IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වැට් බද්ද ණය අර්බුදයේ ප්‍රතිඵලයක්

වැඩි කරන ලද වැට්, ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ, ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද, මේ ආදී ආර්ථික හා දේශපාලන මාතෘකා රැසක් ප්‍රශ්න කරමින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- වැඩි කරපු වැට් බදු නිසා ජනතාව තවත් පීඩාවට පත් වෙලා. මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ඔබේ කණ්ඩායම අනුමත කරනවා ද?

පිළිතුර:- වැට් බදු වැඩි කරපු නිසා ජනතාවට ආර්ථික ප්‍රශ්න ඇති වෙලා කියන එක සම්පූර්ණ ඇත්ත. ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති වුණේ ණය වැඩිපුර අරගෙන, ඒවා ගෙවා ගන්න බැරි වුණු නිසා. රජයේ වියදම් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය ආදායම් ප්‍රමාණවත් විදිහට රජයට නොලැබීම නිසා තමයි ණය ගන්න සිද්ධ වුණේ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීම සඳහා අපි යම්කිසි ආකාරයක ගිවිසුමකට බැඳුණෙ. ඒ ගිවිසුම අනුවනෙ දැන් මේ වැට් බදු වැඩි කරලා තියෙන්නෙ. මේ අලුත් වැට් බදු සංශෝධනය හරහා මේ දක්වා සියයට 15ක් අය කෙරුණු වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතෙක් වැට් අය නොකෙරුණු භාණ්ඩ හා සේවාවලට සියයට 18ක වැට් බද්ද පනවලා තියෙනවා. ඒක අමාරුයි තමයි. එහෙත් මම හිතන විදිහට මේ වැට් වැඩි කිරීමෙන් රජයේ ආදායම් වැඩි කරගෙන ඒ ආදායම් ජනතාවට ඕනෑ කරන අත්‍යවශ්‍ය දේවල් සඳහා බෙදාහැරීමට හැකියාව ලැබෙනවා. වෙනත් ආදායම් ප්‍රභවයක් තිබුණා නම් අපට මේ වැට් වැඩි කිරීම වළක්වා ගන්න පුළුවන්. ආර්ථිකය පවත්වා ගැනීම සම්බන්ධ කාරණයේදී රජයේ මේ තින්දුවත් එක්ක මම එකඟ වෙනවා.

ප්‍රශ්නය:- බදු වැඩි කිරීමෙන් පමණක් රටක් ඉස්සරහට ගෙන යන්න පුළුවන් ද?

පිළිතුර:- බදු ගෙවිය හැකි අය අතරට බදු ව්‍යුහය පුළුල් කළාම තමයි බදු බර අනිත් ඒවායෙන් අඩු කරන්න පුළුවන් වෙන්නෙ. මොකද ඍජු බදු වැඩි වුණාම වක්‍ර බදු බොහොමයක් ඒවා අඩු කරන්න පුළුවන්. විශාල ආදායම් උපයන ඒත් බදු නොගෙවන අය ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. ඒ අය සොයා ගැනීම හා බදු දැලට කොටු කරගැනීම වරදක් හැටියට මම දකින්නෙ නෑ. බදු අය කිරීම පාපයක් නෙවෙයි. බදු අය කරන්නෙ නැතුව රටක් ගෙන යන්න බෑ. අපි දීර්ඝ කාලයක් තිස්සේ නොකරපු දේවල් අතහැරපු දේවල් සහ ඇත්ත නොකියා මිනිස්සුන්ගෙන් වහං කරපු දේවල් දැන් ඇත්ත කතා කරලා කරන්න සිද්ධ වෙලා තියෙනවා. බොරු කියලා දැන් මිනිස්සුන්ගෙන් ඡන්ද ගන්නත් බෑ. ඒ නිසා බදු අය කිරීම ගැන මගෙ කිසි විරුද්ධත්වයක් නෑ. බදු පදනම පුළුල් කරන්නත් ඕනෑ.

ප්‍රශ්නය:- ඒත් ලංකාවේ වැඩිපුර අය කරන්නෙ වක්‍ර බදු. ඒ බදු වැඩි වශයෙන් ගෙවන්නෙ දුප්පත් ජනතාව. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ද?

පිළිතුර:- ඍජු බදු ප්‍රමාණය වැඩි කරලා බදු ව්‍යුහය පුළුල් කළාම ඒක නවත්තන්න පුළුවන්නෙ. බදු ගෙවිය හැකි අය බදු ගෙවන්න ගත්තාම වක්‍ර බදු අඩු කරන්න පුළුවන්.

ප්‍රශ්නය:- ඔබ ආණ්ඩුවේ ඉඳන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණාට මේ ජනතා ප්‍රශ්න ගැන කතා කරන බවක් පේන්න නෑ. ඇයි ඒ?

පිළිතුර:- අපි හැම ප්‍රශ්නයක් ගැනම කතා කරනවා. ජනතාවගේ ප්‍රශ්න අපෙත් ප්‍රශ්න තමයි. එහෙත් ජනතාවට සියල්ලම අහිමි වෙලා පාරට බැහැලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක වළක්වා ගන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. ලංකාවේ ආර්ථිකය විනාශ වුණේ අවශ්‍ය පිළියම් කාලයක් තිස්සෙ නොගත්ත නිසා. එහෙම ආර්ථිකයක් ගොඩනගනවා කියන්නෙ කාටවත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට යම් කාලයක් අවශ්‍යයි. ඒ වගේම යම් වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්ති අවශ්‍යයි. මේ ආණ්ඩුවේ වුණත් සමහර ප්‍රතිපත්තිවල ප්‍රශ්න තියෙනවා. කළ යුතු දේවල් කරන්න දීර්ඝ කාලයක් ගන්නවා. සමහර කාරණාවලදී නොගැළපීම් තියෙනවා. එහෙත් පොදුවේ බලද්දි මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා දුෂ්කර ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ සඳහා පහසු ක්‍රියාමාර්ග තියෙනවා කියලා අපිට නම් පෙනෙන්නෙ නෑ.

ප්‍රශ්නය:- මේ ආණ්ඩුව රට නිවැරැදි ආර්ථික මාවතකට යොමු කරලා තියෙනවා කියලා ද ඔබ කියන්නෙ?

පිළිතුර:- අපි මෙහෙම නොකළොත් වියදම් පියව ගන්නෙ කොහොම ද? පඩි නඩි වගේම අධ්‍යාපන සෞඛ්‍ය සේවා සඳහා මුදල් වියදම් කරන්නෙ කොහොම ද? අලුත් තත්ත්වය අනුව අපිට මුදල් අච්චු ගහන්නත් බැරි නම්, ණය ගන්නත් පුළුවන්කමක් නැත්නම්, ගත්ත ණය ප්‍රමාණය අහස උසට නැගලා තියෙනවා නම්, රජයේ වියදම් කළමනාකරණය කළ හැක්කේ ආදායම් වැඩි කරගැනීමෙන් විතරයි. මේක තමයි යථාර්ථය. එහෙත් මේක හොඳම දෙයත් නෙවෙයි. ඒක මට තේරෙනවා. ඒත් වෙන මොකක්ද කරන්න තියෙන්නේ.

ප්‍රශ්නය:- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ ආර්ථික අර්බුදය ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දැඩි අහිතකර බලපෑම් ඇති කරලා තියෙනවා. සමහර අය ආහාර අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ වටිනා භාණ්ඩ උකස් කිරීමට පවා පෙළැඹිලා තියෙනවා. ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ලබා දෙන බවක් පේන්න නෑ නේද?

පිළිතුර:- ඒක ඇත්ත. රටේ ජනතාවගේ ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට මූණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක ඇත්ත. එහෙත් ආණ්ඩුවට ඒ ප්‍රශ්නවලට විසඳුම් දිය හැක්කේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් හරහා පමණයි. එහෙම නැතුව සහනාධාර දෙන්න හැකියාවක් නෑ. ඒ සඳහා මුදල් කොහෙන්ද? සහනාධාර දෙන්න මුදල් නැත්නම්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්න මුදල් නැත්නම්, සෞඛ්‍ය අධ්‍යාපන සේවා පවත්වාගෙන යන්න මුදල් නැත්නම්, වෙනත් පොදු සේවා පවත්වාගෙන යන්න මුදල් නැත්නම් ආණ්ඩුව එතැනින් ඉවරයිනේ. ඊට පස්සෙ මිනිස්සු අතට යනවා ආණ්ඩුව.

ප්‍රශ්නය:- ඔබේ කණ්ඩායමේ නිමල් ලාන්සා මන්ත්‍රීවරයා කියනවා, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට උදව් කරනවා කියලා. ඒක කණ්ඩායම එකඟත්වයෙන් ගත් තීරණයක් ද?

පිළිතුර:- අපේ මන්ත්‍රීවරුන් අතර එකඟතා සම්බන්ධයෙන් තවම අපි අවසන් තීන්දුවකට ඇවිල්ලා නෑ. එහෙත් පොදුවේ බලනකොට ජනාධිපතිතුමා ගෙන යන මේ ආර්ථික වැඩපිළිවෙළට අපි දැනට සහයෝගය දෙනවා. ඉදිරි කටයුතු තවම තීරණය කරලා නෑ. ඉදිරියට මොකද වෙන්නෙ කියලා බලමු.

ප්‍රශ්නය:- දැනට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සමග සාකච්ඡා කරමින් ද ඉන්නෙ?

පිළිතුර:- කතා කරලා නෑ.

ප්‍රශ්නය:- ඔබලා පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ වැඩපිළිවෙළට එකඟ වෙන්න බැරි නිසා. එහෙත් ඔබ දැන් කියනවා ජනාධිපතිවරයාගෙ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙනවා කියලා. පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණු එක අර්ථ විරහිතයි කියලා හිතෙන්නෙ නැද්ද?

පිළිතුර:- නෑ. ස්වාධීන වීම කියන එකෙන් අදහස් වෙන්නෙ වියුක්ත වීම කියන එක නෙවෙයිනෙ. අපි පහුගිය ආණ්ඩුව ගත් අදූරදර්ශී ක්‍රියාමාර්ගවලට විරුද්ධ වුණා. ඒක අන්තිමට ඇත්ත වුණා. මිනිස්සුන්ට කන්න නැති තත්ත්වයට රට පත් වුණා. විදුලිය නැති වුණා. ඉන්ධන නැති වුණා. අන්තිමට මිනිස්සු පාරට බැස්සා. ඒ නිසා අපි එදා ගත්ත තීන්දුව හරි. එහෙත් හැමදාම අපිට විරෝධාකල්පවල ඉන්න බෑනෙ. යම් ප්‍රමාණයකට මේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළට සහාය දෙනවා. හොඳ දේට සහාය දෙනවා. නරක දේට විරුද්ධ වෙනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මොකද අපිට ඡන්දය දුන්නෙ මේ ආණ්ඩුවත් එක්ක ඉන්න මිනිස්සු. වෙන කවුරුවත් අපිට ඡන්දය දීලා නෑනෙ.

ප්‍රශ්නය:- තවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග දේශපාලන සබඳතා පවත්වනවා ද?

පිළිතුර:- නෑ. අපිට තවම ඒ අයත් එක්ක සම්බන්ධතාවක් නෑ.

ප්‍රශ්නය:- ඔවුන් පහුගිය දවසක පක්ෂ සමුළුවකුත් පැවැත්වුවා. ඒ පක්ෂය යන ගමන ගැන ඔබ මොකද හිතන්නෙ?

පිළිතුර:- ඒගොල්ලො ගැන කතා කරන්න අපිට අයිතියක් නෑ. එහෙත් අපිට එක දෙයක් කියන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රත්පත්ති පැත්තෙන් වෙනස් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ වෙනස්වීම් නොකළොත් ඔවුන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි.

ප්‍රශ්නය:- මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ මැතිවරණයේදී ඔබ තරග කරන්නෙ එක්සත් ජාතික පක්ෂය සමග ද?

පිළිතුර:- අපි තවම එහෙම තීන්දුවක් අරගෙන නෑ. තියෙන තත්ත්වය අනුව තමයි ඒක තීන්දු කරන්න වෙන්නෙ. ඒකෙදි බලන්න ඕනෑ වැදගත්ම දේ තමයි අපේ ඡන්දදායකයා හැසිරෙන්නෙ කොහොමද කියලා. ඒ අනුව තමයි තීන්දු ගන්නෙ. ඒ වගේම අපිට තනියම තීන්දු ගන්නත් බෑනෙ. අපිට ඡන්දය දුන්නු ජනතාවගේ හැසිරීම ගැන අවබෝධයකින් ඉන්නෙ නැතුව අපිට දේශපාලනය කරන්න අමාරුයි.

ප්‍රශ්නය:- සමගි ජන බලවේගයට එන්න කියලා ආරාධනා ලැබුණෙ නැද්ද?

පිළිතුර:- අපිට ආරාධනා කරනවා. සාකච්ඡාවකට අපිට කතා කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තවම උත්තරයක් දීලා නෑ. තවම ඒ සඳහා කාලය ඇවිල්ලා නෑ කියලයි අපි කල්පනා කරන්නෙ.

(*** සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ)



අදහස් (2)

වැට් බද්ද ණය අර්බුදයේ ප්‍රතිඵලයක්

chandima Monday, 08 January 2024 07:06 PM

එතකොට අර ඒ කාලේ පාරවල්වලට තාර දාන ඒවාගෙන් ගසාකාපුවගේ ප්‍රතිඵලයක් නෙවෙයිද? 

:       0       7

Kahawita Monday, 15 January 2024 09:27 PM

හැම පනතටම ලයිට් කණු වගේ අත උස්සලා, දැන් නිකන් බබාලා වගේ කතාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 299 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 111 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 223 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 898 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site