මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් ඒ සෑම පුද්ගලයකුම මින් ඉදිරියට ආදායම් බදු ගෙවිය යුතුය. පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු සීමා රජය මගින් සංශෝධනය කිරීම හේතුවෙන් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ නව ආදායම් බදු සීමාව ප්‍රකාශ වී තිබේ.
පුද්ගලයකු වාර්ෂිකව රුපියල් ලක්ෂ 30කට වැඩි ආදායමක් ලබන්නේ නම් ආදායම් බදු ගෙවිය යුතු බවට මෙතෙක් පැවති සීමාව අදාළ සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 12 දක්වා අඩු කිරීමෙන් එකී බදු දැලට තෝරු මෝරුන් පමණක් නොව හාල්මැස්සන් ද මෙතැන් පටන් හසුවනු ඇත.
අපට ගැටලුව ඇත්තේ තෝරුන් මෝරුන් පිළිබඳව නොවේ. හාල්මැස්සන් සම්බන්ධයෙනි. ආදායම අතින් හාල්මැස්සන් ගණයට වැටෙන පිරිස මේ දිනවල කොහොමත් ගත කරන්නේ දුෂ්කර ජීවිතයකි. පාන් ගෙඩිය රුපියල් 200ට ගොස් තිබෙන මේ කාලයේ රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතළිස් එක්දාස් හයසිය හැට හතක් දක්වා ආදායමට සියයට 6ක බද්දක් වැටී තිබේ. ඒ අනුව කැපෙන මුදල රුපියල් 2500 කි. එය 183,333ක් දක්වා වැඩිවන විට රුපියල් 7500ක් කැපෙන අතර 225,000ක් වන විට රුපියල් 15,000ක් කැපී යයි. මාසික ආදායම මිලියනය දක්වා මෙසේ කැපෙන මුදල වැඩිවෙමින් යයි. මේ කෙටි සංඛ්‍යා ලේඛන සටහන අප උපුටා දැක්වූයේ ආදායම් බදු සංශෝධනය හේතුවෙන් මාසික වැටුපෙන් ජීවත්වෙන පිරිසට විඳින්නට සිදුවන ආර්ථික දුෂ්කරතා පිළිබඳ බැලූ බැල්මට කිසියම් අදහසක් ඇති කිරීම සඳහාය.
ලක්ෂ ගණනින් මාසික ආදායම් ලබන පිරිස වැඩිපුර ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැත. එය එසේ සිදුවිය යුතුය. එහෙත් එක්ලක්ෂ හතළිස් එක්දාහක් මාසිකව උපයන අයකුට රුපියල් 2500ක් අහිමිවීම ඔවුන්ට නිසැකවම දරාගැනීමට අපහසු වනු ඇත. දරු පවුලක් නඩත්තු කරන මාසිකව ආදායම් ලබන අයකුට නම් ඔහු හෝ ඇය රුපියල් ලක්ෂ දෙකහමාරක් උපයන විට රුපියල් 25,000ක් කපාගැනීම ද එම පවුල ලොකු අවුලකට ඇද දැමීමකි.
සියලු වියහියදම් ඉහළ ගොස් අතිරේක ආදායම් මාර්ග පවා ඇහිරී යන අවස්ථාවකදී මෙසේ අතට ලැබෙන වැටුපෙන් රුපියල් දහස් ගණනින් කපාගැනීම රටේ බහුතරයකට විශාල ගැටලුවක් වනු ඇත.
මාසික ආදායමින් බදු ගැනීම වැරැද්දක් බව අප කියන්නේ නැත. බදු නොගෙන රටක් ඉදිරියට ගෙන යා නොහැකි බැවිනි. එහෙත් බදු අයකිරීම බදු ගෙවන්නාට දරාගත හැකි මට්ටමින් සිදුවිය යුතුය.
මාසික ආදායමක් ලබන අයකු ආදායම් බදු ගෙවීම සැලකෙන්නේ ඍජු බද්දක් වශයෙනි. මෙසේ ඍජු බදු කපාගැනීමෙන් ඔවුන්ගේ බදු ගෙවීම අවසන් වන්නේ නැත. අල ගෙඩියේ සිට පිටි ගෝනිය දක්වා වන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් වක්‍ර බදු ගෙවීමට සිදුවෙයි. විදුලි බලය, තෙල්, ඖෂධ, යටිතල පහසුකම් යන මේ සියල්ල සඳහා මුදල් වියදම් කිරීමේදීද වක්‍ර බදුවලට සියලු දෙනා හසුවෙති. මෙසේ ඉවරයක් නැති බදු අතරට යන්තම් ලක්ෂ එකහමාරක් දෙකක් උපයන තැනැත්තාට තවත් ඍජු බද්දක් වැටීම බැලූ බැල්මටම අසාධාරණ බව පෙනී යයි.
වර්තමානයේදී කෙතරම් මාසික ආදායමක් ලැබුවත් අත්‍යවශ්‍ය වියහියදම්වල හතර කොන ගැටගසා ගැනීම පවා ඉතා අපහසුය. එසේ තිබියදී බදු බරේ පීඩනය තවදුරටත් වැඩි කිරීම මුළු මහත් සමාජය තුළම දැඩි බලපෑමක් ඇති කිරීමට පවා හේතු වනු ඇත. එය ප්‍රබල සමාජ, ආර්ථික අසහනයක් දක්වා වර්ධනය වීමටද ඉඩ තිබේ.
රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි දුෂ්කරතා ජනතාවට විඳ ගැනීමට සිදුවනු ඇතැයි රටේ නායකයෝ ප්‍රකාශ කරති. එහෙත් දුෂ්කරතා විඳිය යුත්තේ රටේ ආර්ථික පීඩනයේ සියලු බර ඔසවන පොදු මහජනතාව පමණද? රටේ පාලනය භාරව ක්‍රියා කරන මැති ඇමැතින් ඒ සඳහා කරන කැපවීම් පෙනෙන්නට තිබෙනවාද? මේ ප්‍රශ්නවලටද පිළිතුරු ලැබිය යුතුය.
ආදායම් බදු සීමාව මේ තරම් පරිමාණයෙන් පහළට ගැනීම රටේ බහුතරයක් ජනතාවට විශාල ප්‍රශ්නයක් වීම නොවැළැක්විය හැකිය. රට වෙනුවෙන් හැමදේම නිහඬව ජනතාව විඳ දරාගනු ඇතැයි යන අදහස රටේ නායකයන් තුළ පවතී නම් එය මංමුළාවීමක් බව පෙන්වා දිය යුතුය.
මේ රටේ ඉහළ ආදායම් ලබන ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්, දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ සබඳතා හරහා ආදායම් බදු ගෙවීමෙන් වළකින බව මේ රටේ ප්‍රකට රහසකි. එසේ බිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින ඇතැම් පුද්ගලයන්ට දඬුවමක් ද නොලැබෙන විට අඩු ආදායම් ලබන පුද්ගලයන්ගෙන් දහස් ගණනින් බදු ගැසීමෙන් පෙනී යන්නේ අපේ රටේ බදු ප්‍රතිපත්තියේ කිසිදු සමානාත්මතාවක් ක්‍රියාත්මක නොවන බවය.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැටුප ලක්ෂය පැන්නාම බදු ගැසීම සාධාරණද?
මැක්ස් Monday, 17 October 2022 10:19 AM
ඍජුව ජනතාවට දැනෙන සේ බදු අඩු කරමින් වුවත්, තව දුරටත් විදේසවලට ණය නොවී, තිබෙන ණයත් ගෙවා දමන අතර තුර ගෝලීය වසංගතයකට සාර්ථක ව මුහුණ දෙමින් අපනයන ආදයම වැඩි කිරීමට කටයුතු කළ නායකයා, ලෝක ආර්ථික අවපාතයන් සහ ඔහුට ලැබුණු රාජ්‍ය භාණ්ඩාගාරය පිලිබඳ වගේ වගක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් බලයෙන් පහ කිරීමට ඔය කියන "ලක්ෂයේ" වැටුප්කරුවන් ද මුලික විය. ඊට අමතරව IMF ගොස් ණයක් අරගෙන අපට "රට කෑම" කවපල්ලා යයි ද ඉල්ලා සිටියේ ඔවුන් ය. මේ, එහි අනිවාර්ය ප්‍රතිපලය ය. දැන් ඉතින් අපි සියලු දෙනා එය අත්විඳිමු.
Goraa Wednesday, 19 October 2022 12:02 PM
බොරු කතා මැක්සිගේ.. එයා හරියට කළාද? පොහොර නැති කළා. තව මැක්ස් කඩේ යනවා. හරියට රට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔක්කොම දේවල් හමුදා, වියත් මගේ... මුකුත් කළේ නැහැ.