IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


විදේශ ආධාරවලින් රට හැදෙයිද?

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් රට සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් අත් කරගෙන තිබේ. එසේ වුවද එම ගමනේදී විවිධාකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදුවිය හැකිය යන කාරණාව පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ආර්ථික ස්ථාවරත්වයක් කරා යන ගමනේදී කවර රජයකට වුවද අභියෝගවලට මුහුණදීමට සිදුවන අතර ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම ඒවාට මුහුණදෙන ආකාරය අනුව තීරණය වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද 2024 වසරේ සැප්තැම්බර් මාසයට අදාළ විදේශ ආර්ථික කටයුතු පිළිබඳ වාර්තාවේ දත්ත මගින් ප්‍රකාශ වන්නේ රටට මුහුණදීමට සිදුව ඇති අනාගත ආර්ථික අභියෝග සහ ගැටලු පිළිබඳව අනතුරු ඇඟවීමක් යැයි සිතිය හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නිකුත් කර ඇති මෙම වාර්තාව මගින් මේ වසරේ සැප්තැම්බර් මාසයට අදාළ විදේශ ආර්ථික කටයුතු පිළිබඳවත් 2024 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයට අදාළ විදේශ ආර්ථික කටයුතු පිළිබඳවත් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සමහර ආර්ථික අංශ පිළිබඳව සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට රටට හැකි වී ඇත. රටේ නිල සංචිත ප්‍රමාණය 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 ක් වුවද 2024 සැප්තැම්බර් මාසයේදී එය ඩොලර් බිලියන 6 දක්වා වැඩි වී තිබේ. මේ වසරේ අගෝස්තු මාසයේදී නිල සංචිත ප්‍රමාණය එම මට්ටමේ පැවති අතර පසුගිය කාල පරිච්ඡේදය තුළ රුපියලේ අගය වැඩිවීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී ශුද්ධ නිල සංචිත ප්‍රමාණයේ වැඩිවීමක් සිදු නොවූ බවද එම වාර්තාවෙන් හෙළි වේ. විදේශ ආර්ථික කටයුතුවලදී ඉතා වැදගත් වන්නේ සතුටුදායක මට්ටමකින් රටේ නිල සංචිත ප්‍රමාණය ගොඩනගා ගැනීමේ හැකියාවයි.

2022 වසරේදී එක්තරා අවස්ථාවකදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 50 දක්වා අඩු විය. ඒ හා සසඳන විට මෙම සැප්තැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 6 ක සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට හැකිවීම රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා උපස්තම්භක වන බව ප්‍රකාශ කළ හැකිය. එම සංචිත ගොඩනගා ඇත්තේ 2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ඩොලර් මිලියන 500 කට වඩා විදේශ ණය සහ සේවා ගාස්තු ගෙවීම හේතු කොටගෙන සාර්ව ආර්ථික කළමනාකරණයේදී ඉහළ සාර්ථකත්වයක් ළඟා කර‌ගෙන ඇති බව පෙන්නුම් කරයි.

කෙසේ වුවද ඉදිරි ආර්ථික කටයුතුවලදී පැන නැගිය හැකි අභියෝග පිළිබඳව සඳහනක් රටේ වෙළෙඳ ශේෂය එනම් අපනයන ආදායම සහ ආනයන වියදම පිළිබඳ සංඛ්‍යා දත්ත මගින් හෙළිවන බව පෙනේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී රටේ අපනයන ආදායම ඩොලර් මිලියන 1012 ක් විය. ආනයන වියදම ඩොලර් මිලියන 1646 ක් විය. ඒ අනුව සැප්තැම්බර් මාසයේ වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් මිලියන 634 ක් විය. එය 2024 වසරේදී වාර්තා වූ ඉහළම හිඟය විය. මේ වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලය තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 9518 ක් වූ අතර, ආනයන වියදම ඩොලර් මිලියන 13,718 ක් විය. එයින් පෙන්නුම් කරන්නේ රට පසුගිය කාලය තුළදී වාහන ආනයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් ඉවත් කිරීම හේතුවෙන් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි. 2023 වසරේ එම කාලය තුළ එම හිඟය ඩොලර් මිලියන 3341 ක් විය. මේ වසරේදී මාස 09 ක කාලය තුළ වෙළෙඳ හිඟය ගිය වසරට වඩා ඩොලර් මිලියන 1141 කින් වැඩි වී තිබේ.

ආර්ථික අර්බුදයට පෙර සිටම අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය මේ ආකාරයට ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද එම හිඟය පියවා ගැනීමට බොහෝ දුරට ඉඩ ලැබුණේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සහ විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවනු ලබන ප්‍රේෂණ මාර්ගයෙනි. එසේ වුවද කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් එම ආදායම් මාර්ග දෙකම පහළ වැටීම නිසාත්, ඒ අතරම විදේශ ණය සහ පොලී ගෙවීමට සිදුවීම නිසාත් ආර්ථික අර්බුදයේ බලපෑම ඉහළ මට්ටමකට පත් විය. එම තත්වය තුළ එම ගැටලුවලට මුහුණදීම සඳහා රටේ ආනයන තහනම් කිරීමේ සහ සීමා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාල පරිච්ඡේදයේදී අපනයන ආනයන පරතරය සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගැනීමට හැකියාව ලැබුණි.

එසේ වුවද ක්‍රමයෙන් සංචාරක පැමිණීම වැඩිවීම නිසා ලැබෙන විදේශ විනිමය ආදායම ඉහළ යෑම නිසාත් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යෑම නිසාත් තත්වය සැලකිය යුතු මට්ටමකින් පාලනය විය. අයි.එම්.එෆ් සමග විස්තීරණ ණය පහසුකම් පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ ගිය බැවින් ආනයන පාලන ප්‍රතිපත්තිය ලිහිල් කිරීමටද රජයට හැකිවිය. මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ආනයනය පිළිබඳ සීමා පමණි. එසේ වුවද 2025 වසරේ සිට එම සීමා ද ඉවත් කර මෝටර් රථ ආනයනයට ද ඉඩ ලබා දෙන බව ප්‍රකාශ වී තිබේ. එසේ වුවද මේ වසරේ දක්නට ලැබෙන අපනයන ආනයන පරතරයෙන් පැහැදිලි වන්නේ මෝටර් රථ ආනයනයට ඉඩ දිය හැකිද යන කාරණය පිළිබඳව අවිනිශ්චිතතාවක් ගොඩනැගෙන බවයි. ‍

2023 ජනවාරි - සැප්තැම්බර් කාලයේදී සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 1457 ක් විය. එසේ වුවද 2024 ජනවාරි - සැප්තැම්බර් කාලය තුළ එම ආදායම ඩොලර් මිලියන 2348 දක්වා ඉහළ ගියේය. එය වාර්තාගත වැඩිවීමක් බව පෙන්වා දිය හැකිය. කෙසේ වුවද 2024 සැප්තැම්බර් මාසයේදී සංචාරක ව්‍යාපාරය ද ඇතුළු සේවා අංශයෙන් රටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 311 ක් විය. එහෙත් 2023 වසරේදී සේවා අංශයේ ආදායම ඩොලර් මිලියන 319 ක් වූ අතර ඉදිරියට අභියෝගයක් විය හැක්කේ සේවා අංශයේ ආදායම මෙම සැප්තැම්බර් මාසයේ මෙන් පහළ යෑමක් පිළිබිඹු කරන්නේ නම් පමණි.

විදේශ ශ්‍රමිකයන්ගෙන් 2023 වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලයේදී ඩොලර් මිලියන 4345 ක ආදායමක් ලැබුණි. එය 2024 ජනවාරි - සැප්තැම්බර් කාලයේ ඩොලර් මිලියන 4844 දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේ එම කාලය හා සසඳන විට මේ වසරේ එම කාලය තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 11.5 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ ජූනි මාසයේ සිට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සෑම මසකදීම ඩොලර් මිලියන 500 ඉක්මවා ඇත. එසේ වුවද ගැටලුව වන්නේ 2024 අගෝස්තු මාසය හා සසඳන විට සැප්තැම්බර් මාසයේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී ඇති බවය.

පසුගිය කාලයේ විදේශ ආර්ථික අංශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පෙන්නුම් කරන එක සාධකයක් වන්නේ රුපියලේ අගය සැලකිය යුතු මට්ටමකින් ප්‍රතිප්‍රමාණය වීමයි. රුපියලේ අග‌ය ඉහළ යෑමයි. ඒ හේතුවෙන් ආනයන වෙනුවෙන් ගෙවීමට සිදුවන රුපියල් ප්‍රමාණය අඩුවී ආනයන මිල පහත වැටෙනු ඇත. කෙසේ වුවද රුපියලේ අගය ඉහළ ගොස් ආනයන මිල අඩුවීමේ ප්‍රතිලාභ රටේ මහජනතාවට සැලකිය යුතු මට්ටමකින් ලබාදීමක් සිදුව නැති බව පෙනේ. අනෙක් අතට අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී ආදායම පහළ වැටීමක් සිදුවීම, විදේශ ප්‍රේෂණ රටට එවීමේදී ලැබෙන රුපියලේ ප්‍රමාණය අඩුවීම වැනි අවාසිදායක ප්‍රතිඵලවලට මුහුණ දීමට ද සිදුවේ. සැප්තැම්බර් මාසයේ රජයේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පහළ වැටීම කෙරෙහි බොහෝ දුරට බලපා ඇත්තේ රුපියලේ අගය වැඩිවීම නිසා විදේශ ශ්‍රමිකයන් මුදල් ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද කිරීම යැයි සිතිය හැක. රුපියලේ අගය වැඩිවීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කෙරෙහි ද එවැනිම බලපෑමක් ඇතිවීමට ඉඩ තිබේ.

2024 ජනවාරි - සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ රටේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය තුළින් පැහැදිලි වන්නේ ආර්ථික අර්බුදයෙන් පසු මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බොහෝ අංශ සැලකිය යුතු මට්ටමකින් හොඳ ප්‍රතිඵල ළඟා කරගෙන ඇති බවයි. එසේ වුවද සාර්ව ආර්ථික කළමනාකරණයේදී එක් අංශයකින් හොඳ ප්‍රතිඵල ලැබෙද්දී තවත් අංශයකින් අයහපත් ප්‍රතිඵලද අත්විඳීමට ඉඩ ඇති බවද මතක තබාගත යුතුව ඇත. රුපියලේ අගය ඉහළ යන විට ආනයන මිල පහත වැටෙන නමුදු ඒ සමගම විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම අඩුවීමට ද ඉඩ තිබේ.

අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටට ලැබෙන විදේශ ආධාර සහ ණය මුදල් හේතුවෙන් ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් වාසි සහගත තත්වයක් ඇතිකර ගැනීමට අද වනවිට රටට හැකි වී තිබේ. මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත යුතුය. කෙසේ වෙතත් මෙවැනි ආර්ථික අර්බුදයකදී සාර්ව ආර්ථික කළමනාකරණය විචක්ෂණ මට්ටමකින් මෙහෙයවීමට නොහැකි වන්නේ නම් ප්‍රතිඵල අනතුරුදායක සහ භයානක විය හැක.

(*** කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  සුනන්ද මද්දුම බණ්ඩාර)



අදහස් (0)

විදේශ ආධාරවලින් රට හැදෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 105 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 41 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1083 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 135 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site