IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළත් මම දිගටම දේශපාලනයේ ඉන්නවා

    26_MA_P6  

 

පුලතිසිපුර සාමාන්‍ය ගොවි පවුලක ඉපිද රටේ ඉහළම ධුරය වන විධායක ජනාධිපතිධුරය දක්වා පියවරෙන් පියවර ආ මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරිණත දේශපාලන නායකයෙකි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේද නායකත්වය හොබවන එතුමා මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව ලබන 8 වැනිදාට හරියටම වසරකි. ගතවූ වසරක කාලය තුළ එතුමා කළ කී දෑ පිළිබඳව අතීතාවලෝකනයක යෙදෙමින් ඉදිරි අභියෝග පිළිබඳව ඉරිදා ලංකාදීපය එතුමන් සමග කළ විශේෂ සාකච්ඡුාවක සටහනකි මේ.

 

 

  •  ප‍්‍රශ්නය - ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රටේ භාරකාරයා ලෙස පත්වී ලබන 8 වැනිදාට වසරක් ගතවෙනවා. ගෙවුණු වසරක කාලය දෙස ආපසු හැරිලා බලද්දි ඔබතුමා තෘප්තිමත්ද?

පිළිතුර - මා ජනාධිපතිවරයා ලෙස පත්වෙලා ජනවාරි 8 වැනිදාට වසරක් සම්පූර්ණ වෙනවා. මේ ගතවූ වසරත් 2015 ජනවාරි 8 වැනිදාට පෙර රටේ තිබුණු තත්ත්වයත් සන්සන්දනය කරනවිට අපට ඉතාම පැහැදිලිව සතුටුවෙන්න පුළුවන්. රටට අවශ්‍ය වෙනස්කම් සඳහා ආරම්භයක් මම ලබාදීලා තියෙනවා. සතුටු විය හැකිද කියන කාරණාවේදී මම බලන්නෙ මගේ පෞද්ගලික සතුට නෙවෙයි. රටේ ජනතාව සතුටට පත්වෙනවද රටේ ජනතාව සෑහීමට පත්වෙනවද කියන කාරණයයි. මේ රටේ උගත් බුද්ධිමත් පිරිස් කොතෙක් දුරට සෑහීමට පත්වෙනවාද කියන කාරණයයි. ඉතින් ඒ තත්ත්වය සන්සන්දනය කර බලද්දි මම බලයට පත්වීමට පෙර මේ රට තුළ තිබුණු පාලන තන්ත‍්‍රය සහ මගේ රාජ්‍ය පාලන ස්වරූපය අතර පැහැදිලි වෙනස්කම් රාශියක් තියෙනවා.


විධායක ජනාධිපතිධුරය ගැන කතා කරන විට අපි කවුරුත් දන්න දෙයක් තමයි ’78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නිර්මාණය කළේ ඉතාමත් ප‍්‍රබලම තනතුරක්. ලෝකයේ වෙනත් රටක රාජ්‍ය නායකයකුට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙතෙක් දී නැති ඉහළම බලයක් දී තිබෙන තනතුරක් තමයි 78 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළේ. හැබැයි ඒ තත්ත්වය 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජාණ්ඩුවක ස්වරූපය ගත්තා. එවිට 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ඉතිහාසයේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස ගැන කතා කරද්දි ඛේදවාචකයක් විදිහටයි මම දකින්නෙ.

 

1

 


තාක්ෂණයත් එක්ක ජනතාව අද ජීවත් වෙන්නෙ නිදහස් සමාජයක. එතනදි සාමාන්‍ය පොදු මහජනතාව වැටවල්වලින් බැමිවලින් දම්වැලින් බඳින්න පුළුවන් කමක් නැහැ. අධිකරණ කොමිෂන් සභා රාජ්‍ය නිලධාරින් පත් කිරීම ආදිය තනි පුද්ගලයකු අතට ගත්තොත් රටට මොන තරම් අහිතකරද කියන කාරණය බලන්න. මෙතන පුද්ගලයා පිළිබඳව භූමිකාව නෙවෙයි ප‍්‍රශ්නය තියෙන්නෙ. අදාළ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විශේෂඥයින්ගේ ප‍්‍රවීණයන්ගේ අදහස විමසලා අපක්ෂපාතිව නිවැරැදිව එම තනතුරුවලට පත් නොකර පුද්ගලිකව බලය පාවිච්චි කරලා කිරීමෙන් රටට දීර්ඝ කාලීනව බරපතළ අවාසි සිදුවෙනවා. මේ වගේ සාකච්ඡුාවකදි ඒ ගැන විශාල වශයෙන් කතා කරන්න හැකියාවක් නැහැ. අපි 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළේ විශේෂයෙන්ම මා බලයට පත් කළ එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් දේශපාලන බලවේගවලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ සහයෝගයෙන්. ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයට මන්තී‍්‍රවරු 47යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රී ආසන 140කට වැඩිය තිබුණා. 


එක්සත් ජාතික පක්ෂයට සහ මගේ ජයග‍්‍රහණයට කැපවූ අනෙකුත් දේශපාලන බලවේග විසින් රටට ඉදිරිපත් කරන ලද ජාතික පොදු අරමුණ ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් තුනෙන් දෙකකට වැඩි ඡන්දයක් මේ 19 වැනි සංශෝධනයට ලැබුණා. ඒ ඓතිහාසික ගෞරවය පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කළ මන්තී‍්‍රවරුන් 215 දෙනාටම ලැබෙනවා.


දැන් බලන්න ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම. ස්වාධීන මැතිවරණ කොමිසමක් ගැන අවුරුදු 40 කට වැඩි කාලයක් තිස්සේ කතා කළා.


පාර්ලිමේන්තුවේ කතා කළා. මාධ්‍යවල කතා කළා. නමුත් කිසිවකුට ඒ කාර්ය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් මාසයකට කලින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන්න අපිට හැකිවුණා. නිදහස් හා සාධාරණ මැතිවරණ සංකල්පය ගැන අපි හැමදාම කතා කළා. ඒ කාරණය ගැන අපට ඉතාම සතුටු වෙන්න පුළුවන්. පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම ආදිය සමග රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව රටේ මොන තරම් සැහැල්ලූවක් ඇති වුණාද? අධිකරණය ගැන බලන්න. එක් එක් කාල පරිච්ෙඡ්ද ගත්තම අධිකරණයට මොන තරම් බලපෑම් එල්ල වුණ කාලවකවානු තිබුණද? 1978 ව්‍යවස්ථාවත් එක්ක ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලෙ ඉඳලම විනිශ්චයකාරවරුන්ගේ ගෙවල්වලට ගල් ගැහුවා. ගෙවල් ඉස්සරහා උද්ඝෝෂණ කළා. අග‍්‍රවිනිශ්චයකාරවරයෙක් පාර්ලිමේන්තුවට කැඳවන්න තීරණය කළාම තනතුර දාලා අග‍්‍රවිනිශ්චයකාරවරයා යන්න ගියා. මෑතභාගයෙ අග‍්‍ර විනිශ්චකාරවරියක් පැය 48ක් වගේ කෙටි විමර්ශනයකින් පසුව තනතුරින් පහකළා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දුන්නා. අධිකරණයට මොනතරම් අකෘතඥවූ බලපෑමක් විධායක බලතල තුළ සිද්ධ කළාද?

 

2

 


හැබැයි මේ වසරකට ආසන්න කාලය ගත්විට අධිකරණය මොනතරම් ස්වාධීනව අපක්ෂපාතීව කටයුතු කරනවද? මේ හැම අංශයක්ම ගත්විට අපට සතුටු වෙන්න පුළුවන් දෛනික ජීවිතය තුළ ජීවන වියදම් ප‍්‍රශ්නය ඇතුළුව ජනතාවට එදිනෙදා බලපාන කරුණු වලදී යම් අතෘප්තිකර තත්ත්වයන් ඇතැම් අංශවල තියෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. එහෙත් මෙතැනදි බඩට දැනෙන දේවල්වලට වඩා ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජීවත්වීමට අවශ්‍ය නිදහස් පරිසරය රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ තහවුරු කළ යුතු මානව අයිතිය ආදී මේ සියල්ල තහවුරු කරමින් ශක්තිමත්ව යනවා. අද සුදු වෑන් නැහැ. මිනීමැරීම් නැහැ. අතුරුදන්වීම් නැහැ. 


අද එවැනි දේවල් සිද්ධ වෙන්නෙ නැහැ. එවැනි දේ සිදුවුවහොත්  ඕනෑම කෙනකුට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක වෙනවා. 

 

 

  •  ප‍්‍රශ්නය - එක පැත්තකින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරනවා. අනෙක් පැත්තෙන් රණවිරුවන් හිරේට ගන්නවා. මෙය ආණ්ඩුවට එල්ලවෙන ප‍්‍රබල චෝදනාවක්. මේ චෝදනාවලින් ආණ්ඩුවට ගැලවෙන්න පුළුවන්ද?

 පිළිතුර - ඒක තමයි කියන්නෙ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම ගැන අපට චෝදනා කරන අය කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න  ඕනෑ. ජනවාරි අට වැනිදාට කලින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් කොච්චර නිදහස් කළාද කියලා අපි බලයට එන්න කලින් හිටපු අය. පසුගිය රජය කාලෙ 2009 සිට 2014 වනවිට එල්.ටී.ටී.ඊ. සිරකරුවන් 12,000ක් නිදහස් කළා. ඒ ගොල්ලන්ගෙන් සමහර අය පුනරුත්ථාපනය කළා. එවිට 12,000ක් නිදහස් කරලා. තවත් කොටසක් පුනරුත්ථාපනය කළා. දැන් බලන්න කරුණා අම්මාන් වගේ අය. කරුණා අම්මාන් කියන්නෙ පුංචි මිනිහෙක්ද? නැගෙනහිර එක රැුයකට පොලිසියේ නිලධාරින් 700ක් ඝාතනය වූ බව අපි දන්නවා. ඒ වගේම අරන්තලා භික්ෂු ඝාතනය අපි දන්නවා. ඒ කාලය තුළ නැගෙනහිර එල්.ටී.ටි.ඊ. නායකත්වයේ හිටියෙ කවුද කියල අපි දන්නවා කරුණා අම්මාන් මහත්මයා අපි රජයට එකතු කර ගත්ත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකමක් දුන්නා. ඇමැතිකමක් දුන්නා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා.

 

3

 


ඊළඟට නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන් මහත්මයා එල්.ටී.ටී.ඊ.ය තුළ කොතැනද හිටියෙ කියල හැම කෙනෙක්ම දන්නවා. එතකොට පිල්ලෙයාන් මහත්මයා මහ ඇමැති කළා. ඒවා වැරැුදියි කියල නෙවෙයි මම මේ කියන්නෙ. ඊළඟට බලන්න දැන් කේ.පී. කුමරන් පද්මනාදන්ට එල්.ටී.ටී.ඊ.යෙ මොනතරම් සම්පත් තිබුණද? ආයුධ සැපයුවේ නැව් තිබුණෙ වෙඩි බෙහෙත් ප‍්‍රවාහනය කළේ ඒ ඔක්කොම කරපු කෙනෙක් තමයි කේ.පී. එතකොට කුමරන් පද්මනාදන්ට පසුගිය රජය කාලෙ කොහොමද සැලකුවේ. එතකොට එයාට දුන්න නිදහස? එයා අද ඉන්න තත්ත්වය, කරුණා අම්මාන් ඇමැතිවරයෙක් කිරීම පිල්ලෙයාන් මහ ඇමැති කිරීම ඇයි මේවා මෙහෙම කළේ? සංහිිඳියා කි‍්‍රයා පිළිවෙතක් සඳහා දෙපාර්ශ්වය තුළ ඇතිකරගත යුතු වෛරය, ක්‍රෝධය අවසන් කරගෙන යම්කිසි තැනකට යන්නයි. ඒ කාලෙ ඒ විදිහෙ වගේ බරපතළ අය මෙතන නැහැ. කරුණා අම්මාන්ගෙ මට්ටමේ අය මෙතන නැහැ. ඉතා බරපතළ චෝදනා තියන අය ඉන්නවා නම් අපට ඒ අය නිදහස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි නිදහස් කරන්නෙ යම්කිසි නිදහසක් දෙන්න පුළුවන් අය. දැන් සමහර අය යවල තියෙන්නෙ ඇප දීලා. ඒ අයට සම්පූර්ණයෙන් නිදහස දීලා නැහැ. ඒක නිසා මේ තත්ත්වයත් වෙන වෙනම සැළකිල්ලට ගත්තම පියවරෙන් පියවර කරන්නෙ වෛරයට, ක්‍රෝධයට කෝන්තරයට පත්ව සිටින දෙපාර්ශ්වයක් අතරේ ඒ වෛරය සහ ක්‍රෝධය ඉවත් කිරීමයි. එදිරිවාදිකම් අවසන් කිරීමක් මේ කරන්නෙ. එදිරිවාදිකම් අවම කිරීම සඳහා දෙපාර්ශ්වයම කැප කිරීම් කළ යුතු වෙනවා. ඒ තත්ත්වය මතයි සිරකරුවන් නිදහස් කිරීම කරන්නෙ. අද මේ තිහක් හතළිහක් සම්බන්ධයෙන් තීන්දු ගත්ත කියලයි මේ කෑගහන්නෙ.


ඊළඟට ඔය එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරනවාය හමුදා නිලධාරින් අත්අඩංගුවට ගන්නවාය කියන කාරණයේදී යුද්ධයක් කරනවිට හමුදාව විසින් පිළිපැදිය යුතු විනය නීති තියෙනවා. ඒ වගේම යුද්ධයක් කිරීමේ ආචාර ධර්ම තියෙනවා. ඒ වගේම මෙවැනි යුද්ධයක් කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් නීති රීති ජාත්‍යන්තර සම්ප‍්‍රදායන් තියෙනවා. එයින් බැහැරවූවාම බොහෝ වෙලාවට ඒ බැහැර වෙච්ච කොටස්වලට යම් යම් චෝදනා එනවා. සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක කතා කරල බලන්න. ෆොන්සේකා මහත්තයා මොකද්ද කියන්නෙ. සරත් ෆොන්සේකා මහත්තයා කියන්නෙ යම්කිසි නීති විරෝධී වැඩක් හමුදා විනයට පටහැනි දෙයක් කරල තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනව කියලයි.

 

4

 


මේ අත්අඩංගුවට අරන් ඉන්න හමුදාවෙ පිරිස සම්බන්ධයෙන් තියෙන චෝදනා දීර්ඝ කාලයක් තිස්සෙ ජනමතයක් විදිහට ආපු කාරණා. එතකොට ජනමතයක් විදිහට ආපු කාරණාවලට විසඳුම් ලබාදෙන්න කියල දීර්ඝ කාලයක් තිස්සෙ උද්ඝෝෂණ ඇතිවුණා. අපි ආණඩුව ගන්න කලින් මැතිවරණ ව්‍යාපාරය තුළත් අපෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳව පරීක්ෂණ අවශ්‍යයි කියලා. එහෙම වුණොත් තමයි අලූත් ආණ්ඩුවක් හදන්න සහයෝගය දෙන්නෙ කියලා. දැන් ඔය එක්නැළිගොඩ ප‍්‍රශ්නය. ඊළඟට ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය. රවිරාජ් මන්තී‍්‍රවරයාගේ ප‍්‍රශ්නය. මේ වගේ කරුණු ගණනාවක් රට ඇතුළෙත්, රටින් පිට ජාත්‍යන්තරය තුළත් දීර්ඝ කාලයක් තිස්සෙ සාකච්ඡුා වුණා. ඉතින් අපේ රට මේවායෙන් නිදහස් වෙන්න  ඕනැ. ඒවායෙන් නිදහස් වෙන්න පරීක්ෂණ කරල නිවැරැුදි දේ හොයා ගන්න  ඕනෑ. යම්කිසි කෙනෙක් වැරැුද්දක් කරල නැත්නම් ඒ  ඕනෑම කෙනෙක් නිදහස් වෙනවා. යම් කෙනෙක් වැරැුද්දක් කළානම් ඒකට දඬුවම් විඳින්න සිද්ධවෙන එක  ඕනෑම තැනක සිද්ධවෙන දෙයක්. අපි මේවා අපක්ෂපාතීව හිතන්න  ඕන. මේවා මේ ජාතිවාදය අවුස්සලා දේශපේ‍්‍රමීත්වය තුළ කරන්න බැහැ. දේශපේ‍්‍රමීත්වය, ජාතිවාදය අවුස්සන්න බොහොම පහසුයි. ප‍්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමේ තත්ත්වය බොහොම ගැටලූ සහගතයි. මේ අසීරු ගැටලූ සහගත සංකීර්ණ දේ තමයි ආණ්ඩුවක් විදිහට අපි කරන්නෙ.

 

 

  • ප‍්‍රශ්නය - එෆ්.සී.අයි.ඞී එක සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. විපක්ෂයෙ සමහරු කියන්නෙ මේ හරහා දේශපාලන දඩයමක් සිදුවෙනවා කියලයි. ඒ අතරෙ එහි ඇතැම් නිලධාරින් පෞද්ගලික පලිගැනීම් ඉටුකර ගන්නා බවටත් චෝදනා එල්ල වෙනවා.

 පිළිතුර - බරපතළ දූෂණ වංචා පිළිබඳව අපි මැතිවරණ ප‍්‍රකාශනයෙන් දුන් පොරොන්දුවක් තිබුණා. පහුගිය ආණ්ඩුව කාලෙ සිදුවෙච්ච බරපතළ ¥ෂණ වංචා මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවට අපි පොරොන්දුවක් දුන්නා. ඒ දූෂණ, වංචා වැළැක්වීමේ පළවෙනි පියවර විදිහට තමයි 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා හැදුණේ. ඒක තමයි අංක එක. ඊළඟට එල්ල කරන ලද යම් යම් සිද්ධීන් පිළිබඳව ප‍්‍රායෝගිකව කි‍්‍රයාමාර්ග ගන්න අපි විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ඒක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයා විසින් කළ හැකි දෙයක්. විශේෂ ජනාධිපති කොමිෂන් සභාව එක් පැත්තකින් මේ විමර්ශන කරගෙන යනවා. ඊළඟට එෆ්.සී.අයි.ඞීය ගත්තම ඒ පිළිබඳව සාධාරණ විවේචන තියෙනවා. මම ඒක පිළිගන්නවා. එෆ්.සී.අයි.ඞීයට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනාවලදි මන්ත‍්‍රීවරුන්ගෙනුත් මම ඉල්ලීමක් කළා ඒ චෝදනා ඔප්පු කළ හැකි ආකාරයට මට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න කියලා. එෆ්.සී.අයි.ඩිය කටයුතු කිරීමේදී දේශපාලන පක්ෂ ග‍්‍රාහකත්වයකින් කටයුතු කරනවා නම් ඒක බරපතළ වැරැුද්දක්. ඒ නිසා එෆ්.සී.අයි.ඞී.යට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සහ විභාගවලදී අපක්ෂපාතිව හා සාධාරණව ඒ කටයුතු කිරීමට එෆ්.සී.අයි.ඞී.යට වගකීමක් තියෙනවා. එෆ්.සී.අයි.ඞීය පත් කරල තියෙන්නෙ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව. ඒ තියෙන බලතල මතයි. එෆ්.සී.අයි.ඞීය තුළ කෙරෙන විමර්ශන කටයුතුවලදි එක් පැත්තකින් එෆ්.සී.අයි.ඞීය බොහොම සාධාරණව ඒ කටයුතු කෙරෙන අංශ මම දකිනවා. ඒ එක්කම එෆ්.සී.අයි.ඞීයට යම් යම් චෝදනා එල්ලවෙලා තියෙනවා.


එෆ්.සී.අයි.ඞීයට විරුද්ධව තියෙන චෝදනා සම්බන්ධයෙන් යම්කිසි අවශ්‍ය පරීක්ෂණයක් කරන්න මම බලාපොරෙත්තු වෙනවා. පොලිස්පතිතුමාත් ඒ වගේම එහි ප‍්‍රධානින් සමග මම ළඟදීම සාකච්ඡුා කරල ඒ වගේම රජයේ අනෙකුත් ප‍්‍රධානීන් සමගත් සාකච්ඡුා කරලා සුදුසු පියවර ගැනීමට  බලාපොරොත්තු වෙනවා. 

 

 

  •  ප‍්‍රශ්නය - විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ලබන 9 වැනිදා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීමටත් ආණ්ඩුව සැලසුම් කරල තියෙනවා. කොපමණ කාලයකින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේනවාද?

 පිළිතුර - අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අද පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ වෙනසක් අවශ්‍යයි කියන එක. ඒ වෙනස අවශ්‍යයි කියන කාරණය ගත්තම, දැන් මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන්න කලින් ලෝකයේ තිබුණු දුර්වලම පාර්ලිමේන්තුව තමයි අපේ පාර්ලිමේන්තුව. ලෝකයේ තිබුණ ප‍්‍රබලම තනතුර තමයි අපේ රටේ විධායක ජනාධිපති තනතුර. විශේෂයෙන්ම 18 වැනි සංශෝධනයෙන් පස්සෙ ලෝකයෙ දුර්වලම පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය සහතික කරන ප‍්‍රධානම ආයතනය ලෙස ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ ලෝකයෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නැති මේ රටේ නිර්මාණය කර තිබෙන අසීමිත බලතල තිබෙන විධායක ජනාධිපතිධුරය මගේ පෞද්ගලික අදහස නම් අහෝසි විය යුතුයි. මේ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගෙන සම්පූර්ණයෙන් අහෝසි කිරීම හෝ මේ තියෙන බලතල අවම කිරීම හෝ පාර්ලිමේන්තුවට භාර කාරණයක්. ඒකට මගේ සම්පූර්ණ සහාය තියෙනවා. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරන්නත් මගේ සහයෝගය තියෙනවා. එහෙම නැත්නම් බලතල අවම කරන්නත් මගේ සහයෝගය තියනවා. මොකද මේ තනතුර මේ රටට සුදුසු තනතුරක් නෙවෙයි.


මේ තනතුර පිළිබඳ ප‍්‍රශ්නය තියෙන්නෙ මේ තනතුරට පත්වන පුද්ගලයාගේ තියෙන චරිත ලක්ෂණත් එක්කයි. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ඉඳල මම බලයට පත්වන කාලය දක්වා කාලය ගත්තම ජනාධිපතිවරු 6 දෙනෙක් ඉඳල තියෙනවා. මේ හයදෙනා මේ තනතුර පාවිච්චි කරපු ආකාරය  ඕනෑ කෙනෙකුට අධ්‍යයනය කරන්න පුළුවන්. මෙවැනි තනතුරක් පුද්ගලයාගේ චරිත ලක්ෂණ මත පවත්වාගෙන යාම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ තනතුර අහෝසි කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න  ඕනෑ කියලයි මම කියන්නෙ. 


මනාප ඡන්ද ක‍්‍රමය ඉතාම දූෂිත මැතිවරණ ක‍්‍රමයක් කියලා මේ රටේ  ඕනෑම කෙනෙක් පිළිගන්නවා. දේශපාලනයට එන අය අසීමිත ලෙස හම්බ කරන්න දූෂණවලට පෙළඹෙන්න ප‍්‍රධාන කාරණයක් තමයි මේ මනාප ඡුන්ද ක‍්‍රමය. මේ ඡන්ද ක‍්‍රමය තුළ අසීමිත ලෙස වියදම් කරන්න  ඕනෑ. ඒකට සල්ලි  ඕනෑ. ඒකට සමහර අය හොඳින් සල්ලි හොයා ගන්නවා. සමහර අය නරකින් හොයා ගන්නවා. සමහර අය හොරකම් කරනවා. මේක තමයි ඇත්ත කතාව. 


ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් හරහා ඡුන්ද දායකයාට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න මැතිවරණයක තිබෙන දූෂණ වංචා අක‍්‍රමිකතා සියල්ල ඉවත්කළ යුතුයි. මනාප ක‍්‍රමයෙන් බැහැරවූ අලූත් ඡුන්ද ක‍්‍රමයක අවශ්‍යතාව මේ රටේ සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා. ඒ නිසා අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නෙ අලූත් ඡන්ද ක‍්‍රමයක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්නයි. ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුව රැුස්වීමට බලාපොරොත්තු වෙන්නෙ පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහායි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අපි 9 වැනිදා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කරනවා. ඒ නිසා මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම මුලින්ම කරනවා. ඒත් එක්කම ජනවාරි 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරල අවුරුද්දක කාලයක් තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් රට තුළ සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශාරදයින්ගේ සහාය ලබාගන්නවා. කිසිසේත්ම විදේශීය විශේෂඥයින්ගේ උපදෙස් අපට අවශ්‍ය කරන්නෙ නැහැ. අපේ රටේ නීති විශාරදයො ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශාරදයො ඉන්නවා. ඒ අයගේත් දේශපාලනඥයින්ගෙත් අදහස් මත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මේ රටට අවශ්‍ය දෙයක්. ඒක ඉටුකරන්න අපි පියවර ගන්නවා.

 

 

  • ප‍්‍රශ්නය - ඔබතුමා කියන්නෙ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කලින් නව මැතිවරණ ක‍්‍රමය ගේනවා කියලයි.

 පිළිතුර - ඔව් නව මැතිවරණ ක‍්‍රමය කලින් ගේනවා. ඒ මැතිවරණ ක‍්‍රමයෙ හැටියට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්න  ඕනෑ.

 

 

  •  ප‍්‍රශ්නය - විධායක ජනාධිපති ධුරය අහෝසි කළාට පස්සෙ ඔබතුමා නැවත මැතිවරණයට එනවද? 

 පිළිතුර - මම බොහොම පැහැදිලිව කියල තියෙනවා මම නැවත ජනාධිපතිධුරයක් සඳහා තරග කරන්නෙ නැහැයි කියලා. මම එයින් අදහස් කරල නැහැ මගේ දේශපාලනය තුළ මතවාදී ලෙස කටයුතු කිරීම අවසන් කරනවා කියලා. දේශපාලනඥයො කියල කියන්නෙ කවදාවත් ඉන් බැහැරව ජීවත්වෙන්න පුළුවන් අය නෙවෙයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා මගේ දේශපාලන දර්ශනය මගේ දේශපාලන දැක්ම තුළ මම ඉන් එහාටත් කටයුතු කරනවා.

 

 

  •  ප‍්‍රශ්නය - විධායක ජනාධිපතිධුරය අහෝසි කළාට පස්සෙ ආණ්ඩුවේ ප‍්‍රධාන තනතුර අගමැති ධුරයයි. ඒ සඳහා ඉදිරිපත්වීමේ අදහසක් ඔබතුමාට තියනවාද?

 පිළිතුර - මම විධායක ජනාධිපතිධුරයට පොදු අපේක්ෂකයා විදිහට පත්වෙන කොටත් පොදු අපේක්ෂකයා කියලා මම තීන්දු කරන්න පැය 24කට කලින් වෙනකම්ම මම මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැති මිනිහෙක්නෙ. ඒ තීන්දුව ඒ වෙලාවෙ ගත්තම මම මේක බාරගත්තා. ඒක නිසා මට මේ හෙට දවස පිළිබඳව සාත්තර කියන්න පුළුවන් කමක් නැහැ. අද දවසේ මගේ කාර්ය ඉටුකිරීම තමයි මම කරන්නෙ. මගේ අවුරුදු 49ක දේශපාලන ජීවිතයේ මම කළේ දවසේ කාර්ය හරියට ඉටු කිරීමක්. ඒ නිසා හෙට දවසේ කාර්යය තියෙන්නෙ හෙට උදා වුණාමයි.

 

  •  ප‍්‍රශ්නය : මෙවර අයවැය මහත් ආන්දෝලනයට ලක්වුණා. මේ තරම් සංශෝධන සිදුකළ අයවැයක් ඉතිහාසයේ තිබුණෙ නැහැ කියල විපක්ෂය කිව්වා. ආණ්ඩුවට මේ සංශෝධනවලට යන්න සිද්ධ වුණේ වෘත්තීය සමිති ගෙන ගිය සටන නිසා වෘත්තිය සමිති ඉදිරියෙ දණ ගහන්න වූ නිසා කියලයි සමහරු කියන්නෙ. ඔබතුමා ඒ ගැන මොකද කියන්නෙ.

 පිළිතුර : මේ අයවැයේ හොඳ පැත්ත තමයි රටේ ආර්ථිකයට දීර්ඝ කාලීනව බලපාන ඉතාම හොඳ යෝජනා රාශියක් තියෙනවා. මෙතන ප‍්‍රශ්නය වූයේ මේ රටේ වරප‍්‍රසාද යම් ප‍්‍රමාණයක් භුක්ති විඳින එක් එක් අංශවල අයට මේ අයවැයෙන් පහර වැදුණා. උදාහරණයක් විදිහට ගත්තම රාජ්‍ය සේවකයින්ගේ වාහන බපලත‍්‍රය අහිමි වුණා. එතනදි උද්ඝෝෂණ ආවා. දේශපාලනඥයින්ගෙත් වාහන බලපත‍්‍ර අහෝසි වුණා. එවිට උද්ඝෝෂණ ආවා. ඊළඟට මේ රටේ ජාතික ආදායමෙන් තුනෙන් එකකට වැඩිය වියදම් කරනවා විශ‍්‍රාම වැටුප් ගෙවන්න. මේක ඇත්තටම ප‍්‍රශ්නයක්. එතකොට ලබන වසරේ ඉඳලා අලූත් පත්වීම් ලබන අයට විශ‍්‍රාම වැටුප නැහැ කිව්වම ඒකට විරෝධතාවක් ආවා. ඊළඟට රුපියල් 350ට දුන්න පොහොර මිටිය වෙනුවට සල්ලි දෙන්න පටන් ගත්තම ඒකට ගොවීන්ගෙන් විරෝධයක් ආවා. ඊළඟට අවුරුදු විසි ගණනක් ඉතාම ¥ෂිත විදිහට හොරකම් කර කර තිබුණ පාසල් නිල ඇඳුම වෙනුවට හොරකම නවත්තල පාසල් දරුවන්ට අවශ්‍ය රෙදි ගන්න අලූත් ක‍්‍රමයක් හැදුවම ඒකට විරෝධය ආවා.


තවත් පැත්තකින් ගත්තම යම් ව්‍යාපාරික ක්ෂේත‍්‍රවලට බලපෑම් ඇති වුණා. ඒක නිසා ඉතා හොඳ පැත්තකුත් තියෙනවා. ඒ අතරට වෙච්ච දෙය තමයි සාමාන්‍ය ජනතාව අතරේත් ඒ වගේම මධ්‍යම පාන්තිකයින් හා සුළු මධ්‍යම පාන්තිකයින් අතරෙත් තිබුණු යම් අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද අහිමිවීමක් මේ යෝජනා තුළ ඇති වුණා. ඒකටයි මේ උද්ඝෝෂණ ආවෙ. වෘත්තීය සමිති බැස්සෙත් විශ‍්‍රාම වැටුප, වාහන බලපත‍්‍ර අහෝසි කිරීම, රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලීම වගේ කාරණාවලටයි. මේ දෙපැත්තෙම ගත්තම, සාමාන්‍ය ස්වභාවයක් තමයි කෙනකුට දුන්න දෙයක් ආපහු ගන්න ගියාම ඒක එච්චර පහසු වැඩක් නෙවෙයි. දැන් මේ දශක කීපයක් දුන්න දේවල් අපේ මුදල් ඇමැතිතුමා එක පාරට ගන්න ගියා. අන්න එතනදි පොඩි වැරැුද්දක් අපි කරගෙන තියෙනවා. එතන තමයි වැරැුදිච්ච තැන. ඒක තමයි නිවැරැුදි කරන්න සිද්ධ වුණේ. එතනදි වෘත්තීය සමිතිවලින් උද්ඝෝෂණ ආවා. ඒ වගේම මම අවංකව කියන්න  ඕනෑ ආණ්ඩුව කරන එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ සියලූ දෙනා තුළත් මේ ගැන ප‍්‍රශ්න මතු වුණා. ඒක නිසා වෘත්තීය සමිති හරහා ආ විරෝධතාත් සැළකිල්ලට ගන්න වුණා. ඒ වගේම ආණ්ඩුවේ අයවැය සම්මත කරගන්න ඡුන්දය පාවිච්චි කරන ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ හා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ අදහස් සැළකිල්ලට ගන්න සිද්ධ වුණා. ඒක නිසා ඔය හැම එකකම අදහස් අරගෙන, ඒ ඇති වෙච්ච උද්ඝෝෂණ, විවේචන, විරෝධතා සැලකිල්ලට අරගෙන අපි අයවැය සංශෝධනය කළා. මේකනේ ඇත්ත කතාව. මේක හංගන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒ සංශෝධනය කළා.

 

 

  •  ප‍්‍රශ්නය : ඒ කියන්නෙ ඔබතුමාටත් මේකට මැදිහත් වෙන්න සිද්ධ වුණා.

 පිළිතුර : ඔව්. මටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. මම පාප් වහන්සේ බැහැදකින්න වතිකානයට යන්න කලින් මම අගමැතිතුමාට පුද්ගලිකව මේ කාරණා කිව්වා. මේ ඇතිවෙලා තියෙන විරෝධතා තත්ත්වය හොඳ නැහැ. අලූත් ආණ්ඩුවක් විදිහට අපි නැති ලෙඩ හදාගන්න හොඳ නැහැ. බොහොම හොඳට කරගෙන යන ආණ්ඩුව. අයවැයෙන් නැති ලෙඩ හදාගන්න  ඕනැ නැහැ. මේක අපි සංශෝධනය කරල ජනතා විරෝධය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විරෝධය මේවා වළක්වාගෙන අවම කරගෙන කාගෙත් සහයෝගය අරගෙන අපි කටයුතු කරමු කිව්වා. ඉතින් මම වතිකානයට යන්න කලිනුත් අගමැතිතුමාට කතා කළා. එහේ ඉඳගෙනත් අගමැතිතුමාට කතා කළා. ආණ්ඩුවේ වෙනත් ඇමැතිවරුන්ට, එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට මම කතා කළා. මම ඒ ගොල්ලන්ටත් කිව්වා මේ  ඕනෑ නැති ලෙඩ දාගන්න එපා. ඒක නිසා කිසිකරදරයක් නැතිව යන ආණ්ඩුව ගෙනියන්න මේ අවශ්‍ය සංශෝධන ටික කරගමු කියලා. ඒ විදිහට අවශ්‍ය සංශෝධන ටික කළා. ඉතින් ඔය කවුරුත් කියන එකේ ඇත්ත නැත්ත ඒකෙ තියනවා.  ඕවා හංගන්න දෙයක් යැ.

 

 

  •  ප‍්‍රශ්නය : අයවැය ඡුන්දයෙදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තිබුණා. පිරිසක් අයවැයට ඡුන්දය දුන්නා. පිරිසක් විරුද්ධව ඡන්දය දුන්නා. විරුද්ධව ඡන්දය දුන්නු අයට එරෙහිව පක්ෂයක් විදිහට විනය පියවර ගන්නවාද? 

 පිළිතුර : නෑ. නෑ. අයවැයට විරුද්ධව ඡුන්දය දුන්නු අයට එරෙහිව කිසිම විනය පියවරක් ගන්නෙ නැහැ. මොකද අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදිහට පක්ෂයෙ මධ්‍යම කාරක සභාව තීන්දු කරලා ආණ්ඩුවක් විදිහට ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරද්දි රට වෙනුවෙන් තමන්ගේ දැනුම බුද්ධිය පාවිච්චි කරල රටට සහ මහජනතාවට සේවය කරන්න කැමැති අයට ආණ්ඩුවට එකතු වෙන්න කිව්වා. එතකොට එහෙම එකතු වුණා. එතකොට රට ගැන හිතන්නෙ නැතිව ඉක්මනටම පැය 24න් අලූත් ආණ්ඩුවක් හදන්න  ඕනෑ කියල සිහින මවන කට්ටියකට  ඕනැ වුණා, නෑ... අපි ආණ්ඩුව විවේචනය කර කර දිගටම ඉන්නවා කියලා. ඒ ගොල්ලන් උත්සාහ කරන්නෙ ඉක්මනටම ආණ්ඩුවක් හදන්න පුළුවන්ද බලන්න. ඉතින් ඒක බැහැ. ඒ ගොල්ලන්ට බොහොම නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න පාර්ලිමේන්තුව තුළ කතා කරන්න ඒ අයිතිය අපි දීලා තියෙනවා. නිදහසේ ඡුන්දය පාවිච්චි කරන්න ඉඩ දුන්නා. ඒක තම තමන්ගේ ප‍්‍රමාණයෙ හැටියට හැම කෙනෙක්ම භුක්ති විඳිනවා. ඒ හැරෙන්න කිසිම කෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණ නැහැ. එහෙම කතා කරලත් නැහැ. සාකච්ඡුා කරලත් නැහැ. එහෙම අදහසකුත් නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වැරැුදි ප‍්‍රචාර. 

 

 

  •  ප‍්‍රශ්නය : ඉදිරියට පළාත් පාලන මැතිවරණය එනවා. ඔබතුමා හිතන විදිහට පළාත් පාලන මැතිවරණය කොයි කාලෙ පවත්වනවාද? 

 පිළිතුර : පළාත් පාලන මැතිවරණය තියන්න වෙන්නෙ අලූත් ඡුන්ද ක‍්‍රමයට. කළින් මැතිවරණ කොට්ඨාස කඩලා ඒ ගැන චෝදනා එල්ලවුණා. ඊට පස්සේ නැවත කමිටුවක් පත් කරල ඒ ගැන යෝජනා ගෙන්නුවා. දැන් මේ ගැන අභියාචනා 2000ක් ඇවිත් තියෙනවා. මේ දෙදාහ විමර්ශනය කරන්න  ඕනෑ. මේ වැඬේට ඉදිරි මාස තුනක් හතරක් අපිට යනවා. ඒක නිසා මේ වැඬේ ඉවරවෙලා තමයි පළාත් පාලන මැතිවරණය තියන්නෙ. සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා පළාත් පාලන මැතිවරණයට තව මාස 6ක් විතර යයි කියලා. ලබන අවුරුද්දෙ මැද වෙනකොට තමයි පළාත් පාලන මැතිවරණය තියන්න සිද්ධ වෙන්නෙ. ලබන අපේ‍්‍රල් මාසයෙන් පස්සෙයි පළාත් පාලන මැතිවරණය එන්නෙ.

 

 

  •  ප‍්‍රශ්නය : පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වෙන්නෙ කුමන ආකාරයටද? පක්ෂය දිනවන්න ඔබතුමා නායකත්වය දෙනව කියලා කලිනුත් කියලා තිබුණා.

 පිළිතුර : ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරනවා. එතනදි අපි දැනට අලූතින් දේශපාලන පක්ෂ අටක් සන්ධානයට සාකච්ඡුා කරල එකඟතා ඇති කරගෙන තියෙනවා. අපි දැන් ඉදිරි දිනවලදි ඒ අය සමග ගිවිසුම් අත්සන් කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ ජයග‍්‍රහණයට ඒ පක්ෂවල සහාය අරගෙන මැතිවරණයට යනවා.


මෙතනදි හුඟක් අය අහන දෙයක් තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයායි මමයි. මේ මැතිවරණය කරන්නෙ කොහොමද කියලා. ඒකතමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබිය යුතු විශේෂිත ලක්ෂණය. 


දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළින්ම තියෙන ඇමරිකාව, එංගලන්තය. ජපානය, ජර්මනිය වගේ රටවල දේශපාලන පක්ෂ දේශපාලන නායකයින් කොයි විදිහටද වැඩ කරන්නෙ. ඒ රටවල දේශපාලන සම්ප‍්‍රදායන්වල හොඳ දේවල් අපි ගන්න  ඕනැ. නරක දේවල් නෙමෙයි. රනිල් වික‍්‍රමසිංහ මහත්මයත්, මමත් මේ මැතිවරණ ව්‍යාපාරය බොහොම අවබෝධයෙන් කරන්නෙ පක්ෂයෙ තියෙන ප‍්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ එක්කයි. පෞද්ගලිකව විවේචනය කර ගන්නෙ නැහැ. පෞද්ගලිකව මඩගහගන්නෙ නැහැ. ඒ ඉදිරිපත් කරන මැතිවරණ ප‍්‍රකාශනය ජනතාව අතරට ගෙනිහින් අපි ඡුන්දය ඉල්ලනවා.

 

 

  •  ප‍්‍රශ්නය : මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඔබතුමා වසර ගණනාවක් එකට දේශපාලනය කරලා ගිය ජනාධිපතිවරණයේදී විරසක වෙලා වෙන වෙනම ඡන්දය ඉල්ලූවා. ඔබතුමා දිනල ජනාධිපතිධුරයට පත්වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණා. පක්ෂය ඉස්සරහට ගෙනියන්න දෙන්න අතර සහයෝගයක් ගොඩනගා ගන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

 පිළිතුර : මට පුද්ගලයෝ පිළිබඳව කිසිම ප‍්‍රශ්නයක් නැහැ. පක්ෂය ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් මැතිවරණවලදී පක්ෂයෙ සියලූ දෙනාට එකට එකතු වෙන්න කියලයි මගේ ඉල්ලීම තියෙන්නෙ. එතනදි මට කවුද පුද්ගලයා කළුද සුදද කියන එක මට වැඩක් නැහැ. අද තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවේ පදනම ආරක්‍ෂා වන විදිහටයි පළාත් පාලන මැතිවරණය කරන්නෙ. කිසිම ආකාරයකින් රජය දුර්වල කරන්න ඉඩ නොතබා ඒ මැතිවරණය කරන්න පුළුවන්. එය කරල පෙන්වනවා. රජයේ දේශපාලන පක්‍ෂ අතරේ සංහිඳියාව තවත් ශක්තිමත් කරනවා.

m


 

88

 

ජනපතිගෙන් අහන්න ඉරිදා ලංකාදීපය පාඨක ඔබ වෙත ගෙන එනු ලබන නවතම විශේෂාංගයයි.


ජනපති යනු රටේ සියලූ ජනී ජනයාගේ නායකයා වේ. ඒ සමගම රටේ සියලූ වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. රට හමුවේ නිමැවන සියලූ අභියෝග ජය ගනිමින් රටට නොනැවතී ජයග‍්‍රහණ නිර්මාණය කිරීමේ වගකීම ජනපතිවරයා සතුය. ඒ සඳහා රටේ නියම තත්ත්වය සහ ජනතා අභිලාෂයන් පිළිබඳ නිවැරදි අංගසම්පූර්ණ අවබෝධයක් ජනාධිපතිවරයා තුළ තිබිය යුතුය.


එහෙත් කාලාන්තරයක් මුළුල්ලේ රටේ ගොඩනැගෙමින් තිබෙන ප‍්‍රශ්න දෙස බලන විට රට පිළිබඳ නිවැරදි තොරතුරු රටේ පළමු පුරවැසියාට ගලා එනවාද යන සැකයක් ද මතුවේ. සාමාන්‍යයෙන් රටේ සකස්වී ඇති ක‍්‍රමයට අනුව ඉහළ සිට පහලට තොරතුරු ගලා එනවා විනා පහළ සිට ඉහළට තොරතුරු ගලායාමක් සිදු නොවේ. එදා මෙදා කවදත් සිදුවූවේ එයමය. එහෙයින් පෙර රජවරු විවිධ වෙස් ගෙන ජනතාව අතරට ගියේ ජනතාවගේ සැබෑ, නිවැරදි තොරතුරු අසා දැක ගැනීමේ අටියෙනි. එහෙත් අද එසේ කළ නොහැකිය. ‘ජනපතිගෙන් අහන්න’’ විශේෂාංගය අප ගෙන එන්නේ ඒ වෙනුවෙනි.


මේ හරහා ඔබේ පළාතේ, ඔබේ ගමේ, ඔබේ ආයතනයේ, ඔබේ ජන කණ්ඩායමේ ප‍්‍රශ්න ඍජුව ජනාධිපතිවරයා වෙත යොමුකිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. ඒ අනුව ඔබ යොමුකරන ප‍්‍රශ්න ජනාධිපතිතුමාට ඉදිරිපත්කර ලැබෙන පිළිතුරු මසකට වරක් පුවත්ප



අදහස් (0)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළත් මම දිගටම දේශපාලනයේ ඉන්නවා

මොහාන් Wednesday, 30 December 2015 04:19 PM

කොටි නිදහස් කිරීමෙයි පුනරුත්ථාපනය කිරීමෙයි ඇත්තේ ලොකු වෙනසක් (නි)

:       0       0

ජගත් Friday, 01 January 2016 04:56 AM

දුමින්ද, ක්ෂණික වටිනාකම් සමහර කරුණුවලට ප්‍රමාදවුවත්, පෙරට වඩා යහපත් ප්‍රතිචාර ජාතික හා විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් ගලාගෙන එනබව පේන්නේ නැද්ද? කට්ටියක් සෑදීපැහැදී ඉන්නවා කකුලෙන් අදින්න. මේවත් පාලනය කරගෙන තමයි ජනපතිතුමාට ඔබ බලාපොරොත්තුවෙන වටිනාකම් දෙන්න වෙලා තියෙන්නේ. ඉවසලා ඉන්න. (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Monday, 28 December 2015 01:00 PM

විදේශ ගත පුද්ගලයින් සඳහා යම් යම් ගැටළු ඉදිරිපත් කිරීමට ඊ මේල් ලිපිනයක් ලබාදෙන්න. (ර)

:       0       0

වින්සන්ට් Tuesday, 29 December 2015 10:19 PM

පටු දේශපාලන අරමුණක් නැති සැමට මෙතුමාගේ ප්‍රකාශය පිළිගැනීමට සිදුවෙනවා ඇත. ඉහතින් ප්‍රතිචාර දක්වා ඇති ලාල් මහතා මෙතුමා ගැන කර ඇති ප්‍රකාශය ඉතා අගය කළයුත්තකි. සෙනරත් බණ්ඩාර මහතාගේ ඉල්ලීමට යම් ඉඩක් ලබාදීමට හැකිවන්නේ නම් එයද වැදගත්ය. (නි)

:       0       0

ලාල් Monday, 28 December 2015 02:16 PM

ඔබතුමාවැනි කෘතහස්ත,දූරදර්ශී,අවංක නිහතමානි පුද්ගලයෙක් රටේ රාජ්‍යනායකයාවීම ශ්‍රීලාංකිකයන් ලැබූ සුවිෂේශ ජයග්‍රහණයක් මෙන්ම භාග්‍යයක්.අදුරු සෙවනැලි රට අදුර කරා ගෙනයමින් තිබූ අවාසනාවන්ත මොහොතක ඔබතුමාගේ ආගමනය තුලින් ලෝකයේ දසදෙස ශ්‍රී ලංකාව බැබලෙමින් තිබෙන බව රහාසක් නොවේ.ඔබතුමාගේ සේවය සුළු කාලයකට සීමානොවිය යුතුයි. (බ)

:       0       0

ලාල් Wednesday, 30 December 2015 05:17 AM

අපි ඔබගේ අදහස් වලට ඉතාමත් ගරු කරනවා. රට ඔය විදියටම කරගෙන යන්න ඔබට දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා! නිතරම හොරකමෙන් ලංකාව ඈත්කරවන්න. කෙළින් කතා කරනවා වගේම ක්‍රියාවෙනුත් කරවන්න. සියලු ජනතාව සමඟ දෙවියොත් ඔබ සමඟ සිටීවි. ඔබට සියලු ජය ලැබේවා! (නි)

:       0       0

දුමින්ද Thursday, 31 December 2015 08:37 AM

වටිනාකම් කවදා ලැබේවිද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3204 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 365 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1007 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස