|
|
පාඩු ලබන රාජ්‍ය ආයතන අතුරින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රමුඛ ස්ථානය ගනී. රටට අවශ්‍යම හා ඉතා වැදගත් මෙම ආයතන දෙක පසුගිය වසර කිහිපය පුරාම පාඩු ලබා ඇත.
මෙම ආයතන දෙකේ ණය බර බැංකුවලින් පමණක් (2011 වනවිට) රුපියල් එක්දහස් එකසිය හැත්තෑ නව කෝටි හැට එක් ලක්ෂ අනූහතර දහස් තුන්සිය හැත්තෑ නවයකි (11,79,61,94,379).
මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මහා භාණ්ඩාගාරයෙන් 2006 වර්ෂයේ දී රුපියල් දශ ලක්ෂ 33,723ක් ද 2007 දී රුපියල් දශ ලක්ෂ 52,499ක් ද 2008 දී රුපියල් දශ ලක්ෂ 64,219ක් ද 2009 දී රුපියල් දශ ලක්ෂ 89,530ක් ද 2010 දී රුපියල් දශ ලක්ෂ 1,66,777ක් ද 2011 දී රුපියල් දශ ලක්ෂ 1,89,090ක් ද වර්ෂ 2012 අගෝස්තු වනවිට රුපියල් දශ ලක්ෂ 2,54,941ක් ද ණය වශයෙන් ලබාගෙන ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ දක්වා ලබා ඇති පාඩුව ද එන්න එන්නම වැඩිවී ඇත. වර්ෂ 2011 දී පමණක් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් නවකෝටි හතළිස් පන් ලක්ෂ අටදහස් තුන්සිය අනූහතරකි (9,45,08,394)
සංස්ථාව මේ තරම් විශාල මුදලක් පාඩු ලැබීමට හේතුවූ කරුණු කාරණා බොහෝය. මේ පාඩුව පසුගිය වසරේ දී තවත් ඉහළ යන්නට
ඇත. මෙරට භාවිත වන ඉන්ධන මිල 2007 සිට මේ දක්වා තුන් ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. වර්ෂ 2007 දී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 70.00කි. ඞීසල් ලීටරයක් රුපියල් 60.00කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 48.00කි.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලට අමතරව මෙරට සිදුවූ දුෂණ, වංචා මේ මිල ඉහළ යාමට බෙහෙවින්ම හේතු විය. බාල පෙට‍්‍රල්වලට අමතරව බාල ඞීසල් ද මෙරටට ආනයනය කරනු ලැබිණි. බාල ඞීසල් නිසා අලාභහානි වූ දුම්රිය එංජින් 15ක්, බරවාහන 25ක් හා පෞද්ගලික වාහන ගණනාවකට අලාභ ගෙවීමට සංස්ථාවට සිදුවිය.
එමෙන්ම බාල ඞීසල් නිසා වාහන හානිවීම වැළැක්වීමට සුපර් ඞීසල් නිකුත් කිරීමට සංස්ථාවට සිදුවිය. එසේ සුපර් ඞීසල් නිකුත් කළේ. ලීටරයකින් රුපියල් 27.00ක් පාඩු ලබමිනි.
මීට අමතරව සංස්ථාවේ දුෂණ අක‍්‍රමිකතා අවිධිමත් පරිපාලනය ඇතුළු කරුණු ගණනාවක් ද තෙල් සංස්ථාවේ පාඩුවට හේතුවී ඇත.
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයට සල්ෆ හෙවත් ගෙන්දගම් සංයුතිය අඩු ඉන්ධන ලබාදීමේ ගිවිසුම අකී‍්‍රය කිරීම නිසා සංස්ථාවට කෝටි 27ක මුදල් පාඩුවක් විඳීමට සිදුවී ඇත.
හෙජිං ගිවිසුම තවත් ඛේදවාචකයකි. මෙම ගිවිසුම කඩකිරීම නිසා අදාළ බැංකු කීපයක් ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇත. මෙම නඩුවලින් වන්දි ගෙවීමට නියම වුවහොත් එම ණය කෙසේ ගෙවන්නේ ද යන්න බරපතල ප‍්‍රශ්නයක් වනු ඇත.
සංස්ථාව ලැබූ පාඩු අවම කර ගැනීමට හෝ නැවත නැවත වැරැදි සිදුවීම වැළැක්වීමට හෝ නිසි පියවරක් ගත් බවක් නම් පෙනෙන්නට නැත.
වගකිව යුත්තන් උද්ගතවූ ප‍්‍රශ්නත් සමග තනතුරුවලින් මාරු වූවා පමණි. එක් නිලධාරියෙක් සඳහා පමණක් කි‍්‍රයාමාර්ග ගෙන ඇත. තෝරු - මෝරු පැන ගොස් හාල්මැස්සෙක් පමණක් අල්ලා ගෙන ඇත.
හෙජිං ගිවිසුමට මූලික වූවන් තවමත් ඉහළ තනතුරුවල ය. ඔවුන්ට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. අඩු වශයෙන් පාඩුව අවම කර ගැනීමට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා ගැනීමක් කර නැත.
.jpg)
සංස්ථාවට සිදුවූ පාඩුව හා හානියට වඩා, තනතුරුවල සිටින හිතවතුන්, පාක්ෂිකයින් රැකගැනීම රජයට වැදගත් ය. ඒනිසා සියලූ පාඩු හමුවේ අලස ප‍්‍රතිපත්තියක් පෙන්නුම් කරයි.
මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට මූලික හේතුවක් වූයේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා අධික මුදලක් වියදම් කිරීමට සිදුවීමයි.
වර්ෂ 2011 පැවැති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිබල උත්පාදනය සඳහා තාප විදුලිබලාගාර වැඩියෙන් යොදා ගැනීමට මණ්ඩලයට සිදුවිය. එබැවින් විදුලි ඒකකයක් සඳහා සාමාන්‍ය නිෂ්පාදන වියදම රුපියල් 13.51 සිට රුපියල් 15.59 දක්වා ඉහළ ගොස් තිබිණි.
විදුලි බිලට ලබාදෙන සහනාධාරය ද මණ්ඩලයේ පාඩුවට හේතුවක් වී ඇත. වර්ෂ 2011 දී විදුලි බිලට ලබාදෙන ලද සහනාධාරවල මුළු වටිනාකම මෙසේය.
ගාහස්ථ - රුපියල් මිලියන 17,568
හෝටල් 90
කර්මාන්ත 5,913
වීදි ලාම්පු 2,205
ආගමික ස්ථාන 161
නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා චීන රජයෙන් ලබාගත් ණය මුදල රුපියල් මිලියන 55,300කි.
විදුලිය සඳහා දැරීමට සිදුවී ඇති අතිවිශාල මුදල නිසා මණ්ඩලයට ලාභයක් ඉපයීමට නොහැකිවී ඇත. වර්ෂ 2012 අගෝස්තු වනවිට මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 43,722කි.
දයාසීලී ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට සේවක අතිරික්තයේ බරත් අපේ පිට උඩම තමයි. (නි)
ඇමතිලා වෙනස් වුන නිසා යාපනයේ විදුලි බලා ගාරයේ නාමපුවරුව වෙනස් කරන්න ලක්ෂ 10 යක් ගියාලු. අළුත් තෙල් ඇමති පිලිගන්ඩ ලක්ෂ සීයක් ගියාලු. ඉතින් පාඩු වෙන්නේ නැද්ද.(නදී)
ඇත්තද අනේ මැදපෙරදිග ඉදලා මෙහාට ගේන්න රුපියල් 89යි. කොළඹ ඉදලා ෂෙඩ් එකකට එන්න රුපියල් 73 යි.(නදී)
ඉතා හොදයි ලංකා විදුලි බල මණ්ඩලය... (නි)
ඇත්තද මැති ඇමතිවරුන්ට නොමිළයේ ඉන්ධන සපයනවා කියන්නේ? (නි)
විපක්ෂයේ ඡන්ද වලින් ආණ්ඩුවට එක්වූවන් මීට වගකිව යුතු බව මගේ හැගීමයි. (නි)
මමත් ඡන්දේ දුන්නා. ඒක නිසා දැන් අපි අපිටම ගහගන්න ඕනෑ. (නි)
පැරණි ශීතකරණය ඉවත් කර නව ශීතකරණය මගින් මාසික විදුලි බිල රුපියල් 3600 සිට 900 දක්වා අඩු කරගතිමි. අපේ නාස්තිය, අධි භාවිතය අඩුකරමු. (නි)
ඔය දෙකෙන්න්ම දුක් විදින්නේ අපි (දී)
ඡන්ද වලට වැඩකරන අයට තව රස්සා දෙන්නකෝ තව ලාබ වේවි.(නදී)
කොච්චරක් වැඩි කලොත් ද ඕන ලාබ ලැබෙන්නේ.(නදී)
තෙල් සංස්ථාවයි, විදුලිබල මණ්ඩලයයි , දෙකම පාඩුවට පවත්වාගෙන යද්දී වසර අවසනේ සේවකයින්ට ප්‍රසාද දීමන ගෙවන්නේ මොන පදනම මතද? වැඩේ ඇද වගේම කැතයි.පාඩුවට හේතු සොයා පිළියම් නොයොදන්නේ ඇයි .දේශපාලන වාසි තකාද?(නදී)