ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ තීන්දුව මෙරට උසස් අධ්‍යාපනයේ ඉතා වැදගත් දූරදර්ශී තීන්දුවක් වශයෙන් සැලකිය හැකිය.
මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ මාතෘකාව හැමදාමත් විවාදසම්පන්නය. උණුසුම්ය. පොදුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය සංගම් මගින් එය හඳුන්වාදී තිබුණේ ‘උපාධි කඩ’ පිහිටුවීමක් වශයෙනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉතාම ජනප්‍රිය සටන් පාඨයක් වුවත් එතැනින් ඔබ්බට ගොස් ලෝකයේ විශ්වවිද්‍යාල පද්ධතිවල නව ප්‍රවණතා පිළිබඳ කිසිදු හැදෑරීමකින් තොරව එහිම එල්බ ගෙන සිටීම අවාසනාවක් විය. එයට ප්‍රධානම හේතුව වූයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ එම සටන් පාඨයේ ඇතැම් දේශපාලන නායකයන්ද තදින්ම එල්ලී සිටීමයි. එය එම දේශපාලන පක්ෂවල නායකයෝ මෙරට විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ලේ උණුසුම් කරන සටන් පාඨයක් බවට පෙරළා ගත්හ. මේ හේතුවෙන් අදටත් ඇතැම් පිරිස් පෞද්ගලික විශ්වවිද්‍යාල දකින්නේ රටේ නිදහස් අධ්‍යාපනයට එරෙහි කුමන්ත්‍රණයක් වශයෙනි.
මේ සියලු කතාවල ප්‍රතිඵලය වී ඇත්තේ අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලැබුවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට වරම් නොලබන දක්ෂ සිසුන් රැසක් විදේශීය විශ්වවිද්‍යාල උපාධි ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමයි. ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් මෙරටින් කෝටි ගාණක මුදලක් එතෙරට ඇදී යයි. මෙරට ඇතැම් අඳබාල දේශපාලකයන්ගේ ඉතාම පටු ‘උපාධි කඩ’ ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදු වන විනාශය සුළුපටු නැත. තමන් සිදු කරන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විදෙස් විශ්වවිද්‍යාල පොහොසත් කිරීමක් බව මේ දේශපාලකයෝ පහසුවෙන්ම අමතක කර දමති.
පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අදහස ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීමේදී වඩාත්ම විරෝධයකට ලක්වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ තීන්දු ක්‍රියාත්මක කිරීමට බවද කැපීපෙනෙයි. ඒ සඳහා ශක්තිමත් පදනමක් තිබෙන බව අපිද පිළිගනිමු. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙනි. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම දූරදර්ශී පියවරක් වශයෙන් සැලකුවත් ඒ සඳහා නියම ප්‍රමිතිය තිබිය යුතු බවට වගබලා ගැනීම රජයේ වගකීම වෙයි. සෙසු පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වුවද ප්‍රමිතිය අංක එකට තිබිය යුතු වුවත් වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් එය වඩාත් සුපරීක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව කිව යුතුය. පිළිගත් ප්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල නම් ‘උපාධි කඩ’ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් විරුද්ධ විය යුත්තේ එවැනි ‘උපාධි කඩ’වලට මිස නිසි ප්‍රමිතියට අනුකූලව ස්ථාපිත කෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නොවන බව අපගේ අදහසයි.
මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ගනු ලැබූ අවස්ථා දෙකම අවසන් වූයේ ඒවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටස් බවට පත්වීමෙනි. වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වශයෙන් ආරම්භ කෙරුණු වෛද්‍ය විද්‍යාලය වූ අතර පසුව ස්ථාපිත කෙරුණු සයිටම් වෛද්‍ය විද්‍යාලයද අවසානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරිණි.
මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය එකතැන පල් වියයුතු නැත. රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගනිමින් රටේ බුද්ධිමත් සිසු දරුවන්ට එතෙර නොගොස් මෙරට තුළදීම උපාධි ලබා ගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කරදිය යුතුය. ඒ අදිටනින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රවේශයක් ලබාගැනීමේ යෝජනාව ඉතා කාලෝචිත සහ දූර්දර්ශී තීන්දුවක් බව කිව යුතුය.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
nirmal Wednesday, 17 April 2024 07:56 AM
හෙදියන්ගේ හෙද උපාධියට විරුද්ධ වුණ, සම සෞඛ්‍ය වේදීන්ගේ උපාධියට විරුද්ධ වුණු වෛද්‍යවරු කොහොමද පුද්ගලික වෛද්‍ය උපාධියට විරුද්ධ වෙන්නේ... ලැජ්ජා නැද්ද? අනික වෛද්‍ය ශිෂ්‍යයෝ විශාල ලෙස බොරු කියමින් සමාජය නොමග යවමින් ඉන්නවා, පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උසස් පෙළ අසමත් සිසුන්ට උපාධිය දෙනවා කියලා. ඇයි දන්නෙ නැද්ද? ඇමැති පවිත්‍රා සෞඛ්‍ය ඇමැතිවෙලා ඉද්දී ගැසට් එකක් ගැහුවා උසස් පෙළ 2C 1S අවම ප්‍රතිඵළ තියෙන කෙනෙකුට පමණයි. කොහෙන් වෛද්‍ය උපාධිය ගත්තත් ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න පුළුවන් කියලා. ඒක රටේ නීතියක් කියලා දන්නේ නැද්ද? එහෙනම් ඇයි ඔච්චර බොරු කියමින් මඩ ප්‍රචාර යවන්නේ...? වෛද්‍ය ශිෂ්‍යයින්ට සහ අන්තරේට අනුව වෛද්‍ය පීඨයක් තියෙන පුද්ගලික වි.වි, උපාධි කඩ, අනික්වා පුද්ගලික වි වි... මේ බමුණු කුලය සහ අන්තරේ කියන පිලිලය මේ රටෙන් තුරන් කළ යුතුයි. සැමට අධ්‍යාපනය ලැබීමට අයිතිය තිබිය යුතුයි. පුද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් වලම රිංගන අය උපාධිය මුදලට දෙනවාට අකැමැති. වෙන කිසිම රටක මෙහෙම කෝලම් නෑ. අනික මෙයාලා ලංකාවේ නිදහස් සෞඛ්‍යය ගැන ඔච්චර වද වෙන්න ඕනි නෑනේ. බලන්න ඕනෑ සැත්කමක් වගේ කරන්න වෙනකොට ප්‍රයිවට්ම කරන්න තමා කතාව...
ජානකWednesday, 17 April 2024 10:21 PM
සහතික ඇත්ත. මම දකින විදියට ලොකෙම කුහකම පිරිස ලංකාවේ දොස්තරලා සහ සිසුන්...
gamini Wednesday, 17 April 2024 07:56 AM
පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මා කියලා රජයේ වෛද්‍ය විද්‍යාල වහන්නේ නැහැ. බලෙන් එක්කන් ඇවිත් ගෙවන්න කියන්නේත් නෑ. සුදුසුකම් තියෙන සල්ලි තියෙන කෙනෙක් අවිත් ඉගෙන ගනියි. ඕනෑ නම් අරගෙන රට යයි. මෙයාලාට මොකද මෙච්චර අමාරුවක්. ආර්තිකය කඩන් වැටෙනකොටම පැදුරටත් නොකියා රට පැනපු අය දැන් පුදුම අමාරුවක් රට වැසියා ගැන ඇතිවෙලා. මේගොල්ලෝම නේද පහුගිය කාලේ දොස්තරලා යනවා... හෙට ඉඳන් කඩන් වැටෙනවා කිය කියා දැඟලුවේ...!
swene Friday, 19 April 2024 05:42 AM
GMOA ප්‍රමුඛව වෛද්‍ය සිසුන් පෞද්ගලික වෛද්‍ය උපාධි ධාරින් හැඳින්වූයේ ලෙඩුන් මරණ අය හැටියට. රටේ ජනතාවගේ බදු මුදලින් කෝටි ගණනක් රජයේ විශ්ව විද්‍යාලවල එක වෛද්‍ය සිසුවෙක් වෙනුවෙන් වියදම් කරනවා. අන්තිමට ඔවුන්ගෙන් බොහෝමයක් පිටරට යනවා. පිටරටින් අධ්‍යාපන ලැබූ අය මෙරට සේවය කිරීමේදී GMOA එකතුවෙලා ඔවුන් සේවයේ පහළම තැනට දමා සලකනවා. මානව හිමිකම් අබයකට මායිම් කරන්නේ නැහැ. ඒ වුණාට විදේශීය උපාධිධාරින්ට රජය කරන වියදම අවමයි. ඒ ගැන හරි හිතලා ඔවුන්ව නිසි ඇගයුමකට ලක් කරන්නේ නැහැ. අන්තිම කැත වැඩ GMOA සහ සෞඛ්‍ය පරිපාලනය කරනවා. හිටපු GMOA ලොක්කා පොහොර ප්‍රතිපත්තියටත් අත ගහලා රට වල පල්ලට යැව්වා.
kalindu Friday, 19 April 2024 03:11 PM
පොහොර විතරක් නෙවේ. GMOA එක අත දාපු ඔක්කොම ඔහොමයි. රටෙ වැටුප් ප්‍රතිපත්තිය හදන්න පාදෙණිය ප්‍රමුඛ GMOA එක අත දැම්මා. මුලු රටේම වැටුප් පරිමාණ වල ප්‍රශ්න. සුව සැරිය ගේන එකට ඔය වගේම විරුද්ධ වුණා. හැබැයි සුවසැරිය දැන් ලෝකෙම මුලින්ම ඉන්න සේවාවක්. පොහොර ප්‍රතිපත්තියට අත දැම්මා. රටම ඉවරයි. දොස්තරකමින් එහා කිසිම දෙයක් දන්නෙත් නෑ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ...
Asitha Thursday, 25 April 2024 09:06 AM
වැඩියෙන් පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන බටහිර රටවලින් එන දැනුමින් තමයි මුන් ඉගෙන ගන්නේ. මෙහේ කුහක කමින් නටනවා