‘එදා කොත්මලේ බලාගාරෙ වැඩ ආරම්භ කරන්නවත් බැරි කාලයක් තිබුණා. ආරාධනා පත‍්‍රය මුද්‍රණය කරලත් වැඩ පටන් ගන්න උත්සවයක්වත් තියන්න බැරි වුණා. කන්ද උඩරට බලපෑම් වලට එදා ආණ්ඩු යට වුණා. අද කොත්මලේ වැඩ අවසන් කරල විදුලියත් ලැබෙනවා. නොරොච්චෝලේ කතාවත් ඒ විධියට තමයි. අවුරුදු 12ක් රස්තියාදු වුණා. වැඩ පටන්ගත්තෙ 2005 පස්සෙ. දැන් ඒ බලාගාරේ 1 වැනි අදියරේ විදුලිය ලැබෙනවා. මේ අතීතය අද සමහරුන්ට අමතකයි.’
කඩපිලක දී ආණ්ඩුවේ හිතවතා විපක්ෂයේ තම මිත‍්‍රයාට පිළිතුරු දුන්නේ මෙසේ දින වකවානු ගණන් හිලව් ඇතිවය.
”ඒව ඔක්කොම හරි. මේ විදුලිබිල වැඩි වීම දරාගන්න පුළුවන්ද? මේ වැඬේට තමුසෙ එකඟද ?”
‘කව්රුවත් වැඩිවෙනවට කැමති නෑනෙ.’’
ඔක්කොම කැමති අඩු වෙනවාටනෙ.
‘‘දැන් අපේ අය පුරුදු වෙලා ඉන්නෙ නිකම්ම හැම දෙයක්ම ගන්නයි.’’
‘‘එ් වුණාට දුප්පත් මිනිහගෙ විදුලි බිල වැඩිවෙන එක නතර කළානෙ. ආණ්ඩුව යම් සහනයක් දුන්නනෙ. ඇයි ඒක ගැන කල්පනා කරන්නේ නැත්තේ.’’
ආණ්ඩු පාක්ෂිකයාගේ පිළිතුර විය.
”ඒ වුණාට සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් යුනිට් 60ට වැඩිය පාවිච්චි කරන බව දන්නෙ නැද්ද?”
විරුද්ධ පාක්ෂිකයා ද අතහැරියේ නැත.
”හරි හරි 60 සිට යුනිට් 180 ගැනත් සලකා බලන්න ආණ්ඩුව සූදානම් ලූ. එහෙමත් නැතුව කොහොමද මේ ප‍්‍රශ්නය විසඳන්නෙ.”
ආණ්ඩු පාක්ෂිකයා කරුණු ඉදිරිපත් කළේ විදුලි ක්ෂේත‍්‍රයේ ආණ්ඩුවේ බලධාරීන්ට වඩා නිරවුල්වය.
තර්කානුකූලවය. ආණ්ඩුව රැක ගැනීමේ ඕනෑකමක් ඇතිවය.
මෙවන් සංවාද මේ දිනවල පොදු මහජනතාව ගැවසෙන තැන්වල නිතර දෙවේලේ අසන්නට ලැබේ. විදුලි බිලේ ප‍්‍රශ්නය ජනතාවට බලපා ඇති ආකාරය මින් පැහැදිලි වේ. එමඟින් ආණ්ඩුවට එල්ලවෙන විවේචනය ද ප‍්‍රබලය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැයි 1 වැනි දා ඒකක 60 දක්වා විදුලිබිල වැඩිවීම නතර කරනු ලැබ සහනයක් ප‍්‍රදානය කළේ එල්ලවන විවේචනයවලට ප‍්‍රතිචාරයක් දැක්වීමක් ලෙසිනි. එසේම එය දේශපාලන වශයෙන් විපක්ෂයේ සටන අඩපණ කර දැමීමට හොඳ තුරුම්පුවකි. නම්‍යශීලි ප‍්‍රවේශයකි. ගෘහස්ථ විදුලි පාරිභෝගික ජනතාවගෙන් පවුල් ලක්ෂ 24කට පමණ මෙමගින් සහන සැලසේ. විදුලිබල මණ්ඩලයේ ගණන් හිලව් වලට අනුව මේ පවුල් ලක්‍ෂ 24ට විදුලිය සැපයුම වෙනුවෙන් පමණක් රු. ද.ල. 1892.3ක් දරා ගැනීමට රජයට සිදුවේ. නැතිනම් එම ද.ල. 1892.3ක් අදාළ පවුල් වෙනුවෙන් රජය දරනු ලබන සහනාධාරයකි.
එහෙත් මේ රටේ විදුලි පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගික ප‍්‍රජාවෙන් 87%ක් පමණ මසකට විදුලි එ්කක 120 අඩුවෙන් පරිභෝජනය කරන පිරිසට අයත් වේ. හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක සඳහන් කරන්නේ මේ කාණ්ඩයට අයත්වන පිරිසේ විදුලිබිල සියයට 56කින් පමණ වැඩි වී ඇති බවයි. මේ අතර ජනාධිපතිවරයාගේ මැයි දින ප‍්‍රකාශයට අනුව සමස්ත විදුලි පාරිභෝගික ප‍්‍රජාවෙන් අඩකට ආසන්න පිරිසක් විදුලිබිල වැඩිවීමෙන් නිදහස් කරගෙන ඇත. දිවයිනේ වැඩි දරිද්‍රතාවකින් පෙළෙන පිරිස් නැත්නම් අඩු ආදායම් ලාභීන් ගනයට මෙම ලක්ෂ 24 අයත්වන නිසා ආණ්ඩුවේ නව විදුලි පිළිවෙත ඔවුනට සහනයකි. එසේම එ්කක 61 සිට 120 දක්වා පරිහරණය කරන පිරිස් ගනයට වැටෙන ගණන පවුල් ලක්ෂ 19ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. ආණ්ඩුවේ නව පිළිවෙත ජනමතයට සවන් දීමකි. එහෙත් ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමේ අර්බුදයට මුහුණ දී සිටින්නේ විදුලිය පාරිභෝගික ජනතාව නිසා නොවේ. මෙය ජනතාව ආණ්ඩුවට දී තිබෙන බලය විදුලි බල ක්ෂේත‍්‍රයේ මාෆියාව මර්දනය කිරීමට ආණ්ඩුව අසමත් වීම නිසා ඇති වූවකි. සමහරුන් පවසන්නේ එහෙමය.
”ඔය මාෆියා කතාව අපට තේරෙන්නෙ නැහැනෙ.
ඇයි දන්නවද ? ආණ්ඩුව හැම දේකටම මාෆියා කතාවක් කියනවා. නැත්නම් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ගැන කියනවනෙ.”
සමහරුන් සඳහන් කරන්නේ එහෙමය. බලාගෙන යනකොට ඒ කතාවත් ඇත්තය. ආණ්ඩුවේ සමහරුන් විවිධ කාරණා සම්බන්ධයෙන් දේශපාලන වාසියට, නැත්නම් විපක්ෂයට පිළිතුරු දීමට මාෆියා හා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ කතා ඇදගැනීම නිසා ඇත්ත මාෆියාව පවා දැන් ජනතාව පිළිගන්නේ නැති ගානට පත්වෙලා වාගේය.
අනෙක් පැත්තෙන් විදුලි බලමණ්ඩලයේ හා එම ක්ෂේත‍්‍රයේ කීප දෙනකුගේ නොසන්ඩාල වැඩ නිසා අප පරිප්පු කන්නේ ඇයිද යන ප‍්‍රශ්නය ද ජනතාවට මතු වී තිබේ. දෙවනුව මේ රටේ ආණ්ඩුවේ හා විපක්ෂයේ සමහරුන් දැවැන්ත විදුලි යෝජනා ක‍්‍රමයක් විවෘත වූ සැණින් පම්පෝරි ගහන්නේ දකුණු ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන්ය කියලාය. මේ නිසා එදා දකුණු ඉන්දියාවටත් විදුලිය දෙන්න පම්පෝරි ගැසූ නුඹලා අද අපේ විදුලිබිලට තට්ටු කරන්නේ මන්දැයි සමහරු ප‍්‍රශ්න කරන්නෝය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කීප විටක්ම ප‍්‍රසිද්ධියේම මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් අමතා පැවසුවේ ”වහාම ගල්අඟුරු විදුලිබලාගාර වල ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසය. ඊට හේතුව ”ඉදිරියේ විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි” යන්න කල්තියාම ඔහුට දැනුණ නිසා වියහැක.
සත්‍ය වශයෙන් වසර 12ක් පමණ ඉදිකිරීම් කටයුතු පවා ප‍්‍රමාද වී තිබුණු නොරොච්චෝලේ විදුලිබලාගාරයේ කටයුතු කඩිනමින් ඇරඹෙන්නේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් පරිදි 2005 පසුවය. මේ මොහොතේ නොරොච්චෝලේ ඉදි නොකළා නම් අනිවාර්යයෙන්ම විදුලිය කැපීමට සිදුවේ. නැතිනම් තෙල්වලින් නිපදවන විදුලියට දිගින් දිගටම මුදල් පොම්පකර ආණ්ඩුව බංකොළොත් වේ. ඒ නිසා අද පැය 24 පුරාම මේ විධියටවත් විදුලිය සැපයීමට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ ගල් අඟුරු විදුලි බලාගාර පිළිවෙත නිසාය. 2006 වසරේ සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙන්නේ මේ පිළිවෙතේ පිහිටාය. එසේනම් තවමත් එය ඉදි නොවී තිබෙන්නේ මන්ද? විදුලිය ක්ෂේත‍්‍රයේ මාෆියාවක් කි‍්‍රයාත්මක වනවාය කියන්නේ ඒ නිසාය. එය බැලූ බැල්මට වුව ද ජනාධිපතිවරයාගේ නියෝග සූක්ෂ්ම ලෙස අභිබවා යන මාෆියාවකි. ඊට ආණ්ඩුවේම කී දෙනකු සම්බන්ධ දැයි කියන්න දන්නේ නැත. මේ ප‍්‍රමාදය ඇති කරන්නෝ කවරහුද? ඊට හවුල් වූවන් හා ඔවුන් සමඟ සබඳතා පවත්වන රාජ්‍ය නිලධාරින් හා තාන්ති‍්‍රකයන් සොයා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමෙන් තොරව විදුලිබිල වැඩිකිරීමේ ප‍්‍රතිඵල ජනතාවට බුක්ති විඳීමට ඉඩදීම සාධාරණ වන්නේ නැත.
මේ වන විට ඛනිජ තෙල් මඟින් සිදුකරනු ලබන විදුලිය නිෂ්පාදනය සමස්ත නිෂ්පාදන ධාරිතාවෙන් සියයට 51කි. එය සියයට 30ක මට්ටමක තබාගැනීමෙන් තොරව මේ අර්බුදයට හෙට දවසේ වුවද ආණ්ඩුවට මුහුණදීම අපහසු වේ. ඊට විකල්පය ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනය වැඩි කිරීම හා හිරුඑළිය වැනි ශූන්‍ය බලශක්ති ප‍්‍රභවයක් වර්ධනය කිරීමයි. හරියට හිරුඑළිය නොලැබෙන මහා බි‍්‍රතාන්‍යය පවා 2020 වන විට තම විදුලි අවශ්‍යතාවෙන් සියයට 25ක් ශූන්‍ය බලශක්ති මඟින් නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ. පට්ට අව් රස්නයක් සහිත ශී‍්‍ර ලංකාව ඒ සම්බන්ධයෙන් ගැම්මකින් කල්පනා කරන බවක් නොපෙනේ. එ් වෙනුවට සමහරුන්ගේ මොළය වැඩ කරන්නේ ගතමනාවක් අතට ලැබෙන පරිදි තෙල්වලින් විදුලිය නිපදවා පවතින මිලටත් වඩා වැඩි මිලකට රජයට විකිණීමටය. ගල් අඟුරු බලාගාර ප‍්‍රමාද කරන්නෝ ඔවුන්ගෙන් කවරහුදැයි සොයාබැලීම වටී. විදුලිබල මණ්ඩලයේ ද සමහරුන් හවුල් වී ඇතැයි අනුමාන කරන මේ විදුලිය මාෆියාව නිර්මාණය වී ඇත්තේ මෙවන් පසුබිමකය.
මේ වන විට පෞද්ගලික අංශයේ විදුලිය උත්පාදනය රටේ මුළු උත්පාදනයෙන් සියයට 48ක් පමණ වේ යැයි සැලකේ. එය 2007ට වඩා සියයට 9ක වැඩිවීමකි. එසේම අදාළ කාර්යය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ දායකත්වය සියයට 57 සිට සියයට 52 දක්වා අඩුකර ගෙන තිබේ. එසේම වසරින් වසර සැපයුම් ධාරිතාව වැඩිකරමින් සිදු කෙරෙන මෙම දැවැන්ත පෞද්ගලික විදුලි නිෂ්පාදන මණ්ඩලය මඟින් මිලයට ගන්නේ වැඩි මුදලකටය. නැතිනම් විදුලි ඒකකයක් නිපදවීමට යන සාමාන්‍ය මිලට (රු. 23.30) වඩා වැඩියෙනි. පෞද්ගලික අංශයෙන් මිලට ගන්නා විදුලි ඒකකයක් සමහර විට රු. 40/=ටත් වඩා වැඩි වන බව ද පැවසේ. ”ලංවිම” නොමැතිව පෞද්ගලික අංශයට තම විදුලිය අලෙවි කිරීමට වෙනත් විකල්පයක් නොමැත. එවන් පසුබිමක වුව ද සාධාරණ මුදලකට විදුලිය මිලට ගැනීමට පෞරුෂයක් විදුලිබල මණ්ඩලයට නොමැති වී තිබෙන්නේ මන්ද ? ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට ”ලංවීම”ට රු. කෝටි 11000ක් පමණ වසරකට වැය කිරීමට සිදු වී තිබෙන බව පැවසේ. මෙම මුදල විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම මෙන් අඩකට වඩා වැඩිය. මේ වසරේ ”ලංවිම” ඉලක්කගත ආදායම රු. බිලියන 178කි. ගල් අඟුරු බලාගාර කඩිනමින් ඉදිවන්නේ නම් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි එ්කක ප‍්‍රමාණය අඩුවන අතර ඔවුනට ගලායන මුදල ද අඩුවේ. බලාගාර ඉදිකිරීම් ප‍්‍රමාදවන්නේ මෙවන් පසුබිමකය. ජනතාවගේ විරෝධය ”ලංවිම” දෙසට යොමු වී තිබෙන්නේ මේ මාෆියාව නිසා ගෙවීමට සිදු වී තිබෙන විදුලි බිලට එරෙහිවය.
සමහර පෞද්ගලික විදුලි සැපයුම්කරුවන් සමඟ ඇතිකරගෙන තිබෙන දීර්ඝ කාලීන ගිවිසුම් නැවත සමාලෝචනය කර සාධාරණ තැනකට නොපැමිණ වහාම ”සාම්පූර්” විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කරන්නේ නැත්නම් ඔය මොනවා කීවත් නව ඇමතිනියගෙන් හෝ නව සභාපතිවරයාගෙන් ද පලක් නැත. එසේ නොමැතිව කිතුල්ගහට හොරෙන් නැග්ග මිනිහා නිදහසට කියන තාලේ කතා කීවාට පලක්වන්නේ නැත. මේ නිසා දැන් විදුලි බිලට එළියේ ගහගැනීම නතර කළ යුතුය. එ් සඳහා කාගේත් සහාය වත්මන් ඇමතිනියට ලැබිය යුතුව ඇත. මේ ආණ්ඩුව කැඳ හැලියක් නොවී වගකිව යුතු ආණ්ඩුවක් වන්නේ එවිටය.
වසන්තප‍්‍රිය රාමනායක |
හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුලි බිලේ නොකී කතාව
දිසානායක Saturday, 04 May 2013 11:43 AM
මට නම් දැන් ඔබ ගැන ලැජ්ජයි.(නදී)
දිසානායක Saturday, 04 May 2013 11:53 AM
අවසාන කාලේ චන්ද්‍රිකා නැටුවේත් ඔය නාඩගමම තමයි.(නදී)
මුරුගන් Sunday, 05 May 2013 02:28 AM
බත් කන ජනතාව මේවට වගකියන්න ඕනෑ. (නි)
දර්ශන Saturday, 04 May 2013 06:32 AM
මේවා අහලා අපිත් පිස්සො වෙනවා (නි)