ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරය ආශ‍්‍රිතව ”කානගි” නමින් උපනගරයක් ඇත. එම නගරයේ ප‍්‍රධාන වීදිය නම් කර ඇත්තේ ”ටෘගනිනි” නමිනි. එම වීදිය ඉංග‍්‍රීසින්ගේ ඇසේ ඇනෙන කටුවක් බවට පත් වී ඇත්තේ ඉංග‍්‍රීසින් ඔස්ටේ‍්‍රලියාවේ කරන ලද යුද අපරාධ පිළිබඳ සදාකාලික ස්මාරකයක් බවට එම වීදිය පත් වී ඇති බැවිනි. ටෘගනිනි යනු ඔස්ටේ‍්‍රලියාවේ තස්මේනියානු ප‍්‍රාන්තයේ ජීවත්වුණු අවසාන ඇබොරිජිනියානු කාන්තාවයි. එබැවින් ඇයගේ කතාව ඉංග‍්‍රීසින්ගේ ඔස්ටේ‍්‍රලියානු ආක‍්‍රමණයෙන් විනාශ වුණු ඇබොරිජින් ජාතියේ ශෝක කතාවේ ප‍්‍රතිමූර්තියක් වී ඇත.
ඉංග‍්‍රීසින් ඔස්ටේ‍්‍රලියාව ආක‍්‍රමණය කරන තුරු වසර 40,000ක් ඇබොරිජින්වරු ඉතා සාමකාමීව එහි ජීවත් වූහ. හුදෙක් ලී ඊතල වලින් පමණක් සන්නද්ධ වූ අහිංසක ඇබොරිජින්වරුන්ට තම බිම් ගිනි අවි දරණ ඉංග‍්‍රීසින් අත්පත් කර ගැනීමට ඉඩ දී පලා යෑම හැර වෙනත් විකල්පයක් නොවිණි. නමුත් වරින් වර තම මුල් බිම් කරා ඇබොරිජින්වරු පැමිණ ඊතල ප‍්‍රහාර එල්ල කිරීම ඉංග‍්‍රීසින්ට හිසරදයක් විය. එබැවින් ඉංග‍්‍රීසි ආණ්ඩුව ඇබොරිජින්වරුන් සමූහ ඝාතනය කිරීමට තීරණය කළේය. එබැවින් ඉංග‍්‍රීසින්ට සිය විනෝදය සඳහා එංගලන්තයේ දී කළ නරි දඩයම වෙනුවට ඇබොරිජින් දඩයමක් හෙවත් මිනිස් දඩයමක් ඇරඹීමට හැකි විය. එමෙන්ම සමහර ප‍්‍රදේශවල අබොරිජින්වරුන් දිය පානය කළ විල්වලට වස මුසු කර දහස් ගණනින් එකවර මරා දැමීමට තරම් ඉංග‍්‍රීසිහු කුරිරු වූහ. එමෙන්ම පණ පිටින් අල්ලා ගත් ඇබොරිජින්වරුන් වහලූලෙස විකිණීමේ මිනිස් ජාවාරමක් ද ඇරඹිණි. හුදෙක් ලිංගික ආස්වාදය උදෙසා ලිංගික වහලියන් ලෙස ඇබොරිජියානු කාන්තාවන් යොදා ගැනිණි.ටෘගනිනිගේ මව මුලින්ම ඉංග‍්‍රීසි දඩයම්කරුවන්ට ගොදුරු වී මරණයට පත් වූවාය. ඇයව පැහැර ගැනීමට පැමිණි ඉංග‍්‍රිසීන් සමග සටන් කිරීමේ දී ඇයගේ සැමියා මරණයට පත් වුණේ වයස 16 දී ඇයව වැන්දඹුවක් කරමිනි. ඇයගේ සොයුරියන් දෙදෙනා ඉංග‍්‍රීසින් පැහැරගෙන ගොස් වහලියන් ලෙස විකුණන ලදී. මෙම කුරිරු ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය ලෙස ඇබොරිජින්වරුන් වඳ වී යෑමේ තර්ජනයක් ඇති වුණු හෙයින් ඇබොරිජින්වරුන් සුරැකීමේ ව්‍යාපාරයක් ඉංග‍්‍රිසින් අතරින්ම පැන නැගිණි. ඔවුහු 1830 දී තස්මේනියාවේ ඉතිරි වී සිටි සීයකටත් අඩු ඇබොරිජින්වරුන්ව මෙල්බර්න් නගරයට ගෙන ගියහ. මේ පිරිස ද විවිධ හේතු මත මිය ගොස් අවසානයේ දී ඉතිරි වූයේ ටෘගනිනි පමණි. 1876 දී ටෘගනිනි මිය යනවිට තස්මේනියාවෙන් ආදිවාසීන් වඳ කළ ආකාරය ලොවටම හෙළි කරමින් තමන් ශිෂ්ටත්වයේ සංකේතය ලෙස ලොවට පෙන්වා ගෙන සිටි ඉංග‍්‍රිසීන් නිරුවත් කිරීමට ටෘගනිනිට හැකි වූවාය.
ඉංග‍්‍රිසීන්ගේ යුද අපරාධ සෙවීමට අප ඔස්ටේ‍්‍රලියාවට යා යුතු නැත. ඒ වෙනුවට කළ යුත්තේ ලංකා ඉතිහාසයට එබී බලා 1818 දී සහ 1848 දී අපේ නිදහස් සටන් මර්දනය කළ කුරිරු ආකාරය විමසීමයි. එම කුරිරු බව ලංකාවේ වාර්තාවන්හි පමණක් නොව යටත්විජිත ලේකම්වරයාට ඉංග‍්‍රිසීන් විසින් යවන ලද ලිපි සහ වාර්තා වලද අන්තර්ගතය. 1818 දී නිදහස පතා සිංහලයින් සටන් කළ විට ඉංග‍්‍රිසි හමුදාවට අණ දුන් මේජර් මැක්ඩොනල්ඞ් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ ගම්මාන පිටින් ගිනි තබමින් දරුවන්, මහල්ලන් සහ කාන්තාවන් ද ඇතුළුව දහස් ගණනින් මරා දැමීමෙනි. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස ඌව පළාතේ විශාල ප‍්‍රදේශයක් ජනශූන්‍ය විය.
1848 නිදහස් සටන මර්දනය කිරීමේ දී ආණ්ඩුකාර ටොරිංටන් අනුගමනය කළේ ඊටත් පහත් ප‍්‍රතිපත්තියකි. ඉංග‍්‍රීසි සෙබළුන් මවු තුරුලේ සිටින දරුවන් අහසට විසි කර තුවක්කුවේ බයිනේත්තුවේ අමුණා මරා දැමීමට තරම් අමානුෂික විය. මෙම කුරිරු යුද අපරාධ සඳහා එංගලන්තයේ වික්ටෝරියා රැජින ලබා දුන් දඬුවම වූයේ 1853 දී සාමිවරයකු ලෙස ඔහුට උසස්වීමක් සහ නම්බු නාමයක් දීමයි.
ඉංග‍්‍රීසි යුද අපරාධ හුදෙක් හම කළු වූවන්ට පමණක් සීමා නොවිණි. ඉංග‍්‍රීසීන් නිදහස ලබා නොදුන් යටත්විජිතයක් ලෙස අදටත් පවතින උතුරු අයර්ලන්තයේ නිදහස් සටන මර්දනය කළේ ද ඉතා ම්ලේච්ඡු අයුරිනි. කෙවින් බැරි වැනි සැකකරුවන්ට නීතිඥ සහය ප‍්‍රතික්ෂේප කිරීම, සාධාරණ නඩු විභාග නොපවත්වා දඬුවම් කිරීම, ජාත්‍යන්තර සම්මුතින්ගෙන් තහනම් කරන ලද අවි භාවිතය සහ කුලී හමුදා ලවා සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වැනි යුද අපරාධ චෝදනා ගණනාවක් අයර්ලන්ත නිදහස් සටන මර්දනයේ දී එංගලන්තයට එල්ල විය. එමෙන්ම 1920 නොවැම්බර් 21 දින අයර්ලන්ත නිදහස් සටන්කාමින් විසින් ඉංග‍්‍රීසි සෙබළුන් 13ක් ඝාතන කරනු ලැබීමට ඉංග‍්‍රීසි හමුදා පිළිතුරු දුන්නේ එදින පාපන්දු තරගයක් නරඹමින් සිටි සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා 14ක් මරා දමා 68ක් තුවාල කිරීමෙනි.
ඉංග‍්‍රීසීන්ගේ යුද අපරාධ යටත්විජිත සමයට සීමා නොවිණි. වියට්නාමයේ සාමාන්‍ය ජනතාව මත රසායනික අවි ප‍්‍රහාර එල්ල කළ ඇමෙරිකාවේ ප‍්‍රධාන යුද හවුල්කරු වූයේ එක්සත් රාජධානියයි. අදත් වියට්නාමයේ දරුවන් අංගවිකල වී ඉපදෙන්නේත් පිළිකාවට ගොදුරු වන්නේත් එදා රසායනික අවි කළ පරිසර විනාශය හේතුවෙනි. එමෙන්ම මෑතක දී නැවතත් සිය යුද අපරාධ හවුල්කරු වන ඇමෙරිකාව සමග එක් වී එක්සත් රාජධානිය විසින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ දශ ලක්ෂයකට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් මරා දමමින් ඒ හා සමාන පිරිසක් තුවාල කරමින් දැවැන්ත යුද අපරාධයක් ඉතිහාස පොතට එක් කරන ලදී.
මේ පිළිබඳ එක්සත් රාජධානියේ මතු වුණු විරෝධය හේතුවෙන් එම යුද අපරාධ පිළිබඳ විභාග කිරීමට ශ‍්‍රීමත් ජෝන් චිල්කොට්ගේ ප‍්‍රධානත්වයෙන් කොමිසමක් 2009 දී පත් කරන ලදී. 2010 දී ලංකාණ්ඩුව පත්කළ උගත් පාඩම් කොමිසම සිය වාර්තාව වසර දෙකක් තුළ නිකුත් කළා පමණක් නොව එහි නිර්දේශ විශාල ගණනක් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කර ඇත. නමුත් 2009 දී පත්කළ චිල්කොට් කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට පවා එක්සත් රාජධානිය අසමත් වී ඇත. ඉංග‍්‍රිසි මාධ්‍යයන්ට අනුව එම වාර්තාව ප‍්‍රසිද්ධ නොකරන්නේ එය ප‍්‍රසිද්ධ නොකරන මෙන් ඇමෙරිකාව දැඩි ලෙස බලපෑම් කරන බැවිනි. එම වාර්තාව පළ වුණොත් ඇමෙරිකානුවන් සහ ඉංග‍්‍රීසීන් හවුලේ කළ යුද අපරාධ ලොවට හෙළිවීම මේ චිල්කොට් භීතිකාවට හේතුවයි. එබැවින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ලංකාවට උපදෙස් දීමට පෙර චිල්කොට් කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ධ කර එය ක‍්‍රියාත්මක කිරීමෙන් අපට ආදර්ශයක් දෙන මෙන් අපි කැමරන්ගෙන් ඉල්ලා සිටිමු.
කැමරන් විසින් ලංකාවේ යුද අපරාධ චෝදනා පිළිබඳ කතා කළ විට ලංකාව වෙනුවෙන් පිළිතුරු දුන් සියළුම අය කළේ එක්සත් රාජධානිය යුද අපරාධකරුවකු බවට හංවඩු ගැසීමයි. එම චෝදනාව සම්පූර්ණයෙන්ම සත්‍යයක් වුවත් එහි වැරදි පණිවිඩයක් ගැබ් වී ඇත. ඒ ”තෝ කළ වරදමයි අප කර ඇත්තේ. ඒ නිසා අපේ වරද ගැන කතා නොකර තෝ කට වහගෙන හිටු” යන්නයි. ඒ වෙනුවට පළමුව අප කළ යුත්තේ ලංකාව යුද අපරාධ කළ බවට නගන චෝදනාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කිරීමයි. ඇත්තෙන්ම අප හමුදා යුද අපරාධ නොකළා පමණක් නොව එවැනි චෝදනා එල්ල වූ හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් අපට ඇත.
1971 දී ජවිපෙ පළමු සන්නද්ධ කැරැුල්ල මර්දනය කිරීමේ දී කතරගම රූමතිය ලෙස විරුදාවලිය ලත් පේ‍්‍රමවතී මනම්පේරි දුෂණය කර මරා දැමීම පිළිබඳ හමුදාවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳ නඩු විභාග කර වැරදිකරුවන්ට උසාවි මගින් දඬුවම් නියම කෙරිණි. 1987-89 ජවිපෙ දෙවන සන්නද්ධ කැරැුල්ලේ දී සූරියකන්ද සමූහ මිනීවල, හෝකන්දර සමූහ මිනීවල සහ ඇඹිලිපිටිය සිසු ඝාතනය වැනි හමුදා විසින් කරනලද අපරාධ පිළිබඳ නඩු විභාගකර වැරදිකරුවන්ට දඬුවම් කරන ලදී.
උතුරේ කැරැල්ල සම්බන්ධයෙන් ද අපට ඇත්තේ මීට සමාන ඉතිහාසයකි. 1996 දී ක‍්‍රිශාන්ති කුමාරස්වාමි නමැති දෙමළ තරුණියක් දුෂණය කර මරා දැමීම පිළිබඳ වැරදිකරු වූ හමුදා සෙබළුන් හයදෙනකුට අධිකරණය විසින් මරණ දඬුවම ලබා දෙන ලදී. එමෙන්ම එම නඩුවේ විත්තිකරුවකු විසින් චෙම්මිනි සමූහ මිනීවළ පිළිබඳ හෙළි කළ විට ලංකාණ්ඩුව කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහයෙන් වහාම එම ස්ථානයේ කැනීම් ඇරඹීමයි. එවැනි අපරාධ පිළිබඳ අද ද නඩු ගණනාවක් විභාග කෙරේ. වඩාත් ප‍්‍රසිද්ධ නඩුව වන්නේ 2006 ජනවාරි මස ත‍්‍රිකුණාමලයේ දී දෙමළ තරුණයින් පස්දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ විශේෂ කාර්ය බළකායේ භට පිරිසකට එරෙහිව විභාගවන නඩුවයි.
ඉහත නිදසුන් පෙන්වන්නේ හමුදා විනය කඩ කළ අයට එරෙහිව කටයුතු කිරීමට අප පැකිලි නැති බවයි. යුද අපරාධ කරමින් යුද ජයග‍්‍රහණය නමැති කිරි කළයට ගොම බිඳු එක් කළ හමුදා නිලධාරීන් සිටී නම් අතීතයේ අයුරින්ම ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව අපේ ස්ථාවරයයි. නවිපිල්ලේගේ සිට කැමරන් දක්වා සියලූම දෙනා යුද අපරාධ චෝදනා නගන්නේ හුදෙක් හිතළුවක් වන දරුස්මාන් වාර්තාව පදනම් කරගෙනයි. ඒ වාර්තාව අනුව හමුදාව විසින් අවසන් තෙමස තුළ පමණක් සාමාන්‍ය වැසියන් 40,000ක් මරා දමා ඇත. එවැනි චෝදනාවක් විභාග කිරීමට නම් සාක්ෂි අවශ්‍ය වේ. එබැවින් තම චෝදනා පිළිබඳ කැමරන්ට විශ්වාස නම් එම 40,000 නම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය යුතුය.
ඇමෙරිකාව යුද්ධයේ අවසන් සමය චන්ද්‍රිකා තාක්ෂණයේ ආධාරයෙන් නිරීක්ෂණය කළ බව කවුරුත් දන්නා රහසකි. එබැවින් මෙවැනි විශාල පිරිසක් මිය ගියේ නම්, නම් නොදන්නේ වී නමුත් මළ මිනී දැක්වෙන ඡුායාරූප හෝ වීඩියෝ පට ඉදිරිපත් කළ යුතුය. නමුත් මේ දක්වා එවැනි සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත් වී නැත. එබැවින් මෙම චෝදනා වලින් පෙන්නුම් කරන්නේ ත‍්‍රස්තවාදය පරාජය කර කැමරන්ට ඇෆ්ගනිස්ථානයේ සිදු කිරීමට නොහැකි වුණු දේ ලංකාව සිදු කිරීම පිළිබඳ ඔවුන්ගේ ඉරිසියාව පමණි. ඉරිසියාව රුසියාවට ද වඩා විශාල බව කුඩා රටක සිටින කැමරන් මැනවින් දනියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බයිලා ගහල වැඩක් නැහැ. කවුරුත් හිටියද චෝගම් සමුළුව වෙලාවේ අර පර සුද්දට විරුද්දව ඔය වගේ ප්‍රකාශයක් කරන්න. උඩ ඉදල පහලට ඔක්කොම දේශපාලකයින් බකන්නිලාගෙන හිටියා. ගියාට පස්සේ කෑ ගහනවා.(නදී)
ඉන්දු ලන්ඩන්, ඔබට ස්තුතියි සත්‍යය වටහාගත්තට. මුලින්ම අපි වැරදිකරුවන්ට දඩුවම් දීලා ඉදිමු. එතකොට ලොකු රටවලට බැහැ අපිට ඇගිල්ල දික්කරන්න. අපිට හැකිවෙනවා ඔවුන්ට ඇගිල්ල දික්කරන්න. බුද්ධියෙන් මිස හැගීම් වලින් බැහැ ජාත්‍යන්තර ප්‍රශ්න විසදන්න (නි)
ලන්ඩන් ඉන්දු ඔයා ලන්ඩන් ඉඳල අපේ රට ගැන මොකවත් කලේ නැද්ද.අර දමිල ජාතිකයන් වගේ.නිකන් මේකේ ලොකු අදහස් දාන වෙලාවේ කැමරන්ට පොඩි ලිපියක් දාන්නකෝ. තැපැල් ගාස්තුවත් අඩුයිනේ අපි මෙහෙ ඉඳන් එවනවට වඩා. (ස)
මම අසා තිබෙනවා එවක පැවැති උඩරට රාජධාවියේ අවුරුදු 14 වැඩි පිරිමි සියල්ල මරා දමන ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කල බව. මෙහි සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට සතුටුයි. ලංකාදීප හැකිනම් එම ගැසට් නිවේදනයත් සමගම ලිපියක් පලකරන්න. (නදී)
හිරා, ගීතා, ඔබලාගේ අදහස ඉතාම කාලෝචිතයි. අපට විරුද්ධ අදහස් අන්තරජාලයේ පිරිලා. අපේ රටට බණින ඒවා පමණයි ලෝකයේ අනිත් රටවල මිනිස්සු දන්නේ. ඉතින් නොදන්නා අය හිතන්නේ අපේ රට වැරදියි කියලයි. අපේ රට වෙනුවෙන් හඬක් නැත්තේ ඒකයි. මේවා අපි පමණක් දැනගෙන වැඩක් නෑ. ඉංග්‍රීසියෙන් විවිධ මාධ්‍ය හරහා පළකරන්න ඕන. මේවගේ වටිනා ලිපියකින් කළ හැකි දේ අපමණයි..(නදී)
සිරා ඔබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. යුද්ධයක් හෝ කැරැල්ලක් නිම කරපු හැම රටක් අතින්ම සුලුවෙන් හරි මානව හිමිකම් කඩවෙනවා ඇති කියලයි මට හිතෙන්නේ. ඒත් බලවත් රටවල් තමන්ගේ වැරදි වහලා බලය අඩු රටවල් වලට බලපෑම් කරනවා. (නදී)
පුෂ්පා, ජර්මනියට ගියේ කොහොමද දෙවියන් වහ්සේගේ පිහිටෙන් බොරු වලට අහුවෙන්න එපා. සුද්දන් අපේ දෙවියන්.(නදී)
මේවා ඔක්කොම බොරු අපි අද මෙහෙම ඉන්නේ සුදු ජාතිකයන් නිසා දෙවියන් වහසේගෙන් සියලුම දේ ලබා දුන්නේ සුදු මත්වරු කව්ද කීවේ මේ රට සිංහලයන්ට පමණක් කියලා මේක දෙවියන්ගේම රට (නදී)
ඉතාම අපූරුයි කැමරන්ට උතුරට ජයලලිතාට කැනඩාවට ඔබාමාට පිල්ලේට හා හිලරිට පිටපත් අත්‍යවශ්‍යයි ඔස්ට්‍රලියාවටත් කාබන් කොපියක් යවන්න(නදී)
ගම්මන්පිල මහතාණෙනි, ඉතාම වටිනා ලිපියක්. ඉංග්‍රීසි පිටපතක් කැමරන්ටත් යවන්න. සදහන් කල රටවල් පමණක් නෙවේ. හැම යටත් විජිත රටකම කලේ රට වැසියෝ මරලා රට අල්ල ගත්ත එක තමයි. කැනඩා, ඇමරිකා, දකුණු අප්‍රිකාව හැම රටකම උනේ එකම දේ.(නදී)
සුද්දට විරුද්දව මානව හිමිකුම් නඩුවක් දමමු 1815 ලංකාවේ ජනත වගේ මානව හිමිකුම් කැඩුවට (අ)
සිවිල් ජනතාව ට කිසිදු ජීවිත හානියක් නොවී සිදුවූ කිසිදු යුද්දයක් නැහැ . එය ප්‍රයෝගික නැහැ. ඒ නිසා හැමෝම ඒ බව පිලි අරන් අපක්ෂපාති විනය පරීක්ෂණයක් පවත්වා කිසියම් හමුදා සාමාජිකයෙක් මානව හිමිකම් කඩකර ඇත්නම් ඔහුට පමණක් දඩුවම් කර මේ රටට එල්ලවෙන අපවාද වලින් ආරක්ෂාකරගන්න පුළුවන්. දැන් කරුණාකරලා මං රණවිරුවන් පාවාදෙනව කියල බොරු ගොන් කතා කියන්න එපා. සැබෑ රණවිරුවන්ගේ ගව්රවය රකින ක්‍රමය මෙයයි (අ)
දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයෝ සුද්දන්ට ගහල පන්නනවලු.අහුවුන තැන මංකොල්ල කනවලු. නිතරම වාහනේ තුවක්කුවක් තියාගෙනලු ඉන්නේ.ඉන්නම බැහැ කියල සමහරු රට අතහැර යනවා. (ස)
ගම්මන්පිල මහත්තයෝ මේ ලිපියේ ඉංග්‍රීසි පිටපතක් අනිවාර්යයෙන්ම කැමරන්ට යවන්න. මේ ලිපිය අපි විතරක් දැනගත්තට මදි . කැමරන් දැනගන්න ඕන එයාලගේ තෝම්බුවත් අපි වගේම මුළු ලෝකයමත් දන්නවා කියලා. මේක ලොකු ඉල්ලීමක් .(නදී)
මෙහි පිටපතක් ඉංග්‍රීසියෙන් පල කරන්න. ගම්මන්පිල මහතාණනි , ඉතාම කාලෝච්ත වැදගත් ලිපියක්.(නදී)
සුද්දන්ට පන්දම් අල්ලන අපේ රටවල පුද්ගලයින් කියවිය යුතුම ලිපියක් මේ. මෙවුන් කරන තිරිසන් වැඩ ගැන හොඳින් දන්නේ පිටරට ජීවත්වෙන මේදේවල් ගැන සොයාබලන සීමිත මිනිසුන් කොටසක් පමණි. මෙම ලිපිය ලියු ගම්මන්පිල මහතාට ඉතාම ඉස්තුති. (අ)
වැදගත් ලිපියක් (අ)