විද්‍යොදය, වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ පනස් හත්වන ගුණ සමරුව අදට (17) යෙදේ. මෙම සටහන ඒ නිමිත්තෙනි.
“ගැඹුරු පාණ්ඩිත්‍යයටත් ඒ නිසා ඇතිවන දැඩි සංවරයටත් තමන් හදාළ විෂයයන් අඩු නැති ව දැනීම නිසා ඇතිවන ඍජු නො සැලෙන ගතියටත් උන්වහන්සේ ජීවමාන ප්‍රතිමූර්තියක් වූහ. සෝරත නාහිමියන්ගෙන් සකස් වුණු පොතපත හා ලියැවුණු නිබන්ධ සමූහය උන්වහන්සේගේ ගැඹුරු පාණ්ඩිත්‍යයට දෙස් දෙයි. භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ඇතැම් ප්‍රශ්න ගැන සෝරත නාහිමියන් ගත් මත දරුණු ලෙස විවේචනයට භාජන වුවත් උන්වහන්සේ ඒ මතවලට බැස ගත්තේ සෑහෙන තරම් ශාස්ත්‍රීය හේතු යුක්තීන් ඇතිව ය. මේ වියත් යතීන්ද්‍රයන් වහන්සේ තමන් මහත් ආයාසයෙන් ලබා ගත් දැනුම ලෝක සත්වයාට හිත වැඩ පිණිස නො මසුරුව බෙදා දුන්හ. මෙවැනි මහ පඬිරුවනකගේ පා සෙවණේ විද්‍යෝදය පිරිවෙණේදීත් පසුව එම විශ්වවිද්‍යාලයේදීත් ශාස්ත්‍ර හැදෑරීමට වර්තමාන පරපුරට අවස්ථාව ලැබීම ද මහත් ශාන්තියකි”
ඉහත සඳහන් අදහස ම විසින් උපුටා ගන්නා ලද්දේ “1963 ජූලි මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ලංකාදීප” පුවත්පත උන්වහන්සේගේ වියෝව වාර්තා කොට තිබූ ප්‍රවෘත්තියකිනි. පාණ්ඩිත්‍යය සමග කෙනෙකුගේ චරිතය සකස් විය යුතු ආකාරයත් එයින් ඇතිවන දැඩි සංවරයත් වැලිවිටියේ සෝරත නායක හිමියන්ගේ චරිතයෙන් එවක ජනතාව දුටු සැටි මෙයින් කියැවෙයි.
ශ්‍රී ලාංකේය පිරිවෙන් පරිසරයේ ද භාරතයේ, කල්කටාවෙහි ශාස්ත්‍රීය ඇසුර ද නොමඳ ව ලැබූ උන්වහන්සේ විසින් උපයාගත් ප්‍රාචීන අධ්‍යාපනයෙහි ප්‍රතිඵලය වූයේ ශාස්ත්‍රීය වශයෙන් සංස්කරණය කොට විද්‍යාර්ථීන්ගේ පරිශීලනය සඳහා දායාද කරන ලද සම්භාව්‍ය සාහිත්‍ය කෘති සමූහය යි. අමාවතුර, බුත්සරණ, දහම් සරණ, සඟසරණ, සද්ධර්ම රත්නාකරය, දළදා සිරිත වැනි කෘතිවල සංස්කරණ සහ ඇතැම් කෘතිවලට සපයන ලද ගැටපද විවරණ සාහිත්‍ය පරිශීලනය සුඛාවබෝධයෙන් විඳ ගැන්මට මහඟු අත්වැලකි. මයුර, ගිරා, හංස, පරෙවි වැනි සන්දේශ කෘති මැනැවින් හදාරා උන්වහන්සේ විසින් ප්‍රශස්ත සංස්කරණ සකසනු ලැබිණි. සෝරත නාහිමියන්ගේ සංස්කරණවල කූටප්‍රාප්තිය නම් කව්සිළුමිණි කල්පලතා ව්‍යාඛ්‍යාවෙහි නිපැද්මැ යි.
මේ සියලු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සුඛාවබෝධයෙන් ස්පර්ශ කරන්නට අර්ථ සපයා ගන්නට අදත් අපට නොමසුරුව අත්වැල අල්ලා දෙනුයේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය යි. චිරන්තන සාහිත්‍ය සේවනයෙහි ලැදි කවර තරාතිරමක හෝ විද්‍යාර්ථියකුට මහසයුරක ගමන් කරන නෞකාවකට පහන් ටැඹක් මෙන් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි ආලෝක ධාරාව පෙන්වන මග සුළුපටු නොවේ.
අද්‍යතනය හා සැසඳීමේ දී අප නාහිමියන් ජීවත් වූ සමය මුද්‍රණ කර්මාන්තය, ප්‍රවාහන සේවය, සන්නිවේදන ක්‍ෂේත්‍රය ආදියෙහි අවම පහසුකම් පැවැති යුගයෙකි. ඒ සියලු බාධා මැඩගෙන උන්වහන්සේ ශාස්ත්‍රීය සේවනයෙහි යෙදෙමින් ද විද්‍යෝදය - වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගොඩනගමින් ද කරන ලද මහත් සේවා දායකත්වය අපට සිහි කරවන්නේ අතීත තොටගමු ශාස්ත්‍රීය පරම්පරාව නියෝජනය කරන ලද ශ්‍රී රාහුල හිමියන්ගේ සේවාදායකත්වය යි.
වැලිවිටියේ ශ්‍රී සෝරත ස්වාමීන් වහන්සේගේ විද්‍යොදය සේවාප්‍රදානය සාකච්ඡා කළ යුතු විලාසය මෙසේ නොවන බව ඉඳුරා දනිතත් යම් මතු දිනෙක එය ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුතු ය යන තිර අදිටනින් යුතු ව මීදෙනියේ විමලානන්ද හිමියන් විසින් අපගේ නායක ස්වාමීන්වහන්සේ පිළිබඳ පබඳින ලද සමරු කවකින් මේ සරල සටහන නිමා කරනු කැමැත්තෙමි.
මී තල මුදුන් මල් කළ කවි කුල කැටියේ
ලෝ තුළ පතල වුණු යසසින් නොකිලිටියේ
රා හු ල නමින් තොටගමුවේ වැඩ සිටියේ
මේ හෙළ මහා පඬි රුවන ද වැලිවිටියේ
***
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ වැඩ බලන අංශ ප්‍රධාන ආචාර්ය
කුසුමලතා ලංකාමුල්ල
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුදය පුදසුන - යතිවර සලකුණ
ලසන්ත Saturday, 18 July 2020 01:23 PM
මේ මාහිමියන් වහන්සේගේ අපවත්වීම වෙනුවෙන් සියළු පාසැල්වලට දිනක නිවාඩුවක් දුන්නා.
Bamunuarachchi Sunday, 19 July 2020 12:56 PM
විද්යෝදය පිරිවෙණේ නිර්මාතෘවරයා අතිපූජ්‍ය සෝරත හිමිපාණන් වහන්සේ බව අවිවාදයෙන්ම පිළිගනිමි. එහෙත් විද්යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයා S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා නේද? එතුමා එසේ නොකරන්න අදටත් පවතින්නේ විද්යෝදය පිරිවෙණ නේද? එය සඳහන් කිරීමට තරම් මොවුන් කුහක වන්නේ ඇයි?
samantha Tuesday, 21 July 2020 05:45 PM
වැලිවිටියේ සෝරත හිමිට කරන ගෞරවය වන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිදි විශ්වවිද්‍යාලය හරහා රටට සේවය කිරීමයි. දේශපාලකයන් පසුපස නොගොස් ඔවුන් තමන් පසු පස ගෙන්වා ගැනීම උන්වහන්සේගේ ක්‍රමවේදය විය. නමුත් අනෙකා කපාගෙන සභාපතිකම් උපකුලපති කම් අධ්‍යක්ෂක කම් ලබා ගැනීමට කටයුතු කිරීම අද විශ්වවිද්‍යාලයේ පරමාදර්ශය වී තිබේ.
Sepala Wednesday, 22 July 2020 04:15 AM
බමුණු, දේශපාලකයෝන්ට ගොට්ට අල්ලනේ නැතිව ඉන්න අමාරුද.?