වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව පවත්වන විමර්ශනවලින් පසුව වසරක සිර දඬුවමක් හෝ මාස දොළහක දළ වැටුපට සමාන දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමට නව දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන සලසා ඇතැයි ලංකාදීප ප්‍රවෘත්තියකින් හෙළිකර තිබේ. එම පනතට අනුව ජුනි මස 30 වැනිදායින් අවසන් වන කාල සීමාවට ප්‍රථමව එකී වත්කම් ප්‍රකාශ බාරදී නොමැති නම් සැප්තැම්බර් 06 වැනිදා දක්වා වන කාල සීමාවකින් පසුව මෙම දඬුවම් පැමිණවීමේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවද එම ප්‍රවෘත්තියේ සඳහන් වෙයි.
නව දූෂණ විරෝධී පනත මගින් පනවා ඇති මේ විධිවිධාන සම්බන්ධයෙන් මේ රටේ සියලු ජනතාවගේ ප්‍රසාදය හිමිවෙන බව මුලින්ම සඳහන් කළ යුතුය. අදාළ පනත බලාත්මක කෙරුණේ අයි.එම්.එෆ්. යෝජනාවක් අනුව බවද මෙහිදී සිහිපත් කිරීම අවශ්‍යය. එය අදාළ ගිවිසුම්වල එක් ප්‍රධාන කොන්දේසියක් විය. ඒ අනුව මේ පනතට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රටේ ඉහවහාගිය දූෂණය සහ වංචාව හැකිතාක් දුරකට අවම කිරීමේ උත්සාහයට විශාල රුකුලක් වනු ඇත.
අප එසේ පවසන්නේ ඕනෑම පුද්ගලයකුගේ වත්කම් සහ බැරකම් සමග එම පුද්ගලයා උපයන ආදායම ඍජුවම බැඳී පවතින බැවිනි. උපයන ආදායමේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත වශයෙන් කොටස් දෙකක් පවතින බව ප්‍රකට රහසකි. අතීතයේ දී පවා බොහොමයක් මුදලාලිලා පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත සහ ආදායම් දෙපාර්තමේන්තුවට පෙන්වන බිල්පත වශයෙන් බිල්පොත් දෙකක් භාවිතයට ගන්නා බව සමාජයේ කතාබහට ලක්වූවකි. එහෙත් එම වංචාව වර්තමානයේ සිදුවන මහා පරිමාණ ගසාකෑම් සමග සසඳන කල නොගිණිය හැකි තරම්ය. වංචා සහ දූෂණ ක්‍රියාමාර්ග මැඩලීම සඳහා නව දූෂණ විරෝධී පනත ඇතුළු අණ පනත් අලුතින් බිහිවුණේ වංචා සහ දූෂණ ද අයථා ලෙස උපයා ගන්නා ආදායම් ද මැඩ පැවැත්වීමේ අරමුණෙනි. එහෙත් මේ දක්වා නව දූෂණ විරෝධී පනතේ විධි විධාන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ තරම්ය. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන් සිරගත කරන සහ ඔවුන්ට දඩ ගසන නීති ක්‍රියාත්මක කිරීම ඒ අනුව දූෂණ වංචා වැඩලීමේ නව ප්‍රවේශයක් වශයෙන් අපි දකිමු.
දේශපාලන සබඳතා යොදා ගනිමින් විවිධ ආකාරයට ධනය උපයන දේශපාලනඥයන් අප රටේ හිඟ නැත. තැපැල් නයින්ටිය පැදගෙන පුංචි ඡන්දවලට ඉදිරිපත්වී දේශපාලනයට අතපොත් තැබූ සමහර මන්ත්‍රීලා පසු කාලයකදී පාර්ලිමේන්තුවට පැමිණ මාලිගා බඳු නිවාස හදාගෙන නැව් පවා මිලදී ගත් බව රහසක් නොවේ. එහෙත් පැවති නීති යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිබූ විධිවිධාන මඩේ සිටවූ ඉන්නක ආකාරයෙන් ක්‍රියාත්මකවීම නිසා මේ සියලු දෙනාට ගැටලුවක් නොවීය. නව නීති යටතේ තවදුරටත් එසේ නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.
දේශපාලන බලය යොදා ගනිමින් තමන් උපයන වත්කම් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරු උපන් හපන්නු වෙති. රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන නීතිය තමන්ට ක්‍රියාත්මක නොවන බවටත් තමන් සිටින්නේ එම නීතියට ඉහළින් බවටත් වන හැඟීමක් ආණ්ඩු පක්ෂ සමහර මන්ත්‍රීවරු තුළ පවතී. විපක්ෂයේ සිටියදී වංචාවට සහ දූෂණයට එරෙහි සටනේ පෙරමුණේ සිටින කසකාරයන් ආණ්ඩු බලයට පැමිණි පසු ඒ සියලු ප්‍රතිපත්ති පසෙකට දැමීමට ගත වන්නේ සුළු කාලයකි. මේ හේතුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කිසිදු ආණ්ඩුවක් යටතේ නියමාකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැත.
එය නව දූෂණ විරෝධී පනතේ ප්‍රබලම වගන්තියක් බවට පත් වන්නේ එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා බවත් එම නීතිය අකුරටම ක්‍රියාවේ යෙදිය යුතු බවත් පෙන්වා දෙමු. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වන මන්ත්‍රීවරයා එසේ නොකරන්නේ ප්‍රකාශ කිරීමට නොහැකි ආකාරයට උපයාගත් ආදායම් හේතුවෙන් බව පැහැදිලිය. එවැනි කම්බා හොරුන්ට සිර දඬුවම් සහ දඩ නියම කිරීම පිරිසුදු පාලනයකට තබන ශක්තිමත් ඉදිරි පියවරක් වනු නොඅනුමානය.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වත්කම් බැරකම් නීති තදින්ම ක්‍රියාත්මක කරවමු