෙන අයට කියූ නමක්) බිල්ලා කිව්වා මේ සේපාලමයි කියලා. මාව පොල්ගෙඩියක් විසි කරනවා වගේ වාහනේට විසි කරල අරන් ගියා. ඇඳන් හිටපු කමිසය ගලවල ඇස්දෙක බැන්දා. එදා ඉඳල මාස 3ක් ඇස් දෙක බැඳල හිටියා. බත් කන්නයි, වැසිකිළියට යන්නයි විතරක් ඇස් දෙක ලිහුවා. බත් කන්න ඇස් දෙක ඇරියත් පිඟාන අතට දුන්නෙ බිත්තිය පැත්තට හරවලා. වතුර ඉල්ලූවාම අපට කට ඇරපල්ලා කියලා මුත‍්‍රා කළා. ඒතරම් දුෂ්කර අඳුරු සමයක්....
මරණය ළඟ බව දැනෙන්නත් ඇතිනෙ?
හවස පහට කඳවුරෙන් එළියට ගත්තොත් ඒ ගෙනියන්නෙ මරන්න. මාව අවස්ථා 3ක් හවස පහට එළියට ගත්තා. අද සේපාල ලියනගේ ජීවත්වෙලා ඉන්නෙ නිහාල් සිල්වා නිසා.
ඔබ හිටපු කඳවුරු මොනවද?
මාව අත්අඩංගුවට ගත්තේ ක්‍ෂණික විහිදුම් බලකායේ සෙබළ පිරිසක්. මට මතක හැටියට මම කොළොන්නාව, මත්තෙගොඩ, කෑම්ප්වල හිටියා.
ඔබ නොමැරුවෙ නිහාල් සිල්වා නිසා කිවුවනෙ. ඔහුට රජයේ තිබුණු හයිය මොකක්ද?
නිහාල් සිල්වාගේ සාජන් නල්ලතම්බි එකට මම පුද්ගලිකව උදවු කරල තිබුණා. ඔහු පේ‍්‍රමදාස එක්ක සම්බන්ධ වෙලා හිටියා. මාව අත්අඩංගුවට ගත්ත වෙලාවෙ එයා ජනාධිපතිට කියල තිබුණා. සේපාල අත්අඩංගුවට ගත්තෙ ටවර් එකේ නාට්‍යයට ලයිට් ගෙනියන්න ආපු වෙලාවෙ කියලා ඒ අනුව මට ජීවත්වීමේ වාසනාව ලැබුණෙ. මා නිදහස් වෙලා ඇවිත් පනාගොඩ නාට්‍යයක් රඟපාද්දි හමුදාවෙ කෙනෙක් ඇවිත් මගෙන් සේපාල ද කියල ඇහුවා. මම කිවුවා ‘‘ඔවු’’ කියලා. ඔහු කිවුවා මේ ජීවත්වෙලා ඉන්නෙ මැරිච්ච කෙනෙක් කියලා. ඔයාව බේරගත්තෙ නිහාල් සිල්වා කිව්වා. බැලින්නම් මේ නිලධාරියා තමයි එදා කඳවුර භාරව ඉඳල තියෙන්නෙ. ඔහු මට සේරම විස්තරේ කිවුවා.
හමුදා කඳවුරේ අත්අඩංගුවේ සිටි අනෙක් ජ.වි.පෙ. සාමාජිකයෝ කවුද?
මත්තෙගොඩ කඳවුරේ ශාන්ත බණ්ඩාර හිටියා. ඔහුව මැරුවා. මම එතැන ඉන්නකොටමයි ශාන්ත මරන්න ගෙනිච්චෙ.
ඔබ කොපමණ කාලයක් හමුදා අත්අඩංගුවෙ හිටියද?
අවුරුද්දක් විතර.
ඔබ අත්අඩංගුවෙ සිටියදී තමයි, රෝහණ විජේවීරගේ ඝාතනය සිද්ධ වෙන්නෙ. එදා දවස කඳවුර කොහොමද?
විජේවීර සහෝදරයාගේ ඝාතනය ‘‘බලාපල්ලා කියල’’ අපට වීඩියෝවකින් පෙන්නුවා. 1989 නොවැම්බර් 13 දවස. මිනිස්සුන්ට දීල රතිඤ්ඤා පත්තු කෙරෙවුවා. මට නම් ඒක පිළිගන්න පවා බැරිවෙලා ගියා. දවස් කීපයක් කෑම නොගෙන හිටියා.
ඔබ අත්අඩංගුවේ සිටියදී ඔබලාට පේන්න සහෝදරවරු ඝාතනය කිරීමක් කළේ නැද්ද?
කළා... ජාලිය කියල සහෝදරයෙක් හිටියා එයා කොළඹ විශ්ව විද්‍යාලයෙ. එයාට තුන් හතර දෙනෙක් එකතු වෙලා ගැහුවා. අන්තිමට එයා ‘‘පක්ෂය බේර ගන්න’’ කියල කෑ ගැහුවා. එතනින් තරප්පු පේලිය දිගේ තල්ලූ කළා. ඒ ජාලියගෙ අවසානය. ඔහුව ඝාතනය වුණේ කොලොන්නාව කෑම්ප් එකේදී.
ඔබත් ඒ වෙනකොට විවාහකයි. ගෙදර විස්තර දැන ගත්තෙ කොහොමද?
මට දුවල දෙන්නෙක් හිටියා. මම අත්අඩංගුවේ සිටි කාලෙ ගමේ අය ඥාතීන් අපේ පවුලේ අයට කෑම බීම ටික පවා දීලා උදවු කරල තිබුණා. නමුත් ඒ අය මට මොකක් වුණාද කියල හරියට දැනගෙන හිටියෙ නෑ. අතුරුදහන් වෙනකොට මාව මරන්න ඇති කියල හිතන්න ඇති. ගමේ අය කියල තිබුණා සේපාලගෙ මිනිය ගෙඟ් ගියා කියලා. ගෙදර අය මම වෙනුවෙන් පුංචියට තුන්මාසෙ දානෙත් දීල තිබුණ.
ඔබ යළිත් සුපුරුදු රජයේ රැුකියාව කරනවා. කොහොමද ඒක නැවත ලැබුණෙ...?
1994 පොදු පෙරමුණ රජය ආපු වෙලාවෙ මා කෙළින්ම ගිහින් මීතොටමුල්ල ඩිපෝවෙ රැුකියාවට වාර්තා කළා. කිසිම ප‍්‍රශ්නයක් වුණේ නෑ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජේවීර සහෝදරයයි චිත්‍රාංගනියි දාගෙන කෙලින්ම තංගල්ලට ගියා
සංජීව Wednesday, 02 July 2014 10:09 AM
බුද්ධදාස විතානාරච්චි නිවේදන කටයුතු කළා. ලයනල් බෝපගේ, සෝමවංශ අමරසිංහ, ප‍්‍රදීපා ධර්මදාස (ඩලස් අලහප්පෙරුම ඇමතිගේ බිරිඳ) වගේ අය බස් එකේ ගියා. නිර්ධන පන්තියේ හඬ තමයි විමුක්ති ගීතයේ තිබුණෙ. දැන් මට කියන්න ප‍්‍රදීපා ධර්මදාස අයිති වෙන්නේ නිර්ධන පන්තියටද කියල. (ස)
ධම්ම Wednesday, 09 July 2014 06:16 AM
ලංකාවේ කිසිකලෙක සමාජවාදී රජයක් බිහිවන්නේ නැති බව මගේ හැඟීමයි (නි)
ප්‍රියන්ත Tuesday, 24 June 2014 05:56 PM
මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන ඉන් ජී ඕ එකක් දමා ගන්නෙමි එහි මුල් තැන. (අ)
ධම්ම Thursday, 26 June 2014 03:36 PM
විප්ලවවාදී ව්‍යාපාරවල නියැලුණු ලංකාවේ බොහෝ අය වයස්ගත වෙනකොට ඒවායින් ඈත් වෙනවා. මේ තවත් උදාහරණයක්. (ස)
ලංකාපුත්‍ර Tuesday, 01 July 2014 12:02 PM
රට විනාස කරපු අය දැන් උපාසකයෝ වෙන්න හදනවා. දුප්පත් මිනිස්සු ඉස්සරහට දමල විප්ලව කරවල , ඔවුන් මරණයට යැව්වා . (ස)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 28 June 2014 03:43 PM
සේපාල සහෝදරයා ඔබට අපේ ආචාරය...ඔබ අපට දිරියක්...(දී)
තිලකා Thursday, 03 July 2014 07:28 AM
විජේවීර මියගිය දවසේ මට නින්ද ගියේ නැහැ. එතකොට මගේ වයස 17 ක්. මම සමාජවැදී ආණ්ඩුවක් කැමති මිනිසෙක්. එහෙත් අද මේ දනේෂ්වර ක්‍රමයත් එක්ක ඔය පාර්ලිමේන්තු ක්‍රමයකින් සමාජවාදයක් ගේන්න පුලුවන්ද? අවුරුදු 40 කතා කලත් අපේ ගොන් මිනිස්සුන්ට මොලේ තියද ? සහෝදර වරුනි, කළයුත්තේ ගොවි කම්කරු විප්ලවයකි. එහිදී වීරවංශ වගේ පාවා දෙන්නුන් කුණු කුඩයට. මිනිසුන් තැනින් තැන මරා පළිගෙන නොව විප්ලය විප්ලවයක් ලෙසින්ම කරනු. පාර්ලිමේන්තුවේ සිට පලක් තිබේද ? (නදී)
ආනන්ද Saturday, 28 June 2014 03:19 AM
කිසිම පුද්ගලික තරහක් නැතිව මිනිස්සු මරන්න පුළුවන් තිරිසන් හමුදාවක් එදා තිබුනේ. රාජ්‍ය අනුග්‍රහය ලැබෙනකොට කොට මිණිමරන එක විනෝදයක්. අපේ රට වෙනුවෙන් ජීවත් විය යුතු වටිනා මිනිස්සු ටිකක් අපට නැති උනා. මේවා ට අනුග්‍රහය දුන්න රාජ්‍ය නායකයොත් බෝම්බ වලින් කුඩු වෙලා ගියේ කරපු පාප පඩිසන් දීලා. (නදී)
හේවාවසම් Wednesday, 02 July 2014 06:58 PM
ඉතා හොඳ වටිනා ලිපියක් (නි)
උද්දික Sunday, 29 June 2014 03:16 PM
මාර ලිපියක් මත්තෙගොඩත් සඳහන් වෙනවා (දී)
මල්ලවාරච්චි Tuesday, 01 July 2014 02:51 PM
ඇති විශිෂ්ට නිර්මාණකරුවෙකුගේ පක්ෂයක් (දී)
අරෝෂ Saturday, 28 June 2014 08:17 PM
ඔබ ගේ දෛර්යට සහ ජීවගුනයට අපගේ ආචාරය සොයුර ඔබගේ අත්දැකීම් නවකයනෙට ලබා දෙන්න (දී)
හිරාන් Wednesday, 02 July 2014 06:40 AM
රසවත් ලිපියක් (නි)
සුනිල් රියාද් සිට Sunday, 29 June 2014 05:59 PM
සේපාල සහෝදරය, ඔයාලගෙ කැපකිරීම් අද ලාබෙටම අලුත් අය පාවාදෙනවා. විජේවීර සහෝදරයාගේ දැක්ම අමු අමුවේම විනාසකරනවා. කණගාටුයි. විජේවීර සහෝදරයාගේ දක්ෂ කමට තව උදාහරනයක් දෙන්නම්. රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලයට ඔහු ඇතුලත් උන වසරේ අවසාන ප්‍රථිපල වලට අනුව වැඩිම ලකුණු ගත්ත විදේශීය සිසුන්ට හිමි රන් පදක්කම් 9 න් 8 හිමි උනේ විජේවීරට. ඔහුගේ සමකාලීනයෝ මීට සාක්ෂි දරයි. සහෝදරය ඔබගේ කථාවෙන් අපුරුවට පේනවා ඔබට දීර්ගායුෂ! (දී)
ගාමිණී (ජයන්ත ) Sunday, 29 June 2014 02:16 AM
සේපාල සහෝදරයා ඔබ ගැන අසන්නට ලැබීම ගැන හා ඔබ ජිවතුන් අතර සිටින එක ගැන මට හරි සථුටුයි . ජයවේවා ! දීගයු !(දී)
කමල් Tuesday, 24 June 2014 04:09 PM
මරණයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවට සාක්‍ෂි සපයන කථාවක් (නදී)
චන්ද්‍රා Sunday, 29 June 2014 04:02 AM
විප්ලවයට ජයවේවා (දී)
අනුෂා කොඩිතුවක්කු Sunday, 29 June 2014 06:48 AM
සේපාල සහෝදරයා, ඔබගේ කැපකිරීම් වෙනුවෙන් අපගේ විප්ලවීය ආචාරය.....! (දී)