තම සෙනෙහෙබර පෙම්වතිය හෝ පෙම්වතා සමඟ අනඟ රැඟුම් රැඟීම සංවාසයට ආරාධනා කිරීම මිනිස් සමාජයට මෙන්ම වනසතුනට පොදු ධර්මතාවකි. මිනිසකු සහ ගැහැණියක අතර හටගන්නා ආදරය බොහෝ විට කෙළවර වන්නේ සංවාසයෙනි. මිනිස් සමාජයේ අපම පනවා ගෙන ඇති සමාජ ධර්ම හා නීතිරීති හේතුවෙන් ඇතැම් විට ඒවා අසාර්ථක අන්දමින් කෙළවර වෙයි.
එහෙත් වනසතුන් අතර එසේ නැත. පරිනාමීය වශයෙන් ඉස්මතු වී ඇති හැඩගැසීම (evolutionary adaptation) හැරෙන්නට වනසතුනට සිතැඟි පරිදි හැසිරීමට ඔවුනට අවකාශ තිබේ.
හතළිස් වසරකට අධික කාලයක් මා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම නැගෙනහිර අප‍්‍රිකාව, ඉන්දියාව හා නේපාල රාජ්‍යයන්හි ජාතික උද්‍යාන සහ වනජීවී රක්‍ෂිත (Game Reserves) වල මා කළ සංචාරවලදී සියැසින් දුටු වනසතුන්ගේ පෙම් ජවනිකාවලින් බිඳක් ඔබ හමුවේ තැබීම අද මගේ ප‍්‍රයත්නයයි.
උදේ පාන්දර සිට සවස් වන තුරු යාල, විල්පත්තු, වස්ගමුව ආදී ජාතික උද්‍යාන නැරඹීමට පිවිසෙන අමුත්තන් හට ලැබෙන මාර්ගෝපදේශකගේ (Guide) වගකීම අමුත්තන්ට මාර්ගය පෙන්වා දීම පමණක් නොවේ. වනසතුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව සංචාරකයන් දැනුම්වත් කිරීමද ඔහුගේ වගකීම වේ. පැරණි වනජීවි නිලධාරීහු එම වගකීම අකුරටම ඉටු කළහ. දැනුවත් භාවයෙන් තොර මගපෙන්වන්නකු සමඟ වනෝද්‍යානයක සංචාරය කිරීම පාළු ගෙයක් තුළට ඉදිරිපස දොරෙන් ඇතුළු වී පිටුපස දොරෙන් පිටවී යාමක් වැන්න.
යාල ජාතික උද්‍යානයේ මා සේවය කළ වකවානුවේදී මා දුටු වන අලින්ගේ පෙම් ජවනිකා තවමත් මගේ මතකයේ රැුඳී පවතී. 1985 මැයි මස දිනක මා උද්‍යාන කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටියදී වනසත්ත්ව නියාමක ඩබ්ලිව්.එල්.ඒ. ජිනදාස (මියගොසිනි) මා හමුවට පැමිණ කතා කරමින් ‘‘සර්... අද මුළු දවස තිස්සෙම ‘‘ඌරණියෙ’’ පලූගස්වළේ දැවැන්ත පිරිමි අලි දෙන්නෙක් ලබාල ගෑනු සතෙක් කොටු කරගෙන උන්ගෙ ඔළුවලින් නෑම්බියට පහර දෙනවා... ඌට කැලෑවට යන්න නොදී’’ යයි පැවසීය ‘‘එහෙනම් ජිනදාස... මා එක්ක දැන්මම යමු බලන්න... ලෑන්ඞ් රෝවර් රථය අරන් එන්න කියන්න...’’
විනාඩි 40 ක පමණ ධාවනයෙන් පසු අපි පලූගස්වලට ළඟාවීමු. ‘‘අන්න සර්.... අලි තුන්දෙනා ඉන්නවා....’’ ජිනදාස පැවසීය. එහිදී මට දකින්නට ලැබුණේ වයස අවුරුදු 30 (තිහක) පමණ පිරිමි අලි දෙදෙනකු අවුරුදු 8 (අටක්) පමණ වයසැති නෑම්බියක් කොටු කරගෙන සිටින ආකාරයයි. නෑම්බියට දැවැන්තයින් දෙදෙනාගෙන් ගැලවිල්ලක් නැත. උන්ගෙ පිරිමි ලිංගේන්ද්‍රිය එළියට නෙරා නැතත් පළපුරුදු වනජීවි නිලධාරීන්ට ශරීර බාහිර ලක්‍ෂණවලින් පිරිමි සතා හඳුනා ගත හැකිය. පිරිමි සතාගේ නළල් තලය ඉදිරියට නෙරා ඇති අතර ගැහැණු සතාගේ නළල් තලය පැතලිය, පිරිමි සතාගේ පිටකොන්ද වලිගයට ඉහළින් ක‍්‍රමයෙන් පහළට නැමී (Gradual drop) ඇති අතර ගැහැණු සතාගේ පිටකොන්ද එක්වරම පහළට දළ වශයෙන් අංශක 90 ට පහළ නැමේ (Sudden drop) පිරිමි සතාගේ (Anus) ගුදයට පහළින් ද එළියට නෙරා තිබේ. අප බලා සිටියදීම දැවැන්තයින් දෙදෙනා තම හොඬවැලෙන් සහ හිසෙන් නෑම්බියට පහර දුණි.
තිදෙනා මෙසේ දින 3 ක් පමණ හරියාකාර ආහාරයකින් තොරව ගත කළ අතර නෑම්බිය අලි දෙදෙනාගේ පහරකෑමට ලක් වූවාය. හතර වැනි දිනයේ අප දුටුවේ නෑම්බියගේ මළ සිරුරයි.
ඉක්බිතිව මා තිස්සමහාරාම රජයේ පශූ වෛද්‍යවරයා ගෙන්වාගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය කරවූයෙමි. එහිදී අප නිරීක්‍ෂණය කළේ නෑම්බියගේ ඉල ඇට බිඳී ඇති ආකාරයයි.
තවදුරටත් සිරුර පරීක්‍ෂා කළ පශූ වෛද්‍යවරයා මා අමතමින් ‘‘විල්සන්... මේ සතාගේ ප‍්‍රජනන පද්ධතිය හරිහැටි හැදිල නැහැ... ඒ කියන්නෙ පිරිමි සතෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්න බැහැ....’’
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පශූ වෛද්‍ය නන්දන අතපත්තු පවසන්නේ (ග‍්‍රන්ථය - අලි ඇතුන්ගේ - සැඟවුණු ලෝකය) අලින්ගේ ලිංගික සබදතා ගොඩ නැගෙනුයේ වයසින් අවුරුදු 10 වත් වූ ගැහැණු සතකු සහ වයස අවුරුදු 20 වයසැති පිරිමි සතකු අතර බවය. තවද මල්වර වූ පමණින් නෑම්බියකගේ අභ්‍යන්තර ලිංගේන්ද්‍රියන් වර්ධනය ලිංගික එක්වීමකට ඔරොත්තු දෙන ප‍්‍රමාණයට සම්පූර්ණ වී නොමැති බව නන්දන පවසයි (පිටුව 206)
යාල වනෝද්‍යානයේ පුරා වසර 12 ක් සේවය කළ මා අලින්ගේ ආලිංගන හැසිරීම් ඕනෑතරම් දැක තිබේ. රාජකාරි වැඩ කොතරම් බහුල වුවත් ජීප් රථයකින් ගමන් ගන්නා මා එවැනි සිද්ධියක් දුටුවිට රථය නතර කොට ඒ දෙස බලා සිටීමට පුරුදුව සිටියෙමි. ඇතැම් දිනවලදී අලි යුවළගේ ආලිංගනය කෙළවර වන්නේ සංසර්ගයෙනි. (Sex Act)
ලිංගික උද්දීපනයට පත්ව සිටින පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාගේ හොඬවැල් පටලවා ගනිමින්, හොඬවැල අනිකාගේ බෙල්ලවටා දමමින් ලිංගේන්ද්‍රියන් ස්පර්ශ කරමින් හැසිරෙන ආකාරය මිනිස් සමාජයේ මෙන්ය.
යාල උද්‍යානයේ ඌරනිය සහ විලපලාවැව ගල්ඔය උද්‍යානයේ හත්පත හා කොස්සපිටිය, වස්ගමුව උද්‍යානයේ යුදගනාපිටිය වසරේ පෙබරවාරි සිට මැයි මස දක්වා සරු තණ බිම්ය. දිනපතා සවස් වරුවේ විශාල අලි රංචු සිත්සේ තණ බුදිමින් සිටි අයුරු මගේ මතකයේ රැදී තිබේ. ඒ 1986 මාර්තු මාසයයි. යාල උද්‍යාන ඌරණිය පිටියේ 12 ක පමණ අලි රංචුවක් තණ බුදිමින් සිටිති.
අලි රංචුව මාතෘ මූලික සමාජයකි. හැඩකාර තරුණියන් සිටින්නේ රංචුවේය. සංවාස වයසටපත් පෙම්වතුන් (තරුණයින්) ‘‘තනි අලි’’ හැටියට වෙසෙති. එක්වරම අවට වනයෙන් මතු වූ දැවැන්ත අඩි 8 පමණ උසැති තනි අලියකු ලහි ලහියේ පාද තබමින් රංචුව වෙත ළඟාවී තම හොඬවැල අග ගැහැණු සතුන්ගේ ගුදයට පහළ ලිංග ප‍්‍රදේශයට තබමින් ඉව කරන්නට විය. ඔහුගේ පිරිමි ලිංගේන්ද්‍රිය (Penis) වරෙක පිටතට එයි. මොහොතකට පසු ශරීර අභ්‍යන්තරයට ගොස් නොපෙනී යයි. රංචුවේ උන් ඔහු ගැන තැකීමක් නැතිව තණ බුදිති. එක්වරම රංචුවේ ගැහැණු සතකු මුත‍්‍රා කරන්නවූවාය. පෙම්වතා එතැන නතර විය.
තණ බුදිමින් සිටි පෙම්වතිය ඇෙඟ් හොඬවැල පෙම්වතාගේ බෙල්ල වටා දමා ඔහුව සිප වැළද ගති. පෙම්වතාද තම හොඬවැල ඇගේ බෙල්ල සහ කඳ වටා දමා සිපගෙන එකිනෙකා ලිංග ප‍්‍රදේශ ස්පර්ශ කරන්නට විය. පෙම්වතියද පෙම්වතාගේ පහළට නෙරා ඇති ලිංගය ස්පර්ශ කරන්න වූවාය. මිනිස් බසින් කියනවා නම් එකිනෙකා සංසර්ගයට පෙර උද්දීපනය කර ගැනීමයි. මෙසේ එකිනෙකාගේ සිරුරේ දැවටෙමින් ආලිංගනයේ යෙදෙමින් ‘‘රංචුව’’ පෙනෙන - නොපෙනෙන මානයට පෙම්වතුන්, යුවළ ඉවත් විය. පිරිමි සතාගේ ලිංගය ‘‘එස්’’ (S) අකුරක හැඩැතිව අඟල් 18 පමණ පහළට එල්ලී තිබේ.
රථ පෙලක් මගේ රථයට පිටුපසින් නතර කරගෙන ශබ්ද ඝෝෂා කරන්නට වූහ. මම රථයෙන් බැස අලි රංචුවට නොපෙනී ඇවිද යමින් ඔවුනට අවවාද කළෙමි ‘‘ඔයාලා ඔය වගේ ශබ්ද කළොත්... මේ අලි රංචුව කැලේට දුවයි... පේන්නෙ නැද්ද අලි යුවළ පෙම් කරනවා. ......සද්ද කොරන්නෙ නැතිව ඉන්න.... වෙන්නෙ මොකද බලන්න.... තව ටිකකින්’’ රථයේ වාඩි වී සිටි තරුණියන්ගෙන් අයකු ‘‘ඒ කියන්නෙ අංකල්’’ ආපස්සට මට කීවේ මගේ අවසන් වදන් පෙල රසවත් විය හැකි බව සිතාගෙන විය යුතුය.
‘‘ඔයා... තොත්ත බබා නාට්‍ය රඟපාන්නද හදන්නෙ..... කසාද බැදලා ඔයාගේ මහත්තය එක්ක ඔය අලි පෙම් යුවළ වගේ ආලිංගනයේ යෙදිලා අවසානයේ සිද්ධ වන්නෙ කරන්නෙ මොනවද කියලා මම කියා දෙන්න ඕන නැහැනේ...’’ ඇය ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවාය.
කෙසේ වෙතත් සියලූම පිරිස් නිශ්ශබ්ද වූහ. රති කෙළියේ යෙදුණුු අලිපෙම් යුවළ කවුරුත් බලා සිටියදී සංසර්ගයේ යෙදින. පළමුවෙන් පෙම්වතා තම හොඬවැල පෙම්වතියගේ කොඳු නාරටිය දිගේ තැබීය. පෙම්වතිය නිසොල්මන් විය. අනතුරුව පෙම්වතා ඉදිරිපස පාද දෙක පෙම්වතියගේ පිටකොන්ද මත තබා වැළමිටි දෙකද ඇගේ කඳ මත රැුඳවීය. එමඟින් .ී. අකුරක හැඩැති ප‍්‍රාණවත් වූ ලංගේන්ද්‍රිය පෙම්වතියගේ යෝනියට ඇතුල්කොට පෙම්වතා තම උකුල් ප‍්‍රදේශය ක්‍ෂණික චලනයකට ලක්කොට විනාඩි 1/2න් පමණ පහළට බැස ගති. මා නොදුටුවත් ශුක‍්‍ර මෝචනය වන්නට ඇත. ඉක්බිතිව නැවතත් ආලිංගනයේ යෙදෙමින් එකිනෙකා උද්දීපනය කර ගනිමින් විනාඩි 30කට පමණ පසුව පිරිමි ලිංගය පෙම්වතියගේ යෝනියට ඇතුල් කොට පෙර පරිදිම හැසිරුණි.
අලි රංචුවෙන් මෙසේ වෙන්වන අළිපෙම් යුවළ දින 3ක් පමණ මධුසමය ගත කළේය.
අලි සමාජයේ අසම්මත් පෙම් ජවනිකා මා දැක තිබේ. යාල වනෝද්‍යානයේ I කොටසින් II කොටසට පිවිසෙනුයේ මැණික් ගෙඟ් ‘‘පරණ තොටු පොල’’ නම් ස්ථානය හරහා රථය ධාවනය කිරීමෙනි. මැණික් ගෙඟන් එගොඩ වූ පසු සංචාරකයින් පිවිසෙනුයේ යාලවෙලටයි. ආදි යුගයේ දී යාලවෙල සශ්‍රීක කුඹුරු යායකි. මා උද්‍යානයේ සේවය කළ වකවානුවේ ඉලන්දාරි පිරිමි අලි 5 දෙනෙකුගේ කල්ලියක් යාලවෙලේදී නිතරම අපගේ නෙත ගැටිණ. නිසි වයසට එළඹ ඇති අලි තරුණියන් සංසර්ගය සඳහා අවනතවනුයේ ඉතා හොඳින් වැඩුණු ජවසම්පන්න මේරූ පිරිමි අලි හටය. මේ අනුව ඉලන්දාරි වයසින් අඩු තරුණ අලින්ට තරුණියන්ගේ සිත් දිනා ගැනීමට නොලැබේ. එවිට ඔවුන් පිරිමි අලි කල්ලි (Bachelor Herd) තාවකාලික රංචුව. හැටියට වාසය කරති. ඔවුන්ද හොඬවැල් පටලවා ගෙන පේ‍්‍රම ආලිංගනයේ යෙදෙනවා මම දුටුවෙමි. දිනක් මා හම්බන්තොට සිට මිරිජ්ජවිල දෙසට ජීප් රථයෙන් යන ගමනකදී පාර මැද දැවැන්ත පිරිමි අලි දෙදෙනකු දැක රථය නතර කළෙමි. ස්වල්ප වේලාවකින් ඔවුන් දෙදෙනා සමලිංගික සේවනයේ යෙදුණේ තවත් අමුත්තන් බලා සිටියදීය.
එක් අලියකු තම ඉදිපස පාද අනිකාගේ පිටකොන්ද මත තබා වැල මිටි දෙකද කොන්ද මත තැබීය. දෙදෙනාගේ ලිංගේන්ද්‍රියන් අවදී වී පහතට එල්ලී ඇතත් ඒවා එකිනෙක ස්පර්ශ කරගැනීමට හැකියාවක් නැත. විනාඩි 1/2 පමණ එසේ සිට ඔහු පහතට බැසීය ඉක්බිතිව පේ‍්‍රම ආලිංගනයේ යෙදී පෙම්වතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පිට උඩ නැගීය. ශුක‍්‍ර මෝචනය නොවූ බව පැහැදිලිව නිරීක්‍ෂණය කළෙමි. ගැහැණු සතකු පෙනෙන තෙක් මානයක නැත.
තිත්මුවන් සහ කුළු මීහරකුන්ගේ පිරිමි කල්ලි මට හමු වී ඇතත් සමලිංගික ක‍්‍රියා දුටුවේ නැත.
කුළු මී හරකුන්ගේ ගැහැනු සතුන් රංචු වශයෙන් වෙසෙමින් තණ බුදිමින් ප‍්‍රදේශය පුරා සැරි සරති. පිරිමි කුළු මදයින් තැන තැන ජලාශ අරක් ගෙන territorial තනිව වෙසෙති. ගැහැනු සතුන් රංචුවක් තම ජලාශය අසලින් යන විට පෙම්වතා රාගයෙන් පසුවන්නේ නම් ඔහු නැගිට රංචුවට එකතු වී නිසි කාලයට එලඹ ඇති ගැහැණු සතකු කොටු කර ගනී. එතැන් සිට තම පෙම්වතියට රංචුව සමඟ යාමට ඉඩ නොදී පෙම්වතාගේ ජලාශයට ඇය රැුගෙන එනු ලැබේ. රති කෙළිය ආරම්භ වනුයේ එතැන් සිටය.
දිනක් මා යාල වනෝද්‍යානයේ බුතටපිටිය පසුකොට ලෑන්ඞ් රෝවර් රථයෙන් හීන්වැව දෙසට යමින් සිටියදී ජලාශයක රති කෙළියේ යෙදී සිටි එවැනි පෙම් යුවළක් දැක ජලාශය අසලින්, රථය නතර කළෙමි. පැරණි වනජීවි නිලධාරීන් වන සතුන් ගැන හදාරන ලද්දේ එසේ වනාන්තරයේ විමසිලිවන්තව ගමනේ යෙදීමෙන්ය. පෙම්වතා එක්වරම කේන්තියෙන් නැගිට එක එල්ලේ මා දෙස බලා සිටියේ ඔහුගේ පෙම්වතිය උදුරා ගැනීමට මා පැමිණ ඇතැයි යන සැකයෙන්ද? ඔහු දෙවරක් හිස ඔසවා පහතට හෙළීය. කුළුමදයින් එය කරන්නේ තම කෝපය විදහා දැක්වීමටය.
කෙසේ වෙතත් මට අවශ්‍ය වූයේ මී හරක් යුවළගේ, සංසර්ගය දැකගැනීමටය. ‘‘මොන සංසර්ගයක්ද?’’ පෙම්වතා මොහොතකින් තම හිස සහ අං යුවළ පහතට නවාගෙන ඉතා අධික වේගයෙන් මගේ වාහනය වෙත හඹා එන්නට විය. උගේ ශක්තිමත් අංවලින් මගේ වාහනයේ බඳට සිදුවන අලාභයෙන් මිදීමට ක්‍ෂණයකින් රථය පණගන්වා ඉවත් විය. මා යන එන ගමන්වලදී නිරීක්‍ෂණය කළේ දින (5) පහක පමණ මධුසමයෙන් පසු පෙම්වතිය ඉවත් වී තම රංචුව සොයා ගිය බවය.
යාල වනෝද්‍යානයේ දිවියන් ඡුායාරූප ගතකළ වෛද්‍ය රවි සමරසිංහ (මියගොස් - වාහන අනතුරකි) දුටු අපූරු සිද්ධියක් දැනට එහි සේවය කරන වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි එම්. රංජිත් මහතා මා සමඟ පැවසීය. මා කිසි දිනක නොදුටු එම සිද්ධිය රසවත්ය. සාමාන්‍යයෙන් දිවියන්ගේ පිරිමි සතා අණසක ප‍්‍රදේශයක් :ඔැරරසඑදරහ* කොටියා වෙන් කරගෙන වාසය කරයි. ගැහැණු සතුන් දෙතුන් දෙනෙකු සිටිය හැක.
යාල - විලපලවැව ප‍්‍රදේශයේ විසූ දිවි යුවළේ පිරිමි සතා රාගයෙන් තම පෙම්වතිය සමඟ රති කෙළියේ යෙදී සිටියේය. දිනක් පෙම්වතිය තම පෙම්වතාට අකීකරු වෙමින් යාබද ප‍්‍රදේශයේ වෙනත් පෙම්වතකු (කොටියකු) වෙත ගියාය. පෙම්වතා දිගින් දිගටම ගොරවමින් තම විරුද්ධත්වය ප‍්‍රකාශ කළේය. ඇය ගණන් ගත්තේ නැත. නව පෙම්වතා විසූයේ වැවේ මදව්ව (Spill) අනික් පැත්තේ ඊට නුදුරිනි. පැරණි පෙම්වතා කෝපයෙන් ඇය සොයාගෙන ගොස් ඇගේ බෙල්ල කටින් සපාගෙන තම ප‍්‍රදේශයට ඇදගෙන රැගෙන විත් ඇය මියයන තුරුම සපා කෑවේය. මිනිස් සමාජයේ ද මෙය සිදුවන බව රහසක් නොවේ.
රාගයෙන් පසුවන තිත්මුවා (පිරිමි සතා) පෙම්වතියකට ආරාධනය කරන්නේ තම උගුරෙන් (Vocal Cords) විශේෂ හඬක් පිට කිරීමෙන්. යාල උද්‍යානයේ බංගලාවල නැතහොත් කූඩාරම් (Camping Sites) පොළවල නිශ්චල රාත‍්‍රියේදී ඉතා පැහැදිලිව ඇසෙන මේ නාදය කුමක්දැයි පැරණි සේවකයන් සංචාරකයන් හට පැහැදිලි කොට දුණි. ශරීරය හොඳින් හැදී වැඞී අං යුගලය ද හොඳින් වැඞී ඇති මුවන් සංවාස වයසට එළැඹ ඇතැයි අනුමාන කළ හැකිය. පෙමින් වෙළෙන තිත්මුව යුවළ එකිනෙකාගේ ඇෙඟ් දැවටෙයි. මුහුණු ස්පර්ශ කරගනිති. පිරිමි මුවන්ගේ හැදී වැඞී එන ළපටි අං යුගළය මතුපිට වෙල්වට් ගතියෙන් යුක්තය. දිනක් මියගිය එවැනි මුවකුගේ අං යුගළයේ අග කොටස (බුතව පිටියේදී) මා සතුව තිබූ කිරිච්චි පිහියෙන් කැපුවේය. එවිට ඇඟිල්ල කැපුනා සේ ලේ ගලන්නට විය. පෙමින් වෙළෙන ගැහැනු සතුන් පිරිමි සතුන්ගේ ළපටි අං යුගළයන් ආදරයෙන් තම දත්වලින් සපනාකාරය මම බලා සිටියෙමි. යාන්තම් ලේ වෑස්සුනත් පෙම්වතාට වේදනාවක් දැනුණත් රාගය නිසා යටපත් වෙයි. ආදරය එතරම්ම මිහිරිය.
යාල උද්‍යානයේ පාන්දර සංචාරය කරන විට මොණරුන් සහ වලි කුකුළන් පෙම්වතියන්ට ආරාධනය කරන අයුරු දැකගත හැකිය. මොණරා පිල් විහිදා ගෙන ඒ මේ අත කැරකෙනුයේ ගැහැණු (සෙබඩන්* සතුන් ආකර්ශනය කර ගැනීමටය. හොඳින් නිරීක්ෂණය කළ හොත් සෙබඩුන් හතර පස් දෙනකුවත් ඇය අවට සැරිසරණු ඔබට දැකිය හැක. වළි කුකුලන් (පිරිමි සතා* පෙම්වතියන්ට ආරාධනය කරන්නේ තම පාදවලින් පොළව පහුරු ගාමින් ‘‘කුකුරු කූක්...., කුකුරු කූක්’’ යන ශබ්දය දිගින් දිගටම පිට කිරීමෙනි. ඊට ප‍්‍රතිචාර දක්වන කිකිළියන් තම පියාපත් දිගහැර තම සිරුර දෙපැත්තේ ගසා ගැනීමෙන් ‘‘පටස්..... පටස්....’’ ශබ්දයක් නිකුත් කිරීමෙනි. ස්වල්ප වේලාවකින් පෙම්වතා සමීපයේ කිකිළියන් හතර පස් දෙනකුවත් දැකිය හැකිවනු ඇත.
ඉහළ ආකාශයේ පියාසර කරන ඇතැම් උකුස්සන් පේ‍්‍රම ආලිංගනයේ යෙදෙන්නේ එකිනෙකාගේ පාද පටලවා ගැනීමෙනි. කුස ඇලි රාජාලියා (White Bellied Sea Eagle) උකුස්සන්ගෙන් විශාලතමයාය. උන් වෙසෙනුයේ විශාල ජලාශ ආශ‍්‍රිතවය. වියළි කලාපයේය.
1980 වසරේ මා රාජකාරී කළේ අම්පාරට නුදුරු ඉඟිණියාගල ගල්ඔය ජාතික උද්‍යානයේය. (වපසරිය හෙ. 35224) දැවැන්ත සේනානායක සමුද්‍රය සහ ආසන්න ජලාධාර ප‍්‍රදේශය වනජීවී ආරක්ෂිත ප‍්‍රදේශයකි. මගේ නිවසේ සිට දුර දක්නයකින් කුස ඇලිරාජාලි යුවළගේ පෙම් ජවනිකාව නිරීක්‍ෂණය කළෙමි.
ඉහළ ආකාශයට පියඹා යන පෙම්වතුන් යුවළ එකිනෙකාගෙන් පාද පටලවා ගති. ඉක්බිතිව පාද ගැළවී යාමට ඉඩනොදීම (ජලාශය) පහළට කරනම් ගසා පාද ගලවා ගති. නැවත ඉහළ ආකාශයට පියඹා ගොස් පෙර පරිදිම පාද පටලවාගෙන පහළ කරනම් ගැසීය. මාස 1 1/2 ක් පමණ කාලය ගත වී ගියේය. ඇළ කන්ඩියේ තිබූ උසැති ගොඩකිරල ගසක් මත තිබූ පැරණි කූඩුවකට අලූතින් කෝටු තබමින් ඒ අතර වාරයේ එය අලූත්වැඩියා කළේය. කුඩා අතු කැබලි හොටයෙන් කඩා කූඩුව මත තබන ආකාරය ද නිරීක්‍ෂණය කළෙමි.දැන් කරනම් ගැසීමක් නැත. හේතුව මා අනුමාන කළත් සැකය දුරු කරගත යුතුය. මා යටතේ සේවය කළ වනසත්ත්ව නියාමක සාමෙල් අප්පුට කථා කොට ‘‘සාමෙල්.... දන්නවානේ ඔය කුරුල්ලො ජෝඩුව ගැන මම කාලයක් තිස්සෙ විපරමින් සිටියා.... ගහඋඩට නැගලා කූඩුවේ බිත්තර තිබෙනවද බලන්න....’’ මම උපදෙස් දුනිමි. ගසට නැගගත් සාමෙල් ගස උඩ සිටම ‘‘සර්.... මේ කූඩුවෙ බිත්තර දෙකක් (02) තිබෙනවා’’ යයි කීය ‘‘හරි දැන් එහෙනම් ගහෙන් බහින්න’’
කාලය කෙමෙන් ගෙවී ගියේය. දුරදක්නයෙන් බැලීම මා නතර නොකළෙමි.
මව් කිරිල්ලිය බිත්තර රකිනා අයුරු සහ පිරිමි සතා ඇයට ආහාර කවනා ආකාරය මට පෙනේ.
මාසයකට පමණ පසු පෙම්වතුන් ජෝඩුව ගොඩකිරල ගස මත කූඩුව අසල සිටිමින් කූඩුව තුළට හොට දමාගෙන බලා සිටිත්, මිනිස් සමාජයේ මවක් බිහි කළ තම දරුවා දැකීම මවගේ එකම අපේක්‍ෂාවයි. කුරුලූ ලෝකය ද එසේමය. ‘‘සාමෙල්.... දැන්නම් පැටව් එලියට ඇවිත් ඇති... මට ආසයි බලන්න...’’ මම කීවෙමි. ‘‘එහෙනම් සර්.... මම ගහ උඩට නැගල පැටව් දෙන්න බිමට බාන්නද?’’ සාමෙල් මගෙන් විමසීය. කඹයක් මිලදීගෙන ඒමට මම ඔහුට මුදල් දුනිමි. එය ගෙන ආ පසු පිරිසිදු රෙදි කෑල්ලක් ද ඔහුට ලබා දී නැවතත් ගස උඩ නගින්නැයි ඉල්ලීය. ගස උඩට නැගගත් ඔහු පැටව් දෙදෙනා රෙදි කඬේ ඔතා බිමට බෑවේය. පැටවුන් දෙදෙනා අලූත බිහි වූ කුකුල් පැටවුන් දෙදෙනෙක් වැන්න. මේ අතර රාජාලි ජෝඩුව කෑගසමින් ගුවන සැරිසරන්නට විය ‘‘දැන් හරි.... සාමෙල් පැටව් දෙන්නා උඩට අරන් කූඩුවේම තබන්න’’ මම සුසුමක් හෙළුවෙමි. පැටවුන් දෙදෙනා ඉගිලී යනතුරු මගේ නිරීක්‍ෂණය දිගටම සිදු කළෙමි. වනජීවි දෙපාර්තමේන්තුවේ පක්‍ෂි විශේෂඥයකු වන විශ‍්‍රාමික වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ෂර්ලි පෙරේරා මහතා මගේ සටහන්වල පිටපතක් ලබා ගෙන Field Ornithology Group සංගමයට ද එම විස්තර සැපයූ බව මම දනිමි.
මගේ මෙම දිගු අන්දරය මෙතැනින් නිම කරමි. විදේශ චාරිකා අත්දැකීම් පසුව ලියමි. හතලිස් වසරක් පුරා මගේ දිගු රාජකාරී දිවියේදී මට වනාන්තරය සහ වන සතුන්ගේ ජීවන රටාවන් ගැන කියාදුන් බොහෝදෙනකු මේ වන විට ජීවතුන් අතර නැත. ඇතමුන් ලෙඩ ඇදේය. ඔවුන් සියලූදෙනාට පිංසිදු වේවා. ඔවුන් සියලූදෙනා කෘතවේදීව සිහිපත් කරමි.
ඡායාරූප සැපයූ කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා මහතාට සහ වනජීවි සංරක්ක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී රෝහිත ගුණවර්ධන මහතාට ස්තූතිය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන සතුන්ගේ පෙම් ජවනිකා
අජිත් Tuesday, 18 November 2014 01:01 PM
ඉතාම හොඳ ලිපියක්. අපි ගොඩක් විස්තර දැනගත්ත. හරිම රසවත්. ඔබතුමාට පින් සිදුවේව.! (ර)
සුරේන් Wednesday, 19 November 2014 10:30 AM
මෙවැනි නිරීන්ෂණ තුළින් ඔවුන් ලබාගන්නා ප්‍රායෝගික දැනුම වනජීවීන් ආරක්ෂා කරගැනීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා ඇති. ඒ වගේම ඒ තුළින් තවත් බොහෝ දෙනෙකුට දැනුම බෙදාහරිනවාත් ඇති. ඔහුගේ ක්‍රියාව අගය කළයුතු තරම් උසස්. (නි)
රුවන් Wednesday, 19 November 2014 10:31 AM
මෙවැනි නිරීක්ෂණ තුලින් ඔවුන් ලබා ගන්නා ප්‍රායෝගික දැනුම වන ජීවීන් ආරක්ෂා කර ගැනීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා ඇති. ඒ වගේම ඒ තුලින් තවත් බොහෝ දෙනෙකුට දැනුම බෙදා හරිනවාත් ඇති. (දිල්)
නිරාන් Wednesday, 19 November 2014 03:12 AM
මම නම් බන්දුල වගේ කෙනෙක් දැකලා නැහැ. හරිම අවාසනාවක් (නි)
සෙනරත් Tuesday, 18 November 2014 04:00 AM
ගොඩක් ස්තුතියි මේ විස්තරය පත්තරේට ලබාදුන්නට. සත්තු ගැන ඉගෙනගන්න කෙනෙකුට නම් මේ ටික ඉතාම වටිනවා. නැත්නම් කොතරම් කාලයක් වැයකරන්න ඕනෙද ? (නදී)
බන්දුල පෙරේරා Tuesday, 18 November 2014 06:55 PM
මේක ඔබතුමා විතරක් නොවෙයි ඕන පොඩි ළමයෙක් දන්නා දෙයක්. මට පෙනෙන්නේ ඔබතුමා රාජකාරිය මගහැරලා වන සතුන්ගේ ආදර කතන්දර බල බල ඉඳලා. ඔබතුමාට පඩි ගෙවන්නේ ඕවට නොවෙයි. (නදී)
නිරාන් Tuesday, 18 November 2014 06:03 AM
ඉතාම රසවත් ලිපියක් ඔබ තුමා ඉතාම වාසනාවන්තයි මෙතරම් රසවත් අත්දැකීම් ලබන රැකියාවක් කිරීමට ලැබීම.(හේ)
ලියොන් ගුණවර්ධන Monday, 17 November 2014 11:07 PM
ඔබතුමා අපේ ජාතික වනෝද්‍යාන මෙන්ම අප්‍රිකාව, ඉන්දියාව, නේපාලය යන රටවල වනෝද්‍යාන වල සැරිසැරීමේදී සියැසින් දුටු වනසතුන්ගේ පෙම් ජවනිකා පිරි මෙම අගනා තොරතුරු දක්වමින් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් පොත් පිංචක් කළොත් අප රටේ සහ විදෙස් රටවල විශ්ව විද්‍යාලවල සත්ව විද්‍යාව හදාරන අයට ඉමහත් රුකුලක් වේවි (නි)