අතිශයින් ජනපි‍්‍රය බොලිවුඞ් චිත‍්‍රපටයක් වුණු ‘හේට් ස්ටෝරි’ චිත‍්‍රපටයේ දෙවැන්න ‘හේට් ස්ටෝරි 2’ තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය. මෙම චිත‍්‍රපටයේ සරාගී ගීතයක් මේ වනවිට අන්තර් ජාලයේ යූ ටියුබ් අඩවියට එක් කර ඇති අතර, එම වීඩියෝ ව මිලියන දෙකකට වැඩි පිරිසක් මේ වනවිට නරඹා ඇතැයි ද පැවැසෙයි. ඊට ප‍්‍රධානතම හේතුව බොලිවුඞ් සරාගිනිය සනී ලියොන් එම ගීතයට පමණක් නොව ‘හේට් ස්ටෝරි’ චිත‍්‍රපටයට රංගනයෙන් එක් වී සිටීම නිසාය.
‘මීට් බ‍්‍රදර්ස්’ විසින් රචනා කළ මෙම ගීතයේ රූප රචනය කළේ උමා ගයිති ය. ‘හේට් ස්ටෝරි 2’ චිත‍්‍රපටයේ ප‍්‍රචාරක ගීතයක් වන මෙම ගීතය එළිදැක්වීම සිදුවූයේ ඉකුත් 3 වැනිදා ය. පළමු දින දෙකේදී මෙම ගීතය නැරඹු පිරිස 1,281,224 ක් බව ඉන්දිය පුවත් සේවා වාර්තා කළේය.
‘හේට් ස්ටෝරිස් ’ චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ ටී සිරියස් චිත‍්‍රපට නිෂ්පාදන සමාගම වන අතර පින්ක් ලිප්ස් ගීතය ගායනා කරන්නේ ආධුනික ගායිකා කුෂ්බෝ ග්‍රෙවාල්ය. මෙම සරාගී ගීත වීඩියෝව දින දෙකක් තිස්සේ රූ ගත කළ බවද පැවසෙයි.
ඉන්දීය සම්භවයක් සහිත සනී ලියොන් කැනේඩියානු ‘නිල් චිත‍්‍රපට’ නිළියකි. මේ වන විට බොලිවුඞ් නිළියක ලෙස ප‍්‍රසිද්ධියට පත් වී සිටියත් ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත‍්‍රපට සුරූපිනියක ලෙසිනි. එක රැුයින් ඉන්දියාව කැළැඹීමට සමත් වූ ඇය, ඉන්දීය දේශපාලන කරළියේ ද කතාබහට ද ලක් වී සිටින්නීය.
සනී ලියොන් උපත ලැබුවේ කරන්ජිත් කෝර් වොහ්රා යන නමිනි. ඒ, 1981 වසරේ මැයි 13 වැනිදා ය. ඇය උපත ලැබුවේ කැනඩාවේ ඔන්ටැරියෝහි නුවරදීය. ඇගේ මවත් පියාත් කැනඩාවේ පදිංචියට ගොස් සිටි සීක් යුවළකි. සනීගේ පියා ටිබෙට් ජාතිකයකු වන අතර ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචිව සිට පසුව කැනඩාවට ආ අයෙකි. සනී ලියොන්ගේ මව ඉන්දියාවේ හිමාචල් ප‍්‍රාන්තයේ සර්මූර් නුවර උපත ලැබූ තැනැත්තියකි. මේ වනවිට මොවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.
සීක් පවුලක දැරියක වුවත් සනී අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකිනි. කුඩා කාලයේ සිටම ඇය දඟකාරය. කී‍්‍රඩාවට දක්ෂය. හොකී, බාස්කට් බෝල් ඒ අතරින් කැපී පෙනෙයි.
උසස් අධ්‍යාපනය අවසන් කර, උපාධිධාරිණියක ලෙස සනී, සරසවියෙන් පිටවූයේ 1999 වසරේදීය. ඒ වනවිට ඇයට පෙම්වතුන් කිහිප දෙනකු සිටි බව ඇය පසු කලෙකදී කියා තිබුණි. ඇගේ පළමු පෙම්වතා ඇයට හමුවී ඇත්තේ වයස අවුරුදු 16 දීය.
තමන්ට නිරූපිකාවක හෝ නිළියක හෝ වීමේ ආසාවක් නොතිබුණු බව සනී වරක් පවසා තිබුණි. ගිණුම් අංශයෙන් ඇය දස්කම් දැක් වූ නිසා ඇය ගිණුම් ආයතනයකත් පසුව බේකරියකත් සේවයට ගියාය. ඒ, 2000 වසරේදීය. එම වසර අවසානයේදී, ඇය හෙදියක් වීමේ අපේක්ෂාවෙන් හෙද පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කළාය.
හෙදියක් වීමට පුහුණු වෙද්දී ඇයට හමුවුණු යෙහෙළියක ඇය ජෝන් ස්ටීවන්ස් නමැති නිරූපණ ශිල්පීන් සැපැයීමේ ආයතනයක ඒජන්තවරයකුට හඳුන්වා දුන්නාය. සුරූපිනියක වූ නිසාත් සුන්දර සිරුරකට හිමිකම් කී නිසාත්, සනී ලියොන්ට නිරූපිකාවක වීමට අවස්ථාවක් උදා විය.
සනී නිරූපිකාවක ලෙස කැනඩාවේ ප‍්‍රසිද්ධියට පත් වූයේ 2001 වසර මැද සිටය. 2002 වසර අවසන් වෙද්දී ඇය ලෝ පුරා ප‍්‍රසිද්ධ නිරූපිකාවක් වූවාය.
කැනඩාවේ පදිංචි වී සිටියත් තමා ඉන්දියානුවකු යැයි පැවැසීමට සනී ලියොන් පි‍්‍රය කළාය. ඇය එසේ කීවේ ඉමහත් ආඩම්බරයෙනි. ඇය ඉන්දියාවට යෑමට ආශා කළත්, ඒ සඳහා ඇයට අවස්ථාවක් උදා වූයේ නැත. ඉන්දියාවට ඒමට සනීට අවස්ථාව උදා වූයේ 2011 වසරේදීය. මේ වනවිට ඇය විවාහක කාන්තාවක ද වූවාය. ඇය ඉන්දියාවට පැමිණියේ සැමියා ඩැනියෙල් වෙබර් ද සමඟය.
ඇය ඉන්දියාවට පැමිණියේ විශේෂ ආරාධනාවකිනි. ඒ, කලර්ස් නැමැති ඉන්දීය රූපවාහිනී නාළිකාව නිෂ්පාදනය කළ, 2011 වසරේ දී තිරගත වූ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන් මාලාවට සම්බන්ධ වීමටය. ‘බිග් බොස්’ වැඩසටහනේ මෙහෙයවීම් කළේ බොලිවුඞ් නළු සන්ජේ දත් ය.
සනී ලියොන් එම රියැලටි වැඩසටහනට සම්බන්ධ වීමත් සමඟ, එම වැඩසටහන එක රැුයින් අතිශයින් ජනපි‍්‍රය විය. සනී ලියොන් ගැන මුළු ඉන්දියාවම කතා කරන්න පටන් ගත්තේ ඒ අනුවය.
‘බිග් බොස්’ වැඩසටහට සම්බන්ධ වී සිටිද්දී, ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය බොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන මහේෂ් භාත්, සනී හමුවීමට පැමිණියේය. ඔහු සනීට ඇරැුයුමක් ද කළාය. ඒ, ‘ජිසම්’ චිත‍්‍රපටයේ දෙවැනි කොටසේ ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑමට එක් වන ලෙසටය. ඇය එක පයින් එම ආරාධනාව පිළිගත්තාය. මේ වනවිට සනී ලියොන් බටහිර චිත‍්‍රපට කිහිපයක සුළු චරිතවලට සම්බන්ධ වී තිබුණි. ඒ අනුව රංගනය ඇයට අලූත් දෙයක් නොවිණි.
‘ජිසම් 2’ චිත‍්‍රපටයේ ඇය සරාගී චරිතයකට පණ පෙව්වාය. ඇගේ අඩ නිරුවත් ඡුායාරූප රැුගත් පෝස්ටර චිත‍්‍රපටය එළිදැක්වීමට පෙර සිට, පමණ ඉක්මවා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේය. ජිසම් 2 චිත‍්‍රපටයේ රූගත කිරීම් ශී‍්‍ර ලංකාවේදී ද සිදුවූ අතර සනී ලියොන් මෙරටට පැමිණියාය. ඇය මෙරටට පැමිණියේ ද ඇගේ සැමියා සමඟය.
2006 වසරේ දී, සනී ලියොන්ට කැනඩාවේ පමණක් නොව ඇමෙරිකාවේ ද පුරවැසිභාවය හිමිවිය. කෙසේ නමුත් ඇය වැඩිපුර පි‍්‍රය කළේ කැනඩාවේ වාසය කිරීමටය. ‘ජිසම් 2’ චිත‍්‍රපටය තිරගත වීමත් සමඟ 2012 වසරේ අපේ‍්‍රල් 14 වැනිදා, බොලිවුඞ් සිනමාවට පිවිසෙමින් සනී ලියොන් ෆිල්ම්ෆෙයාර් සඟරාවට කියා තිබුණේ, ඇය දැන් ඉන්දියාවේ පදිංචිකාරියක කියාය.
ඉන්දියාවේ ‘නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් ඇය කියා තිබුණේ කුමන රටේ සිටියත් ඇය සැමදාම ඉන්දියානුවකු කියා ය. ඊට හේතුව ඇගේ මව සැබෑ ඉන්දියානුවක- යැයි ඇය පැහැදිලි කර තිබුණි.
විවේකීයව සිටිද්දී, චිත‍්‍ර ඇඳීම, අශ්වයන් පිට යෑම, පොත් කියැවීම, පරිගණක කී‍්‍රඩා කී‍්‍රඩා කිරීම, සිම්ප්සන්ස් කාටූන් කතා මාලාව සහ ඩිස්කවරි නාළිකාව නැරැුඹීමට තමා පි‍්‍රය කරන බව සනී පවසා තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩිම දෙනෙක් නැරඹු සනීගේ රෝස තොල් වීඩියෝව
ශීලා Sunday, 03 August 2014 11:52 PM
මම අන්තිමට බැලූ ඉන්දීය චිත්‍රපටය 'අශෝක්'. ආයෙත් නම් බලන්නෙම නැහැ. (නි)
පාල Sunday, 03 August 2014 11:56 PM
චිත්‍රපට ක්‍රමවේදයන්ට අනුව 99%ක්ම ඉන්දීය චිත්‍රපට ගණන් ගැනෙන්නේ මෙලෝ ඩ්‍රාමා හෝ මියුසිකල් ගණයට. මේවායේ ගතයුත්තක් නැහැ. මෙයින් පෙනෙන්නේ මේවා නරඹන දකුණු ආසියානු ජනයාගේ මනෝභාවය නොවේද? (නි)
සුබසිංහ Monday, 04 August 2014 12:00 AM
මා දන්නා තරමින් නම් ලොව වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් හදන්නේ ඉන්දියාවේ.එහෙත් ආදායම් අතින් ලොව හතරවැනි තැන. ලොව තුන්වැනියාට චිත්‍රපට නිපදවන ඇමරිකාව අංක එකේ ආදායම් වාර්තා තියනවා. ඇමරිකන් චිත්‍රපට ලොව අස්සක් මුල්ලක් නෑරම ඇත. (නි)
මාලක Monday, 04 August 2014 12:01 AM
මට තේරෙන විදියට නම් ඉන්දීය චිත්‍රපට වල ගතයුත්තක් නැහැ.හොලිවුඩ් චිත්‍රපට වලින් ඉගෙනගත හැකි දෑ අතිමහත්.නමුත් අවාසනාවකට ලංකාවේ හොඳ හොලිවුඩ් චිත්‍රපට නැරඹිය නොහැකියි. හේතුව දන්නා කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. (නි)
එරංග Monday, 04 August 2014 12:04 AM
ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නම් ඉතින් මේවා මහා ලොකු දේවල්... (නි)
සුපුන් Monday, 04 August 2014 12:08 AM
ලොව සිනමා රංගනයේ යෙදෙන අති බහුතරයකගේ සිහිනය හොලිවුඩ් යාමයි. එහෙත් එය සිහිනයන්ගේත් සිහිනයක් (නි)
මංජුල Monday, 04 August 2014 12:12 AM
සමහරුන්ට මේක උන්මාදයක් වෙලා (නි)
සමන් Friday, 08 August 2014 01:03 AM
කට්ටියම ඉන්දියාවේ සිනමාවට බැන බැන හිටියට අපේ සිනමාව වැටිලා තියෙන තත්ත්වය ගැන හිතන්නෙ නැහැ (නි)